Sunday, March 28, 2010

මාර්කට් ( market ) වෙන ගැමිකම

Share
අද මූනු පොතේ දැකපු පොටො එකක් සහ තිබුනු කොම්මෙන්ට් එකක් දැකල තමයි මේක ලියන්න හිතුනේ.

මෙන්න පොටො එක.




ලස්සනට මාර්කට් කරල නේ.


දැන් ලන්කාවේ හොදට මාර්කට් කරන්න පුලුවන් දෙවල් වලින් එකක් තමයි ඔය ගැමිකම... අපේකම කියන එක. මට හිතෙන සහ තේරෙන විදියට.

පහුගිය පාර මම ලන්කාවට ගිය වෙලේ ඔය වගේ කෑම කඩ කීපයක්ම දැක්ක. ඔක්කොම නම් නම් මතක නැහ. ඒත් මතක නම්

කැලය
වලඳ
කුස්සිය

කියන නම්.

දැන් මොස්තරයද මන්ද අලුතින් දාන කෑම කඩබ්වල පිටින් මැටි ගහල පොල් අතු ටිකක් ලී කොට ටිකක් තියල... අනේ මන්ද ඉතින්..
පිලිවෙලකට ලස්සනට ගමේ විදියට කෑම දෙන තැන් නැත්තෙ නැහ. ඒත් හුගක් යන්නෙ පිට ඔපේ තමයි.

රජ බොජුන් පත්තෙ ගියොත් රෙද්ද හට්ටෙ අදපු නංගිලත් ඉන්නව. ජීවිතෙට රෙද්දක් හැට්ටයක් ඇදපු නැති බටහිරට සාදු කියන නොනල ගිහින් ගැමිකම ලොකුවට රස විදිනවා.


‍යටට අදින ජන්ගිය.. සනීපාරක්ශක තුවයෙ ඉදන් ආදරය... ආගම පවා මාර්කට් කරන කාලෙක ඔය වගේ දෙවල් වල වැරද්දක් නම් කියන්න බැහ.

අනික දැන් ගමක වත් මැටි කඩයක්.. පොල් අතු ගෙයක් දකින්න අමාරුයි. ගමක් නැහ ඇත්තටම. හැම දෙයක්ම නාගරීකරනය වෙලා. එහෙම එකේ මෙහෙම හරි ගැමිකම පෙන්නන එක හොදයි ඉතින්.

මීට අවුරුදු 10 - 15 කට කලින් තිබුනු ගමට වඩා  අද මොන තරම් වෙනස්ද ?

අද හුගාක් ජීවිත බිත්ති 4 ට කොටු වෙලා. ඉස්සර මොන තරම් නිදහසක් හිතවත් කමක් ගම් වල මිනිස්සුන්ට තිබුනද ?

අපි ගැන.. දැන් ඉන්න ලමයි ගැන මට පුදුම දුකක් තියෙන්නෙ. සැප කිය කිය ඇත්තටම අපි දුක් විදිනවද මන්ද ?

ඔය ගැමේ කඩ වලට යන කොලඹ නේනල..
 එහෙමත් නැත්තම් නගර වල ඉන්න ලමයින්ගෙ ස්කොල වල සන්දර්ශන දකිද්දි අන්තිමට මට මතක් උනේ

සුනිල් එදිරිසිංහගෙ " තිරය ඇරෙනවා තිරය වැහෙනවා "  සින්දුව.

13 comments:

  1. මෙහෙමවත් ගැමිකම තියේනං මදෑ...
    අඩු ගානේ කොළඹ පැත්තේ ළමා ලපටින්ට ගමේ තියෙන දේවල් කියලා බලාගන්ටවත් ..

    ReplyDelete
  2. ගැමි කම හොදට market වෙන කාලයක් ලගම එනව.super market වල කොටට ඇදපු ගැහැණු ළමයිනුත් රෙද්ද හැට්ට අන්දවල ආයුබෝවන් කියන්න පුරුදු කරනව.

    ReplyDelete
  3. තමන්ගේ ගෑණිව හරි විකුණල ඉහලට යන්න උත්සාහ කරන මේ කාලේ ඔවත් පුදුමයක්ද ?

    ReplyDelete
  4. යෝගී... : ඒක තමයි මචන් මම කිව්වෙත්... සුනිල් එදිරිසිංහ ගේ සින්දුව මතක් වෙනව් කියල...

    wath : ඒක නම් දැනුත් වෙනවනේ. මට ඇත්තටම ඒක අමතක උනා මේක ලියද්දි. කාර්ගිල්ස් එකේ මම දැකල තියෙනව.

    ත‍රිඳු : සල්ලි නිසා මිනිස්සු බල්ලට ගිහින් මචන්.

    ReplyDelete
  5. කෑම කඩේ පොල් අතු වහල හට්ටි මුට්ටි තියල කෑම දුන්නට ගැමි කමට හානියක් වෙන්නේ නෑනේ..

    ReplyDelete
  6. මම ඒක වැරදියි කිව්වෙ නැහ.

    ReplyDelete
  7. ගැමිකම කියන්නේ වෙන මොකවත් නෙමේ බං.
    සිංහල කම....
    පර භාෂාවට දුන් අල්ලන අපේ ගොන් හරක් මේක හරියට දකින්නේ නැති හැටි....

    /බිඟුවා...!

    ReplyDelete
  8. මේව ඇතුලෙ අපිත් "මාර්කට්" වෙනව

    ReplyDelete
  9. ගැමිකම මාකට් කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ හුඟක් අය ගැමිකමට කැමති නිසයි. ඒකෙ වැරැද්දක් කියන්න බෑ. ගම් නැතිවෙන්න ඉඩහරින එක නම් වැරදියි. (ඒත් ගම්වල අයටත් පාසල්, සෞඛ්‍ය, ප්‍රවාහන, ආර්ථික පහසුකම් නොඅඩුව තියෙන්න ඕනෙ.)

    ReplyDelete
  10. බිඟුවා...! : ඒක නිසාම දැන් ගොඩාක් පරන චාරිත්‍ර එහෙමත් නැති වෙලා ගිහින් තියෙනවා. ඉස්සර අවුරුද්ද කාලෙට වඩා දැන් සෑහෙන වෙනස් නෙ... ඉස්සර තරම් ඒක ලන්කාවෙ ඉන්න අයටවත් දැනෙනෙනේ නේ මන් හිතන්නෙ.

    අතේ තියෙන තුට්ටු දෙකෙන් සාප්පු යන එක තමා අවුරුද්ද දැන්


    නමක් නැති යාලුවට.. ඔව්.. මේ හැම දෙයක්ම ඇතුලෙ අපි මාර්කට් වෙන එක නවත්තන්න අමාරුයි.


    nadeesthoughts : ඒකට මාර්කට් එකක් තියෙන්නේ ඒක දැන් නැති වෙලා ගිහින් නිසා...

    ReplyDelete
  11. කොළඹ රටේ ඉන්න ලොකු මහත්තැන් ගොඩක් දෙනෙක් ගම් වලින් ආපු අය. ඒ අය ගමේ කමට ආසයි ආදරෙයි. ඒක ප්‍රයෝජනයට අරන් මේ කූට වෙළෙන්දො ඔවුන්ව බිලී බාගන්නෙ ඔය විදිහට තමයි.

    ReplyDelete
  12. apinam wasanawannthai api game inne.atha ape lankikathawaya vikinenwa apita balan inna wenwane.aka me duwana samaja weradi

    ReplyDelete
  13. උන්නැහේ : මම නම් හිතන්නේ ආදරේට වඩා ඒක නිකන් මෝස්තරේට කරනව කියල... නිකන් ලොකු කම පෙන්නන්න වගේ.

    kanchana : හැමදෙයක්ම සල්ලි වලින් තීරනය වෙන කාලයක් නෙ මචන්.

    ReplyDelete

Related Posts with Thumbnails