Thursday, March 11, 2010

තාත්ත... දෙවිවරු පරදා ඔබ මට සැනසුම සැදුවා මගෙ තාත්තා

Share

පිලේ පැදුර එකේ තාත්ත ගැන පොස්ට් දැක්ක්ම තමා මට මේක ලියන්න හිතුනෙ...

අද මම සීතල රටක තනිවෙලා... අම්මයි තාත්තයි ලංකාවෙ...  ඇත්තටම අපි පව් කරල වෙන්නැති දෙමව්පියො දාල මෙහෙම එන්න ඕනි උනේ.

කොහොම හරි... මන් පොඩි කාලේ ඒ කියන්නෙ 6 වසර විතර වෙනකල් මම තාත්ත ගාව තම හිටියෙ... යම් යම් හේතු නිසා අම්ම ලංකාවෙ එක කෙලවරක රස්සාව කරද්දි තාත්තට අනික් කෙලවරෙ තමා රස්සාව කරන්න සිද්ද උනෙ.

අම්ම නම් හිටියෙ අම්මලගෙ මහ ගෙදර... ගාල්ලේ. ඒත් ඉගෙන ගන්න ස්කෝල ප්‍රශ්න නිසාද මන්ද මම තාත්ත ගාව හිටියා.

ඉස්සර තාත්තට තිබුනෙ නිකන් බයිසිකලයක් විතරයි. මම 4 වසරෙදි තමා තාත්ත මොටො බයික් එකක් ගත්තෙ. කොහොම හරි ඉතින් මන් 4 වසර වෙනකල් තාත්ත මාව අර බයිසිකලෙ තියාගෙන උදේ ස්කොලෙට පාගනවා.


අපේ ගෙදර ඉදන් ස්කොලෙට මන් හිතන්නෙ 5ක්ම් විතර තිබුනා. තාත්ත ත් වැඩ කලෙ ගුරුවරයෙක් හැටියට. ඒත් තාත්තලගෙ ස්කොලෙ තිබුනෙ ගෙදර ඉදන් අනිත් පැත්තට තව කිලෝ මීටර 4 ක් විතර ඈතින්. ඉතින් උදේ මාව ස්කොලෙට දාල අනිත් පැත්තට තාත්ත ස්කොලෙ යනව.

වැඩට යන්නෙ කිලෝ මීටර 14 ක් ක් විතර බයිසිකලෙ පාගල තමා.

තාත්ත මන් ස්කෝලෙ අරෙන වෙලාවට තමා එයගෙ ෆ්‍රී පීරියඩ් හදාගෙන තිබුනෙ. 1 2 3 වසර වලදි කලින් ස්කෝලෙ ඇරෙනවනේ... ඉතින් ආයෙම කිලෝ මීටර 9 ක් විතර පාගගෙන ඇවිත් මාවත් අරන් ගෙදර දාල අයෙම යනව ස්කොලෙට. හ්ම්ම්..... දැන් නම් මතක් වෙනකොටත් මගෙ පපුව මොකක්ද වෙනවා....



මොන තරම් දුකක් මහන්සියක් ද උනේ අපි වෙනුවෙන් කියල.... කිලෝ මීටර 18 ක් ක් විතර පැදල ස්කොලෙ ගිහින් අයෙ ස්කොලෙ ඇරිලා ගෙදර එන්නෙ...
 ඒ පළාතේ තිබුන කාලගුනයත් එක්ක ඒ කෙරුවාව කල හැටි හිතා ගන්නත් බෑ...

දවසකට ඉතින් කිලෝ මීටර 35 ක්වත්  බයිසිකලෙ පාගනව හ්ම්ම්... මට නම් හිතා ගන්නවත් බැහ තාත්ත මන් වෙනුවෙන් විදපු දුක.

කොහොම හරි මන් 6 වසරෙදි අම්ම ගාවට ආව... තාත්තටත් මාරුවක් ලබුන.

ඊට පස්සෙ අපි පොඩි ගෙයක් හදන්න ගත්තා... ඒ කාලෙත් තාත්ත මොට බයික් එක තියල නිකන් පාගන බයික් එකෙ වැඩට ගියෙ... මට හිතුන මොන පිස්සුවක් ද මෙ කියල...

ඒත් පස්සෙ කාලෙක තමා තෙරුනෙ සල්ලි ඉතුරු කරන්න තමයි එහෙම දුක් වින්දෙ කියලා...

ගේ හදද්දිත් තාත්ත නිවාඩු හැම දවසකම ඒ වෙනුවෙන් මහන්සි උනා.. ගොලයො වෙනුවට වැඩ කලා... තාත්තට සල්ලි නැතුව නෙමෙ... අපි වෙනුවෙන් ඉතුරු කරන්න..

කවමදාවත් අපි ඉල්ලපු දෙයක් අරන් නොදී ඉදල නැහ..

සැර කරන්නෙ.. ගුටි දෙන්නෙ ස්කොලෙ වැඩ කරන්නෙ නැති උනාම තමා. මට මතකයි දවසක් මන් මොකක් හරි වැරද්දකට තාත්තගෙන් ගුටි කාල නිද ගත්ත.
මට ඇහරෙද්දි තාත්ත මගෙ පිට අත ගානව... අස් දෙකෙ කදුලු... " මට දුක හිතුන පුතෙ " කියල කිව්ව... හ්ම්ම්ම්....

උසස් පෙළ කරන්න ආවම මට කැගහුවෙ පාඩම් අතපසු කරනවට විතරයි.

කෙල්ලොන්ගෙ හුට පට... ස්කොලෙන් පනින ඒව... රස්තියදු ගහන ඒව... හැම දෙයක්ම තාත්ත දැනන් හිටිය කියල මන් පස්සෙ දන්නෙ. ඒත් කවදාවත් බැන්නෙ නැහ.

මන් උසස් පෙළ ඉවර උනහම තාත්ත වාහනයක් අර ගත්ත. එයාට ඒ වෙද්දිත් ඩ්‍රයිවින් බැහ. එත් මට පුලුවන් නිසා අරන් පරිස්සමට පදින්න කිව්ව...

දවසක් මන් අරක්කු බීල අහු උනාම... කෑගහල බැන්නෙ නැහ.
මොනදේ කරත් ඉතින් තමන් ගෙ සීමාව.. තමන් කවුද කියල දැනගෙන කරන්න කිව්ව විතරයි.

පස්සෙ ඔක්කොම දාල රට එන්න හදද්දි තාත්ත කැමති උනෙ නැහ.. එහෙ හොදට ඉගෙන ගන්න කියල තමා කිව්වෙ. ඒත් පවට පින් දෙන්න බැහනෙ.

අන්තිමට තාත්ත කොහෙද තිබ්බ ඉඩමක් විකුනල සල්ලි දුන්න...

අද ඉතින් මන් එයාලට කරදරයක් නැතිව ඉන්නව තාම. ඒත්... එදා තාත්ත කීව දේ අහල ලංකවෙ ඉදල ඉගෙන ගත්තනම් කියලත් වෙලාවකට හිතෙනව.

මට හැමතිස්සෙම මතක් වෙන්නෙ.. රොමෙශ් ගෙ සින්දුව..

දෙවිවරු පරදා ඔබ මට සැනසුම සැදුවා මගෙ තාත්තා.

ඔබට දීර්ගායුශ පතනව තාත්තෙ.

ලියන්න නම් දේවල් අනන්තය් තාත්ත ගැන.... ඒත් දැන් ලියන්න හිතෙන්නෙ නැහ. දුක හිතෙනවා... එ නිසා ඇති...

15 comments:

  1. පිය ගුණ ගැන කියලා ඉවර කරන්න බෑ සහෝ..

    ReplyDelete
  2. මුළු සක්වළම පීරුවත් මාපිය සෙනෙහස තරම් වටිනා දෙයක් හමු වේ ද?

    "දරු දුක උහුළා තනිව වැළපෙනා බුදුබව ලබනා පියවරු වෙසෙනා.."
    (http://www.youtube.com/watch?v=jA3XfXdZx8I)

    ReplyDelete
  3. ඔයා සිංහලද? දෙමළද? නැත්නම්..??
    ඔයාගේ අදහස් ගොඩක් ලස්සනයි.. සිංහල තව හදාගන්න උත්සහ කරන්න. ඉංග්‍රීසි අපේ නොවුනත් සිංහල අපේ නේද?

    ReplyDelete
  4. මිස්සක : ඔව් මචන්. ස්තුතිය් කොමෙන්ට් එකට

    මධුර විජයකොන් : ඔව් මචන්. ස්තුතිය් කොමෙන්ට් එකට... වගෙම සින්දුවටත්. ලස්සන සින්දුවක් මචන් කලින් අහල නැහ.

    සංජු : හෙහෙ.. ඒ තරම්ම නරකද මගේ සිංහල ? මන් දෙමල නෙමෙ. ඒත් මට මේ උනිකොඩ් තවම හුරු නැහ. තව කෙනෙකුත් කිව්ව මට ඔකම. මන් උත්සහ ගන්නම් තව හදා ගන්න.
    බොහොම ස්තුතිය් කොමෙන්ට් එකට.

    ReplyDelete
  5. මගේ ඇස් දෙකටත් කදුලු පිරුන සහොදරය,
    nice writing. keep it up...!

    ReplyDelete
  6. බොහොම ස්තුතියි කොමෙන්ට් එකට මිත්‍රයා

    ReplyDelete
  7. හැඟුම්බර කතාවක්. ඒක ඇත්ත සැබෑ මවකගෙ පියෙකුගෙ සෙනෙහස අනන්තයි. ඒ වගේම ඒ සෙනෙහස හැඳිනගත් උඹ වගේ දරුවොත් මේ මහපොළොවට සම්පතක් මල්ලි.

    ReplyDelete
  8. කවදහරි ඔයත් ඔයාගේ තාත්ත වගේම තාත්ත කෙනෙක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  9. මචං .... මට ලියන්න බැරි වුන හුඟක් දේවල් උඹ ලියලා.
    අපිට ලබන ආත්මෙදි නම් මෙහෙම වෙන්න එපා කියල පතමු මචං...

    ReplyDelete
  10. poornaloka : ඔව් අයිය.. මව් පිය සෙනෙහස ගැන කියල නිම කරන්න බැහනෙ... බොහොම ස්තුතියි කොමෙන්ට් එකට.

    ``` පිටස්තරයා``` : බොහොම ස්තුතියි

    උන්නැහේ : ඔව් මචන්... එහෙම පතමු. උබගෙ පොස්ට් එකින් තමා මට හිතුනෙ මේක ලියන්න. බොහොම ස්තුතියි කොමෙන්ට් එකට.

    ReplyDelete
  11. දෙමව්පියෝ ලංකාවේ ඉන්නැද්දී පිටරටක ඉන්න අපි හැමෝගෙම හදවතේ කොනක හිරකරගෙන ඉන්න වේදනාවක් උඩට ඇදලා ගත්ත අපූරුව...

    මගේ තාත්තාත් මාව එක්කාගෙන ගියේ bike එකෙන්...වහින දවස් වලට මම තාත්තාගේ rain coat එකට cover වෙනවා...තාත්තා වැස්සෙම තෙමීගෙන bike එක පැදගෙන යනවා...මෙහෙම කරන්න වුනේ car එකක් ගන්නෙ නැතුව ඒ සල්ලි වලින් මාව කොලබ ඉස්කෝලෙකට යවන්න තාත්තා තීරණය කරපු නිසයි...

    ReplyDelete
  12. දෙමව්පියො ලමයින්ගේ සතුට වෙනුවෙන් තමන්ගෙ සතුට පරිත්යාග කරල... මොන තරම් දුක් විදිනවද...
    බොහොමත්ම ස්තුතිය් කොමෙන්ට් එකට.

    ReplyDelete
  13. පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී...

    ReplyDelete
  14. ඒ ආදරේ... තාත්ත කෙනෙක් ගෙ.. අම්ම කෙනෙක් ගෙ... කියන්න වචන නැහ බන්.

    ReplyDelete
  15. මටත් සංවේදී මතකයන් ගොඩක් තියනවා...

    ReplyDelete

Related Posts with Thumbnails