Wednesday, March 24, 2010

Akon ට වීස නොදීම

Share



Akon ට විසා නොදෙන්න ආන්ඩුව තීරනය කරල තියෙනව කියල පත්තරෙ දැක්ක.


ඔය ගැන ඉතින් වාද විවාද මෙ බ්ලොග් අවකාශයෙත් තිබුනනේ. අන්තිමට ඉතින් දැන් ඔක කරන්නෙ නැති තැනට තමා කටයුතු සිද්ද වෙලා තියෙන්නෙ.


ඇත්තටම අපෙ රටට අඩු මේ වගේ සුපිරි මිලක් අය කරන බටහිර ගායකෙයෙක්ද ?


එදා වේල කන නැතිව ජීවත් වෙන්න අපා දුක් විදින මිනිස්සු ඉන්න රටක මේ වගෙ සැනකෙලි පවත්වන එකද වෙන්න ඔනි ???


මන් අහපු විදියට එක ticket එකක් 2500 - 10000 වෙනකම් මිලකට තම අලෙවි වෙන්නෙ.
අපේ රටෙ මොනා කිව්වත් රුපියල් 5000 පඩියට වෙඩ කරන කොල්ලො කෙල්ලො ඔනි තරම් ඉන්නව. යන්තම් බඩට කාල. බහුතරයක් එහෙමයි.
එහෙම රටකට ඔයවගෙ දෙයක් අවශ්ය නැහ කියල තම මට හිතෙන්නෙ.


බුද්දාගමට අගව්‍රව කලා කියන එක තම ප්‍රදානම හේතුව විදියට අපෙ මිනිස්සු අරන් තියෙන්නේ. ඒත් ඒ ඇරුනම මේ වගෙ ගායකෙයුකට මෙච්චර ලොකු මුදලක් ගෙවන්න අපි පොහොසත්ද කියන ප්‍රශ්නෙ එනව.


හැබයි බුද්දාගමට අගව්‍රවයක් කල මිනිස්සු මෙ රටට ආව... එන්න හදපු පලවෙනි වතාව නෙමෙයි මේක...
බුද්දගමට අගව්‍රව් කරපු නිර්මාන මෙ රටෙ නාලික වල විකශනය උනා මීට පෙරත්..


අවස්තාවෙන් ප්‍රයොජන අරන් ආගම මුලට දාල පටු දෙශපාලන වාසි ගන්න හදන බවක් තම පේන්න තියෙන්නෙ දැන් අහන දකින් දෙවල් වලින්.


උදහරනයක් විදියට සිරසට පහර දීම.


ඒක ඉතින් අපෙ රටට අමුතු දෙයකුත් නෙමේ.. බොර දියේ මාලු බාන්න දක්ශය්නෙ අපෙ මිනිස්සු.


මොනව උනත් ට Akon වීස නොදෙන්න ගත්තු තීරනය ගැන නම් මට සතුටුයි.

12 comments:

  1. සංගීත තියලා සංචාරකයෝ ලංකාවට ගෙන්න ගත්තෝතින් මල කෙලියනේ වෙන්නේ. උන් ඇවිලා අපේ තියන කෑම ටිකත් කාල යනවා.

    ReplyDelete
  2. මචන් ලන්කාවට සංචාරකයො ආවෙ හින්ද නෙමෙයි. අපෙ රටට සන්චාරකයො ගෙන්න ගන්න බටහිර ගායකයො ගෙනල්ල සන්ගීත සන්දර්ශන තියන්න ඕනි කියන තරම් අපි වැටිලද ???

    අපෙ රට සන්චාරකයො ආවෙ අපේ රටේ ලස්සනට... පැරනි තැන් බලන්න... ලාංකීය සංස්කෘතිය මිසක් බටහිර දෙවල් බලන්න නෙමෙයි සන්චාරකයො එන්නෙ. akon බලන්න උන්ට එහෙ ඉදන්ම පුලුවන්.

    ReplyDelete
  3. ‘‘ ලංකාව බෞද්ධයන්ගේ රටක් ප‍්‍රසිද්ධියේ බුදු දහමට නිගා වන මෙවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට කිසිදු ආයතනයකට සාදාචාරාත්මක අයිතියක් නැහැ. බුද්ධ ප‍්‍රතිමාවන් මත නග්න කාන්තාවන් නංවා තම ගීතයට රැප රචනා කරන ඒකෝන් වැනි බටහිර සංස්කෘතිය කර පින්නා ගත්තවුන්ට අපේ රටේ
    බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීමට කිසිසේත් අප ඉඩ නොදිය යුතුය.’’ යනුවෙන් ෆේස්බුක් සාමාජිකයෙක් වූ මාලක රන්ජීව මෙම එක් ෆේස්බුක් පිටුවක ලියා තිබුණේය.

    oya ponnaya awoth uwa balanna yana ponnayo tikai ponniyo tikai uth ekkama yawanna ona uge...ka lewa kanna

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. අපේ රටේ එවුනටත් ඉතින් පිටින් මොකෙක් හරි ආවොත් ඊට වැඩිය දෙයක් නෑ මොකටද ඕකුන් මෙහෙට ගෙන්නලා ...අපට නොතේරෙන්න සිංදුටිකක් කියල යයි අපේ නට්ටො/නැට්ටිච්චියොත් බාගෙට ඇදුම් ඇඳගෙන ගිහින් අරුං ගහන පදේට නටනව...සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්න උන්...ඔය පඩත්තරයව නැවැත්වීම සම්බන්දව රජයට ස්තුති වන්ත වෙන් ඕන!

    ReplyDelete
  6. ඔය යකාට වීසා නොදෙන එකයි... සිරසට ගහපු එකයි... ඉතාම හොඳයි... එසේම තමා කළ යුත්තේ...
    අනිවාර්යයෙන් මාස තුනකට වරක් සිරසට පහර දීමක් සිදු කළ යුතුයැයි මම යොජනා කරමි.
    අපේ මේ රට,ජාතිය, ආගම යන මේ තුනම කන්නේ මොවුන් තමා...

    ReplyDelete
  7. නමක් නැති යාලුවට : ඔය කියන්න හදන දෙය පැහදිලි මදි. ඔය ඔබගෙ අදහසක්ද නැත්නම් වෙන කෙනෙකුගෙ අදහසක් මෙතන පල කලාද ?


    තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි : ඔව්. සල්ලි වලට කරන්න දෙයක් නැති කෙනෙක්ට ඇරෙන්න මද්යම පාන්තිකයෙක්ට ඔය සන්දර්ශනයට මුදල් ගෙවන්න අමාරුයි.

    මේ තරම් ආර්තික අපහසු තාවයකින් ඉන්න මිනිස්සු ඉන රටේ ඔය වගෙ දෙයක් අවශ්ය නැහ කියන එක තමා මමත් අදහස් කලේ


    kumaraya : නොගෙන්වපු එක හොද දෙයක් උනත් සිරසට පහරදීම අනුමත කරන්න බැහ මිත්‍රයා. මාද්ය නිදහස කියන දේ තියෙන්න ඔනි කියලයි මම හිතන්නෙ. සිරස කරන හැම දෙයක් ගැනම එකඟ වෙන්න බැහ තමයි. ඒ ගැන රජය නීති මාර්ගයෙන් කටයුතු කරනවම් ඒක වෙනම දෙයක්. හැබයි මෙ වගෙ පහර දීම් නින්දා සහගතයි.

    ReplyDelete
  8. //බටහිර ගායකයො ගෙනල්ල සන්ගීත සන්දර්ශන තියන්න ඕනි කියන තරම් අපි වැටිලද ???//
    ඔව්. ඒතරම්ට විතරක් නොවෙයී, ගෑණු වලංහෝදන්න පිටරට යවන්න තරමට අපි වැටිලා.

    //අපෙ රට සන්චාරකයො ආවෙ අපේ රටේ ලස්සනට.//
    ලස්සන බල්ලන්නනම් රූපවාහින්යෙන් බලන්න පුලුවන්. සංචාරය කරන්න අත්දැකීමට. යූද්ද තියන රටක් කියල ප්‍රසිද්ද වෙච්ච රට, දැන් සාමකාමීයී කියලා පෙන්නන්න නැටුම් ගැයූම් වලට වෙන හොද දෙයක් තියෙනවාද?

    අපිට තියෙන පුරස්නෙ, ඒකෝන් වගේ නට්ටෙක් නැත්තම්, පරණ වැඩ නැනි සංගීත කංඩායමක් නැත්තම්, වෙන අය ලංකාට එන්න කැමති නැහැ. U2 වගේ කංඩායමක් ගෙන්න ගන්න පුලුවන් නම් ඒකෝන් නට්ටා අපිට වැඩක් නැහැ.

    අපි ඒකොන් නැට්ටට ගහනකොට, සිංගප්පූරුව අසියාවෙ ලොකුම සූදු පොල අරිණවා. අපි සිංගප්පූරුව දිහා බලාගෙන කහට කෝප්පෙත් එක්ක අල්ලට සීනි කකා, රුපියල් පන්දාගේ පඩිය ගැන කිය කියා හූල්ලනවා.

    ReplyDelete
  9. kolu : ලන්කාවෙ ගැහනු වලන් හොදන්න යනව තමා.. ආර්තිකය නැති වෙන්න වැටිල තමයි. ඒත් ලන්කාවට akon ආව කියල ආර්තිකයට වෙන සෙතක් තියෙනවද ???
    ලන්කාවෙ සංචාරක කර්මාන්තය රදිල තියෙන්නෙ akon මතද ?? බටහිර සන්දර්ශන උඩද ??

    අපෙ රට සංචාරක පාරදීසයක් උනේ බටහිර ගායකයො නිසා නෙම්යි.

    ගෙ සන්දර්ශනය බලන්න යන හුගාක් අය අපෙ මිනිස්සු. රටෙ සල්ලි ටික එලියට යෑමක් විතරයි ඒකෙන් වෙන්නේ.

    මම කියන්නෙ නැහ කොලු හැම දෙකටම තන්චි දාන්න ඔනි කියලා.
    මම අදහස් කලේ මේ සන්දර්ශනය ගැන විතරයි.

    ReplyDelete
  10. මම මෙතන එකොන් ගැන තක්සේරු කරන්නේ නැ.නමුත් මම හිතන්නේ මේ සිද්ධිය ලොකු දෙයක් කර ගැනිම තුලින් ලංකාවේ රජය පිලිබද අන්තර්ජාතික ප්‍රජාව තුල තියෙන අදහස තහවුරු කිරීමක් වෙනවා කියලා. මේ සිද්ධියට රජය මැදිහත් නොවෙන්නයි තිබුනේ.නමුත් ජනතාවක් වශයෙන් සාමකාමි විරෝධයක් දක්වන්න තිබුනා.

    ReplyDelete
  11. ජනතාව විරුද්ද උනත් අවසන් තීරනය ගන්න වෙන්නේ රජයටනෙ මචන්. ඔව් ඔබ කියන දෙයි පොඩි ඇත්තක් තියෙනව තමයි

    ReplyDelete
  12. ඈත්තටම මේක ට සිරස කිව්වට ඔවුන් කලේ මාධ්‍ය අනුග්‍රහය පමනයි ඔවුන් දුන්නේ කියලා උන් තමයි කෑපිටල් මහා රාජා ඒකේ අන්ග්‍රහයෙන් මේක කරනවා කියල උන්ගේම බොරු ෆස්ට් වලින් ම ප්‍රචාරය කලේ ඊට කලින්.

    ReplyDelete

Related Posts with Thumbnails