මේ කතාව ලියන්න කියල හිතුනේ ඇයි කියන්න මම දන්නේ නැහ. ඒත් හුඟාක් ලස්සන කාලයක වෙච්චි කුලුදුල් ආදරයක් නිසා වෙන්න ඇති.
අදටත් මම ඒ ලස්සන පාසල් කාලයට හුඟාක් ආදරෙයි.
කාලය ගෙවිල ගිහින්... අද අපි ඉන්නෙ එදා හීනෙන්වත් නොහිතපු තැන් වල. ඒත්... කිසිම ව්ගකීමක්.. බරක් පතලක් නැති පිස්සු කියන්නේ හොදම එකෙන් පිස්සු නටපු ඒ කාලේ ජීවිතේ කවදාවත් ආයේ එන්නෙ වත්.... ඒ වගේම අමතක වෙන්නේ වත් නැහ.
මේ කතාව තමයි පිස්සගේ කුලුදුල් ආදරය ගැන කතාව.
කට්ටිය අදහස් දක්වන්න.
*******************************************************************
සාමාන්ය පෙල ඉවර වෙලා ගෙදරට වෙලා හිටි දවස් ටික ඉවරයි. උසස් පෙල පන්ති පටන් ගන්නවා කියල හැම තැනම පෝස්ටර් ගහලා.
ගෙදරින් වගේම මගේ කැමත්ත උනෙත් ගනිත අංශයෙන් උසස් පෙල කරන්න නිසා හා හා පුරා පන්තියකට යන්න තියෙන්නේ අද. නිහාල් සර් ගේ Physics පටන් ගන්නේ අදලු.
අම්ම හදපු තේ එකත් බීල මූන හෝද හෝද ඉන්නකොට ගෙදර බෙල් එක ගහනව ඇහුනා.
කව්ද මන්ද උදේ පාන්දර ?? අපේ ගෝතයෙක්ද දන්නේ නැහ.
කනක් ඒ පැත්තට හරවන් ඉද්දි ටින් ටින් ට්කක් ඇහුනා.
" ඇන්ටි අශානි ඉන්නවද ? "
කව්ද බොලේ මේ.. නන්ගිගේ යාලුවෙක්ද දන්නෙත් නෑ.. මොනා උනත් බලන්න එපැයි ගෙදරට ආපු කෙනාව.
මූන හෝදගෙන කාමරේට යද්දි හප්පොච්චියේ.... කෙල්ලෙක් නෙමෙයි කෙල්ලො 5ක් සාලේ.
දිනිති.... දිනිති කියන්නේ අපිත් එක්ක දහම් පාසල් ගියපු කෙල්ලෙක්. අපි කවදාවත් කතා කරල නම් නැහ. මට වඩා අවුරුද්දක් බාලයි.
ඉස්සර දිනිත් ඩහම් පාසලේ රැස්වීමෙදි ලස්සනට සින්දු කියනවා. ඒ දවස් වල ඉදන් මම දිනිතිට ආසයි. ආදරයක් ම නෙමෙයි. ඊත් ආසවක් තිබ්බ.
දිනිති ත් එතන හිටියා. අනිත් කෙල්ලො නම් මම අදුරන්නේ නැහ. මම ඉතින් හොද ළමයනේ... වැඩිය කෙල්ලො එක්ක අශ්‍රයක් තිබ්බෙ නැහ.
මම හිමින් සැරේ කාමරේට ගිහින් ලෑස්ති වෙන ගමන් ඒ පැත්තට කනකුත් දැම්ම.
" බලන්න නන්ගි අපිට අද ගාල්ලේ ගනන් පන්තියක් තියෙනවා 11 ට. උදේ ඔයාලගෙ ගෙවල් ගාව ක්ලාස් එකට
ආවේ.. ඒක අද නෑ.. දැන් ඉතින් ගෙදර ගිහින් එන එකත් අපරාදේනේ.. ගාලු යන්නත් කලින් වැඩිනේ.. ඒකයි මෙහේ ආවෙ.. "
" අහ් ඒකට මොකද අක්කි... දහම් පාසල් නැවත්තුවට පස්සෙ හම්බුනෙත් නෑනේ.... "
අහ් ඒ කියන්නේ මෙයාලට අද ගාලේ ක්ලාස්.
දිනිති ල කරන්නේ O/L මේ පාර.
කොහොම හරි මමත් ලෑස්ති වෙලා අම්මේ මම යනවා කියාගෙන ඒ පැත්ත බලන්නේ වත් නැතුව එලියට බැස්ස. ( ලැජ්ජාව තියෙනවනේ ඒ කාලේ )
හප්පේ... ලංකාවේ දිගම බස් නැවතුමපල ට ආවම නිකන් පිස්සු වගේ. සෙනසුරාද උදේ කියන්නේ... චා චා... ලස්සන ලස්සන කෙල්ලො පිරිලා... ඒ වගේම අයිතිකාරයො... වෙන්න අයිතිතිකාරයො පෝලිමට බස් නැවතුම්පලේ බිත්ති වලට හේත්තු වෙලා.
පන්තියට වෙලාව හරි නිසා මම සිරි නැරබිල්ල තියල පන්ති ගියා.
12.30 වෙද්දි පන්තිය ඇරුනා. කියන්න අවුලක් තිබ්බෙත් නැහ. දන්න කියන උන් සෑහෙන හිටියා.
කොහොම හරි හිමින් සැරේ බස් ස්ටෑන්ඩ් එකට ආවා... මොකද ආයෙම හවස combined maths ක්ලාස් එකක් තිබුනා... අම්ම අදුරන සර් කෙනෙක්ගේ.. අද පටන් ගන්න නිසා ගිහින් බලන්න කියලා කිව්ව.
" අඩෝ උබ වල බහිනවද ??? "
මම බැලුව කව්ද මේ වල ක් ගැන කියන්නේ කියල.. මගේ අතිජාත පර පිවිතුරු ඔලමොට්ටල යාලුවන්ගෙන් එකෙක්... ගයාන්.
පොත් දෙකකුත් රෝල් කරන් ඉන්නවා.
" අහ් නෑ බන්... මේ වල බහිනවා. උබ මොකෝ කරන්නේ... "
" අහ් මමත් ඒක තමා. "
" මේ උබ කොහෙද පන්ති ගියාද ?? "
" ඔව් බන් නිහල් සර් ගේ. "
" අහ් උබ maths ද bio ද කරන්නේ.. "
" maths බන්. මම කිව්වෙ... උබ ? "
" දන්නේ නැහ බන්. හොද එකක් තෝරගන්න ඕනි නිසා දැනට දෙකම කරනවා. "
" පි පිස්සු.. ඒ කියන්නේ උබ ජාති දෙකටම ක්ලාස් යනවද ?? "
" හිහි ඔව් බන්. "
මූට පිස්සු ද මන්ද හැබයි නරකම නේ අදහස.
ඒ එක්කම ස්ටෑන්ඩ් එකට ඇතුලෙ උනේ උදේ අපේ ගෙදර ආපු කෙල්ලො සෙට් එක.
දිනිතිලා.....
ඉතිරිය....
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 2



This comment has been removed by a blog administrator.
ReplyDeleteඇත්තට...
ReplyDeleteඉතුරු කොටස ලබන සතීයේද.....?
එල එල අයියා ඔහොම යන්. වෙසක් සතියේ දුකේ සොබාවයක් වෙන ඉච්ඡිතාලාභා හෙවත් කැමති දේ නොලැබිම යාම ගැන කතාවක් හැටියට මේක ගන්න පුලුවන්නේ :)
ReplyDeleteඑළ එළ මචං ලියමු දිගටම..
ReplyDeleteඅදහස් වලට ස්තුතියි. :)
ReplyDeleteඑල එල, ඉක්මනට ඉතුරු කොටසත් දාපන්.මෙහෙම අතරමග කතා නවත්තන්න එපා, අසරණ අපි වගේ පාඨකයෝ අනාථ වෙනවනෙ දෙයියනේ.. :)
ReplyDeleteදාන්නම් මචන් ඉක්මනට... බොහොම ස්තුතියි කියෙව්වට සහ කොමෙන්ටුවට :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමට ඔයාගේ ඊ මේල් එඩ්රස් එක දෙනවද. මට කතා කරන්න ඕනෙ ඔයා එක්ක. ඔයා ලියපු කතාව නියමයි. මම කැමතියි ඒ කතාව වෙන වෙබ් පිටුවක දාන්න ඒකයි. පුළුවන් නම් මට මේල් කරන්න.
ReplyDeletechr.ranga1@gmail.com
ස්තුතියි...
ReplyDeleteගත්තේ කොහෙන්ද කියල දාල දැම්මට නම් කමක් නැහ...
එල කතා සෙට් එක
ReplyDeleteස්තුතියි
ReplyDeleteela katha set 1.....
ReplyDeleteස්තුතියි මචන්.
ReplyDeleteSaho......
ReplyDeleteMata hithennema dinuka ge adahasa ista una kiyalai. methana adarayakata thibuna tharagayak nisa thamanta parajaya himiwena bawa dakapu nisama dinithiwath tharagayen ain karannai dinukata one une. namuth jeewithe kawada hari dawasaka saho ta therei eda ehema une hodakata kiyala.
ඔව්... අවසානෙට කියපු දේ නම් ඇත්ත කියල හිතෙනවා.... ස්තුතියි
ReplyDelete