Sunday, May 30, 2010

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 3

Share
1 වෙනි කොටස... ::::  දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 1


" මචන් තව විස්තර ටිකක් හොයා ගෙන වෙන විදියක් බලපන්කො "

කියලා කෙල්ලෙ දෙන්නටත් bye කියල මම බැස්ස ගෙවල් ගාව.


2 වෙනි කොටස... ::::  දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 2





ගෙදර ආවත් මගේ ඔලුවේ හිටුයේ දිනිති... එයා කැමති වෙයිද ? බැහ කියයිද...
අනේ අගේට හිටිය මටත් උනු වැඩක්.


අජිත් මුතුකුමාරනගේ ( ඒ දවස් වල පට්ට ගැහුවේ ඕව තමා. බස් වලත් අජිත් හික් හික්. අහල ඇතිනෙ පොර කියනව නෙමේ අඩනව ) කැසට් එකකුත් දාල ඇදට වැටුන.


පාසල් බිමේ හමු වූ සුර කුමරියේ... 

සින්දුවත් එක්කම නින්ද ගියා.

AL කරන්න ස්කොලේ පටන් ගන්නේ Results ආවහමනේ. ඉතින් ඒ වෙනකල් computer class එකකට ගියා මම. සදුද ඉදන් බදද වෙනකල් තමා ක්ලාස් තිබ්බේ. ඉස්කෝලෙක රජයෙන් කරපු එකක් ඒක මතක විදියට. ඉතින් අපිට පන්ති ඇරෙන්නේ ස්කෝලෙ ඇරෙන වෙලාවට. 12 ඉදන් 2 වෙනකල් තමා තිබ්බේ.

ඒකට නම් ගයාන් ආවෙ නැහ. ඒත් හසිත ආව.
ගයාන්.. හසිත.. අමිල.. සන්ක.. පවන්.. වනී ඔය තමයි මගේ ලඟින්ම හිටි  අතිජාත සෙට් එක.

එදා ක්ලාස් ඇරිලා අපි බස් හොල්ට් එකට ආවෙ පරක්කු වෙලා ටිකක්. ඒ එක්කම වගේ අපි ක්ලාස් යන ස්කොලේ ( ඒක මික්ස් ස්කෝලයක් ) කෙල්ලෙකුත් ආව බස් හෝල්ට් එකට පොඩි මල්ලි කෙනෙක් එක්ක. ඒ දවස් වල කෙල්ලෙක් දැක්කොත් කියවන එක තමා අපේ විනොදාන්ශය. ( ඒ කියවන්න ගිහින් අපෙන් එකෙක්ට උනු කතාවක් තමා කෙහෙල් ගහට ඇන්න අපෙ එකා... හික් හික් ).


" මෙච්චර වෙලා කොහේ ගිහින්ද මන්ද..

ඉස්කෝලෙ ඇරුනෙ කීයටද ? අතුගෑවද මන්දා...

මේ බබා ඔයාගෙද ?? "

මාය් හසිතයයි කියවනව. ( දිනිතිගේ යාලුවො ගාවදි සද්දෙ වහන් හිටියට මගෙත් කට හොද නෑ ඒකාලෙ )

කෙල්ලටත් ගානක් නෑ..

" ඇයි උස්සන් ඉන්නව වගේනෙ...

බබා ගැන අහන්නේ දරු කමට හද ගන්නද "

ඒකිත් හිනා වෙවී කියවනවා.. මික්ස් ස්කොලෙක නිසා ගානක් නෑ ඒකිටත්.



කොහොම හරි ඒකි මාර ෆිට් උනා. ඒ තමා දිනූකා... ඒකිත් දිනිතිගෙ වයසේ. ඒ කියන්නේ O/L කරන්නේ ඒ අවුරුද්දෙ.
අපි අනන්ත කෙල්ලොන්ට විහිලු කරනවනේ මට ඒක එහෙමම අමතක උනා.
එදා ඒකිට කියෙව්වෙ නැත්තම් කියල මට අනන්ත හිතිලා තියෙනවා පස්සෙ... හ්ම්ම්

දිනිති තමයි මගේ ඔලුවෙ හිටියේ....

දිනිති ගියේ ගාල්ලෙ ස්කොලෙකට නෙමෙයි. ගෙවල් ලග ස්කෝලෙකට. ඒත් ඒකත් ළමයි 2500 ක් විතර ඉන්න ලොකු ස්කෝලයක්. මික්ස් එකක් ඒකත්.

මගේ දන්න ෆිට් කොල්ලෙක් හිටියා දිනිතිලගෙ ස්කොලෙ ඒ පන්ති වලම. ජයන්. කොල්ල ස්කෝලේ prefect කෙනෙක්. ඒත් හොද එකා.

මම හවස ගියා ජයන් හම්බෙන්න. සමාධි ට කිව්වට සිකුරාද වෙනකල් ඉන්න ඉස්පාසුවක් නැනෙ. අනික දිනිති ගැන දැන ගන්න.. ඒකිව අදුරන එකෙක් දකින්නත් මට මාර ආසවක් තිබ්බෙ.

" අහ් අය්ය.. මොකො මේ පැත්තෙ ?? "

" නිකම් බන්... මොකො කරන්නෙ.. "

" හික් හික්.. නිකන් ?? වෙන්න බෑ.."

මූ මහ කැත හිනාවක් දැම්ම..

" මොකො යකෝ... "

" නෑ නිකන්... "

ඒකත් මහ කුපාඩි විදියට කිව්වෙ...

මූ දැන ගෙනවත්ද...

" මේ බයිල නෙමෙයි බන් පොඩි සීන් එකක් අහන්න ආවෙ.. මේ උබ දන්නවනේ දිනිතිව.. "

"  හික් හික් දන්නව බන්.. උබල අපිට කියන්නෙත් නැතුව හික් හික්
දිනිති සමාධි ඔය සෙට් එක එක්ක තමා මාත් ඉන්නෙ.. "

මට ඌව බදාගන්න තරම් හිතුනා.. ඇය් ඉතින් මූ මගේ වගේම දිනිතිගෙත්  ෆිට් එකක් කියන්නෙ.. වැඩෙන් භාගයක් ගොඩ වගේනෙ..

" සමාධි කිව්ව උබේ සීන් එක.. "

" චා ඒකි වන කරලනේ බන්.. තව කාට කිව්වද දන් නේ... "

" නෑ බන්.. ඒකි වන කරල නැහ.. ඔය අපි එකටම ඉන්න උන් ටික තමා දන්නෙ.. "

" හ්ම්ම් එහෙනම් කමක් නෑ.. ඉතින් කියහන්කො.. දිනිති මොකො කිව්වෙ "

" ඒකි එහෙම කැමත්තක් පෙන්නුවෙත් නෑ ඇකමැත්තක් පෙන්නුවෙත් නෑ බන්.
මොකුත් ඒ ගැන කිව්වෙ නැහ. "

" සමධි කිව්ව සිකුරාද ක්ලාස් තියෙනව කියල..  මම එදාට කතා කරන්න බැලුවෙ.. "

" අහ් ඔව් එදාට අපිට ක්ලාස් මචන්. ඒත් කොල්ලො එදාට කතා කරයිද දන් නෑ බන්.. uniform නේ එන්නේ.

ඒකි මචන් prefect කෙනෙක් ස්කෝලේ.. අනික serious ටිකක් ඒකි ඕව ගැන.

අනික මේ  අවුරුද්දෙනෙ.. O/L

උබ අතාරින්න එපා. මාත් පුලුවන් සප් එකක් දෙන්නම්. "

මම ඌටත් යන්නම් කියල ආව.. එහෙන් O/L ඒ මදිවට prefect කෙනෙක්ලු මේකි... බලමුකො ඉතින්...

පස්සෙන්දත් ගිහින් එද්දි දිනූකව හම්බුනා..

" මොකෝ මේ අදත් පරක්කු වෙලා.. " ඒ හසිතය..

" අහ් මිස් කෙනෙක් හම්බෙන්න ගියා.. ඒකයි.. "

ඒ එක්කම ආව බස් එකේ අපි නැග්ග... හසිතය තමා දුරම බහින්නෙ.. අපි නගිනවත් එක්කම හිස් උනා සීට් එකක්.. අපි දිනූකට වාඩි වෙන්න කිව්වම..

"  මම කලින් බහිනවබේ.. හසිත අයිය වාඩි වෙන්න.. "

දිනූක මම බහින්න හෝල්ට් 2 ක් කලින් බහින්නෙ.. අපි කතා කර කර ආව.. ඒකි බැස්සට පස්සෙ මාත් බහින්න ලෑස්ති වෙලා හසිතයට බහින්නම් කියල බහින්න හදද්දි..

" හා හා බැහපන්කො "

කියල කුපාඩි හිනාවක් දැම්ම.

හසිතය දිනිති ගැන දන්නෙ නෑ තාම. හරි ගියොත් කියන්න තමා මන් හිතන් හිටියේ.

පස්සෙන්ද හසිතය ක්ලාස් එකෙදි දිනූක ගැන විකාරයක් කියවන්න ගත්තා.

" මේ අයේශ්.. අරකි උබට ට්‍රය් ද කොහෙද බන්.. "

" කව්ද ?? "

මමත් පුදුම උනා.. කෙල්ලෙක් ට්‍රය් කිව්වම.. මූ හීනයක් වත් දැකලද කියල..

" දිනූකා.. "

මූට පිස්සු කියල මට හිතුනට.....



" තොට පිස්සුද බන්. ඒකි දවස් 2 කයි කතා කලෙත්.. අනික ඇය් උබ එහෙම කිව්වෙ.. ? "

" හික් හික්.. නිකන් හිතුනා.. බලමුකො.. "

එදා හවසත් අපිට දිනූකව හම්බුනා... ඒකි අපි එනකම් ඕනි කමින් පරක්කු වෙනවද කියලත් මට හිතුන...

කොහොමින් හරි සිකුරාදත් උනා...

ජයන් කිව්ව වගේ කත කරන්න බැරි උනොත්... ගානක් නැහ.. දිනිතිව දැක්කත් ඇති කියල හිතන් මම උදේම ගයාන් ලහ ගියා. තනියම යනවට වඩා මූව ඇදන් යන එක හය්යක්නේ..

මම සාමන්යෙන් ගයාන් එක්ක හුඟක් දේවල් කියනවා..
ජයන් කියපුව වගේම computer class එක ඇරිල එද්දි හම්බුන දිනූකා.. හසිතය කියපුව... ඔක්කොම ඌත් එක්ක කිව්ව..

" තොට සිකුරා හොදම එකෙන් වැඩලද කොහෙද... හික් හික් "

මූ මගුලක් කියනව ඒ අස්සේ..


" උබට දිනිතිව දාගන්න ඕනි නම් ඔය කෙලොන්ට කියවන්න යන්න එපා.. පිලිවෙලකට හිටු.. සමාධි කිව්වෙ බන් ඒකි හරි serious කියලා..
අනික හසිතයට ඉව තියෙනවනේ බන්.. ඕකා කෙල්ලො ගැන phd එකක් කරල ඉන්නෙ... ඌ කිව කතාව ඇත්තනම්... උබ ඔය කෙල්ලගෙන් ඈත් වෙලා ඉදපන්. නැත්තම් ඕක ඇනයක් වෙයි.. "

හසිතය ගැන කිව්ව කතාව ඇත්ත උනත් මූටත් පිස්සු කියල මට හිතුන...
" උබල දෙන්නටම පිස්සු බන්.. මේ වරෙන් යන්න.. උන්ගෙ ස්කෝලෙ ඇරෙන වෙලාවට එතනට සෙට් වෙන බස් එකක නැග්ගනම් උන් එක්ක ම ගාලු යත් හැකි බන්.. "

" ඇය් යකෝ ගාලු ගිහින් ක්ලාස් ඇරෙනකමුත් ඉන්න ඕනි කිව්ව නේ.. "

" හරි බන් පැය 2 - 3 ක් නේ බන්.. ඔය වලක් බහිමු යමන්කෝ.. "

කියලා ඌවත් ඇදන් ගියත් බස් එක දිනිතිලගෙ ස්කෝලෙ ගාවට යද්දි කලින් බස් එකේ ලමයි හුඟාක් ගිහින්..

කමක් නෑ හවස එය්නේ... කියලා අපි ගාලු ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ තාප්පෙකට හේත්තු වෙලා හෙන කට්ටකට සෙට් උනා.

ඇනේ මේ කෙල්ලෙක් හින්ද කන කට්ට.. ඒ මදිවට ගයාන් ගේ අදෝනාව.

" මම කිව්වෙ උබට 5 ට එමු කියල.. බලපන් දැන් කට්ට... "

මූ අඩනව ඉද්ගෙන...


ඒ අස්සෙ බඩගිනිත් වෙලා.. ගෙදරින් කාල ආවෙ දඩ පිගානක්...

" ඇයි බන් උබ කෑවෙ අර අලි සයිස් පිගානක්.. "

" ඒ දවල්නේ බන්... ‍යමන් යමන් නිකන් කටු කන්නත් බෑ නේ.. අනික ලව් කරන්න කලින් කාල ඉන්න කියල අපේ අම්ම කියන්නේ "

මූ මාවත් ඇදන් කඩේකට රින්ගුවා.

ඒ දවස් වල අපේ ජාතික ආහරය රෝල් 2 ක් කාල plain tea 2 කුත් බීල ස්ටෑන්ඩ් එකට එද්දිම අපිට ජයන් හම්බුනා.


" අහ් මචන් ක්ලාස් ඇරියද... ? "

" ඔව් බන් ක්ලාස් ඇරියා.. මේ අද නම් කතා කරන්න එපා කියන්න කිව්ව බන් උබට..  uniform නිසා මම හිතන්නේ.. උබ හෙට shape එකේ කතා කරපන්.. "

මට නිකන් හරිම හිස් හැගීමක් ආවේ.. කමක් නෑ හෙට වත් බලමුකො..

දිනිත් ස්ටෑන්ඩ් එකට ඇතුලු උනේ ඒ එක්කම...

කොන්ඩෙ කරල් දෙකට ගොතල...

මායි ගයානුත් දිනිතිල නැග්ග බස් එකේම නැග්ග...

දිනිතියි තව කෙල්ලෙකුයි වාඩි වෙලා. සමධි නම් හිටගෙන. මායි ගයානුයි එතනට කිට්ටු උනා. පන්ති යනව වගේනෙ එන්නේ.. මගෙ අතේ පොතකුත් තිබ්බ.

දිනිති මාව දැකක යන්තම් හිනා වෙලා අතේ තිබ්බ පොත ඉල්ල ගත්ත.

සමාධි නම් uniform කියල ගානක් නෑ ගයාන් එක්ක කයිය.
මමත් කිට්ටු වෙලා..

" සමාධි යාලුව මොකද කියන්නේ.. "

" මන්ද අයේශ් අයිය... මම කිව්ව එයාට. ඔයා කතා කරල බලන්නකො.. "

" ජයන් කිව්වෙ අද එපා කියල කතා කරන්න... "

"  අහ් ඔව්.. එය prefect කෙනෙක්නේ.. ළමයි දැක්කොත් හොඳ නෑනේ..
හෙට මන් chance එකක් අරන් දෙන්නම්කො.. "

සමාදි හොද කෙල්ල... ( ගිය අවුරුද්දෙ ලන්කාවට ගිය වෙලේ හම්බුනා මට.. ඒත් කත කරන්න උනේ නැහ.. ඒකි නම් බැදල.. ළමයෙකුත් ඉන්නව දැන්. )

මම බහින්න කිට්ටු වෙලා පොතත් ඉල්ලගෙන යන්නම් දිනිති කියල බැස්ස...


ඉතිරිය

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 4 

20 comments:

  1. දිනිති කැමතියි වගේ මට නම් හිතෙන්නෙ මොකද උනේ කියල ඊ ළඟ කොටසින් බලමු නේද?

    ReplyDelete
  2. elazzzz... ikmanata anith kotasa daanna...

    ReplyDelete
  3. පාසල් බිමේ හමු වූ සුර කුමරියේ...

    patta song eka..

    ReplyDelete
  4. ම්ම්ම් අයියේ මාත් කමෙන්ට් නොකලත් කියවනවා හොදේ...දිගටම ලියන්න මේ වගේ එක දිගට..

    ReplyDelete
  5. අනිත් ටිකත් ඉක්මනටම ඔනේ.............!

    ReplyDelete
  6. කතාව නියමෙටම යනවා. මේ දිනූකා කියන කෙල්ල ඔයාට බාල්දියක්වත් පෙරලුවද අයියා ?

    ReplyDelete
  7. ඉතුරු ටිකත් ඉක්මන්ට...... මෙන්න මගෙනුත් පුංචි සැබැදියක් මිත්‍රයා...

    http://www.facebook.com/group.php?gid=120074181337432&v=wall

    ReplyDelete
  8. එක හුස්මටම කියෙව්වා. ඊළඟ එක කියවනකම් හදිස්සියි වගේ. හෙටම දාමුද ?

    ReplyDelete
  9. ඇඩෙනවා මෙව්වා කියෙව්වම..... ලිපි 3ම කියෙව්වා..... ඉතිං ඉතිං ඊට පස්සේ...අනෙක් ලිපි ඔක්කොම කියවන්න ආසයි... ලගදි සිංහල බ්ලොග්ස් වලට එන්ටර් වුනේ... මගෙත් මුල්ම ලිපිය ලිව්වේ මං ගැනම තමයි...

    A/L ජීවිතේ ගැන...
    http://anythingshan.blogspot.com/2010/05/al.html
    මේ තියෙන්නේ පිස්සු හැදෙනවා...




    අර වැල්ලේ කෙල්ලො දෙන්නා කියපු එකත් බැලුවා.. පට්ටයිනේ...

    ReplyDelete
  10. එල එල!!! ලියමු බලන්ට,මෙන්න අපි පෝලිමේ ඉන්නව කියවන්න

    ReplyDelete
  11. එල එල කතාව නැගල යනව වගේ. මං හිතන්නෙ දිනිතිගෙත් අකමැත්තක් නෑ වගේ :D

    ReplyDelete
  12. දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි අද කියෙවුවේ.. සිරා කතාව බං..

    මම ගාල්ලේ හිටියා නම් ඔය වගේ දෙයක් මේ දවස් වල වෙනවා ෂුවර්.. හිහ්හිහ්හී.. ඔයා කියන බස් හෝල්ට් වල මම ඉන්නවා මැවිලා පේනවා මට!

    ReplyDelete
  13. කියවපු... කොමෙන්ට් කරපු ඔයාල ඔක්කොටම හුඟක් ස්තුතියි. හැකි ඉක්මනට ඉතුරු කොටසුත් දාන්නම්....

    ඉක්මනටම ලියන්න හිතෙනවා ඔයාලගේ කොමෙන්ට්ස් දැක්කම.

    ශාන් : අහ් මමත් බලන්නම්... :) දිගටම ලියපන් මචන්.

    ළමයා : අහ් ඔයත් ගාල්ලෙද ??

    ReplyDelete
  14. අනේ බුදු අයීයේ (:P) අනික් කොටස ඉක්මණට දාන්න (ආදර්‍ශ ගොඩක් තියනවා මට ගන්නට මගේ සීන් එකට) . කතාව නම් මල් 7යි ; දිගටම ලියන්න ජය !!!

    ReplyDelete
  15. හික් හික්... ආදරශ නම් මම දන්නේ නැහ මල්ලි. ඒත් ඔව්... ගන්න යමක් තියෙයි. ඉක්මනට දාන්නම් මල්ලි... හෙට උදේ වෙද්දි අනික් කොටස.
    බොහොම ස්තුතියි කියෙව්වට වගේම කොමෙන්ට් කලාටත්.

    ReplyDelete
  16. මම ගාල්ලේ නම් නෙවෙයි සහෝදරයා.. ගාල්ලෙ පැංචියෙක් සම්බන්ධ පොඩි සීන් එකක්.. ;)

    ReplyDelete
  17. ගාලු පුරේ තවත් ආදර කතාවක්.. ඉතුරු ටිකත් ඉක්මන්ට දාන්න අයිය.. අපි කියවන්න බලගෙන ඉන්නේ... :) :) :)

    ReplyDelete
  18. ළමයා : අහ් එහෙම එකක් ද හික් හික්...

    නිරහන්කාර අහින්සකාවි : ඉක්මනටම දාන්නම්... :) බොහොම ස්තුතියි ආවට.

    ReplyDelete
  19. mama kawadawath love karala na! eth mata oya wage 1k unama danena wedanawa hitha ganna puluwan! :'( .........................

    http://www.youtube.com/watch?v=vrMxrOLiv7I

    -Thani Aliya-

    ReplyDelete

Related Posts with Thumbnails