Saturday, April 10, 2010

මට මතක අවුරුද්ද සහ දැන් දකින අවුරුද්ද...

Share


අවුරුද්දත් ලගයි නේ. කොහොමද කට්ටිඅයට් අවුරුදු ? ජයයිද ?
මට නම් මේ පාලු සීතල රටේ මොන අවුරුදුද..

ඇත්තටම ලංකාවෙත් ඉස්සර තරම්ම අවුරුද්ද සමරනවද ???

කොහොම හරි මුදලාලිලා නම් ( ගමේ කඩේ ඉදන් ඔඩෙල් දක්වාම ) අවුරුද්ද ත් මාර්කට් කරල විකුනනවා.

ඉතින් මම මේ කියන්න යන්නෙ මීට අවුරුදු ගානකට කලින් අපේ ආත්තම්මලහ දැකපු අවුරුදු සහ දැන් මම දකින ආත්තම්මලහ දකින අවුරුදු ගැන.
මේක හුඟක් ගෙවල් වලට පොදුයි මම හිතනේ.




මම තාත්තා ගැන ලියපු පොස්ට් එකේ විදියට ඉස්සර අම්ම හිටියේ අම්මලගෙ මහ ගෙදර. ඉතින් හැම අවුරුද්දෙම වගේ අපි නිවාඩු දීපු ගමන් යනව එහේ.

අම්මලගේ පවුලෙ ඔක්කොම ලමයි 8ක්. 5 දෙනෙක් මේ කාලේ වෙද්දි විවාහ වෙලා. ඒ අයගෙ ලමයි හිටියා 10 දෙනෙක් මමත් ඇතුලුව.
( මම කියන්නෙ මම 2 - 5 වසර වගේ කාලෙදි.. ).
ඉතින් අවුරුද්දට මේ ඔක්කොමල මහ ගෙදර එනවා.

ආත්තම්මලහ ගෙදර වගේම වත්තත් මහ විසාලයි.ඉතින් ඔය සෙනඟ එකතු උනහම හිතා ගත හැකිනේ. ගනන් හදල බැලුවම ආත්තම්මයි සීයය් ඇතුලුව 25ක්. හික් හික්.
ඉතින් අවුරුදු ගැන හිතා ගත හැකිනේ.

අපි පොඩි උන් නම් ඉතින් වත්ත පුරා එක එක සෙල්ලම්.
ඉස්සර ඒ වත්තේ නොතිබ්බ දෙයක් නැහ.
පුන්චි දොල පාරක්... තේ.. කෝපි... උඩට වෙන්න කලු ගල් තලාවක්.. හරිම ලස්සනයි.
ඉතින් ඔය වත්ත කෙලවර ගල් තලාවට යන එක තමා ලොකුම වීරකම.


අවුරුද්ද ට කලින් දවසෙ ඔක්කොමල නානව වත්තෙ තිබ්බ ලිදෙන්. අදටත් මම ලන්කාවට ගියහම ඔය ලිදෙන් නාල තැබිලි ගෙඩියක කඩන් බීල තමා එන්නේ.
නිල් කැටේ වගේ වතුර ටික... ඔක්කොම පොඩි උන් ඉදන් ලොකු අය දක්වාම පරන අවුරුද්දටයි අලුත් අවුරුද්දටයි ඔය ලිදෙන් නානවා.

පුන්චිල.. උදව් කරනව.. ලොකු අම්ම තමයි කැවිලි හදන්නේ හුඟක්ම. එයා ඒකට හරි දක්ශයි.

25 දෙනෙක් ගෙදරම නේ.. ඒ ඇරුනම ගමේ ගෙවල් වලට.. නෑදා ගෙවල් වලට දෙන්න... මහ ගොඩාක් හදනව ඉතින්.


පුන්ය කාලයට ඔකොමල පන්සල් යනවා... හැබයි සීය නම් යන්නේ නැහ. ( සීය එච්චර ඒ පැත්තට නැඹුරු උනේ නැහ ඒ කාලේ. ) පයින් තමයි යන්නෙ. කිලෝ මීටර 3ක් විතර තියෙනව යන්න විතරක්. ඉතින් දුර දැනෙන්නෙවත් නැහ කට්ටියම යනවනේ. අපිත් සෙල්ලම පිටනේ යන්නේ. අනික ලොකු රබර් වත්තක් මැදින් උඩට යන්න ඕනි අපි යන පන්සලට. අපි ඉතින් හරි ආසයි ඒකට යන්න.
( දහම් පාසල් ගියේ වෙන එකකට )


ඊට පස්සෙ නැකතට කෑම කවනව සීයා ඔක්කොටම. හොදම කොටස ඊට පස්සේ. ගනු දෙනු හික් හික්. දෙනු නම් නැහ. ඒත් සීයා ගෙන් තාත්තගෙන් බාප්පල මාමලගෙන් හැමොගෙන්ම පොඩි පොඩි ගනු ලැබෙනවා.

ඊට පස්සේ ඉතින් ආයෙම සෙල්ලම.

දවස් 4 - 5 ක් ඔක්කොමල ඉන්නව ඉතින්. ( අනේ මන්ද ඒ දවස් වල දැන් වගේ වැඩට යන්න ප්‍රශ්න තිබෙත් නැහ එයාලට ).

මුලු ගේම පිරිලා.

ගමේ මිනිස්සු ගනු දෙනු කරන්න... අවුරුද්දට ඇවිල්ල යන්න එනවා. හරිම ලස්සනයි ඒ කාලේ.


*****

දැන් සීයා නැති වෙලා අවුරුදු 6ක්. ඔක්කොමල බැදල ගිහින්. මහ ගෙදර පොඩි මාමට ලියල දීල. ආත්තම්ම යි මාමයි එයාගෙ නෝනයි ඉන්නේ.
ඒත් අවුරුද්දට වෙනද වගේ කට්ටිය එන්නේ නැහ. තම තමන්ගෙ ගෙවල් තියෙනවනේ. ( මහ ගෙදර දැන් මාමගේ ගෙදරනේ .
ගමත් වෙනස් වෙලා.
ඉස්සර තරම්ම මිනිස්සු කිට්ටුත් නැහ. ආස්‍රය උනත් අඩුයි.

මම 2008 අවුරුද්දට ලංකාවෙ හිටියේ. මම අවුරුද්දට ගියා. ඇත්තටම පුදුම දුකක් දැනුන.
කාලයත් එක්ක මොන තරම් වෙනස් වෙලාද.

පාලු ගෙදර ඒ 3 දෙනා අවුරුදු සමරනවා. හැම ගෙදර 3 - 4 දෙනෙක් තමයි ඉතින්.

ඒ කාලේ තිබ්බ අවුරුදු සිරියත් නැති වෙලාද මන්ද.


හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...... කිරි ඉතිරෙන නිරෝගිමත් සතුට පිරි වසරක් වේවා.

8 comments:

  1. ඔය වගේම තමයි අපේ පුංචිකාලේ...
    කිරිඅම්මලගෙ ගෙදරට අවුරුද්දට එකතුවෙච්ච 20 ක විතර කොලු කෙලි නඩේ අද අම්මල තාත්තල... දැන් උන්ට අපිට මොන කෙලි සෙල්ලම්ද.

    කොහොමත් ඉස්සර තරම් කොයි දේකවත් ලස්සනක් දැන් නෑ...ඉස්සර දේවල් වල මතකය උනත් කොයි තරම් සුන්දරද...? දුර රටක් ඉන්න උඹට ඒක වැඩියෙන් දැනෙනව ඇති
    උඹටත් සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා.....!

    ReplyDelete
  3. උන්නැහේ : ඒක ඇත්ත මචන්. ඉස්සර තරම් කිසි දෙයක ලස්සනක් නැහ දැන්.

    isimbuwa : :)

    ReplyDelete
  4. කාලෙත් එක්ක අවුරුද්දත් වෙනස් වෙලා. අපේ සීයලා ආච්චිලාත් එක්කම ඒ අවුරුද්දත් යන්න ගිහින්

    ReplyDelete
  5. කෙසේ වෙතත් සැමට සුභ නව වසරක් වේවා !!!!!

    ReplyDelete
  6. ඔව් මචන්. හැම දේම වෙනස් වෙලා. :)
    දුකින් උනත් බාරගන්න වෙනවා අපිට ඒක නේද...

    ReplyDelete
  7. දැන් අවුරුද්ද කියන්නේ එක් ව්‍යාපාරික දවස් කිහිපයක් පමණයි.

    ReplyDelete
  8. ඒකත් අර ආදරවන්තයන්ගේ දවස... වගේ වෙලඳ බාන්ඩයක් වෙලා නේද...

    ReplyDelete

Related Posts with Thumbnails