Tuesday, May 25, 2010

බුදු මැදුරට පැනපු සායි බබා...

Share
ඊයේ මම දන්න හාමුදුරුනමක් ( මේ හීතල රටේ ඉන්න ) කතා කරල ඇහුව දානේ ගෙදරකට ආරධනයක් ලැබුනා හැබයි යන්න විදියක් නැහ ( හාමුදුරුවො අපේ ගෙවල් පැත්තෙ පන්සලකට ඇවිත් මොකක් හරි හේතුවකට ) බැරිද එන්න මට කියලා... ( ඒ දානේ තියෙන්නේ හාමුදුරුවන්ගෙ පන්සල පැත්තෙ... 150 KM විතර දුර )


ඉතින් මමත් හා කියල ගියා.


ඔන්න ඉතින් ගෙදර මිනිස්සු බොහොම ගරු කටයුතු විදියට හාමුදුරුවන්ව පිලි අරන් මටත් ගෙට එන්න කියල කිව්ව. මමත් ඉතින් හිමින් සැරේ ගෙට ගියා.
 
ඇතුල් වෙන්කොටම මෙන්න අඩි 4 ක් විතර උස සායි බබාගේ පින්තූරයක්.

ඒක නම් ඉතින් කමක් නැහ කියමු... ගෙදර බුදු මැදුර ඉස්සරහ තමා හාමුදුරුවන්ට ආසන පනවලා තිබ්බෙ.

එතන තමා කෙලිය... බුදු පිලිමයක් තියලා තිබුනා අඩියක් විතර උස.
ඊට පිටිපස්සෙන් අර කලින් තිබ්බ පින්තූරේ ම තවත් එකක් ( අඩි 4ක් විතර උස සායි බබගේ ) තියෙනවා නිකන් මුචලින්ද නාග රාජයා වැස්සෙන් බුදු හාමුදුරුවො පරිස්සම් කරන්න හිටිය වගේ.

ඊට පස්සෙ අගසව් දෙනම වැඩ  හිටිය වගේ දෙපැත්තෙනුත් සායි බබා.
එහෙක අත උස්සගෙන... අනිකේ කෑම කනවා.


ඒ මදිවට ඊට පහලින් තව කෝහි හරි ගනිපු අත වනන සායි බබා.

ඒක නිකන් බුදු මැදුරක් ද... සායි බබාගේ ආස්‍රමයක්ද කියල හිතුනා...

නිකන් අපේ ඇමති ගොල්ලො la Boady guards වට කරන් ඉන්න වගේ එතන..

බුදු හාමුදුරුවන්ගේ ආරක්ශාවටද මන්දා ????

photo එකක් ගන්න ත් හිතුනා.. ඒත් දැක්කොත් හොද නැති නිසා මම නිකන් හිටියා.

සායි බබාව අදහන්න ඕනි නම් කරාට මම වැරද්දක් කියනව නෙමෙයි. ඒත් බුදු හාමුදුරුවො වට කරගෙන... විශාල සායි බබා ගහගෙන මේ මිනිස්සු අදහන්නේ බුදු දහමද හිතුනා.

5 comments:

  1. පිස්සු හටං කියන්නෙ ඕවට තමයි බන්. හිහි...

    ReplyDelete
  2. බොහොම කණගාටුදායක සිදුවීමක්. හැබැයි ඉතින් බොහොමයක් තැන්වල එක එක හින්දු දෙවිවරුත් බුදු හාමුදුරුවෝ වටකරගෙන ඉන්නෙ. ඒකෙයි මේකෙයි වෙනසක් නෑ ඉතින්. දෙතැනදීම වෙන්නෙ බුදු හාමුදුරුවන්ට අපහාස කිරීමක්

    ReplyDelete
  3. සායි බබා ඉල්ලන ඉල්ලන දේවල් දෙනව කියල විස්වාසයක් ඒ අයගෙ තියෙනව. භජන් කිව්වම හරි යන්නෙ කොහොමද කියල හිතන්න ඒ ගොල්ලන්ට තේරෙන්නෙ නැහැ. ඔහොම තියාගෙනත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නෙ කොහොමද කියල හිතා ගන්නවත් බැහැ. සායි බබා ගැන, එතුමාට විරුද්ධව, අන්තර්ජාලයේ අඩවි කීයක් තියෙනවද? .. ඔය මවන දේවල් වල මැවිල්ල අහුවෙච්ච හැටි විඩියෝ වල තියෙනවා.

    ReplyDelete
  4. තවමත් අන්ධ විශ්වාස වල එල්බ ගත්ත මිනිස්සු ඉන්නවා කියන එක තමයි ඉතින්... මෙච්චර දියුනු වෙලත් ලෝකෙ...

    තරිදු : ඔව් ඇත්ත... ගෙවල් වල විතරක් නෙමෙයි... ඔය හුඟාක් පන්සල් වලත් තියෙන්නේ... මිනිස්සු කතරගම ගිහින් කිරි වෙහෙරට යන්නේ නිකන් යන්න ඕනිවට වගේ.. දේවාලෙට පේ වෙලා පූජ වට්ටි අරගෙන... හ්ම්ම්..


    සරත් ගුණතුංග : ඔව් ඒ දේවල් බොරු කියල ඔප්පු වෙච්චි දේවල් හොදට උදාහරන.. සාක්ශි සහිතව තියෙනවා. තාමත් මිනිස්සු විශ්වාස කරන්නෙ ඇය් කියල හිතා ගන්න අමාරුයි.

    ReplyDelete
  5. බබා බබා සායි බබා...
    බබා බබා සායි බබ...

    ක්ලැරන්ස් ඔහොම කියනව අහල නැද්ද?? මම ඕක ඇහැව්වෙ ක්ලැරස්ගෙ නොන්-ස්ටොප් එකෙන්.

    පිස්සු තමයි...

    ReplyDelete

Related Posts with Thumbnails