Wednesday, April 21, 2010

ස්කූල් බස් ( school bus ) ඉනිමගේ ස්කොලේ ගිය හැටි...

Share



පහු ගිය ටිකේ දිගටම වගේ වැඩ කලා.. වෙලාවක් ලැබුනහම පරන යාලුවොන්ට දුරකතන ඇමතුම් දුන්නා අවුරුද්දට සුබ පතන්නත් එක්ක. පරන දේවල් හිතට නොයෙන්න... ඒ ගැන නොහිත ඉන්න මම සෑහෙන උත්සහ ගත්තා.  යාලුවො කරපු කොමෙන්ට්ස් වලින් මට සෑහෙන හිතට හයියක් දැනුනා... හ්ම්ම් ඒ ගැන දැන් කතා කරල වැඩක් නැහ.


පරන කතාවක් කියන්න හිතුනා. ඉස්සර කරපු දේවල්.. පිස්සු වැඩ මතක් වෙද්දි තවමත් හිනා යනව....




මේකත් ඒ වගේ පිස්සු මෝඩ වැඩක්.


පුර සඳ ගේ  ඉන්දියානු බස් කතා..බිහාරයේ තට්ටු තට්ටු බස්...  කතාව දැක්කම මතක් උන සිද්දිය ආයෙම ඇදුනේ අද පරන යාලුවෙක්ට කතා කල වෙලේ. ඉතින් බ්ලොග් එකේ ලියන්න හිතුනා. ඒ වලින් වත් මේ විකාර හිතෙන එක අඩු වෙය්නෙ.


යන්නෙ කොහෙද මල්ලේ පොල් නේ... මෙන්න කතාව.


****************************


උසස් පෙල කරන කාලේ අපි ස්කොලේ ගියේ පාසල් බස් එකේ.school bus එක කියන්නේ. හෑබය් මේක private බස් එකක්. ඒත් අය කලේ සාමන්ය ගාස්තුවෙන් බාගයයි.


ඉතින් අපි ඔකේ තමයි ස්කොලේ යන්නෙ එන්නේ. ගාස්තුව කොහොම උනත් ඉතින් හුඟාක් දෙනෙක්ට බස් එකේ යන්න වෙනම හේතු තිබුනා. මොකද ඔය ආදර හුට පට වලට හුඟාක් නිදහස් නිසා. ස්කෝලේ ළමයි විතරනේ ඉන්නේ. ඕප දූප වලට මාට්ටු නොවී ඉන්න පුලුවන්නේ. ඉතින් පිස්සත් ඒ කාලේ පොඩි ආදර පල හිලව්වක පැටලිලා හිටියා. ස්කෝල් යන කාලේ නේ..


ඉතින් කොහොම හරි ඔය බස් එක හවසට ස්කොලේ ඇරුනම නගරය පුරා තියෙන හැම ස්කෝලෙකම ළමයි අරන් තමයි අපේ ස්කෝලේ ගාවට එන්නේ. ඒ දවස් වල ස්කෝලෙ ඇරුනෙ දවල් 2 ට. බස් එක එද්දි 2.20 - 2.25 විතර වෙනවා. ඉතින් කට කපලා සෙනග බස් එකේ.


කොහොමත් ෆුට් බෝඩ් තමයි හොල්ට් 4 - 5ක් යනකම්... අපේ ස්කොලේ ගාවින් පස්සෙ නගින්නේ නැහනේ කවුරුත්.


බස් එකේ කන්ඩක්ටර් හිටියේ සමන්ත අයිය. ( ඇත්ත නම ඕනි නැහනේ :) )
ඒ මනුස්සය තමයි කලින් කිව්ව ආදර හුටපටයටත් සෑහෙන උදව් කලේ ඒ කාලේ. ඒක වෙනම කතාවක්.
සමන්තය සෙනග පටවන උපාධියක් කරලද මන්ද ඇගිල්ලක් ගහන්න බැරිවෙන්න ලස්සනට බස් එක පැක් කරල කොහොම හරි අපිව බස් එකේ ඇතුලට ගන්න ඉඩ හදනව හැමදාම ස්කෝලෙ ගාවට එද්දි.


ඉතින් ඔය කියන දවසේ සමන්තය නිවාඩු. කොහොම හරි බස් එක ආව අපේ ස්කෝලෙ ගාවට නගින්න හිතන්නවත් බැහ. එහෙම කියල අපිව දාල යන්නද... අපිම දගලල කෑ ගහල ( හික් හික්.. අපේ බස් එකනේ :) ) කොහොම හරි අපේ ස්කෝලෙ ගාව්න් නගින කෙල්ලො ටික යන්තම් නැග්ගුව බස් එකට. කොහොම හරි අන්තිමට ෆුට් බෝඩ් එක බිම වදින ගානට සෙනග. මටයි තව මගේ යාලුවෙක්ටයි නගින්න ඉඩක් ඇත්තෙම නැහ.


එහෙම කියල කොහොමද... අනිවාර්යෙන් බස් එකේ යන්න ඕනිම දවසක් එදා. කට්ටිය දැකල ඇතිනෙ ඔය බස් වල පිටිපස්සෙ පොඩි ඉනිමගක් තියෙනවා.


මායි යාලුවයි එල්ලුනා ඒකෙ. මොනව කරල හරි යන්නත් එපැයි. ඒකෙ නොගියොත් බස් දෙකක යන්න වෙනවා.. ඒ වගේද කෙල්ල මිස් වෙන එක. හරක් මොලේනේ ඒ කාලේ.


අර ඉතින් ෆුට් බෝඩ් එක බිම වදින්න එන බස් එක දැකල ඇස් උඩ දාගන්න මිනිස්සු පස්සෙ ඉන්න අපි දෙන්නව දැක්කම කට ඇරල අතකුත් ඔලුවෙ ගහ ගන්නව.
ඒ මදිවට කූඩුවේ දාල වගේ. ඇතුලේ ඉන්න කෙල්ලො ඔක්කොටම පේනව අපිව. අපිට හරියට උන්ව පේන්නෙ නැහ දූවිල්ලට. ( පස්සෙ ඇතුලින් බැලුවම හිතුනේ රිලව් දෙන්න වගේ ඉන්න ඇති කියල )


කොහොම හරි මාරන්තික ගමනකින් හෝල්ට් 4 ක් ද කොහෙද පහු උනාම ඔන්න යන්තම් ෆුට් බොඩ් එල්ලුනා... කොහොම හරි කට්ටියගේ සහයෝගයෙන් ගියා කෙල්ල ගාවටත්...


අම්මෝ එදා ඉදන් දවස් 2 ක් විතර යනකම් බැනුම් ඇහුව.ඇත්ත නේ... හරක් වැඩක් නේ කලේ....


හොදම සිද්දිය... ඊට හරියටම සතියකට පස්සේ බස් එක යන ගමන් අර ඉනිමග කඩාගෙන වැටුන බිමට.


අපි ගිය දවසේ උනානම් අද පිස්සෙක් නැහ.


කනක් ඇහිල ඉන්න හම්බුනේ නැහ ඒ සිද්දියෙන් පස්සේ ආයෙම දවස් 2 ක් විතර යනකම්.




හ්ම්ම්... කල කම් පල දෙනවද මන්ද...  තේරුම අහන්න එපා...

15 comments:

  1. ඒ කාලෙ නොතේරුණාට කරපු අවදානම් වැඩ මතක් වෙද්දි දැන් නං මයිල් කෙලින් වෙනව...

    අන්තිමට කියපු එකේ තේරුම නම් පැහැදිලියි...

    දැං ඉතින් ඔක්කොම හරිනේ එහෙනං...
    ...රායිට් ...ඔහොම යං.....!

    ReplyDelete
  2. හික්ස්! ඔය වගේ මෝඩකම් මමත් කරල තියෙනව.. ඉඩක් ලැබුනොත් ලියන්නම්

    ReplyDelete
  3. මම නම් කෙටි කලයි ස්කූල් බස් එකේ ගියේ. රසවත් සිදුවීම නම් අඩුවක් නැහැ ඒ දවස් වල. බස් එකේ කලෙක්ෂන් දාන්න බස්නායක තුමෙක්ව පත් කරනවනෙ. මිනිහ මගේ හොඳ යාලුවෙක්. මිනිහට වෙච්ච බයිට් සීන් මතක් වෙද්දි තමත් ආතල්.

    ReplyDelete
  4. අපේ කොන්දොස්තර අයියලා, කට්ටිය ඔය ඉණිමගේ නංවන්නේ නැති එක තමා පුදුමේ

    ReplyDelete
  5. school bus එකේ ස්කෝලේ ගිය කාලේ තමා මරේ මරු. කොහොම වෙතත් මේ වගේ ඒවා කාලෙත් එක්ක එන ආතල් වැඩ.

    හොඳ වෙලාවට පිස්සට මොකුත් කරදරයක් වුණේත් නැහැනේ.

    ReplyDelete
  6. උන්නැහේ : හරි නැහ මචන්. ඒත් ඉතින් මොනව කරන්නද නේ...

    හිහි ඒ කාලේ ගැන නම් කතා කරල වැඩක් නැහ. පිස්සු හොදම එක.


    sameerausa : ලියන්න ලියන්න... අපි බලන් ඉන්නවා


    Raven : වෙලාවක් ලැබුනම ලියපන්කො... හිහි

    ReplyDelete
  7. panhida : ඉස්සරහට අපිව ආදර්ශයට අරන් කරයිද දන්නෙත් නැහ හික් හික්


    Hasitha : ඔව් මචන්. ඒ කාලේ ගැන නම් කියල වැඩක් නැහ.

    ReplyDelete
  8. හි හි ..... මරු අත්දැකීම..... :( අනේ අපිට නම් ඔය වාසනාව උදාවී නැත ( school bus එකේ යෑම )..... තව ලියමු සහෝ මේ වගේ රසවත් අත්දැකීම්.....

    ReplyDelete
  9. :D :D :D
    හිනා කාලා මැරෙනවා. මට නම් ඇත්තටම හිනා. මාර වැඩ තමා කරලා තියෙන්නේ.. :D

    ReplyDelete
  10. විශ්මි : ස්කොලේ යන කාලේ කතා නම් අනන්තයි. හික් හික්... පුද්ගලිකත්වය රැකගෙන ලියන්නත් එපැයි. හිමීට ලියන්නම් කො... බොහොම ස්තුතියො ඇවිත් යන්න ආවට


    මිස්සක : ස්කොලේ යන කාලේ දන්නෙ නැද්ද මචන්. පිස්සු මවිත නේ අපි.හික් හික්

    ReplyDelete
  11. පාසල් කාලේ මාරයි කූල් බස් එකේ ගියේ නැ.එත් එකාලේ කරපු පිස්සු වැඩ දැන් මතක් වේනවා

    ReplyDelete
  12. දැනුයි කියවන්නෙ. බිපෙසි! :D

    ReplyDelete
  13. කංචනා : ආයේ යන්න ඇත්තම් කියල හිතෙනව නේ...


    Supun Sudaraka : දැන් හරි කියෙව්වනේ... හිහි... මොකක්ද මචන් අන්තිමට කිව්වෙ

    ReplyDelete
  14. මටත් පොඩි කාලේ ආර ආසාවක් තිබුන ඔය ඉනිමගේ යන්න... නමුත් ලැබුනෙ නෑ... අනෙ අම්මප පිස්සො ඔයාට ගහල මදි... හතර හන්දි කැඩෙන්න නෙලන්න තිබුනෙ පිස්සු වැඩ නොකරන්න

    ReplyDelete
  15. හපොයි පව් නැද්ද ඔහොම කියන්න... හික් හික්. පිස්ස ස්කෝලෙ යන කාලෙ කිව්වනම් ඔන්න කොහොම හරි ඉනිමගේ එක්ක යන්න තිබ්බ හික් හික්

    ReplyDelete

Related Posts with Thumbnails