Thursday, March 25, 2010

මූනුපොතෙන් පින්තූර ඉස්සීම.... සහ Interenet privacy

Share


එලකිරි අඩවියේ මේ දවස් වල උනුසුම් කතාවක් වෙල තියෙන SL CHICKS කියන thread එක ගැන මට හිතුන දෙයක් තමා මේක.
ඔය එකේ තියෙන්නෙ ලන්කාවේ ගෑනු ලමයිනෙගෙ පින්තුර... ගොඩාක්ම ඉතින් ඔය පාර්ටි වලදි මුහුදු වෙරල්වල් වල එහෙමත් නැත්නම් ට්‍රිප් එහෙකදි ගනිපු පින්තූර තමයි.


හැබයි ඉතින් ඕනි කෙනෙකුට පැහදිලියි මේව මේ කාගෙවත් අවසරයකින් තොරව පල කරපු ඒව බව.


මන් හිතන සහ කොම්මෙන්ට් වල දැකපු විදියට ඔය පින්තුර මූනු පොතෙන ( facebook ) හැබයි ඔය thread එක අද ඊයෙ එකක් නම් නෙමෙයි. හුඟ කාලෙක ඉදන් ඔකෙ ලන්කවෙ ගැහනු ලමයින්ගෙ පින්තූර අවසරයකින් තොරව දාල තිබුනා.
ගින්න පත්තු වෙලා තියෙන්නෙ එලකිරි එකේම පැරනි සාමජිකයන් දෙන්නෙකුගෙ පින්තූර කවුරු හරි කෙනෙක් මූනු පොතෙන් අරන් ඔය thread එකේ දැම්මට පස්සෙ.


දැන් තමයි කට්ටියට පෙනිල තියෙන්නෙ හරි වැරද.. දැන් හූ ගාල ඒ thread එකට විරුද්දව කල්ලි ගැහිල.


** උන්ට අඩ නිරුවත්ව ඉන්න හොද නම්... facebook එකේ දානින හොදනම් අපි එලකිරි එකේ දැමමම මොකද ???


** අනුන්ගෙ ඒව අවසරයකින් තොරව දාන එක වැරදියි.


ප්‍රදාන මත දෙකක්.
මම ඒ ගැන අදහස් දැක්වන්න නෙමෙයි යන්නේ. ඒත් මූනු පොතෙ ( facebook ) අපි අපෙ පුද්ගලිකත්වය ඕනිවටත් වඩා එලි කරනවද කියන එක ගැටලුවක්.


facebook privacy settings හදන්න පුලුවන් තමයි. එහෙම හදල තන දන්න කියන අය විතරක් ඇඩ් කලාම ගැටලුව ඉවරයි කියන්න පුලුවන්. ඒත් එතකොට කොහොමද මේ වගේ පින්තූර එලියට එන්නෙ ???


1. නන්නදුනන කට්ටිය තම්න්ගෙ මූනු පොතට ඇඩ් කිරීම.


2. privacy හරියට හදන්නෙ නැති කම.


3. යහලුවො කියල හිතන හතුරො.

අපි හුඟාක් දෙනා අද මූනු පොතේ ඉන්නවා. අපෙ පව්ද්ගලික විස්තර... පින්තූර... කරන කියන දෙවල් ඔක්කොම මූනු පොතෙ දානවා. ඇත්තටම ඒක මොන තරම් ආරක්ශාකාරීද කියන ගැටලුව දැන් ඇති වෙනවා.

ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනවා....

12 comments:

  1. ලංකාවේ මිනිස්සුන්ගේ facebook භාවිතය නම් ගන්න දෙයක් නෑ තමයි. ඕනෙ එකයි එපා එකයි ඔක්කොම දානවා facebook එකට. privacy ගැන මෙලෝ තැකීමක් නෑ.

    අනිත් අතට ලංකාවේ ලොකුම ෆෝරම් එක වශයෙන්, වැඩිම පිරිසක් ගැවසෙන ෆෝරම් එක වශයෙන් එලකිරි ෆෝරම් එක මැනේජ් කරන අය උනත් ඔයිට වඩා සැලකිලිමත් උනානම් හොඳයි කියලා හිතෙනවා. මොකද මේවයින් සවුත්තු වෙන්නේ සයිට් එකේ නම නිසා. මේ තේ‍රඩ් එකේ මුල්ම පෝස්ට් එකේ GTRZ දීපු පිලිතුර බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=464248
    මෙහෙම උත්තර දෙන මොඩරේටර් කෙනෙක් ගැන කවර කතාද?

    ReplyDelete
  2. ඔව්. privacy ගැන ගොඩාක් අයට අවබොදයක් නැහ තමයි. ඒකෙන් තමා මේ වගෙ දෙවල් වෙන්නෙ.

    එලකිරි එක හුඟාක් හොද සයිට් එකක් ඉස්සර. හුඟක් හොද මෙම්බර්ස් ල හිටියා. දැන් නම් ඉතින් කියන්න වෙන්නෙ චාටර් කියල තමයි.

    අඩ නිරුවත් ගැහනු පින්තූර ඇරුනම වැදගත් thread එකක් දකින්න හරිම අමාරුයි.


    හ්ම්ම් GTRZ දීපු උත්තරය නම් පිලිගන්න බැහ තමයි.නිකන් ඉස්සර Lich කතා කලා වගෙයි.

    everything has it is own dead ends.

    ReplyDelete
  3. යකෝ එලකිරි එකටනේ ශ්‍රි ලංකාවේ පේස් බුක් අයිතිය. තියෙන්නේ එක නිසා උන් එහෙම කතා පටන් අරගෙන හැමෝම මොකද කියවන්නේ කියලා බලනවා ඇති අනිවාරයෙන්ම

    ReplyDelete
  4. මචන් උබ කියන දෙය පැහදිලි නැහ

    ReplyDelete
  5. මම නම් ඔය facebook එක්ක ගණු දෙනු නතරම කරලා දැනට මාස 6ක් විතර වෙනවා මචං. ඕක මට නම් දිරවන්නෙම නෑ. අප්පිරියයි

    ReplyDelete
  6. මමත් හිතුව මචන්.. ඒත් ස්කොලෙ යාලුවො.. ලන්කවෙ යාලුවො එක්ක සම්බන්දය තියා ගන්න ලේසිම විදිය ඒක නෙ මචන්.
    ඇත්තටම මට නම් ඒක කරන්න අමාරුයි.

    සතුටුයි උඹ ගැන. මමත් ලන්කාවෙ ඉන්නවනම් ඕකට මේ තරම් ඇබ්බැහි වෙන්නෙ නැහ.

    ReplyDelete
  7. මොනවා උනත් හොරවැඩ හොදම නැත..........

    ReplyDelete
  8. ලංකාවෙ ගොඩකට ඉන්ටර්නෙට් කිව්වොත් ෆේස්බුක් එකෙන් තොර ලෝකයක් නෑනේ.අපේ සමහර කෙල්ලෝ ලැබ් එකේ ලෙක්චර්ස් අතරෙත් ෆේස්බුක් රිංගනවා මම අනන්තවත් දැකලා තියනවා.

    ReplyDelete
  9. ඉලංදාරියා : ඔව් මචන්.. ඔව්ව පල දෙනව

    තීර්ථ යාත්‍රිකයා : ඉස්සර හයි ෆ්යි එක වගෙ දැන් මූනු පොත. ඕනිම දේකට සීමාවක් තියෙන්න ඔනි. මූනු පොත නරක නැහ. ඒත් ඒක හරි යට පාවිච්චි කරන්නෙ නැති එක තමා වරද.

    ReplyDelete
  10. පරන කුනු ගොඩවල් අවුස්සනව නෙමෙයි... එක පාරක් මගේ යෙහෙලියන් දෙන්නෙක්ගෙ ෆොටෝස් දාලා ත්‍රෙඩ් එකක් ඇරල තිබ්බා මෙන්න බඩු කියලා ලියලා. ඒක දැක්කහම මගේ ඇඟේ මාලු නටන්න පටන් ගත්තා ඇඩ්මින්ලට පැමිනිලි කලා... ඒ ගොල්ලො ඒ ත්‍රෙඩ් එක ඩිලීට් කලා...
    මුහුනු පොත භාවිතය හොඳයි... නමුත් ප්‍රයිවසි සෙටින්ග්ස් ගැන් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ...

    ReplyDelete
  11. ඔව්.. මූනු පොත බාවිතය නරකක් නැහ. සීමාවක් ඇතුව හැබයි.
    ඔය වගේ දේවල් දැන් හුඟක් වෙනව එලකිරියෙත්. ඒවට ඇඩ්මින්ල කරන දෙයක් පේන්න නම් නැහ.

    ReplyDelete
  12. ලෝකෙට කියන්න ඕන දේවල් සහ කියන්න අවශ්‍ය නැති දේවල් වෙන්කරගන්න අවශයයි.

    ReplyDelete

Related Posts with Thumbnails