Wednesday, April 28, 2010

කාක්කා ගහපු අවජාතකය මෙහෙ වර...

Share
හුඟ දවසකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ.... අලුතින් මොනවත් ලියන්නවත්.. කිසිම බ්ලොග් එකකට කොමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් ලැබුනෙ නැහ. යන එන ගමන් mobile එකෙන් google reader භාවිතා කරල බ්ලොග් කීපයක් නම් කියෙව්ව. මැරතන් එකත් තිබිල නේ...


ඇත්තටම වැඩ... වගේම පුද්ගලික වියාපාර කටයුතුත් එක්ක ටිකක් කාර්ය බහුල වීම තමා හේතුව.


ම්ම් ඉතින් මොනා හරි ලියන්නත් ඕනිනෙ.. අදත් ස්කෝලෙ කාලෙ උන සිද්දියක් ලියන්න හිතුනා. බ්ලොග් එක පාලුවට යවන්න බැහනේ.


මේක උනේ උසස් පෙල පන්ති යන කාලේ. මම මුලින්ම රසායන විද්‍යාවට ගියෙ බද්දෙවිතාන සර් ගාවට.ඒ දවස් වල ඉතින් ලොකු කන්ඩායමක් නේ ගියේ.. ඒ ගිහින් වුන සිද්දියක් තමයි  ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්... එකි ලිව්වෙ. කට්ටියට මතක ඇතිනේ.
පස්සෙ ඉතින් කට්ටිය ප්‍රතිපලත් එක්ක එක එක විශයවල් කරන්න බෙදිල ගියා. ඒ වගේම ඉතින් සර් ගෙ සමහර ක්‍රියා මාර්ග මට අල්ලන්නේ නැති වීමත්... ඉරිද දවසෙ තව පන්ති කීපයක් තිබීමත් නිසා මමත් තව යාලුවො කිහිප දෙනෙකුත් ඩන්කන් කුලසේකර සර් ගාවට යන්න තීරනය කලා.


ඩන්කන් සර් ගෙ පන්තියෙත් ලමයි 600 - 700 ක් විතර ඉන්නවා. සර් ගෙ කාබනික රසායනය.. අකාබනික රසායනය එහෙම හුඟක් හොදයි.


සර් ඉතින් ඔය බද්දෙවිතාන සර් වගේ එක එක විහිලු කරන්නේ නැහ. ඒ වගේම තමයි ලමයින්ට ඕනිවට වඩා සද්දෙ දාල බය කරන් ඉන්න හදන්නෙත් නැහ.
එහෙම කියල සර් ගෙ පන්තියේ විනය නැති උනෙත් නැහ.


මෙහෙමයි ඉතින්.. ඒ ඩන්කන් සර් ගෙ විදිය.. අර බද්දෙවිතාන සර් ගෙ විදිය.


ඉතින් අටුවා ටිකා වැඩක් නැහ. කතාව කියන්නම් කො.

කට්ටිය දන්නව ඇතිනෙ ඔය කොල කෑලි වලින් කාක්කො හදනව ඒ කාලේ. මම නම් ඔය කාක්කො හැදීමට එච්චර සමත් නැහ. කොච්චර උත්සහ කලත් මගේ කාක්කො යන්නේ නැහ වැඩි දුරක්. හික් හික්.. නාසා එකට සුදුසු නැහ. ඒ උනාට සමහර අයනම් ඇත්තටම නාසා එකට ගන්න වටිනව හික්.. ඒ තරම දක්ශයි කාක්කො ( rocket ) යවන්න.

ඉතින් කොහොම හරි එදත් සර් උගන්න උගන්න ඉද්දි කව්ද මන්ද එකෙක් ඔය කාක්කෙක් යැව්ව. ඉලක්කය නම් ඔය ගැහනු ලමයෙක් වෙන්න ඇති. ඒත් ගිහිල්ල වැටුනෙ සර් ගාව.


සර් හිමින් සරේ හැරිලා " වෙන තැන් වල කරන සෙල්ලම් නම් මෙහි කරන්න බැහ ළමයි... ආයේ එහෙම මේව එවනව එහෙම නෙමෙයි " කියල බොහොම සන්සුන්ව කියල අනිත් පැත්ත හැරිල ලියන්න ගත්තා....

කොහෙද අපේ උන්ට හොදින් කිව්වට තේරෙන්නෙ නැහනේ.. ( ඒකද මන්ද බද්දෙවිතාන සර් අරහෙම නීති දාන් ඉන්නෙ.. )

වචන දෙකක් ලියන්න උනේ නැහ තව කාක්කෙක් සර් ගෙ කකුල් දෙක ගාවට Land කරා. FM mike එකත් අරන් හැරුනෙ අර කලින් හිටි ඩන්කන් සර් නෙමෙයි....

හෙන ගහන්න වගේ සද්දෙට...

" කව්ද මේක එවපු අවජාතකයා.... කියපන්.. "

කට්ටියම silence . සර් ටිකක් වෙලා බලන් හිටියා...

සර් ගෙන් ඔය වචනේ පිට වෙන්නේ රතු කට්ට කැඩෙන්න තද උනහම කියල අපි අහල තිබ්බ...

 " මේක එවපු එකා කියනකම් මම පන්ති කරන්නේ නැහ " කියල සර් බැහල ගියා...



ටික වෙලාවකින් සර් ගෙ ටික්ක ඇවිත් කිව්වා... සර් පන්තිය කරන්නේ නැහ කියල...

ඒ කාලේ ඉතින් තව මොකක්ද... පොත් ටික ගත්ත සිං සිං ගාල කට්ටිය ගෙවල්... බස් ස්ටෑන්ඩ්... මල් වතු... කොටු පවුරු බලා පිටත් උනා...
ෆුල් ආතල් නෙ ඉතින් කලින් පන්ති ඇරුනම...


ඊට පස්සෙ සතියෙත් ගියා පන්ති... උදේ තිබ්බ පන්තිය ඉවර කරහම තමා අපේ කාඩ් මාක් කරල ඇතුලට ගන්නේ. එදා ටික්ක කියපි... අද පන්ති කරන්නේ නැහ.. කාඩ් ගත්තු අයගේ සල්ලි ආපහු දෙන්න කියල සර් කිව්ව කියල...

එවෙලෙ තමයි ඉතින් කට්ටියට රත් උනේ... කොහෙ පන්ති යන්නද වෙන... ඔක්කොම ඉතින් සර් හම්බුවෙන්න ගියා...
වෙනද වගේ පොඩි බංකුවි වාඩි වෙලා සර් තේ එකක් බොනවා...

ගිහින් ඉතින් සමාව ඉල්ලල ඒව මේව කිව්ව.. කොහෙද.. අර කාක්ක යවපු එකා කියනකම් සර් නෙමෙයි පන්ති කරන්නේ..

කොහොම හරි පැය එකහ මාරකට විතර පස්සෙ සර් එකඟ උනා පන්තිය කරන්න.

හික් හික්.. එදායින් පස්සෙ නම් ඒ අවුරුද්දෙ ඩන්කන් සර් ගෙ පන්තියෙ නෙමෙයි කාක්කො හැදුවෙ එකෙක්වත්.

8 comments:

  1. මදැයි ඔෙහාම ෙබ්‍‍රුනා....

    ReplyDelete
  2. කාක්කෙක් කල හදියක් මදැයි. ඔයින් බේරුනා ඇති... ඊට පස්සේ මොකුත් ආතල් වැඩ වුනේ නැද්ද අයියා ?

    ReplyDelete
  3. හිහි... ඒ පන්තියේ නම් නැහ මල්ලි... ඔය කලින් පැනල එන එක තමා ඊට පස්සේ...

    ReplyDelete
  4. අඩෝ ඔය සීන් එකට ලගින් යන එකක් අපිටත් (අපිට කිව්වට මම තමයි ඉතින්) උනානේ මුනේගේ පන්තියේ ....
    මුනේගේ අභියෝගය උනේ කාක්කා ගහපු එක්කෙනා මම දීපු ගාණ බෝඩ් එකේ හදන්න කියල ... හේ හී
    මම තාමය් ඒ වෙනකොටත් ගාණ හදල ඉවර කරපු එකම එකා ... ( මම ඉතින් ඩයල් එකනේ )
    මම කොහොමටත් කාක්කෝ ගහන්න ඕන නිසා ඉක්මනටම ගාණ හදනවා ..
    ඊට පස්සේ ඉතින් නිදහසේ කාක්කෝ ගහන්න පුළුවන්නේ...
    මගේ කෙල්ල හිටපු පේලිය තාමය් target එක (කෙල්ල කිව්වට ඉතින් අ දවස්වල trying තාමය්. පස්සේ ගොඩ ගිය කොහොම හරි .. )
    එත් මම මුනේව අසරණ කරන්න තිබුන අවස්ථාව ලබා නොගෙන මුනේගේ නම්බුව ආරක්ෂා කරා ... (මොනවා උනත් මම වැරදි කාරයනේ )

    ReplyDelete
  5. ඔය කතා ලියපන් අපිටත් බලන්න. මුනේ නම් මාර සර්... හිහි. සර් ගැන කතා තිබ්බට ලියන්න අමාරුයි... අනන්යතාව හෙලි වෙන්න ඉඩ වැඩි නිසා හික් හික්

    ReplyDelete
  6. මෙහෙම දෙයක් අපි ඉස්කොලෙ යන කාලේ පංතියෙදි උනා
    http://pamalblog.blogspot.com/2011/06/blog-post_23.html

    ReplyDelete

Related Posts with Thumbnails