Sunday, April 11, 2010

ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...

Share


මේක අපි උසස් පෙල ( A/L ) කරන්න පන්ති යන්න පටන් ගත්තුම දවසේ උනේ. මුලින්ම ඉතින් රිසල්ට්ස් එන්නත් කලින්ම කරන්න පන්ති යනවනේ. ඉතින් ඔක්කොමල MATHS Class තමයි අපි සෙට් එකේ ගියේ ඒ දවස් වල. පස්සෙ ඉතින් රිසල්ට්ස් ආවම commerce , art කරන්න ගත්තට.

ඉතින් කොහොම හරි එදා තමයි ප්‍රසන්න බද්දෙවිතාන සර් ගෙ chemistry class එක පටන් ගන්නේ. 




කොහොමත් ලමයි 1500 කට වඩා ඉන්නව සර් ට. එදත් ඉතින් ඒ කිට්ටුවටම හිටියා.

අපි ඉතින් සර් ගැන දන්නේ නැහනේ. ඒක නිසා මැද්දෙ පේලි වල ඉඩ තිබ්බත් පස්සෙම පේලි 3 නේ අපි කට්ටිය වාඩි උනා. අපි කොහොමත් 15 ක් විතර සෙට් එකක් විදියට තමයි ඒ දවස් වල හිටියේ. ඕනිම වලියකට බැහල ඉතින්. කට්ටිඅය ඉනවනේ. ඒ සීන් එකෙන්ම අපි ඉතින් ඔන්න ඉන්නවා FUN  එකේ.

ඔන්න ඉතින් ඒ අවුරුද්දට හා හා පුරා පන්තිය පටන් ගන්න සර් මයික් එකත් අරන් ආව පන්තියට...  දන්නවද මොකක්ද මුලින්ම කිව්වෙ කියල...

" ඔය පස්සෙ පේලි 3 නේ ඉන්න උන් ජන්ගි ඇදල නම් ඉන්නේ ඇවිල්ල ඉස්සරහින් වාඩි වෙයන් " කියල හෙන ගහන්න වගේ අර FM මයික් එකෙන් කිව්ව.



කොල්ලො ටික ඩිම් වෙලා.. මූනු රතු වෙලා... ඇයි දෙය්යනේ ඔහොම ලොකු පන්තියකට ගියාමයි... ඒ අස්සෙ සූටි සූටි කෙල්ලො පිරිලා.. මේ මනුස්සය අපිව නැතිම කරානේ.

ඒත් ඉතින් එකෙක්වත් නැගිටින්නේ නැහ.

" ඇයි උබල ජන්ගි ඇදල නැද්ද ඉස්සරහට එන්න බැරි "

ආයෙම..

මොනා කරන්නද.. ලැජ්ජව ඔලුවට අරන් බිම බලාගෙන සිල් ඇත්තො ටික වගේ ඉස්සරහින් වාඩි උනා.  පන්තිය ඇරෙනකම් එකෙක් නෑ ඔලුව ඉස්සුවෙ කෙල්ලෙක් දිහා බලන්නවත්.

මොනව උනත් ජීවිතේ ලස්සනම කාලය තමයි ඒ කාලය.

117 comments:

  1. නියම කතාව.

    එහෙම කතා කියන්නේ නැතුව A/L ටියුෂන් ක්ලාස්වල කොල්ලන්ව control කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. මචන් comments moderate නොකර දාන්න එපා...!!!!

    ReplyDelete
  5. :D :D :D
    මරැ වැඩේ තමා

    ReplyDelete
  6. බද්දෙවිතාන (ආදරේට කිව්වෙ "බද්දෙයා" කියලා) සර්ගෙ කට ඉතින් කියන්න දෙයක් නැහැනේ...පොටෝ එකේ නං ටිකක් අඳුනන්න අමාරුයි...
    ඒක නෙවෙයි උඹ කොහෙද මේ පංතියට ගියේ... මොකෝ අපිත් ඔය පැත්තේ හිටියද දන්නෑනේ...

    ReplyDelete
  7. හි හි පට්ට කතාව

    [මේ එකෙකවත් හිටියේ නැද්ද සිවිල් පිට ......... හි හි]

    ReplyDelete
  8. ඈත්තම ඔහොම එක පාරටම හෙන ගෑහුවා වගේ තමා මගේ කෙමාත්, ඔක ලෙඩක් වෙන්න ඈති,කුරුනෑගල මහනුවර මෙයත් ෆේමස් ක්ලස් වල ඉඩ නෑ දිගටම ලියන්න ජය

    ReplyDelete
  9. එල කතාවක්..මටත් ඔය වගේම වැඩක් වුනා..මමත් ඔයවගේ ලොකු පන්තියක තනියම ඉස්සරහට ගියා..මොනවා කරන්නද..දැන් නම් මතක් වෙද්දි හිනා යනවා....ඒ කාලේ ඇත්තටම රසවත් කාලයක්...

    ReplyDelete
  10. ප්‍රසන්න බද්දෙවිතානගේ හැසිරීම ගැන ඔහුගේ ගාල්ලේ පංතියට යන මගේ මිතුරන් බොහෝ දෙනෙකුගෙන් දැන ගැනීමට ලැබෙනවා. ඒ අනුව නම් මා තීරණය කර ඇත්තේ ඔහු යම් මානසික රෝගයකින් පෙලෙන බවයි.

    ඔහු උගන්වමින් සිටිනා අතරතුර තම මිතුරෙකු සමග යමක් කතා කළ ශිෂ්‍යාවකට ඔහු බැන වැදී තිබුනේ වෛශ්‍යා වෘත්තියේ හැසිරෙන්නියකට සමාන කොට දක්වමින්!

    ඔහුගේ පංති වලට සිසුන් සහභාගී වන්නේ උසස්පෙළ රසායන විද්‍යා විෂය ඉගැන්වීම කෙරෙහි ඔහු තුළ ඇති අසාමාන්‍ය හැකියාව නිසා බවයි මිතුරන් කියන්නේ. ඒ හැර කතා කළ යුතු ආකාරයක්, සංයමයක් ඔහු තුළ ගෑවී හෝ නැතිලු.

    මේ අතීත කතා නොව වර්තමාන කතා - 2011AL.

    ReplyDelete
  11. බද්දෙගේ මම නං ගියේ රිවිෂන් විතරයි. ඔහුගේ හොඳ පැත්තකුත් නරක පැත්තකුත් දෙකක් තියෙනවා. වරක් අපට පසු අවුරුද්දේ පංතියේ එක්වරම ගෙදර වැඩ චෙක් කල ඔහු වැඩ කර නොතිබූ එවුන්ගේ පොත් පන්තිය අසලින් ගලායන ඇලට විසිකර තිබුනා. වැඩ නොකල එවුන්ට දඬුවමක් අවශ්‍ය වුනත් දුන් දඩුවම හොඳ නෑ. ඒලෙවල් කාලේ නෝට් එකක් නැතිවෙනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ. අපේ පංතියෙත් පංතිය අතරතුර ෆෝන් එක ඔබමින් සිටි කෙල්ලෙකුට සෑහෙන්න බැනවැදී පන්තියෙන් ඉවත් කලා. මේ වගේ වැඩ මම අනුමත කරන්නෙ නෑ.

    නමුත් ඔහු සැරපරුෂ ස්වභාවයක් දැක්වූවත් පන්තියෙන් පිටතදී එබඳු කෙනෙක් නෙමෙයි. පන්තිය තුලදී අර වගේ ස්වරූපයක් මවාගන්නේ ලමයි 2000+ ගණනක් පහසුවෙන් පාලනය කරගන්න වෙන්න ඇති. ඇත්තටම කිව්වොත් ඔහුට බයේ ලඟ ඉන්න කෙනා සමගවත් කතා නොකල නිසා අපේ අවධානය සම්පූර්ණයෙන්ම පාඩම වෙත තිබුනා. අපේ මිතුරෙක්ගේ ශල්‍යකර්මයකට ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් අපි කරගෙන යද්දී ඔහුත් අපට උදව් කල නිසා අපිට පන්තියෙන්-පිට-බද්දේ කියන්නේ කවුදැයි නිරීක්ෂණය කරන්න අවස්ථාව සැලසුනා.

    මේ නිසා පෞද්ගලිකව මටත් ඇතැම් විවේචන තිබුනත් මම ඔහුගේ පෞර්ෂයට ගරු කරනවා.

    ReplyDelete
  12. මචන් ඔය උඩින් තියෙන කුනුහරුප කමෙන්ට් ටික අයින් කරලා දාපන්. ජංගි ඇඳලා නැති එකෙක් තමයි ඕවා දාන්නේ. දාන්නේ කවුද කියලා නං අපි දන්නවා. අසරණයට අනුකම්පා කරලා අයින් කරලා දාපන් :D

    ReplyDelete
  13. හම් ජීවිතේ ආතල්ම කාලෙ තමයි ඒ කාලේ...වැඩේ කියන්නේ කට්ටිය ජංගි අඳල හිටිය එකයි.....

    ReplyDelete
  14. ඔහ්...සිංහල බ්ලොග් අවකාෂය තුළ ප්‍රසිද්ධියේ කුණුහරුප වදන් භාවිතයනම් අනුමත කරන්න බෑ...

    ReplyDelete
  15. කාගෙත් ජීවිතේ ලස්සනම කාලෙ තමයි A/L කරන කාලෙ

    ReplyDelete
  16. hasitha : ඔව් ඒක ඇත්ත තමයි නේ මචන්. කොල්ලො 1000ක් විතරල කෙල්ලොත් ඉද්දි කොන්ට්‍රොල් කරන එක ලේසි නැහනේ.
    හික් හික් ඔහොම සීන් එකක් උනාම ආයේ ඉතින් කාලෙකට මොකුත් නැහ කියල සර් දන්නව.



    උන්නැහේ : කව්ද බන් හිතන්නේ මේ බ්ලොග් අවකාශේ මේ වගේ නපුන්සක චරිත ඉන්නව කියලා... හිටියත් මේ විදියෙ කිසිම කරදරයක් තරහක් නැති මගේ බ්ලොග් එකෙත් ජරාව දාන්න තරම්.
    වෙලාවට අද මන් උදේම ලොග් උනා.

    හිහි අදුරන්න අමාරුයි තමයි ටිකක්. වෙන හම්බුනේ නැහ හෙව්වට.
    හික් හික් මම ගාල්ලෙ ක්ලාස් එකට මචන් ගියේ.



    මිස්සක : ආයෙත් අහල මචන්.

    ReplyDelete
  17. වැප් : හික් හික්... වෙලාවට ඔක්කොමල ඇදල හිටියේ හික් හික්



    දේවා : බොහොම ස්තුතියි මචන්.


    panhida : ඒ කාලේ මතක් වෙද්දි නම් ඉතින් කියල වැඩක් නැහ මචන්. පිස්සු ලෝකයක්.

    ReplyDelete
  18. budhajeewa : සම්පූර්නයෙන්ම බැරි උනත් යම් තරමකින් මම එකඟ වෙනවා ඔය කතාවට. මොකද මමත් ටිකක් කල් ගිහින් සර් ගෙ පන්ති නවත්තල වෙන කෙනෙක් ( ඩන්කන් සර් ) ගාවට ගියා.

    සර් උගන්නනව හොඳ උනත් තෙතක් පපුවක් නැති ගතියක් තියෙන්නේ.
    interval එකට එලියට ගිහින් ළමයි හිර වෙවී ඇතුලට එනව පෙනි පෙනී එක පාර ඇවිත් ලියන්න කියල කියවගෙන යනවා.

    ReplyDelete
  19. ඉන්දරේ | Indranama : කොමෙන්ට් ටික අයින් කලා මචන්. මම නම් කවුරුවත් මේ බ්ලොග් අවකාශේ පුද්ගලිකව අදුරන්නේ නැහ. වරදක් කරලත් නැහ.
    එහෙම එකි ඔහොම වැඩ කරන්නේ මගෙත් එක්ක ඇති තරහකට නෙමි සින්හල ලියන අපි ඔක්කොගෙමත් එක්ක තරහකට වගේ.
    කාගෙ උනත් නපුන්සක වැඩ.


    ඔව්. සර් ගෙ හොද නරක දෙකම තියෙනවා. ඔනිම මනුස්සයෙක්ගෙ වගේ.
    උඹ කිව්ව ඔය පොත් විසි කිරීම වගේ ඒව අනුමත කරන්න බැහ තමයි. හැබය් සර් ගේ ක්ලස් ගිය කෙනෙක් ඒක ඇහුවම පුදුම වෙන්නෙත් නැහ. ඒ තමයි බද්දෙ සර් ගෙ හැටි.

    පුද්ගලිකව නම් මම දන්නේ නැහ සර් ගැන. ඒත් හොද කෙනෙක් නොවේ නම් ඔච්චර කාලයක් ඉන්න බැහ ඔය ෆීල්ඩ් එකේ.

    මොනව උනත් හොද දැනුමක් තියෙන ගුරුවරයෙක්.

    ReplyDelete
  20. Prabhath Darshana : හික් හික්... ඔව් ඔව් ඇදල හිටියේ ලොල්.

    ඔව් ප්‍රසිද්දියේ අනවශ්ය ලෙස යොදා ගැනීම අනුමත කරන්න බැහ. මේ වෙලාවෙ නම් ඔය කාත් එක්ක හරි තියෙන තරහකට කරපු නපුන්සක වැඩක්.

    දුක් ජීවිත තමයි ඕවා. අපි අර ඉන්දරේ කිව්ව වගේ මුන්ට අනුකම්පා කරන්න ඕනි.


    sameerausa : ඔව් මචන්. ඒක ඇත්ත.

    ReplyDelete
  21. ඒලෙවල් ක්ලාස් ගිය කාලෙ නං අමතක වෙන්නේ නෑ ජීවිතේට...
    දැන්නං මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනව..
    ළමයි 2500..ටකරං වහල,ඇද වෙච්ච බංකු,ඇතුල් වෙන්න තියන පෝලිම..අපි ඉස්සර කීර්ති සර්ගේ 1.00 ට පටන් ගන්න ෆිස්ක්ස් ක්ලාස් එකේ පෝලිමේ ඉන්නේ 11 විතර ඉඳල.
    ඒ වුනාට මතක් වෙද්දි අමුතු හැඟීමකින් හිත පිරිල යනවා...
    එළ කතාව!

    ReplyDelete
  22. අයියෝ බද්දෙද? ඔය වගේ කතාද එයා කියන්නේ ඔයිට වඩා හොඳ කතා එයා කියනවා ඇඟට පතට නොදැනී. ආරංචි නැද්ද රන් තැඹිලි ගොන් තැඹිලි කතාව.මම පන්ති යන දවස් වල දවසක් පිටිපස්සේ හිටපු ගෑනු ලමයි දෙන්නෙක් පෑන බිම වැටිලා ඒක හොයාගන්න දඟලලා. සර් දැක්කා. මෙහෙ වර පට්ට වෙ** කියල ගෙන්නුවා ඉස්සරහට. දැන් මේ කෙල්ලො දෙන්නා වෙව්ලනවා හිටු කියල. හොඳටම බය වෙලා. සර් ඇහුවාම කිව්වා පෑන වැටුනා කියල. ඒ පාර ඉස්සරහින් වාඩි කරලා. ටිකකින් කියනවා. ඒක කියන්න එපැයි පුතේ මුලින්. කෝ මාත් එක්ක තරහද? අන්න අන්න තරහව වෙලා. කියල මෑන් විහිළු කරනවා. හික්ස්. එයා උගන්නනවා හොඳයි ඒත් තව ප්‍රායෝගික පැත්ත බර කලා නම් හොඳයි. වෙන යන්න කෙනෙක් නැති නිසයි මම නම් ගියේ. ඔය රෞද්‍ර පෞරුෂයක් හදාගෙන කෑ නොගහම ලමයි පාලනය කරන්න පුළුවන් මම හිතන්නෙ. එයාගෙ තියන ෆෑන් off කරන ඒව පේලි පිටින් ගෙදර යවන ඒව එච්චර සාර්ථක නෑ කියල මට හිතනේනෙ.

    ඒත් බලන්න ජනක සර්. අපි ජනක සර්ගෙ ගොඩක් අය ගියා. කවදාවත් සර් කෑ ගහල නිශ්ශබ්ද වෙන්න කියල කියන්නෙ නැනෙ. ඒ නොකිව්වත් ලමයි කෑ ගහන්නෙත් නෑ. පාඩුවෙ වැඩ ට්ක කරගෙන ඉන්නවා. ඒ ජනක සර්ට ලමයින්ගෙ තිබුනු ගෞරවය නිසා. මම නම් ආසාවෙන්ම ගිහිපු පන්තිය තමයි ජනක සර්ගේ පන්තිය. සර්ට අදටත් මම ගොඩක් ගෞරව කරනවා. පුදුම ගුරුවරයෙක්.

    ReplyDelete
  23. මෙතන ඉන්න ඔක්කොම ගියපු හෝ නොගියපු අය නෙව. මම නං මේ දැනටමත් යන ගමන්.

    බද්දෙවිතාන සර් කියන්නෙ මහ අමුතු මනුස්සයෙක්!

    කියල විතරයි මට දැනට කියන්න පුලුවන්. :D

    ReplyDelete
  24. මිනිසෙකුගේ පෙෘරෂ්‍ය කෑ කෝ ගැසීමෙන් ඇතිවන දෙයක් නොවෙයි.ඒ අනුව බද්දෙවිතාන සර්ගේ පෙෘරෂ්‍යය නම් හරිම දුර්වල මට්ටමේ එකක් කියන්න පුළුවන්.අනිත් එක ගොඩක් ළමයි ටියුෂන් යන්නේ රැල්ලට අහුවෙලා.හැම කෙනෙක්ම තමන්ට පහසුවෙන් තේරුම්ගැනීමට හැකි ආකාරයෙන් උගන්වන ගුරුවරයෙක් ළගට යනවානම් හරි.හැමෝම රේස් එකක් දුවන්නේ.සමහරු පන්තිය‍ට යන්නත් කළින් සිලබර්ස් ඉවර කරන ගුරුවරු කවුද කියලා හොයනවා.මමතම් හිතන්නේ තමන් කැමති දේ තමන් ආස කරන ගුරුවරයෙකුගෙන් ආසාවෙන් ඉගෙන ගන්නවා මිසක් රේස් එකක දුවන්න එපා.

    ReplyDelete
  25. මම නං ඔය සෑර් ගෙ පන්ති ගොහින් නැහැ. රසායන විද්‍යාව කියන්නෙ හරිම ලස්සන විෂයක්. නුවර ඉන්න මම කරන කාලෙ ඒ විෂයේ තියන 'ලස්සන' තේරෙන විදියට උගන්නන්න පුලුවන් ගුරුවරයෙක් මටනම් ලැබුණෙ නැහැ. පන්ති 3~4ක් test කරල එපා උණු මට අහම්බෙන් බද්දෙ සර් ගෙ tutes and notes set එකක් ලැබුණ.A/L Chemistry මං අති ඉහලින් සමත් උණේ ඒ නෝට්ස් වලත් උදව්ව ඇතුව.හැබැයි මේ ෆොටෝ එක දකිනකල් සර් මොනවගේද කියලවත් මං දැනන් හිටියෙ නැහැ.(මං අන්තිම මාස 7 තුල කිසිම රසායන විද්‍යා පන්තියකට සහභාගි නොවෙමිනුයි A සාමාර්ථයක් ගත්තේ) .

    ReplyDelete
  26. @පිස්සා පලාමල්ල:
    මේ මාතෘකාව ගැන සංවාදයක් ගොඩ නගන්නට දායක වීම ගැන ස්තුතියි!

    @Hasitha:
    [said:Hasitha]
    එහෙම කතා කියන්නේ නැතුව A/L ටියුෂන් ක්ලාස්වල කොල්ලන්ව control කරන්න අමාරුයි.
    [/said]

    හොඳටම ෂුවර් ද?

    @මිස්සක:
    [said:මිස්සක]
    :D :D :D
    මරැ වැඩේ තමා
    [/said]

    ඔබත් මේ මානසික රෝගී අඩන්තේට්ටම්වලට ලක් වුනා නම් මෙහෙම කියාවිද?

    @වැප්:
    [said:වැප්]
    හි හි පට්ට කතාව
    [/said]
    මේ අත්දැකීම්වලට මුහුණ දුන්නු කෙනෙකුට නම් මේක "පට්ට කතාවක්" නොවෙන බව මට සහතිකයි!

    @දේවා:
    අනිවා ලෙඩක් වෙන්න ඕනෑ!

    @panhida:
    [said:panhida]
    එල කතාවක්..මටත් ඔය වගේම වැඩක් වුනා..මමත් ඔයවගේ ලොකු පන්තියක තනියම ඉස්සරහට ගියා..මොනවා කරන්නද..දැන් නම් මතක් වෙද්දි හිනා යනවා....ඒ කාලේ ඇත්තටම රසවත් කාලයක්...
    [/said]
    "රසවත්"? ඔබ ඒ මොහොතට ගොස් කල්පනා කරන්න ඒ රසය ගැන!

    @ඉන්දරේ | Indranam:
    [said:ඉන්දරේ | Indranam]
    ඔහුගේ හොඳ පැත්තකුත් නරක පැත්තකුත් දෙකක් තියෙනවා.

    හොඳ පැත්ත ඉතින් අසාමාන්‍ය ඉගැන්වීමේ හැකියාව විතරයි කියල තමා ආරංචිය.

    [said:ඉන්දරේ | Indranam]
    වරක් අපට පසු අවුරුද්දේ පංතියේ එක්වරම ගෙදර වැඩ චෙක් කල ඔහු වැඩ කර නොතිබූ එවුන්ගේ පොත් පන්තිය අසලින් ගලායන ඇලට විසිකර තිබුනා. වැඩ නොකල එවුන්ට දඬුවමක් අවශ්‍ය වුනත් දුන් දඩුවම හොඳ නෑ. ඒලෙවල් කාලේ නෝට් එකක් නැතිවෙනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ.

    අගෙයි!

    [said:ඉන්දරේ | Indranam]
    නමුත් ඔහු සැරපරුෂ ස්වභාවයක් දැක්වූවත් පන්තියෙන් පිටතදී එබඳු කෙනෙක් නෙමෙයි. පන්තිය තුලදී අර වගේ ස්වරූපයක් මවාගන්නේ ලමයි 2000+ ගණනක් පහසුවෙන් පාලනය කරගන්න වෙන්න ඇති.
    [/said]

    ළමයි 2000 ගාණක් පාලනය කරන්න යක්‍ෂාවේෂ වෙන්නට අවැසි නැහැ.

    මේ සඳහා හොඳම උදාහරණයක් මා සතුව තිබුනත්, මා මුලින් අදහස් කළේ එය මෙතන නොකියන්නටයි, මන්ද එවිට මෙය හුදු "උඹලයි සර්ට වඩා අපේ අපේ සර් හොඳයි!" පුරාජේරුවක් බවට පත් වන නිසා. නමුත් සුසිත "රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath" ඔහු ගැන දැනටම කියා ඇති නිසා මාද ඔහු ගැන සඳහන් කරන්නම්.

    ඇත්තටම මාතර, ගාල්ල හා තංගල්ල උසස්පෙළ ව්‍යවහාරික ගණිතය විෂය උගන්වන ජනක අබේවර්ධන සර් අනෙක් ගුරුවරුන්ටත් ආදර්ශයක්. දෙදාස් ගාණක් පන්තියක නැතත් දහසකට වැඩි සිසුන් පිරිසක් හසුරුවන්නට (මා "පාලනය කරන්නට" යන්න යොදා නොගත්තේ හිතාමතාමයි!) ඔහු 201AL සිද්ධාන්ත පංතියේ මෙතෙක් එක් දිනක් හෝ කෝපයට පත් වී කතා කර නැහැ (පෙර පංතිවලත් එසේ විය යුතුයි.). එක් සිසුවෙක් විශේෂ කොට දක්වමින් බැන වැදී නැහැ. පංතිය තුළ කතා නොකොට සිටිය යුතු යැයි ඔහු කියන්නේ නැහැ. පංතියේ යම් ප්‍රදේශයක කතා බහ කරදරකාරී ලෙස එනවානම් ඔහු අදාළ ප්‍රදේශය දක්වමින් නිශ්ශබ්ද වන ලෙසයි කියන්නේ.

    සරලවම කීවොත් අපි සෙට් එකත් එක්ක ෆිට් එකේ ඉන්න ගුරුවරයෙක් ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. "වලිකාරයන්" පවා ඔහුට "බොක්ක දීමට" පැකිළෙන්නේ නැහැ.

    එයයි මම දකින විදියට සැබෑ පෞර්ෂය.

    [said:ඉන්දරේ | Indranam]
    ඇත්තටම කිව්වොත් ඔහුට බයේ ලඟ ඉන්න කෙනා සමගවත් කතා නොකල නිසා අපේ අවධානය සම්පූර්ණයෙන්ම පාඩම වෙත තිබුනා.
    [/said]

    එය අවධානයට වඩා "මේ වසවර්තියා කොයි වෙලාවෙ ඇඟට කඩං පහත් වෙයිද දන්නෙ නෑ!" යනුවෙන් තිබෙන බියයි. එතැනදී ගුරුවරයාගේ කෝපයෙන් මිදීමට මං සොයනු විනා, විෂය කාරණා ධාරණය කර ගැනීමට සිතට නිදහසක් ඇතැයි මා සිතන්නේ නෑ!

    [said:ඉන්දරේ | Indranam]
    අපේ මිතුරෙක්ගේ ශල්‍යකර්මයකට ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් අපි කරගෙන යද්දී ඔහුත් අපට උදව් කල නිසා අපිට පන්තියෙන්-පිට-බද්දේ කියන්නේ කවුදැයි නිරීක්ෂණය කරන්න අවස්ථාව සැලසුනා.

    මේ නිසා පෞද්ගලිකව මටත් ඇතැම් විවේචන තිබුනත් මම ඔහුගේ පෞර්ෂයට ගරු කරනවා.
    [/said]

    පන්තියෙන්-පිට-බද්දේ හා පන්තිය-තුළ-බද්දේ යනුවෙන් අනන්‍යතා දෙකක් ගොඩ නගාගන්නට වෙන්නේ සැබෑ පෞර්ෂයක් නැති නිසා. ඉහත සඳහන් කළ ලෙසම සිසුන් අධික ප්‍රමාණයක් පාලනය කරන්නට යක්‍ෂාවේෂ විය යුතුයැයි සිතා සිටින ඔහු සැබෑ අඥානයෙක්!

    @Prabhath Darshana:
    [said:Prabhath Darshana]
    හම් ජීවිතේ ආතල්ම කාලෙ තමයි ඒ කාලේ...වැඩේ කියන්නේ කට්ටිය ජංගි අඳල හිටිය එකයි.....
    [/said]
    ජීවිතේ ආතල් වෙන්නේ මේ වගේ මානසික රෝගීන්ගේ හිරිහැරවලට ගොදුරු වීමෙන් නම් නොවේ!

    @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath:
    [said:සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath]
    වෙන යන්න කෙනෙක් නැති නිසයි මම නම් ගියේ.
    [/said]

    දැනට යන අය කියන්නේත් ඔය කතාවම තමා!

    ඔබේ අදහස් සමග අතිශයින්ම එකඟයි.

    @Supun Sudaraka:
    ප්‍රසන්න බද්දෙවිතාන කියන්නේ මානසික රෝගියෙක්, හැසිරෙන්න දන්නේ නැති අයෙක්!

    @isuru:
    අනිවා!

    @upulpp:
    ඔහුගේ රසායන විද්‍යා විෂය ඉගැන්වීමේ හැකියාව අවිවාදිතයි කියලයි ආරංචි!

    ReplyDelete
  27. budhajeewa ට

    මම කියන්නෙ නැහැ 100% එහෙම කරන්න ඕනේ කියලා. ඒත් සමස්තයක් වශයෙන් ගත්තොත් ඒ ක්‍රමයේ වැරැද්දකුත් නැහැ මම හිතන විදිහට

    ReplyDelete
  28. @Hasitha:
    ඔබ වැරදියි. ඉහත "ඉන්දරේ | Indranama"ට මා සැපයූ පිළිතුරේ "මේ සඳහා හොඳම උදාහරණයක් මා සතුව තිබුනත්, ..." යන තැනින් පටන්ගෙන කියවන්න.

    ReplyDelete
  29. budhajeewa ට
    ඔබ හරි ඒකෙත් ඇත්තක් තියෙනවා...........

    ReplyDelete
  30. අය්යේ මමත් බද්දෙවිතාන සර්ගෙ ක්ලාස් ගියේ
    අපේ අප්පො සැර් කියන කතා
    අපි තාමත් මතක් කරනවා
    දවසක් මට නින්ද ගිහින් නැගිට්ටෙව්වෙ
    "උක්කුන් පුතේ නැගිටහන් බන්
    එලිවෙලා කියල"
    හික්ස්...

    ReplyDelete
  31. තීර්ථ යාත්‍රිකයා : හික් හික් ඔව් මචන්. ඒ කාලේ කාපු කටු මතක් වෙද්දි දැන් නම් හිනා.ඒ වගේම ආපහු ඒ කාලෙට යන්න ඇත්තම් කියල හිතෙනවා.

    පස්සවල් රිදෙනව අර ලෑලි බන්කු වල ඉදල.. රස්නෙට තැම්බෙනව...
    හිහි.. මොනව උනත් ඇත්තටම සුන්දරයි ඒ කාලය.



    සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath : මොකක්ද මචන් ඒ තැබිලි කතාව ???
    අහල නම් නැහ.

    ඔව් ඔව් ෆෑන් ඔෆ් කරන එක නම් අපෙත් කලා. ඔව් සමහර දේවල් ප්‍රායොගික නැහ.
    හුගාක් අය සර් ට බයට තමා සද්දෙ වහල ඉන්නේ.
    ඒත් මම සර් ට ගරු කරනවා. මොකද මම chemistry මුල් පාඩම් කීපය ගොඩ දැම්මේ සර් ගේ නොට්ස් වලින් නිසා.


    ජනක සර් කිව්වෙ අපේ ඇප්ලයිඩ් කරන ජනක සර් නේද ??

    ඔව් සර් ට නම් කොල්ලො හරි ආදරෙයි. අනික සරුත් එච්චරම වයස නැහනේ.
    ඒත් එහෙන් මෙහෙන් සද්ද දාන උන් ඉන්නවා. සර් ගනන් ගන්නේ නැහ.

    ඩන්කන් සර් උනත් එහෙමයි. වැඩිය බනින්නේ කෑගහන්නේ නැහ.
    ඒත් එක පාරක් සර් ට තඩ උනා හොදටම අපිත් එක්ක. ඒ කතාව ඊලගට දන්නම්. හිහි.

    ජනක සර් වගේම මම හුඟක් ගරු කරනව ඩන්කන් සර් ටත්. හරිම නිහතමානී වගේම හුඝක් හොද ගුරුවරයෙක්.

    ReplyDelete
  32. Supun Sudaraka : උඹ ගාල්ලේ නේද ???

    උඹ තාමත් යනවද ?? හිහි මට ඉරිසියයි බන්



    isuru : ටියුශන් යන්නේ හුගාක් රැල්ලට තමයි මචන් අපේ අය. ජනප්‍රිය ලමයි හුගාක් යන අය ගාවට තමයි යන්නේ. සර් එන වාහනේ හුගාක් ගනන් එකක් නම් තවත් හොදයි.

    ගාල්ලේ අය නම් අහල ඇති. කමල් සහබන්දු කියල සර් කෙනෙක් ගැන. සර් කියපු කතාවක් තමයි...

    ඉක්මනට වාහනයක් ගන්න ඕනි බන්. මම මේ මොටර් සයිකලේ යන එක සමහර උන්ට මදි කමක් මගේ පන්තියට එන්න කියලා.

    මම නම් ඒ කතාවට එකඝ නැහ. ඒත් එයා කියපු එක ඇත්ත.

    ReplyDelete
  33. upulpp : මට නම් එපාම කරපු විශය මචන්. උඹ පන්ති නොගිහින් නොට්ස් වලින් ගොඩ දැම්ම කියන්නේ උබ සැබෑ දක්ශයෙක්.
    ඇත්තටම බද්දෙවිතාන සර් ගේ නොට් එක හුගාක් හොදයි තමයි.

    ReplyDelete
  34. budhajeewa : සංවාදය දිගටම ඔබේ අදහස් දක්වමින් ඉදිරිඅයට ගෙනාවට ස්තුතියි.

    ඔබ බද්දෙවිතාන සර් ගේ පන්ති ගිහින් තියෙද ?? නැතිනම් ඔබේ මිතුරන් ගෙන් අසා දැනගත් කරුනු මතද නිගමනය කරන්නේ ???

    ඇත්තටම අපි ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ අධ්‍ය්පනය. ගුරුවරයෙක් හැටියට ඒක ඔහු ඉතා හොදින් ලබා දෙනවා.
    ඔහුගෙ දුර්වල කම් තමයි ඉහත කොමෙන්ට් වල කිහිප දෙනෙක් පල කරල තියෙනේ.

    අපි හැමෝම එක්තරා ආකරයක මානසික රෝගීන්.
    විවිද ගුරුවරු විවිද විදියට සිසුන් පාලනය කරනවා. කතන්දර කාරයත් මේ දවස් වල ඔහොම ගුරුවරු ගැන කතා ලියනව මම දැකල තියෙනවා.

    ඒ අතින් බද්දෙ සර් ගේ විදිය අනුමත කරන්න අමාරුයි. හුගාක් වැරදි විදියේ ක්‍රියා මාර්ග අරන් සිසුන් ඔහුගේ පාලනයට නතු කර ගෙන ඉන්න ඔහු ක්‍රියා කරනවා.
    ඒ ඔහුගේ ක්‍රමය.
    මම එය අනුමත කරන්නේ නැහ.

    ඒත් ඔහු මානසික රෝගියෙක් විදියට හදුන්වනවට මම එකග නැහ.

    ඔහුගේ ඉගැන්වීමේ හැකියාව ගැන ඔබ 100% ම හරි.


    ඒ කාලේ සිදුවීම රසවත් කියල මමත් පිලි ගන්නවා. මේ සිදුවීම උනත් දැන් මතක් වෙද්දි... අපි යාලුවො කතා කරද්දි සෑහෙන රසවත් සිද්දියක්.

    ඒ කාලේ සිදුවීම් එහෙම තමයි මචන්.

    උබට වයස කීයද මම දන්නේ නැහ.

    ඒත් දැන් මේ අපි ගෙවන රලු.. කර්කශ... වගකීම් පිරුනු.. ජීවිතය...

    එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කරන කුහක... ආත්මර්තකාමී මිනිස්සු...

    එක්ක බලද්දි ඒ කාලය හුගාක් රසවත්. මේ සිදුවීම්.. උනත් අද අපි මුහුන දෙන ඒව එක්ක බලද්දි මොන තරම් ලස්සනද හිතෙනවා.


    ජනක සර් ට මම ත් හුගාක් ගරු කරනවා. සර් ට ලමයි ආදරෙයි. සර් උනත් වැඩි වයසකුත් නැහනේ. ඒත් අවස්තා තියෙනවා සර් ට ලමයි පාලනය නොවෙන.
    ඒත් වැඩියම සර් ලමයි එක්ක ඉන්න අපේ වචනෙන් කියනවනම් ෆිට් කොල්ලෙක් නිසා ඒ හේතුවත් බලපානව ළමයි කීකරු ව ඉන්න.
    ඉතාමත් හොද ගුරුවරයෙක්.

    මම නම් රිවිශන් තමයි ගියේ.

    ReplyDelete
  35. Anonymous යාලුවට : හිහි මටත් උනා දවසක්. එකපාරට " හීන දැක්ක ඇති නැගිටපන් " කිව්වා. හැබයි කාටවත් නෝන්ඩි නොවෙන්න පාඩම කරන ගමන් කියල එහෙමම පාඩම කරන් ගියා.

    ReplyDelete
  36. @පිස්සා පලාමල්ල:

    [said:පිස්සා පලාමල්ල]
    ඔබ බද්දෙවිතාන සර් ගේ පන්ති ගිහින් තියෙද ?? නැතිනම් ඔබේ මිතුරන් ගෙන් අසා දැනගත් කරුනු මතද නිගමනය කරන්නේ ???
    [/said]

    නැහැ. මා නිගමනයන්ට එළඹෙන්නේ මාගේ මිතරන් විසින් පවසන ලද කරුණු මතයි. එය එතරම් සාධාරණ ක්‍රමයක් නොවන බව මාද පිළිගන්නවා.

    [said:පිස්සා පලාමල්ල]
    ඒත් ඔහු මානසික රෝගියෙක් විදියට හදුන්වනවට මම එකග නැහ.
    [/said]

    එසේ නම් ඔහුගේ ක්‍රියාවන් අර්ථ දක්වන්නේ කෙසේද? මානසික රෝගියෙක් ලෙස හැඳින්වීම අපහාසයක් නොවෙයි.

    [said:පිස්සා පලාමල්ල]
    ඒ කාලේ සිදුවීම රසවත් කියල මමත් පිලි ගන්නවා. මේ සිදුවීම උනත් දැන් මතක් වෙද්දි... අපි යාලුවො කතා කරද්දි සෑහෙන රසවත් සිද්දියක්.
    [/said]

    ඒ සිදුවීම්වලට මුහුණදෙන මොහොතේදීත් එය ඉතාම රසවත් අත්දැකීමක් වන්නට ඇති බව මම විශ්වාස කරනවා.

    [said:පිස්සා පලාමල්ල]
    ජනක සර් ට මම ත් හුගාක් ගරු කරනවා. සර් ට ලමයි ආදරෙයි. සර් උනත් වැඩි වයසකුත් නැහනේ. ඒත් අවස්තා තියෙනවා සර් ට ලමයි පාලනය නොවෙන.
    ඒත් වැඩියම සර් ලමයි එක්ක ඉන්න අපේ වචනෙන් කියනවනම් ෆිට් කොල්ලෙක් නිසා ඒ හේතුවත් බලපානව ළමයි කීකරු ව ඉන්න.
    ඉතාමත් හොද ගුරුවරයෙක්.
    [/said]

    ළමයි එක්ක ෆිට් එකේ ඉන්න වයස බාධාවක් කරගන්න ඕන නෑ. අපේ මව්පියන් ඉගන ගන්නා කාලේදීත් ඉගැන්වීමේ යෙදුනු, මාතර ප්‍රදේශයේ උසස් පෙළ ශුද්ධ ගණිතය ගුරුවරයෙක් වන කපිල පටබැඳිගේ සර්නුත් ළමයි එක්ක කොච්චර ෆිට් එකේ ඉන්නවද?

    ReplyDelete
  37. මම හිතන්නේ ඔබ තවම උසස් පෙල සිසුවෙක් වෙන්න ඕනි. එසේ නම් ඔබ පවසන දේ ගැන මම පුදුම වෙන්නේ නැහ. මොකද මටත් ඔහොම හිතිල තීයෙනව ඒ කාලේදි.
    ඔය වගේ සිද්දි වෙනකොට රසවත් නැහ තමයි. ඒත් ඇත්තටම එදා පන්ති ඇරුන වෙලේ ඉදන් ඒක රසවත් සිද්දියක් උනා.

    ඔබ උසස් පෙල ඉවර වෙලා වසර කිහිපයකින්... සමාජය හා ගැටෙද්දි... ලෝකය එක්ක ගනුදෙනු කරන්න ගත්තම වෙලාවක් ලැබුනොත් හිතන්න අද ඔබ ගෙවන දිවිය ගැන.

    ඔබට හිතෙයි මොන තරම රසවත්ද කියලා...



    හැම ගුරුවරයම එක වගේ නැහ. ඔබේ පාසලෙන් උනත් ඔබට උදා හරන ලැබෙයි. සමහරු හුගාක් මිත්‍රශීලියි.
    සමහරු එහෙම නැහ. එක එක මිනිස්සු එක එක විදියයි.



    අපි හැමෝම මානසික රෝගීන් එක් එක් ආකරයේ. බද්දේ සර් විතරක් නෙමෙයි.
    ඔහුගේ හැම ක්‍රමයම අනුමත කරන්න බැරි උනත් ඔහුට ගරු කල යුතු දෙවලුත් තියෙනවා.

    ඔබගෙ අදහස් වලට ස්තුතියි. සතුටුටි මේ වගේ කතා බහක් දිගින් දිගට කරන් යන්න ලබීම ගැන.

    ReplyDelete
  38. @පිස්සා පලාමල්ල:
    [said:පිස්සා පලාමල්ල]
    මම හිතන්නේ ඔබ තවම උසස් පෙල සිසුවෙක් වෙන්න ඕනි. එසේ නම් ඔබ පවසන දේ ගැන මම පුදුම වෙන්නේ නැහ. මොකද මටත් ඔහොම හිතිල තීයෙනව ඒ කාලේදි.
    ඔය වගේ සිද්දි වෙනකොට රසවත් නැහ තමයි. ඒත් ඇත්තටම එදා පන්ති ඇරුන වෙලේ ඉදන් ඒක රසවත් සිද්දියක් උනා.

    ඔබ උසස් පෙල ඉවර වෙලා වසර කිහිපයකින්... සමාජය හා ගැටෙද්දි... ලෝකය එක්ක ගනුදෙනු කරන්න ගත්තම වෙලාවක් ලැබුනොත් හිතන්න අද ඔබ ගෙවන දිවිය ගැන.

    ඔබට හිතෙයි මොන තරම රසවත්ද කියලා...
    [/said]

    මාගේ විශ්වාසයේ පරිදි යම් අත්දැකීමක් රසවත් හෝ කටුක ලෙස හැඳින්විය හැක්කේ එය ලබන අවස්ථාවේදී එයින් ජනිත වන හැඟීම්වලට අනුව පමණි.

    [said:පිස්සා පලාමල්ල]
    හැම ගුරුවරයම එක වගේ නැහ. ඔබේ පාසලෙන් උනත් ඔබට උදා හරන ලැබෙයි. සමහරු හුගාක් මිත්‍රශීලියි.
    සමහරු එහෙම නැහ. එක එක මිනිස්සු එක එක විදියයි.
    [/said]

    ඔවු, එක එක මිනිස්සු එක එක විදියයි. නමුත් මෙතැන අපි කරන්නේ එක එක මිනිස්සු හා ප්‍රසන්න බද්දෙවිතාන සංසන්දනය නොව, ප්‍රසන්න බද්දෙවිතානගේ හොඳ හා නරක කිරා බැලීම බවයි මට හැඟෙන්නේ.

    [said:පිස්සා පලාමල්ල]
    අපි හැමෝම මානසික රෝගීන් එක් එක් ආකරයේ. බද්දේ සර් විතරක් නෙමෙයි.
    [/said]

    ඇත්තටම, එහෙම නැති කෙනෙක් නැහැ නොවැ!

    [said:පිස්සා පලාමල්ල]
    ඔහුගේ හැම ක්‍රමයම අනුමත කරන්න බැරි උනත් ඔහුට ගරු කල යුතු දෙවලුත් තියෙනවා.
    [/said]

    ඒක මම පිළිගන්නවා.

    [said:පිස්සා පලාමල්ල]
    ඔබගෙ අදහස් වලට ස්තුතියි. සතුටුටි මේ වගේ කතා බහක් දිගින් දිගට කරන් යන්න ලබීම ගැන.

    අනිවා!

    ReplyDelete
  39. [[[[ මාගේ විශ්වාසයේ පරිදි යම් අත්දැකීමක් රසවත් හෝ කටුක ලෙස හැඳින්විය හැක්කේ එය ලබන අවස්ථාවේදී එයින් ජනිත වන හැඟීම්වලට අනුව පමණි. ]]]


    මචන් උසස්පෙල කරලා අවුරුදු 5 - 6 කින් විතර ( ඊට කලින් උනත් වෙන්න බැරි නැහ ) උබට මේ පිස්සව මතක් උනොත් එදාට මම මේ කියපු විදියට උබේ අද ඔය උසස් පෙල කාලය ගැන සිහි කරල බලපන්.

    උබට හිතෙන දේ පිස්සගේ පලාමල්ල තිබ්බොත් කියපන්. නැත්තම මට මේල් කරපන්.

    අද උබ කාපු හොද කට්ටක් උනත් රසවත් විදියට පෙනෙයි එදාට උබට.


    බද්දෙවිතාන සර් ගෙත් අනික් හමෝගෙම වගේ හොද සහ නරක දෙකම තියෙනවා මචන්.
    මිනිස්සු විවිදාකරයි නේ.

    ReplyDelete
  40. @පිස්සා පලාමල්ල:

    හරි, මේ ගැන ඔබයි මමයි පිළිගන්නේ මතවාද දෙකක්.

    ඔබ: යම් අත්දැකීමකින් ලැබෙන කටුක හෝ රසවත් බව තීරණය වන්නේ අදාළ මොහොත පසු කොට ගොස් අනාගතයේ යම් මොහොතකදී ආපසු හැරී බැලීමේදී ලබන රසවත් හෝ කටුක බව තුළයි.

    මම: යම් අත්දැකීමකින් ලැබෙන කටුක හෝ රසවත් බව තීරණය වන්නේ අදාළ මොහොත තුළදී ලබන රසවත් හෝ කටුක බව තුළයි.

    අප දරන්නේ වෙනස් මත දෙකක් නිසා මෙතැනින් ඉදිරියට මෙම මාවත ඔස්සේම ගියහොත් මෙය සංවාදයක් නොව විවාදයක් (මගේ මතය හරි ඔබගේ මතය වැරදී කියා ඔප්පු කිරීමට තැත් කිරීම.) බවට පෙරළෙනු ඇති.

    ඉහත මත දෙක එකතු කළහොත් රසවත් හෝ කටුකභාවයන් මෙසේ පෙළගැස්විය හැකියි:

    1. විඳින මොහොතේදී කටුක - සිහිකරන මොහොතේදී කටුක. => 00
    2. විඳින මොහොතේදී කටුක - සිහිකරන මොහොතේදී රසවත්. => 01(බද්දේ සමග ඔබ ලැබූ අත්දැකිම් මෙම ගොඩට දැමිය හැකියි.)
    3. විඳින මොහොතේදී රසවත් - සිහිකරන මොහොතේදි කටුක. => 10
    4. විඳින මොහොතේදී රසවත් - සිහිකරන මොහොකේදී රසවත්. -> 11

    බද්දේ වඩාත්ම සාර්ථක වනු ඇත්තේ 4 වෙනි වර්ගයේ අත්දැකීමක් සිය ඉගැන්වුම් ක්‍රියාවලිය තුලදී සිසුන්ට ලබාදීම තුලිනි.

    ReplyDelete
  41. මමත් තාම යනවා බද්දෙවිතාන සර්ගේ, ඔය කතා නම් සේරම ඇත්ත. අදටත් පන්තිය තුල ඕවා වෙනවා.. මටත් හිතෙන්නේ සර් ඒ දේවල් කරන්නේ හික්මීමක් තියාගන්න තමයි. ඒක සර් කෙල්ලො ටික ගියාම අපිව යවන්න කලින් දවසක් කිවුවා.. (ඉස්සෙල්ලා ගෑනු ලමයිව නේ යවන්නේ)

    ජනක සර් ගේ හික්මවීම නම් කිසිසේත්ම දරුණු නෑ.. ඒ ජනක සර්, මේ බද්දෙ නේ... ඉතිං දෙන්න දෙවිදියක් භාවිතා කරනවා.. තීරණ සැර උනත් සර්ගේ හිත හොද බවනම් පේනවා.. ‍නැත්නම් සර්ට කෙ‍ල්ලොන්ට උගන්නන්න වෙන්නෙත් නෑනේ... ඔය එන්නේ අපිටත් ‍වඩා කෙල්ලො සර්ට... ;)

    ReplyDelete
  42. නියම වැඩේ ... ඔයාලට තිබ්බෙ... අපි ඇඳල නෑ සර් කියල එහෙමම ඉඳගෙන ඉන්න... එතකොට සර් පරදිනවා....

    ReplyDelete
  43. budhajeewa : ඔව්. සංවාදය විවාදයක් බවට පෙරලගන්න කිසි සේත්ම අවශය්ය නැහ.

    ඔව් බද්දේවිතාන සර් ඔබ කිවු අවසන් ක්‍රමය අනුව ඉගැන්වීම කරනවනම් සෑහෙන හොදයි.

    ඉතාම සතුටුයි මේ වගේ සංවාදයක් කරන්න ලැබීම ගැන ඔබත් සමග. ඉදිරියටත් විවිද මතෘකා යටතේ මේ වගේ සංවාද කරන්න ලැබෙයි කියා හිතනවා.

    ReplyDelete
  44. ප්‍රබෝද මදුශාන් : අහ් අමතක උන දෙයක් මතක් කලා. කෙල්ලො නේ ඉස්සෙල්ලම යවන්නේ. අපි පන්ති යද්දි මුලින්ම නම් ඔහොම දෙයක් උනේ නැහ. ඒත් සිද්දිය නම් මතක නැහ මොකක් හරි හේතුවක් කියලා එදා ඉදන් දෙගොල්ලොන්ව දෙපාරකට යවන්නේ.

    ඒත් ඉතින් ඉන්න ඕනි කෙල්ලො ඉන්නව මගට වෙලා.

    ඕකෙන් ලොකුම පාඩුව ඔය ට්‍රයි කරන කොල්ලොන්ට තමයි.



    kumaraya : එතකොට ඊට වඩා විලිසන්ගෙ නැති කතාවක් කියයි අපිව නැති වෙන්නම. හික් හික්.

    ReplyDelete
  45. මෙහෙමයි, ඕනෑම ගුරුව‍රයෙක් තමන්ගෙ සිසුවන් හසුරුවා ගන්න/ පාලනය කරන්න තමන්ගෙ විවිධ ක්‍රමවිධි අනුගමනය කරනවා. විශේෂයෙන්ම විවිධ පැතිවල සිසුන්ගෙ හැසිරීම විවිධයි. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් වෙනස් වෙනව කියන එක තේරුම්ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ප්‍රසන්න බද්දෙවිතාන ගුරුවරයාගේ නුගේගොඩ පන්තියත්, ගාල්ල පන්තියත්, කළුතර පන්තියත් අතර ඉගැන්වෙන අධ්‍යාපනික කාරණා එකම වුනත්, පන්තියේ සිසුන් පාලනය කෙරෙන ක්‍රම විධිය වෙනස් බවයි ඒ ඒ පන්ති වලට යන යහළුවන්ගේ කියුම් වලින් තේරෙන්නේ.

    පාසල් වල ගුරුවරුන්ට වඩා ටියුෂන්පන්ති වල ගුරුවරුන් ඔය කොහොමකිව්වත් තමන්ටම ආවේණික සිසුන් ආකර්ෂණය කරගැනීමේ මාර්කටින්ග් උපක්‍රම අනුගමනය කරන උදවිය. මට පෙනෙන තරමින් ප්‍රසන්න බද්දෙවිතාන ගුරුවරයාගේ අමුතු "විශේෂ" මානසික විකෘතිතාවක් පෙන්නුම් කරන්නේ නැහැ. තැනේ හැටියට ඇනේ!

    මාතර ගුරුව‍රයෙක් ඒ උගන්වන විදිහෙන්, කොළඹ ඇවිත් උගන්වන්න බැහැ.

    මේ ප්‍රදේශ දෙකේ සිසුන්ගෙ මානසිකත්වයේ සහ හැසිරීමේ සියුම් වෙනස්කම් තියෙනවා! (ඒක විකෘතිතාවක් නම් නෙවෙයි. ඒක ස්වභාවයෙන්ම සිදුවෙන දෙයක්!)

    ReplyDelete
  46. @Supun Sudaraka:
    ඔබ මතු කරන කාරණය පිළිගන්නවා. නමුත් ප්‍රදේශය සමග සිසුන්ගේ හැසිරීම් වෙනස් වුනු පමණින්, ඔහු දැනට කරන අයුරින් අමානුෂික මුහුණුවරක් ආදේශ කරගෙන ඉගැන්විය යුතු ප්‍රදේශයක් මෙහි ඇතැයි මම සිතන්නේ නෑ!

    ReplyDelete
  47. @පිස්සා පලාමල්ල:
    මට අල්ලල යන මාතෘකා ලියවුනොත් මම නෑවිදින් ඉන්නෙ නෑ! :)

    ReplyDelete
  48. @budhajeewa- මෙහෙමයි, බද්දෙවිතාන තමන් කරන්න යනදේ කලින් කියනවා. ඒක දැනගෙන හැසිරීම සිසුන්ට අයිතියි. පොතක් විසිකරන්න කලින් දවසේ කියනවා තමන්ගෙ සටහන සම්පූර්ණ නැත්නම් තමන්ගෙ අතින් පොත විසිවෙන බව. ඒක නිසා ඒ සිසුන් එක්කෝ වැඩකරන්න ඕනෙ. නැතිනම් පන්තියට නෑවිත් වෙනත් Option එකකට යන්න ඕනෙ. :)

    ReplyDelete
  49. budhajeewa : හොදයි හොදයි මචන්.

    Supun Sudaraka : ඔබගේ කතාව ඇත්ත. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ළමයින්ගේ හැසිරීම් වෙනස්.
    මම දන්නේ නැහ සර් කොලඹ පන්ති වල මීට වෙනස් විදියට හැසිරෙනවද කියලා. ඒත් ඔබ කිවු කරුනට එකග වෙන්න පුලුවන්.

    අනික් කාරනයත් ඇත්ත. සර් කලින් සතියෙ අවවාදයක් කරනවා මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා.
    රෝමෙට ගියාම රෝමන් කාරය වගේ ඉන්න එපැයි. සර් ගේ හැට් දැනගෙන වැඩ කරනවනම් ප්‍රශ්න අඩුයි.


    උඹ ගාල්ලෙද ?

    ReplyDelete
  50. @Supun Sudaraka: පොත විසි කිරීම වගේ දේවල් සාධාරණිකරනය කරන්න පුළුවන්ද?

    කාලයක් එක් ගුරුවරයෙකුගේ පංති ගියපු කෙනෙකුට "පන්තියට නෑවිත් වෙනත් Option එකකට" යෑම වගේ තීරණයක් ගන්න පුළුවන්ද බැරිද කියලා මම ඔබට කියන්න ඕන නෑ නෙ?

    ReplyDelete
  51. @පිස්සා- නෑ නෑ. ගාල්ලෙ නෙවෙයි. යන්නෙ නුගේගොඩ පන්තියට. :)

    @බුධාජීව- බුධාජීව කියන කාරණා දෙකටම එකඟයි. කලින් පිස්‍සාගේ කමෙන්ට් එකේ තියෙන විදිහට "රෝමෙට ගියාම රෝමන් කාරය වගේ ඉන්න එපැයි." ;)

    ReplyDelete
  52. බුධාජීව කො‍හොම කිවුවත් සර්ට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියපු කතාවට නම් මම පුද්ගලිකව විරුද්දයි... උබ සර්ගෙ පන්ති ආවද?එහෙම කතා කරන්නෙ නෑ දවසක් හරි සර්ගේ පන්ති නිවැරදි මානසිකත්වයකින් ගියා නම්..

    ඒ මොකක් නැතත් තමන් රසායන විද්‍යාව ඉගෙන ගන්න යන්නේ එහෙම කෙනෙක් ලගට කියල අහගන්න අපි කැමති නෑනේ ඕයි... ;) ලොල්..

    මට අවසාන වතාවටත් කියන්න තියෙන්නේ අපි ආදරේට බද්දේ කියන සර්ගෙ දරුනු දඩුවම් තමන්ට අල්ලන්නේ නැත්නම්, එකකෝ හරියට වැඩ ටික කරන්න වෙනවා, නැත්නම් පන්ති නවත්වන්න වෙනවා.. අනිත් එක ඔය සර් කැමති නෑ පිටිපස්සෙ වාඩි වෙන අයට.. හැමදාම පිටිපස්සට ගිහින් වැඩ නොකරන එවුන් 10 ක් වත් ඉස්සරහම පේලියට ගේනවාම තමයි.. ඒවා ඉතිං සර්ගේ වැරදිද..?? නෑනේ.

    ReplyDelete
  53. @Supun Sudaraka:
    රෝමෙට ගියාම රෝමන්කාරය වගේ ඉන්න ඕන එකත් හරි, එහෙම ඉන්න බැරි නම් නොයා ඉන්න ඕන එකක් හරි. නමුත් අපි මෙතැන කතා කරන්නේ යන කෙනා ගැන නෙවේ රෝමන් කාරය ගැන නෙ. :)

    @ප්‍රබෝද මදුශාන්:
    [said:ප්‍රබෝද මදුශාන්]
    බුධාජීව කො‍හොම කිවුවත් සර්ට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියපු කතාවට නම් මම පුද්ගලිකව විරුද්දයි...
    [/said]

    ඔබ මගේ ප්‍රකාශය දිහා බලන්නේ, එය ඔහුට අපහාසයක් කිරීම සඳහා කරන ලද ප්‍රකාශයක්ය යන පූර්ව නිගමනයේ සිටිමින්.

    [said:ප්‍රබෝද මදුශාන්]
    උබ සර්ගෙ පන්ති ආවද?
    [/said]

    නැහැ, ඒ බව මම කලිනුත් සඳහන් කරල තිබෙනවා. නමුත්, ඔහු ගැන මගේ විචාරය ඉදිරිපත් කරන්නට එය නුසුදුසු කමක් නොවෙයි.

    [said:ප්‍රබෝද මදුශාන්]
    ඒ මොකක් නැතත් තමන් රසායන විද්‍යාව ඉගෙන ගන්න යන්නේ එහෙම කෙනෙක් ලගට කියල අහගන්න අපි කැමති නෑනේ ඕයි... ;) ලොල්..
    [/said]

    ඒක හැබෑව. හැබැයි ඉතිං ප්‍රශ්නයක් දිහා බලනකොට ප්‍රශ්නයේ පාර්ශව කරුවෙක් වෙන්නේ නැතිව උඩ ඉඳන් බලනව නම් තමා ඉතිං හොඳ.

    [said:ප්‍රබෝද මදුශාන්]
    මට අවසාන වතාවටත් කියන්න තියෙන්නේ අපි ආදරේට බද්දේ කියන සර්ගෙ දරුනු දඩුවම් තමන්ට අල්ලන්නේ නැත්නම්, එකකෝ හරියට වැඩ ටික කරන්න වෙනවා, නැත්නම් පන්ති නවත්වන්න වෙනවා.. අනිත් එක ඔය සර් කැමති නෑ පිටිපස්සෙ වාඩි වෙන අයට.. හැමදාම පිටිපස්සට ගිහින් වැඩ නොකරන එවුන් 10 ක් වත් ඉස්සරහම පේලියට ගේනවාම තමයි.. ඒවා ඉතිං සර්ගේ වැරදිද..?? නෑනේ.
    [/said]

    ඔහුගේ වැරැද්ද වන්නේ සිසුන්ගේ වැරදි වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම නොවෙයි, එය අනිවා කළ යුතු දෙයක්. ගැටළුව වන්නේ ඒ ගන්නා ක්‍රියාමාර්ග නිවැරදි නොවීමයි.

    ReplyDelete
  54. ඔබ සර් ගෙ පන්ති ගිහින් නැතිව අසා දැන ගත් දේවලින් පමනක් මේ විදියට කතා කරන එක එතරම් සුදුසු නැහ නේද ???

    අනික අපහාසයක් ලෙස නොවේ නම් ඔහුව මානසික රෝගියෙක් ලෙස ප්‍රකාශ කිරීම කුමන අරමුනකින් කරනවද යන්න පැහදිලි මදි.

    ReplyDelete
  55. @පිස්සා පලාමල්:
    [said:පිස්සා පලාමල්ල]
    ඔබ සර් ගෙ පන්ති ගිහින් නැතිව අසා දැන ගත් දේවලින් පමනක් මේ විදියට කතා කරන එක එතරම් සුදුසු නැහ නේද ???
    [/said]
    අනිවාර්යයෙන්ම. පංතියට ගොස් නිරීක්‍ෂණයක් නොකර තීරණයකට එළඹෙන එත සාධාරණ නැහැ. නමුත් එය මාගේ අදහස දැක්වීමට බාධාවක් නොවෙයි.

    ඇරත් මිතුරන්ගෙන් ලැබෙන තොරතුරු විශ්වාසදායී බව හා ද්වේෂ සහගතව ප්‍රකාශ කරන ලද දේ නොවන බවට මට විශ්වාසයි.

    [said:පිස්සා පලාමල්ල]
    අනික අපහාසයක් ලෙස නොවේ නම් ඔහුව මානසික රෝගියෙක් ලෙස ප්‍රකාශ කිරීම කුමන අරමුනකින් කරනවද යන්න පැහදිලි මදි.
    [/said]

    ඔහුගේ අසාමාන්‍ය හැසිරීමට හේතුව තමයි මා දක්වන්නේ. උපදේශන සේවාවකට යොමුවීමෙන් මේ තත්වය මගහරවාගත හැකි වනු ඇති. තවද ඔහු අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ හැදෑරුවානම් එය ඔහුටත් ඔහුගේ සිසුන්ටත් ප්‍රයෝජනවත් වනු ඇති.

    ReplyDelete
  56. ඔබයි මමයි බද්දේ සර් ගැන මත දෙකක් දරනවා.

    එහෙත් අප දෙදෙනාම එකග වෙන කරුනු නම්..

    1. සර් ගේ ඉගැන්වීම හොද බව...
    2. සර් ළමයි පාලනය කිරීමට ගන්න යම් යම් විදි පිලි ගත නොහැකි බව.

    ඔබ මෙහිදී සර් ගෙ දුර්වල කම්ද... මම ඔහුගේ හොද පැත්තද ගෙන ආව.

    ඔහුට ඔහුගේ එම දුර්වලකම් හදා ගත හැකිනම් හොද බව මම පිලි ගන්න අතරම...

    ඔහුගේ පන්ති වලට සිසුන් යන්නේ කැමත්තෙන්. එම නිසා එම සිසුන් ඔහුගේ ක්‍රියා මාර්ග ගැන දැනුවත්ව ඒව මග හැරෙන ආකරයට කටයුතු කරනවනම් ප්‍රශ්න අඩුයි.

    ReplyDelete
  57. @පිස්සා පලාමල්ල:
    මම හිතන්නෙ දැන් මේ ගැන කතා කළා ඇති කියලා. සඳහන් වෙන්න ඕන කරුණු ඔක්කොම අඩුවක් නැතින සඳහන් වෙලා තියනව නෙ?

    තව කෙනෙක් වැදගත් පොයින්ට් එකක් ගෙනාවොත් කතා කරමු, නැතිව හෝද හෝද මඩේ දාල ආයි හෝදන එකේ තේරුමක් නෑ නෙ?

    ReplyDelete
  58. පැහදිලිවම. මටත් හිතුනා ඒක. මමත් උබත්.. තව බොහෝ දෙනෙකුත් ඒ ඒ අයගෙ මත මේ සංවාදයෙදි ගෙන ආව. මතක අමතක.. දැනන් හිටි නොදැන හිටි දේ සර් ගැන දැන ගත්ත.

    බොහොම ස්තුතියි මේ වගේ සංවාදයක් ඇති කිරීමට සහය වීම සදහා.

    ReplyDelete
  59. @පිස්සා පලාමල්ල:
    ස්තුතියි!

    ReplyDelete
  60. මේකේ කොළඹ ඉදං ගාල්ල මාතර විතරක් නෙවි තංගල්ලට වෙනකංම කමෙන්ට් කරලනේ බං.

    මාත් බද්දෙවිතාන සර්ගේ ක්ලාස් ගියේ රිවිෂන් විතරයි. රිවිෂන් එකේදි නම් එච්චරම විහිලු කරන්නෙ නැහැ.

    @බුදා
    මලේ හැමෝම එක වගේ නැහැ. එක එක්කෙනා තමන්ට ආවේනික ක්‍රමයක් හොයාගන්නවා උගන්වන්න. මේක එයාගේ ක්‍රමේ. ඒ ක්‍රමය වැරදි නම් මෙච්චර කල් පන්ති කරන්න වෙන්නැහැ.

    ReplyDelete
  61. මම හොදයි කියලා කියන සර් කෙනෙක් තම ජනක සර් කියන්නෙ.
    හැබයි ක්ලස් යන කාලේ මට මෙහෙම දෙයක් උනා.
    මාත් එක්ක හිටියේ ගොඩාක් වැඩ පුලුවන් එකෙක්....
    අපේ වචනයෙන් කියනවානම් මීටරයක්......
    ක්ලස් 1දි සර් ගොඩාක් වෙලාවට එයාගෙන් අනිත් විශයන් කොහොමද එහෙම අහුවා
    හැබයි මම බලන් හිටියේ
    කවදහරි සර් අපෙනුත් ඔහොම අහයි කියලා.......
    එත්...........
    එවා මෙවා කොහොම උනත් අපි ගොඩගියෙ සර්ත්
    නිසා

    ReplyDelete
  62. මේක අහලා බලන්න අඳුරගන්න පුලුවන්ද කියලා..
    http://www.divshare.com/download/11070689-3b8

    ReplyDelete
  63. ගයාන් තාරක : හික් හික්.. ටිකක් කතාව දික් ගැස්සුනා....


    නමක් නැති යාලුවට... බොහොම ස්තුතියි කොමෙන්ට් එකට...
    මගෙන් ඩන්කන් සරුයි මුනසිංහ සරුයි ඇරෙන්න අහල නැහ කවුරුත්...


    ඉන්දරේ | Indranama : මේ කව්ද බන් ??? බද්දෙ සර් නෙමෙයිනේ.

    ReplyDelete
  64. දිසානායකMay 11, 2010 at 10:33 AM

    ඔයාලගේ සර් ඉස්සරහටම වෙලා ඉන්නේ ජංගි දෙක තුනක් දාගෙන වෙන්න ඇති. පුංචි කෙල්ලන්ව පේන්න බැහැලු නේද?

    ReplyDelete
  65. අනේ මන්දා මාත් ප්‍රසන්න සර්ගේ රිවිශන් ගියා ගම්පහා.මං දන්න විදිහටනම් සර් නරක කෙනෙක් නෙවෙයි.සර් පන්තියට ආපු ගමන්ම කරන්නේ පිටිපස්සෙම ඉන්න ලමයි ටික ඉඩ තියෙන තියෙන තැන් බලලා ඉස්සරහට ගන්න එකකානිත් එක තාමා ලමයිට පාඩම එපා වේගෙන එන්නේ මොන වෙලාවටද කියලා සර්ට හොද අවබෝධයක් තිබුනා,ඒ වේලාවට සර් පොඩි විහිලුවක් කරලා ඒ තත්වෙන් මුදා ගන්නවා.ඔය වෙලාවට ගොඩාක් බයිට් වෙන්නේ අපේ සුසන්ත සර්ව.ඒ දෙන්නම ඉස්කොලේ යන කාලේ ඉදලාම හොදම යාලුවෝලු.ගම්පහ උගන්නවන වෙනින් ගුරුවරු වගේ තවත් ගුරුවරුන්ව විවේචනය කරන්න කවදාවත් අපේ පන්තියේදීනම් කාලය නාස්ති කලේ නෑ.මං නම් අදටත් දකින්නේ බද්දේවිතාන සර් කියන්නේ ගොඩාක් හොද සර් කෙනෙකකේ වගේම තමයි පුස්සෙල්ල සර් සහ කේ සිරි සරුතතේ දෙන්නත් මං හදවතින්ම ගරු කරන ගුරුවරු දෙන්නෙක්.
    සමාවෙන්න ඕනා ඔයාලගේ කාතාවට මැද්දෙන් පැන්නට..

    ReplyDelete
  66. දිසානායක : එහෙම කතාවක් නම් මම අහල නැහ. සර් ගෙ එහෙම නරක දේවල් නම නැහ මම හිතන්නේ. මඩ කතාවක් වෙන්න ඕනි.


    මම : මැද්දෙන් නෙමෙයි අන්තිමටනේ පැන්නේ. හිහි... සමාව ඉල්ලන්න ඕනි නැහ.

    ඇත්ත් සර් හොදයි... ගුරුවරයෙක් වශයෙන් නරක නම් ඔහොම ප්‍රසිද්දියක් සහ සිසුන් පිරිසක් ඇති වෙන්නේ වත් පැවත්මක් තියෙන්නේ වත් නැහනේ.

    අපි කතා කලේ ගුරුවරු යොදා ගන්න ක්‍රම වල හොද නරක.

    බොහොම ස්තුතියි අදහස් දක්වන්න ආවට මේ පැත්තේ.

    ReplyDelete
  67. බද්දේ ගාව කිසිම ගුරුවරයෙක් ලඟ නැති නියම ගති ගුණ ටිකක් තියෙනවා.මම ක්ලාස් ගියේ මාසයයි,ඒත් ඒ ටිකට සර් ගැන ඇති වුණේ පැහැදීමක්

    ReplyDelete
  68. මොනව කිව්වත් බද්දෙ හොඳ මනුස්සයා...

    ReplyDelete
  69. ඔව් ඔව්... සර් නරකයි කියල මම කියන්නේ නැහ. :)
    නරකනම් මෙච්චර කල් ජනප්‍රිය ගුරුවරයෙක් විදියට පැවත්මක් තියෙන්න බැහනේ.

    ReplyDelete
  70. බද්දෙවිතාන සර්ගෙ ඉගැන්වීම සිරා!ඒත් එයාගෙ වැඩ නිසා තව පොඩ්ඩෙන් පුරුපුරුගෙ ලව් එක ගැස්සිලා යනවා.ඒ ගැන පෝස්ට් එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ!

    ReplyDelete
  71. අහ් පුරු පුරුලත් ගිහින් නේ සර් ගෙ ක්ලාස්. දාපන්කො ඉක්මනට ඒ සීන් එක....

    ReplyDelete
  72. බද්දේ නං මතක් කරන්න එපෝ.. දවසක් මේ අහිංසක මාවත් මුළු පන්තිය මැද ඉස්සරහට ගත්ත නේ...
    galle 2010 class eke.. ada ada issarahata giya.. thama mathakai.. kellekta kiyala wenasak na.. sir ge e hasireema nan anthimai.. (deiyane kiyala banne nan na.. e kata awissunoth hamoma dannawa ne hati?? :'( )

    ReplyDelete
  73. හපොයි ඔයාටත් සර් ගේ සබ්බුවක් හම්බු උනාද... හික් හික්...

    ReplyDelete
  74. onawatath wada hambuna.. ath ithin mage laga hitapu babara haamine mata katha karapu ekata mawa nagittawala gaththa eka gana mata thamath dukai.. ane monawa naththath yaaluwo tika ekathu unama hina wenna hoda kathawak eka.. hih hih.. kohomada badde ge clss ekaka kellek issarahata gaththa kiyanne?? ammoooo... katawath nan wenna epa ehema.. (dan ithin 2010 a/l karana samahara aya meka kiyewwoth mawa adura gani..)

    a/l jeewithe mata ithuru baddewitharana sir ge clss eke mathakaya witharai eka athakata baluwama.. hmmmm..

    ReplyDelete
  75. මේ ඔය ළමයා විබාගෙ කරාද ?? තව කල් තියෙද මෙ බ්ලොග් ලිය ලිය ඉන්නෙ ??

    හපොයි ඔව් ඔව් කෙල්ලෙක් ඉස්සරහට ගත්ත කියන්නේ කෙල්ල සුපර් ස්ටර් උනා වගේ ජනප්‍රිය වෙනවා... නිරහංකාරි ගාල්ලෙද ??

    ReplyDelete
  76. thama nan kare na aiye.. ath ithin wibahage karana ekakuth na..

    supr str newi mega str wage thama.. hih hih.. ath ithin ahinsaka nathi unath nirahankaara kama nisa class wala inna eka eken passe unath mata prashnayak une na.. :) :) nathhtan kollongen berenawa boru ne..

    mama galle ta tikaaak withara laga palathaka aiye..

    ReplyDelete
  77. ඉතා කෙටියෙනි.

    හොඳ ගුරෙක් ලු, හැබැයි වේසි කියල බනිනවලු.
    හොඳට උගන්නනවලු, හැබැයි නින්ද යනවලු.

    මේ මොන විහිළුවක් ද? ගුරුවරයෙක් වුනාම එයාගෙ වැඩේ උගන්වන එකයි. පොලිස්කාරයෙක්, ජේලර් කෙනෙක් වෙන එක නෙමේ.

    පොත් විසි කීරීම ගැන - අපේ කාලේ ලිව්වේ half sheet වලය. අපි පොත්වල ලිව්වේ නමේ පන්තියට එනකං විතරයි.

    ReplyDelete
  78. @කතන්දරකාරයා-ගුරා හොදයි ලු.එ නිසා මාත් ගියා.එත් දෙයියනෙ කියල ඉගන ගත්ත දෙයක් නන් නැ.. හිහ් හිහ්..

    බද්දෙ හොදයි හිර ගෙදර හිර කාරයො පාලනය කරන්න...

    පොත් වල ලියුවෙ නැත්තන් අපි ගාල්ලෙත් ඉදල ඉවරයි එ දවස් වල. එ තරන් ලැජ්ජා කරනවා අපිට..

    ReplyDelete
  79. nirahankaara ahinsakaawi : අහ් මට හිතා ගන්න පුලුවන් ලඟ පලාත හික් හික්. ඔව් ඔව් නිරහංකාර විදියට ඉන්නව නම් ඔය හුඟක් කෙල්ලොන්ට කරදර අඩුයි.

    හැබයි නංගි කතන්දර අයියට දීපු පිලිතුරට නම් මම එකඟ නැහ. සර් හොඳයි. හැම මනුස්සයෙක් ගෙම වැරදි තියෙනවනේ... එහෙම අඩුපාඩු තියෙනවා. ඒව තමයි ඔය කොමෙන්ට් කරපු හුඟක් අය ගෙන් කිය වුනේ. ඒත් ඉගැන්වීම් අතින් හුඟක් හොඳයි සර්.

    ReplyDelete
  80. කතන්දර අයියා මේ පැත්තෙ ආවමද කොහෙද...

    මෙහෙමයි... සර් ගෙ හොඳ වගේම නරකත් තියෙනවා හැම කෙනෙක් ගෙම වගේ.
    ඉගැන්වීම අතින් හොඳයි. ඒත් ළමයි පාලනය කිරීම සඳහා ගන්න සමහර ක්‍රියා මාර්ග පිලිගත නොහැකියි.

    ReplyDelete
  81. @pissa aiya-ane manda aiya.. apita organic epa karanna try karapu ekama sir thama baddewitharana sir.. hamoma kiyana nisa ammage bala kireema nisath karanan deyak nathi nisath giya misak,man nan sir gen igana gathhta deyak na..
    sir ta baye hitya misak ita wada deyak nan mathaka na.. sri pathirana sir gena ita wada loku thanak mage hithe thiyanawa..

    ReplyDelete
  82. හ්ම්ම් මෙහෙමයි හැමෝටම හරි යන්නේ නැහ තමා.. මමත් පස්සෙ ඩන්කන් සර් ගාවට ගියා. ඒත් මුල් ටික ගොඩ දැම්මෙ සර් ගෙ නොට්ස් වලින් තමයි.

    ReplyDelete
  83. @ nirahankaara ahinsakaawi
    ඕගනික් එපාකරවන්න ට්‍රයි කලා කියන එක නං පිලිගන්න අමාරුයි නංගී. සර්ගෙ පරිවර්තන ක්‍රම මැක්සා. ලේසියෙන් මතක හිටිනවා. අනිත් එක අර කරවන ඕගනික් ටියුට් ගොන්න ඉවර වෙනකොට පරිවර්තන එහෙම නිකංම කටපාඩං වෙනවා. එපා වෙනවා කියලා ඔයා අදහස් කරන්නෙ පැවරුම් ගොඩක් දෙනවා කියන එකද? මම ගියෙත් ඔයා ගිය ගාල්ලෙ පංතියටම තමයි.

    අංක දෙක: හැමෝම කියන නිසා ඇයි ඔයා ක්ලාස් යන්නේ? ඒ පංතියේ ගුරුවරයා අල්ලන්නෙ නැත්නම්, උගන්නන දේ තේරෙන්නෙ නැත්නම්, ඇයි තවත් ඒ පංතියට ගිහින් නිකං වෙලාව නාස්ති කරන්නේ? වෙනත් සුදුසු පංතියකට යන එක නේද ඒ වෙනුවට කරන්න ඕනේ ඒලෙවල් කරන ලමයෙක් විදියට?

    ReplyDelete
  84. බද්දෙගේ ඉගැන්වීමේ රටාව අතිවිශිෂ්ටය ...
    මතක ඇති කිසි දිනෙක මට නින්ද ගොස් නැත ...
    මටත් සොදුරු අත්දැකීමක් ඇති මුත් එය මම ඒ අවස්ථාවේදීම රස වින්දෙමි ...
    බොහෝ විට පන්තියෙන් එළවීම වැනි දේ ගැන පූර්ව දැනුම් දීමක් සිදු කෙරේ, එය කනකට නොගැනීම හෝ අමතක වීම නිසා බොහෝ විට එවැනි දේ සිදුවීම දැකිය හැක ...
    බද්දෙගේ පන්ති යන ඕනෑම කෙනෙකු ඔහුගේ විහිලු තහළු විෂය කරුණු සමග සම්මිශ්‍රණය කිරීමේ අසාමාන්‍ය දස්කම ගැන සාක්ෂි දරනු ඇත ...
    බද්දෙගේ පන්තියේ වැඩිපුර සිදු වන්නේ විහිලු තහළු මිසක්, භයන්කාර දේවල් නොවන බවද සදහන් කිරීමට කැමතිය ...
    එවැනි අමානුෂික යැය් සැලකෙන දේවල් සිදුවන්නේ මාසයක වරක් දෙවරක් පමණය ... එයත් පන්තියේ ළමුන්ගේ කීකරු බව හා හැසිරීම මත සම්පූර්ණයෙන්ම රඳවා පවතී
    එසේම අවසන් වසරේ හෝ පුනරීක්ෂණ පන්තිවලදී නම් එවැනි දේ සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. බොහෝ විට ඔහුම පවසන පරිදි පළමු වසරේ සිසුන් ඔහු ගණන් ගන්නේ වැලි කැට ගානටය, දෙවැනි සහ තෙවැනි වසර වල සිසුන් ඔහුට මිනි කැටය ...
    එය විශ්ව විද්‍යාලයක සම්ප්‍රදාය මෙනි .. කැම්පස් එකේ පලමු වසරේදී විදින්නට වෙන දුක් ගැහැට තරම් බද්දෙගේ පන්තියේ පළමු වසරේදී විදින්නට සිදු නොවන බව නම් අවිවාදයෙන්ම පිලි ගත යුතුය ...
    ප.ලි. organic පරිවර්තන නම් පට්ටය .....
    ප.ප.ලි. බද්දෙගේ පන්තියක එකම එක දවසක් ආපසු වාඩිවී සිටින්නට ඇත්නම් !!!

    ReplyDelete
  85. budu ammooo menna kattiya mata hodatama banala.. sir ge mula padan tika nan hodai kiyala math pili gannawa.. ath mata nan organic epa une sir nisamai.. aththa.. mama galle walata aluth kenek.. e nisai hamoma kiyana hoda sir la lagata giye.. ath passe therena kaale enakta man clss maaru kara. ada wenakota nan man eka clss ekakatawath yan na. hmmmmm.. man ai meke cmnt karan na.. mage blog eka kiyawana kenek ekata heethuwa daki... man nisa kata hari hitha riduna nan sama wenna.. ath man kuwe athhta...

    ReplyDelete
  86. නිරහංකාර අහිංසකාවි : නැහ නංගි.. ඒක ඔයාට තේරෙන විදිය. හැමෝටම හැම ගුරුවරයම හරියන්නෙ නැහ. ඒ ඒ අයගෙ අදහස් තමා ඉදිරිපත් කරල තියෙන්නෙ.
    ඒවට හිත රිදව ගන්න එපා.

    ඔයා දැම් පන්ති නොයන හේතුව හැමෝම දන්නෙ නැහනේ.. ඒක දැන ගන්න ඕනිත් නැහ මම නම් හිතන්නේ...

    හිත රිදව ගන්න එපා.

    ReplyDelete
  87. Ravana : සර් ඔය වැලි කැට මිනි කැට කතාව කියනවා පටන් ගන්න දවසෙම හි හි... උබ මොන අවුරුද්දෙද....

    ReplyDelete
  88. hmmmm.. aththa aiya oya kiyanne.. danno danithi kiyala inna thama wenne.. man dan duk wen na aiya.. uparimen hitha riddagena thawath tikak hitha riddagena inna mata owa maha dukak newi aiya.. :D :D :D aah me oyath galle wala kenek kiiyala man dana gathhte ada dinithi ge katawa kiiyewwama aiya.. :D :D

    ReplyDelete
  89. හි හි... එහෙමද. මම හිතුවා කලින් දන්නව කියලා. මේකත් ගාල්ලෙ ක්ලාස් එකේදි තමා උනේ. අවුරුද්ද නම් අහන්න එපා.. :)

    ReplyDelete
  90. 2004 ne?????????? man dakka kathawe anthimata dala thiyanwa.. aththatama e kaale man nan podi ekek.. :) :) ath ithin 2000 awurudde idan baddewitharana sir gana onawatath wada danafena hitiya.. issara clss thibune dan munasingha sir ge clzz thiyana hall eke ne. ape gedara issarahin putuwak thiyan wadi unama sir ge rasa katha okkoma ahenawa.. hih hih..

    ReplyDelete
  91. නංගි 2004 A/L කරේ මම ...
    පිස්සා 2002 වෙන්න ඕන ...
    මේ ඔයා Gibson අදුරනවද ?

    ReplyDelete
  92. @ravana- kawuda aya e????? man eema namin nan dan na godka ayawa.. wisthara kuwoth dannawa athi...

    ReplyDelete
  93. kawuda aiya e?? ane man ehema nan dan na.. ath wisthara kuwoth dannaw aathi..

    ReplyDelete
  94. එයාලගේ ගෙවල් තියෙන්නේ හරියටම මුණේගේ පන්තිය තියන බිල්ඩිමට පිටිපස්සේ ... අර සුදු කෙල්ලේ visual එකේ හිටියේ එයාගේ නංගි

    ReplyDelete
  95. hih hih.. eyage nangiwa nan man dananwa.. issara podi kaale api ekka mokaddo ekakata clss awa.. sangamithta ne??? e akkawa nan mathaka na.. ravana aiya mokada eya gena ahanne aaaa? :P :P :P

    ReplyDelete
  96. Giba apith ekka eka set eke hitiye. kaalekin wistarayak naa. ekai ahuwe. oyage gedara thiyenne cls eke stage eka thiyana paththeda?

    ReplyDelete
  97. apoi api hitiye rnt ekata aiya.. rathgama kattiyakage gedara uda thattuwe.. ithin ekata hodhata ahenawa okkoma.. oyata me tika kuwama mathak wenawath athi.. thana kothanada kiyala.. ahh giba kiyanne aiya kenekda?? man hithuwe akka kenek kiyala..

    ReplyDelete
  98. pora thama mage chemistry kewe.matath hithenne porata podi manasika awlak thiyenawa.pora mulinma chemistry basic concepts lokuwata ambarenna kaanawa.danthami therenne gamak ne kiyala

    ReplyDelete
  99. ගලා මහත්තයාJuly 15, 2010 at 10:56 PM

    @ Ano
    මුලදි Basic concepts ටික ඇඹරෙන්න කරපු නිසා තමයි අද ඔයාට ඒවා ගේමක් නෑ කියලා තේරෙන්නේ. මුලදි එහෙම විස්තර ඇතුව කලේ නැත්තං ඔයාට අදත් ඒවා ග්‍රීක් වගේ දැනෙයි.

    ReplyDelete
  100. ගලා කිව්ව එක හරි.. ඒ දවස් වල එහෙම කරපු නිසා තමයි පහු වෙද්දි ඒවා ලේසි බව තේරෙන්නෙ.
    එක එක අයට එක එක ගුරුවරු ගැලපෙන්නෙ... සර් ව සමහරුන්ට දිරවන්නෙ නැහ. ඒත් මානසික ආබාදයක් කියන එක වැරදියි.

    ReplyDelete
  101. පිස්සා අය්යා ඔසාගෙ email adrss 1 දෙනවද?

    ReplyDelete
  102. අපෝ බද්දෙවිතාන සර් නේද?කතා කරන්න එපා.කිසිම මනුස්සකමක් නැහැ.මටත් උක්කුන් පුතා කියලා එලවලා තියනවා.ඒක් අවුලක් නැහැ.කෙල්ලො ඉස්සරහත් කුනුහරප කියනවා.අනිත් බුවා තමයි ජීවක

    ReplyDelete
  103. එහෙම කියන්න එප බන් ඒ උනාට.

    කව්ද ජීවක අහල නැහනේ බන්

    ReplyDelete
  104. @ පුබුදු
    කවදාවත් තමන්ට උගන්නපු ගුරුවරයෙක්ට එහෙම කතා කරන්න එපා බන්. මමත් sir ගෙ පන්ති ගියා ඒත් කවදාවත් බැනුම් අහල නෑ... වසයි තමයි මොකද වස නොවී උගන්නම බරි උනොත් විතරයි sir වස වෙන්නේ....
    මොනා උනත් මමනම් sir හින්දම තමයි chemistry ගොඩ දාගත්තෙ... මන් ගොඩක් ගරු කරන sir කෙනෙක්

    ReplyDelete
  105. මාලන් එක්ක මමත් එකඟයි

    ReplyDelete
  106. chemistry rev නම් ශ්‍රි ගෙ(ශ්‍රි පතිරන) පලයල්ලා.මම ගාල්ලෙ හැම මන්තියකටම වගෙ ගිහිල්ල තියෙනවා.බද්දෙ ගෙ කියන්න තරන් විශෙශය්යක් නැ.පොර අලුතින් යන උන්ට chemistry කියන්නෙ හෙන විශයක් කියලා කොරවෙන්න කරනවා.දැන් තමයි තෙරෙන්නෙ ඈති දෙයක් නැ කියලා.

    ReplyDelete
  107. මන් බ්ලොග් 1 නම් දැක්කෙ හරිම අහම්බෙන්.ඒත් බද්දෙවිතාන සර් ගැන ලිපියක් තියෙනව දැක්කම හරිම කැමැත්තෙන් කියෙව්වෙ.මාත් සර්ගෙ කලුතර class 1ට ගියා..සර්ට ගොඩක් උතුම් ගතිගුන තිබුනා.chemistry වලට අසාවක් ඇති උනෙ sir නිසා කිව්වොත් හරියටම හරි.revision class 1 පැය 6ක් විතර තිබ්බත් අපිට නම් කම්මැලි කමක් තිබ්බෙම නැ.sirට තිබ්බෙ අමුතුම උගන්නන style 1ක්.මන් නම් අදටත් sirට ගොඩක් ගරු කරනවා.Nirosh chaminda sirත් ඒ වගෙම උතුම් ගුරුවරයෙක්.

    ReplyDelete
  108. ආ කියන්න අමතක උනනෙ.අහම්බෙන් දැක්කට මොකද නියම බ්ලොග්1.wel done.!!

    ReplyDelete
  109. ඔය පොත් විසිකරේ අපේ ක්ලාස් එකේ. 2006 A/L අපි ගිය මුල්ම දවසෙත් මේ වගේම හොඳ චාටර් එකක් කෑවා අන්තිම පේලියේ (කෙල්ලොන්ට පිටිපස්සේ )වාඩි වෙලා, පන්තිය වටේ යැව්වා. මොනව උනත් නියමෙටම ඉගැන්නුව.

    ReplyDelete
  110. ඇනොනිමස් යාලුවොන්ටයි කට්ටියටම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.

    ඒ ලෙවල් කාලේ අමාරුව්න් කරපුවා අපෝ මොනවද කියල අපිට පස්සෙ හිතෙනවා නම් තමා. ඒත් ඒ කාලේ ඒවා එහෙම නැහ. එහෙම අමාරුවෙන් ඉගෙන ගත්තට පස්සෙ නොවැ එහෙම හිතෙන්නේ.. ඒක තමා ඉගෙනීම.

    ReplyDelete
  111. මාත් ගියා මාසයක් කලුතරට!මිනිහගේ පම්පෝරි මට හරිගියේ නෑ බං!එක් එක්කෙනාගේ ටේස්ට් එක වෙනස් නේ!

    ReplyDelete
  112. balathsinhala sir thamayi best, api thaniyen igena gatha yuthuyi, sir paara pennanawa.

    ReplyDelete
  113. baddeya attatama honad manussayek. kollo manwa bite karnana gataa. ekayi eyage haseerem ratawa wenas une.
    mama hithanne gondaka honda guruwarayek. bokken karanawa wade. mama giye mul kalaye attadassiye and edics ekata. aapi ekka ashrya kaler e yahaluwoo wage. thamath e fit eka thiyenwa.

    ReplyDelete

Related Posts with Thumbnails