Saturday, March 13, 2010

පොලිසියට පෙට්‍රල් ගහන්න ආධාරයක්.

Share


මේක මේ ලන්කාවට ගිය වෙලාවෙ උනු දෙයක්. අපෙ පොලිසියෙ මහත්තුරු ගැන කතාවක්.


මේකයි කතාව...


අපිට අපේ යාලුවෙක්ගෙ ගෙදර දවල් කෑමකට ආරදනවක් ලැබුනා.. හැටන් වල. අපි ඔක්කොම එහෙ දවල කාල එහෙමම නුවර එලි ගිහිල්ල දවස් 3 ක ගමනක් දාගෙන තිබුනෙ.අනිත් අය ඔක්කොමල කලින් ගිහින් තිබුන.
මමය් මගෙ යාලුවෙකුය් විතරක් වැඩ වගයක් නිසා පරක්කු උනා යන්න.


කොහොම හරි කොලබින් පිටත් වෙද්දිත් 11 ත් පහුවෙලා. ඉතින්  කෑම කෙසෙ වෙතත් ගමන පරක්කු වෙන නිසා අපිත් පාගල ගියා. මම තම ඩ්‍රයිව් කලේ. යාලුවගෙ වාහනේ. ඒක අර mitsubishi pajero IO කියන පොඩි එකක්. යන්නත් පුලුවන් හොදට... අවුල ඉතින් petrol බොනවා.


කොහොම හරි ඉතින් ඔය දවස් වල high speed බලන්නෙත් නැති කතාවක් තිබ්බ නිසා බය නැතිව ගිය. කොහොම හරි අවිස්සාවෙල්ල පහු වෙල ටික දුරක් යද්දි වාහන පොලිමක් තියෙනව... මන් ඉතින් මොන මගුලක්ද කියල දකුනු පත්තෙන් ගියා.
මන් ටිකක් ආසයි දකුනෙන් එලවන්නත්.


කොහොම හරි ඒ ඉස්සරහ කහ ඉරක්. ඒ මදිවට පොලිසියෙ දෙන්නෙකුත් ඉන්නව බයිසිකලෙත් තියාගෙන.


කොහොම හරි ඉතින් කහ ඉරට ඔන්න මෙන්න තියල වමට දාගත්ත... ඒ උනාට ඉතින් වැඩක් නැහ. අත එහෙම දාල නැවත්තුව වාහනේ.


ඉතින් දෙන්නත් එක්ක බැහල බොහොම ගරු සහිතව ගියා ලගට. ඇයි ඉතින් වරද අපේ නේ.


" මොකද මේ කලබලේ ?? "


" නැහ සර්.. මෙ පොඩි කරදරයක් වෙල යාලුවෙකුට.. ඒකය් මෙ ටිකක් ඉක්මනට ආවේ.. "


" ඔහොම ගියහම තමන්ටත් කරදරයක් වෙන්න පුලුවන්නෙ "


දෙන්නම ඉතින් කට පියාගෙන හිටිය...


" කරන්න දෙයක් නැහ... උසාවි දාන්න වෙනව... ලබන බදාදට එන්න පුලුවන්නෙ ? "


ඔය වගෙ දෙයකට උසාවි දානවද කියන එක නම් මන් දන්නෙ නැහ.. එත් වෙලවෙ හැටියට ඔව හිතන්න බැහනෙ. අනික අපෙ ගමනත් අවුල් වෙනව එහෙම උනොත්.


"අනේ සර් අපි **** ඉදන් සර් එන්නේ... එහෙම කරන්න එපා ඉතින් "


" හ්ම්ම්.. ඔය පොඩි කොල්ලො ඔහොම ගිහින් ඇන ගත්තම.. අපිටත් දුකයි...  එහෙනම් ඉතින් දඩ කොලයක් දෙන්නම්... ගෙවල ලයිසන් එක ගන්න. "


එහෙම කියල පොර දඩ පොත අතෙ තියන් ඉන්නව... ලියන්න ඔනෙ කමක් පෙන්නනෙත් නැහ.
අපි ඉතින් කමක් නැහ කියල හිටිය.


ඒ පාරම පොරම කියනවා.. හැබය් ඉතින් ඔයාලට ලයිසන් එක ගන්නත් කරදර වෙන්න වෙනවනේ...


" ඔව් සර් බැරිද සහනයක් කරන්න... "


මෙ මනුස්සය අපිට පුදුම අනුකම්පාවක් නෙ තියෙන්නේ...


" මෙකය් මට යවන්න පුලුවන්. ඔයාල පාඩමක් ඉගෙන ගන්නෙ නැහනෙ. පොඩි කොල්ලො හප්ප ගන්නවනේ ඔහොම ගියහම. "


" හරි එහෙනම් ඉතින් බයිසිකලෙට පෙට්‍රල් ටිකක් ගහ්ගන්න කීයක් හරි දීල යන්න... වාහනේට ගිහින් එන්නකො... "


අපි ඉතින් වාහනෙට ගිහින් ලයිසන් එක ඇතුලෙ රුපියල් 200.00 දාල හිමින් සැරෙ දුන්න මනුස්සයට.
වට පිට බලල ඒකත් අරන් පරිස්සමින් යනව දන්වත් කියල...


අපි එන්න හදද්දි...


" මෙ හිමින් යනව.. ඉසරහ තව ඉන්නව කට්ටිය "


කිව්ව..


ඇත්ත හැබය්. 1 ක්ම් යන්න කලින් මෙ ඉන්නෙ ගහක් අස්සෙ තව දෙන්නෙක්..


මොනව උනත් ඉතින් හොද මනුස්සය... ජරා පප්පෙක් උනාට.


අපිත් වැරදිය් ඉතින්... ඒත් වෙලාවෙ හැටියට කරන්න දෙයකුත් නැහනෙ.

17 comments:

  1. අඩේ දැන් පොලීසියෙ බයික් වලට පෙට්‍රල් ගහන්නෙත් රාලහාමිලා තමන්ගෙ සල්ලි වලින්ද? :D
    අනේ අනිච්චං පොලෝසියට ගිය කල :D

    ReplyDelete
  2. හැමෝම තමන්ගේ වෘත්තියට අමතරව කීයක් හරි හම්බකරන්න බලනවා.
    ඩොක්ටර්ස්ලා ප්‍රයිවට් කරනවා, ගුරැවරැ ටියුෂන් කරනවා, කාර්යාලීය සේවකයෝ ගෙදරට ගිහින් වැඩකරලා හරි කීයක් හරි අමතරව හොයාගන්නවා. වැඩිවෙන වියදම් එක්ක ආදායම් වැඩිකරගන්නත් එපැයි නේද මචං. මම කලින් කිව්ව දේවල් සාධාරණයි නම් ට්‍රැෆික් නිලධාරියෝ ඔහොම හරි පොඩි ගාණක් හොයා ගත්තට ලොකු වැරැද්දක් මම නම් දකින්නේ නෑ.

    High speed කියලා කෙලින්ම ඇල්ලිවේ නැතත්, අපරික්ෂාකාරීව රිය පැදවීම කියලා අල්ලනවා මචං.

    ReplyDelete
  3. හහහ..මරු සිද්දිය..
    මේ ව‍ගේ අද්දැකීමකට මුහුණ දෙන්න උනා මටත් මාවනැල්ල හරියෙදි ඩබල් ඉරි කැපුව කියල.
    මුලදි නම් රාලහාමිල හරි සැර උනා, අකුරට වැඩ කරන පාටක් ෙපන්නුව. ඒත් දඩය ලියන පොත පෙරලල ඒකෙ දිනය එහෙම දැම්මට පස්සෙ උන්දැල හරි හිතවත් උනා.

    මොනව උනත් එදා රු 500ක් දීල ෂේප් වෙන්න ලැබුණා නැත්නම් ඉතින් පන්නිපිටියෙ ඉඳන් අර ඩොටේ යන්න වෙනවනෙ ලයිසම ගන්න.

    ReplyDelete
  4. දකුණින් එලවන එක නම් හොද දෙයක් නෙමෙයි.... ඒකෙන් තදබදය තවත් වැඩි වෙනවා සමහර වෙලාවට.. ඉවසීම තියෙන්න ඕනේ රිය පදවනකොට.... තරහා වෙන්න එපා මෙහෙම කීවට....

    ReplyDelete
  5. මටත් තියෙනවා මේ වගේම අත්දැකීමක්. දවසක් මම BMICH පැත්තෙ ඉදලා එද්දි කොලඹ යුනි එක ගාවදි මාව නවත්තලා පොලිසියෙ මහත්තුරැ දෙන්නෙක් කියාපිකො ලයිටි බලලද ඕයි දාන්නෙ කියලා. බැලින්නම් මුන් කියනවා මං රෙඩ් වැටිලා තියෙද්දිලු ගියේ.(හැබැයි මට පස්සෙන් ආපු ප්‍රාඩෝ එක මෙයාලා දකින්න නැතුව ඇති.) මගේ මදුරැ බයික් එක නවත්තලා මට බැනලා බැනලා දඩ කොලයක් ලියන්න ලෑස්ති උණා. ඇයි හත්වලාමෙ පුදුම කතාව කියන්නෙ අපි දන්න කාලෙ ඉදන් ඔතන ට්‍රැෆික් ලයිට් වැඩ නැහැ. ඒත් ඒවා කතාකරන්නෙ නැතුව මං හැදුවා වැඩේ ගොඩින් බේරගන්න. යන්තම් අමාරැවෙන් කතා කරලා කරලා අන්තිමට ගොඩදාගත්තා ඉතින්. මුන් ඩබල මගෙන් රැ250ක් කඩා ගත්තා. ඔහොම තමයි ලංකාවෙ හැටි.

    ReplyDelete
  6. "යුශ්මතා එල්ල කරන චෝදනාව ඉතා බරපතලයි. තමුන්ගෙන් අල්ලස් ඉල්ලීම ගැන අදාල බලධාරීන් ට පැමිණිලි කලේ නම් නීතිය ක්‍රියාත්මක කළ හැකිව තිබුණි. එ වැනි කිසිත් නොකලා මදිවාට අල්ලසුත් දී මඩත් ගසා ඇති හෙයින් ලබන සැරේ ලංකාවට එනවිට ගුවන් තො‍ටුපලේදීම බෙල්ලෙන්ම අල්ලා ගැනීමට අදාළ අංශ දැනුවත් කර ඇත. "

    කොහොමද මේ වගේ ලියුමක් ගෙදෙට්ට ආවොත් එහෙම...

    ReplyDelete
  7. ඔයා දකුණෙන් නොගිය නම් අවුලක් නෑනෙ. මමත් වේගෙන් යනවා ඒත් අවදානම් ගමන් නෑ. හයියෙන් යන්න පුළුවන් තැන යනවා බැරි තැන ගිහිල්ලා තමනුත් අමාරුවේ වැටිලා තව අයත් අමාරුවේ දාන්න ඕන නෑනේ. පොලිසියත් වැරදිත් ඊට කලින් ඔයා වැරදියි.

    @Chandika
    මේ මේ බොරු කියන්න එපා කොළඹ යුනිය ගාව කලර් ලයිට් එක අපි නම් දන්න දවසේ ඉඳන් වැඩ කරනවා. ඒකට පාරෙ යන හරක් තමයි, ලයිට් එකේ රතු වැටුනමත් අපි ඕනම වෙලාවට අහකට පනින්න සූදානමින් තමයි පාර පනින්න ඕන. ඒ වගේ වෙලාවට අපිටත් මල පනිනවා. ඇයි යකෝ අච්චර ලොකුවට පාර දෙපැත්තෙයි උඩයි රතු ලයිට් තුනක් පත්තු වෙද්දි පේන්නෙ නැද්ද? මේ තරහ වෙන්න එපා නීතියට පාර පනිනකොටත් යට කරගෙන යන්න හැදුවහම තද වෙනව නේද?

    ReplyDelete
  8. ඉන්දරේ | Indranama : ඒක මතක් උනේම නැහනෙ.... හෙහෙ...

    මිස්සක : ඔව් මචන්... කියල ඉරි කපන ඒව එහෙම අල්ලනවා කියල දැනන් හිටියා... අපෙත් වැරද්ද තමා.

    අල්ලස් ගන්න වගේම දෙන එකත් ඉතින් වැරද්දක්. ඒත් ඉතින් හැම දෙයකම දෙපැත්තක් තියෙනව තමා...

    ReplyDelete
  9. Raven : ඕක තමා නෙ මචන් ප්‍රශ්නෙ... කට්ට කන්න බැරි නිසා ඉතින් කීයක් හරි දීල බෙරෙන්නෙ බලන්නේ. පොලිසියෙ අයත් ඒකටම හුරු වෙලා....

    DReeZone : ඒක වැරද්දක් කියල පිලිගන්නව මචන්.. අපි අතේ තමා ඉතින් වැරද්ද...
    මොකට තරහ වෙන්නද මචන් ඇත්ත කිව්වම.

    Chandika @ ..::E-KiCkS::.. : හෙහෙ... ඔය ලොකු වාහන නවත්තනෙ නැහ මචන්. නවත්තල වැඩකුත් නැහ ඉතින්. උන් සද්ද දැම්මම ඔය ට්‍රෆික් ඉන්න පොලිසියෙ අය අසරන වෙනව. මොක්ද ඉතින් නීතියත් බැරි මිනිහට විතරනෙ ලන්කාවෙ.

    ReplyDelete
  10. උන්නැහේ : හෙහෙ... කාල වරෙන්කො කිව්වලු එහෙම උනොත්.

    සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath : ඇත්ත මචන් අපේ අතේ තමා ලොකුම වැරද්ද කියල පිලිගන්නව...



    කොමෙන්ට් කරපු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  11. හික් හික්. සිරාවටම ඕක හැමතැනම දකින්න පුළුවන් ප්‍රසිද්ධ ජරාව ගැනීමේ සිද්ධියක්. මොනවා කරන්නද? මෙයාගෙ පැත්තෙනුත් පොලීසිය පැත්තෙනුත් බැලුවම වැරදියි කියන්න බෑ. ඒත් ජරාව දීම හා ගැනීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්..

    ReplyDelete
  12. ඔව් ඔව් අපිත් වැරදියි තමයි. ඒත් වෙලාවේ හැටියට මොනව කරන්නද මචන්.

    ReplyDelete
  13. අසරණයෙක්ට පිහිට වුණා කියලාවත් හිත හදාගන්න තියෙන්නේ

    ReplyDelete
  14. ඔව් ඔව් එහෙම තමා... පිනට යමක් දුන්නා කියල

    ReplyDelete
  15. නිට්ටඹුව,නයිවල අතර(මිනුවන්ගොඩ පාර) 3වීල් ගරාජක්/;ෂෙඩ් එක/පන්සල,මේ දෙපලේම තනි ඉරක් ඈදි මහපාර ඈත. එළම+ වේන් වු ගොඩම යන ජෝඩු දෙකක් 24 පැයම: තනි ඉර කපපු ගමන් පුදුම ආදරෙන්ම කථා කරන්නේම! පැමිණියොත් බලන්න!

    ReplyDelete
  16. මම මේ පොස්ට් එක කියවද්දියි මතක් උනේ මම මේක මීට කලින් කියවල තියෙනවා. මීට කලින් ඇවිල්ලත් තියෙනවා පාර අමතක වෙලා ඇ වගේ තිබුනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete

Related Posts with Thumbnails