Tuesday, June 1, 2010

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 4

Share
1 වෙනි කොටස... ::::  දිනිති...  පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 1


2 වෙනි කොටස... ::::  දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 2

"අහ් ඔව්.. එය prefect කෙනෙක්නේ.. ළමයි දැක්කොත් හොඳ නෑනේ..
හෙට මන් chance එකක් අරන් දෙන්නම්කො.. "

සමාදි හොද කෙල්ල...


මම බහින්න කිට්ටු වෙලා පොතත් ඉල්ලගෙන යන්නම් දිනිති කියල බැස්ස...

 දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 3



හිත නිකම් යකාගේ කම්මල වගේ.. දිනිති මොනව කියයිද කියල.. ගෙදර ගියත් හෙට වෙනකම් ඉවසිල්ලක් නැහ...  අජිත් ගේ පට්ට ගහන කැසට් එකකුත් දාල ඇදට වැටුනේ හෙට ගැන හිතාගෙන...


සෙනසුරාද.. දිනිතිල අපේ ගෙදර ඇවිත් සතියක්...


උදේ මම නැගිටල දිනිතිල ක්ලාස් යනවනේ කියල තේ එකත් අරන් ඉස්සරහට ගියා. පාර දිහා බලන් ඉද්දි කට්ටිය පන්ති යනවා. දිනිති බිම බලාගෙන යනවා.. සමාධි මාව දැකල අතකුත් වනල දිනිතිට කිව්ව.. ඒකි යාන්තමට බැලල ආයේ බිම බලාගත්ත...


මමත් ලෑස්ති වෙලා උදේ පන්ති ගියා. ගියාට ඔලුව තිබුනේ නම් පන්තියේ නෙමෙයි.
කොහොම හරි පන්ති ඇරිල ස්ටෑන්ඩ් එකට එද්දි ගයානුත් ඇවිත්..


" මචන් දිනිති මොනව කියයිද දන් නෑනෙ.. "


" නෑනේ.. "


පුත්තලම් අමනුස්සය වගේ උත්තර දුන්න මූත්...


" යකෝ.. උබට මොකද හිතෙන්නේ.. "


" උබ ගැනද.. ? "


මූත් එක්ක මට තද වෙන්නෙ ඔය වෙලාවට..


" මම ගැන තෝ හිතන ඒව මට වැඩක් නෑ බන්.. දිනිතිගෙ සීන් එක ගැන... "


" අහ්.. දැන් ආවම අහපන්කො... "


මම රත් වෙලා ඉන්නව.. මූට වගක් නෑ...


ඌත් එක්ක කතා කරල වැඩක් නැති නිසා මම කට වහ ගත්ත..


හපොච්චියේ ඒ වෙලාවට ක්ලාස් ඇරිල එන.. ක්ලාස් යන කෙල්ලොන්ගෙන් ගාල්ල පිරිලා... නිකන් මල් වත්ත වගේ.
ඒ වගේම අයිතිකාරයොත් ඉන්නවා...
හික් හික් මම වගේ වෙන්න අයිතිකාරයො තම හුඟක්ම.


" උබට තද උනාද හික් හික්.. Joke ඒකට බන්.. ඕක හරි යයි.. ඒකිට බය තියෙන්නේ.. "


මූ කියනව.. අනේ මන්දා.. මූ නිකන් අහල වගේ...


දිනිතිල ක්ලාස් ඇරිල ආවා... ඒ එක්කම ස්ටෑන්ඩ් එකට ආව බස් එකක්... හිස්...
දිනිතිල බස් එහෙකට නැගල වාඩිත් වුනා.
පස්සෙම සීට් එකේ සමාධියි  තව කෙල්ලො 2 කුයි යි.. ඒට ඉස්සරහ සීට් එකේ කෙලවෑරේ දිනිති.. මෙහා පැත්තෙ තව කෙල්ලෙක්.


 දැන් කොහොමද කතා කරන්නේ...


" මචන් ඒකි වාඩි වෙලානේ.."


" වරෙන් ඉතින් බලන්න " කියල ගයාන් මාවත් ඇදන් බස් එකට නැග්ග..


මායි ගයනුයි බස් එකට නැග්ග ගමන් අර දිනිති ගාව හිටි කෙල්ල නැගිට්ට... නැගිටල ඒකිත් ගිහින් සමාධිල ගාවින් වාඩි උනා.


" ඉද ගනින්... "


ගයාන් මාව තල්ලු කරා... මාත් එහෙමම වාඩි උනා...
දිනිති එක පාර කලබල වෙලා වගේ... අර කෙල්ල නැගිටියි කියල ඒකි හිතන්න නැතුවද මන්ද...


ඒකි පස්ස හැරිලා..." මේ මමත් ඔතනට එනවා.. "


" ඔහොම ඉදපන් බන්.. අපෝ ලැජ්ජවා... " ඒ සමාධි.


මටත් හෙනට අවුල් උනා..


" දිනිති ඔයා ඉන්න... මම නැගිටින්නම්... " කියල මමත් පස්ස හැරිල අර නගිට්ට කෙල්ලට කිව්ව..


" කමක් නෑ.. ඔයා මෙතනට එන්න "


කියල...


" මේ මේ දෙන්නගෙම බොරුව.. ඔන්න ඔහොම ඉන්න.. වද නොදී. "


සමාධි.. හිනා වෙවී කියනවා.


කොහොම හරි දිනිති ඊට පස්සෙ දැගලුවේ නැහ.


මමත් ඉදල බස් එක ඇද්දුවට පස්සෙ හිමින් සරේ දිනිතිට ලං වෙලා...


" දිනිති.... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනි... "


ඒකි සද්ද නැහ... කමක් නැහ.. ඇහෙනවනේ...


" දිනිති... ඔයා දැනටමත් දන්නව ඇතිනේ මොනා ගැනද කියල... සමාධි ඔයාට කිව්වනේ.. ඔයා මොකද දිනිති කියන්නේ... "


අපායට ගියත් කලින් යන්න ඕනි කියල තියෙන නිසා මමත් කෙලින්ම සීන් එකට බැස්සා...


ඒකි පොත දිහා බලාගෙන අනිමිස ලෝචනේ... සද්ද නැහ....
ටිකක් වෙලා ඉදල මම ආයෙත්...


" දිනිති... "


ඒකි හිමින් සැරේ මං දිහා බැලුවා...


" මම ඒ වගේ දෙයක් ගැන තාම හිතල නැහ අයේශ් අයියා... "


මේක හරියන්නේ නැහනේ... මටත් කවදා කරපු ලව් උනත් වචන ටිකක් ආව නිසා...


" මමත් හිතුවේ නැහ දිනිති ඔයාව දකිනකම් එදා... මට හදිස්සියක් නැහ.. ඔයා තව ටිකක් හිතල උත්තරයක් දෙන්න... "


කියල කිව්ව...


කොහොම හරි අපිට පන්තිත් යන්න එපැයි හවස... බෙලි ගහ හන්දියෙන් බැස්සනම් කෙලිම පන්තිය ගාවට යන බස් එකක් අල්ල ගන්න පුලුවන්. අනික මේකෙ දිගටම යන්නත් බැහ මොකෝ ගෙදර යන්නය...


ඒක නිසා හන්දියට කිට්ටු වුනාම...


" දිනිති එහෙනම් මම බහින්නම්... ඔය හිතල උත්තරයක් දෙන්නකො... "


කි එක පාරම මම දිහ බලල...


" ඇය් බහින්නේ... ???? "


ඒකි හිතන්න ඇති මම ගෙදර යනව කියල...


" අහ් නැහ දිනිති... හවස අපිට ක්ලාස්.. ඒකයි.. "


" අහ්.. හා එහෙනම්.. " කියල ලාවට හිනා වෙලා කිව්ව...


" එහෙනම් යන්නම්... " කියල පස්සෙ හිටි සමාධිටයි අනික් කෙල්ලොන්ටයි හිනා පාරකුත් දාල මමයි ගයානුයි බැස්ස..


" මොකො බන් උනේ... " ගයාන්...


" මොකුත් නැහ බන්.. "


" අන්න අන්න... කියහන් කියහන්... හුරතල් නොවී... "


ශික්.. මූට තියෙන හදිස්සිය...


" උබටයි මටයි තරම් හදිස්සියක් නැහනේ බන් ඒකිට... "


කියල මම කතා කරල ටික කිව්ව ඌට..


" අහ් දාපන් පහක්. ඕක හරි බන්... ඔය කෙල්ලො ඔහොම තමා... පොඩ්ඩක් ගනන් උස්සනවා... යමන් යමන් මොනා හරි කන්න.. බඩත් ගිනියි "


මූ මේ උපදින්න ඉන්න ළමයි රස්සවට දාල පඩියෙන් තෑගි ඉල්ලන කතා නේ කියන්නේ...


" කන්න නෙමෙයි.. ඕයි.. පන්ති යන්නේ නැද්ද ?? "

පන්ති 2ට පටන් ගන්නේ... එතනම 2.10 වෙලා... කොහොම හරි ආපු බස් එකක් එල්ලිල පන්තිය ගාවට යද්දි 2.30 ත් පහු වෙලා...

කලින් කියන්න බැරි උනානේ... ඒක අපේ අම්ම අදුරන සර් කෙනෙක් කරපු පුන්චිම පින්චි එකක්. පලවෙනි දවසෙ ළමයි 3 දෙනයි හිටියෙ... අපි දෙන්නත් එක්කම...
ඉතින් කොහොම හරි අපි යද්දි පන්තිය නැහ...


" ඒ බන් අද සර් නැද්ද දන් නැහනේ... "


" හික් හික්.. අපි දෙන්නත් නැතුව එකෙක්ට මොන ක්ලාස් ද බන්... සර් ඇවිත් ගියාද දන්නේ නැහ... " 

මොනා උනත් ගයාන්ටත් යාන්තමට මොලේ තියෙනව..


" මේ ආයෙ සර් ආවොත් ඉගෙන ගන්න මූඩ් එකකුත් නැහ බන්.. යන්ද ?? " 

ඇත්තටම මට ඉගෙන ගන්න මූඩ් එකක් තිබ්බෙ නැහ එවෙලේ..


" එහෙනම් යමන් ඉක්මනට "


හික් හික්... ගයානුත් ඕනි වලකට හා කියලනේ...

අපි ස්ටෑන්ඩ් එකට යද්දි පවන් ඉන්නව අර තාප්පෙකට හේත්තු වෙලා... මල මූඩ් එකකින්...


" අහ් මචන්... කොහෙද මේ... "


" අහ් කොහෙද බූරුවො තොපිල මක බෑවුනේ... උලමො දෙන්න වගේ.. "


මූ නිකන් රා බීල වගේ අර ස්ටෑන්ඩ් එක මැද කෑ ගහනවා... කෝකටත්  අපි දෙන්න ඈත් උනේ මූට තද උනාම අත පයත් වනන නිසා.. හිහි.. අනික මූ කෑගහන්නේ හරියට මූට අපි එන්න කිව්ව වගේ.


" ඇය් දන් උබට අපි එන්න කිව්වද ?? මොකක්ද බන් සීන් එක ?? " ගයනුත් ටිකක් ඈතට වෙලා ඇහුව..


" කොහෙද තොපි ගියේ පන්ති නෑවිත්... "


යකො අම්ම තාත්ත අහන්න ඕනි ප්‍රශ්න මූ අහන්වා...


" ඇය් බන් අපි පන්ති නොගිය එක ට උබට තද උනේ... "


" තොපි යන හින්ද මටත් ඒ ක්ලාස් එකට යන්න කියල අපේ අම්ම කිව්ව... කෝහ්ඩ එකෙක් වත් නෑ පරයො... සර් ඇවිත් ටිකක් වෙලා ඉදල මට විතරක් කරල වැඩක් නැති නිසා ලබන සතියේ කට්‍රමු කියල ගියා... මම මෙතන කට්ට කනව... "


මූට හොදටම මල... පව් වැඩේ... අනික මූ එනව කියල දන්නවය අපි.. දැන් සර් අම්මට කිව්වොත් තවත් ලෙඩක්. ගානකුත් නෑ...


කොහොම හරි පවන්යවත් shape කරන් අපි අවට සිරි නරඹල ගෙදර ගියා.


දිනිති මොනා කියයිද කියන එක තමා මගේ ඔලුවේ තිබ්බෙ හැම තිස්සෙම... ආයේ ඉතින් සිකුරාද වෙනකල් ඉන්න එපැයි...
හෙට සමාධි හම්බුනා නම් updates ටිකක් ගන්න තිබ්බ....


ඉරිද හවස තමා ප්‍රසන්න සර් ගේ chemstryක්ලාස් පටන් ගත්තේ.. ඒක නිසා පලවෙනි දවසෙම කියල ළමයි අර combined ක්ලාස් එකේ දවස වෙනස් කර ගත්තා... ප්‍රසන්න සර් ගේ ක්ලාස් එකට ඉතින් මුල් ටිකේ හැමෝම වගේ යනවනේ...


ප්‍රසන්න සර් ගේ ක්ලාස් ගිහින් හවස සමාධි හම්බෙන්න හිතාගෙන මමත් ක්ලාස් ගියා.
ඒකට ඉතින් අපි සෙට් එකමයි තව ඉතින් ලගින් ආස්‍රය කල සෙට් එකයි කොහොම හරි 15 ක් විතර එකට තමා ගියේ. හපොයි ඒ වෙච් දේ ක්ලාස් ගිහින්... ( කලින් වෙනම පොස්ට් එකක් දැම්ම ඒ ගැන.. බලන්නකෝ... ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...     )


කොහොම හරි නෝන්ඩියත් කාල... පන්ති ඉවර වෙලා කට්ටියම ස්ටෑන්ඩ් එකට ආව.

ඉතිරිය

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 5

22 comments:

  1. මම බැලුවා මොකද කතාව පරක්කු කියලා. සුපුරුදු පරිදි උපරිමයි. :) අමුතුවෙන් කියන්න දෙයක් ඔළුවට එන්නේම නැහැ අයියා :)

    ReplyDelete
  2. ඔහොම යං ඔහොම ය්ං. මොනා වුනත් උඹට හිටපු යාළුවොනම් පට්ට සෙට් එකක් ඈ. :P

    ReplyDelete
  3. අනේ බොලේ.. මගෙත් නිකම් ඔය වගේ කතන්දරයක් තියනවා.. මට උඹට වගේ ලියන්න බැහැ නේ බන්..

    මරු.. මම හරි ආසාවෙන් කියවන්නේ..

    ජය..

    ReplyDelete
  4. කම්මැලි නැතුව කියවන්න පුළුවන් ලව් ස්ටෝරි එකක්.. :)

    ReplyDelete
  5. කොමෙන්ට්ස් වලට ස්තුතියි.....

    Hasitha : වෙලාවක් තිබ්බෙ නැහ මල්ලි....

    Kanishka | කණියා : එල එල... :)

    වැම්පයර් :: පුලුවන් විදියකට ලියන්න ඉතින්... අපි ඉන්නවනෙ බලන්න... :)

    roylyfernando : අහ් උන් ගැන නම් කියල වැඩක් නැහ... අදටත් කට්ටිය මාරම ෆිට්. එකතු වෙන්නේ නැති එක තමා අවුල.. එක එක රටවල් වලනේ..

    මල්$han : හිහි බොහොම ස්තුතියි

    ReplyDelete
  6. පහු වෙලා බලමු.. මේ පිටට බෑ බන්.. එතකොට නිකන් සින්ඩිය අර සුජීව ප්‍රසන්න අයියගේ පොත් සාප්පුවක් වගේ වෙයි..

    දිගටම ලියමු...

    මම පස්සෙනුත් එනවා.. i.e. following

    ReplyDelete
  7. හික් හික්... ඒ කතාවත් ඇත්ත තමා... :)

    ReplyDelete
  8. එල එල.... අනේ වැම්පයර් ෂුදු පුතේ.... ඇහැක් විදිහට කතාව ලියහංකෝ..............

    ReplyDelete
  9. ඇනියෝ..

    ඔය ටෝක් එක දකුණේ එකක් නේ.. මමත් එහේ තමා.. අර කතාවකුත් තියෙන්නේ.. දකුණේ ටීචර් කෙනෙක් කිවුවලු ලමයින්ට
    "ඇහැක් විදියට කනක් අඳින්න" කියලා..



    මමත් පහු වෙන්න ඇහැක් විදියට බලන්නම්..

    ජය..

    ReplyDelete
  10. හික් හික් මරු කතාව ඒක...

    ඇහක් විදියට කනක් අදින්න... හික් හික්..

    ඔව් ඔව් ඒක දකුනේ කතාවක් තමා.. මමත් අහල තියෙනවා...

    ReplyDelete
  11. ඒකත් කියෙව්වා.. අනේ ඉක්මණට අයියේ.. දැන් නම් ඉවසිල්ලක් නෑ... ඉක්මනටම දාන්න............. දැන් නම් ඉවසන්නම බෑ................................. හරිම ලස්සන ආදර කතාවක්.......

    ReplyDelete
  12. දැනුයි ආවේ , රූං ගාලා කලේ මුලින්ම කතාව කියපු එකතමා !!! හි හි මරු සිද්ධිය , ඉක්මනට අනික් කොටසත් ලියන්න අයියේ !!

    ReplyDelete
  13. මරු සීන් එක සහෝ... මට මැවිලා පේනවා සිද්ධිය වෙන හැටි.. හික්ස්...

    ‍මම මේ දවස් ටිකේම ඉස්සෙල්ලාම බලන්නේ "දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය..." නිවු එපිසෝඩ් එක දාලාද කියලා!

    ReplyDelete
  14. කියවන්න කියවන්න ආසයි.. අනිත් කොටස ඉක්මනට ලියන්න.....

    ReplyDelete
  15. කම්මැලි නැතුව කියවන්න පුලුවන් මරු කතාව. දිගටම ලියපන්, අපේ සුභ පැතුම්!!!

    ReplyDelete
  16. බොහොම ස්තුතියි... උබල ටික දිගටම වගේ කොමෙන්ට් කරලත් තිබ්බ නේ... ඒ හයිය නිසා තමා දිගටම ලියන්න හිතෙන්නේ....
    ඉක්මනටම දාන්නම් අනික් කොටසුත්...

    ReplyDelete
  17. අඩේ පිස්සා උඹේ නම අයේෂ් ද ! පිස්සු හැදෙනවා.

    මගේ බ්ලොග් එක http://kooltempo.blogspot.com බලලා කමෙන්ට් එකක් දාලා තිබුන නිසා මාත් මේ කතාව බැලුවා. එල එල. ඒත් මමත් ආදර කතාවක් පටන් ගත්තේ උඹගේ එක දැකලනම් නෙවෙයි. දැන් ඉතින් මොනව කරන්නද, උඹ මගේ එක කියවපං පුලුවන් වෙලාවට මමත් උඹේ එකට සපෝට් එකක් දෙන්නම්

    අනිත් එත පෝස්ට් එක පබ්ලිෂ් කරන්න කලින් වචන වල වැරදි බලලා හිටපං. උඹේ සෑහෙන වැරදි තියෙනවා.

    දැන් කතාව ගැන:

    මමනම් මොනවා වුනත් උඹ කරපු වැඩේ අනුමත කරන්නේ නැහැ දිනිති ගැන. ඹය තරම් ඉක්මනට අහන්න ගියේ ඇයි. ටිකක් ආශ්‍රය කරලා යන එන තැන් වල කටු කාලා පොඩ්ඩක් වැදගත් කමකුත් පෙන්නලා කෙල්ලට ඇගට දැනෙන්න ඇරලා ඇහුවනම් තමා හොද. දැන් ඉතින් මොනව කරන්නද.

    ඉතුරු කෑල්ලත් ඉක්මනට දාපං

    මගේ 3 වන කතාවත් බලපං

    ReplyDelete
  18. maxxamium aiya gindara,apitat me wage karanna tibbe,ahanne nathuwa awurudu ganak mano gahanne nathuwa,anthime ithn "ba" kiwa,mulu AL kalema iwarai

    ReplyDelete
  19. KoolTempo : ඔව් ඔව් උබේ කතාවත් මම බලනවා...

    අකුරු මචන් මම තව බලල දාන්නම්... දැන් සෑහෙන හොදයි ඉස්සරට වඩා හිහි...

    කතාව මචන් ඉක්මනට ඉතුරු කොටස් දාන්නම්... මේ සිද්දි වෙලා හුඟාක් කල් බන් දැන්...
    ම්ම් මම එදා එහෙම එක පාර ඇහුවෙ ඇයි කියන්න නම් දන්නේ නැහ මචන්.කාලේ වැරද්ද වෙන්න ඇති.


    බුද්ධික : හික් හික්... ගනන් ගන්න එපා මල්ලි.

    ReplyDelete
  20. math kiyewwa. mage mulma boy friendge namath Ayesh. e kale puduma sundarai.eth dan e hamadema heenayak witharai.e atheetheta ayeth yanawa meka kiyawaddi.

    ReplyDelete
  21. //පුත්තලම් අමනුස්සය වගේ// අඩෝ ගුටි කන්න හදන්න එපා ..... හිකිස් ;)

    ReplyDelete

Related Posts with Thumbnails