Monday, March 22, 2010

කෙහෙල් ගහට ඇන්න අපෙ එකා...

Share
මේක මේ අපේ යාලුවෙක්ට හුඟ කාලෙකට කලින් උනු සිද්දියක්. ඉස්කොලෙ යන කාලෙ වගේ.

කෙටියි සරලයි.

ඔය ස්කොලේ කාලෙදි කොල්ලො ඉතින් කෙල්ලොන්ට පාරෙදි බස් එකෙදි එහෙම විහිලු කරනවනෙ... ඉතින් ඔහොම කරන්න ගිහින් තමා මේක වුනේ.

අපේ යාලුව තව යාලුවෙක් එක්ක පාරෙ යන ගමන් කෙල්ලො 2ක් ඇවිල්ල තිනව ඉස්සරහට... කෙල්ලො දෙන්න කුඩ දෙකකුත් ඉහලන් ඇවිල්ල තියෙන්නෙ මූටත් කට තියන් ඉන්න බැරුව..

" අහ් නන්ගි අව්ව සැරද ? "

අහල...

එක කෙල්ලෙක් ගත් කටටම

" ඇය් මොක්ද බස්සන්නද අහන්නේ ? "

මූ එක පාර හොල්මන් වෙලා.. අහල

" මොකක්ද ? "

අර කෙල්ල

" අනෙ පල ***** යන්න " 


කියල ගිහින්...

බැලින්නම් වැල්ලෙ කෙල්ලො 2ක්.... උන්ට ගානක් නැහනෙ... අපේ එකා එදායින් පස්සෙ විහිලු කලේ නෙ කෙල්ලොන්ට

13 comments:

  1. හිකිස් ඇත්ත කියපන් උබට නේද ඔක උනේ?

    ReplyDelete
  2. වැඩේ පළවෙනි කොමෙන්ට්ටුවෙන්ම මාට්ටු හූ...... හූ...... මේක උඔට වෙච්ච එකක් තමා නේද? ඔය අපේ වැප්ට දිවැස් තියෙනවා කියලා ඔයා දන්නෑද්ද? :D

    ReplyDelete
  3. වැලි කන්න හිතෙන්න ඇති උඹේ යාලුවට.

    ReplyDelete
  4. :D

    කමක් නෑ මචං. අපි කාටවත් කියන්න යන්නේ නෑ. ඕනෙනම් බ්ලොග් එකේ වෙනම පෝස්ට් එකක් දානවා.

    බුදු අම්මෝ, මීට පස්සේ නම් උප්පැන්නේ බලලා තමයි විහිළු කරන්න ඕනෙ. කෙල්ලෝ දැන් හැදිලා වැඩී...

    ReplyDelete
  5. කොල්ලො කෙල්ලන්ට පාට් දානකොට කොලු කම, කෙල්ලො ඒවට උත්තර දුන්නහම කෙල්ලනගෙ පන්ඩිතකම. නැත්තම් වැල්ලේ.

    මගේ යාලුවෙක් වතාවක් කීවා, බස් එකෙ ගියෝතින් හැමදාම ජැක් එකක් වදිනවාමයී කියල. අන්තිමට බැරි තැන යතුරු කට්ටක් අරගෙන ගිහිල්ල ජැක් ගහන අයීයලාට ඇන්නා කියලා. අපේ අයීයලා හැසිරෙන්න එහම උනාට සංස්කුර්තිය ගැන අපි කතාකරන්නෙ නම් හරියට කිරි කලෙන් නාන උදවිය වාගේ.

    ReplyDelete
  6. වැප් : හික් හික්... නැහ බන්. මට නෙමෙ... මට උනා නම් කියනවනෙ මට කියල... දැන් ඕව ගානක් නැහ බන් කියන එක...

    බුද්ධි : එහෙමත් එකක් ද ?? දැන ගත්තු එක හොදයි හික් හික්... :D නැහ මචන්... මට නෙමෙ...

    Raven : අපි ඉතින් වැඩේ වෙඩිය නොන්ඩි කලේ නැහ. ඒත් ඊට පස්සෙ ඕවට නැහ කොල්ල...

    ReplyDelete
  7. මිස්සක : කාට කියන්නද බන් උබලට ඇරෙන්න... දාපන් දාපන් බලන්න උබලට උන ඒවත් එහෙනම් :D

    දැන් නම් මචන් උප්පැන්නෙ නෙමෙ අයෙඩෙන්ටියත් බලපන්... දැන් කෙල්ලො මීට අන්තයි. ඔය මචන් මීට අවුරුදු 7-8 කට කලින්....


    kolu : නැහ නැහ මචන්. මම කිව්වෙ ඇත්තටම. අපි පස්සෙ දන්නෙ කෙල්ල ස්ටන්ඩ් එකේ ඉන්න හොදම පොරකගෙ නන්ගි කෙනෙක්. උන්ගෙ සෙට් එකම වැල්ලෙ සෙට් එකක්.
    පහත් කරල කතා කිරීමක් නෙමෙයි මචන්. උන්ට දන්නෙ එකෙක් වැරදිලවත් මොකුත් කියන් නැහ. ඒකයි...

    උබ කියන කතාවෙ ඇත්තක් නැත්තෙ නැහ. ඒත් විහිලුවක් කරන එකෙයි ජැක් ගහන එකේ ලොකු වෙනසක් තියෙනව නෙ මචන්.

    ජැක් ගහන එකනම් අනුමත කරන්න බැහ තමයි.

    ReplyDelete
  8. ඕක ඔහොම තමයි බං අපිට වෙච්ච දේවලුත් අපි කියන්නෙ දන්න කියන එකෙකුට වෙච්ච විදියට තමයි උඹ විතරක් නෙවෙයි.. හික්.හික්..

    ReplyDelete
  9. ``` Outsider``` : හික් හික්... නැහ බන් සිරාවටම මට උනු දෙයක් නෙමෙයි.

    ReplyDelete
  10. මටත් පරණ දේවල් මතක් වෙනව උඹේ පෝස්ට් එක දැක්කම... හික් හික්!!

    ReplyDelete
  11. හික් හික්. උබෙ බ්ලොග් එක මම අනිවා බලන එකක්. උබත් ලියපන් ඒ වගේ සිද්දි පට්ට.

    ReplyDelete
  12. මේක නං උඹට වෙච්ච සීන් එකක්.. අනිවා!!

    ReplyDelete
  13. ඕකනේ බන් කියන්නේ... උබල එක්ක බැහනේ. හි හි මට නෙමෙයි බොල.

    ReplyDelete

Related Posts with Thumbnails