Tuesday, May 18, 2010

මනමාලි නැති මඟුල...

Share


දශක හතරක කුරිරු යුද්දය නිමා කරල රටට සාමය ගෙනත් අදට අවුරුද්දයි.


අවුරුද්දක් තුල සිදුවුන දේවල් ගැන හිතල බලද්දි අපි ජාතියක් විදියට මොන තරම් අසරනද... මොන තරම් කැතද කියල හිතෙනවා.


පහුගිය අවුරුද්ද තුල රටේ මොන තරම් චන්ද තිබ්බද... ??


යුද්දයක් නැති නිසා ද මන්ද අපි අපි ම මරා ගත්තද ??


ඔක්කොමත් එක්ක අද රනවිරු උපහාර උත්සව... ඒත් ලොකු අඩුවක් දැනෙනව නේද....


කෝ මේ මගුලේ මනමාලි ??????


මීට අවුරුද්දකට කලින් මල් මාල දාල... ජය බෙර ගහල පිලිගත්තු ඒ මහා සෙන්පතියා අද කෝ ????


රටට කරපු ලොකුම ද්‍රෝහීකම කරපු කෙනාට වගේ අද ඒ සෙනවියට සලකන්නේ...


අද මුලු රටම සමරන ඒ සතුට.. සාමය ගෙන එන්න ඒ මහ සෙනවියා මොන තරම් ලොකු කාර්ය භාර්යයක් කලාද කියල අපිට මතකද ????


ප්‍රබාකරන් කිව්වලු කාලෙකට ඉස්සර...


"" සිංහලය කියන්නේ තමන් ගේ මිනිස්සු හරි ඉක්මනට අමතක කරන ජාතියක් "" කියල... ඒ ත්‍රශ්තවාදී ලේ පිපාසිතයාගේ කීම අද මොනවට පැහදිලි වෙනවද ???


අවුරුදු ගානක් තිස්සේ සිංහල දෙමල මිනිස්සු දහස් ගානක් මරා දාපු... සොල්දාදුවො දහස් ගානක් මරාදාපු... ලේ පිපාසිතයන් අද පාර්ලිමේන්තුවේ... අපේ අසරන හමුදාව.. තමන්ගේ සහෝදරයන් මරාදාපු ඒ රකුසන් ආරක්ශා කරනව...


මේ රට කොටින්ගෙන් බේර ගන්න යුද්ද කරපු මහා සෙනවියා හිරේ දුක් විදිනවා...


මොන තරම් පහත් තත්වයකට වැටිලද අද අපි ??
බලය... දේශපාලනය නිසා රටේ නායකයෝ අන්ධ වෙලා වැඩ කරනවා... ඒ පස්සෙ යන අපේම මිනිස්සුත් පිල් බෙදිලා...


කොටි හිනා වෙනව ඇති අපිට....


යුද්ද ජයග්‍රහනය... එක් පුද්ගලයෙක් නිසා උන දෙයක් නෙමෙයි...


ජනාදිපති තුමා...
ආරක්ශක ලේකම තුමා..
ත්‍රිවිද හමුදාපතිවරු...
වීරෝදාර අපේ රනවිරුවො...


ඒ හැමෝගෙම මහන්සියෙන් ලබා ගත්තු දෙයක්.
ඒ ජයග්‍රහනයට උර දුන් එක් සෙනවියෙක් මෙසේ පටු දේශපාලන හේතු නිසා හිර කරන් ද්‍රොඉහියෙක් කරල සලකන එක මොනතරම් සාදරනද ???

15 comments:

  1. රට බල්ලට ගියාම මෙහෙම තමයි

    ReplyDelete
  2. එතුමා මොකටද රජතුමාට විරුද්ද උනේ උන්දැ හින්ද ඔය සෙන්පතිය ඔහොමවත් ඉන්නව..මහරජ වෙන කෙනෙක් උනානම් දැන් උල තියල...මතකනෙ ඉස්සර රජකාලෙ කොයිතරම් උදව් කල ඇහැලේපොල ට පවුලට උන නස්පැත්තිය.. එහෙම දේවල් නොකර උන්දැට ඕනිහැම සම්පතක්ම දීල අපේ රජතුමාගෙ කරුණාව නිසාම ජීවත් වෙන්න ලැබෙනව කියල උඹලට අමතකයි නේද>>>???

    ReplyDelete
  3. අසාධාරණයක් වෙලා තියෙනව ඒත් කාටද කියන්නෙ.?

    ReplyDelete
  4. හ්ම්.. මාත් කියන්නෙ ඕකම තමා... සමහරුන්ට ඕක තේරුම් ගන්න බැරි හැටි හැබෑට.....
    සෙන්පතිය කවුරු වුනත් රජා කෙලින් නම් යුද්දෙ දිනනව කියන එක සිකුරුයි.

    ReplyDelete
  5. owa nam monada? Api Wijayagen pewatenne. Wijayat kuweni lawa rajakama labagena eyawa pennuwe.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි අදහස් වලට.... :)

    ReplyDelete
  7. fonseka mathinduni.api oba samagai.

    ReplyDelete
  8. "රටට කරපු ලොකුම ද්‍රෝහීකම කරපු කෙනාට වගේ අද ඒ සෙනවියට සලකන්නේ..."

    සුදු කොඩි කතාව මාර දේශප්‍රේමී කතාවක්ලු! එහෙව් සිම්පල් කතාවකට පොන්සේකව හිරේ දාපු මහින්දයට හෙණම වදින්න ඕන මං කියන්නෙ!

    ReplyDelete
  9. සුදුකොඩි කතාව ඔප්පු කරගෙන ඒකට සුදුසු දඬුවම තෝරගන්න බැරි නිසා වෙන්න ඇති යුද්ධ අධිකරණ තියාගෙන මාසෙකටත් වැඩි කාලයක් මහරජ මේතරම් ඇඹරෙන්නෙ...ඒක ලෝකෙටම දුන්නෙ මාධ්‍ය සම්බන්ධ ගෑනු කෙනා නම් කිසි වරදක් කලේ නෑ...ඒව හොඳ වැඩ...ම0 හිතන්නෙ එයාට රජයෙන් සම්මානෙකුත් ලැබෙයි මේ වාගෙ ජාතිකාභිමානී දේවල් ලෝකෙට කිව්වට....මාතෘකාව මාධ්‍ය සතු ජාතික වගකීම නිසිලෙස අවබෝධ කරගැනීම...

    ReplyDelete
  10. හෝමෝ සේපියන්ස් : සුදු කොඩි කතාව හරියි කියන්නේ නැහ. දෙපැත්තෙන්ම වැරදි උනා. ඒත් ඊට වඩා වැරදි කරපු මිනී මරු ත්‍රස්තවාදීන් ඇමතිකම් කරද්දි යුද්දෙ දිනනන්න වෙහෙස උන කෙනෙකුට මෙහෙම කරන එක හරිද කියලා ගැටලුවක් එනවා.

    indi : මෙතන වැරද්දාට දඩුවම් දීමට වඩා පටු දේශපාලන අදහස් වලට මුල් තැන දීල වගේ මට පේන්නේ... හැම ආන්ඩුවක්ම එහෙම තමා ඉතින් අපේ රටේ

    ReplyDelete
  11. සමාවෙන්න ඕනි මතක් කරනවට , හැබැයි මේ වගේම කොබ්බෑකඩුව කියන විරුවා යුද්දේ ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දී , එකල රට පාලනය කල උතුමාණන්ට හදිසියේ ලැබුණු පනිවිඩයක් ( කොබ්බෑකඩුව ජනාධිපතිවරණයට එන බවට ) නිසා , කොබ්බෑකඩුව විරුවා බේරගැනීමට ඉඩ තියෙද්දිත් කුමන්ත්‍රණයකින් මරා දැමුවා.
    ( මැරුණා නෙවෙයි , මැරුවා!!!!!පැහැදිලිවම,සාක්ෂිත් සහිතව!!!!! )

    ඒ කව්ද කියල කියන්න ඕනි නැහැනේ සහෝ...දැන් බලමු මේ වතාවේ වෙච්ච දේ :

    1) ෆොන්සේකා විරුවා යුද්දේ දිනලා ඉල්ලීමක් කලා හමුදා 3 ටම බලපවත්වන , බලවත් නායකත්වයක් තමන්ට දෙන්න කියලා.රජය බැහැ කිව්වා.මොකද යුද්ධයක් නැති , ප්‍රජාතාන්ත්‍රික රටක එවැනි බලයක් සහිත නායකත්වයක් ඇති කිරීම අනතුරුදායක නිසා.

    2) ඔය අතරේ දේශපාලන නිවටයින් පිරිසක් රණ විරුවාට , දේශපාලන කරලිය පෙන්වලා දුන්නා ( පලිගැනීමට සහ තමන්ට අවශ්‍ය බලය ලබා ගැනීමට )

    3) රණ විරුවා දේශපාලකයෙක් වුණා.ඒත් ජනාධිපතිවරණය ඉහලින්ම පැරදුනා.
    රණවිරුවා ( දේශපාලකයා ) කිපුනා.රජු මරා හෝ රජ වීමට හැදුවා.

    4) පැරදුනු දේශපාලකයා ( පෙර රණවිරුවා ) පිටරට පර මාධ්‍යන්ට ප්‍රකාශ නිකුත් කලා.තමන් යුද්ධයේදී සිදු වූ මහා මිනිස් ඝාතන ගැන ලොවටම හෙලි කරන බවට.( මේවා යුධ රහස් විය හැක )

    5) මා මෙතෙක් කී සියල්ල රජය ඉවසුවා.මක් නිසාද යත් ඒවා පුද්ගලික මඩ ප්‍රහාර පමණක්ම වූ නිසා.නමුත් අවසානයේදී අපේ පැරදුනු දේශපාලකයා , රට පාව දීමට සැරසෙනු සහ හමුදාව පාවා දීමට සැරසෙනු දුටු රජය අවශ්‍ය පියවර ගනිමින් ඔහුව නීතිය යටතට ගත්තා.( හමුදා නීතියට ඔහු යටත් නිසා,එම නීතිය භාවිතා කලා )

    දැන් විමසන්න , මිතුර පෙර මා කී පලමු පියවර පමණක් දුටු පෙරකී ආණ්ඩුව කොබ්බෑකඩුව මැරුවා.

    නමුත් මෙම රජය ????? ඔබ බනින ආණ්ඩුව ??????? ක්‍රියා කර ඇත්තේ වගකීමකින් සහ නීතිමය විදියට නෙවෙයි ද????

    ආණ්ඩුව තුල වැරදි රාශියයි.පිලිගන්නවා.මම පාක්ෂිකයෙක් නෙවෙයි.

    හැබැයි,කොබ්බෑකඩුව රණවිරුවාට වුණ දේ සහ අපේ පැරදුණු දේශපාලකයාට වුණු දේ දුටු පසු????

    ReplyDelete
  12. සරත් රාජපක්ෂ නොවීම සහ ගෝඨා පොන්සේකා නොවීම මම හිතන්නෙ උන ලොකුම වැරැද්ද.......ෆොනීට රට පාවදෙන්න ඔය කියන තරම් උවමනාවක් තියනවනම් ඕක ෆෙඩ්‍රිකාට කියන්නෙ නැතුව කෙලින්ම යූ එන් 1ට කියන්න තිබුනා......සරත් කියන්නෙ වදිනකොට නැමෙන චරිතයක් නෙමෙ...එදා හිටපු ප්‍රධාන විරුවො ඔක්කොම අද හිඩ්න්(සැඟවීම්) වෙලා තියෙන්නෙ..ඔක්කොම යුධහමුදාපතිට සපෝට් කල නිසාද?...ඔබ පිලිගතත් නැතත් සත්‍ය,, මහින්දට ඉහලින් හො සමාන්ත්‍රව සිටිය හැකිනම් ඔවුන් නෑයින් හෝ දෙවියන්ම විය යුතුය....

    ReplyDelete
  13. හැම පැත්තකින් වැරදි සිද්ද උනා... සහ වෙමින් පවතිනවා...


    මහින්ද රාජපක්ශ ජනාදිපති තුමා ගේ නායකත්වය යුද ජයග්‍රහනය කරා යන්න ලොකු හයියක් උනා.. ඒ පිලිබදව විවාදයක් නැහ.

    ඒ වගේම සරත් ෆොන්සේකාගෙනුත් ඒ හා සමානව සේවයක් උනා.

    එක්කෙනෙක්ට මේ දේ කරන්න බැහ. සියලු දෙනාගෙම සහය... මත ලබූ ජයග්‍රහනයක්.

    කොබ්බෑකඩුව විරුවට ඒ ගමන යන්න දේශපාලන ශක්තිය ලැබුනේ නැහ.

    මෙහිදී ඒ හැම දෙයක්ම එකතු උනා. ඒක නිසා අපිට ජය ගන්න ලැබුනා.

    ReplyDelete
  14. ඇත්ත , සහතික ඇත්ත...ඒත් මුදා ගත්තු රට ආපහු පාවදෙන්න , ඒ රට මුදා ගන්න උර දුන්නු හමුදා නායකයාටවත් අයිතියක් නැහැ කියලයි මට හිතුණේ.

    අපි බලමු,මේ අවුරුදු 6 ඉවර වෙනකොට මේ අණ්ඩුව ගැනත් අපිට කියන්න දේවල් තියේවි.

    ReplyDelete
  15. ඔව්.. ඔව්... අපි බලන් ඉම්මු.

    ReplyDelete

Related Posts with Thumbnails