Friday, June 4, 2010

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 6

Share
කතාවේ මුල් කොටස් බලන්න... :::    දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය..

ඒත් මට දැනුන සතුට එවෙලේ..... මම දන්නේ නැහ කොහොම විස්තර කරන්නද කියල... ජීවිතේ පලවෙනි පාරට කෙල්ලෙක් ගෙන් අහල ඒකි කැමති උනහම එන හැගීම...

ෂා මමත් දැන් කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්...

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 5




එදා ගෙදර ගියත් මගේ හිත තිබ්බේ දිනිති ගාව.. දිනිතිව නොදැක ඉන්න බැහ බැහ වගේ... 

ඇයි දෙය්යනේ හා හා පුරා කෙල්ලෙක් සෙට් උනා කියන්නේ... ඒ හැඟීම දන්නෝ දනිති... ජීවිතේ එකම එක පාරක් හිතට දැනෙන ඒ සුන්දර හැඟීම වචනා කරන්න මම දන්නේ නැහ.

කොහොම හරි පස්සෙන්දා උදේ පුරුදු විදියට දිනිතිල ක්ලාස් යනව බලල අතකුත් වනල මම ත් ක්ලාස් ගියා.

දවල්ට දිනිත් හම්බෙනවනේ... ඉතින් කොල්ල ෆුල් හැපි මූඩ්.

ක්ලස් ඇරිල ස්ටෑන්ඩ් එකට එද්දි ගයානුත් ඉන්නව..

" අහ් අයේශ් මල්ලි... "

මූ ගානක් නෑ වගේ කතාව... ඇය් යකෝ නොකියම රස්තියාදුවක ගිහිල්ල..

" කොහෙද අමනුස්සයෝ ගියේ... මම තොට ඊයෙ කෝල් එකකුත් ගත්තා.. යන මඟුලක කියල යන්න එපැයි.. "

මම පොඩි සද්දයක් දැම්ම..

" කියල යන්නේ කොහොමද බන්.. හදිස්සියෙම ගියේ.. මේ ඒක නෙමෙයි මොකො උනේ.. උබ ඊයෙ ආවද ? "

" ඔව් බන්.. ආව "

මූ කටත් ඇරන් ඉන්නව.. හිතන්න ඇති මූ නැතුව බෑ කියල මේ අයේශ්ට හික් හික්..

" ඉතින් කියහන්කෝ.. මොකෝ කෙල්ල කතා කරාද ? " 


මූව අන්දන්න හිතුනත් පව්නේ කියල මම සීන් එක කිව්වා... කොහොමත් මට දැන් සීන් එක කාට හරි කියනකම් ඉවසිල්ලක් නෑ වගේ හිටියේ..

" නෑ... ඒ කියන්නේ ගොඩ... එලනේ.. "

" ඔව් ඔව්.. එල තමා... තෑන්ක්ස් ඉතින් උනේ උදව් වලට... "

මම ෂේප් එකේ කිව්වා.. මොකද මූ ඊලගට කියන එක මට ශුවර්...

" මොකක්... තෑන්ක්ස් කිව්ව.. අනේ තියා ගනින් උබේ... තෝ හින්දා කාපු කටු වලට සලකපන්... වරෙන් වරෙන් මොනා හරි කන්න... දවල්ට කන වෙලාවනේ.. "

මූ වෙනදට කනව වගේ දවල්ට..

" මේ ඕයි... අදනම් බැහ... දැන් දිනිතිත් එයි බන්.. "

" අහ් බැහද.. හිටුකො තොට සෙට් එකටම කියල තෝව නැති කරනව... "

හපොයි අපේ උන්ට කන්න අරන් දෙන්න ගියොත් මම ඉවර වෙනවා... මූට විතරක් වත් කන්න දෙන්න වෙයි වගේ... ඒත් මේ යකාට නොතේරෙන හැටි.. දිනිති මග ඇරුනොත්..

" අනේ සුදෝ... මම තොට හවසට රෝල් එකක් අරන් දෙන්නම් කෝ... දැනට ඕනිම නම් අර රුපියල් 5 කට කජ්ජක් අරන් වරෙන්... "

මම මූව ශේප් කරන්න හිතන් කිව්වම..

" කජ්ජක්... ? කජ්ජ තියා ගනින් තොගේ... "

කියද්දිම දිනිතිලා ආව... ඒකි හොරෙන් ස්ටෑන්ඩ් එක දිහා බලද්දි අපිව දැකල යාන්තම් හිනා වුනා.

" කමක් නැහ ඉතින් හවසට හරි දියන්කො පාර්ටි එක.. එහෙනම්.. දැන් ඉතින් පාන් වාටිවත් හම්බෙන්නේ නෑ තොගෙන්.. "

මූ දිනිතිව දැකල කිව්ව...

දිනිතිල ආපු බස් එකට නැග්ගා... මාත් නගින්න හදල..

" මේ ගයාන් උබ මොකෝ කරන්නේ... එනවද ?? "

" ඇයි හරකෝ.. එන්නේ නැතුව මම තනියම පන්ති යන්නද... ?? "

ගිය සතියේ වගේ ක්ලාස් යන්න පරක්කු උනොත් ලෝක ලෙඩක් නේ.

" මේ පරක්කු උනොත් ?? "

" ගානක් නැහ බන්... උබ මොකෝ දැන් දිනිති දාල එන්නේ නැහනේ.. ඔය සීට් එකකුත් තියන් ඉන්නේ... "

පව් කෙල්ල.. සීට් එකකුත් තියාගෙන...

" හා එහෙනම් වරෙන් උබත්... සමාධිත් ඉන්නවනේ කියලා මම කුප්ප හිනාවකුත් දාල බස් එකට නැග්ග...

මම හිමින් සැරේ ඒකි තියන් හිටි සීට් එකේ වාඩි උනා.. ගයානුත් සමාධිල හිටි තැනට පස්සෙ සීට් එකෙන් වාඩි උනේ සමාධිට තට්ටුවකුත් දාගෙන...

දිනිති බිම බලාගෙන...

මම හිමින් සැරේ ලං වෙලා...

" දිනිති... ඉතින්... "

ඒකි ලස්සනට හිනා වෙලා මම දිහා බැලුව...

" කිතුල්... " කියලා...

ටිකට් ගන්න කොන්ද ලඟට එද්දි ඒකි පර්ස් එක අවුස්සන්න්න ලෑස්ති උනා...

" මේ මොකෝ "

ඒකි මං දිහා බලල..

"  ඇයි ?? "

" සල්ලි මොකටද ? "

" අපිට ටිකට් ගන්න... "

" අහ් මෙයා හරි සල්ලි කරියක්නේ... මේ අද මම ගන්නම්.. ඔයා පස්සෙ ගන්න කියල.. අතේ තිබ්බ 20 කොලේ කොන්දට දුන්න.. ( ඒ දවස් වල බස් මෙච්චර expensive නැහනේ.. )



" අයේශ් අයියා... "

" දිනිති... "

" ඔයා මේක ඇත්තටම නේද කරන්නේ... ?? "

" ඔව් දිනිති... ඇයි ඔයා එහෙම අහන්නේ... "

" නෑ අයේශ් අයිය... මට බයයි.. අපේ ස්කෝලේ බෝයිස් ල ගර්ල්ස්ලා යාලු වෙනව.. ඉක්මනටම ඒව නැති වෙනව.. මම කැමති නැහ එහෙම වෙනවට...
හුඟාක් බෝයිස් ල වෙන ගර්ල්ස් ලවත් අශ්‍රය කරනවා තමන්ට කෙල්ලෙක් ඉද්දිත්... "

දිනිති මොනව හිතනවද මන්දා... මම එයාට කොච්චර ආදරේද කියල එයා දන්න්වනම් එහෙම හිතන්නේ නැහ...

" නැහ දිනිති... මම කවදාවත් එහෙම කරන්නේ නැහ ඔයාට... "

ඒකි ලස්සනට හිනා උනා.



***

හැමදාම උදේට මම දිනිති ස්කෝලේ යන ටයිම් එකට මම එයාව බලන්න මම මඟට යන්න පුරුදු උනා.. දිනිති ස්කෝල් යන්නේ පයින්... ලඟයි නේ ස්කොලේ.. ඉතින් අම්මල ගෙදරින් යද්දිම පැන ගත්තම ගානට දිනිති එන වෙලාවට යත හැකි... ගිහිල්ල දන්න කියන කොල්ලෙක් අල්ලගෙන කයියක් දාගෙන ඉන්න ගමන් දිනිති වත් බලනවා...

කොහොම හරි ඔය ටිකේම දිනූකවත් හම්බුනා අපිට.. ඒකි වෙනද වගේ ම කතා කරනවා... වෙනදටත් වඩා මට කිට්ටු වෙනව කියල මට තේරුනා... මම ඕනි කමින් ම ඒකිව මග ඇරියත් මම හිතන තරම් ඒක ලේසි උනේ නැහ.. 


 ***


දිනිතිව මට සිකුරාදයි සෙනසුරාදයි හම්බුනා... මුලදි අදි මදි කලාට පස්සෙ දිනිති uniform හිටියත් කතා කරා...

ඔහොම සති 3 ක් විතර ගියා... දිනිති නිසා මම හරිම සතුටින් හිටියෙ...


දවසක් පුරුදු විදියට මායි දිනිතියි හම්බුනා... බස් එකේදි තමා ඉතින්...

ඒකිගේ මූන හරි නැහ...

" දිනිති ඇයි මේ... "

" අයේශ් අයියේ.. ඔයා ගැන මට නරක ආරංචියක් හම්බුනා... මම ඒක විශ්වාස කරන් නැහ.. ඒත්... "

" දිනිති... මොකක්ද ?? "

මට හිතා ගන්න බැරි උනා...

" ඔයා ***  ස්කෝලේ ගර්ල් කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා... "

ඒකි කිව්වෙ දිනූකලගේ ස්කෝලේ ගැන... computer ක්ලාස් ඇරිලා ඒකි එක්ක කතා කරනව දැකපු එකෙක් කියන්න ඇති කියල මට හිතුනා....

" දිනිති... ඔයාට මාව විශ්වාසයිනේ... "

" ඔව් අයේශ් අයිය...හුඟාක්.  please ඒ විශ්වාසෙ නැති කරන්න එපා... " 


පස්සෙ මම ඒකිට දිනූක ගැන කිව්වා... අපි computer ක්ලාස් ඇරිල එද්දි හුඟක් දවසට හම්බෙන එකයි.. හසිතයි මායි ඒකි එක්ක කතා කරන එකයි...

ඒව අහන් හිටපු දිනිති කිව්වා..

" අයේශ් අයියේ.. ඔයා වෙන ගර්ල්ස් ල එක්ක කතා කරාට කමක් නැහ.. ඒත් ඔය ගර්ල් එක්ක එපා. ඔයා දන්නේ නැතුව ඇති.. එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. අපේ ස්කොලේ කොල්ලො එයා ගැන කියන කතා ඇහුවනම් ඔයාටත් තේරෙයි. එයාට කලිනුත් බෝයිස් ල කීප දෙනෙක් හිටියා.. " 


" පිස්සුද දිනිති... මායි හසිතයි එයා එක්ක කතා කරාට එහෙම කිට්ටු නැහ.. අනික මට මේ කෙල්ල ඉන්නවනේ.. කියලා මම ඒකිගේ කම්මුල ට චූටි kiss එකක් දුන්නා... "

" ඒයි.. බස් එක... "

දිනිතිගෙ මූන රතු වෙලා..



****

 ඊට පස්සෙ ආපු සදුදා හවස... ප්‍රදීප් මල්ලි... ආව අපේ ගෙදර.. ප්‍රදීප් කියන්නේ අපේ ස්කොලේට ගිය කොල්ලෙක්.. 9 වසරෙ ඌ හිටියෙ..
" අයේශ් අය්යේ.... "

" අහ් මොකෝ මේ පැත්තේ උබ අද... " අහගෙන මමත් එලියට බැස්ස.. මූ 9 වසරේ උනාට කරේ තාත්තල කරන වැඩ හික් හික්...

" ඕයි මේ.. අයිය දන්නවද දිනූකා... "

ඒ පාර මොකක්ද මේ පත්තු වෙන්නේ....

" අර **** ස්කොලේලේ කෙල්ලනේ... "

" ඔව් ඔව් බන්.. ඒකි උබල එක්ක බස් එකේ එනවා කිව්වා ස්කොලේ ඇරිලා... "

" ඉතින් මොකො සීන් එක.. "

" උබ ඒකිට බහිනවද ? "

මූ අහන එක.. ඇටය වගේ ඉදන්..

" නෑ බන්.. පිස්සුද... ඒකි නම් නිකන් පස්සෙන් එන සීන් එකක් තියෙනවා... "

" අහ් එහෙනම් ඒක තමා... මාවත් ඇන්දුවා ඒකි... "

" ඇයි ??? "

" නෑ බන් ඒකි කිව්වෙ උබ ඒකිට ට්‍රයි කියල... උබ ගැන ඇහුව විස්තර... "

" මම ගැන... ?? "

" ඔව් මේ ඕකි මචන් කෙලින්ම කිව්වොත් බඩුවක්.. පරිස්සමින්... "

මේක  පොඩි උනාට සීන් එකේ ඉන්න කොල්ල...

" මම දන්නේ නැහ මෙන්න මේක උබට දෙන්න කිව්ව... "

ඌ සක්කුවෙන් අරන් නවපු ලියුමක් දුන්න... දීල..

" එහෙනම් අයේශ් අයිය මම ගියා... ඕකි එක්ක පරිස්සමින් "

කියාගෙන ගියා.


මේ පාත් උන ගිනි ගෙඩිය මොකක්ද කියල හිතා ගන්න බැරි උනා මට...

මේකි ට්‍රයි කියල හිතුනට... මට ලියුමක් එවයි කියල හිතුවෙ නැහ කවදාවත්.. ( ඒ කාලේ කෙල්ලො එච්චරම Advance නැහනේ... අනික ලියුම... දැන් කොල්ලො කෙල්ලොන්ට වගේ අපිට sms.. mobile.. email.. FB.. skype තිබ්බෙ නැහනේ... වෙලාවට හැබයි. තිබ්බනම් මෙලහකට මොනා කරන් ඉදියිද දන්නෙ නැහ හික් හික්
ඒ අතින් බලද්දි දැන් ලව් කරන උන්ට කොච්චර පහසුකම් තියෙද ??? )

හිමින් සැරේ කාමරේට ගිහින්... මම ලියුම දිග ඇරිය.. කෙල්ලෙක් ගෙන් මුලින්ම හම්බුන ලියුම නේ.. දිනිති වත් ලියුමක් දීල නැහ... 


""" අයේශ් අයියේ...

ඔයා මාව වරදවා හිතන්න එපා.. කොල්ලෙක්ට කෙල්ලෙක් ලියුමක් දෙන එක ඔයාල වැරදියට හිතන වා කියල මම දන්නවා.. ඒත් මට මේක ඔයාට කියන්න විදියක් නැහ වෙන.. ඔයාට තේරිලත් ඇති සමහර විට...

අයේශ් අයියේ... මම ඔයාට ආදරෙයි... ඔයගේ හිතේ මේ කෙල්ලට ඉඩක් තියෙනවා නේද.. ???

පුලුවන්නම් බදාද හවස 4 ට ගාල්ලේ *** බස් නවත්තන තැනදි මාව හම්බෙනවද...  අනේ කොහොම හරි එන්න..

ඔයාට හුඟාක් ආදරේ කරන

දිනූකා.. """


( මට මතක විදියට සාරාංශය තමයි ඔය... )

මට හිතා ගන්න බැහ මොනව කරන්නද කියල...අනික දිනිති කිව්ව කතාව.... ආරන්චිය යන්නේ මම මේකි එක්ක යාලුයි කියල... මේකිත් ප්‍රදීප් මලයට කියල තියෙන්නෙත් මම ට්‍රයි කියල... දිනූකා මොකාට එන්න හදන්වද මට තෙරුම් ගන්න බැරි උනා.. 


බදාද කියන්නේ හෙට නෙමේ අනිද්දා... ඒත් හෙට ඒකි ස්කොලේ ගාවදි හම්බෙනවනේ...

දිනූකා ගැන කිසිම ආදරයක් කැමත්තක් මට තිබුනේ නැහ... මගේ ලෝකේ උනේ දිනිති... ඇත්තටම ඒ වෙද්දි දිනිතිව නොදැක දවසක් වත් ඉන්න බැරුව මම හිටියේ...

ඒත් දිනූකා ගැන මගේ හිතට ආවෙ දුකක්... අනුකම්පාවක්.
මෙලෝ දෙයක් හිතා ගන්න බැරිව... මම හිතා ගත්තා හෙට හසිතයත් එක්ක සීන් එක කතා කරනව කියල...


ඉතිරිය


 දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 7

22 comments:

  1. වැඩේ ලස්සනට යන්න යද්දී බාල්දි පෙරලන එකෙක් කොහෙන් හරි සෙට් වෙනවා කියන්නේ ඕකට තමා අයියේ.

    මට මුලින්ම හිතුනා දිනූකා නම් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා ඔයා කියපුවායේ හැටියට. චිංචි මානවිකාවගේ නූතන version එකක් වගේ දිනූකා.

    කතාවේ ඉතිරි ටික කියනකම් බලන් ඉන්නේ ......

    ReplyDelete
  2. හ්ම්ම් ඔව් බන්... ඒකි චින්චි මානවිකාවටත් එහා... කතාව දන්නම් දිගටම..

    හැමදාම උබ කොමෙන්ට් එකක් දාල යනව... බොහොම ස්තුතියි මචන්...

    ReplyDelete
  3. අනේ පිස්සෝ, උඹ නොයා ඉන්නද හදන්නේ. පිස්සු කෙලින්න එපා. ඔය කුලුදුල් පරම පවිත්‍ර ප්‍රේමය වගේ මගුල් නිකං පොත් වල විතරයි බං. දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනකොට එපා කියන ගොනා මොකාද. "බැලන්ස්" කිරීමේ කලාව ඉගෙන ගනිං.

    බදාගෙන කන්න පුලුවන් වෙලාවට කාපං,හැබැයි පුතෝ ගාගන්න එපා.

    මගේ කතාව තව ඉස්සරහට බලපංකෝ, කොහොදම මගේ කෑම කියලා

    ReplyDelete
  4. කතාව ඉස්සරහ ට කියවපන්කො....

    උබයි මමයි හිතන ජාතියේ කෙල්ලෙක් නෙමෙයි දිනූකා..

    කුලුදුල් පරම පවිත්‍ර ප්‍රේමය... පොත් වලට හරියන බව දන්නේ දැන්නේ.. ( තාමත් නැද්ද මන්ද... ) ඒ කාලේ බොක්කෙන් නේ බන්... හිහි...


    කෝ උබේ කතාව දාල නැහනේ.. මම උදෙත් බැලුව ගිහින්.. උබ දිල් එක්ක පිස්සුවක් නටන්න ගත්තේ එහෙම නැහනේ...

    ReplyDelete
  5. කතාව ටිකක් දරුණු වේගෙන එන්නෙ.. හොඳ අවසානයක් තියෙයි කියල හිතනව.. :-)

    ReplyDelete
  6. @ පිස්සා

    පිස්සුද පිස්සෝ, මේ කූල් ටෙම්පො කවදාවත් නාගත්තෙ නැහැ ගාගත්තට
    තව පැයකින් කතාව දානවා

    ReplyDelete
  7. අයියෝ මගේ කතාවේ ඉන්නේ දුෂ්ඨයෙක්.. මේකේ ඉන්නේ දුෂ්ඨියක්... බලමු බලමු මො‍කෝ වෙන්නේ කියලා.....

    ReplyDelete
  8. හප්පා මට අහුවුණා නම් මම දිනුකාට දෙනවා , ෆුල් මෝල්ටොස් වෙන්න . එකපාරම මම කැමති නෑ කියුවානම් තමා හොඳ , අනුකම්පා කරන්න ගිහිල්ලා පස්සේ අපිටමට තමා ඇනෙන්නේ !!

    * හප්පේ දැන් ඔය කියන modern චිංචි මානවිකාවගේ තත්වය හිතාගත හෑකි මේ කීව්ව ටිකෙන්නම !!

    ReplyDelete
  9. @හිගන්නා
    ඒකට තමා මල්ලී කියන්නේ " අනුකම්පාව භූමිකම්පාව වෙනවා" කියලා :) :) :)

    ReplyDelete
  10. වැඩේ කෙල වෙන්න වගේ යන්නේ....පරිස්සමින් පුතෝ.....

    ReplyDelete
  11. කොමෙන්ට්ස් කරපු කියවපු ඔක්කොටම බොහොමත් ස්තුතියි.

    ගිහාන්... :: ඉක්මනට දාන්නම් ඉතුරු ටික... හ්ම්ම්..


    KoolTempo :: අහ් එල එල කොල්ලා... දාපන් දාපන් සීන් එක බලන්න


    කොඩී :: හුඟාක්..... හ්ම්.. බොහොම ස්තුතියි මචන් හැමදාම වගේ කියවලා කොමෙන්ට් කරනවට...



    ළමයා : එහෙමත් සීන් එකක් තියෙද උබට... හරි මචන්.. ඉක්මනට දාන්නම්..


    හිඟන්නා : ඔව් මචන්... එහෙම කරන්න තමා මටත් ඕනි උනේ....
    ඉතුරු ටික දාන්නම් ඉක්මනට...


    හසිත : සහතික ඇත්ත...

    ReplyDelete
  12. මාත් කියන්නෙ දිනූකව මග ඇරිය නම් හොඳයි කියල. මොකද ඉස්සරහට එයා ඇණයක් වෙන්න වගෙයි හදන්නෙ.

    ReplyDelete
  13. කතාව නැගල යනව, කියවන්නත් ආසයි, ඉතින් හැමදාම ඇවිත් කියවල හිතෙන දේ ලියල යනව :D

    ReplyDelete
  14. koe kale scn ekakda banz me?????? :P maru ....eelaga katawath dapan ;)

    ReplyDelete
  15. එන පොට හොඳ නෑ වගේ.. :-/

    ReplyDelete
  16. kiss එකකුත් දීල.... එල එල :D

    ReplyDelete
  17. අහ්.. අඩේ.. උඹයි මමයි ටිකක් විතර එක වගේ...


    මමත් මුල්ම කිස් එක දුන්නේ මාතර - කොළඹ බස් එකකදි.. මගේ කෙල්ලට.. ම්ම්.. මගේ වයිෆ් ට කියමුකෝ දැන්...


    අපි නම් ඉතින් දැන් සළු...


    --------------

    මීට පස්සෙවත් ඔය වගේ මී හරක් වැඩ කරන්නෙපා ඕං...

    ReplyDelete
  18. isimbuwa : හ්ම්ම් ආපහු අතීතයට යන්න ඇත්තම්.. වෙනස් කරන්න කොච්චර දේවල් තියෙද...

    කොඩී : එල එල මචන්.... :)

    Namila : එල දාන්නම් මචන්... මේක මචන් 2001 දි උන සිද්දියක්

    Kanishka | කණියා : ඉකමනට දාන්නම් කො ඉතිරියත් මචන්..


    ආදර කතාව : හික් හික්...


    වැම්පයර් : උබ මුල්ම ලව් එකද මැරි කලේ... නියමයිනේ මචන්... ඒ කාලෙ ගොන් තමා බන්.. පිස්සු ලෝක වලනේ ඉන්නේ.

    ReplyDelete
  19. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  20. ko ithiri tika??

    ReplyDelete
  21. meka dhala pothak liuwoth hodhama love story ekata sammaanaya labenawa sure :) kathawa liuwe kauru unath kiyawagena yadhdhi eka magedha ubedha kiyala hitha ganna bari tharam haraya badhdha una. Obage liwiime hakiyaawa nam uthkrustai saho.

    ReplyDelete

Related Posts with Thumbnails