Wednesday, June 16, 2010

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 10 ( අවසානය. )

Share
කතාවේ මුල් කොටස් බලන්න... :::    දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය.. 

එදා ගෙදර ඇවිත් මම කාමරේ දොරත් වහගෙන හොදටම ඇඩුවා.... කොල්ලෙක් අඬන එක බොලඳ වැඩක් කියල කට්ටිය කියනවා... ඒත් දිනිති නිසා මම එදා ඇඬුවා... 


දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 9



දිනිති ඇයි මේ සම්බන්දෙ නවත්තන්න තීරනය කලේ කියන එකවත් නොදැන මම හිත හදාගන්නේ කොහොමද... ඇයි දිනිති එහෙම කරේ.... හිතට කිසිම නිදහසක් නැහ...


පහුවෙනිද උදේ පාන්දරම මම ගයාන් හම්බුවෙන්න ගියා...


මම යනකොටත් ඌ නිදි...


" අපතයෝ... නැගිටහන්කො.... "


උගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහ.. කොහොම හරි දගලල දගලල විනාඩි 5 කට විතර පස්සෙ අමාරුවෙන් නැගිට්ටා...


" මොන මඟුලක්ද බන්... නිදා ගන්නවත් නැහනේ... තාම උදේ පාන්දර... "


9 ටත් ඌට පාන්දර... ඒවට කියන්න දේවල් තිබ්බත් මගේ ඔලුව විකාර වෙලා තිබ්බ නිසා මම කතාවට නොගිහින්...


" මචන්... මාර සීන් එකනෙ බන්... "


මූ ඈනුමක් ඇරල...


" මොකේ ඒ පාර... "


" මචන් දිනිති මේක නවත්තමුලුනේ... "


හාන්සි වෙලා හිටපු එකා එක පාරම නැගිටල..


" මොකක්.. "


" හ්ම්ම් ඔව් බන්.. ඒයෙ එන්න කියල තිබ්බ මට හම්බ වෙන්න... "


කියල මම ඌට අපි අතර වෙච්චි කතාව එහෙමම කිව්වා...


" අර *** බාල්දියක් පෙරලලද දන්නේ නැහ ආයේ... "


" අනේ මන්ද බන්.. ඒත් ඒකිට මාව විශ්වාසයිලුනෙ.... "


" මේ දැන් ඕක හිතන්න එපා.. උබ හෙට කතා කරල බලපන්... හෙට ඒකිට ක්ලාස් නෙ... "


හෙට දිනිති එක්ක කතා කරන්න හිතා ගෙන ටිකක් වෙලා ඌත් එක්ක කතා කර කර ඉදල ආව...


ගෙදර ආවත් මගේ ඔලුව වැඩ කරේ ඇයි දිනිති මෙහෙම තීරනයක් එක පාරම ගත්තේ කියන එක ගැන... ඇයි මට කියන්න බැරි හේතුව වත්....


එක එක විකාර මගේ ඔලුවට ආවා....


***


වෙනද වගේම මම දිනිති ක්ලාස් ඇරිල එන වෙලාවට ස්ටෑන්ඩ් එකට ගියා...


" මේ මොකෝ බන් සීන් එක... "


ජයන් ක්ලාස් ඇරිල ඇවිල්ල... ඒ එක්කම දිනිතිලත් ස්ටෑන්ඩ් එකට ආව...


" අනේ මන්ද බන්.. දිනිති මොකුත් කිව්වද ? "


" කිව්වද කියන්නේ... උබල දෙනගෙ සම්බන්දෙ ඉවරයි කිව්වා... ඒ ගැන ආයෙ කාටවත් කතා කරන්න එපා කියල කිව්ව... මම ඒත් සමාධි ගෙන් ඇහුවා.. ඒකි දන්නෙත් නැහලු බන්.. "


මම ඌට මොකුත් කියන්න ගියේ නැහ... දිනිතිල ආව හිස් බස් එකට නැගල වාඩි උනා... දිනිත් ජනේලේ ගාවින්... ඊට එහා පැත්තෙ සමාධි... දිනිති මගේ දිහා එක පාරක් වත් බැලුවෙ නැහ.. මම සමාධි දිහා බැලුවා... ඒකි මගේ දිහා බැලුවෙ අනුකම්පාවෙන් වගේ....


බස් එක අද්දනවත් එක්කම මම බස් එකට නැග්ගා... දිනිතිල ඉන්න තැනට ගියත් දිනිත් ජනේලෙන් පාර දිහා බලාගෙන ගියා මිසක් මගේ දිහා යන්තම් වත් බැලුවෙ නැහ...


මම සමාධි දිහා බැලුව.. ඒකි උරහිස් දෙක ගස්සල දන්නේ නැහ කිව්ව...


මම බස් එකෙන් බහිනකම්ම දිනිති මගේ දිහා බැලුවෙ නැහ... මට කතා කරන්න විදියකුත් නැහ... මම බහින්න ලෑස්ති වෙලා.. සමාධිට බහින්නම් කියල... දිනිතිටත්...


" දිනිති මම බහිනවා... " කියල බස් එකෙන් බැස්සා... ඒකි මගේ මූනවත් බැලුවෙ නැහ...


අපි දෙන්න යාලු වෙලා මාසයක් වෙනකොටම මේ සම්බන්දෙ නවත්තන්න දිනිතිට ඕනි උනේ ඇයි ??
ඇයි මට හේතුවක් වත් කියන්නේ නැත්තෙ... ??
මම මහ ලොකු වරදක් කරල වගේ මගේ මූනවත් නොබලන්නේ.. අපි කොච්චර සතුටින් හිටියද... දිනිති පුන්චි කෙල්ලෙක් වගේ කියවනව... මම අහන් ඉන්නවා... ඒත් අද... මට මේ කිසි දෙයක් තේරුනේ නැහ...


පහුවෙනිද ගයාන් හම්බු වෙලා සීන් එක කතා කරල දිනිතිට කොහොම හරි කතා  කරන්න හිතා ගෙන මම කලින්ම නිදා ගත්තා.

වෙනද වගේ ක්ලාස් යන්න හිතන් ගාලු ගියාට ක්ලාස් යන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නැහ මට. ඒ හින්ද ක්ලාස් යන්නෙ නැහ කියල හිතාගෙන මම බස් ස්ටෑන්ඩ් එකේ තාප්පෙට හේත්තු වෙලා ඔහේ බලාගෙන හිටියා...

" ඕයි... මොකද වලක්ද ?? "

අමිලයා.. අමිලත් අපේ අතිජාත අපත සෙට් එකේ එකෙක්... පොර bio කලේ.. මගේ යාලුවන්ගෙන් දිනිති ගේ සිද්දිය ට ගයානුයි හසිතයි තමා ගෑවුනේ.. ඒත් අමිල, වනි, පවන්, සන්ක අපි ඔක්කොම එකට හිටියේ... 



මට මේ වෙලාවේ සීන් එක කතා කරන්න එකෙක් නැතුව හිටි එකේ මූ දැක්කම ආවෙ මාර සතුටක්... අපේ සෙට් එකම දිනිති ගැන දැනන් හිටියට ගයානුයි හසිතය් ඇරෙන්න එකෙක් වත් දැකලත් නැහ...

" අමිල... මේ උබට කොහෙවත් යන්න තියෙද ? "

" නැහ බන්.. මේ බඩු වගයක් ගන්න ආව. ගෙදර යන්න තමා තියෙන්නේ.. මොකෝ.. "

" එහෙනම් වරෙන්කො "

කියල මම මූවත් ඇදගෙන කඩේකට රිංගලා ප්ලෙන් ටි 2කුත් අරන් සිද්දිය මූට කිව්ව.
අමිලය දිනූකගෙ කතාව එහෙමත් එහෙන් මෙහෙන් දන්නවා..

" ඒක හරි කෙලියක් නේ... එහෙම එක පාර හේතුවක් නොකිය නවත්තන්නේ... උබ ඇබරෙනවනේ.. කෙලින්ම අහපන්.. " 



කෙලින්ම අහන්නවත් ඒකි කතා කරන්න එපැයි...

" මේ අයේශ්...  උබට හිතෙන්නෙ නැද්ද අර දිනූකා කියන එක මොනා හරි ලෙඩක් දාල කියලා.. උබල ඒකිට බැන්නත් ලුනෙ.. ඒකට මල වෙලා ඇබරුවද දන්නේ නැහ ලනුවක්.."

අමිලය හේතු කියනවා... ඒත් මට මොනව කරන්නද හිතා ගන්න බැරි උනා...

දිනිත්ල ක්ලාස් ඇරෙන වෙලාවට මයි අමිලයයි ස්ටෑන්ඩ් එකට ආව.. ගයානුත් ඉන්නව.. මම ගයාන්ට ඊයෙ උන සීන් එක කිව්ව...

" මොකක්ද බන් ඔච්චර ලොකු සීන් එක ඕකිට ඔහොම වෙන්න.. මම හිතුවෙ නැහ ඔච්චර සීන් එකක් කියල... ම්ම් උබ අද කතා කරන්න්න බලපන්කො... හේතුවක් දැනගන්න එපැයි බන්.. " ගයානුත් කිව්ව...


ඒත් එදා දිනිති කරෙත් කලින් දවසෙ කරපු දේමයි... මට වචනයක් වත් කතා කරන්න උනේ නැහ....

මම එදා හවස් ක්ලාස් එකටත් නොගිහින් ගෙදර ගියා.... මගේ ඔලුව හොදටම අවුල් වෙලා.. දුක... වැඩි කමට කිසිම දෙයක් ඔලුවට ආවෙත් නැහ...

පහු වෙනිදා ප්‍රසන්න සර් ගේ ක්ලාස් ගියත් ඔලුව තිබ්බෙ පන්තියේ නෙමෙයි... ක්ලාස් ඇරුන ගමන් මායි ගයානුයි අනික් උන්ව මග ඇරල ඉක්මනට ස්ටෑන්ඩ් එකට ආවෙ සමාධි ගාලු එන බව දන්න හින්දා එදා..
සමාධියි එයාගේ යාලුවයි අපි යනකොටත් ස්ටෑන්ඩ් එකට ඇවිත්...
මම සමාධි ගාවට ගිහින් කතා කරා...

" සමාධි... "

" අයේශ් අයියේ... "

" ඇයි සමාධි දිනිති මට මෙහෙම කරන්නේ.. ? "

" අනේ මන්ද අයේශ් අයියේ එයාට මොනව උනාද එක පාරම කියල.. අපි ඈහුව කීප සැරයක්ම.. ඒත් කිසිම හේතුවක් කියන්නෙ නැහ. ඒ ගැන අපිත් එක්ක වචනයක් වත් දැන් එයා කතා කරන්නේ නැහ. "

" සමාධි ඔයාම නේද මට කිව්වෙ එයා මේ ගැන හුඟාක් සීරියස්... එයාට දුකක් දෙන්න එපා කවදාවත් කියලා.. "

" අනේ අයේශ් අයියේ.. ඔව්.. කිව්ව. දිනිති ඔයාට හුඟාක් ආදරෙන් හිටියෙ.. අපිට හිතා ගන්න බැහ අයේශ් අයියේ මේ වෙනස... "

දිනිති කිසිම කෙනෙකුට නොකිය එක පාරම අපේ සම්බන්දෙ නැවත්තුවා... මාත් එක්ක කතා කරනව තියා මගේ මූනවත් බැලුවෙ නැහ...



කාලය ගෙවිල ගියා... මම හැම සිකුරාදමයි.. සෙනසුරාදයි වෙනද වගේම ගාලු ගියා.. දිනිති යන බස් එන ගෙදර ආවා... දවස් කීපයක් දිනිති හිට ගෙන ආව වෙලාවල් වල මම කතා කරන්න උත්සහ ගත්තත් දිනිති වචනයක් වත් කතා කලේ නැහ...

මම හිටියේ සෑහෙන අවුලෙන්... අපේ උන්ටත් මාරම අවුල් වෙලා හිටියෙ මගේ සීන් එකට...

ගයාන් 2 පාරක්ම දිනිති එක්ක කතා කරන්න හදල තිබ්බා..

" ගයාන් අයියේ ඔය ගැන කතා කරන්න එපා... " 

කියන එක තම දිනිති කියල තිබ්බෙ...

මේකට හේතුව දිනූකගෙ ගැටයක් කියල හිතන් හිටි හසිතයයි අමිලයි දවසක් ස්ටෑන්ඩ් එක මැද්දෙදි දිනූකට හොදටම බැනල තිබ්බ සෙනඟ ඉස්සරහ..



මාස 3ක් විතර ගියා ඔහොම.. සිංහල අවුරුද්ද.. වෙසක් එක.. වෙසක් එකට අපේ උන් ඔක්කොම වගේ අමිලලගෙ ගෙදර සෙට් උනා.. ( උන්ගෙ ගෙදර ඒ කාලෙ ඉදන් ඕනි දෙයක් කතා කරන්න පුලුවන්. ඌට අවුලක් තිබ්බෙ නැහ ගෙදරින්. ) කට්ටිය දැන් මම ගැන කතාව...
ඔක්කොම එකතු වෙලා හේතු කියලා.. බණ කියලා... මට බැනල කිව්ව දැන්වත් දිනිති ගැන හිතන එක නවත්තපන් කියල....

" ඒකිට වෙන කොල්ලෙක් ඇති උබ දන් නැති උනාට... "
" මචන් ඒකිට අසනීපයක් වත් තියෙද දන්නෙ නැහ.. ඔය පොත් වල එහෙම සීන් තියෙන්නේ... "

උන් රටේ නැති සීන් කියනවා...

" අනේ මේ ඔය කතාව නවත්තපන් දැන්.. " 

මම උන්ගෙ ගෙදරින් එලියට බැහල ආව... ගයාන් මගේ පස්සෙන් ඇවිත්

" වරෙන් " 

කියල මාවත් බයික් එකේ දාගෙන ටික දුරක් ගිහින් නැවත්තුවා...


" මේ මචන්.. උබට අවුල් යන එක ඇත්ත.. ඒත් උන් කියන්නෙ ඇත්තනෙ බන්.. උබ නිකන් චාටර් වෙනවා... දිනිති කැමති වෙනවනම් වෙන්න කල් බන් දැන්... උබ ඔය ගැන හිතන එක නවත්තපන්... "

ගයාන් ලොකු දේශනයක් දුන්න මට... එදා ගෙදර ඇවිල්ල මම හුඟක් හිතල තීරනය කලා දිනිති ගැන බලාපොරොත්තු අත අරින්න... ඒත් ඒක දිනිතිට කියලම අයින් වෙන්න ඕනි කියල හිතා ගෙන මම ඊලග සිකුරාද ගාලු ගියා...



දිනිති වෙනද වගේ හැන්ගි මුත්තම් කරයි කියල හිතුන හින්දම මම කෙලින්ම සමාධි ගාවට ගියා එයාල බස් එකට නගින්න කලින්... සමාධිව පැත්තකට එක්ක ගිහින් මම කිව්ව මගේ තීරනය ගැන...
ඔක්කොම අහන් ඉදල..

" ඔව් අයේශ් අයියා... ඒක හොදයි.. පව් ඔයා. "

" සමාධි ඔයා මට හුඟක් උදව් කලා.. තෑන්ක්ස්... මට අද දිනිතිට කතා කරන්න ඕනි.. පුලුවන්ද චාන්ස් එකක් අරන් දෙන්න... "

" හා අයේශ් අයියේ.. "

කියල ඒකි ගියා...

එදා මට දිනිති ගාව වාඩි වෙන්න හම්බුනා.... සමාධි නැගිටල ඉඩ දුන්න...

අහඹුවක් ද කියල හිතා ගන්න බැරි උනත්.. බස් එකේ දාල තිබ්බ කැසට් එකේ පුන්සිරි සොය්සා ගෙ.. " මේ බස් නැවතුම ගීතය " එවෙලෙ ගියේ... මගේ හිත අතීතයට ගියා.... හ්ම්ම්...

" දිනිති... "

ඒකි වෙනද වගේ අහක බලන් හිටියෙ නැහ.. ඒත් බිම බලාගෙන..

" දිනිති... මම තීරනයක් ගත්තා.. මම ආයේම ඔයාට කරදර කරන්නේ නැහ.. ඔයාගෙ කැමත්තට ඉඩ දීල මම අයින් වෙන්නම්.. "

ඒකි යාන්තමට ඔලුව උස්සල මගේ දිහා බලල...

" ඔයා මාත් එක්ක තරහද අයේශ් අයියේ... "

මාස ගානකින් ඇහුන ඒ කටහඬ මාව ගොලු කරා... මගේ උගුර හිර වෙනව වගේ දැනුනා...

" නෑ දිනිති... කවදාවත් නැහ... " කියල මම බිම බලා ගත්තා...

අපි ඊට පස්සෙ කතා කරේ නැහ මොකුත්...
මම බහින්න කිට්ටු වෙලා

" දිනිති..... එහෙනම් මම බහින්නම්... මාව දැක්කම කතා නොකරට කමක් නැහ.. ඒත් හිනා වෙලාවත් යන්න දිනිති... "

ඒකි හුඟාක් දුක හිතෙන විදියට මං දිහා බැලුව.. ( මට මුලින්ම හා කිව්ව දවසෙ වගේම එදා දිනිති බලපු විදියත් තාම මතකයි මට... )

මම බස් එකෙන් බැහල ගෙදර ගියා....

පිස්සගෙ කුලුඳුල් ආදරය තමයි ඔය...



********************************




පසුවදන....


මම ඊට පස්සෙ දිනිතිව පුලුවන් තරම් මග ඇරියා... ඒ මට දිනිති දකින කොට හිත හදා ගන්න අමාරු නිසා...
අවුරුද්දකට විතර පස්සෙ... දවසක් සමාධි හම්බ උනා මට...

" අයේශ් අයියේ... කොහොමද ?? "

ඒකි එක්ක විස්තර කතා කර කර ඉදල මම දිනිති ගැන ඇහුවා...

" දිනිති හොදින් ඉන්නවද සමාධි.. "

" ම්ම් ඔව් අයේශ් අයිය.. "

" සමාධි ඔයා තාම දන්නෙ නැද්ද ඇයි දිනිති මගෙන් ඈත් උනේ කියල... "

" නැහ අයේශ් අයිය.. එයා කාටවත් ඔය ගැන කියල නැහ.. අයේශ් අයියේ.. දිනිති දවසක් කිව්ව මට... "

" මොකක්ද සමාධි.. "

" ඔයාට මතකද එදා අර ප්‍රශ්නෙන් පස්සෙ දිනිති ඔයාට සමාව දුන්නෙ... ඔයා දන්නවද ඊට පස්සෙ දවසෙ එය ක්ලාස් ආවෙ නැත්තෙ ඇයි කියල... "

මම සමාධි දිහා බලන් හිටියා...

" එදා එයාලගෙ තාත්ත මේක දැනගෙන.. එයාට හොදටම ගහල අයේශ් අයියේ.. එයාලගෙ ගෙදර ඉන්නේ එයයි මල්ලියි තාත්තයි විතරෙනෙ.. ( දිනිතිගෙ අම්ම රට හිටියෙ.. ). දිනිති ලගෙ තාත්ත හරිම සැරයි අයේශ් අයියේ.. "

" ඉතින් සමාධි ඔයා කියන්නේ තාත්ත දැන ගත්තු හින්ද මේක නැවත්තුව කියලද... "

" අනේ මන්ද අයේශ් අයියේ... ඒත් ඒක නිසා දිනිති ඔය වගේ තීරනයක් ගනියි කියල මම හිතන්නේ නැහ. දිනිති එහෙම කෙල්ලෙක් නෙමෙයි... එයා ඔයාට හුඟක් ආදරෙන් හිටියෙ... ඒත් අනේ මන්ද අයේශ් අයියේ.. දැන් ඉතින් ඒ හැම දේම ඉවරනේ... ඕව හොයල වැඩක් නැහනේ... "

කියල සමාධි ගියා...

දිනිතිව මට අන්තිමට හම්බුනේ 2004 දි.. එයාල්ගෙ AL  එවර වෙලා... එදා එයා මාත් එක්ක කතා කරා.. විනාඩි 2ක් වත් කතා කරේ නැහ.. බස් එක ආව නිසා එයා ගියා. එදා තමා අපි වෙන් උනාට පස්සෙ මුලින්ම කතා කරෙත්...



අදටත් මම දන්නේ නැහ ඇයි දිනිති එක පාර මගෙන් ඈත් උනේ කියලා..

මම 2005 ලංකාවෙන් එන කොටත් දිනිතිට කොල්ලෙක් හිටියෙ නැහ... ඒ කාලය වෙද්දි මම දැනුවත්වම කොල්ලො 4 - 5 දෙනෙක්ම දිනිතිට ට්‍රයි කරා... ඒත් දිනිති කැමති වෙලා තිබ්බෙ නැහ කාටවත්ම...

*******************************

මේ කතාව ලියන්න හිතුනේ ඇයි කියන්න මම දන්නෙත් නැහ... ඒ මතකය ජීවත් කරවන්න ඕනි කියල හිතුන නිසා වෙන්න ඇති....
ඒ මතකය හැමදාමත් මගේ හිතේ සුන්දර මතකයක් වෙලා තියේවී....

මම මේ කතාව ලියන්න පටන් ගද්දි හිතුවෙ නැහ මේ තරම් දෙනෙක් මේක කියවයි මේ තරම් ප්‍රතිචාර...  අදහස් දක්වයි කියලා...  ඒ හැම දෙනාටම හුඟාක් හුඟාක් ස්තුතියි.

සමහර විට මේ කතාවෙ අවසානය හුඟාක් අය බලාපොරොත්තු උන විදියෙ ලස්සන... එහෙම නැත්තම් ගති අවසානයක් නොවෙන්න පුලුවන්. ඒත් මේක ඇත්ත කතාවක්. අපේ ජීවිත වල එහෙම ලස්සන.. ගති අවසානයන් ලැබෙන කතා බොහොම අමාරුයි දකින්න.

ආයෙමත් සැරයක් මේක කියවපු... අදහස් දක්වලා දිරි දීපු... ඔක්කොම අයට  බොහොමත්ම ස්තුතියි.


මේ කතාවෙ චරිත ගැන කියනවනම්....

අයේශ් ( මම )... ගයාන්... හසිත... අපි තුන් දෙනා ලංකාවෙන් පිට රටවල් 3 ක ඉන්නෙ... හසිතගෙන් නම් ආරන්චියක් නැහ හුඟ කාලෙකින්. ගයාන් නම් වෙනද වගේ පිස්සු කෙල කෙල ඉන්නවා... තාමත් මගේ දුක සැප අහගෙන...

සමාධි.... බැඳලා... බබෙකුත් ඉන්නවා....

දිනූකා... ඒකිගෙ OL ඉවර වෙලා ටික දවසකින් Army එකේ කොල්ලෙක් එක්ක පැනල ගියා...

ජයන් ගැන නම් මොකුත් දන්නෙ නැහ...  

දිනිති..... ලඟදි බඳින්න යන්නේ.. මට හම්බුනා ගාල්ලෙදි දෙන්නවම... කතා කරල ගියා. .

මේ කතාව කියවපු... කියවන්න බැරි උන අයට ලේසි වෙන්න PDF එකක් විදියට හැදුවා.. කැමති නම් download කර ගන්න...







DOWNLOAD ::: දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය...



මාත් එක්ක හිටි ඔයාල ඔක්කොටම හුඟාක් ස්තුතියි.


240 comments:

  1. don't know what to say ...nice story of course.but I fell You changed the Ending to fit your needs ..(I don't have sinhala on this computer so I'll put sinhala a comment latter )

    ReplyDelete
  2. දිනිති නම් 1000 කින් හොයාගන්න බැරි , පට්ටම කෙල්ලෙක් !!

    දිනුකාට නම් මම හිතුවා , ඔහොම යන විදිහට ඉක්මනටම කෙල වෙයි කියලා !!

    මේකත් එක්තරා , පුදුම ආදර කතාවක් !!!! ජය !!

    ReplyDelete
  3. හ්ම්, මොකද මේ, මම හිතුවේ හොද කතාවක් තියෙයි කියලයි, ඒත් සීන් එක නිකං එකපාරටම බ්රේක් ගැහුවනේ බං. මටනම් නිකං අප්සෙට් වගේ තියන්නත්..... උඹ ටිකක් හදිස්සි වුනා වැඩියි කොල්ලෝ, ඔයිට වඩා ඉවසන්න තිබුනා.

    තාත්තාගේ බලකිරීමට එහෙම දෙයක් වෙන්න හොදටම ඉඩ තියෙනවා, මොකද උඹල අදුරගෙන ගොඩක් කල් නැහැනේ, ඉතින් උඹ ටිකක් ඉවසලා දිනිතිට කල් දුන්න නම් අඩුම ගානේ උසස් පෙල ඉවර වෙනකම්වත් ඉන්න තිබුනා පස්සෙන් යන්නේ නැතුව හැබැයි උඹව අමතක වෙන්න දෙන්නෙත් නැතුව.

    දැන් ඉතින් මොනවා කරන්නද, පෙරලුන පිට හොදයි කියමු. මොනවා වුනත් අලුතින් ලව් කරන එවුන්ට හොද පාඩම

    මගේ කතාව ඔයිට වඩා වෙනස්, කියවපං ඉඩ තියෙන වෙලාවට

    ReplyDelete
  4. මොනව කියන්නද මන්ද.. කතාව මුල ඉඳලම කියවගෙන ආව.. අවසානය නම් ගොඩක් දුකයි තමයි.. ඒත් ඔයාගෙ අත්දැකීම අපිත් ලැබුව වගේ තමයි දැනුනෙ.. ඒ තරමටම ලස්සනට ලියල තිබුන.. ගොඩාක් ස්තූතියි!!!!!

    ReplyDelete
  5. මචන් පිස්සා අයේශ්

    උඹ කරපු වැඩේ හරි, ඒක තමා නියම කොල්ලෙක් විදියට කරන්න ඕන දේ. කතාව දිගටම කියෙවුචා, මම මේ පීඩීඑෆ් එක මගේ ෆේස්බුක් එකේ ශෙයාර් කරන්නද? උඹ කැමති නම් විතරක්!

    කතාව බොහොම හොඳයි මචන්, උඹ ට හරි දේ කරන්න හිතාගන්න පුළුවන් වුණ එක ගැන සන්තෝසයි මට.

    මමත් ලංකාවෙ නෙවෙයි ඉන්නේ. ඒත් මේ වගේ දේවල් කියවනකොට මට පරණ ජීවිතෙ ජීවත් වෙනවා කියන හැඟීම එනවා, බස් ස්ටෑන්ඩ් වල, පාරවල් ගානේ!

    ස්තුතියි මියෙන මතකයන් ජීවත් කෙරෙවුවාට!

    ජය...

    වැම්පයර්

    ReplyDelete
  6. ෂං. මීට වඩා හොඳ අවසානයක් තිබ්බනම්. ඒත් ඉතින් හැම කතාවම ඉවරවෙන්නේ හිනාවකින්ම නෙවෙයිනේ. මම හැම කොටසම ආසාවෙන් කියෙව්වා. දිනිති හොඳ කෙල්ලෙක් කියලා මටත් හිතෙනවා.
    හැබැයි දිනූකානම් පැනලා නොගියානම් තමයි පුදුමේ.

    තව මොනවාහරි ලියන්න පටන්ගමු.

    ReplyDelete
  7. Thanks for the pdf. Nice story telling. Good luck!

    -AD

    ReplyDelete
  8. උඹ ඉක්මන්වුණා වැඩියි.මොකද මමත් ඉවසලා ආදරේ දිනාගත්තු කෙනෙක්.ඔය වගේ සිද්ධි කාටවුණත් සිද්ධවෙනවා,බලාපොරොත්තු ඇතිව ජීවත් වුණොත් ඔය වගේ ප්‍රශ්ණ ලස්සනට විසඳෙනවා.අත්දැකීමෙන් කියන්නේ :)

    මට හිතෙනවා උඹෙ කතාව ඉවර නෑ කියලා.උඹට ආයෙමත් මේක ලියන්න වෙයි!!

    ReplyDelete
  9. Confiuzd ප්‍රෝග්‍රැමර් : බොහොම ස්තුතියි මචන්. නැහ බන් කිසිම වෙනසක් නැහ... සමහර කොටස් අඩු ඇති.. ඒ යම් යම් හේතු නිසා. ඒත් අවසානය ඕක තමා මචන්....



    හිඟන්නා : මම දන්නෙ නැහ දිනිති මගෙන් ඈත් උනේ ඇයි කියලා... ඒත් මම කවදාවත් ඒ කෙල්ල ගැන අහිතක් හිතල නැහ මචන්. ඒකි ඇත්තටම හොද කෙල්ලෙක්.



    KoolTempo : හ්ම්ම් ඒත් ඕක තමා ඇත්තටම උනේ මචන්.. පොඩි කාලයක් ඇතුලත හැම දේම උනේ... ම්ම්ම් සමහර විට.. හදිස්සි උන වැඩි වෙන්න ඇති මම. ඒත්.. අනේ මන්ද මචන්...
    තාත්ත හින්දා එහෙම උනා කියන එක මම විශ්වාස කරන්නෙ නැහ මචන්... මොනව උනත් ඒ හැම දේම මතකයක් විතරයි දැන්...


    උබේ කතාව මම අනිවා බලනවා. නියමයි ඒක.

    ReplyDelete
  10. ගිහාන් : උබටත් ස්තුතියි මචන් දිගටම ඉදගෙන අදහස් දක්වලා මාව දිරිමත් කලාට.



    වැම්පයර් : මම දන්නෙ නැහ බන් කරපු වැඩේ හරි ද වැරදිද කියලා... කූල් ටෙම්පො කිව්ව වගේ ඉවසන්නත් තිබුනා.. ඒත් වැඩක් වෙයිද..

    ඔව් බන් පිට රටක ඉද්දි තනි උනහම ඒ මතකයන් එක්ක හරි ජීවත් වෙන්න වෙනවා..

    කිසිම අවුලක් නැහ බන්.. ඕනි තැනක දාපන්... :)




    මිස්සක : එහෙම උනානම් කියල මට අනන්ත හිතිල තියෙනවා බන්. ඒත් අපි ආස කරන දේවල් ඒ විදියට ලැබෙන්නෙ / වෙන්නෙ නැහනේ මචන්...

    හිහි බලමු ලියන්න.


    Anonymous : Thanx. :)


    ජංජාල චාමර : උබ කියන කතාව ඇත්ත. ඒත් මචන් ඒ කාලේ එහෙම අත්දැකීම් නැහනේ.. හිතට එන දේ කරනවා.. අනේ මන්ද... නැහ බන් මේ කතාව ආයෙ ලියන්න වෙන එකක් නැහ...
    මේක උනේ මීට අවුරුදු 8 - 9 කට කලින්...

    උබ ගාල්ලෙද ?

    ReplyDelete
  11. මම මුල ඉදලාම කියෙව්වා මේ කතාව... හැබැයි ඇත්තටම මේක මම හිතපු අවසානය නෙවෙයි සහෝ.. කොහොම වුනත් මමත් මගේ යාලුවෙකුත් ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක්..

    ස්තූතියි යාලුවා මේ කතාව අපිත් එක්කත් බෙදා ගත්තාට...

    සුබ අනාගතයක්.. ජය!

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ලසන්.. ඕව ඔහොම තමයි මචන්.. කාලයට ඉඩදී බලා හිඳීම හැර සමහර ප්‍රශ්න වලට මිනිස්සු වශයෙන් අපි ළඟ විසඳුම් නෑ

    ReplyDelete
  14. කතාවනම් ගොඩක් හිතට වැදුනා. අපි බලාපොරොත්තු උන විදිහෙ අවසානයක් නැති උනත් ගොතපු සීනිබෝල කතාවක් නෙමෙයි නිසා ආසාවෙන් කියෙව්ව.
    මගේ කතාවත් ටිකක් විතර ඔය වගේ. හැබැයි තාම තීරණයක් අරන් නෑ. ඔයාගේ කතාව බෙදාගත්ත එකට ගොඩක් ස්තීතියි. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනව

    ReplyDelete
  15. Nice... Gud Luck!!!

    ReplyDelete
  16. අෂාන් මල්ලිගේ පෝස්ට් එකේ මේ කතාවේ ලින්ක් එක දාල තිබුනු නිසා පලවෙනි කොටසින් පටන් අරගෙන අන්තිම වෙනකම්ම කියවලා මේ දැනුයි ඉවර කලේ . . .

    ඔයාගේ බ්ලොග් එක සමහර වෙලාවට කියවනවා ඒත් කමෙන්ට් කරලා තියෙනවාද කියලා නම් මතකයක් නෑ . . සමාවෙන්න වැඩ රාජකාරී ගොඩාක් අස්සේ තාම්ය් ඉමේ බ්ලොග් කියවන්නෙත් ලියන්නෙත් . . .

    මේ කතාව හරිම දුකයි. මාවත් ආපහු මගේ පාසැල් කාලෙට අරගෙන ගියා වගේ. මමත් මගේ කතාවක් (කතා කීපයක් ) මෙගේ බ්ලොග් එකේ දැම්මා කාලෙකට පෙර.

    මේ කතාව හරිම දුක් බරයි. හිතා ගන්න බෑ ඇයි දිනිදි එයාගේ හිත ගොලු කරගෙන හිටියේ කියලා. දම්මිට නම් හේතුවක් තිබුනා . . මටත් එහෙමයි . . මමම හදාගත්තු හේතුවක් උනත් හේතුවක් තිබුනා. ඒත් ඇයි එයා එහෙම කලේ . .

    පව් එයාගේ ජීවිතේට ආයි පාරක් එබිලා බලන්න ඔයා කැමති නැද්ද . .

    අඩු තරමින් ඔයාගේ හිත රිදවපු එකට සමාවෙන්න කියලා හරි එයාට කියන්න ලැබුනොත් ඒක එයාට ලොකු දෙයක් වේවී .. මම අත්දැකීමෙන් කියන්නේ . .

    කතාවේ අන්තිම ටික කියවල මම 10වෙනි කොටසේ කම්නෙට්ස් කියෙව්වේ කඳුලු පිලියා බොඳ වුනු ඇස් දෙකන් . ..

    පාසැල් කාලේ ප්‍රේමයෙන් හිත රිදව ගට්තු කෙනෙක් විදිහට ම්ම දනන්වා ඔයා කොයි තරම් වේදනාවක් විඳින්න ඇද්ද කියලා . . . .

    ඒත් ඔයා ඉගෙනීම කඩාගනෙන නැතුව ඔයාගේ ගමන යන එක ගන නම් අප්‍රමාන සංතෝෂයි මළේ . .

    ReplyDelete
  17. දිනිදි nemei dhinithi honndhe

    ReplyDelete
  18. අද මේ කතව ඉවර කරලා....මමහිතුවා තව තියෙයි කියලා .....

    දිනිතිගේ වරද්දක් නැතිවෙන්න ඇති,,,,මොහොතකට හරි උබට ආදරය කරපු ඒ කෙල්ලට තිබුනා ...වෙලා තිය්නදේ තේරුම් කරල දෙන්න....එහෙම උනාන්ම් මෙහෙම වෙන්නේ නැහැ මෙවෙලාවෙ උබට විතරක් බැනලා වැඩක් නැහැ මචන් උබ හදිස්සි උනාවෙන්න ඇති ,,,නමුත්....දිනිතිට කාරබාගෙන නොඉද උබට සියල්ල කියන්න තිබුනා....එහෙම උනානම්....මම හිතනවා...උබ අදටහ් තනිවෙන්නේ ...නැතිවෙයි..බොහොදුරට.....ආදරයේදිනම් ඉවසිම ප්‍රගුනකලයුතුමයි......

    ReplyDelete
  19. උඹ තවමත් දිනිතිට ආදරෙයිනම් තවම අවස්ථාවක් තියෙනවා. අනිත් එක ඔය වගේ දෙයක් වුනොත් මම දන්නේ නැහැ උඹ කොහොමද හේතුව දැනගන්නේ නැතුව මෙච්චර කල් හිටියේ කියලා. මමනම් අනිවාර්්‍යයෙන්ම හේතුව හොයනවා. මොකද කවදා හරි උඹ ලව් කරපු නිසා මේවට හේතු දැනගන්න උඹට අයිතියක් තියෙනවා.

    ජීවිතේ කවදාවත්ම වුන සිද්ධියකදී හේතුව හොදැන අමතක කරන්න එපා. පස්සට දුක් වෙන්න වෙනවාමයි.

    ReplyDelete
  20. machan maxa kollo ela ,uba me story eka apita thanena liwa,elama kiri.uba ay try karapan thinethita

    ReplyDelete
  21. එල එල කොල්ලෝ... ආයි හමුවෙමු.. තොට හොක උනත් කමක් නෑ..  :D :D :D

    මම දිනිතිට සුබම සුබ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  22. ම්ම්ම්.....
    කියවන අපිට ඇසට කදුලු ගෙනාවත් ලස්සන කතාවක් ඒත් විදින කෙනාට තමා ඒක දැනෙන දුක තේරෙන්නේ..........

    ඒ අක්ක තාම බැදල නැත්තේ සමහරවිට එයා ගෙදර බලපෑමට ඔයා ඉස්සරහ හිත ගොලු කරගත්ත නිසා වෙන්න ඇති කියල මටත් හිතුන අයියේ...... සමහරවිට ඔයා අතීතය මතක් කරනව වගේම එයත් තාමත් ඒ අතීතය විදිනව වෙන්න පුලුවන්......... කෙනෙක්ගේ හිතට තදින් වැදුන දෙයක් කොහොම අමතක කරන්නද..........


    ජංජාල චාමර අයිය කිව්ව වගේ ඔයාට ඒ ගැන ආයේ ලියන්න වෙයි කියල මටත් හිතුන.........

    ReplyDelete
  23. ළමයා : අපි බලාපොරොත්තු වෙන අවසානයක් හැම තිස්සෙම සැබෑ ජීවිතේදි ලැබෙන්නේ නැහ මචන්... බොහොම ස්තුතියි හැමදාම වගේ අදහස් දක්වලා මාව දිරිමත් කලාට.




    Lasan Kaushalya : හිතා ගන්නත් අමාරුයි මචන්.. අවුරුදු 6ක් ඉදල පලමු ආදරේ නැති වෙනව කියන්නේ.... මට දිනිති ලැබෙන්නෙ නැහ මචන්. ඒක මම හොදටම දන්නවා.. මට ඇත්තටම තාමත් ආසයි දැන ගන්න ඒ හේතුව... ඒත් වෙලාවකට හිතෙනවා මතකය එක්ක ඒ දේවල් එහෙම තිබ්බ දෙන් ආයෙ අවුස්සන්න ඔනි නැහ කියලා....



    වැම්පයර් : සහතික ඇත්ත මචන්...

    ReplyDelete
  24. කොඩී : මම කිව්වෙ මචන්.. අපි බලාපොරොත්තු වෙන අවසානයක් ජීවිතේදි හැම තිස්සෙම ලැබෙන්නෙ නැහ... කතාව ගොතල දාල තේරුමක් නැහනෙ මචන්.. මම මේක ලියන්න ගත්තේ මේ මතකය ජීවත් කරවන්න....

    උබ හැමදාම මේ කතාව ලියන්න මාව දිරිමත් කලා... බොහොම ස්තුතියි.

    උබේ සිද්දියට ජය පතනවා... හැම දේම හොඳ විදියට වෙන්න...




    Anonymous : thanx. :)

    ReplyDelete
  25. දුකා : දුකා අයියා.... කතාව කියෙව්වට වගේම ඔයාගෙ අදහස් වලටත් හුඟක් ස්තුතියි.

    මම ඔයාගෙ බ්ලොග් එක බලනවා... ඉදල හිටල වගේ කොමෙන්ට් කරලත් තියෙනවා..
    අයියා ලියන විදියට මම කැමතියි... පරන ඒවනම් කියවල නැහ.. වෙලාවක් හම්බුනහම බලන්න හිතන් ඉන්නවා...

    දන්නේ නැහ අයිය... දිනිති එහෙම කලේ ඇයි කියල.. මොනව උනත් හේතුව ලොකු දෙයක් වෙන්න ඇති... ඒ වගේම මම කවදාවත් එයාට වැරද්දක් කියන්නෙ නැහ...


    ආයෙම... මම නිකන් කතා කරන්න හිතුව නම්බර් එක හොයාගෙන... ඒත් ඕනි නැහ කියල හිතුනා අයියා...

    පාසල් කාලයේ ආදරය ගැන අමුතුවෙන් එහෙනම් කියන්න ඕනි නෑනෙ අයිය.. ඒ මතකයන් හැම දාමත් තියෙනව හිතේ... ඊට පස්සෙ ජීවිතේ මොන දේ උනත්.

    ReplyDelete
  26. ඉලංදාරියා : ඔව් ඇත්ත... ඉවසීම ඕනි මචන්. මට නැතිම දේත් ඕක.. ඒ හින්දා ජීවිතේ හුඟක් දේවල් මට නැති උනා... දිනිති එහෙම නොකලෙ ඇයි කියන්න මම දන්නෙ නැහ මචන්.



    KoolTempo : දැන් පරක්කු වැඩියි මචන්. හොඳටම... ඊට පස්සෙ මම කෙල්ලො කී දෙනෙක් එක්ක යාලු උනාද... ඒත් දිනිති ගැන වගේ ලස්සන හැඟීමක් මතකයක් නැහ... දැන් මට දිනිති ගැන තියෙන්නෙ හීනයක් වගේ මතකයක්... ස්කෝලෙ යන කාලේ ආදරේ ආදරේ මද කියන්න මම දන්නෙ නැහ... ඒත් දිනිති මගේ මතකයේ තාම ඉන්නවා.....


    Ruwan bhagya : බොහොම ස්තුතියි

    ReplyDelete
  27. හා පැටික්කි (MS) : නැහ නංගි... ආයේ ලියන්න වෙයි කියල මම හිතන්නේ නැහ... පිස්සා අයියා එහෙම හොඳ කෙනෙක් නෙමෙයි... දිනිති ගෙන් ඈත් වෙලා අවුරුදු 1 මාරකට විතර පස්සෙ මම වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා.... ඊට පස්සෙ කෙල්ලෙඔ කීප දෙනෙක් ම හිටිය මට... ඒ ස්කෝලෙ යන කාලෙ කරපු පිස්සු වැඩ...

    ඒත් දිනිති කියන්නේ... හැම දාමත් හිතේ ඉන්න මතකයක්... එයා වෙනස්...



    Anonymous : :)

    ReplyDelete
  28. මැක්සා ස්ටෝරිය... බට් දුකයි...!

    ReplyDelete
  29. ගොඩක් ආසාවෙන් කියවපු ලිපියක්. උඹ උඹේ ජීවිත කතාව නම් මේ ලියලා තියෙන්නේ 1000කින් හොයා ගන්න බැරි කොල්ලෙක්. ඇත්තටම ආදරය කරලා තියෙනවා. ඒත් ජීවිතේ මහ පුදුම දෙයක්. දිනිතිව උඹට ලැබෙන්න තියෙනවා නම් කොහොම හරි ලැබෙයි. ජීවිතේ ඉස්සරහට යන්න සුබ පතනවා

    ReplyDelete
  30. මුල ඉදන්ම ඔයාගෙ කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වා අයියේ.හැමදාම ඊළග කොටස දානකන් බලන් උන්නා..ඒත් හිතුවෙ නෑ මේ වගේ අවසානයක් වේවි කියලා.දිනූකා ගැන නම් තරහයි.දිනිති අක්කා පව්.සමහර විට තාමත් එයා එයාගෙ පළවෙනි ආදරේ වෙනුවෙන් ඉන්නවා ඇති.
    කොහොම වුනත් හිතට දැනෙන්න ලියල තියෙනවා.ගාල්ලෙ ඉදලත් මම දන්නෙ නෑනෙ බස් හෝල්ට් එකේ තාප්ප වලට හේත්තු වෙලා ඉන්න අයියල මල්ලිලා එහෙම ඉන්න හේතු තියෙන,දුකින් ඉන්න අය කියලා.
    ස්තුතියි ඔයාගෙ කතාව අපිත් එක්ක බෙදා ගත්තාට..

    ReplyDelete
  31. ඩී.කේ. [DK] : බොහොම ස්තුතියි


    DReeZone : බොහොම ස්තුතියි මචන්. මම ඒ තරම් හොද කොල්ලෙක් නෙමෙයි බන්... හ්ම්ම්...

    ReplyDelete
  32. සොදුරු සිතැත්තී : දිනිති ඒ වෙනුවෙන් ඉන්නව ඇති ??? ම්ම්ම්ම් අනේ එහෙම කියන්න එපා....

    බොහොම ස්තුතියි අදහසක් ලියල ගියාට... හිහි බස් ස්ටැන්ඩ් එකේ ඉන්න හුඟක් උන් ඉන්නෙ කෙල්ල එනකන්... එක්කො ක්ලාස් කට් කරලා... ඒ ජීවිත ඇතුලෙ ප්‍රශ්න මේ වගේ කතා අනන්ත ඇති නංගි.

    ReplyDelete
  33. ඕක තමයි ලෝක ස්වභාවය! සියලු දේ අනිත්‍යයි කියන එක තමයි Google Bot ට මේක කියෙව්වම නැවත නැවතත් පසක් උනේ !

    ReplyDelete
  34. කතාවේ අවසානේ නම් හිතුවාට වඩා දුක හිතුනා. ජිවිතේ හැමදෙම ලස්සනට අපි හිතන් ඉන්න හැටියටම අවසානයත් වෙනවා නම් හැමොම සතුටින් ඉදිවි නේ,,, අපේ ලග තියෙන ඔය මතකයන් ලස්ස්නට හිතේ අහුරලා තිබ්බම දුකක් නැ, වෙලාවකට අපේ හිත් නිමන්න,අඩන්න,, මේ මතක ගොඩාක් උදව් වෙනවා,,
    තවත් ලියන්න අයියේ,,ලස්ස්නට කතාව ලියල තිබ්බා.

    ReplyDelete
  35. google bot : හ්ම්ම්... බොහොම ස්තුතියි මචන් කතාව බැලුවට වගේම අදහසටත්


    හිතුවක්කාර සිත ...... : ඔව්.. ඒ මතකයන් අපිව ජීවත් කරවනවා.... බොහොම ස්තුතියි....

    ReplyDelete
  36. ඒ පිස්ස අයිය හිතන හැටියට වෙන්න ඇති.......
    අයිය ඉවසීමෙන් ගත්තු තීරණෙන්ම පේනව ඔයා කොයි තරම් හොඳ කෙනෙක්ද කියල. ඒ වගේම තාමත් හේතුවක් නොදැනත් ඒ ගැන අහිතක් හිතන්නැත්තෙත් ඒ නිසා කියලයි මම නංගිට හිතෙන්නේ......

    සොඳුරු සිතැත්ති කිව්ව දේම තමා මාත් කියන්න උත්සාහ කරේ...... එයා වෙන කෙනෙක් එක්ක යාළු නොවුනෙත්, තාමත් සමහරවිට, (ගොඩක් විට ) ඔයාට ආදරේ නිසා වෙන්න පුළුවන් වගේම ඔයාට හේතුවක් නොකියම ඈත් උන එක ගැන පසුතැවෙනව වෙන්නත් පුලුවන්......

    මේ මම ඔයාගේ කතාවෙන් දැකපු දිනිතිගේ ලක්ෂන අනුව හිතුන ඒවා.......

    ReplyDelete
  37. දිනිතිට ආයෙමත් කතා කරන්න උත්සහයක් ගන්න එක හොඳයි කියලයි මමත් කියන්නෙ යාළුවා..... ආදරේ දිනා ගත යුතු දෙයක් මිසක් අතීතය කියල වල දැමිය යුතු දෙයක් නෙවෙයි.....දිනිතිගෙන් පස්සෙ ඔයාට කෙල්ලො කී දෙනෙක් හිටියත් අදටත් ඒ මතකය හිතේ තියෙන්නෙ ඔයාගෙ දෛවයේ දිනිති ලියවිලා තියෙන නිසා කියල නිකමටවත් හිතෙන්නෙ නැද්ද?

    මේ කතාව 100% ඇත්ත නම්..... අනිවාර්යෙන් දිනිතිට කතා කරන්න........ ඒ කෙල්ල තාමත් ඔයාට ආදරෙයි...හේතුව මොකක් වුනත් ඈත් වුනේ ඔයාගෙම හොඳට කියලයි මට හිතෙන්නෙ... නමුත් දැන් ආයෙමත් ලං වෙන්න කාලෙ හරි........

    ReplyDelete
  38. ඈත්තටම අය්යේ හරිම ස්ංවෙදි කතාවක්..ජිවිතෙ ගොඩක් අයට එයලගෙ ප්‍රථම ප්‍රෙමය හෑමදටම ඒඩගොල්ලන්ගෙ හදවතෙ,හද පත්ලෙ හෑමදාටම තියෙනෙව..

    ReplyDelete
  39. අනිවාර්යෙන් දිනිතිට කතා කරන්න........ ඒ කෙල්ල තාමත් ඔයාට ආදරෙයි.

    ReplyDelete
  40. අවසානේ ගැන නම් කට්ටිය එක එකේවා කිව්වාට වුණු දේ කියන්නේ නැතිව අමුතුවෙන් හදලා කියන්නද ? ඒක නිසා කතාවේ අවසානේ ගැන ගැටළුවක් නැහැ.

    කොහොම නමුත් ලව් කරන කොල්ලන්ට අදහස් ගොඩක් ගන්න පුලුවන් කතාවක් හැටියට මේක නිර්දේශ කරන්නත් පුලුවන් :)

    දිනිති තාමත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවාද දන්නේ නැහැ. කෝකටත් ඒක ගැනත් යමක් හොයාලා බැලුවොත් හොඳයි වගේ :)

    කතාව මුල ඉදන්ම කියෝපු පොරක් හැටියට මට නම් කියන්න තියෙන්නේ ඔච්චරයි.

    ReplyDelete
  41. machn man sirwatama kyanne aye dinithi ta poddk katha karala balapn,man dannwa eka maha gon kathwak kyala,eth manda bn mata ehema hithenwa

    ReplyDelete
  42. Samawenna sinhala akuru neha..

    Mama kage hari blog ekakata comment ekek daana first time eka.

    Mamath hithenawa Dinithi ta katha kala nam hondai kiyala. Katha karala hema dema kiyanna pahu giya gewuna kaalaya gena. Eeta passe Dinithi ta decide karanna denna oba honda kenek da naraka kenek da kiyala. Mama kawadawath noliwwa comment ada liyanne obawa encourage karanna hari de wenuwen.

    Dinithita katha karana eka me widiyata balanna. Oba depalama den issarata wada matured. eka hinda honda paladai kathawak karnna puluwan wei issarata wada.

    Lebena pilithura mokak wunath oba uthsaha kala kiyana feeling eka obage hitha suwapath karai.

    Hema dekata ma suba pathana athara mage me utshayath apatha yana ekak neha kiyala hithanawa.(adu gaane mama uthsaha kala bawa danna hinda mage hithata sahanayak thyei:-))

    ReplyDelete
  43. "පිස්සා අයියා එහෙම හොඳ කෙනෙක් නෙමෙයි... දිනිති ගෙන් ඈත් වෙලා අවුරුදු 1 මාරකට විතර පස්සෙ මම වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා.... ඊට පස්සෙ කෙල්ලෙඔ කීප දෙනෙක් ම හිටිය මට... ඒ ස්කෝලෙ යන කාලෙ කරපු පිස්සු වැඩ... "
    මෙහෙම කිව්වට කාටවත් තමන්ගේ පළමු ආදරේ අමතක කරන්න බෑ, ඔයාටම තේරෙනව ඇති තව කෙල්ලෝ කීයක් එක්ක යාළු උනත් ඒ එකක්වත් දිනිති වගේ නෙමෙයි කියල.
    කාලෙ වෙනස් වෙලා දැන්. ඉස්සර ගෙදරින් අකමැති වෙන්න හේතු වෙච්ච දේවල් දැන් වෙනස් වෙලා (දැන් ඉස්කෝලෙ යන ලමයි නෙමෙයි නේ).මමත් කියන්නේ ආයෙත් දිනිති හම්බවෙලා බලන්න....
    සුභ පැතුම්!!!!

    ReplyDelete
  44. අනේ අයියේ...ඔයාගේ කතාව තමයි මට අහු වෙච්ච,හිතට වැදිච්ච 3 වෙනි ආදර කතාව...තුනම අවසාන වෙන්නේ කඳුළින්.මම දන්නව හිතට කොච්චර වේදනාවක්ද කියල ඔය වෙන්වීම.කොටින්ම කිව්වොත් එයාගේ මූණේ හිනාවක් නැති වුනොත් දවස් දෙකක් විතර කන්න බොන්න තියා මෙලෝ වැඩක් කරන්න බැරිවෙන ලෙඩේ.හැබැයි සමහර විට දිනිති ඔයා නිසා මග බලාගෙන ඇති.අඩුම ගානේ කෝල් එකක්වත් දීලා නිකන් කතා කරන්න.
    සමහර විට දෙන්නා දෙපැත්තට වෙලා පරන මතකයන් එක්ක ජීවත් වෙනවද දන්නේ නැ නේ.
    කොහොම උනත් ඔයත් එක්ක අපිත් ඉන්නවා...

    ReplyDelete
  45. අයියා pdf එක mediafire වලට upload කරන්න පුළුවන්ද,පුළුවන්නම් මට mail කරන්න.shanaka8939@gmail.com

    ReplyDelete
  46. හා පැටික්කි (MS) : හ්ම්ම්.. අනේ මන්ද නංගි.. වෙන්නත් පුලුවන්... ඔයාලගෙ කොමෙන්ට්ස් ඔක්කොමත් එක්ක මට හිතන්න දෙයක් ඉතුරු වෙනව දැන්....



    Anonymous : මම දන්නේ නැහ යාලුවා.... ආදරය කියන්නේ වල දැමිය යුතු දෙයක් නොවේ තමා.. ඒත් යම් යම් අවස්තාවල් වල.. හ්ම්... අපි බලමු.... බොහොමත්ම ස්තුතියි




    Kandulu Binduwa : දිනිති ට මාව මතකද.. තාම ආදරේද මට කියන්න මම දන්නේ නැහ... හිතන්න ඕනි ඒ අතීතය අවුස්සන එක ගැන යලිත්...

    ඒත් ඔව් ප්‍රතම ප්‍රේමය හැමදාමත් මතකයක් වගේ තියෙනවා හිතේ....

    ReplyDelete
  47. Hasitha : මුල ඉදන්ම අදහස් දක්වමින් දිරිමත් කරාට උබට බොහොම ස්තුතියි මචන්..... :)
    උබල ඔක්කොම කියන දේ මට හිතල බලන්න ඕනි දෙයක් බන්....



    බුද්ධික : ගොන් කතාවක් වෙන්නෙ කොහොමද මචන්... ඒ උබට හිතෙන දේ. ඒ ගැන මටත් හිතන්න ඕනි කියල හිතෙනව උබල ඔක්කොගෙම අදහස් දිහ දැක්කම.... බොහොම ස්තුතියි මචන්



    Anonymous : අකුරු වල ගැටලුවක් නැහ.. බොහොම ස්තුතියි අදහසට.
    ඒ ගැන මම හිතන්න ඕනි තව ටිකක්.... ඔබ කියන කතාව ඇත්ත. කාලයත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙලා... සමහර විට එදා දිනිති මට නොකිව්ව ඒ හේතුව අද නැතුවත් ඇති... හ්ම්ම්... අනේ මන්දා... හිතන්න ඕනි තව මේ ගැන.

    ReplyDelete
  48. කොඩී : මුල ඉදන්ම හැමදාමත් මගෙත් එක්ක හිටියට බොහොම ස්තුතියි මචන්. හැමෝම වගේ උබත් කියන දේ ගැන මම හිතන්න ඕනි හුඟක් මචන්. අතීතය උඩට ගන්නව කියන එක ගැන.....



    Xpress (Galle Tech™ ) : හ්ම්ම් ඔව් මල්ලි. ඒ කාලේ නම් පිස්සු තනිකර... උබල ඔක්කොම කියන දේ හින්ද මට හිතෙනව කෝල් එකක් වත් දෙන්න... ඒත් අතීතය උඩට ගන්න මට බයයි බන්... හිතන්න ඕනි තව.
    බොහොම ස්තුතියි මල්ලි අදහස් වලට



    ගලා : දැම්ම මචන්...

    දැම්ම මචන්... http://www.mediafire.com/?fji2zommivw

    ReplyDelete
  49. කෝල් එකක් දීපන්, ඒක කොහොමත් හොඳයි. උඹත් ගල් උණා වැඩියි!

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. ඒකටමත් නෙවෙයි. මම කැමතියි ඕනම දේක අවසානයක් දකින්න, මග නවත්තලා හිතහිත ඉන්නේ එතනින් එහාට යන්න බැරිනම් විතරයි

    ReplyDelete
  52. අපි අයියට බලාපොරොත්තු ගොඩගහනව නම් නෙමෙයි......අයිය හරි හොඳට හිතල ඒ ගැන බලන්න .

    ඒත් නිකමට කෝල් එකක් අක්කට දීල බලන්න...... එතකොට ඔයාට මොනවම හරි තේරුම් ගන්න පුලුවන් වෙයි. ඒකෙන් ඔයා ඔය කරනවද නැද්ද කියල හිතන දේට තීරණයක් ගන්නත් පහසු වෙයි..........

    ReplyDelete
  53. මම හිතන්නෙ දිනිති අයිති ඔයාටයි කියල තාම එයා මැරි කරල නැත්නම් පොඩ්ඩක් වටින් පිටින් හොයල බැලුව නම් හොඳයි නේද?

    ReplyDelete
  54. වැම්පයර් : මටත් හිතෙනව දැන් කෝල් එකක් දීල බලන්න... දිනිතිව ලැබෙයි කියල නෙමෙයි ඒත් නිකමට වගේ...


    Lasan Kaushalya : ජීවිතෙය් කියන්නෙ පුදුම දෙයක් මචන්.


    හා පැටික්කි (MS) : මට හිතුනෙ ඔයා හිතපු දේ තමා අන්තිමට. නිකමට වගේ කෝල් එකක් දීල බලන්න... නම්බර් එක හොයා ගෙන බලන්න ඕනි... මම හිතනවා ඒ ගැන...



    isimbuwa : ඔව් ඔයාල හැමෝම කිව්වට පස්සෙ.. මම ත් හිතුවා.. නිකමට වගේ හොයල බලල කෝල් එකක් දෙන්න කියලා...

    ReplyDelete
  55. Ayye cl 1k dela balanna. ekale iskole yana aya widihata oyalage eth wemata hethuwa bohoma podi 1k wennath puluwan. Oya kiyapu dewal wala hetiyata dinithi hoda gatiguna tiyena kellek.Kellekta eyage palaweni adare amataka wenne ne. kohomat oya neweine eka newettuwe. a nisa kohomawat oyawa amataka wena be.

    1 parak kata karanna. karana puluwan hemadema kala kiyana hengema watinawa. ehema netuwa ane mata mehema karanna tibuna kiala anagatedi hitanna ituru karagana epa.

    Jaya !!!!

    ReplyDelete
  56. හෆොයි හරිම දුකයි බන් . හ්ම්ම් මොනවා වුනත් දිනිති හොඳ කෙල්ලෙක් මචන් . ඔය කට්ටිය කිව්ව වගෙ ආයෙත් දිනිතිව හම්බ වෙලා බලන්න . කතාව නම් සුපිරි . මේ මූණු පොතෙ එහෙම ඉන්නව නේද ?? මොකක්ද සම්පූර්ණ නම ??

    ReplyDelete
  57. Anonymous : මමත් හිතුවා ඔක්කොම කොමෙන්ට්ස් කියවල හිතලා දිනිතිගෙ නම්බර් එක හොයා ගෙන කතා කරන්න. එහෙම බලාපොරොත්තුවක් ඇතිව නෙමේ ඒත් කතා කරන්න.

    බොහොම ස්තුතියි



    Isuru G : ඔව් එහෙම තම හිතන්නේ... කෝල් එකක් දෙන්න.. හමු වෙන්න බැහ මචන්. මම ලංකාවෙන් පිට ඉන්නෙ දැන්.

    මූනු පොතේ මේ නමින්ම තමා තියෙන්නේ මචන්.. මගේ ඇත්ත නමින් මූනු පොතේ ඉන්නෙ අදුරනම කිහිප දෙනෙක් විතරයි. මම මගේ මූනු පොත බ්ලොග් ලියන්න ගත්තට පස්සෙ පාවිච්චි කරන්නෙම නැති තරම්.

    ReplyDelete
  58. එල මචන් කෝල් කරල බලන්න . ගුඩ් ලක් . උබට නරකක් වෙන්නේ නෑ :D :D කෝල් කරාට පස්සේ කතාව අලුත් වුනොත් පෝස්ට් එකක් එහෙම දාල අපිටත් කියන්න :D
    තෑන්ක්ස් request එකට :D

    ReplyDelete
  59. අනේ අයේෂ් අයියේ මේ කොමන්ට් කරනකොටත් ඇස්වල කදුළු පිරිලා.... හුගාක් දුකයි අයියේ......................... PDF එක මම ඩවුන්ලෝඩ් කරගත්තා... හරිම දුකයි... අයියේ පුළුවන්නම් දැන් දිනිති අක්කා ගැන හොයලා බලලා කතා කරන්න...

    ReplyDelete
  60. තව දෙයක් අයියට කවදාවත් වරදින්නේ නෑ.. අයියට හොද අනාගතයක් ලැබෙන්න කියලා මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  61. යකෝ මූට තියන ඉල්ලුම.. හහ් හහ්.. ඔන්න ඔහේ කෝල් එකක් දීපන් කොල්ලො.

    ReplyDelete
  62. Isuru G : අහ් අනිවා කියන්නම් මචන්. :) උබලගෙ වචන ලොකු හයියක් මේ පාලු රටේ තනි උන මට.



    ශාන් : ඔහොම කියන්න එපා මල්ලි.. දුක හිතෙනවා.. බොහොම ස්තුතියි උබලගේ වචන වලට. ඇත්තටම සතුටුයි... :)


    වැම්පයර් :
    හික් හික් එහෙම තමයි පිස්සන්ට හික් හික්. මම කවදාවත් නොහිතපු තරම් ප්‍රතිචාරයක් ලැබුනා මචන්.. ඒ වගේම ඒවා ලොකු හයියක් මට. ඔව් හිතන් ඉන්නෙ කොහොම හරි නම්බර් එක හොයා ගන්න.

    ReplyDelete
  63. අනිවා.. එල වැඩක් කළාම ඉතින් ප්‍රතිචාර හොඳයි.

    ජය පතනවා!

    ReplyDelete
  64. හික් හික්... එල එල බොහොම ස්තුතියි මචන්

    ReplyDelete
  65. This comment has been removed by the author.

    ReplyDelete
  66. බොහොම ස්තූතියි මචං pdf එක දැම්මට.

    ReplyDelete
  67. මචෝ, මට උඹේ බ්ලොග් එක දවසක් අහම්බෙන් හම්බුනා. උඹ දන්නවා ඇති මමත් එකේක කතා ලියන්න පටං ගන්න උඹගේ බ්ලොග් කෙරුවාවත් එක හේතුවක් කියලා. උඹගේ මේ කතාව මම දිගටම කියෙවුවා. සමහරදාට ඔෆිස් එකේ වැඩ අස්සේ හොරෙං බ්රවුසරේ මිනිමයිස් කරගෙනත් කියෙවුවා. හ්ම්...මට හිතෙනවා මගේ හිත රික්තකයක් ඇතුලේ හිරවෙලා කියලා. නැත්තං හරියට ලෝකාන්තෙට ගිහිං පල්ලෙහා බැලුවා වගේ මොකක්දෝ ගුප්ත අග මුල නැති මහා පාළු තනි කමක් දැනෙනවා. උඹටත් එහෙමද?
    උඹේ කතාව ආසාවෙන් කියෝලා මට මතක් වුනා මීට අවුරුදු 15කට ඉතර කලිං අයි. ටී. එන්. එකේ බදාදා රෑ නිදි මරාගෙන බලපු අර පි… පි… පි… පි… පියා ෆිල්ම් එක(නම මතක් වෙන්නෙ නෑ මචෝ). උඹ ඒක බැළුවද? ඒකේ අර ගල් ගෙඩි ගොඩක් වැටිලා කොල්ලා මළාම ඒ දවස් වල හතේ හිටපු පුංචි මගේ පපුව හෝස් ගාලා ගියා වගේ තමා උඹේ කතාව කියෝලා ඉවරවුනාම දැනුනේ. ඒක හින්දි ෆිල්ම් එකක් නිසා අන්තිමට ගොඩ ගියා. උඹේ කතාවේ එහෙම කෑල්ලක් එයිද? මම මෙච්චර ලොකු වෙලත් උඹේ කතාවෙත් එහෙම එකක් තියෙනවනම් මම කැමතියි.

    උඹ උඹේ පාරෙ සෑහෙන දුර ගිහිං ඇති. නගා වෙන පාරක යන්න ඇති. උඹ දෙගෙඩියාවෙන්ද ඉන්නෙ? මම දන්නවා. ඒ කාලෙ කුල මල, සල්ලි පනං, දැන උගත් කං මුකුත් වැඩක් නෑ. අපි කොච්චර අහිංසකද? අවංකද? මිනිස්සු ගොඩාක් වයසත් එක්ක පිරිහෙනවා. හොඳට හිටපු අය.

    පිරිහුනේ නැතත් තව තව මාන එනවා අපිත් එක්ක සෙල්ලං දාන්න.අපේ ජීවිත වල සරළ බව අපි විහිංම නැති කරගන්නවා. මචෝ, උඹටත් එහෙම වෙලා කියලා හිතෙනවද? හරෝපං උඹේ වාහනේ ආයිත්. ප්රමාද වැඩි නෑ.

    වේගෙං යන කාර් ලොරි තිබේ-මගේ පනං 4 මට අගේ
    මේකයි මගෙ බරබාගේ-පැයට සැතපුමයි වේගේ
    ඔහෙලා හඳට යන්න හදනවා කියලා ඔන්න ඔහේ අනික් හදිසි කාරයන්ට යන්න ඇරලා උඹ ජීවිතේට ඉඩ දීපං.

    මචෝ, උබට දැං ප්‍රශ්නේ කෙල්ලො කීප දෙනෙක් එක්ක යාළු වුන එකද? වාල්මිකීට හොඳ නං හොර්කං කර කර ඉඳලා අච්චර සිරා රාමායණේ ලියලා ලෝකෙ කරකෝලා අත අරින්න උඹ කෙල්ලෙක් දෙන්නෙක් එක්ක යාළු වුනා කියලා මොකක්ද අවුල. යාළු වෙන්නෙ යකා කළුද කියලා බලන්නනේ. ගැළපෙන්නේ නැත්තං ඒවා අත් ඇරෙයි. එච්චරයි. මචෝ, හින්දි ෆිල්ම් වලටත් වඩා ෆැන්සි ජාති සැබෑවට වෙනවා මම ඕනෙ තරම් දැකලා තියනවා. කීප පාරක් ට්‍රයි කරන්නෙ නැතුව කිසිම දෙයක් අත අරින්න එපා.කිසිම දෙයක්. මචෝ, උඹ දේකට පසු තැවෙනවා. ඒක ඉවරයක් වෙන විදියට මොනාහරි කරමුද? එක්කො අළුත් ආරම්භයක්, නැත්තම් සම්පූර්ණ අවසානයක්. ගන්දබ්බයෙක් වෙලා අයි දුක් විඳින්නෙ?

    මලේ, ජීවිතේ එකම දේට අවස්ථා කීපයක් ලැබෙනවා. A/L වලටත් චාන්ස් 3ක් තියෙන්නෙ ඒකනේ.මම දන්නවා, උඹ මේ දවස් වල ටිකක් සෙන්ටිමෙන්ටල් වෙලා ඉන්නේ. අද කරන්න පුළුවං ඒවා අදම කරලා ඉවර කරපං.එතකොට පසුතැවෙන්න ඕනෙ නෑනෙ.උඹ ඔක්කොම කතාව ලියලා ඉවර වෙනකං මම හිටියා. මගේ හිතේ තද වෙලා තියන ඔක්කොම එකපාර උඹට දමලා අරින්නමයි මම හිටියේ. 
    මචෝ, මම උඹව දන්නෙත් නෑ, කතා කරලත් නෑ, දැකලත් නෑ. සමහර විට කවදාවත් දැනගන්න එකකුත් නෑ. ඒ වුනාට මට හිතුන දේවල් මම උඹට කිවුවේ උඹ මගේ හොඳම බොක්කක් කියලා හිතාගෙන. මචෝ, අපායට ගියත් කල් ඇතුව පළයං. උඹට ජය!

    නිල් දිය මතට හිරි පොද වැහි වැටුණාම 
    විල් දිය මතට හැඩ රැළි රැළි එතුනාම 
    නව හිරු කිරණ තුරු වියනක ගෙතුනාම 
    මනමේ කුමරි නොපෙනෙයි මල් පිපුණාම 

    (කවිය නම් මගේ නෙමේ. කවුද ලිවුවේ කියලා මම දන්නෙ නෑ. ඒත් ලස්සනයි.) 
    මලේ, කෝල් එකක් දීලා උඹ ඒකත් ලියනවා නේද? :)

    ReplyDelete
  68. මචෝ, මට උඹේ බ්ලොග් එක දවසක් අහම්බෙන් හම්බුනා. උඹ දන්නවා ඇති මමත් එකේක කතා ලියන්න පටං ගන්න උඹගේ බ්ලොග් කෙරුවාවත් එක හේතුවක් කියලා. උඹගේ මේ කතාව මම දිගටම කියෙවුවා. සමහරදාට ඔෆිස් එකේ වැඩ අස්සේ හොරෙං බ්රවුසරේ මිනිමයිස් කරගෙනත් කියෙවුවා. හ්ම්...මට හිතෙනවා මගේ හිත රික්තකයක් ඇතුලේ හිරවෙලා කියලා. නැත්තං හරියට ලෝකාන්තෙට ගිහිං පල්ලෙහා බැලුවා වගේ මොකක්දෝ ගුප්ත අග මුල නැති මහා පාළු තනි කමක් දැනෙනවා. උඹටත් එහෙමද?
    උඹේ කතාව ආසාවෙන් කියෝලා මට මතක් වුනා මීට අවුරුදු 15කට ඉතර කලිං අයි. ටී. එන්. එකේ බදාදා රෑ නිදි මරාගෙන බලපු අර පි… පි… පි… පි… පියා ෆිල්ම් එක(නම මතක් වෙන්නෙ නෑ මචෝ). උඹ ඒක බැළුවද? ඒකේ අර ගල් ගෙඩි ගොඩක් වැටිලා කොල්ලා මළාම ඒ දවස් වල හතේ හිටපු පුංචි මගේ පපුව හෝස් ගාලා ගියා වගේ තමා උඹේ කතාව කියෝලා ඉවරවුනාම දැනුනේ. ඒක හින්දි ෆිල්ම් එකක් නිසා අන්තිමට ගොඩ ගියා. උඹේ කතාවේ එහෙම කෑල්ලක් එයිද? මම මෙච්චර ලොකු වෙලත් උඹේ කතාවෙත් එහෙම එකක් තියෙනවනම් මම කැමතියි.

    උඹ උඹේ පාරෙ සෑහෙන දුර ගිහිං ඇති. නගා වෙන පාරක යන්න ඇති. උඹ දෙගෙඩියාවෙන්ද ඉන්නෙ? මම දන්නවා. ඒ කාලෙ කුල මල, සල්ලි පනං, දැන උගත් කං මුකුත් වැඩක් නෑ. අපි කොච්චර අහිංසකද? අවංකද? මිනිස්සු ගොඩාක් වයසත් එක්ක පිරිහෙනවා. හොඳට හිටපු අය.

    පිරිහුනේ නැතත් තව තව මාන එනවා අපිත් එක්ක සෙල්ලං දාන්න.අපේ ජීවිත වල සරළ බව අපි විහිංම නැති කරගන්නවා. මචෝ, උඹටත් එහෙම වෙලා කියලා හිතෙනවද? හරෝපං උඹේ වාහනේ ආයිත්. ප්රමාද වැඩි නෑ.

    වේගෙං යන කාර් ලොරි තිබේ-මගේ පනං 4 මට අගේ
    මේකයි මගෙ බරබාගේ-පැයට සැතපුමයි වේගේ
    ඔහෙලා හඳට යන්න හදනවා කියලා ඔන්න ඔහේ අනික් හදිසි කාරයන්ට යන්න ඇරලා උඹ ජීවිතේට ඉඩ දීපං.

    මචෝ, උබට දැං ප්‍රශ්නේ කෙල්ලො කීප දෙනෙක් එක්ක යාළු වුන එකද? වාල්මිකීට හොඳ නං හොර්කං කර කර ඉඳලා අච්චර සිරා රාමායණේ ලියලා ලෝකෙ කරකෝලා අත අරින්න උඹ කෙල්ලෙක් දෙන්නෙක් එක්ක යාළු වුනා කියලා මොකක්ද අවුල. යාළු වෙන්නෙ යකා කළුද කියලා බලන්නනේ. ගැළපෙන්නේ නැත්තං ඒවා අත් ඇරෙයි. එච්චරයි. මචෝ, හින්දි ෆිල්ම් වලටත් වඩා ෆැන්සි ජාති සැබෑවට වෙනවා මම ඕනෙ තරම් දැකලා තියනවා. කීප පාරක් ට්‍රයි කරන්නෙ නැතුව කිසිම දෙයක් අත අරින්න එපා.කිසිම දෙයක්. මචෝ, උඹ දේකට පසු තැවෙනවා. ඒක ඉවරයක් වෙන විදියට මොනාහරි කරමුද? එක්කො අළුත් ආරම්භයක්, නැත්තම් සම්පූර්ණ අවසානයක්. ගන්දබ්බයෙක් වෙලා අයි දුක් විඳින්නෙ?

    මලේ, ජීවිතේ එකම දේට අවස්ථා කීපයක් ලැබෙනවා. A/L වලටත් චාන්ස් 3ක් තියෙන්නෙ ඒකනේ.මම දන්නවා, උඹ මේ දවස් වල ටිකක් සෙන්ටිමෙන්ටල් වෙලා ඉන්නේ. අද කරන්න පුළුවං ඒවා අදම කරලා ඉවර කරපං.එතකොට පසුතැවෙන්න ඕනෙ නෑනෙ.උඹ ඔක්කොම කතාව ලියලා ඉවර වෙනකං මම හිටියා. මගේ හිතේ තද වෙලා තියන ඔක්කොම එකපාර උඹට දමලා අරින්නමයි මම හිටියේ. 
    මචෝ, මම උඹව දන්නෙත් නෑ, කතා කරලත් නෑ, දැකලත් නෑ. සමහර විට කවදාවත් දැනගන්න එකකුත් නෑ. ඒ වුනාට මට හිතුන දේවල් මම උඹට කිවුවේ උඹ මගේ හොඳම බොක්කක් කියලා හිතාගෙන. මචෝ, අපායට ගියත් කල් ඇතුව පළයං. උඹට ජය!

    නිල් දිය මතට හිරි පොද වැහි වැටුණාම 
    විල් දිය මතට හැඩ රැළි රැළි එතුනාම 
    නව හිරු කිරණ තුරු වියනක ගෙතුනාම 
    මනමේ කුමරි නොපෙනෙයි මල් පිපුණාම 

    (කවිය නම් මගේ නෙමේ. කවුද ලිවුවේ කියලා මම දන්නෙ නෑ. ඒත් ලස්සනයි.) 
    මලේ, කෝල් එකක් දීලා උඹ ඒකත් ලියනවා නේද? :)

    ReplyDelete
  69. අයියේ අනේ මට මුකුත් කියන්න බෑ...ඉබ්බ අයියගෙ කතාවට මම සම්පූර්ණයෙන්ම එකගයි

    මොනව උනත් අයියට ජය!

    ReplyDelete
  70. ඉබ්බා ::: මචන් මගේ බ්ලොග් එක හින්දා උබ බ්ලොග් ලියන්න ගත්ත කියන එකට මට හුඟාක් සතුටුයි. මම උබේ බ්ලොග් එක කීප සැරයක් බලල වගේම කොමෙන්ට් ටුත් කරා මම හිතන්නෙ.
    උබගෙ අදහස කියවද්දි මට ඇස් දෙකට කඳුලු ආව. ඒ තරම් ලෙන්ගතු කමක් උබේ වචන වල තියෙනවා.

    මගේ හිත හුඟක් තනිවෙලා බන්. උබ ඔය කියන හිස් හැඟීම මට හුඟාක් පුරුදුයි. මම බ්ලොග් ලියන්න ගත්තේ ඒ හිතේ තියෙන හැඟීම හිර කරන් ඉන්න බැරි නිසා.

    හ්ම්ම්.... උබ කියන අවසානයක් මේ කතාවෙ එයිද ??? මම ඇත්තටම මට හිතෙන දේ කියන්නම්... මට හිතෙනව ඒ අවසානේ එන එකක් නැහ කියලා...

    මම දන්නෙ නැහ බන් දිනිති දැන් මොනව කරනවද කියලවත්... ඒකි හොදින් ඉන්නව කියල දන්නවා.
    මම ඊයේ අදුරන මල්ලි කෙනෙක් ට කෝල් කරා. දිනිති ගැන අපි දෙන්න ගැන දන්න. ඌට කිව්ව මම විස්තර ටිකක් හොයල බලන්න... පුලුවන් නම් නම්බර් එකත් එක්ක...


    ඒ කාලෙ ගැන කතා කරන්න වචන් නැහ බන්. ඒ කාලේ හම්බ වෙන යාලුවො.. කොච්චර අවංකද... දැන් එදිනෙදා ජීවිතේ හම්බ වෙන චරිත එක්ක බලද්දි.
    අපිත් වෙනස් වෙලා ඇති. මේ ලෝකෙ අපිවත් වෙනස් කරලා.

    උබ ඔය කියන වෙනස මට වෙලාඅද දන්නෙ නැහ බන්. ඒත් මම ඒ වෙනසට ආස නැහ. මම කැමතියි ඉස්සර වගේ සරල.. පිස්සු... හිතට එකග ජීවිතයකට.

    ඒත් අලුත් ආරම්බයකට මම පරක්කු වැඩියි කියල හිතෙනවා බන්. මට මගේ ජීවිතේ ආපහු හරවන්න ඕනි. දිනිති ගැන නෙමෙයි.. හැම දෙයක්ම. ඒත් දැන් පරක්කු වැඩියි කියල හිත කියනවා.

    මොනව උනත් එක දෙයක්... උබ කියපු වචන වල ට හුඟක් පින්. ඒ වචන හිතට ලොකු හයියක්.

    අනිවාර්යෙන්ම... දිනිත් ගැන කතාවට අර මල්ලි මොනව හරි විස්තර හොයල දුන්නොත් මම උබල ඔක්කොටම කියනවා. හොඳ දෙයක් උනොත් ඒ උබල ඔක්කොගෙම අදහස් නිසා.

    උබටත් ජය.

    ReplyDelete
  71. මේ ලොක්කො මේ
    "හොඳ දෙයක් උනොත් ඒ උබල ඔක්කොගෙම අදහස් නිසා "

    ටික වයිස් වර්සා නෑ හොඳේ!

    ;)

    ඔව් ඔව්, කෝල් එකක් දීපන් කොහොමහරි!

    ජය!

    ReplyDelete
  72. ගලා : ඕක මොකක්ද :)



    Hasitha ජයසූරිය : බොහොම ස්තුතියි මල්ලි... :)



    වැම්පයර් : ඇයි මචන් උබ එහෙම කිව්වෙ.... ???

    ReplyDelete
  73. පොඩි ජෝක් පාරක් බන්, නිකන් නරක දෙයක් උනොත් කියලා .. හික් හික්.. කොහෙද මේ ත්‍රෙඩ් එකේ ඉන්න ජොකියො බුදු ටෝක් නේ ඉසූ කරන්නේ! බොක්කත් නිකන් කූං ගානවා!

    ඒක නෙවි.. කෝල් එකක් දීහන්, මමත් දකුණේ .. උඹ ඔය කියන ස්ටෑන්ඩ් ඕවා මේවා මම හොඳටම දන්නවා!

    ReplyDelete
  74. හිහි... නැහ බන්. අපි පෙන්නගෙන හිටියට අපි මාර ෆන් කියලා අපෙ හිත් ඇතුලේ සීරියස් ආත්මයක් ජීවත් වෙනවා බන්. ඒ දේවල් කතා කරන්න බයයි හුඟක් අය. මෙතනදි හුඟක් දෙනා බය තියල කතා කරලා... :)

    හදවතට එක්ඟව.

    ඔන්න ඉතින් උබත් බුදු ටෝල්ක් දෙනව කියන්න එප හිහි. ඇත්ත මට හිතෙන මේක.

    උබ මාතර නේ.

    ReplyDelete
  75. ගාල්ලෙන් මාතර පැත්තට වෙන්න කිවුවොත් හරි!

    ReplyDelete
  76. අහ් එල එල... දකුනේ නෙ... :)

    ReplyDelete
  77. කියලා වැඩක් නෑ පිස්සෝ! සිරාම සිරා ලස්සන කතාව!!

    ReplyDelete
  78. බොහොම ස්තුතියි කොල්ලො....

    ReplyDelete
  79. මචෝ කතාව ගිය විඩියට නෙමේයිනේ එවර උනේ... කොහොම උනත් බන් දිනිති වගේ කෙල්ලෙක්නම් හොයාගන්නත් අමාරුයි..මමත් හිතුව අර දිනූකට ඕක වෙන්න ඇති කියල :) කොහොම හරි බන් උබට හොද කෙල්ලෙක් හම්බ වෙන්න කියලා පාර්ථනා කරනවා..

    ReplyDelete
  80. බොහොම ස්තුතියි. ඇත්තට ජීවිතේ අපි බලාපොරොත්තු වෙන අවසානයක් දකින්න අමාරුයි නෙ මචන්

    ReplyDelete
  81. අනේ මට හරි දුකයි !!

    ReplyDelete
  82. බොහොම ස්තිතුයි කියෙව්වට....

    ReplyDelete
  83. මචං අද තමයි කතා 10 ම එකට කියෙව්වෙ!අනිද්දා එග්සෑම් තියාගෙනත් කතා ටින නොකියවා ඉන්න හිත දුන්නෙ නෑ ලියල තියන විදියට.

    උඹ තනිවුණා කියල හිතන්න එපා.ජීවිතේ ඔහොම දේවල් වෙනවා.අමතක කරන්න අමාරුයි තමයි.ඒත් කරන්න දෙයක් නෑ.ජීවිතේ අසාධාරණයි.සාධාරණයක් බලාපොරොත්තු වෙන එක විහිළුවක්!ඒක කොයි කාටත් පොදුයි!!

    ReplyDelete
  84. උබ ආයෙමත් කියෙව්වද... එල එල.... ඔව් බන්. ජීවිතේ කියන දෙයින් සාධාරනයක් බලාපොරොත්තු වෙන්න බැහ තමා.

    ReplyDelete
  85. මේ ගැන මොකක්ද බන් කියන්නෙ.... මම එක පාරටම ඔක්කොම කියවලා ඉවර කලා... ගොඩක් කොල්ලන්ගෙ අත්දැකීම තමයි මචන් උඹ ලියල තියෙන්නෙ...

    ReplyDelete
  86. බොහොම ස්තුතියි කතාව කියවලා ඔබේ අදහස් දැක්වුවට... ස්කෝලෙ කාලේ මේ වගේ කතා තියෙනවා... ඒත් ඒවා හුඟක් හිත් වල හිර වෙලා කාලයත් එක්ක නැති වෙනවා

    ReplyDelete
  87. athhatama meka nam niyama

    ReplyDelete
  88. මරු තව කතා ලියන්න

    ReplyDelete
  89. mohamed and shabri : බොහොම ස්තුතියි

    ReplyDelete
  90. අහම්බෙන් දැක්ක කතාවක් හුගාක් දුක හිතුනා. මොකද මාත් ඔය කතාවේ එන දිනිතිට සමාන සිදුවිම් වුන චරිතයක්.
    මේ කතාව කියවන කොට මගේ අතීතය මගේ ඉස්සරහා මැවිලා පෙනුනා. දැනුනා හදවතටම ලෝකයේ කොතැනක හිටියත් ඒ සුන්දර අතීතය අමතක වෙන්නෙ නැහැ කාටවත්ම. මමත් මගේ අතීතය එක්ක ජිවත් වෙනවා මට හදවතට දැනෙන විදිහට මම වගේම දිනිතිත් බලා ඉන්නවා ඇති.

    හුගක් අය කියලා තියන විදිහට හා මම විශ්වාස කරන විදිහට ලෝකේ හැම කතාවක්ම ඉවර වෙන්නේ නැහැ දුකින් එහෙම වුනොත් ඒ කියනේ ඒ කතාව තවම ඉවර නැහැ කියලයි තවත් ඉස්සරහට කතාව ඇති ඔයාගේ කතාව කියෙව්වම මට හිතුනෙත් එහෙමයි.

    ඇත්තම ආදරයක් තියනවා නම් කවදවත් ස්වභවධර්මයට ඒකට පිටුපාන්න බැහැ ඉඩදෙන්නම වෙනවා.

    මෙතන කියලා තියන විදිහට ඔයා පස්සේ වෙන අයත් එක්කලා යාලු උනත් ඒවා සාර්ථක නොවෙන්න ඇත්තේ ඔයාගේ හිත අව0කවම එයාට ආදරේ කරන නිසා වෙන්න ඇති.

    කාලයට ඉඩදෙන්න ජිවිතය ගොඩනගන්න. එයාව ඕන කියලා හිත කියනවා නම් පොඩි උත්සහයක් දරලා බලන්න.
    ඔයාට වරදින එකක් නැහැ එයා බලා ඉන්නවා ඇති ඔයා එනකම්
    මේ කතාව ලස්සන අවසානයක් කරා අරන් යන්න වාසනාව ලැබේවා ඒවගේම ඔයා දෙන්නට සතුටින් ජිවිත කාලෙම එකට අත් අල්ලන් යන්න ලැබේවා කියලා පතනවා

    ඒවගේම අර දිනුකා කියන කෙනා නිසානම් නෙවෙයි සම්භන්ධය නැවතෙන්න ඇත්තේ මොකක් හරි පුද්ගලික හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙන්නේ එක කියලා ඔයාට රිද්දන්න දුක හිතෙන්න ඇති.
    ඒ වගේම කවුරු හරි වැරදි දෙයක් කලානම් එකට කවදා හරි විදවන්න වෙනවා අපි හැමොටම එක පොදුයි.
    ආදරයේදි මනා ඉවසිමක් ඕනමයි.
    ඉතින් උත්සහාවන්තයා ජය ගනි.
    හදවත ඇත්තෝ මනාලිය ලබා ගනී.
    ඔබට ජය පතමි සොයුර !!!

    ReplyDelete
  91. උඹ තාම එයාට ආදරේ නම්..
    උඹට එයාව ඕනේ නම්...
    එයා තවම කසාද බැඳලා නැත්නම්...
    පිරිමියෙක් වගේ කෙලින්ම කතා කරලා අහපං...

    ReplyDelete
  92. හසී රන් : බොහොම ස්තුතියි කතාව කියවල අවංකවම අදහස් දැක්වුවට. ඇත්තටම හුඟක් කල් ගෙවිල දැන්... ඒ ගැන බලාපොරොත්තුවක් යාන්තමට ආවෙත් මේ කතාව ලිව්වට පස්සෙ ආයෙමත්.

    මටත් හිතෙනවා දිනූක නිසා නෙමේ ඒක එහෙම උනේ කියල... මම දන්නෙ නැහ.

    මට තාම දිනිති ගෙ නම්බර් එක හොයල දෙන්න පොරොන්දු උන මල්ලි කතා කරේ නැහ.

    අපේ තාත්ත කියනව වගේ " වෙන්න තියෙන දෙයක් තියෙනම් ඒක වෙයි "

    ඔයාට ආයෙමත් ස්තුතියි.


    jeew : :)

    ReplyDelete
  93. okkoma tika eka paarama kiiyawala damma.. ane manda.. hitha ganna ba aiya.. meka aththa kathawak nowuna nan hodai kiyala hithenawa. itath wada oyage kathawa nowuna nan hodai.. galle kiyanne api hamogema jeewitha wala duka sathuta hamadama balagena hitapu nagarayak aiya.. kawada hari e twn ekedima oyage dinithiawa oyata labenawa nan hodai kiyala hithenawa.. hmmmmm.. eka punchima punchi praarthanawak.. :) :)

    ReplyDelete
  94. ඔයා මේක අදද බැලුවෙ... ස්තුතියි නංගි... ඔව් ඔයාට ගාල්ල පුරුදුයිනෙ.. මැවිල පේනව ඇති...

    ඔව්.. දුක සතුට හැමදේම ඔය නගරේ අපේ තිබ්බෙ ඒ කාලේ.

    මේක දුක්බර කතාවක් තමා... ඒත් කාලයත් එක්ක දැන් ඒක ලස්සන මතකයක්.

    ReplyDelete
  95. hmmmmmmm...mage jeewithe awurudu 6kma hitye galle aiya..ane manda.. ow aiya ada thama kiyewwe.. kalin ekak 2k kiyewwa.. ath ada kotas okkoma piliwelata eka parama kiiyawala damma.. duka hithuna godak..

    kawada hari oya twn ekenma oyage sathuta oyata labenawa nan hodai..

    ReplyDelete
  96. මේව අපි හැමෝගෙම ජීවිත වල වෙන දේවල් නංගි වෙනස් වෙනස් විදියට.

    ReplyDelete
  97. ලස්සන කතාවක්.. කියන්න වචන නෑ..

    ReplyDelete
  98. බොහොම ස්තුතියි මචන්.

    ReplyDelete
  99. අයිය නම් මාරයි. අයිය ඔය කතාව කියනකොට මට මගේ අතීතය මතක් වෙනව අයිය. මමත් ගොඩක් ආදරය කල කෙල්ලෙක් මාව දාල ගියා. මම අදටත් දන්නෙ නෑ ඒ ඇයි කියල. ඒත් ඒ මතකය හරි සුන්දරයි අයිය.
    ඔබට සදා ජය...!!

    ReplyDelete
  100. ජීවිතේ හැටි තමයි.... බොහොම ස්තුතියි කතාව කියවලා අදහසක් දැක්වුවට... :)

    ReplyDelete
  101. ආයුබෝ කිවුවා... මම අලුත්. මටත් අහම්බෙන් වගේ උඹේ බ්ලොග් එක සෙට් වුනේ. අනේ මම දන්නෙ නෑ කියන්න මම මගේ අතීතයට ගියා මේ කතාවෙන්. හුඟක් ලස්සනයි. ඒ වගේම තාත්විකයි. ආසාවට ඔක්කොම පෝස්ට් ටික ඉක්මනටම කියෙව්වා. වෙරි ගුඩ් මචෝ... දිගටම ලියපන්. උඹට ජය...!!!

    ReplyDelete
  102. බොහොම ස්තුතියි මචන්....

    ReplyDelete
  103. කලබලේට කියන්න අමතක වුනා. ඉතින් මටත් තිබුන ඔය වගේම කුළුඳුල් ආදරයක්. අවුරුදු පහක. පටන් ගත්තෙ පංති යන කාලෙමයි. අවුරුදු පහක් ආදරය කරලත් අන්තිම දවසෙත් එයා මට කීවෙ මොකක්ද කියල දන්නවද?
    මම ඔයාට කැමති නෑ කියල.(හිකිස්)
    අදටත් මම කල්පනා කරන්නෙ ඒ තරම්ම මට අකමැති වෙන්න එයාට මම කරපු වරද මොකක්ද කියල. ළඟදි එයාව දැක්ක මූණු පොතේ. දැන් මැරි කරලත් අවුරුදු තුනක් වෙලා. ඔන්න ඔහොමයි මගේ කුළුඳුල් ආදරේ.
    මමනම් කියන්නෙ සහෝ ආයෙත් උත්සාහයක් අරන් බලන්න කියලයි. සමහර් විට එයා උඹ එනකම් ඉන්නවද දන්නෙත් නෑ. කොහොම වුනත් උඹටයි, දිනිතිටයි දෙන්නටම ජය.
    ප.ලි.
    හැබැයි මම උඹ වුනානම් අර දිනූකව පණපිටින් දෙව්ලොව යවනව සහතිකයි.

    ReplyDelete
  104. " ඔයාට කැමති නැහ " කියල... අවුරුදු 5 ක් ගියාද ඒක තේරෙන්න... ??

    නැහ බන්... වෙන හේතුවක් තියෙන්න ඇති... මට වුනා වගේ...

    ජීවිතේ ගලා ගෙන යනවා නේ බන්... හ්ම්ම්...

    නරකද බ්ලොග් එකක් පටන් ගත්තොත්....

    ReplyDelete
  105. ඔව් අවුරුදු 5ක් ගියා... ඒකනෙ "ආදරේ අන්දයි කියන්නෙ"
    බ්ලොග් එකක් පටන්ගත්ත.(http://sasandagayan.wordpress.com/) ලියන්න දේවලුත් ගොඩක් තියෙනව. වෙලාව තමයි නැත්තෙ. බලමු ඉදිරියට.
    ජය

    ReplyDelete
  106. අපි හැමෝටම ප්‍රශ්නෙ වෙලාව තමා... පුලු පුලුවන් විදියට ලියමු....

    ReplyDelete
  107. ස්තුතියි දිරිගැන්වුවට... බලමු යමක් කරන්න... :)

    ReplyDelete
  108. gindara kathawak machan. eka parata okkoma kiyewwa. mama hithuwe me wage katha thiyenne novels wala witharai kiyla.wadak na machan.maximus. it really toches

    ReplyDelete
  109. නවකතා ලියන්නෙත් සැබෑ ජීවිතේ දකින විඳින දේවලින් නේ...

    බොහොම ස්තුතියි අදහසට. :)

    ReplyDelete
  110. ඔන්න 110 වෙනි comment එක මම දැම්මා....
    ඇත්තටම හුඟාක් හැඟීම්බර කතාවක්, ඒත් මම හිතුවෙ නෑ අවසානෙ මෙහෙම වෙයි කියලා....
    නමුත් මේක කියවපු මටත් අතීතෙ මතක් උනා... හැබැයි මගෙ එකේනම් පොඩි වෙනසක් තියනවා මොකද මගෙ කතාවෙ දිනිති මේ වගේ අවසානෙ සමාව දිය යුතු චරිතයක් උනේ නෑ, වගේම අර ජයන් කියන චරිතෙත් කළු එකක්, මොකද ඒ දෙන්නමයි... :'(

    ReplyDelete
  111. හ්ම්ම්... ජීවිතේ හැටි තමා... ස්තුතියි මචන්.

    ReplyDelete
  112. මට මුකුත් කියාගන්න බැහැ අයියේ වචන එන්නේ නැහැ...
    උගුර ළඟ මොකක්ද හිර වෙලා වගේ.
    මට ගොඩාක් දුකයි.මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම අවසානයක්.
    අනිවාර්යෙන්ම ඔයා අක්කට කතා කරන්න.ඒක ඔයාට වගේම දුක්වුන අපිටත් සැනසීමක්.ඒ අක්කා මැරි කරලත් නැත්නම්...!
    ඔයත් මැරි කරලා නැත්නම්...සත්තයි මං තරම් සතුටු වෙන කෙනෙක් නැතිවෙයි ඔයාලා එකතුවෙනවානම්. මං ඒ අක්කා ගැන විස්තර දන්නවනම් ඒ අක්කට කියනවා ඔයා‍ගේ ආදරේ ගැන.
    ඉබ්බා අයියා කිව්වා වගේම.. අයියේ ප්ලීස් අක්කට කතාකරන්න.
    එක්කෝ අයියා ලංකාවට ඇවිත් අක්කා බලන්න එන්න.
    කලින් කොටස්වල කොමෙන්ට් කරන්න නැවතුනේ නැහැ...
    ඒ ඉවසිල්ලක් නැතිකමට අවසානේ මොකක් වුනාද කියලා බලන්න.
    මං සත්තයි හිතන් හිටියේ දිනිති අක්කා ඔයා ළඟ කියලා.
    ඒකයි අන්තිමටම කොමෙන්ට් කරන්න හිටියේ..
    ආයෙත් කියවනවා අයියේ මේක පීඩීඑෆ් එක බාගෙන..
    අයියා මූණුපොතේ සර්ච් කරලා බලන්න අක්කා ගැන.
    අක්කාගේ යාළුවෝ ගැන...
    අන්තිමට කියන්න තියෙන්නේ අයියේ ඔයාලා දෙන්නා එකතුවෙනවනම් මං ගොඩාක් කැමතියි.
    ඉතින් ඒ අක්කට වගේම අයියටත් ජයෙන් ජය.

    ReplyDelete
  113. ඔන්න මමත් ආයෙත් බැලුව මචං..අනේ මන්ද..

    ReplyDelete
  114. බොහොම ස්තුතියි මලේ අදහස් මෙහෙම කෙලින්ම කිව්වට.

    minicooper : මම උත්සහ කරා දිනිති ගෙ නුම්බර් එක හොයා ගන්න. ලැබුනෙ නැහ. ඒ පස්සෙ එලවන්න හිතුනෙත් නැහ වැඩිය.

    හි හි මූනු පොතේ... හැමදාමත් කරන වැඩක් තමා ඒක. ඒ නම තියෙන ඔක්කොම ප්‍රොෆයිල් මූන තින ඒවා බලනවා... එයා නැහ.

    ආයෙමත් ස්තුතියි මුල ඉදන් බලල අදහස් දැක්වුවට.

    උබටත් ජය.



    වැම්පයර් : ඇයි බන් උබ අනේ මන්ද කිව්වෙ ????

    ReplyDelete
  115. මම සෙල්ලම බාගයක් ගහල අතෑරල දාන්නෙ නෑ බොල. පරදින්න හරි ඉවරවෙනකං ගහනවා..

    ReplyDelete
  116. දැන් මම තමා අනේ මන්ද කියන්නේ...

    අනේ මන්ද බන් එලවන්න හිතෙන්නෙ නැහ...

    ReplyDelete
  117. අඩුගානේ හේතුව මොකක්ද කියලවත් අහපන් යකෝ.....
    [110 කමෙන්ට් එක]

    ReplyDelete
  118. Nice story, thanks macho......sorry I do not have Sinhala in my Pc, so I write this in English.
    All you need is patient...and as others mentioned.. give a call to Dinithi...put bit more effort to find the number...as "Vampire" said take the game until the very end…do not give up macho….you can make it..
    All the best…and I am very sure, where you think is the end is not the real end…….life is too short macho…every second lost is lost forever….
    I was fortunate to marry my first love, and this year we celebrate our 20th year anniversary. All it took for me was little patience and open up with truly how I felt…that was all…..
    All the best..

    ReplyDelete
  119. හ්ම්ම්... ඇයි දන්නෙ නැහ මට එහෙම හිතෙන්නෙ නැහ එලවන්න. ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න නිසාද දන්නෙ නැහ. පරණ මතකයන් පැත්තකින් තිබ්බොත් ජීවිතයක් නැති තරම් දැන්.

    වෙන දෙයක් වෙයි කියල ඉන්නවා...

    උබ වාසනාවන්තයි මචන්... සුබ පතනවා. පලමු ආදරයම විවාහ කරන් මෙතරම් කලක් ලස්සනට ජීවත් වෙන එකට...

    ලබා උපන් හැටියට බබ ලැබෙයි කියල මම ඉන්නේ.. ඒ තරමට හෙම්බත් වෙලා.

    ReplyDelete
  120. Nice story and nice memories. Hope you would get your true love even after all this time

    ReplyDelete
  121. machan poddak try karala eyage number 1k hoyagena katha karapan.. hariyanda kiyala mama pathanawa..!!!!

    ReplyDelete
  122. බොහොම ස්තුතියි අදහසට මචන්.

    ReplyDelete
  123. every thing will be ok in the end
    if it's not ok
    it's not the end

    call dinthi
    --randi--

    ReplyDelete
  124. සිරාම ආදර කතාවක් සහෝ.. කියල වැඩක් නෑ.. පට්ටයි.. :)

    ReplyDelete
  125. ස්තුතියි චූටි පුතා.....

    ReplyDelete
  126. කියවද්දි ඇස්වලට කඳුළු ආවා අයියේ.මාරම සිරා.ඒත් එකක් මතක තියාගන්න. ඔයාට කරපු දේට ඒ අක්කිත් හිතින් ගොඩක් දුක් වෙනව ඇති අදටත්.මේ ඔක්කොම වෙන්නෙ මිනිස්සු වෙච්ච අපිටනෙ අයියේ......... මාත් අහිමි වූ ආදරය නිසා අදටත් දුක්වෙන කෙනෙක්.

    ReplyDelete
  127. බොහොම ස්තුතියි. ආදරය දුකක් බොල... ඒක දුකක්

    ReplyDelete
  128. Maru story 1ka machan..patta..
    mama meka donload karagaththa
    mama facebook eke dannam machnam..gindara
    thanks machan mehema 1k liwata
    ...umbata budu saranai.
    one pukak prithi wesak kiyala atharapu 1kanam hodai..eth umbata passe 5,6 months walin ayema try karanna thibune.

    ReplyDelete
  129. බොහොම ස්තුතියි මචන්... තාම කට්ටිය බලනවනේ... සතුටුයි...

    ReplyDelete
  130. පට්ට story එක..මමත් මෙ පාරනේ o/l කරන්නෙ..he he..මමත් ඒ කතාවෙම ජීවත් උනා ... දිනිති අක්ක gana හොයල බෑලුවොත් නේද හොද තව පාරක්...

    ReplyDelete
  131. බොහොම ස්තුතියි කතාව කියවල අදහස් දක්වල ගියාට... ජය

    ReplyDelete
  132. මේ කතාව කියෙව්වාම ජීවිතේ හැමදෙයක් ගැනම ආපස්සට හැරිලා කල්පනා කරන්න හිතෙනවා.

    "අපි පෙන්නගෙන හිටියට අපි මාර ෆන් කියලා අපෙ හිත් ඇතුලේ සීරියස් ආත්මයක් ජීවත් වෙනවා".

    මට හිතෙන්නෙ උබ මේ කියපු ටික උබේ මුළු කතාවෙම සාරාන්ශය කියලා.

    දිනිති එදා උබව මග අරිද්දි... උබේ අනාගතය, දෙමව්පියෝ ගැන හිතලා, උබේ යාළුවෝ කියන දේවල් අහලා උබ උබේ "සීරියස් ආත්මය" ට ඉඩ නොදුන්නත් අද උබට ඒ දේවල් ගැන ආයි ආයි කල්පනා කරන්න ඉස්සරට වඩා වෙලාව ඇති. ඒත් මේ සමාජය ඇතුලේ සීරියස් ආත්මවලට ඉඩක් තියෙනවද මචන්.

    එදා උබ ගත්ත ඒ තීරනය හරි, පිරිමියෙක්ට කවමදාවත් ජීවිතය එක තැනක නවත්තන් ඉන්න බෑ.

    උබ දිනිති පස්සෙ අවුරුද්දක් දෙකක් ගිහිල්ලා උබේ ජීවිතය අදුරු කර ගත්තනම් අද උබට එයා ගැන ආදරයක් නැතුව වයිරයක් තියෙන්න පුලුවන්.

    එහෙම නැත්තන් උබලගේ සම්බන්දය අවුරුද්දක් දෙකක් තිබිලා උබ එයාගේ තියෙන අඩු පාඩු දැන ගත්තානම් උබට අද එයා ගැන හිතේ තියෙන පින්තූරය වෙනස් වෙන්නත් පුලුවන්.

    අපි කෙනෙක්ට ඉස් ඉස්සෙල්ලම ආදරය කරද්දි ඒ ආදරය කරන කෙනා මේ වගේ ඇති කියලා හිතේ රූපයක් මවා ගන්නවා, ඒත් ගොඩාක් වෙලාවට කාලයක් යද්දි එයාගේ අඩුපාඩු අදුන ගද්දි තේරෙනවා එයත් සාමාන්ය කෙනෙක් නේද කියලා.

    ඒත් උබේ සම්බන්දේ මාසයක් වගේ කෙටි කාලයකින් නැවතුන නිසා උබේ හිතේ තාමත් තියෙන්නේ එදා උබ සිහින මවපු කෙනාගේ රූපයමයි. උබ වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ ගතිගුනමයි.

    ඒත් අපි හැමෝමට ගොඩක් වෙලාවට තියෙන්නේ එකම විදිහේ ගතිගුණ මචන්.

    මම මේ දේවල් උබට කිව්වේ දිනිති ගැන උබේ හිතේ තියෙන හැගීම වෙනස් කරන්න නෙමේයි (ඒක මට කොහොමටවත් කරන්නත් බෑ). කිසිම දෙයක් ගැන දිග කාලයක් දුක් වෙන්න එපා ඒකෙන් උබේ හිත ලෙඩ වෙන්න පුලුවන්.

    පුලුවන් තරන් හිත හදා ගෙන සතුටින් ඉදපන්. උබේ ජීවිතේ උබ සාර්තක කර ගත්ත දේවල් ගැන හිතපන්.

    ඒත් අපි හැමෝමට ගොඩක් වෙලාවට තියෙන්නේ එකම විදිහේ ගතිගුණ මචන්.

    මම මේ දේවල් උබට කිව්වේ දිනිති ගැන උබේ හිතේ තියෙන හැගීම වෙනස් කරන්න නෙමේයි (ඒක මට කොහොමටවත් කරන්නත් බෑ). කිසිම දෙයක් ගැන දිග කාලයක් දුක් වෙන්න එපා ඒකෙන් උබේ හිත ලෙඩ වෙන්න පුලුවන්.

    පුලුවන් තරන් හිත හදා ගෙන සතුටින් ඉදපන්. උබේ ජීවිතේ උබ සාර්තක කර ගත්ත දේවල් ගැන හිතපන්.

    "Don't forget to love yourself."

    ReplyDelete
  133. @ Dindon

    ඇත්තටම වටින කතාවක් සහෝ ඔයා කියලා තියෙන්නේ..............

    ReplyDelete
  134. Dindon : උබ කියපු දේවල් දිගේ හිතනකොට ඇත්ත ඒක තමයි කියල හිතෙනවා මචන්... බොහොම ස්තුතියි අදහස් වලට.. හුඟ දෙනෙක්ට වටින අදහසක් උබ ඉදිරිපත් කලේ.

    ReplyDelete
  135. machan ubata kamathinam me kathawa issarahata aran gihin meka sampurna karanna puluwan
    neththam me kathawa methanin nawaththanan puluwan
    uba love eka sira karapu kollek nisa waradinna widihak neha
    hoyala balalala ayeth mula indan hari dennage adare patan ganna puluwanne dennama kamathi nam dennama dan therem ganna puluwan wayase ayane ithin machan kalaya gathawenawa karana deyak ikmamain parakku wenna kalin... ubata therenawane macho kello hamadama thaniyama inneha gedarin hari hoyala denawa ihtin ikmamanata karana deyak...
    apitath vistharae kiyanna ...

    ReplyDelete
  136. මේක අතීතයක් විතරයි මචන් දැන්....

    ReplyDelete
  137. DinDon said... //මේ කතාව කියෙව්වාම ජීවිතේ හැමදෙයක් ගැනම ආපස්සට හැරිලා කල්පනා කරන්න හිතෙනවා.
    "අපි පෙන්නගෙන හිටියට අපි මාර ෆන් කියලා අපෙ හිත් ඇතුලේ සීරියස් ආත්මයක් ජීවත් වෙනවා". // :( :(
    agree with your great comment bro..

    අයියේ මේ කතාව හුගක් ලස්සනයි...හුගක් දුක හිතෙනවා...
    අපි ආදරේ කරන දේවල් ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නෙ නැ නේද අයියේ........:( :(

    ReplyDelete
  138. DURApix : ජීවිතේ හැටි තමයි.. අපි කැමති... ආසම දේවල් අපිට හුඟක් වෙලාවට ලැබෙන්නෙ නැහ.ස්තුතියි කොමෙන්ට් එකට කොල්ලො

    ReplyDelete
  139. කතාව නම් ඇත්තටම මගේ ජිවිත කතාවට සමානයි.ඒත් පොඩි වෙනස් දෙයක් තියෙනවා.ඔය කතාවේ එන දිනුකගේ චරිතය උඹේ ඉිදිරියේ ඉඳලා හරි තියෙනවා. ඒත් මගේ ජිවිත කතාවේ ඒ චරිතය මගේ ඉස්සරහට ඈවිත් නෑ. ඒත් එකි මම කරන කියන සේරම දෙවල් දන්නවා. මම කෙල්ලෙක්​​ගෙන් ඈහුවත් අනිත් දවසේ ඒ කෙල්ල අහනවා."අයියේ ඔයාට තව කෙනෙක් ඉන්නවා නේද? ඈයි මගෙන් එහෙම අහන්නේ කියලා" ඔන්න මම වැටිලා ඉන්න තත්වේ.

    මම ලිව්ව ඒවා විශ්වාස කරන්න අමාරුයි තමයි.නමුත් ඈත්ත ඒකයි.ඔන්න මචෝ කෙල්ලොන්ගෙ හැටි

    කෙල්ලගේ හිතකට අවිශ්වාසය අවාම සොරිම තමයි. අපි මොනවා කිව්වත් හරියන්නේ නෑ.

    ReplyDelete
  140. මම මේ කතාව මීට කලින් වෙන සයිට් එකකින් කියවල තියෙනවා. bt අද ආයෙ කියෙව්වා..
    දැන් නම් මට කියන්න් තරම් දෙයක් ඉතුරු වෙලා නෑ වගේ.

    මට නම් හිතෙන විදියට දිනිති අක්ක ඔයාගෙ හිතේ තාම ඉන්නවා.
    එයත් එහෙමම ඇති.
    ඔයා එයා එක්ක කතා කරන්න. ඒ නැවත ආදරය කරන බලාපොරොත්තු වෙන් නෙමේ (නැවත එකතු වෙන්න බලාපොරොත්තුවක් ඔයාලගෙ හිතේ නැති නිසා) හිතේ හිරවෙලා තියෙන ප්‍රශ්න වලට උත්තරයක් හොයා ගන්න.
    එයත් තාම ගොඩක් දුක් විඳිනවා ඇති. ඔයාගෙන් ඔය විදියට සමු ගත්ත එකට. සමහර විට ඒ අක්කත් ඒකට මඟ බලාගෙන ඉන්නවා ඇති.

    සුබ පතනවා සහෝ....

    ReplyDelete
  141. Ghost.Rider : අපොයි ඔව්... අර වීදුරුවක් කැඩුනා වගේ තමා... කොච්චර කලත් පරණ තත්වෙට එන්නෙ නැහ හිතකට අවිශ්වාසෙ ආවම



    Tharaka Dilsh@n : වෙන සයිට් එකකින් ??

    බොහොම ස්තුතියි ඇවිල්ල අදහස් දැක්වුවට... තාමත් කට්ටිය බලනවනේ කතාව....

    ReplyDelete
  142. මතක විදියටනම් tharunaya.com 1 ගේ තමා මතක.
    .jpg image විදියට තිබුනෙ...

    ReplyDelete
  143. එහෙමද... කමක් නෑ කවුරු හරි බලනවනේ හි හි

    ReplyDelete
  144. I read this today.& Im also living in Galle and seem as did da A/L in the same yr.so its too closer to me !!අපි class ගිය තැන්...
    Y DONT U TRY NOW?????

    ReplyDelete
  145. Ano යාලුවො දෙන්නටත් බොහොම ස්තුතියි...

    ReplyDelete
  146. අනේ මන්ද අයියේ ඔය කොහොම ඉවසුවද කියලා ,,,,
    හ්ම්ම්ම් ඇත්තටම මේ කතාවට මට අම්බාන්ර්\එක දුකයි .....
    මම නම කියන්නේ අයියේ අයෙ හොයන්න

    ReplyDelete
  147. ඒ කාලේ කොහොම හරි කරන්න ඇති බන්.. ස්තුතියි ඇවිත් යන්න ආවට

    ReplyDelete
  148. මගෙ අම්මෝ මට නම් මේක කියවලා නිකන් කැරකිල්ල වගේ.අයියට මොනා වෙන්න ඇත්ද?
    අම්මෝ

    ReplyDelete
  149. ජීවිතේ හැටි බන්... ස්තුතියි

    ReplyDelete
  150. ADARAYA APIWA LAGATA EDDI MAGA ARIYOTH E ADARAYA DAWASAKA APIWA DALA YANNAMA YANAWA.

    ReplyDelete
  151. Patta kathawa. Mageth parana kaleta mama ayeth giya.... You are a great writer boss..

    ReplyDelete
  152. maxa machan......sirawata as dekata kandulu enawa ban kathawa kiyawaddi....thama parakkku na machan...dinithita eka parak hari call karala balapan....umba echchara amaruwen adare karapu kella samaharawita umbata labenna puluwan.......e nisa atharinna epa.....call karapan......dinithita ada samaharawita umbath ekka enna thani therranayak ganna puluwan athi....katawath thamange 1 weni adare amathaka karanna ba ban.....matath ehemai.....thama mama mage kellata hadawathinma adarei.......e nisa try karapan....umbatai dinithitai ekathuwenna labewa kiyala wish karanawa ban....

    ReplyDelete
  153. දුකයි කොල්ලෝ මටත්..
    එත් එකි උඹ එනකම් බලා අැති.

    ReplyDelete
  154. ස්තුතියි මචන් කියෙව්වට කතාව

    ReplyDelete
  155. මගෙත් ප්‍රතම ප්‍රේමය ඔයවගෙ ශෝකාන්තයක් මචන්. එයත් මලක් වගෙ ලස්සන කෙල්ලෙක්. එක නිසාම කොල්ලො බර ගානක් එකිට ට්‍රෛ කලා. මගෙ වරදක් නැතුව වෙනින් කෙනෙක් නිසා ඒක එවර වෙච්ච දවස්වල මගෙ ලෝකයම කඩාගෙන වැ‍ටුන. ජීවත්වෙල වැඩක් නැහ කියල හිතුන. ඒත් දැන් ආපහු හැරිලා බලනකොට ඒක එහෙම වෙච්ච එක කොච්චර හොදද කියලා හිතෙනවා. අද මම බොහොම ලස්සන මට ආදරෙ කරන වෛෆ් කෙනෙකුයි බබාල දෙන්නෙකුයි එක්ක බොහොම සතුටින් ඉන්නව. ඔහොම තමයි ජීවිතේ. කොහොම උනත් ලස්සන කතාව. I Like your Blog.

    ReplyDelete
  156. අද තමා බ්ලෙග් එකට ආවේ....ආපු ගමන් කතා ඔක්කොම කියවලා ඉවර කලා....තාම දිනිති අක්කිට තාම කතා කරල බැලුවෙ නැද්ද?...කතාව පටන් අරගෙන කියවගෙන කියවගෙන යද්දි අන්තිම හරියෙදි මට අඩන්න තරම් දුකක් හිතට දැනුනා....මට අන්තිමට හිතුනා මට මේ වගේ දෙයක් උනා නම් මම ජීවත් වෙන්නෙ කොහොමද කියල.... ඇත්තටම මට ගොඩක් දුකයි..අයිය ඔයා FB ඉන්නවාද...?මට email එකක් දාන්නකෝ... reshan.luck@gmail වලට

    ReplyDelete
  157. ස්තුතියි අදහස් වලට....

    ReplyDelete
  158. adenawa aiye...aththamai aduna hodatama....adai kathawa serama kiyewwe..godak late mge cmmnt eka..math inne galle...oyage anagatheta subapathanawa..

    ReplyDelete
  159. Hey bro.. im not a blogger.but i just read ur story somehow... well Love is like that ban... ull never know whats going happen in the future.

    Mage katawet wenna anthimata kella mata nathi wena eka. eth eka nathi una newei , nathi kera.

    all the best in your future dude. keep up the good work

    ReplyDelete
  160. ස්තුතියි අදහස් වලට....

    ReplyDelete
  161. අනේ මචෝ මට ඇඩුනා බං මේ ස්ටෝරි එක කියෙව්වට පස්සෙ. මම මේ සිරාවටම කියන්නෙ.........ආයෙ කියන්න වචන නෑ. මට ඇත්තටම ඇඩුනා...

    ReplyDelete
  162. මචන් මම ඔයාගේ PDF එක මගේ සයිට් එකෙ දැම්මා... ඔයාගේ බ්ලොග් එකෙ නමත් එක්ක... කමක් නැහැ නේද?... අකමැති නම් කියන්න මම අයින් කරන්නම්

    ReplyDelete
  163. Ano : ස්තුතියි සහෝ කියවල අදහස් දැක්වුවට



    Admin : කිසිම අව්ලක් නෑ මචන්... සමහරු සයිට් එකේ නම නැත්වමත් සයිට් වල දාල තිබ්බ මම දැක්කා. නම දාල දැම්ම එක කිසිම අවුලක් නෑ.

    සයිට් එක ගින්දර මචන් පට්ට සෙට් එකක් තියෙනව නේ පොත්... එල එල මාත් සැට් වෙන්න ඕනි.

    ReplyDelete
  164. බොහොම ස්තුතියි සහෝ... අපිත් එක්ක එකතු වෙන්න ඔයාගේ රසවත් ලිපි අපේ යාලුවන් එක්ක බෙදාගන්න...

    ReplyDelete
  165. meke mula kiyawadhdhi mao gana duka hithuna. uba gana sathutu hithuna. anthima tika kiyawadhdhi mao gana sathutu hithuna. uba gana kiyaaganna bari dukak danuna. ahata kadhulak enuwa. mee kathawen jeewithayata gatha haki dhe bohomai, mama kawadhawath love story kiyawapu ekek nemei. ewa mata arahan. ahamben wage set una mee story eka nisa mage aakalpa wala wenasak una bawa nam hodhatama therenawa.
    obage jeewitha athdhakiim blog awakaashaye mudhaa hariyaata bohoma sthuthi.
    obata jaya.!

    ReplyDelete
  166. ඇඬෙනවා ඕයි.අවංක සාධාරණ කොල්ලො වෙන අපිටම මෙහෙම වෙන්නෙ ඇයි?ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි.ජය ශ්‍රී!!!!!!!1

    ReplyDelete
  167. ATHATAMA MAMATYH ADUWA .HARIMA LASSANAI

    ReplyDelete
  168. වැඩිය කොමෙන්ට් කරන්නෙ නැති වුණත්, ආදර කථා ගැන (තාම) උනන්දුවක් නැති වුණත්, මේ කථාව කියෙව්වාම කොමෙන්ට් එකක් නොදා යන්න හිත ඉඩ දෙන්නෙ නෑ...
    නමුත් මොකක් කියන්නද කියලා හිතා ගන්නත් බෑ!
    ආදරය සැපතක් ද?වේදනාවක් ද? නැත්නම් මිනිසෙක් අනිවාර්යෙයෙන් අත්විදිය යුතු අත්දැකීමක් විතරද?
    මං තාමත් උත්තර හොයනවා...

    ReplyDelete
  169. මම මේ පෝස්ට් එක කියෙවුවෙ දෙවෙනි වතාවට....පළවෙනි පාර මේ කතාව කියෙවුවට පස්සෙ මට ඇඬුන විදිහටම අදත් මගෙ ඇස් දෙකට කඳුළු ආවෙ ඇයි කියල මම දන්නෙ නෑ.සමහර විට ඒ මේ කතාව මගේ හිතට හුඟක් කාවැදුන නිස වෙන්න ඇති.දිගටම ලියපන් මචෝ.....දිගටම ලියපන්...

    ReplyDelete
  170. මම අද තමයි මේ බ්ලොග් එකට ආවේ.කතාව මුල ඉඳලම කියෙව්වා.නියමයි.....

    ReplyDelete
  171. mamath ada me blog 1ka ta awe.
    blog 1ka ela.
    eth dukai una de gana nam......

    ReplyDelete
  172. අදහස් දක්වපු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි..... :)

    ReplyDelete
  173. මතකයන් අමතකකෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යළි ඒවියැයි සිත කීවත් ඔබ යළි එන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ........

    dan welaawa panndara 12.42. hithata godak waduna nisai meka liyala yanne.mamawath danne na ban mata adenne ai kiyala.samahara wita mage kathawath me wage nisa wenna athi. jaya wewa machan!! digata ma liyanda.lassanai.

    ReplyDelete
  174. සම්පූර්ණම කතාව කියවලයි මචං කමෙන්ට් එක දාන්නේ! ඇත්තටම ඒකි එහෙම කලේ ඇයි කියලා නම් හිතා ගන්න බෑ! ඒත් කතාව මාරෙට දැනුනා! දුක හිතුනා බං! ගොඩක් හිතට වැදුන කතාවක්!

    ReplyDelete
  175. අනේ මoදා අයියේ මමත් මේ දුකම වින්දා අදටහ් විදවනවා. මම නම් එයාගේ ලගම අදටත් ඉන්නේ .එත් එයාටවත් මගේ දුක තෙරෙන්නෙ නැහැ. මම හින වෙනවා වුනත් හිතින් අඩනවා.ඇත්තටම ලස්සනයි .මාව ඒ ලස්සන අතිතයට අයෙත් අරගෙන ගියට අයියට ගොඩක් පින් .බුදු සරනයි.

    ReplyDelete
  176. Ano
    මාධව - மாதவ - Madhawa
    gayani

    බොහොම ස්තුතියි අදහස් වලට.... කතාව ලියල අවුරුද්දකට වැඩි කාලයක් ගෙවිලත් තවම කට්ටිය කියවනව කියල දැනෙනකොට හුඟක් සතුටුයි

    ReplyDelete
  177. එක දිගටම මං ඔයාගේ කුලුඳුල් ආදරය ගැන කියවගෙන ගියා...හරිම සංවෙදී

    ReplyDelete
  178. macho man ada thama may katha set 1k kiyawala iwara wunea mara dukha thama hitiunea

    ReplyDelete
  179. මචං අයේෂ්,
    අපි හැමෝම පරිපූර්ණ නැති මිනිස්සු . . . . ඒ නිසා අපි අතින් අතපසුවීම් . . . වැරදීම් . . . හිත රිදවීම් . . . . අනා ගැනීම් . . . . වෙනවා . . . . . ඒ වගේම ඒ දේවල් හරිගස්ස ගන්න ස්වභාවධර්මයා විසින්ම අපිට නැවත . . නැවත . . . අවස්තාවන් ලබා දෙනවා . . . . ඒ වගේ ලැබෙන අවස්තාවන් අඳුනාගෙන වෙච්ච වැරදි හරිගස්සා ගන්න එකයි කළයුත්තේ . . . . සමහරවිට තවම උඹට ඒ වගේ අවස්තාවක් ලැබිලා නැතුවත් ඇති . . . . සමහරවිට ලැබුණු අවස්තාවන් උඹ තේරුම් අරගන්න නැතුවත් ඇති . . . . . මොනදේ උනත් මං ප්‍රාර්ථනා කරන්නේ උඹට මැරෙන්න මොහොතකට කලින් හරි . . . . උඹ හැමදාමත් හදවතින්ම ආදරය කරන . . . . දිනිතිව උඹට ලැබෙන්න කියලා . . . . උඹ කොච්චර කිව්වත් උඹ හොඳ මිනිහෙක් නෙවෙයි කියලා . . . මට නම් එක පිළිගන්න ටිකක් අමාරුයි පුතෝ . . . . මොකද උඹ ඔය සිද්ධියෙන් පස්සේ කෙල්ලෝ කීපදෙනෙක් එක්ක නෙවෙයි . . . . දාහක් එක්ක යාළු උනත් උඹම ආපහු හැරිලා බලපං උඹ ඒ එක කෙල්ලෙකුටවත් ආදරය කරාද නැද්ද කියලා . . . . මං හිතන්නේ උඹ එක්කෝ හිත රවට්ට ගන්න . . නැතිනම් උඹේ සෙට් එකෙන් එන අපවාදවලින් බේරෙන්න . . . . එහෙමත් නැත්නම් දිනිතිව අමතක කරන්න ලේසිවෙන්න කියලා හිතාගෙන . . . . උඹ විසින්ම උඹේ හිතරවට්ට ගන්න ඔය උඹ කියන කෙල්ලොත් එක්ක සීන් වලට සෙට් උනා වෙන්න පුළුවන් . . . . . මං හිතන්නේ දිනිතිත් උඹට හදවතින්ම ආදරේ කරන්න ඇති . . තවමත් ආදරේ කරනාත් ඇති . . . . . මං උඹෙන් ඉල්ලන්නේ උඹ ඇත්තටම ආදරයකරන දිනිතිට එයා හිතපුරා ආදරේ නොකරන මිනිහෙක්ව (ඌ දිනිතිට කොච්චර ආදරේ කලත් . . . මොනදේ දුන්නත් . . . කිසිම වැඩක් නෑ . . . . දිනිති ඒ දේවල් වලින් කවදාවත් සතුටක් ලබන්නේ නෑ . . . එයා උඹට තවමත් ආදරේ නිසා . . . . ) බඳින්න ඉඩදීලා . . . . . උඹ ලංකාවෙන් ඈත රටක ඉඳගෙන . . . .දිනිති ලංකාවට වෙලා . . .. . තම තමුන්ගේ හිත් රවට. . . රවට . . . අනිත් මිනුස්සුන්වත් රවට්ටගෙන සදාකාලික පසුතැවිල්ලක් හිතේ ගුලි කරගෙන . . . . . ප්‍රථම ප්‍රේමයේ සුවඳ නොවිඳ . . හිතින් විඳව විඳවා . . . . ජීවත්වෙලා මැරිලා යන එක නෙවෙයි කළයුත්තේ . . . . . එහෙම කලොත් උඹලා දෙන්නම උඹලා දෙන්නටමයි . . . උඹලා දෙන්නගේ හදවත් ඇතුලේ එකිනෙකා ගැන තියෙන ආදරයටයි . . . . කරන නින්දාවක් . . . . . ඒ නිසා උඹ පුළුවන් තරම් ඉක්මනින් දිනිතිට කතා කරපන් . . . . . .
    උඹටයි . . .දිනිතිටයි . . . . දෙන්නටම ජය වේවා ! ! ! !

    ReplyDelete
  180. http://ananmanan.lk/sinhala_lyrics/get_lyric.php?lid=1678

    ReplyDelete
  181. ANO : වටිනා කාලය වැය කරල අදහසක් දැමීමට ස්තුතියි.... මේක ජීවිතේ එක් අත්දැකීමක් විතරයි දැන්.... බොහොම ස්තුතියි... :)

    ReplyDelete
  182. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  183. wow mara love ekak kathawanam dukay thama oya wagema kathawak mageth thiyenawa eka mathak una

    ReplyDelete
  184. සිද්දිය මට උන වගේ මට දැනුනේ. මාරම අවුල්. උඹ මාර පව් කොල්ලා.

    ReplyDelete
  185. සෙට් වෙච්ච පලවෙනි දවසෙම කියෙව්වේ මේ කතාව. හැම කොල්ලටම එකම වගේ සින් තම වෙන්නේ කියල මේකෙන් තේරුණා. ම ඇතුළුව.

    ReplyDelete
  186. ක දිගටම මං ඔයාගේ කුලුඳුල් ආදරය ගැන කියවගෙන ගියා...හරිම සංවෙදී......

    එක කෙල්ලෙක් වෙනුවෙන් පිස්සෙක් වෙන්නේ ඇයි බන්..රටේ ඕනෑ තරම් කෙල්ලෝ ඉන්නවා...අනික එයා උනත් දැන් පසුතැවිලි වෙනවා ඇති...ඕක සාමාන්‍ය දෙයක් සහෝදරයා...අපි හිතන පතන දේ ඒ විදිහටම අපට ලැබෙන්නේ නෑනේ....ඕකට ඉතීන් මක් කොරන්නද? මතකය තමා ඉතින් ............@

    ReplyDelete
  187. Mage computer eke sinhala akuru naha.ekata samaawenna.
    aiye oyage kathawanam godak sanwedi.mama me kathaawa kiyawaddi ayeth skole kaaleta giya.mageth aswala kandulu.......
    a lassana skole kaalenam ayeth kawadaawath enne naha.
    mamath kellekta adare kara.eth ape sambande mata eyata kiyala nathara karanna wuna,eth eka hethuwak nisa.
    mama eyawa amathaka karanna haduwath thamath eka karanna baha.me kathaawa kiuwama mata eyawa godak mathak wuna.
    ape sambandhe natharawela thaama maasa 2k wath naha.
    kellanam 1000kin wath hoyaganna bari raththaran kellek.adatath mama eyata godak adarei.
    kiyannanam eka dighaa kathaawak......
    oyage kathaawa kiuwata passe a mathakaya ayeth aluth wuna....
    oyaata thanx aiya.........

    ReplyDelete
  188. බොහොම ස්තුතියි අදහස් වලට....

    ReplyDelete
  189. අද තමා කතාව කියවන්න ලැබුනේ. ගොඩක් දුක හෙතෙනවා මචන්.ගොඩක්.......ඔයාල දෙන්නටම සුබ අනාගතයක් පතනවා..........

    ReplyDelete
  190. මචන් මම ඔක්කොම කතාව කියවල කොමෙන්ට් එකක් දාන්න හිතුවා.. ඇත්තටම මේ කතාව මාර සංවේදී.. සමහර විට දිනිති පස්සෙ ගෙවල් වලින් ඇතිවෙන ප්‍රශ්ණ වලින් උඹව බේරන්න මෙහෙම කලාද දන්නේ නෑ.. මොනවා උනත් මේ හැම දෙයක්ම සොඳුරු මතකයන් නේද යාලු??

    ReplyDelete
  191. අමුතුම ආදර කතාවක්.මුල ඉදන් අගටම කියෙව්වා

    ReplyDelete
  192. අදයි පිස්සගෙ පලාමල්ලට ගොඩවුනේ...
    ස්කෝලකතා ටිකකුත් එක්ක “දිනිති“ එක හුස්මට කියවල ඉවරකලා...මම කියවපු අමුතුම අමුතු කතාවක්...

    ReplyDelete
  193. Ano
    පහන්
    Ruka
    නිසපුගේ ලෝකය....


    කතාව කියවල අදහස් දක්වපු එකට බොහොම ස්තුතියි... ලියල නම් අවුරුදු එකහ මාරක් විතර මේක.. තාම කට්ටිය බලනව කියල දැනුනම මාර සතුටුයි....

    ReplyDelete

Related Posts with Thumbnails