Saturday, April 3, 2010

බයෙන් බයෙන් Thrill ගත් රට මේකද ??

Share
ඉර හඳ තණකොල නොයෙකුත් දේ ගැන
ගී පද වැල් නිතරම වයනා FM මහතුනි...
හපුතල් කන්දට බර ගෙනියන කොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සින්දුම වය වය මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහොටද ???

ජාතික ගීය වැයෙනකොට
කොඩිය කෙලින් කරගෙන සමහර අය
කොච්චර නම් ආඩම්බර වෙනවද ??

ජාතික ගීය සැදූ මිනිසා
ජාතික ගීය නිසා සිය දිවි නසා ගන්න කොට
වටේට හිටියෙ අපිමද මගෙ සද ?

මේ අපේ පරිසරයයි
මට පෙනෙන දෙ තමයි
මේ අපේ සංස්කෘතියයි මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි


89 ගිනි තියල මරනකොට
තවත් අය වෙඩි තියල මරනකොට
බලන් හිටියෙ අපි බයටනෙ මගෙ සඳ...

කාශ්යපගේ බය සීගිරිය උනා
9 වෙනි පුදුමය එයම උනා...
බයෙන් බයෙන් Thrill ගත් රට මේකද ??

මේ අපේ පරිසරයයි
මට පෙනෙන දෙ තමයි
මේ අපේ සංස්කෘතියයි මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

රාජසිංහ නාමෙන් පොඩි දරුවා
වන්ගෙඩියට දාල කොටනකොට
බලන් හිටියෙ අපි Thrill ටද  මගෙ සඳ

සිරිසගබෝ ඔලුවක් දුන්නා
තවත් අය තව දේ දුන්නා...
දෙන්න දෙන්න ණය වැඩි රට මේකද..

මේ අපේ පරිසරයයි
මට පෙනෙන දෙ තමයි
මේ අපේ සංස්කෘතියයි මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි



අජිත් කුමරසිංහගේ ගෙ සින්දුවක්. ගායකයෙක් විදියට නම් එච්චර සාර්තක නැහ. ඒත් අජිත් කියන දෙය නම් සෑහෙන වටිනවා.


සින්දුව අහන්න කැමති අයට මෙන්න ලින්ක් එක.


ඉර හඳ තනකොල _ අජිත් කුමාරසිංහ

අපි කියනව ලෝකෙන්ම උතුම් රට ලංකාව කියලා.
ඇත්තටම මම ආසයි ලංකාවට. රටින් පිට උනාම තමයි ඒකෙ වටිනකම තියෙන්නේ.
ඒත් ජාතියක් හැටියට අපි උතුම්ද ???
අජිත් කියන දේවල් ඇරුනම සාමන්‍ය් ජීවිතෙයෙදි මොන තරම් කලකිරෙන දෙවල් අපි දකිනවද ?

සුද්දො නිදහස දුන්නට පස්සෙ උන් හදල දීපු කොඉච්චි පාරවල් ටික ඇරුනම අලුතින් පාරක් දාන්න බැරි උනා එක ආණ්ඩුවකටවත්.

උන් වවපු තේ ගස් ටිකට පෝර දදා තවම යන්තම් තේ ටිකක් නම් රට යවනවා.


ආණ්ඩු කීයක් ආවද ? ඒත් අපි තාමත් වනන්තරේ. රටේ බහුතරයක් ගැන මම කියන්නෙ. කොලඹ නුවර වගේ නගර වල ඉන්න සුපිරි පන්තිය ගැන නෙමෙයි.


රටට සල්ලි නැහ. පොඩි එකාගෙ ඉදන් බටහිරට ණයයි.
ඒත් මැතිවරණයක් නැති අවුරුද්දක් නැහ.
තාප්ප වැහෙන්න පෝස්ටර්. තමන්ගෙ පුද්ගලික සල්ලි වලින් මේව කරන දේශපාලුවො නම් නැහ මම දන්න විදියට.
අනික ඇමති පඩියෙන් ඔය ඔක්කොම කොහොම කරන්නද ?
මිනිස්සුන්ගෙ සල්ලි කැත විදියට නාස්ති කරන නායකයො ඉන්න රටක්.

කුඩු මුදලාලිලට ආචර්ය උපාදි දීල.. ඡන්දෙන් පැරදුනත් ජාතික ලයිස්තුවෙන් පර්ලිමෙන්තු යවන රටක්.

වේදිකාවල් වල නැගල බටහිර පතුරු ගහන නායකයො රටේ සල්ලි වලින් පවුල් පිටින් රට ගිහින් සුද්දො එක්ක සවාරි යනව.
එහෙව් නායකයො ඉන්න රටකට ඉතින් 3  වෙනි ලෝකෙවත් ඉන්න ලැබුන එක ලොකු දෙයක්.

නීතිය බල්ලට ගිහින්. සල්ලි වලට බලයට යට වෙලා.
කාකි සූට් ඇදන් කැත නැතිව පගා ගන්නව.
විරුද්ද කාරයොන්ට වරදක් නැතිව කූඩුවෙ දාල වද දෙනව.
අගුලානෙ සිද්දිය..  SLIIT එකේ  සිද්දිය වගේ ඒව.


අනික ජාති‍යක් හැටියට උනත් අපි මොන තරම් බෙදිලද ?
මඟුලක් කර ගන්න ගියහම තමඇ ඒක තේරෙන්නේ.
කුලය.. ආගම.. උඩරට පහතරට.. ලවක් නැති විදියට බෙදිල.
පන්සිල් පද නමට විතරයි.

අම්මල දරුවොන්ව ගඟට දානව.
තාත්තල දුලව දූෂනය කරනව.

පුදුම අසරණ කමක් අපි ගැන හිතෙනේ.

කපුගේ මහත්ත්ස්යගෙ අපි අසරණ වෙලා වගේ ගීතයත් මතක් වෙනව.

ඇත්තටම අපිම නේද ඒකට වග කියන්න ඔනි ????

අද වැඩට එන ගමන් කාර් එකේ අජිත් ගෙ ඔය සින්දුව අහන් ආව. එතකොට හිතුන දෙවල් තමා ඔය.

11 comments:

  1. උඹත් කාර් පදින ගමන් හිතන දේවල් අම්මපා...

    අර කිව්වත් වගේ ජාතියක් හැටියට උතුම්ද නැද්ද කියල බලන නිර්ණායක ටික මොනවද කියළා මම තාම හොයනවා...

    ReplyDelete
  2. ඇත්ත අපේ රටට හෙණ ගහලද මන්දා?

    ReplyDelete
  3. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ඒකනේ ඒ දවස්වලම ඇහුවේ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහළුන්නේ කියලා

    ReplyDelete
  4. සිංහලයාට ඔය ටික කවදා තේරෙයිද මන්දා.

    ReplyDelete
  5. http://whiledliving.blogspot.com/2009/04/blog-post_12.html

    ඕං ඔක තමයි මුලින්ම ආවෙ ගුගල් වලින් හෙවිවම. ඇල්බම් එකම තියෙනවා.
    මේ සටහනට ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  6. බොහොම ස්තුතියි කොමෙන්ට කල ඔක්කොටම.

    උන්නැහේ : හික් හික්. මොනව හරි හිතන්නත් එපයි මචන්. ඒත් උඹ කියපුව කවද හොය ගන්න ලැබෙයිද මන්ද...

    නමක් නැති යාලුවට : ඔව් මුලු ඇල්බම් එකම තියෙනව එතන. මමත් ගත්තේ එතනින් තමා ඇල්බම් එක.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. එලස්. මැක්ස නේද සින්දු සෙට් එක.

    ReplyDelete
  9. ඔව් බන්. අර අවුරුදු කුමරිය මාර්කට් කරපු එකත් එලනේ

    ReplyDelete
  10. Ajith , වෙනස් දෙයක් කරන්න වලිකන , අපේ කාලේ වීරයෙක් !

    එක දිගට ආයෙ ආයේ අහන්න පුලුවං ඇල්බම් එකක් ! !

    ReplyDelete
  11. ඔව් හුඟක් හිතන්න දේවල් තියෙනවා අජිත් ගෙ සින්දු දිගේ....

    ReplyDelete

Related Posts with Thumbnails