Thursday, December 23, 2010

පිස්සා ශොපින් ගියාලු...

Share



බ්ලොග් අවකාශේ ඕපදූප ටික දැම්මත් හරි ගොඩ වැදුනෙ අද... වැඩත් එක්ක කිව්වට වැඩකුත් නැහ.. අර බල්ලට ඇති වැඩකුත් නැහ හිමින් ගමනකුත් නෑ වගේ තමා.. ඉතින් කට්ටිය කොහොමද ?? හික් හික්..


දැන් ඉතින් නත්තල් සේල් කාලේ නොවැ.. කට්ටිය නිකන් මෙච්චර කලක් නොකා නොබී නිරුවස්තරව උන්නා වගේ බඩු ගන්න කඩ වල පිරිලා.. ඒ අස්සේ ඔන්න පිස්සත් හිතුවා පොඩි ශොපින් පාරක් දාන්න.. වෙන අහවල් එකක් නෙමෙයි ඉතින් ලංකාව පැත්තෙ රවුමක් ගහන්නත් අදහසක් තියෙන නිසා බඩු ටිකක් ගන්න. අඩුවට දානව නේ.
අඩුවට කිව්වට ඉතින් කඩ කීපයකම බලල අඩුම තැනින් ගන්න ඕනි. වෙලාවට කනා චාන්ස් එහෙමත් වදිනවා.


ඔන්න ඉතින් උදේ පාන්දරම 10 ට විතර නැගිටල කාල බීල ඔන්න ගියා ශොපින්. හපුච්චියේ වාහනේ නතර කොරන්න විදපු දුකක්. හරියටම විනාඩි 20 කට වඩා එහෙටයි මෙහෙටයි කැරකිල යන්තම් ඔබා ගත්තා. පුදුම සෙනගක් නොවැ... මේ ලොකු සාප්පු සංකීර්නයක නෙමෙයි සාමන්‍ය එකක්. ඔන්න ඉතින් ගියා කියමුකො... අනේ අම්මේ ඇත්තමයි පිස්සන්ටත් පිස්සු හැදෙනවා මෙව්ව දැක්කම. හැබයි ඒකනායක උන්නැහේ එහෙම ආවනම් උන්දැට කර කියා ගන්න දෙයක් නැතිව සිහි මුර්ජා වෙන්න බැරි නැහ.. ( උන්දැ ඔය කොටට අදින එව්ව එහෙම නවත්තනවය කියන්නේ... ). රස්නේ කාලේ නොවැ සූටි සූටි කලු පාට දුබුරු පාට කහ පාට රතු පාට නා නා ප්‍රකාර ජාතියේ කෙලි පැටව් උපන් ඇඳුම යන්තම් වහගෙන ශොපි ඇවිත් නොවැ... මේ දෑස මක්කටෙයි කියල පිස්සා සන්සුන් ගමනින් ඔන්න ශොපින් කොරන්න ගත්තා බිම බලන්. සීලේ බිදුනොත්... ඇයි අර දැකීමත් එක්තරා ආකරයක අහවල් එකක් කියනවනේ.


ඔන්න ඉතින් පුරුද්දට වගේ කොම්පීතර ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්ස් කඩේකට ගියා... පොඩි කෑලි ටිකක් ගත්ත.. වෙන ගන්නය කියල දෙයකුත් නැහ.. රුපියල් 800 ක විතර මුදලක් වෙද්දි 4 GB පෑන් කෑලි ටිකක් ගත්තා. ඒකත් අරන් එලියට බැහල එකින් එකට ඔන්න කඩ වලට ඔලුව දැම්මා.. 5 වෙනි කඩෙනුත් එලියට බැස්සෙ මෙලෝ දෙයක් නොගෙන. කකුල් දෙකත් රිදෙනවා ඇවිදලම.. හපොයි මිනිස්සු කොහොම ශොපින් කරනවද මන්ද. මට ඔය ගියා ගත්ත ආව මිසක් ඇවිදල ශොපින් කොරල කොහෙද පුරුද්දක්.
බඩත් ගිනියි..


චීන අක්කි කෙනෙක් නූඩ්ල්ස් විකුනනව ෆුඩ් කෝර්ට් එකේ. බඩගින්නත් වැඩි උනා ඒකෙ සුවඳට.
අක්කිගෙන් ඔන්න ගහල තිබ්බ බෝර්ඩ් ලෑල්ලෙ තිබ්බ එව්ව බලල seafood noodles එකක් ඉල්ලුවම ඉවරයක් නැහ අරව දාන්නද මෙව්ව දාන්නද... අහනව. මම දන්නවය කෑම ගැන.. ඔය තියෙන උලව් ඔක්කොම දාල ගේන්න කියල කල්පනා කොරා දැන් මොනවද ගන්නේ මොනවද හෙව්වෙ කියල.. මෙලෝ අදහසක් නැහ.


ඒ අස්සෙ දුම් ගගහ අක්කි නූඩ්ල්ස් එක ගෙනල්ල කූරු දෙකකුත් එක්ක. හපොයි ඔව්ව්යෙන් කාල කෑම කන එක යුද්ද්යක් කොර ගන්නය මම... අනේ අක්කියේ මට ගෑරුප්පුවක් කියල ගෑරුප්පුවක් ඉල්ලගෙන ඒකත් කාල ( බඩ පිරුනා හැබයි උපරිමේට )ආයෙම රවුමක් දැම්ම වටේම.. කිසිම ප්‍රගතියක් නැහ.
එහෙමම එලියට බැහල තව ඈත සාප්පු සංකීර්නයකට ඔලුව දාන්න හිතන් ගියා.. ඔන්න ඒකේ නම් වදයක් නැතිව වාහනේ නතර කොර ගත්තා. පුරුද්දට ආයෙම ඉලෙක්ට්‍රොනික්... මෙන්න බොලේ වයර්ලස් කීබොර්ඩ් මව්ස් ලාබෙට.... ගමුකො... ඔන්න ගත්ත. 1 ටි.බි HARD එකකුත් තිබ්බ ලාබෙට ඔන්න ඒකත් ගත්ත. දැන් ඉතින් ආවෙ මක්කටෙයි ?? ආව වැඩේ කොහොම වෙතත් ඔය ආකරයෙන් ඕනිත් නැති ඒත් ලාබෙයි කියල හිතෙන අංශ කීපයක්ම උස්සගෙන පිස්ස ආයෙම ගෙදර එන්න ලෑස්ති උනා.


මෙන්න ඒ පාර සුවඳ විලවුන් සේල් එකක්.. 50% අඩුයි.. නියම අයිටම් ටික අපේ එව්වොන්ට දෙන්න.. ගත්ත 10 ක් විතර හික් හික්.. ඇත්තටම ලාබයි. කොලිටිම එව්ව නොවුනට එදිනෙදා පාවිච්චි කොරන ජාති තමා.


එව්වත් අරගෙන හිමින් සැරේ ගෙදර එන ගමන් හැන්දෑවට යමක් කරන්න කියල අර අංශ කඩේකට ගොඩ වැදුනා. කඩේ කිව්වට ඒක අංශ සුපිරි වෙලඳ සලක්. අනේ අම්මෝ නා නා ප්‍රකාර අංශ. හික් හික්... අඩුවට දාල. ඔක්කොම උස්සන් එන්නය එහෙම කියල. අවුරුදු 12ක් විතර පරණ අංශයකුත් අරගෙන ඉතින් බයිට් එකට චීස් පෙති ටිකකුත් අරන් ආව පිස්ස ගෙදර.


පැය 6ක් විතර ඇවිදල ඔන්න ගෙනාවේ ඔව්ව ටික තමා. හික් හික්..


පිස්සො කොරන ශොපින්.

Friday, December 17, 2010

බ්ලොග් අවකාශේ ඕපදූප...

Share



හුඟ දවසකින්... හික් හික් අන්තිමට ලියපු පොස්ට් 3 - 4 කම මේ විදියට තම පටන් ගත්තෙ...අනේ මන්ද කරන වැඩකුත් නැහ.. ඒ උනාට වෙලාවකුත් නැහ. හුඟ දවසකින් බ්ලොග් අවකාශෙ බ්ලොග් කීපයක් බැලුවා... 


දුමීයයි මාරයයි මඩ බිස්නස් එකක් පටන් අරන් නැගල යනවා නොවැ... ඒ අස්සෙ දුකා අයියා හාමිනේ එක්ක දෙක ලප්පන් බිස්නස් එකක් පටන් අරන්. කොහෙන් දාපු නමක් ද මන්ද ඒක... හික් හික්.


ලඟදි දැකපු බ්ලොග් ගැන කියද්දි පිස්සගේ බ්ලොග් එකේ හැමදාම මොනා හරි කොටල ගිය දිනේශ් කොලුව බ්ලොග් එක ආයෙම පටන් අරන්. බලන්න වටින බ්ලොග් එක. ගොහින්ම බැලුවනම්.
රංග යගේ ( යගේ කිව්වට අයියා තමා හික් හික් ) මගේ ලෝකය බ්ලොග් එකත් එලකිරි අත්දැකීම සෙට් එක.


ඒ අස්සෙ වැම්පියා මාරම කුක් වෙලා.. කෑම හදනවා නා නා ප්‍රකාර... ගඩොල් මලයත් හොස්ටල් එකෙන් සමු අරන් අලුත් සීරිස් එකක් පටන් ගන්න යන්නේ


අභීතයත් කඩු කතා සැට් එකක් දාල තිබ්බා... ජීව් ගොයියාත් ලංකාවට ගොඩ බැහල කියල බ්ලොග් එකේ තිබ්බේ... උබ ඔන්න ලංකාවෙ තව මාස 2 - 3ක් ඉන්නවනම් හමු වෙමු..


ඒ එක්කම මගේ ප්‍රියතම බ්ලොග් කතාවක් වන මෙන්න මෙහෙමයි කතාව ලියන දුල්හාරි අක්ක විභාග කටයුතු නිසා කතාව දාන්න අතපසු වෙනව කියල සමාව ඉල්ලල තිබ්බ... ඔන්න දුල් අක්කේ පිස්සා ආයේම පාරක් සුබ පතනවා. ඔන්න ඒ දැරිවිට බනින්න එහෙම එපා කතාව දැම්මෙ නැහ කියල.


අමුවෙන් ඇපල් අඹරන ගමන් කවි ලියන හේමලයා කාලේකින් දැක්කේ නැහ නොවැ... යලට මහට කවියක් දාල ගොහින් තිබ්බ බ්ලොග් එකේ... උබ හොඳින් නේ...
ළමයටත් අපේ ගම් පලාත ගැන කැක්කුමක් ඇවිත්... උබ ඔය විභාගෙ එහෙම එවර කරල පෙළවහක් කර ගත්තනම් අපේ ගම් පළාතෙන් වැඩේ ගොඩ.


නිරහංකාර කෙලි පොඩ්ඩත් දැක්කේ නැහ.. මූනු පොත පැත්තෙ ගියෙත් නැහ නොවැ...


හසියත් වැඩ වැඩ කියල කාලෙකින් ලිපියක් දාල තිබ්බ.. ඒ අස්සෙ අපේ හසිත මලය බ්ලොග් එක මෙලෝ රහක් නැහ කියල කව්ද දීපු ලණුවක් කන්න හදනවා... පිස්සු නැතිව උබට හිතෙන දේ ලියපන් මලේ.


හිස් අහසෙ පුංචි සර් නම් පිස්සු කෙලින්නේ.. අර පොඩි කෙල්ලෙක් ඉද්දි බෝතලේ ඉස්සර කොරන් නොවැ... ඔව්වට එපා කියන්න හයියක් කොහෙද පිස්සට... මේ සති අන්තෙවත් නොබී ඉන්ට ඕනි... ඉලංදාරිය නම් වෙනද වගේම ලස්සන අදහස් ටිකක් කවි වලට හරවනවා. සියපතේ සන්සාරසිදු මුද්දර එකතු කිරීම ගැන ලිපි වගයක් ලියල තිබ්බා...


හසී පවුලේ හසී ඔය පොඩි එකෙක්ගෙ හපන් කමක් ලියල තිබ්බා... ඒකට කොමෙන්ට් එකක් විදියට පිස්ස දැම්මෙ.. " ඔව්ව ඔහොම තමා... මේ මෙහේ පොඩි එකා කිව්වෙ උගේ ක්‍රශ් ( සිංහල වචනෙ නොදනී ) එක වෙන කොල්ලෙක් සෙට් කොරන්ය උන් දෙන්න ලිප් කිස් කරාය කියලා... අනේ පොඩි එකා ගෙ හාර්ට් බ්‍රෝකන්. ( ඌ තාම 3 නේ ) "
ඔන්න දැන් හැදෙන පොඩි එව්වො... උන්ව ගොඩ දාන්න ආයෙම අපිට ඉස්කෝලෙ යන්න වෙන තත්වයක් එන්නේ...


පිනි පළසත් ඔන්න අපේ බෙන්තර ගගෙන් එහා භාශාවට අනන් මනන් දාල තිබ්බ... හික් හික්...
සෝරෝ ගේ හිරු ප්‍රභා ගේ ත් ගොඩ වැදුනා... කොඩී ත් සෑහෙන කාලෙකින් ක්ලැරන්ස් මහත්තයගේ නන්ස්ටොප් එකක් දාල තිබ්බා... ඇත්තටම බ්ලොග් අවකාශේ උනත් කතා බහට ලක් නොවුනු ගායකයෙක් ( දැකල නැති ලිපි ඇති ) තමයි ක්ලැරන්ස්...


හපොයි මාරයගෙයි දුමියගෙයි මඩ ගිය දුරක්... ලියන්න හිතන් උන්නේ මොනවදත් මතක නැහ.. ඇත්තටම ලියන්න දෙයක් තිබ්බෙත් නැත්ද කොහෙද.. හික් හික්


තවත් ඉතින් බ්ලොග් කීපෙකට ගියා... කියෙව්ව... කොටල ආව අදහස්... පිස්ස නොවැ.. මතකෙත් පොඩ්ඩක් අවුල් නොවැ වයසට යද්දි... හික් හික්... දැන් නම් වයස වගේ... මූනු පොතට ගොඩ වදින හැම දාම අපේ එව්වො මොකෙක් හරි බැඳලා... ඒත් ඉතින් අපේ අතිජාත රැල නම් තාම පිස්සු කෙල කෙල ඉන්නවා... එකෙක්වත් පිලිවෙලක් නැහ නොවැ... හ්ම්ම් ඊයේ වරුනිට කතා කලා.. ඒකි ට නම් පිස්සු... ජීවිතේ කියන එක ලස්සනට විදිනවා. මාත් එක්ක ඒකිගේ ඉස්සරහ වැඩ ගැන කියන්නේ නැහ.. කෙල්ල දන්නව මට දුකයි කියලා... පුදුම විදියට තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක්.. හ්ම්ම්


ඇති බොලව් ඇති... මම යනව.. පසුව ලිපියක් ලියන්නම්..
වරුනි ගැන දන්නෙ නැති අයට මතක නැති අයට... එක්කො ඕනි නැත.
අපි නැවත හමුවෙමු...

Monday, November 29, 2010

බන්ටි.. ඩෙල්ටා.. එඩ්නා රැලි... මතකද මන්ද ...?? එක්ක කොල්ලෙක් ගෙ ජීවිතේ

Share


ලියන්න දේවල් කීපයක්ම ආවත් කම්මැලිකම කියන එකා එක්ක බැහ නොවැ කරන්න. ඒ උනාට ලියල දාන්න ඕනි කියල හිතුනා මොනවා හරි..

කට්ටියට මතක ද මන්ද බන්ටි ටොෆි... ? කට්ටිය කිව්වට මේ අපේ වයසෙ වගේ පොඩි එව්වොන්ට... හික් හික්. මම 1 වසරෙ නැත්තම් 2 වසරෙ ඉද්දි ආපු රැල්ලක් තමයි අපේ පන්තිවල බන්ටි ටොෆි.. ශත 50 යි ටොෆියක්. සීන් එක ටොෆියෙ නෙමෙයි ටොෆි කොලේ... ඔය කොලේ ඇද්දම ඇදෙන... ( පහදන්න තේරෙන්නෙ නැහ නොවැ... ) කොලයක්. ඉවසීමෙන් ඇද්දම 3 ගුනයකට එහා පැත්තෙ.. කොලේ දික් වෙන එක වෙන්නේ ඉතින් ඇද්දම.. ( මට තේරෙන්නෙ නැහ බොල්ව් ඕක පහදන්න ).. ඒ කාලේ අපි ඉතින් ගජරාමෙට බන්ටි කොල ඇද්දා.
පැන්සල් පෙට්ටි වල එහෙම කොල පිරිලා...

පොඩි කාලේ උනත් අන්ඩපාලයො උන්නනේ.. එව්වො ඔය කඩ ගාව එහෙම බිම තිබ්බ කොල අරන් ඇවිත් විකුනනවා. ටොෆිය නොගෙන කොලෙ ගන්න එක ලාබයි නේ හික් හික්. ඉතින් උන්ටත් බිස්නස් තිබ්බා.

ඇත්තටම ඕකෙන් ඇති පලේ නම් මතක නැහ.. එක එකා එක එක කතා කිව්වා. අඩියක් දිගට ඇදල යැව්වම තැග්ගක් ලැබෙනවා වගේ කතන්දර... පිස්සු මවිත කාලේ නේ ඒ.



ඒ දවස් වල තිබ්බ වස්තු වලින් වටිනාම එකක් තමයි ඉතින් දිගට ඇද්ද බන්ටි කොල... ඒවාත් විකුනුවා රුපියල් 2 - 3 ට එහෙම. රුපියල් 2 ට ලොකු අයිස් පලමක් ගන්න පුලුවන් නේ... ඒ දවස් වලත් බීම පැකට් නම් රුපියලයි මතක හැටියට. 


ඊට පස්සෙ ඩෙල්ට ටොෆි රැල්ලක් සෙට් උනා. ඒකෙ නම් කොල 10 ක්ද කොහෙද එකතු කරල කඩේකට දුන්නම මොනාද මන්ද ස්ටිකර් වගේ හම්බුනා... හරියටම මතක නැහ... කොල ගාන වැඩි උනාම යවන්නත් පුලුවන් සීන් එකක් තිබ්බ ද කොහෙද... මතක නැහ ඩෙල්ටා සීන් එක නම්...

ඒ දවස් වල අපි තව ආතල් වැඩක් කරා... ස්කෝලෙ වත්තෙ කෙලවරවල් වල පොඩි වලවල් හාරලා අපේ වටිනා බඩු ( ටොෆි කොල.. ස්ටිකර්.. ) එහෙම හංගනවා. වල උඩින් පොඩි ලෑල්ලක්  දාල පස් දාල වහල උඩින්  තණකොලත් දැම්මම සුරක්ශිතයි හික් හික්.

තව බන්කර් හැදුවා... ඒවා හැදුවෙ ඇයි කියල වෙනම පෝස්ට් එකක් ලියන්නම් හිතුනොත්... 


7 වසරෙදි වගේ ආවා ස්ටිකර් රැල්ල... බොහොම දරුනු රැල්ලක්.. එඩ්නා රුපියල් 10 චොකලට් එකට ආව ස්ටිකර් තමයි හුඟක්ම මාර්කට් උනේ... ක්‍රිකට් ස්ටිකර්ස්... 52ක් ද... 40 ක් ද මන්දා සෙට් එක.

හුඟක් එව්වොන්ගෙ ටාර්ගට් එක රුපියල් 10 සෙට් එකම එකතු කිරීම. මගේ නම් ටාර්ගට් එක උනේ හැම සයිස් එකකින්ම ෆුල් සෙට් එක එකතු කිරීම.
මේ ලගක් වෙනකල් තිබ්බ හෙන ගොඩක්.. හැබයි එකකවත් සෙට් එකම එකතු උනේ නැහ.



සීන් එක කියන්නේ අංක කීපයක් තිබ්බා මාර අමාරුයි හොයන්න. එතනනෙ ට්‍රික් එක.. මතක හැටියට 7 , 32 එහෙම මාර අමාරුයි... ඔය 32 වගේ ස්ටිකර් එකක් රුපියල් 40 - 50 වගේ ගානකට විකුනන්න පුලුවන් මාර්කට් එකක් තිබ්බේ ඒ කාලේ.. චොකලට් එකත් 10 යි හික් හික් ( හරක් නොවැ අපි ඒ කාලේ ). මම එක ස්ටිකර් එකක් විකුනුවා 25 කට ඒත ඔය ටිකක් අමාරු එකක් හොයන්න. ෆුල් සෙට් එකක් විකුනන්න පුලුවන් ලොකු ගානකට...

ඒ දවස් වල චොකලට් කීයක් නම් ගන්න ඇද්ද හපොයි... 



මගේ ස්ටිකර් සෙට් ඔක්කොම කවකටු පෙට්ටි දෙකක දාල තිබ්බේ... 7 වසරෙදි පිස්ස දවසක් ඔය පෙට්ටි දෙක ස්කෝලෙ අරන් ගිහින් මැරෑටි කොල්ලෙක් ඉස්සුවනේ.. ඌ ඉල්ලුවට දෙන්නෙක් ත් නැහ. මොකෝ සර් කෙනෙක්ට කියන්නය.. තහනම් නේ ස්ටිකර් සීන් එක ස්කෝලෙ... හපොයි ඌත් එක්ක ඒකට වින්ද දුකක්. ඌට අතක් පයක් උස්සන්නත් බැහ.. ( ඒ කාලේ පිස්ස හෙන අහිංසකයි බොල දැන් වගේම... හික් හික්.. උසස් පෙළ කොරන්ට ගිහින් තමයි නාගත්තෙ හපොයි ඒ කාලේ )
අන්තිමට ස්කූල් වැන් එකේ අයියල සෙට් එකටම කියල යාන්තමට අතක් පයක් නොකැඩි ස්ටිකර් ටික බේර ගත්ත. 


කාලයත් එක්ක ඒ සීන් එකත් එහෙමම නැති උනා. ඊට පස්සෙ ඉතින් පත්තර රැල්ල ආව නොවැ වයසත් එක්ක. ඒ කිව්වෙ ගන පත්තර... හික් හික්... ඒක ඉතින් ඒ වයසට එන රැල්ලක් නේ. දැන් නම් ජංජාලෙන් බැරිය ගන හොයන්න අනන්ත... අපිට මොන ජංජාලද. ගන ගැන කලින් ලිව්ව නොවැ...  ගන ( aka වැල ) ගැන අපේ අතීත කතා.

ඊට පස්සෙ ඒ එක්කම ඉතින් මදන විසේ කියන රැල්ල... ඒ ගැන මොකට කියනවද.... හික් හික්. ඒකේ ප්‍රතිපලයක් තමා මේ...  දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 1

එහෙන් මෙහෙන් අමුනලා වල් පල් ටිකක් දැම්මේ හරිය... ගනන් ගන්න එපා ඉතින්. 1 ඉදන් 13 වෙනකල් ආව රැලි ටිකට තව රැලි එකතු කොරන්ට පුලුව කැමති කෙනෙක්ට... 

බලන් යද්දි කොල්ලෙක්ගෙ ජීවිතේත් මහ පුදුම දෙයක්. පොඩි කාලේ ඔය එක එක පිස්සු කරනවා... ලොකු එව්වො වෙන්ට දගලනවා... ඊට පස්සෙ ඔය ගනයක් බලන්න වලි කනවා.. ඊට පස්සෙ අරක්කු උගුරක්.. දුමක් ට්‍රයි කොරන්න... ඊට පස්සෙ කෙල්ලෙක් දාගන්න... සරලම කරාම ඊට පස්සෙ අතින් අල්ලන්න ( මේ අපේ කාලේ.. දැන් එව්වො හපොයි ).. කිස් එකක් දෙන්න.. ඊටත් පස්සෙ එතනිනුත් එහාට පුලුවන්නම්...  විභාගෙ කොම හරි ගොඩ දා ගන්න... රස්සවක්... පරස්තාවක්...  ළමයි හදනවා... උන්ව ලොකු මහත් කරනවා අපොයි... දැන් හොඳම හරිය ගොහින් නොවැ... බරපතල වැඩ ඉදිරියට වගේ... ජීවිතේ 
එහෙනම් අපි නැවතුනා අදට...

ප . ලි : කීප දෙනෙක්ම ඇසූ බැවින් මේ ගැනත් දැනුවත් කොරන්න හිතුවා.  බ්ලොග් අවකාශෙ තියෙන කාලීන/ දේශපාලන් බ්ලොග් අඩවියක් වන " පිස්සාගේ පළාමල්ල " word press අඩවියට මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එය වෙනත් පිස්සෙකුගේ පලාමල්ලකි.  පටල ගන්න එහෙම එපා හොඳේ... මම දන්න දේශපාලනේ හි හි.



ප. ලි 2  :  අර අහිංසක නිරහංකාර කෙල්ල සද්දයක් දැම්ම නොවැ මේ සතියෙ නොලිව්වොත් මොනව හරි අයියා කමෙනුත් එලවනවැයි කියලා... හික් හික්. ඔන්න එහෙනම් ලිව්වා නංන්ගො... හි හි.

Sunday, November 14, 2010

නිදා ගන්න ගිහින් මතක් උනු සිද්දි ටිකක් අපිලිවෙලට...

Share
මේක මේ ඇඳට වැටුන වෙලේක වසර කීපයක අතීතය ගැන එහෙන් මෙහෙන් පිලිවෙලක් නැතුව ඔලුවට ආපු එව්ව ටිකක් එහෙම ම ඇමිනීමක්. කියවීමෙන් කිසිම පලක් නොවේ කියා මා තරයේ සිතන බැවින් කියවන්නාට කා දැමීමට තරම් කාලයක් ඇත්නම් පමනක් ඔන්න ඔහේ කියවල දාන්න.


*************************************************************






දැල්වෙන ඉටි පන්දමෙන් වැගිරෙන ඉටි  එක්ක මගේ අත තිබ්බ පෑනෙන් පොඩි සෙල්ලමක් දදා ඉද්දි ලඟට ආවෙ මුණසිංහ සර්.


" ඇයි ඔය ඉටි පන්දම පැත්තක් වැඩියෙන් පත්තුවෙලා ? "


මනුස්සයා මගේ දිහා බලන් ඉන්නව.


ඒ දවස් වල කට්ටියට මතකද ලයිට් කැපුව. අපි සර් ගෙ physics group class එකට ගියෙ.. හවස 6 ට විතර පටන් ගත්තෙ. ලයිට් කපන දාට ඉටිපන්දම් එලියෙන් වැඩ කලේ. ඉටිපන්දම් සර් ගෙන්.


මේ මනුස්සය ඉටිපන්දම එක්ක සෙල්ලම් කල එක ගැන අහනවද ? පොරගෙ ඉටි පන්දම් ටිකටත් කෙලිනව කියල හිතලද මන්ද...


" දන්නෙ නැද්ද.. ? "


" නැහ සර්. "


" තමුන් ? "  මම ගාව හිටියෙ ගයාන්


" අනේ මම නම් දන් නෑ සර් " ඌ අනිවා හිතුවේ සෙල්ලම් කරපු එක ගැන කියල...


ලාවට හිනා වෙල හේතුව physics වලින් කියල දීල සර් ගියා.
හෝල් එකේ පැත්තක් වැහිල නිසා පැත්තකින් විතරක් හුලං ඒම වගේ දෙයක් මතක විදියට..


"  මන් හිතුවෙ උබ සර් ගෙ ඉටිපන්දමට වද දීපු එක ගැන අහනව කිල. "


" අනේ සර්ගෙ ඉටිපන්දම " කටට අව කුනුහර්පෙ මම එහෙමම ගිල ගත්ත.


ක්ලාස් ඇරිල අපි සදර්න් එක ගාව ඉදන් ස්ටෑන්ඩ් එකට පයින් යන්නෙ. අපි කීවෙ මයි ගයානුයි සංකයයි. ඔය කවුරු හරි තව අහුවෙන එකෙකුයි. අපිට අහුවෙන්නෙ 9.30 බස් එක. ඒ කියන්නෙ පැය භාගයක් විතර කට්ට කනව.


රුපියල් 5 එවෙලේ තාච්චියෙ බදින කජ්ජකුත් අරන් කයියක් දාන් ඉන්නව බස් එක යනකල්.


ඒ කාලෙ අදුරන එව්වො කොච්චරද.. ස්ටෑන්ඩ් එකේ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට යද්දි කී දෙනෙක් සෙට් වෙනවද.


දානයක් පිරිතක් මරණයක් කිව්වම කොල්ලො කොච්චර එකතු උනාද. දැන් හුඟක් එව්වො කොහෙද දන්නෙත් නැහ. ගමේ කමට.. ස්කොලෙ කමට.. බස් එකේ ෆිට් උනාට කාලයත් එක්ක ඒ සම්බන්දතා නැතිවෙලා. ඒ කාලේ පාර තොටේ හමු වෙලා ෆිට් එක මිසක් මූනු පොත්.. ෆෝන් නම්බර්ස් එහෙම තියා ගත්ත කියලද මොකෝ...  මූනු පොතට පින් සිද්ද වෙන්න නම් කීප දෙනෙක් සෙට් වෙනව. එක්කො උන් රට. එක්කො කොලඹ. මේ කියන එකත් එහෙමනෙ.


මොන උනත් මගේ අති ජාත ගැන් ( gang ) එකනම් තාම ඉන්නව හතර පොලේ... ලොකේ වටේ විසුරුනත් වෙනද ෆිට් එකේම.


සංකයා ගමෙනේ මේ දවස් වල...  ඌට කෝල් කල වෙලේ  ඌ කියනව වටෙම යට වෙල යන්න බැහ කොහේවත් ආධාර එවපන් කියල.  ඒ කියද්දි මතක් උනේ 2003 මහ ගං වතුරට උන්ගෙ ගම එහෙම්ම යට උනා. මුන්ගෙ ගේයි තව උස් තැන් වල තිබ්බ ගෙවල් කීපයකුයි ඇරෙන්න. මූ ඉතින් කලිසම් කොටෙකුත් ගහගෙන තප්පෙ උඩ ඇන තියන් දවසම ඉන්නවලු රජ්ජුරුවො වගේ ඇයි වටේම වතුර නේ. මූ නම් කියන්නෙ කවුරු හරි ගිලුනොත් බේරගන්න කිල. ඒ උනට ඕකට ගිලෙන මනුස්සය ඇදගෙන පීනන්න හයිය හත්තියක් නැති එක තමා අවුල. හි හි..


මායි ගයානුයි ගං වතුර යාන්තමට බහිද්දි ඕකවයි අමිලයි බලන්න ගියේ.. පාරේ යන්න බැහ මඩ පිරිලා.. ගෙවල් වල බිත්ති එහෙම ගන්න දෙයක් නැහ.


ඒ පාර මෙන්න පෝලිමට මුන්ට ආධාර අරන් හතර අතින් මිනිස්සු එන්න ගත්තනේ. මුන් ටිකටත් කල්ල මරේ.. ඒ අස්සෙ ගං වතුර උපතේ ඉදන් විපතට මිරිස් ගම්මිරිස් තක්කාලි ලූනු එහෙම දාල තෙම්පරාදු කරල 5 නුත් වැඩි කරලා තමයි කතාව එන අයට මුන්ගෙ කොල්ලො කියන්නේ... කතා තිබ්බ හුඟක්. මතක නැහ දැන් නම්..


මනුස්සයෙක් අමාරුවෙන් පන බේරන් වහලකට වෙලා හිටියලු වතුර වැඩි නිසා... උඩින් ආපු හෙලිකොප්ටරේකින් කෑම පාර්සල් දාල ඒව ඒ මනුස්සයගෙ වහල ට වැටිලා වහලත් එක්කම කඩන් වැටුනා වගේ කතා තමා කිව්වෙ...


ඊට පස්සෙ 2004 සුනාමියට උන් ටික ලොරි පුරවන් මුහුදු කරේ මිනිස්සු බලන්න ආව... ඒක නොවැ හරි යුද්දේ.. අපෝ සුනාමිය කියද්දි මතක් වෙන්නෙ අපේ නගාගේ යාලුවෙක් සුනාමියට අහු උනා... හ්ම්ම්.. අනේ ඒ අම්ම තාත්ත අඩපු ඇඩිල්ල...
මතක් වෙනකොටත් පපුව මොකක්ද වෙනවා...


හුටා... 1 .30 නේද... 11. 20 ට ඇදට ආවෙ උදේ වැඩට යන්න 5 ට ඇහරෙන්න... පැය කීයද නිදා ගන්න තියෙන්නේ... හිතන්නෙ නැහ මොකුත්.
අනාපානසතියවත් කරල නිදා ගමු..


හුස්ම ඉහල... හුස්ම පහලට...
හුස්ම ඉහලට.. හුස්ම පහලට...
හුස්ම ඉහලට... පහලට..
ඉහලට... පහලට...


කීක් කීක්...  කීක් කීක්... මඟුල වදිනවා.. 5.20 නේද.. ශික් අදත් පරක්කුයි.


*********************************


ප. ලි  :::::  ඒ පරක්කු වෙලා වැඩට ගිහින් තමා මේක කෙටුවෙ.
මෙලෝ රහක නැහ කියල බනින්න එපා... හිත යන හැටි නොවැ.
පැය දෙකක් තිස්සේ මේ ඩිංගද හිතුවේ... නැහ අතර මැද්දෙ වෙලඳ දැන්වීම් වලට ඉඩ ගොඩක් වෙන් කලා...


ඒ ඇරුනම හීනයක් තුල හීනයක්... ඒවත් අයින් කලා...


ලියන්න කම්මැලි නිසා තව ටිකක් අයින් කලා...


මේ තිරිවාන කැට ටික. හි හි

Friday, November 5, 2010

කමල් බුද්ධ පූජාව තිබ්බ හැටි....

Share


මාසෙකින් විතර ගොඩ වැදුනේ... කාලය යනව නෙමෙයි විදිනවා අර මාතර කොළඹ බස් එකක් වගේ. ඒ අස්සෙ වැඩ එක්ක බ්ලොග් ලිවිල්ලට කම්මැලිකම කියන හෙනහුරත් පහත් උනා. ඉතින් සමාවෙන්ට. ලියන්න තියා බ්ලොග් එකක් කියවන්නවත් වෙලාවක් උනේ නැහ... ඔහොම තමා ඉතින්. ඉතින් ඉතින් කට්ටියට මතක ඇති මයෙ හිතේ පිස්සව...

මොනවද අලුත් විස්තර අවකාශේ.... ?? 



වැල්වටාරම් වැඩක් නැහ... පොඩි කතන්දරයක් ලියල දාන්න හිතුනා. මේ ලඟදි අපි ඔය පොඩි අංශයක් එක්ක දොඩමලු උනු වෙලාවක කියපු කතාවක්. අපේ ඔය දන්න අයියා කෙනෙක් තමයි කිව්වෙ. අයියා ඇවිල්ලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු එක්කෙනෙක්. මේකයි කතාව.

ඔය අවසන් වසර විය්‍යාපෘති වලදි එහෙම සිසුන් එක්ක ඔය මහාචාර්යවරු හුඟක් කිට්ටු වෙනවලුනේ. ( අනේ පිස්ස ගිය විශ්ව විද්‍යාල... කිව්ව කතාව තමා කියන්නේ ). ඉතින් ඔය අයියලාගේ බැචෙක් හිටියලු කමල් කියලා. 

ඔය කමල එක්කත් කමල් ගෙ අවසන් වසර විය්‍යාපෘතිය භාරව හිටි ආචාර්යවරය හුඟක් කිට්ටුලු. කොහොම හරි දවසක් ආචර්යවරයටයි එයාගේ පවුලටයි සතියක් විතර පිට කොහේ හරි ගමනක් වැටිලා කමල් තමයි සෙට් වෙලා තියෙන්නේ ගේ මුර කරන වැඩේට. ආචාර්ය වරයත් කමල්ව ගෙන්නල...

" කමල් මෙන්න ෆ්‍රිජ් එකේ කෑම තියෙනවා දින 2 කට විතර... උයන්න ඕනි කරන බඩු ඔක්කොමත් තියෙනවා උයාගෙන කාල ඉන්න... " 


කියලා... තනිවට ඕනිනම් යාලුවෙකුත් අඩගහගන්න අවසර දීල.

ඒ මදිවට කබඩ් එකක් ඇරල

" මෙතන ඕනි එකක් තියෙනව කමල් අවශ්‍ය දෙයක් කර ගන්න " 
කියල පුංචි බාර් එකකුත් ඇරල දීල තමයි ගිහින් තියෙන්නේ. 
ඔක්කොමත් එක්ක

" කමල් පුංචි ගැටලුවක් තියෙනවා... අපේ වයිෆ් හැමදාම බුද්ධ පූජාව තියනවා.. ඒක නම් වරද්දන්නෙ නැතුව කරන්න ඕනි " 

කියල...
කමලුත් " හරි සර් " කියල මුර රස්සාව පටන් අරන්...

කොහොම හරි දින 4 - 5 කින් විතර ආචාර්ය තුමා ඇවිල්ලා... වයිෆ් නැතුව. ඇවිල්ල බලද්දි කිසි අවුලක් නැහලු හැබයි අර බුද්ධ ප්‍රතිමාව නැහලු.
වයිෆ් එන්න කලින් වෙච්චි දෙයක් දැනගන්න ඕනි නිසා මූව ගෙන්නල

" කෝ බන් මේ බුදු පිලිමේ... "

" අහ් ඉන්න සර් " 

කියල පොර කුස්සියට දුවල ගිහින් ෆ්‍රිජ් එක ඇරල බුද්ධ ප්‍රතිමාව එලියට අරන් ගෙනත් තිබ්බලු...

සරුත් හොල්මන්ලු...

" ඇයි බන් උබ බුදු පිලිමේ
ෆ්‍රිජ් එකේ දැම්මෙ.. උබට පිස්සුද ? "

" අනේ සර් මම හැමදාම ඉව්වෙ නැහ සර්.. ඉතින් දවස් 2 - 3 ටම එක පාර කෑම ටික හදල ෆ්‍රිජ් එකේ දැම්ම.. බුද්ධ පූජාවත් නරක් වෙන නිසා ෆ්‍රිජ් එකේ දාල බුදු පිලිමේ එතනින් තිබ්බ " 


කියල මූ ඇගට පතට නොදැනී කියල..

සර් ඔලුවෙ අත් දෙක ගහගෙන...

" යකෝ මම වෙලාවට ආවෙ අපේ වයිෆ් එහෙම ආවනම් උබේ කෑලිවත් තියන එකක් නැහ " කිව්වලු...

හි හි...

කම්මැලිය් බොලව් ලියන්න... පස්සෙ තව කතා ලියන්නම්. හි හි


Monday, October 11, 2010

කෝච්චි වල කෑම එක්ක ඉස්සර මතකයක්.

Share


උදේ පානුයි පරිප්පුයි පොල් සම්බෝල පාරකුයි අඹරද්දි පොඩ්ඩක් අතීතෙට ගියා... කෑම බීම ගැන... කලින් පෝස්ට් එකෙත් කෑම ගැන ලිව්වා... කමක් නැහ.

කෝච්චියේ ගිහින් ඇති නොවැ ඔය කොයි කවුරුත්... ඒත් මම කියන්නේ දුර ගමන් කෝච්චි වල... ඒ දුර ගමන් කොච්චි වලට මගින් නගිනව නේ ඔය එක එක ජාති විකුනන වෙළෙන්දෝ..

මාතර එකටනම් නගින්නෙ ඔය කොයිකටත් එන රට කජු.. අන්නාසි.. වඩේ කට්ටිය තමයි. ඒත් ඉස්සර අපි මාසෙකට පාරක් වත් ඔය ත්‍රීකුනාමලය කෝච්චියේ යනව එනවා.

ඒකට නම් නා නා ප්‍රකාර මිනිස්සු නගිනවා...

ඉස්සර උදේ 5.30 ට වගේ කොටුවෙන් පිටත් උනේ ඔය කෝච්චිය. ඒක තමයි දවසටම ඉතින්... හැබයි මහ සෙනඟක් නැහ... යුද්දෙ කාලේ නොවැ. මම මේ කියන්නේ 92 - 93 වගේ කාලේ. මතක නිකන් හීනයක් වගේ.. පිස්ස පොඩි එකා නොවැ ඒ කාලේ.

ඔය කෝච්චිය express තමයි යන්නේ මහවට යනකම්. ඒ කියන්නේ ඉතින් නවත්තන්නෙ ලොකු නැවතුම්පල වල. මහවදි ඉතින් engine එක ගලවල ගහනව නේ අනික් පැත්තට. ඉස්සරහ බල යන සීට් වල හිටි අය එතැන ඉදන් පස්ස බලන් යන්නේ. හි හි. මහව හන්දියේ ඉතින් ටිකක් වෙලා නවත්තල තියෙනව ඒක නිසා.engine එක මාරු කරන සීන් එක නොතේරෙන අය ඉන්නවනම් ඔය සිතියමක් අරන් බැලුවනම්....


කෑම ගැන නෙ ලියනව කිව්වෙ... ඔය ගමනේ ම්ම්ම් මතක විදියට කුරුනෑගල හරියේ නැවතුම්පලකින් නගිනව වයසක මනුස්සයෙක් ඒ කාලේ ඉඳි ආප්ප අරන්. ඒ හරියට යද්දි උදේ කෑම වෙලාව... 7 - 8 වගේ.. මුලක් රුපියල් 10 ක් වගේ මතක... ( ගනන් හිලව් නම් නිච්චි නැහ... මට ඒවයේ ගානක් නැහ නේ ඒ කාලේ. ) තාත්ත මුල් දෙකක් ගන්නවා... මට එකක්. ඕකෙ තිබ්බේ ලූනු යහමින් දාල තෙල් දාපු හාල් මැස්සො එක්ක පොල් සම්බෝල. හප්පේ ඒ රහ තාම මතක් වෙනවා. හැබයි ඒ මුල කඩේකින් අරන් කෑවනම් ඒ රස නැතිවෙයි. කෝච්චියේ අරන් කද්දි අර ට්‍රිප් ගිහින් කැව වගේ නේ.



ඒ මුලෙන් භාගයක් වත් මට කන්න බැහ හැබයි. ඉතුරු නම් නැහ තාත්ත කනව ඒකත් හි හි.

මහව හන්දියේ ඉදන් ඉතින් මන්ද ගාමි. ඒ කිව්වෙ කොයි නැවතුම්පලෙත් නවත්තනවා. ඔය මහව හන්දිය පහු වෙද්දි අර 7 - 8 උගන්නපු සමාජ අධ්‍යනය පාඩමේ වියලි කලාප තෙත් කලාප ( අනික් එක ??? ) වෙනස හොඳට දකින්න පුලුවන්. ( ඒක නම් පස්සෙ කාලෙක තේරුනේ.. ).. කොල පුංචි... නිකන් පඳුරු වගේ ගස් කොලන් එක්ක රස්නෙ හුලඟ...

මගදි ඉතින් ඒ ඒ පැතිවල හේන් වල වවපු එළවලු වගේ ජාති අරන් මිනිස්සු නගිනවා.
මතක නම් නැහ හරියටම... පැනි දොඩම් නම් මතකයි. පොත්ත කොළ පාට උනාට පැණි රසයි ඇත්තටම.
එතකොට තල... මම තවත් කැමතිම කෑමක්...

හුට්ටප්පරයයි... නම මතක නැහ නේ... පොල්මද මතක විදියට... ඔව් ඔව් පොල්මද තමා. හපොයි ඒ කාලේ මම පන ඇරල.. පහු පහු වෙද්දි නම් ඒ ආසාව ගියාට පොඩි කාලේ කැමතිම කෑමක්.

රට කජු... වඩේ එහෙම නම් කොහොමත් එනවා. ම්ම්ම් ගියපු අය ඉන්නවනම් මතක් කලා නම්...
ඒ වියලි කලාපෙ වවපු දේවල් විකුන ගන්න තමයි ඒ මිනිස්සු කෝච්චියට නගින්නේ. 



තේ බෝතලේ දාපු තේ අමතක කොරන්නේ කොහොමෙයි. අර රතු පාට ලොකු උණුවතුර බෝතලේ දාපු තේ දවල් වෙලා බොද්දි අමුතු රසක් එන්නේ... ට්‍රිප් එකක් වගේ තමයි ඉතින්..

දවල්ට කෑම එකක් උදේ අරන් නාවොත් ගල් ඔය නැවත්තුවාම ගන්නවා තාත්ත. එතන කෑම විකුනුව මනුස්සයෙක් කෝච්චිය එක වෙලාවට. තිරිකුනාමලෙන් කොලඹ එක කෝච්චිය එනකල් කොලඹින් යන එක එතන නවත්තන් ඉන්නවා. කොලඹින් යන එක පරක්කු උනත් අරක නවත්තන් ඉන්නවා. ඊට පස්සෙ ඒ engine දෙක මාරු කර ගෙන තමයි ආයෙ යන්නේ. ඒ ඇයි ද කියන්න නම් මම දන්නේ නැහ...

ගල් ඔය ස්ටේශන් එකත් හන්දියක්. මඩකලපුව ලයින් එකත් එතනින් නොවැ යන්නේ.

තව කෑමක් කිරි ආප්ප... කාල තියෙද ?? බිත්තර ආප්ප... පැනි ආප්ප වගේ සීන් එක. අනේ අප්පේ ඒකෙ රස.. බිත්තර ආපේ බිත්තර වගේ කිරි ආප්පෙ කිරි තියෙන්නේ. ඒව නම් ඔය
ත්‍රීකුනාමලය කඩේක තිබ්බ කෑමක්.

කෑම ගැන කිව්වට මතක් වෙන්නේ නැහ නොවැ... ලඟදි ගියපු අය නම් ඇති ඔය පැතිවල ඕනි තරම්... මතක් කොරානම්...

ඔය එක්කම යුද්දෙ කාලේ මතකයකුත් තියෙනවා ලියන්නම්.... ඊලඟට.

පැය 8 - 9 ක ගමනක් ඉතින් ඔය... ඒ දවස් වල මට තිබ්බ පොඩි වෝල්ක් මන් ( Walkman n) එකක් ... මොකක්.. ?? හිහි දැන් ඔය ipod අරව මෙවා වගේ ජිමික්ස් එකක් තමා. කැසට් එකක් දාල පොඩි බැට්‍රි දෙකකින් වැඩ කලේ.. ඕක කනේ ගහන් යන්නේ පිස්ස ඒ කාලේ හිහි.

තාත්ත ගැන ඒ කාලේ වින්ද දුක මතකය අලුත් උනා මේ ලිපියෙන් ආයෙම... ඒ ගෑන් හුඟ කාලෙකට කලින් ලිව්ව ලිපියක් මේ..

තාත්ත කෙනෙක් ගෙ... අම්ම කෙනෙක් ගෙ ආදරය නම් අකුරු කරන්න දන්න කියන අකුරු මදි බොලව්..

පොස්ට් එක නිකන් කොත්තු වගේ උනා... සමා වෙන්ට.

ලිව්වනම් කෝච්චි කෑම ගැන අත්දැකීම්..

Wednesday, October 6, 2010

පාන් මිල... ෆොන්සේකා උන්නැහේ... එක්ක මේ දවස් වල...

Share


බ්ලොග් ලියවිල්ල සෑහෙන්න මග ඇරිලා... ඒ විතරක් ය... කියවිල්ලත්. ඔන්න අර ජංගම දු. ක ට ( හි හි පිස්ස අලුත් එකක් ගත්ත නොවැ  ) ඔපෙරා බීටා එක දා ගත්ත. කලින් එකේ වගේ නෙමෙයි හිර වෙන්නෙ නැතුව සිංහල කියවන්න පුලුවන්. ඒකෙන් බ්ලොග් කියවිල්ල නම් කෙරෙයි වගේ...

ලියවිල්ල නම් අනේ මන්ද... කාලෙකින් කපුගේ මහත්තයගෙ සින්දු ටිකක්.. පොඩි ලා අංශයක් එක්ක බ්ලොග් බලන්න ගත්තා...
මොකුත් ලිව්වෙ නැති නිසා ලියන්න ගත්තට මෙලෝ උලව්වක් මතක් වෙන්නෙ නැහ නේ.

අර පාන් පිටි මිල ගිය පුවත එක්ක මතක් උනේ... 94 චන්දිරිකා දීපු 3.50 පාන්. මතකද... හි හි.
චන්ද පොරොන්දු වල ලොකුම එකක් උනා නේ ඒ කාලේ. කිව්ව වගේම ටික කාලයක් දුන්න පාන් ඒ ගානට. 



පස්සෙ සුට්ට සුට්ට වැඩි උනා... ඇත්තටම දැන් කීයද පාන් ගෙඩියක් ? රුපියල් 3 කින් වැඩි උනා කියල ආරංචියි.

මම ඒත් බැලුවෙ මේ පහුගිය අවුරුදු 3 - 4 ට බඩු මිල වැඩි උන ආකරය... ඉස්සර.. ඉස්සර කිව්වෙ 2004 - 2005 වගේ මම කොළඹ නැවතිල කෝර්ස් එකක් කලා... ඒ කාලේ බෝඩිමට 3000.00 තවත් 4000.00 දුන්න ගෙදරින් වියදමට. කාල බීල ( බීලත්  ) 300 ක් 400ක් ඉතුරුත් උනා.. දැන් කීයක් විතර යයිද වේල් 3 කාල බීල ඉන්න ???

මට ලංකාවෙ මතක කෑම මිල කියනවනම්...

ආප්පයක් රුපියල් 5.

ප්ලේන්ටියක් 5 යි.

ෆ්‍රයිඩ් රයිස් එකක් ( අර විජය ග්‍රැෆික් එක ගාව කඩේ.. මගේ ආසම පොට් එකක්.. ) 40යි.

උදේ බත් එකක් ( බිත්තර පලුවයි... හාල් මැස්සො.. පරිප්පු.. පොල් සම්බොල ) 28 යි.

හි හි අංශ භාගයක් 200 ක් දෙද්දි ගන්න පුලුවන්.

බියර් එකක් නම් 65යි.

බිත්තරයක් 5යි.

ඔය මතක් වෙච්ච... දැන් 2 -3 ගුනයක් වෙලා ඇති මයේ හිතේ. ඒත් අපේ ගෙවල් වල අයගෙ පඩි නම් ඒ ගානමයි. සොච්චමක් වැඩි උනත් අරවට මේවට කපල නොවැ ඒක දෙන්නෙත්.  



හැබයි මල් කඩන්න ජංගම දු.ක ගාස්තු නම් දැන් එක්ක බලද්දි ඒ කාලේ අනේ අපොයි... එන කෝල් වලටත් සල්ලි ගත්තනෙ මේ යක්කු ඒ කාලේ.

ෆොන්සේක උන්නැහෙත් හිර කොරල නේ... මාරය අයිය ඒ ගැන දිග ලිපියක් ලියල තිබ්බ දැක්ක...
දේශපාලුවන්ගෙ ලනුවක් කාල දැන් දිරවගන්න බැරි තැනක නොවැ උන්නැහෙත් ඉන්නේ.. මොනව උනත් මෙහෙව් දඩුවමක් දීපු එක නම් පිස්ස අනුමත කොරන්නෙ නැහ...හිතට දුකයි. මොනා උනත් 30 වසරක යුද්දෙ නිමා කොරන්න ලොකු සේවයක් කරා නේ උන්නැහෙත්. 



පිල්ලියාන්... කරුනා එහෙම " එහෙයි " කියන් රජ සැප විදින මෙහෙව් රටේ... අනේ මන්ද මේවා ඉතින්. අපේ මිනිස්සු චීන පටස් පත්තු කොරයි කියන්නේ...

" පූජාසනෙයි ඔබ හිඳුවා ඔබව පුදන මේ ලෝකයමයි... ඔබට එරෙහි වී නැගිටින්නේ... " නන්දා මාලිනි මහත්මිය නිකන් ය කිව්වෙ...

හැබයි ඉතින් ෆොන්සේකා උන්නැහෙත් කල කිව් දේවල් ඒ කාලේ අනුමත කල නොහැකියි. 


ලෝකේ හොඳම කොටස් වෙලඳ පල ලංකාවෙ එක කියල කියන්නේ... ආර්තික අතින් දියුනුවක් ඇති වෙන එක නම් හොඳයි... ලොකු එකා හදල නැති එකා නැතිම නොකර හැමෝටම හැදෙන්න විදියක් ඇති කරොත්... කාල ඇඳල අතමිට යහමින් ජීවත් වෙන්න ආර්ථිකයක් හදල....  2/3 අරන් රාජාංඩුවක් ඇති කර ගත්තත් කමක් නැහ අර දුමිය හීනෙන් දැක්ක වගේ...

ඉස්සරහට දිගටම ලියන්න හිත ඉන්නව.. වෙලාව තමයි බොලන්ල...

Saturday, September 25, 2010

හුඟ දවසකින්.... කෝ අපේ ස්ටෑන්ඩ් එක ?? එක්ක කලුවා ගෙ කතාවක්

Share
හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්න තියා කාගෙවත් බ්ලොග් එකක් බලන්නවත් අදහසක් දක්වන්නවත් වුනේ නැහ. වෙලාවක් තිබ්බෙ නෑ කියල තමා කියන්න වෙන්නෙ. ඒත් කල්පනා කරල බලද්දි අමුතුවෙන් කියල කරපු දෙකුත් නැහ. වෙනද වගේම වැඩ කරල වෙනද වගේම කාල හිටිය.  නටපු නැටුමකුත් නැහ බලද්දි බෙරේ පලුවකුත් නැහ වගේ සීන් එකක්.


හිතත් පොඩ්ඩක් විතර අවුල් ගතියකින් නොවැ උන්නෙ.. ඒකත් වෙන්න ඇති.. අනේ මන්ද බොලන් මේ ජීවිතේ නම් මහ පුදුමා කාර උලව්වක් තමා.

එව්ව වැඩක් නැහ...

මූනු පොතේ අපේ එකෙක්ව ටැග් කොරල තිබ්බ පින්තූරයක් දකල මට අනේ අපොයි කියවුනා.




අර ඒ කාලෙ දුකට... සැපට... වලට... වලියට... ලව් හුට්ටප්පර වලට... තිබ්බ ස්ටෑන්ඩ් එක සමතලා කොරල නොවැ නිකන් නැතිම නැති වෙන්න....
මං හිතන්නෙ ලංකාවෙ දිගම බස් නවතුම්පල උනේ ඕක. ජරාජීර්න අබලන් වෙල වගේ තිබ්බට සුනාමියෙන් පස්සෙ ආයෙ හැදුව මට මතක විදියට. අලුතින් ලස්සන පහසුකම් පිරිච්ච තැනක් අපේ උන්ට  ඔය කලින් කිව්ව වලි.. වල.. ලව් සීන්... වලට ආණ්ඩුවෙන් හදන්න වගේ යන්නේ...

මොනව උනත් මතක අහුරක් පිරුනු තැනක්.



ඉස්සර ඒ කොනේ ඉදන් අනික් කොනට යද්දි අහ් මචන් ගාන හැම එකාටම ඉස්සරහට ගිහින් එන්නම් කියගෙන යන්නෙ කොයි පැත්තට ගියත්. ඔය ගිහින් ෆිට් කොල්ලෙක් දැක්කම බිත්තියට හේත්තුවක් දාගෙන කෙල්ලෙක්ට පැණි බෝතලයක් එහෙම හලල... හපොයි ඒ කාලේ.

කෙල්ලො හුටපට
වලි කීයක් මේ අපිට ඔය වහල යට උනාද මේ පිස්ස ඇතුලු සෙට් එකටත්....


මූ මාර භක්තියෙන් කතා කරන්නෙ නිකන් මුගේ ස්කොලෙ වගේනෙ කියල කියන්න එපා ඉතින්.. කිව්වත් මයෙ මොකේ හිහි... ඉස්සර මතකයට පිස්සා හුඟක් ආදරෙය් කියල බ්ලොග් අවකාශෙ කට්ටිය දන්නවනේ....

ස්ටෑන්ඩ් එක ගැන කියද්දි කලුවගෙ පොඩි කතාවක් මතක් උනා.
මතකනෙ අර තනපට අහසට සීන් එක. ඇති දෙයක් නැහ ලියන්න මතක් වෙන්නෙ නැති නිසා මොකුත් මේක ලියමු...



ඔන්න කලුව දවසක් රෑ ඔය සංගීතයක් බලල කකුලුව ගමනින් තව ගෝතයෙක් එක්ක යක්කු ගස් නගින ටයිම් එකත් පහු වෙල ස්ටෑන්ඩ් එකට ඇවිත් ගෙදර යන්න. ඒ වෙලවට මොන බස්ද.. ඉතින් අර තෙල් අංශෙත් වැඩ නිස මුන් දෙන්න ඇහරන් ඉන්න අමාරුව නිසාම කොට තාප්පෙකට හේත්තුවක් දාගෙන පොඩියක් නිදා ගෙන පාන්දර බස් එකේ ගෙදර යන්න.

කිචි බිචි කුරුලු හඩින් මුන් දෙන්න පිබිදෙන කොට මෙලෝ යකෙක් ගනන් නොගන්න කලුවටත් දඩිය දාල. රතු ටයි දගත්තු ටින් ටින් කෙල්ලො සෙට් එකක් පාන්දර කොහෙද අටමගලක යන්න ඇවිත් මුන් දෙන්නව දැකල බොහොම සානුකම්පිතව බලාගෙන කිචි බිචි ගානවලු. දන්නවනෙ කෙල්ලොත් ඉතින් දෙන්න බැස්ටිය කියල බලාගෙනනෙ ඉන්නේ...   


අනේ ඇත්තමයි පිස්සට එහෙම උනානම් ඔහොම දෙයක් ඒ කාලේ හපොයි හිතා ගන්නත් බැහ...
කලුවගේ යාලුවට නිකන් කැරකෙන්න වගේ ලු ඇයි ඉතින් ස්ටෑන්ඩ් එකේ නිදා ගෙන හිටිය කිව්වම ඒ කාලේ... ( දැන් නම් ඕ. පු නේ අපිට හි හි )
කලුව හින්දම ගානක් නැතුව නැගිටල ඇවිල්ල ගානක් නෑ වගේ. ඒ උනාට ඌත් සතියක් විතර ගාලු නොගිහින්ම උන්නා ලැජ්ජවට ආයෙ සෙට් උනොත් උන් ටික... හි හි.

ඔය කලුව ලගෙ ගෙදරට යන පාරෙ ගස් වල අතට හසුවන මායිමෙ අතු විතරයි තියෙන්නෙ.. කොලයක් බෙහෙතකට හොයා ගන්න නැහ.දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සල ලියමු බලන්න.

පටන් ගත්තෙ කොහෙන්ද මැද කොහෙද අග කොහෙද.  පිස්සෙක් නොවැ ලියන්නෙ ගනන් ගන්න එපා.

කලුවගෙ තනපට අහසට මෙතනින් බලන්න පුලුවන්.


පුදුම කම්මැලිකමක් ඇවිල්ල බොල ලියන්නත්... බලමු බලමු....

Tuesday, September 7, 2010

සපෝටර් ල එක්ක සෙට් උනු කෙල්ලො ගැන තවත් කතාවක්.. එක්ක රතු රෝස සින්දුව...

Share


අද නම් ඉතින් අනුන්ගෙ පහනෙන් එලිය බලල ශේප් වෙන්න හදන්නේ.... හි හි. කලින් දාපු පෝස්ට් එක මතකනේ... අර සපෝටර් අශ්වයා පිටින් ගිය එක...
ඒකට දිනේශ් කොලුවා කොමෙන්ට් එකක් විදියට තව ඒවගේ මරු සිද්දියක් දාල තිබ්බා... කොහෙද අර අපතයෙක් හින්දා කොමෙට්ස් මොඩෙරේට් කොරන්න ගත්ත නොවැ. ඒක හින්ද හුඟ දෙනෙක් ඒ කොමෙන්ට් එක දකින්න නැතුව ඇති කියල හිතලා ඒක ගෙඩි පිටින් කොපි කොරල පෝස්ට් එකක් විදියට දාන්න හිතුනා.

ඔන්න එහෙනම් කතා මොකටද... බලන්න.



**********************


ඇයි ඉස්සර අපේ සෙට් එකෙත් බුවෙක් හිටියා.ඌ ට්‍රයි කරපු කෑල්ලට මාර ලව්. කෑල්ලත් සිරා කෑල්ල.රතු රෝස එකේ "චාප" වගේ. හැබැයි කෙල්ල ලඟට ගිහින් කතා කරන්නෙ නෑ.ලජ්ජාව,බය,වෙව්ලීම ඔය සේරම රෝග එතකොට ඌට ඇති වෙනවා.ඉතින් ලියුම් දෙන්නෙ,කැමතිද කියල අහන්නෙ ඔක්කොම කරන්නෙ උගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ්.කොහොම කොහොම හරි මාස හයක් විතර ඔය සෙල්ලම තිබුනා.අපිටත් මූ හෙන ඇනේ.කොයි වෙලාවෙත් කියවන්නෙම අර කෙල්ල  ගැනමයි.හදිස්සියට දුමක්වත් දාන්නෙ නෑ.ඒ තරමට කෙල්ල  ගැන හිතනවා.

ඔන්න ඉතින් අපි සෙට් එක MISSION IMPOSIBLE කියන ‍ෆිල්ම් එක බලන්න ගියා.හැමදාම ගැලරි යන එකේ අද බැල්කනි යමු කියල බැල්කනි ටිකට් අටකුත් අරගත්තා.වෙලාව පහුවෙලා හින්ද කලුවරේ අතගගා ගිහින් අපිත් ඉඳ ගත්තා. කෆලුත් ගොඩක් ඉන්නවා.සමහර කෆල්වල කොල්ල විතරයි පේන්නෙ.කෙල්ල පේන්නෙ නිකන් නැමිල ඉන්නව වාගෙ..:D හික් හික්.

අපිට එහාපැත්තෙ හිටපු කෆල් එකත් ඒ වාගෙ.දැන් ඉන්ටෙර්වල් එක ආවා.අපි හතර පස් දෙනෙක් සුපුරුදු වැඩකට එලියට ගියා.ටික වෙලාවකින් හෝල් එක ඇතුලෙ පොඩි කචල් එකක් වගේ.අපිත් ටක් ගාල ඔලුව දාල බැලුවා.අම්මට සිරි මේන් බොලේ අපේ එකා උගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ් ට අම්බානක නෙලනවා.අපි බැලුව මූ කොහෙන්ද මෙතෙන්ට ආවෙ කියල.බොලේ මේන් චාපත් ඉන්නව.බැලින්නම් අපේ එකාට හොරෙන් උගෙ යාලුව කෑල්ල සෙට් කොරගෙන.ඌ ගිහින් අහල තියෙන්නෙ මූට නෙමෙයි ඌට.දෙන්නම් අතේ මාට්‍ටු.
දැන් චාපනම් කොහෙ ඉන්නවද දන්නෙ නෑ.ඒත් අපේ එකයි උගෙ යාලුවයි අදටත් නෝ කතා. 



**********************


ඔන්න දිනෙශ් ගෙ පහනෙන් අද පෝස්ට් එක ඉවර කොරා...

ඒක නෙමෙයි බොලන් මුගේ කතාව කියවද්දි මතක් උනේ... රතු රෝස මතකද ළමයිනේ.. හපොයි ඒ කාලේ මම චාපට ෆුල් ක්‍රශ් එක හි හි... ඒ වෙද්දි පිස්ස මයෙ හිතේ 1 ද කොහෙද... ( පොඩි කාලේ ඉදන්ම හි හි කැත හිත නොවැ... )
ජංජාලේ මේ ලඟදිත් මම හෙව්වා ඔහෙ නැහ... පොඩි ක්ලිප් එකක් වත් හම්බුනේ. නැද්ද ඔය කතාව ටොරානා එකෙන් වත් තැටියකට එහෙම ගහල...


ජංජාලෙන් කියල හම්බුනේ රතු රෝස එකේ පටන් ගද්දි දාපු සින්දුව විතරයි... මටනම් මේක මතක නැහ. රතු රෝස කිව්වම මතක චායාවක් වගේ චාප විතරයි. හි හි...

අහල බලන්නකො.

Download : මල් යහනට වඩිනු මැනවි


ඒ එක්කම අර සපෝටර් අශ්වය පිට ගිය කතාවෙ ඉල්ලල තිබ්බ " සුදු නංගියා මාගේ " ගීතය ලබා දුන්නු වැම්පි ට බොහොම ස්තුතියි...
ඒ වගේම  Pushpika Gunarathna  සහෝදරයත් ගීතය මේල් කරල තිබුනා මට. බොහොම ස්තුතියි මචන් උබටත්.

ඒ වගේ සිං සිං ගාල ඉල්ලපු දේවල් ලබා දෙද්දි මාර කික් එකක් අප්ප එන්නේ අපේ එව්වො ගැන...

ඔය යාලුවො එකම කෙල්ල ගැන හිතන සීන් ගැන කිව්වම මේකත් බලන්නකො..  .සුලෝචනා = කලු කුහරයක් වූ කල උබයි මායි = බේබද්දොද ???

Monday, September 6, 2010

අන්තිමේ සපෝටර් ( supporter ) අශ්වය පිටින් ගියා....

Share


පරණ කතන්දරයක් මතක් උනා. ලියම්දෝ නොලියම්දෝ කියල පරාලයක් ගිලපු උගුඩුවෙක් වගේ කල්පනා කොර කොර ඉදල ලියල දානව කියල හිතුවා. අර මෙලෝ රහක් නැති කැටගරි එකට වැටෙයිද මන්ද... කමක් නැහ...


අපි මේ කතාවෙ චරිත දෙකට බන්ටි සහ කැවුමා කියමුකො. ඔය දෙන්නම අපේ හොඳ හිතවත් යාලුවො දෙන්නෙක්. ඔය උසස් පෙළ පටන් ගන්න කාලේ ඔය පිස්සට උනා වගේ කැවුමටත් හිතේ මල් පිපෙන්න ගත්තා. හි හි...
කැවුමගෙම වයසෙ කෙල්ලෙක් ගැන.


ඒ කෙල්ලට අශ්වය කියමු... කියමු නෙමෙයි ඒකිට කිව්වෙ අශ්වය කියල තමා. කොයි වෙලෙත් පස්ස උඩ දාගෙන දුවන එකමයි... හි හි. ගැලපෙන නම. කොල්ලො ඉතින් නමක් දාන්නෙ චරිතෙ ගැන හොඳට අධ්‍යයනය කොරල ගන පිහිටවල අකුරු ගලපල එහෙම නොවැ.


ඒ කාලේ ඉතින් ඔය වගේ වැඩකට තනියම බහින්න කකුල් දෙකට වීරිය මදි නොවැ... අර පිස්සට ගයාන් හිටිය වගේ කැවුමට සෙට් උනේ බන්ටිව. බන්ටි ත් මම හිතන්නේ ඔය කැවුමලගෙම ගමේ. ඉතින් ඔය හවස පන්ති දාට... ඒ කිව්වේ කෙල්ලට පන්ති දාට.... මුන් දෙන්න බත් මුල් දෙකකුත් බැදගෙන එහෙම ගාලු එන්නෙ. ඇවිත් ඕකත් කාල අර කෙල්ල පන්ති ඇරෙනකල් අජරාමර කට්ටකුත් කාල පස්සෙන් හැතම්ම ගනන් ඇවිදල... ඇවිදලත් බැහ දුවන්න ඕනි ඒකි පස්සෙ යනවනම්. හි හි.....


ඉතින් මාසයක් දෙකක් විතර පස්සෙන් දුවල දෙන්නත් එක්ක මේකෙ ඉවරයක් නැහ. කැවුම අහල තිබ්බට හරි හමන් උත්තරයක් දීල තිබ්බෙත් නැහ දන්න තරමින්. ඒත් ඒකිගෙ අකමැත්තකුත් පේන්න තිබුනේ නැහ.
ඒ හින්දම අපිත් හිතුවෙ ඔය ආසයි බයයි සීන් එකක් කියල.. දන්නෙ නැද්ද කෙල්ලොන් ගෙ කැටයම්.
 
ඔහොම ගිහින් කොහොමින් කොහොම හරි දවසක් අශ්වය කැවුමට පනිවිඩයක් එවල තිබ්බ හම්බෙන්න කියල... කට්ටියම හිතුවෙ වැඩේ ගොඩ තමයි... කැවුමත් සුවඳ සබන් ඇඟ ගාල පිලිවෙලක් වෙලා ගියා බලන්න අශ්වයව.


ඔන්න ඉතින් දවස් කීපයක් ගියා ආරංචියක් නැහ. දැන් කාලේ වගේ communicate කරන්න facilities නැහ නොවැ ඒ කාලේ. දැන් එව්වොන්ට mobile කියයි... facebook/ twitter කියයි.


ඉතින් දවස් කීපයකට පස්සෙ පිස්සටත් කැවුමව හම්බුනා ස්ටෑන්ඩ් එකේදි..


" ඈ බන් කැවුමො... උබ අපිට පාර්ටි එක දෙන්න වෙනවට මග අරිනවනේ.. කියපන් කියපන් මොකෑ උනේ ? "


කැවුමත් මූන පොඩ්ඩක් අවුල් කොරන්...


" මේ උබ කාටවත් කියන්නෙ නැහ නේද.. "


" කියපන් ඉතින් කාට කියන්නද... "


" ම්ම් මම ගයාන්ටයි... අමිලටයි... ( නම් 6 - 7 ක් කිව්ව ) විතරයි කිව්වෙ... " ( මූ හැමෝටම කියල තියෙන්නේ කාටවත් කියන්න එපා කියල... ඌ ඔක්කොටම කියල හි හි )


" ඉතින් කියපන්කො... "


" එදා මම ඒකි හම්බෙන්න ගියානේ... ඒකි මගෙන් උදව්වක් ඉල්ලුවා... "


" ඉතින් යකෝ උබේ කෙල්ලනේ... කරපන්.. "


" උබ මේ මඟුලක් කියනවනේ.. ඒකි කියනව ඒකි කැමතියිලු බන්ටිට...


මට කියනව බන් බන්ටිගෙන් අහන්න කියල ඒ ගැන "


කැවුම නිකන් අඬන සයිස්... මාත් කොර වෙලා ගියා මේ හරුපෙ අහල..


ඔන්න ඉතින් දැන් කට්ටියම එකතු වෙලා මේ ගැන සාකච්චාවක් දැම්ම... බන්ටි කැවුම ඇතුලුව...


බන්ටි ත් කොර වෙලා...


" අනේ බන් මම හීනෙන්වත් හිතුවෙ නැහ ඒකි ගැන... " වගේ ටෝල්ක් දෙනවා...


කැවුමත් මූනෙ හොටු පෙරන් මූඩ් එකේ...


අන්තිමට තීරනය උනේ කැවුම ඔය කෙල්ලෙ පස්සෙන් යෑම අත අරින්න සහ බන්ටි ඒකිට බැහ කීම.


මොකද ඉතින් චාටර් නේ බන්ටිය ඒකි යාලු කර ගත්තම.


කාලය සති 2ක් විතර ගියා... මෙන්න ආරංචියක් ආව බන්ටි ගිවිසුම කඩ කරල අශ්වය පිටේ යන්න අරන් කියල...


හොයල බලද්දි ඇත්ත සීන් එක. 

කැවුම ශෝකය දරා ගන්න බැරිව ඒ කාලේ අඬපු ගායකයන් මැරෙව්ව... ඌ ගාවින් ගියත් එක්කො අජිත් මුතුකුමාරන... වැලිතුඩුව... වගේ ශෝක ගීමයි ඇහෙන්නේ....

කැවුම ගෙ ෆිට් කොල්ලොන්ට ඕකට අම්බානෙක මළ පැනල මුන් දෙන්න දකින් දකින් තැන කෑ ගහල නෝන්ඩි කරා කාලයක්.. ඒ උනාට උන් නෙමෙයි ඒව ගාකට ගත්තෙ. අපි අපේ ආදර ලෝකෙ කියල බන්ටි අශ්ව ආදර අන්දරේ අවුරුදු 3 -4 ක් ගලාගෙන ගියා.


ඒ කාලේ කොහොම හරි ඔය සීන් එක කොල්ලො කවි කොලේකුත් ගැහුව නොවැ... හි හි මට මතක නැහ එක කවියක් වත්.. එක පේලියක් නම් මතක තිබ්බ ඒක පට්ට.

" අන්තිමේ සපෝටර් අශ්වය පිටින් ගියා.... "




************************


අර මෙලෝ රහක් නැති කුනුහරුප කාරය මේ පැත්තේ රිංගල තිබ්බ නිසා කොමෙන්ට්ස් ටික පොඩ්ඩක් බලල දාන්න ( moderate ) හිතුවා... ඒ ගැන සිදුවන අපහසුතාවයට සමා වෙන්න ඕනි.
අනේ ඇත්තමයි කුනුහරුප උනත් මූ එකමනේ දාන්නේ... පොඩ්ඩක් ක්‍රියේටිව් වෙලා වෙනස් එකක් දාපන්. මෙලෝ රහක නැහ ඒ යකා නම්.


***********************


ළමයි මේ... අර පරණ සින්දුවක් තිබ්බා කවුද කියන්නේ නම් දන්නේ නැහ...




"" කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා... සුදු නංගියා මාගේ හිනැහී ගියා.... ""


ලඟ තියෙන කෙනෙක් දෙනවනම් පින් සිද්ද වෙනව.

Saturday, September 4, 2010

කව්ද බන් මේ මළ පරාලේ...

Share


අලුතින් යමක් ලිව්වෙ නැහ නොවැ කාලෙකින්... වැඩ අස්සෙ කම්මැලි කමත් ඇවිත්... ඒ මදිවට රෑ ජාමේ එක එක ජරමර මේ ටිකේම... මිනිස්සු උපදිනවා... ලංකාවට යනවා... ඔක්කෝගෙම සුරාව තමා... හපොයි... චික් චික්...


මේ ඒක නෙමෙයි බොලන්... කෝ මේ වැම්පියයි... ගඩොලයි... උන් දෙන්නත් නැහ නොවැ කාලෙකින්...

අනේ බොලන් ලියන්න දෙයක් එන්නෙත් නැහ... බ්ලොග් අවකාශෙ බ්ලොග් කීපයකට ඔලුව දැම්ම අද... ඒ හින්ද මොනා හරි කුරුටු ගාල යන්න ඕනි කියල හිතුවා.

පිස්සා ගියා නොවැ ෆිසික්ස් ක්ලාස් එකකට ඉස්සර... සර් ප්‍රතාපසිංහ සර්. වැඩිය ක්ලාස් කොරන මනුස්සයෙක් නෙමෙයි. ඒත් ඔය ගිං ගඟ අසබඩ ඉසව්වක ඒ කාලේ කොලා පොඩියට පන්තියක්. වැඩියක්ම ළමයින්ට නිකන් ඉගැන්නුවේ... මම දන්න තරමින් ඒ කාලේ නම් ඉස්කෝලේ උන්ගෙන් සල්ලි ගත්තෙත් නැහ. කැමති අය දුන්න... බැරි අය නොදී උන්නා.


පහු කාලේ ගාල්ලෙත් ක්ලාස් කරා මම හිතන්නේ...
ඒ කාලේ ඔය සර් උගන්නපු ස්කෝලෙ උසස් පෙළ එව්වොන්ට වැඩිය උගන්නන්න ගුරුවරු හිටියෙ නැහ. සර් physics වගේම combined maths එහෙමත් පුලු පුලුවන් හැටියට කරා උන්ට ඒ කාලේ... වනියලගේ අයියලා ඒ ලෙවල් කරද්දි... අපොයි ඒකේ හිටිය කොල්ලො... උන් මහ මරු මුස් ඩයල් ටික. සර් මුන්ට ෆිසික්ස් පෙව්වා... සමහර දාට පීරියඩ් 8 ම ෆිසික්ස්.

කොල්ලො මාර ආදරෙයි මනුස්සයට. පොරගෙ එකම අවුල රෑට කන සාක්කුවෙ හිටින්න ගහනවා. 



සර් ඉතින් ඒකාලේ පන්ති කරද්දි ටික්කො බක්කො නැහ. කැමති උන් සර් ට සල්ලි දෙනවා... හැබයි ඉතින් එන හැම එකාම සර් ට කියල එහෙම පන්තියට එන්නේ... අලුතින් එද්දි...

දවසක් ආවා පොරක්... ඔය ගාල්ලෙ ස්කෝලෙක.. අපි ඉතින් දන්න කියන ( ඔව් ඔව් ඉතින් අපේ ස්කෝලෙ තමා ) එකා නිසා ඌට කිව්ව...  මචන් සර් ට කියල වරෙන් කියල...


දන්න කියන උන්නේ ඉන්නේ... වනියලගේ අයියල එහෙමත් කිව්වා..

" මල්ලි ගිහින් සර් ට කියල වරෙන් " කියලා...


" හහ්.. අපි අනික් ඒවටත් යන්නේ කියලද බන්... සල්ලි දෙනවනම් කිය කිය ඉන්න ඕනිය.. "

කියල මූත් ලොකු කමට ගිහින් ඔන්න දැන් රිවිශන් පන්තියේ ඉද ගත්තා.



හවස 6 ඉදන් 9 වෙනකල් වගේ මට මතක පන්තිය තිබ්බේ... ළමයි 60 ක් විතර හිටියා... හුඟක් ඉතින් සර්ගෙම ස්කෝලෙ ළමයි. කෙල්ලොත් කීප දෙනෙක් හිටියා.

දැන් ඉතින් අපේ පොරත් පොර සේ ඉන්නවා වාඩි වෙලා...

සර් ගානක් දීල පන්තිය වටේ රවුමක් දාන ගමන් මූව දැකල...

" ඈ බන්..කවුද මේ මල පරාලේ... "

අරූගෙ මූන නිකන් ඉදිච්ච ජම්බක් උනා....
කොල්ලො හූ කිය කිය හිනා වෙනවා... ඇයි ඉතින් මූට කිව්ව නොවැ සීන් එක කලින්ම...



" සර්... සර් මම... අමිල... " ( අපේ එකා නෙමේ )

සර් වගේ වගක් නැතිව හිනාවක් දාල ගියා...

ඌට එදා ඉදන් " මල පරාලේ " උප්පැන්නෙ නමටත් වඩා ප්‍රසිද්ධ උනා..

සර් ගැන කියද්දි... සමහර දාට පොර පන්තියේ ඉන්න ගමන්... ( ගමේ උන්මනේ ඉන්නේ.... )

" උබල දන්නවද... මම මේ ගමට එද්දි මේකෙ එව්වො කොල අතු ඇදන් නොවැ උන්නේ... "

කොල්ලො ඉතින්

" ඔන්න බොරු... ඔන්න බොරු... "

" මොකාද බොල බොරු කියන්නේ... අහපිය ගොහින් තාත්තගෙන්... "

" මම ඇවිල්ල තමයි බොල මේ ගමට බස් නැවතුම් පලක්... කඩ පේලියක් හදල දුන්නේ...

මම මුන්ට අදින්න රෙදි ගෙනත් දුන්නම මුන් අහනවා...  ඈ සර්.. මේව සරුංගල් හදන්නද කියල...
මම කිව්වා.. නෑ බොලන් මේව මහල ඇදපල්ල... කියල... "

කොල්ලො ඉතින් සූ සද්ද එහෙන් මෙහෙන් දානවා...

" අර බැංකු ගොඩ නැගිල්ල...මම තට්ටු දෙකට හැදුවම මුන් මගෙන් අහනවා... සර් මේකෙ උඩ තට්ටුවට නගින්න ඉනිමගක් කොයි කියල...  අන්න එහෙමයි බොලන් හිටියෙ මම  මේ ගමට එන්න ඉස්සෙල්ල... "

මහ කැත හිනාවක් එක්ක තමයි සර් මෙව්වා කියන්නේ...

" බොලගෙ ගමේ එව්වො හිතන්  හිටියේ මෙහේ විතරයි පස් තියෙන්න් කියල... මම කිව්ව බොලන් මුහුදෙන් එහාත් පස් තියෙයි කියල... කොහෙද උබල්ගෙ එව්වො අහන එකක් ය... "



කොල්ලො ඔරොප්පු කරන්න තමයි ඉතින් සර් මේ වගේ ටෝල්ක් දෙන්නේ... පන්තියේ අන්තිම විනාඩි 10 - 15 ඇතුලත තමයි ඉතින්...

මොනා උනත් මම වගේම හුඟක් කොල්ලො ගරු කරන මනුස්සයෙක්.. උන් යන්තම් හරි ඒ ලෙවල් ගොඩ දැම්මේ සර් නිසා කියල විශේශයෙන්ම ඔය වනියලගේ අයියාලාගෙ බැච් එකේ මරු මුස් සෙට් එක නිතරම කියනවා.

අපිට සමහර දාට රෑ 12 වෙනකල් පේපර් කරවල තියෙනවා... සල්ලි සත පහක් බලාපොරොත්තු නැතිව...

හැබයි කන සාක්කුවෙ... සර් හම්බුනේ නැහ හුඟ කාලෙකින්.. බැන්ද කියල ආරංචියි..

අදට ඇති නේ...

සර් ල ගැන කියද්දි බද්දෙවිතාන සර් ගැන ලියපු ජංගි ඇදපු කතාවයි රන් තැබිලි කතාවයි නොබලපු අය බලන්නකො..

Sunday, August 29, 2010

උබ නිසා පස් පව් කල මම පව් නැද්ද යකෝ...

Share

කරන්න වැඩකුත් නැතිව වැඩට ගිහින් පඩියට කල්පනා කොර කොර ඉද්දි ඔලුවට ආව එකක් කුරුටු ගෑවා.. මෙලෝ රහක් නැත්තම් කියන්න ඉතින් හි හි




"" ඔයාගේ ඇඳුමේ එල්ලිල හිටි මකුලුවෙක්ව දැකල විලාප තියද්දි ඌව බිම දාලා චප්ප කල දවසෙ ඉදන් මම පලමු සිල් පදය කියන එක නැවත්තුවා...

ඔයාගෙන් ඉල්ලලා " අනේ ඒක කැතයි " කියල දෙන්න බැහ කිව්ව පොටෝ එක ඔයාගෙ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන් මම දෙවැනි සිල් පදය  කියන එක නැවත්තුවා...

ඔයත් එක්ක සූරිය අරණ බලන්න ගිහින් කලුවරේ තනි උනු වෙලේ මල් නොතල රොන් ගත්ත දවසෙ ඉදන් මම තුන් වෙනි සිල් පදය කියන එක නැවත්තුවා...

ඔයාව හම්බවෙන්න අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියල ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් මම හතර වැනි සිල් පදේ  කියන එක නැවත්තුවා...

ඔයා මාව දාල ගිය වෙලේ මගේ තනි රකින්න බෝතලේ එකතු උනු දවසෙ ඉදන් මම පස් වෙනි සිල් පදේ කියන එක නැවත්තුවා...

බලන් යද්දි ඔයා මාර දූවරු පරාද කරන චිංචි මානවිකාවියක්නේ... අසරණ මාව පස් පවට ඇදල දාල...

අපි format එකේ හිතමු කියලා
ඔයා මම format එකෙන් යන්න ගියා..

මම full format වෙලා පස් පවේ ගිලිලා...

යකෝ මම පව් නැද්ද..... කෝ යකෝ උබ ????   """




කෙල්ලො ගැන කියද්දි මේ නම් අත්දැකීමක් නෙමෙයි...


1. මම මකුලුවො මරල නැහ..
2. පොටෝ උස්සලත් නැහ... දෙන්න බැහ නෙමෙයි දෙනෝ ඕයි කියල අරන් මිසක්...
3. බලදාරියා කපා දමන ලදි
4. අත්දැකීමක්.
5. හේතුවක් නැතිව බොන්න  පටන් ගත්තු දවසෙ ඉදන් මම ඒක නොකියමි.


කෙල්ලො ගැන කියද්දි කලු කුහරයක වූ ප්‍රෙහෙලිකාව සුලෝචනා ගැන බලන්න කැමති අය ඔන්න බලන්න...


අත්දැකීමක් එළකිරි ටික වගේ පිරිසිදුව එලෙසම අකුරු කල දිනිති ගැන කතාව ඔන්න බලන්න.


එහෙනම් අදට ඇති මේ...


අහ් මල නොතල රොන් ගන්න සීන් එක ( වචන ටික  ) ඉස්සුවේ අපේ හේමලයා ගෙන්... කැමති අය ඒ පැත්තටත් ගොහින් බැලුවනම්....

Friday, August 27, 2010

කොළඹ සන්නිය.. Coming Sweet

Share


ඊයෙ පෙරේදා දවසක යූ බටේ හෙවත් යූ ටුයුබ් එකේ වටයක් දාද්දි හම්බුනා මරු භාන්ඩයක්... " කොළඹ සන්නිය... ".


අහල තියෙනවා නේ... පරණ ෆිල්ම් එකක්. හිනා කාල නහිනවා ඒක බැලුවම.. මම එකපාරක බලල තිබ්බත් අහු උන එකේ බලලම තමා නිකා හිටියේ.


ඉස්සෙල්ලම කියන්න එපැයි... මේක මේ තනි අකුරේ fm අහන re mix සින්දු විතරක් අහන ජීවිතේම re mix කර ගත්තු ළමයින්ට නම් දිරවන එකක් නෙමෙයි.


මේකේ කතාව ඇවිල්ලා ගමක ඉන්න මනුස්සයෙක්ට ( අන්දරේ ) දොට්ට පිලට යන්න බඩ වැටියක් අස්සට ගිය වෙලේක හම්බෙනවා නිලක්. ඒ කිව්වෙ මැණිකක්. ඉතින් ඔය මැණික රුපියල් කෝටියකට විකුනනවා මැණික් සංස්ථාවට. ( මේ තාමත් තියෙද ඔය මැණික් සංස්ථාව ? නැත්තම් ඒකත් කොම්පැනියක්ද දැන් ? )


ඊට පස්සෙ ඔය අන්දරේ.. ජාකෝලිස්... අන්දරේ ගේ අක්ක සහ දුව කොළබ 7 න් හෙවත් කුරුදු වත්තෙන් ගෙයක් අරන් එනවා පදිංචියට.


ඊට පස්සෙ ඔය කොළබ සිරිත් සහ ගමේ හිටි අන්දරේලා ඒ වෙනසට මුහුන දෙන ආකරය ලස්සනට හාස්‍ය්යෝත්පාදකව ඉදිරිපත් කරනවා. 

""   අපි යනව නේ ගෙන්දගම් පොලව පාගන්න... හි හි... දෙනවක හාමිනේයි ගීතයි පරණ පාර්ලිමේන්තුවටයි... ගලදාරි එකටයි ඔක්කොටම සාදු සාදු කිය කිය වදිනවා... හික් හික්...

කාර් එකේ වතුර නැතිව නැවතුනාම ජාකෝලියා කොහෙන්ද රා මුට්ටියක් උස්සන් ඇවිත් දානවා කාර් එකට... කාර් එක රුයිතෙ යන්නේ හික් හික්...   ""


මේක 1976 තිර ගත වූ චිත්‍රපටියක්. ප්‍රධාන චරිත


ජෝ අබේව්ක්‍රම ( අන්දරේ )


එඩී ජයමාන්න ( ජාකෝලිස් )


අන්දරේ ගේ අක්කා ( දෙනවක හාමිනේ )


අන්දරේ ගෙ දුව ( ගීතා කුමාරසිංහ )


වගේම ෆ්‍රෙඩී සිල්වා , දයා අල්විස් කියන කලා කරුවොත් දායකත්වය සපයනවා.


සංගීතය මර්සිලීන් ජයකොඩි පියතුමන් සහ සුනිල් ශාන්තයන් ගෙන්...


හි හි බලන්න එපැයි ගීතා කුමාරසිංහ කෙල්ල කාලේ... දැන් කෙල්ලො පරාදයි. අර මිස්ටර් නිරුවස්තරයා ඒකිව භාගෙට නිරුවස්තර කරනවා නොවැ... ( මේ මේ වල් ඒවා නැහ හරිද... ).


ඉස්සර කොලඹ ගැන... ඔය යුරෝපීය සංස්කෘතිය එක්ක වන ගැටීම සහ ඒ ක්‍රම සියුම් විදියට සිනහවට ලක් කරනවා මේ චිත්‍රපටියෙන්.


කැමති කෙනෙක්ට ඔන්න බලන්න පුලුවන්...



http://www.youtube.com/watch?v=yoELhl2KopM


ඔය ලින්ක් එකින් ගියහම අර related videos වල ඉතුරු කොටස් ටික වැටෙනවා.


ඒ එක්කම මේ අඩවියත් සිංහල චිත්‍රපට වලට යම් ආකරයක සේවයක් කරනවා කියලා පිස්සට හිතුනා. ගොහින් බැලුවනම්.


www.films.lk

Thursday, August 26, 2010

රන් තැඹිලි සහ ගොන් තැඹිලි...

Share
අහ් ළමයි කොහොමද... හි හි...

කට්ටියට මතක ඇතිනේ කලින් ලියපු ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන් එක.. බද්දෙවිතාන සර් ගෙ ක්ලාස් එකේ උන සිද්දියක්. මේකත් මේ සර් ගෙ ක්ලාස් එකේම උනු සිද්දියක්. හැබයි ඉතින් මේක ඇවිල්ල අර " ලු " format එකේ කතාවක්. ඒ කියන්නේ අසා දැනගත්.... නොදුටු කතාවක්. හරිනේ...




ඇති දේකුත් නැහ. පොඩිම පොඩි කතාවක්.


සර් ගේ ගාල්ලෙ ක්ලාස් එකේ සෙනග ගැන දන්නවනේ කට්ටිය..  සදර්න් එකේ ලොකු හෝල් එක පුරවලා. ඒත් සමහර දාට ඉඩ මදි උනහම පන්තියේ පැත්තක පන්තියටම අල්ලල හදපු පොඩි පන්ති කාමරයකත් ළමයි ඉද ගන්නවා. මොකද ඉඩ නැති නිසා. පන්තියෙන් පිට හි හි. හැබයි ඕකට මම නම් ආසයි මොකද හුලං පාරක් වැදීගෙන ඉන්න පුලුවන්නේ. ඇතුල ඉතින් තැම්බෙනවා අර මොනාද වගේ. ඕකට සර් කිව්වෙ ධීවර අමාත්‍යාංශය කියලා. හි හි.

අහ් මේ මොනාද මේ කියන්නේ. ඒක මේ මතකය ඇවිස්සිල ලිය වෙච්චි එකක්. ඔන්න ඔහේ දැම්මා... මෙන්න කතාව. 



 
සර් ඉතින් හැමදාම පන්තිය පටන් ගනිද්දි කලින් සතියේ පන්තිය නවත්තපු තැන බලන්න ඔය ඉස්සරහ පේලියේ ඉන්න ළමයෙක්ගේ පොතක් ඉල්ල ගෙන බලනවානේ.
ඉතින් ඔය දවසෙත් සර් ඔහොම පොතක් ඉල්ලලා ඉස්සරහ පේලියේ හිටි කෙල්ලෙක් ගෙන්...

සර් ඉන්නේ ස්ටේජ් එක උඩනේ... ඉතින් පොත ගද්දි නැවෙන්න එපැයි ටිකක්.. ඉතින් සර් නැවිලා පොත ඉල්ල ගනිද්දි පොත දීපු කෙල්ල පොඩි misunderstand පාරක් කරගෙන සර් වැරදි දෙයක් බලන්න හදන්වා කියලා...

මොකක් බලන්න කිව්වා.... ??

ඔහොම අහන්න ඔට්ටු නැහ. ගෑනු ළමයෙක් ගෙන්ම අහගනිල්ල...

ඒ කෙල්ල කරල තියෙන්නේ පොත දෙන ගමන් අනික් අතින් ගවුමෙ කර ප්‍රදේශය.. ( පපුව කියමු ) වහගෙන... දන්නවනේ කෙල්ලොන්ගෙ ඇක්ශන්... මතක් කර ගන්න ඕක සුලබ දෙයක් නේ...
යන්තම් කොට ටී කෑල්ලක් ඇදගෙන ඇවිත් නැවෙද්දි පස්සෙන් අදින්නේ... අන්න ඒකෙ අනික් පැත්ත.

සර් ට ඕකට මළ පැනල.. ඇයි ඉතින් සර් නිකන් වනචරයා කරලනේ ඒකි...

ඒ මළෙන්ම ...

" අනේ තොගේ ගොන් තැඹිලි බලන්න මට ඕනි නැහ මට හොඳ රන් තැඹිලි ගෙඩි දෙකක් ගෙදර තියෙනවා "

කියලා...

මයික් එක ඇතුවද නැතුවද කිව්වෙ දන්නෙ නැහ... මොනා උනත් කෙල්ලට හපොයි මොකට වහ ගත්තද හිතෙන්න ඇති. 



******


ගෑනු ළමයි අවි ආයුධ උස්සගෙන එන්න එපා ඔන්න.... හැමෝටම ඔට්ටු නැහ මේක.

ඒ උනාට ඔය කෙල්ලො යන්තම විලි වැහෙන කෑල්ලක් දාගෙන ඇවිත් නැවෙද්දි අරහෙන් අදිනවා... මෙහෙන් අදිනවා... ඇයි දෙයියනේ හරි හමන් ඇඳුමක් ඇඳන් වරෙන්කො...

මට නම් මළ උපරිම  වෙන්නේ ලංකාවෙ ඉද්දි බස් වල යද්දි... අර පේලි 4 ක් හිටන් යන බස් වල නොගෑවි යන්න බැහ නොවැ. මේ සමහර කෙල්ලො / ගෑනු යන්තම් ගෑවුනත් හැරිල බලයි.. ඔරවයි... ඇයි මම අහන්නේ තේරුම් ගන්න එපැයි ඕනි කමින් තද වෙනවා නෙමේ කියලා. පස්සට උනොත් පස්සෙ ඉන්න මනුස්සය රවයි.
මම නම් මොන තරම් බැරි උනත් ඔය බවලතුන් ඉස්සරහින් / පස්සෙන් නම් හිටන් යන්නෙ නැහ බස් වල.

Monday, August 23, 2010

අමරසිරි පීරිස් සමඟ සුරම්‍ය රාත්‍රිය හා අලුත් තරු ගැන...

Share


පහු ගිය දවසක යූ ට්යුබ් එකේ රවුමක් ගහද්දි හම්බුනා අමරසිරි පීරිස් මහත්මයා සහභාගී වුනු වැඩසටහනක් ජාතික රූපවාහිනියේ. සුරම්‍ය රාත්‍රිය. ඔක්කොම වැඩ පැත්තකින් තියලා ඒක බලන්න සෙට් උනා.
ඇත්තටම අමරසිරි පීරිස් මහත්මයගේ කටහඬ හිතට වදින ගැබුරු කටහඩක් බව අමුතුවෙන් කියන්න ඕනි නැහනේ...

ඒ එක්කම මතක් උනේ පහුගිය දවසක එතුමා මේ රටට ආවා ප්‍රසංගයකට. බලාපොරොත්තු උනාටත් වඩා සෙනඟක් ඇවිත් හිටියා.. සමහරු හිටගෙනත් බැලුවා සල්ලි දීල ඇවිත්. හ්ම්ම් සද්දයක් නෑ එතුමා ගායනා කරද්දි. මට එවෙලෙ හිතුනා මොන තරම් අලුත් කට්ටිය ආවත් මේ ගීත වලට ආදරය කරන පිරිසක් තාමත් ඉන්නවා නේද කියල මේ රටවල උනත්. 



මුලු වැඩසටහම නැතත් ගීතයේ පසුබිම ගැන පොඩි විස්තරයකුත් සමඟ ලස්සන ගීත කීපයක්ම එම ක්ලිප් කීපයේ තියෙනවා.

කියන්න ලැජ්ජ උනත් මම මීට පෙර අසා නැති 


අමරසිරි පීරිස් මහත්මයා මුලින්ම මයික්‍රොපෝනයක් ඉදිරිපිට මුල්ම සරල ගී වැඩසටහනට ගායනා කල " මුදු සිහිල ගලාලා... " ගීතය...

" සඳ රේඛාවෙන් බසින ලියේ...  නූ පුර නොසලා වඩින ලියේ...  " 



ගමට අලුත් පාලමක් පැමිනීමත් සමඟ අසරණ වූ පාලු කරුගේ දුක ගැන කියවෙන " කවුරුවත් නෑ කවුරුවත් නෑ... එගොඩට යන්නට එගොඩට යන්නට... " 


රජ්ජුමාල චිත්‍රපටියේ... " ප්‍රේමයේ මනරම් හැඟුම්... " 


වගේම අපි හුඟ දෙනෙක් අසා ඇති...

ලඳුනේ...

මගේ පුංචි රෝස මලේ..

මලක් උනේ ඇයි නුබ මට..

මිනිසා මරන තුනක් ඇති..

ඔබ ඇපල් මලක් වාගේ..

වළා අතුල සිරියහනේ...

සඳුද අවඩියෙන්..

ඉරි තැලුනු වළා...

ගීත ඒවායේ කෙටි පසුබිම් කතා සමඟ ( 1 ක හෝ 2 ක ඇරුනම ) ඉදිරිපත් කරනවා.


ඒ එක්කම මතක් උනේ පසුගිය දවසක පත්තරේක කියවපු ලිපියක්.

ප්‍රියා සූරියසේන මහත්මයා සංගීත ප්‍රසංගයකට ගියපු වෙලාවක සංවිධායකයෙක් කියලා මේ ගීත ටික නැතුව වෙන ගීත ටිකක් කියන්න කියලා ලිස්ට් එකක් දීල... ඇයි ඇහුවම.. ලඟදි පායපු තරවක් ඒ ගීත ටික කියන නිසාලු.
කොහොමද වැඩේ... අන්තිමට ප්‍රියා සූරියසේන මහත්මයා එයාටම කියල ඉතිරියත් ගායනා කර ගන්න කියලා ඇවිල්ලා...

ලතා වල්පොල මහත්මිය ගේ ගීත ගයන්න එකම විදිකාවෙ එතුමිය වගේ 2 ගුනයක් අය කරන අලුත් තාරකාවියක් ගැනත්..  එම ලිපියෙම තිබුනා.

පැරණි ගායක ගායකාවියන්ගෙ ගීත ගයන අලුත් තරු ගැන ලක්ශ්මන් කොඩිතුවක්කු ලියපු වටිනා ලිපියක්.



මම කියනව විතරනේ...

මෙන්න ඒ ලිපිය කියවන්න පුලුවන් මෙතනින්.

අමරසිරි පීරිස් මහත්මයගේ ගීත වැඩසටහනේ පලමු කොටස පල්ලෙහ තියෙනවා. ඒකට ගියාම ඉතිරි කොටස් ටික වල related videos වැටෙනවා.


සුරම්‍ය රාත්‍රිය 1

පැරණි ගීත ගැන කියද්දි අමතක කරන්න බැරි බ්ලොග් අඩවි කීපයක්ම තියෙනවා...

වැම්පයර් ගේ බ්ලොග් අඩවිය

තිස්ස අයියා ගේ හද රැදි ගී

දුකා අයියගේ නෑසෙන ගී රස



මතක නම් ඔච්චරයි. තව හොඳ අඩවි තියෙනවම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් විදියට දානවනම් පින්.

Thursday, August 19, 2010

සුලෝචනා = කලු කුහරයක් වූ කල උබයි මායි = බේබද්දොද ???

Share


මේක ඇවිල්ල ඇත්ත කතාවක්/ මනංකල්පිතයක් එහෙමත් නැත්තම් මෙලෝ රහක් නැති අනුරු ටිකක් වෙන්න පුලුවන්... කියවල බලපන් ඒ උනාට...
පිස්ස ට හිතෙන ඒවා.


*******************************************


උබත් ආදරය කරපු
මමත් ආදරය කරපු
ඒ කෙල්ල සුලෝචනා
ඇත්තමයි
ඒකිගෙ හිනාව... කඳුල... කතාව... විතරක් නෙමෙයි
ඒකි මතක් උනත් 42 % විස්කි භාගයක් අමුවෙන් ගැහුව වගේ වදිනව...

ඔව් බන් දුක යන්නවත් කතා කරමු

ස්තානය : චීන අවන්හලක්

වට මේසයක් දෙපැත්තෙ උබයි මමයි

නොකැඩූ 42 % විස්කි බෝතලයක්
සෝඩා
මස් තසිමක්
මදිවට ජෝන් සීයත්

හෝරා 2ක් ගතවිය


මාතෘකාව නුඹම විය සුලෝචනා

වට මේසය දෙපැත්තෙ බේබද්දො දෙන්නෙක්

හිස් ව්ස්කි බෝතලයක්
සෝඩ එහෙමම
කටු ගොඩ ගැහුනු හිස් තසිමක්
ජෝන් සීය ගෙ කොට හතර අතේ

හපොයි උබ අපිට කල හදියක් සුලෝචනෝ

අමාරුවෙන් නැගිටගෙන උබයි මායි



" මචන් සුලෝචනා "

" අඩේ සුලෝචනා ඇවිල්ල පසලොස්වක දවසෙ පිපුනු කඩුපුල් මලක් ඇතුලෙ තියෙන ප්‍රෙහෙලිකාවක් "


" හි හි ඒ ප්‍රෙහෙලිකාව පුරවන්න ගිය උබටයි මටයි උනේ
අමාවක දවසක බාඳුරා ගොට්ටක තිබ්බ කලු කුහරෙක හිර වෙන්න "

" හි හි වැඩක් නෑ බන් ඒකි
කලු කුහරයක ඉන්න ප්‍රෙහෙලිකාවක් "

අපි පාරෙ ආව රෝද 3 කට අත දැම්ම



*******************************************
හෝව් හෝව් ළමයි

මේකේ මායි උබයි කියන චරිත 2 මම.. මගෙ යලුවො... දන්න අය.. නොදන්න අය.. බ්ලොග් බලන උබල වෙන්න පුලුවන්...

එතකොට සුලෝචනා.. හිතට ආව මනංකල්පිත නමක්.. ඒත් ජීවත්වන චරිතයක් අප අතරේ

මෙලෝ රහක් නෑ කියල හිතෙනවනම් කියපල්ල. මොකද මටයි ඌටයි හිතෙන්නෙ එහෙමයි





*******************************************


නොලියූ දෙබස

" මෙලෝ රහක් නෑ බන් "
" ඔව් බන් "

" මේ ඒකි ලස්සනයි නේ මචන් "
" ඔව් බන් නියම කෙල්ල.. "

" දුක තමා බන් "
" හ්ම්ම් උබට මතකද....    "


ආයෙමත් සුලෝචනා..


*******************************************

මේක ඇවිල්ල මේ " පලංචියේ ලී ඉරුවේ " " කෙලෙසද කිව මැන සිපගත් දෑතට " " බිතු සිටුවම් රූ මෙන් දිලෙනා " ටයිප් කතාවක් නෙමෙයි. මේක් ඇවිල්ලා සම්මත ලෝකේ අසම්මත නොවූ කතාවක්.

42 % විස්කියක් නැහනේ ගෙදර පලාතේ චික්. 


කලින් පෝස්ට් එකෙත් කියන්න බැරි උනා.. පූසන්ගෙ අඩවිය හරහා කොමෙන්ට් වල අකුරු ලොකු කරන හැටි කියල දුන් නිදහස් සිතුවිලි ලියන රන්දිල් අක්කාට ස්තුතියි....

Tuesday, August 17, 2010

ස්කෝලෙන් පැනල ගිය හැටි... ගැන එක කතාවක්.

Share
මේකත් මේ ස්කෝලේ කාලේ කතාවක්. කාලෙකින් ලිව්වෙත් නැහනේ එකක්. ලියන්න හිතෙන්නෙ නැහ අප්පා ස්කෝලෙ කාලේ ගැන.... දුකයි. කමක් නෑ... මේකත් මේ පැනල යන සීන් එකක්.

වනියව දන්නවනේ... දන්නෙ නැති අය "වනි***** අද එකද ??? බින්දුවද ?? තිතද ?? " බලන්නකෝ.. ඉතින් දවසක් වනියයි... මායි... ගයානුයි පැනල යන්න සෙට් වුනා.


ඒ දවස් වල ස්කෝලෙට පොත් 1 ක් නැත්තම් 2 යි ගේන්නේ... ඒ උනාට ගයානයයි මායි දෙන්නම බෑග් දෙකක් එල්ලගෙන තමා ආවෙ. ඒ කාලේ ආවෙ පොඩි ෆැශන් පාරක් ඔය බෑග් එක්ක. ඒවට ගැලපෙන පොඩි බෑග් අයිටම් දෙකක් තිබ්බ අපි දෙන්නට.



ඉතින් අපි හැමදාම වගේ පැනල යන පොට් එකෙන් තමයි පැනල යන්න තීරනය කලේ... පොට් එක ගැන කියනවනම් ඔන්න අමාරුවෙන් ඇන්දා... බලන්නකො....


පිස්සා කොරේ චිත්‍ර නොවැ ඒ කාලේ. හික් හික් හිතා ගත හැකිනේ නිර්මානශීලිත්වය.

කොහොමින් හරි... ඔය කොළ පාට රවුම ගහක්. ඔය ගහට නැගල ගහෙන් තාප්පෙට නැගලා තාප්පෙන් පැනල තමයි අපි යන්නේ. ඒ කාලේ දැන් වගේ නෙමෙයි නේ. ඕනිම හුට්ටප්පරයකට ෆිට් ඇගවල් නේ තිබ්බේ.... තාප්ප තැමිබිලි ගස් මොනවද හික් හික්.. ඒකට දැන්. හපොයි.... 


ඒ ඇරුනම හැඩ වැඩ වෙන්න පොඩි කන්නාඩියක් එහෙමත් ඔය පරණ විදුහල්පති කාර්යාලය පිටිපස්සෙ අපි හයි කරන් හිටියා. ටැප් එකක් එහෙමත් තිබ්බා මූන හෝදල ලෑස්ති වෙන්න. ස්කෝලෙ ඇරුනම එතන බියුටි කචල් ලෝකයක්. හි හි.


පනින්න එහෙම කිසි අවුලක් නැහ. කවර් වෙලා හැම අතින්ම. ප්‍රයිමරියේ ටීචර්ස් ල දැක්කත් නොදැක්ක වගේ නේ ඉන්නේ ඒ කාලේ. දකින්නෙත් නැහ ඉතින් පිහිටීමෙ හැටියට.

සොරි සොරි කතාව දික් ගැස්සුනා.  ඉතින් ඔන්න එදා අපි පනින්න ලෑස්ති වෙලා බෑග් ප්‍රශ්නෙ නිසා... මායි ගයානුයි වනියට බෑග් දෙක දුන්නා.(  ඌ බෑග් තියා පොතක් වත් ගෙනාවෙ නැහ.. උගේ පොත් ඔක්කොම පන්තියෙ තියල නේ යන්නේ හික් හික් )

මොකද අපේ පන්ති ඉස්සරහින් නොවැ යන්න ඕනි. කවුරු හරි දැක්කොත් ලෙඩක් නේ.. ඒක නිසා බෑග් දෙක ඌ අතේ යවල අපි දෙන්න පස්සෙ ශේප් වෙන්න හිටියේ.


සීන් එක කියන්නේ අපි යන්න සෙට් වෙද්දිම අපේ පන්තියට ආව සර් කෙනෙක් මොකක්ද ඔය නෝටිස් ඉලව්වකුත් සෙට් කරන්... ඊලඟට ගයාන්ලගෙ පන්තිය... ඒ හින්දා කරුමේ = වෙලාව නිසාම ඔන්න අපිට පරක්කු උනා පනින්න...

ඔන්න ඉතින් සර් නෝටිස් එක දීල පන්ති 2න්  ගියා විතරයි අපි එලියට බැස්සා... මෙන්න බොලේ කොල්ලො සෙට් එකක් පෝලිම් කරන් අර ප්‍රයිමරිය පැත්තෙන් අපේ වයිස් ප්‍රින්සිපල් සර් කෙනෙක් එනවා. අර " හු** කව්ද කුනුහර්ප කියන්නේ " ඇහුවේ... ඒ සර්ම තමා. 


ටික වෙලාවකින් වනියත් එනවා අත් දෙක වන වන... අපේ බෑග් 2 කට වෙච්චි දේකුත් නැහ...

" වනියෝ... කො බන් බෑග් 2 ? "

" ඒ බන් මාර සීන් එකනේ.... මම බෑග් දෙකත් අරන් ශේප් වෙද්දි සර් ලගේ ටොයිලට් එක ගාවින් මට පොඩි බට ගඳක් ආව බන්.. "

" ඉතින්... කෝ බොල බෑග් දෙක ? " ගයාන් පිස්සු අහනව ඒ අස්සේ...

" අහපන්කෝ...  කෝකටත් කියල මම බෑග් දෙකත් අරන් ටොයිලට් එකට ගිහින් ඇතුලේ ඉන්නේ කවුද ශුවර් නැති නිසා බෑග් දෙක ටොයිලට් එකේ තියල බොලාට කියන්න එලියට ආවා... "



" මොකද බන් බෑග් දෙක ටොයිලට් එකේ ?? තොට මොන්ගල්ද බන් ?? "

ගයාන්ටයි මටයි මළ හොඳම එකෙන් පැන්න... ඇයි ඉතින් අපේ චූකිරි මලු දෙක නොවැ...

" අහපල්ලා වේ***යනේ.... "

ඌට තද වෙලා...

" මම ටොයිලට් එකේ දොරේ එල්ලල ආවේ... "

" කියපන් ඉතින්... "

" මම එලියට එද්දි මෙන්න බන් ********* සර් එතන... " 



" ඌද බටේ ගහල තියෙන්නේ.... ? "

" ඔව් ඔව් බන්... බටේ නෙමෙයි අහපන්කෝ... ඒ එක්කම අර වාචාලය පැන්නනේ බන් තාප්පෙන් ස්කෝලෙ ඇතුලට... "

" හුටා... ඌ කොහේ ගිහින්ද ? "

" අහපන්කෝ... මෙන්න පෝලිමට සෙට් එක ස්කෝලේ ඇතුලට පනිනවා.... පනින පනින එකා අරූ බෙල්ලෙන් අල්ලන් පැත්තකින් තියනවා සද්දෙ වහන්න කියලා... "



සීන් එක කොල්ලො සෙට් එකක් ඉන්ටර්වල් එකේ ස්කෝලෙන් පැනල ආයේ උන් ස්කෝලෙට පනිද්දි තමා සර් ට අහුවෙලා තියෙන්නේ.... ඉතින් සර් අහල මුන්ගෙන්...

" කොහෙද තමුසෙලා ගියේ ? "

" අනේ සර් කාල එන්න ගියා.... "

" ඇයි මිනිහෝ කැන්ටින් එකේ කෑම තියෙන්නේ... "



" අනේ සර් එකේ කෑම වගේ නෙමෙයි... පල්ලෙහ කඩේ රුපියක් 10 ට ලොකු රෝල් එකක් දෙනව සර්.... බඩ පිරෙන්න.... "

වාචලයා සර් ව ලස්සනට අන්දනවලු...

" අහ් කමක් නෑ... පොලිම හැදිල යමු මගේ ඔෆිස් එක ගාවට... "

හොඳම් සීන් එක... ඊට පස්සෙ පොර මෙච්චර වෙලා සිප් එක උස්ස උස්ස හිටි වනියට කතා කරලා...

" මේ තමුන් දැක්කද බෑග් දෙකකුත් අරන් මෙතනින් එකෙක් යනව ? "



" අනේ නෑ සර්.... "

" තමුන් දැක්කේ නෑ.... දැන් මෙතනින් ගියානේ එකෙක් බෑග් දෙකත් අරන්..... ? තමුන් මොකද කරේ මෙතන.... ? "

" සර් මගේ බඩ පොඩ්ඩක් රිදෙන්න අරන් මේ ටොයිලට් එකට ගියා.... "

" හ්ම්ම්... යනවා යනවා... පන්තියට එහෙනම්... "

සර් හොරාගෙ අම්මගෙන් නේ පේන අහල තියෙන්නේ... උගෙන් ෆුල් සීන් එකම අහගෙන ඊලගට පන්ති චෙක් කරයිදෝ කියන සැකයත් පැත්තක තියල අපි පැනල ගියා ආදරේ නාමෙන් හික් හික්.

කතාව පොඩ්ඩක් ගතියක් නැති උනා වගේ ලියද්දි... සොරි වෙන්න ඕනි ළමයි... පොඩි අංශයක් එක්ක කපුගේ මහත්මය එක්ක තනි උනු වෙලාවක මතක් උනු සිදුවීමක්.

Sunday, August 15, 2010

එළවලු... කඩ කෑම... රම්‍ය නගරය සහ වන්නි වන පෙතේ... එක්ක ( අපි ) .

Share


අද උදේ පත්තරෙ දැකපු පුවතක් නිසා තමයි ලියන්න හිතුනේ මේවගේ සටහනක්. පුවත කෙටියෙන් කිව්වොත්... මේ සීතල රටේ හුඟක් ප්‍රසිද්ද වෙලඳ සැල් වල විකුනන්න තියෙන එළවලු මාස 6 - 8 ක් අතර පරන ඒවා කියල හොයා ගෙන. අධි ශීතකරන වල කල් තබා ගෙන තමයි ලු විකුනන්නේ.

ඒ දුරට හිතද්දි මට හිතුනේ ලංකාවෙ මිනිස්සු මොන තරම් වාසනාවන්තද කියලා. ඒක අපිට තේරෙන්නෙ නැහ..  මේ රට වල් වල මිනිස්සු " ෆ්‍රෙශ් ( fresh ) එහෙමත් නැත්තම් ඔර්ගනික් ( organic ) " එළවලු වලට මොන තරම් මිලක් ගෙවනවද.. ඒත් කොච්චර ෆ්‍රෙශ් කිව්වත් මාසයක් වත් පරන ඇති මම හිතන්නේ. 



ඒත් ලංකාවෙ ගමක කඩයක... පොළක.. එහෙමත් නැත්තම් ටවුමෙ මාර්කට් එකේ විකුනන එළවලු උපරිම දවසක් 2 ක් පරන ඇති. ඒවා මොන තරම් නැවුම්ද කියල අපිට තේරෙන්නෙ නැහනේ.

ඒ දවස් වල අපේ ගෙදර තාත්ත වවල ඔය බන්ඩක්කා.. වම්බටු.. පතෝල මැස්සකුත්  තිබ්බා. ඒත් මළාට කන්නෙ නැහනේ ඒ කාලේ. අම්මගෙන් බැනුම් ඉතින්... " බෙහෙත් නැති ගෙදර වවපු දෙයක් කන්නෙ නැහ " කියලා. ඒත් ඒවයේ අගයක් දැනුනෙ නැහ.

කෙසෙල් කැන් ඔහේ නරක් වෙවී ගියා කන්නෙත් නෑ ඒ කාලේ. යාලුවො ආව වෙලේක ඇදල දැම්මොත් මිසක් ඉන්නකොට කන්න හිතෙන්නෙ නැහ.
ඒත් දැන් මෙලෝ රහක් නැති බෙහෙත් ගහපු කෙසෙල් සල්ලි දීල අරන් කනවා. 



මේ ලඟදි මම ටිකක් හරි අඩුවෙන් අලුත් එළාවලු ටිකක් ගන්න චීන කඩේකට ගියා. ගස්ලබු ( පැපොල් ) තියෙනවා. ගෙඩියක් $ 9 ක්. ආසාවනේ අරන් ආවා. මෙලෝ රහක් නැහ. මට මතක් උනේ ඉස්සර ගහෙන් කඩලා එවෙලෙම කපල ඇටත් අයින් කරල අතටම ගෙනත් දුන්නමත් කන්නෙ එක පලුවක් උපරිම. බැනුම් අහ අහ ඉන්නවා ඒ කන්නෙ නැහ. දැන් මතක් වෙද්දි දුකේ බැහ.


පොස්ට් එක ට්‍රැක් එක පැනල වගේද මන්ද... කමක් නැහ.

ඉස්සර ගෙදර ඉන්න දවස් වලට අපේ අම්මා උනුවෙන්ම කෑම උයලා ලිපෙන් බාන්නත් කලින් බෙදල දෙනවා.. පව කියන්නේ කන්නෙ නැහනේ.

" අනේ අම්මේ මේ ගිනි රස්නෙ කන්න බැහ " කියල ඉන්නවා.

ඒත් දැන් උනු බත් කටක් උනු අලුතින් උයපු එළවලු ටිකක් එක්ක කන්න වෙන්නෙ සතියකට කී දවසද. දවස් ගානකට උයප ෆ්‍රිජ් එකේ දැම්මම ඕක අරන් රත් කර කර කනව මිසක්. මෙලෝ රහක් නැහ මට එහෙම. ඒත් වෙලාවක් හදා ගන්න අමාරුයි දිනපතා වේල් 2 -3 ක් උයන්න. අනේ ඇත්තමයි අපේ අම්මල රස්සාවල් එක්ක කොහොම කරාද හිතෙනවා.



දැන් කාලයත් එක්ක ලංකාවෙ උනත් දේවල් වෙනස් වෙනවා... අපේ අම්මල පොඩි කාලේ... මීටත් වඩා ජීවිතය විඳින්න ඇති.
මට මතකයි අපේ ආත්තම්මලහ තිබ්බා හුඟක් කෑම ජාති වතෙම වවලා.

කුලුබඩු ජාති... ගොරක.. කරාබු නැටි... කරපිංචා... කුරුඳු... ඉඟුරු... ඔය ජාති ඔක්කොම වවල තිබ්බා.

ඒත් දැන් ඔක්කොම කඩෙන්.... බඩගින්නක් ආවම ඔය අහුවෙන ෆාස්ට් ෆුඩ් ප්ලේස් එකකින් මොනා හරි ඇදල දානවා. තෙල් විමාන. බඩගින්න නම් නැති වෙනවා. නිරෝගී කමට බඩු හම්බෙනවා. 


කාලය එක්ක හුඟක් දේවල් එක්කම අපේ ජීවිතත් මහ මොනවද වෙලා.

ඔක්කොමත් එක්ක මතක් උනා සින්දු දෙකක්...

එකක් කපුගේ මහත්මයගේ " රම්‍ය නගරය.. "

රම්‍ය නගරය යන්න ඕනෑ...
රම්‍ය නගරය ඉන්න ඕනෑ කිය කියා එනවා...
ඉඩම් විකුනා ගෙවල් අරගෙන කොලඹ අපි එනවා....

ගමේ කුම්බුරේ වී හාල් ටික
පලා මැල්ලුම් පොලොස් ගැට ටික
කොලඹදී අපි මුදල් දී ගෙන රටට ණය වෙනවා...

රම්‍ය නගරය...

දරන්නට බැරි බර කරින් ගෙන
කියන්නට බැරි දුක් සිතින් ගෙන
වතුර ටිකටත් මුදල් ගෙව ගෙව
රටට ණය වෙනවා...
කොලඹ අපි එනවා...

රම්‍ය නගරය...


අනික් ගීතය තමා සුනිල් එදිරිසිංහ මහත්මයගේ... " වන්නි වන පෙතේ "

වන්නි වන පෙතේ...
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ
වෙසතුරු සදිසි පියවරු
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්... //

කන්ට බෑ කියා තනියම
එන්ට යැයි කියා ගමටම
බත් මුලක් නිතර දන් දුන්
පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිදියි නගරය අසල දූ පුතුන්...

වන්නි වන...

කල්ප කාලයක් පරපුර දුන්න දරු ඇතත්
හිතතුල මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෙඔ දුකින්...

වන්නි වන...


මේ සින්දු දෙක ඇහුවම අපි ගැනම හිතෙන්නෙ පුදුම දුකක්. අපිට මෙහෙමවත් කියන්න පොඩි කාලේ හරි ජීවිතයක් තිබ්බා. ඒත් අපේ පොඩි උන්ට... ??? උන් හිරකාරයො වගේ නේද ජීවත් වෙන්න වෙන්නෙ.... පර්චස් 10 ක හිර වෙලා... උන් හිතාවි එළවලු.. පලතුරු වැවෙන්නෙ ෆ්‍රිජ් එකේ එහෙමත් නැත්තම් සුපර් මාර්කට් එකේ කියලා...

අපිත් පව්. උනුත් පව්. කියන්න දේවල් ගොඩ... ඒත් මේ ගීත දෙක ඒ හැම දේම ගොනු කරලා කියනවා.


ගීත දෙක අහන්න...  


" රම්‍ය නගරය.. " 

" වන්නි වන පෙතේ "

Saturday, August 14, 2010

මහින්ද විජේසේකර සහ පින් පව්.

Share


2009 අකුරැස්සේදි උනු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සුවය ලබන හිටපු ඇමතිතුමා බලන්න ජනාදිපතිතුමා ගිය වෙලාවක ගනිපු සේයාරුවක්.
අසරණ උන මනුස්සයෙක්ට මඩ ගහන්නවත්... දේශපාලන පක්ශ වලට කඩේ යන්නවත් නෙමෙයි... ඒත් මේ චායා රූ පෙල දුටු විට මට හිතුනේ ජීවිතෙ හැටි නේද මේ කියල..

අපි කවුරුත් දන්න දකුණු පළාතේ හිටපු දේශපාලකයකු තමයි මහින්ද විජේසේකර කියන්නේ. දන්නෝ දන්නවා ඇති ඔහුගේ කල් ක්‍රියාව. හොඳ වැඩ කරන්න ඇති... ඒත් මහින්ද විජේසේකර කියන චරිතේ චන්ඩි කම් මැර කම් වලින් පිරිච්ච දේශපාලන චරිතයක්. ඒත් ඒ චන්ඩියා... හයි කාරයා.. ඇමතිතුමා අද... ??

අනේ කොහොම හිටි කෙනෙක්ද කියල හිතෙනව නේද...

මේක හොඳ උදා හරනයක් ඔය නොමැරෙනවා කියාල හිතල ජනතාවගේ... රටේ සල්ලි විනාශ කරල.. හොරකම් කරල සුර සැප විඳින නායකයන්ට.



මිනිස්සුන්ගෙ චන්දෙන්ම පත්වෙලා මිනිස්සුන්ටම පහර දෙන... මිනිස්සුන්ගෙම සල්ලි හොරකම් කරන... බලය අයුතු ලෙස යොදා ගන්නා... කොටින්ම තමන් දෙවියන්ටත් ඉහලින් කියල හිතාගෙන උඩ පනින මැර ඇමතිලා හොර දේශපාලුවන් ඔක්කොටම වගේම අපි හැමෝටමත් හොඳ පාඩමක් ජීවිතේ ගැන. 


රජ කම් කලත් කල කම් පල දෙනවා කියන සත්‍යය ට මේ එක් උදාහරනයක් පමනයි... අතීතය දිහා බලද්දි උදාහරන අනන්ත...
මෑත කාලයේ උනු සක්විති සිද්දිය උනත් හොඳ උදාහරනයක්.

මේ ලෝකෙ හොඳ නරක කියල දෙයක් තියෙන බවට... ඒවා ඒ ඒ විදියට අපිටම ආයෙ ලැබෙන බවටත්... කර්මය කියන දෙයක් තියෙන බවටත් මතක් කරන් ජීවත් වෙන්න හොඳ උදා හරනයක්.

මහින්ද විජේසේකර මහතාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.

Tuesday, August 10, 2010

රෑ තිස්සෙ පොල් ගනන් කරන්න තොට පිස්සුද ? 15 + කතාවක් ( ද මන්ද.. )

Share


ලියන්නත් දෙයක් නැහ... ඒ උනාට ලියන්නත් එපැයි. චුට්ටිම චුට්ටි කතාවක් ලියල දාන්නම්... මේක ඉතින් ඇත්ත නැත්ත නම් දන්නෙ නැහ. ඔය 10 - 11 වසර වලදි ඔය කතාව උනු එකාම තමා කියල තියෙන්නේ... පස්සෙ ඉතින් ආරංචිය ආව හැමෝටම.


මේක ඔය 15+ වගේ කතාවක්ද මන්ද... පිස්සු... මොන 15 + ද... දැන් නම් 10 + ද මන්ද... කොම හරි... ඔය සිංහලන් කියන්නේ ස්ව‍යං වින්දනය... එහෙමත් නැත්තම් masturbation කියන්නේ. අන්න ඒක ගැන සීන් 2ක් තමා...


මෙන්නො මූ මොනවද මේ ලියන්නේ ?? ඔව්වා වානා... ඇයි බොලන් කොරන්න හොඳනම් කියන්න නාකද ? කියවන්නයි කිව්වෙ.... කැමතිනම් හික් හික්.

පොඩි ළමයි ඉන්නවනම්... ක්ලෝස් කරපිය දැන්මම මේ පිටුව. හි හි

ඔන්න මේකයි... ඇති දේකුත් නැහ. අපේ කොලුවෙක් ඔන්න දවසක් රෑ තිස්සෙ පාඩම් කරලා මහන්සි ත් එක්ක නිසා පොඩ්ඩක් හිතිලා අර කලින් කිව්ව වින්දනය ගන්න... එහෙම හිතල කොලුවා කාමරේ ලයිට් එකත් ඕෆ් කරලා ( කරුමෙට කාමරේ දොරක් නැහ... ඒත් මහ රෑ ඔක්කොම නිදිනේ.. ඌ එහෙම හිතලා )


උගේ වචනෙන්ම කියනවනම්


" රෙද්ද දාගෙන මුලු ඇඟම වැහෙන්න ලයිට් එකත් ඕෆ් කරලා ඇස් දෙකත් වහගෙන හීන ලෝකයක් මවා ගෙන වැඩේ කොරන්  ගිහිල්ලා... " ඔන්න ඉතින්  වැඩේ මොකක්ද අහන්න  අහන්න බැහ.... 

කොහොම හරි වැඩේ ඉවර වෙලා ඇස් දෙක ඇරල රෙද්ද පොඩ්ඩක් එහාට කරල බලද්දි...


කාමරේ ලයිට් එකත් දාලලු.... මේස උඩ උනු තේ කෝප්පයක් දුම් දම දම තියෙනවලු...
හික් හික්...
කතාව ආරම්භය ඔය ඇස් වහන් හිටි එකාගෙන්ම තමා...  ඇත්ත නැත්ත ඌම තමා දන්නේ...


ඔන්න කතා අංක 2.


කොල්ලෙක්.. ඒත් ඔය අපේ එකෙක් තමා... රෑ ඔක්කොම නිදා ගත්තට පස්සෙ හීනයක් දැකලද මන්ද ෆොර්ම් වෙලා ඉන්නම බැරි තැන... කෝකටත් වැඩි පරෙස්සමට කියලා ඇඳ යටට ගිහිල්ලා... හික් හික්...


සීන් එක මගක් යද්දි ඌටත් සිහියක් නැතිවද මන්දා සද්දයක් ඇවිල්ලද මන්ද.. උන්ගෙ තාත්ත ඇවිල්ලා...


" පුතා... ?? ලොකු පුතා... "


මූ ඇඳ යට ඉදන් ඔලුව දාලා...


" මොනාද මිනිහෝ මේ මහ රෑ ඇඳ යට කරන්නේ ? "


" අහ් නෑ මේ.. තාත්තේ මම මේ පොල් ගනන් කරා "


" උබට පිස්සුද මේ මහ රෑ පොල් ගනන් කරන්න... "


කියල උන්ගෙ තාත්ත මාරු වෙලා... තාත්ත පුතා ගෙ අපහසු තාවය තේරුම් අරන් වෙන්න ඕනි හික් හික්...


ළමයි මේ නොතේරෙන ළමයි නොතේරෙන විදියට ඉන්නව මිසක් ප්‍රශ්න අහන්න ඔට්ටු නැහ.
Related Posts with Thumbnails