Wednesday, June 9, 2010

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 7

Share
කතාවේ මුල් කොටස් බලන්න... :::    දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය.. 


දිනූකා ගැන කිසිම ආදරයක් කැමත්තක් මට තිබුනේ නැහ... මගේ ලෝකේ උනේ දිනිති... ඇත්තටම ඒ වෙද්දි දිනිතිව නොදැක දවසක් වත් ඉන්න බැරුව මම හිටියේ...

ඒත් දිනූකා ගැන මගේ හිතට ආවෙ දුකක්... අනුකම්පාවක්.
මෙලෝ දෙයක් හිතා ගන්න බැරිව... මම හිතා ගත්තා හෙට හසිතයත් එක්ක සීන් එක කතා කරනව කියල...


දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 6






මම බස් හෝල්ට් එකට වෙලා හසිතය එනකම් බලන් හිටියා... වෙනදා වගේම අන්තිම මොහෙතේ මූ ආව...


" අහ් අයේශ් කොල්ලා... පරක්කු නැහනේ... යමන් ඉතින් ක්ලාස් දැන්... "


ක්ලාස් පටන් ගන්න ඔන්න මෙන්න ඇවිත් මුගේ කතාව... ඒත් මට මූ එක්ක කියවන්න mood තිබ්බේ නැහ...


" මේ ඕයි අද උබට ක්ලාස් යන්නම ඕනිද බන් ? "


මූ අමුතු  look එකක් මට දාල...


" මොකෝ මේ අද ? අහ් තොගේ අර සත්ය ප්‍රේමය එනව කිව්වද ගාලු... ?? අනේ මේ.. මට නම් බෑ උබල ලව් කරනකම් කටු කන්න... "


මූ මේ මගුලක් කියනවා...


" නැහ බන්.. පොඩි සීන් එකක්... කියපන්කො යන්න ඕනිද ?? "


" හික් හික්... උබට පිස්සු... වලක් නම් වෙන මොනවද ? "


අපරාදේ කියන්න බැහ අපි සෙට් එකම වලට බැහල හික් හික්..


" වරෙන්කො "


කියල මූවත් ඇදගෙන එතන තිබ්බ කඩේට රිංගල ප්ලේන් ටී 2 කුත් බොන ගමන් මම ෆුල් සීන් එක මූට කිව්ව...


" මේ අයේශ් උබ කියහන් උබ දිනිති ගැන සීරියස් නේද ?? "


මූට පිස්සුද මන්ද... නැතුව..


" ඔව් ඕයි.... "


" මේ එහෙනම් උබ ඉක්මනටම දිනූකට කියල ඒකිගෙන් ඈත් වෙයන්... මට හිතෙන්නේ ඒකි අමුතුම සීන් එකක් දාන්නේ....


උබේ අර යාලු මලයට කියල තියෙන්නේ උබ ඒකිට try කියලනේ.. අනික ඔහොම එකක් දිනිතිට ආරන්චි වෙන්න... ඒකිම ආරංචිය යවලද දන්නෙ නැහ බන්... "


මටත් මූ කියපු එක හිතුනා... ඒත් ඒකි එහෙමම කරයි කියල මම විශ්වාස කලේ නැහ...


" අනේ මන්ද හසිත.. මොකෝ බන් කරන්නේ දැන් ? "


" මොනා කරන්නද අහන්නේ... කෙලින්ම කියහන් උබේ එහෙම අදහසක් නැහ කියලා... මේ අනුකම්පාව නම් උබේ ඔය හරියන්නේ නැහ කොල්ලො... අන්තිමට තොට එකක් වත් නැති වෙනවා... "


මූ ෆුල් ලෙක්චර් එකක්...


" මම කියන්නද... අද හවස අපි යමු ක්ලාස් ඇරෙද්දි... ඒකි එයිනේ... අදම කියමු... හෙට ගාලු යන්න ඕනි නැහ.. අනික ගාලු ගිහින් දිනිතිගෙ යාලුවෙක් වත් දැක්කොත්... "


මූ කියන එකත් හරි... ඒකිට කියල අදම මේක ඉවරයක් කරන්න හිතාගෙන අපි ක්ලාස් අරෙනකම් වලක් බැහල ස්කෝලේ ගාවට ගියා දිනූකලගේ...


ඒත්... එදා දිනූක අවේ නැහ....


" මොකද මචන් කරන්නේ... දිනූක නැහනේ... "


" උබේ වෙලාව හොඳ නැහ... දැන් ඉතින් යමන්... "


මායි හසිතයි ගෙදර ගියා... හෙට ක්ලාස් ඇරිලා ඒකිව හම්බෙන්න හිතා ගෙන... මොකද හසිතය කිව්වෙම ගාලු ගිහින් හම්බෙන්න එපා කියලා...


***


පස්සෙන්දා උදේ මම ගයාන් ලහ ගියේ ඌත් එක්කත් සීන් එක ගැන කහ කරන්න හිතන්...
හසිතයත් ගයාන්ලගෙ ගෙවල් කිට්ටුව හිටියේ... උන් ලහ බැහල ඌවත් ඇදගෙන අපි ගයාන්ලහට සෙට් උනා.


සීන් එක ගැන කතා කර කර ඉද්දි දන්නෙම නැතුව ක්ලාස් යන වෙලාවත් පහු උන හින්දා ක්ලාස් පැත්තක තියල ගයානුත් ඇදගෙන අපි ගියා දිනූකලගේ ස්කෝලේ ගාවට...


ඒත් ඒකි එද ස්කෝලේ ඇවිල්ලත් නැහ... ( ආවද දන්නී නැහ.. ඒත් හෝල්ට් එකට ආවේ නැහ.. )


" මේ ඕයි මේක හරියන්නේ නැහ... එක්කො යමන් බන් ගාලු... සීන් එක කතා කරල විසඳ ගනින්... දිනිති හම්බුනාම ෆුල් සීන් එක කියහන් ඒකිට... එතකොට අවුලක් නැහනේ බන්..." 
ඒ ගයාන්...

මේක ඉවරයක් වෙනකම් මටත් හිතට නිදහසක් තිබ්බේ නැහ... අපි 3 දෙනාම ගාලු ගියා...


දිනූක හරියටම 4 වෙද්දි ස්ටෑන්ඩ් එකට ආවා...


" ඔන්න ඇවිත්.. කියන මඟුලක් ඉක්මනට කියල වරෙන්... "
ඒ ගයාන්..


" මචන් මෙතන ඉදන් කත කරන්න අවුල් නේ.. "


" ඇයි තො කෝහි රිංගනද ඕකි එක්ක... මේ ගිහින් ඉක්මනට සීන් එක කියල වරෙන් බන්.. නලවන්නේ නැතුව.. "


" මේ අනුකම්පාව නම් මට දීල පලයන්.. නැත්තම් උබ නාගනියි... " ඒ හසිතයා...


උන්ගේ උපදෙසුත් අරගෙන මම හිමින් සැරේ දිනූකා ගාවට ගියා...


ඒකි හිනා වෙලා..


" හුඟාක් වෙලාද ඇවිත්.. ? "


" නැහ... "


" ම්ම්ම් මේ අයේශ් අයියේ මෙතන ඉදන් කතා කරන්න බැහනේ... කවුරු හරි දැක්කොත්... "


මේකි මම දෙන්න ඕනි talk දෙනවා...


" දිනූකා... කතා කරන්න දෙයක් නැහ... "


ඒකි මගේ මූන දිහා බලන් ඉන්නවා..


" ඔයා දන්නේ නැතුව ඇති... මට girl කෙනෙක් ඉන්නවා... ඔයා මං ගැන හිතන්න එපා දිනූකා... "


ඒක ඇහුනා කියලා ඒකිගේ මූන වෙනස් උනේ නැහ... යන්තමට වගේ හිනා උනා...


" අයේශ් අයියා.... ඔයා තව හිතල බලන්න මේ ගැන... "


මට තදත් උනා ටිකක් විතර...


" මොනවද දිනූකා කියන්නේ... හිතන්න දෙයක් නැහ... මට gurl කෙනෙක් ඉන්නවා... ඉතින්.. මම මොකටද තව gurl කෙනෙක් ගැන හිතන්නේ... "

" අනේ අයේශ් අයියේ... එහෙම කියන්න එපා... පව් නේද මම... "


කියල මේකි මගේ අතින් අල්ල ගත්ත එක පාරම...


දිනිති බස් එකේදි වත් අතින් අල්ලනවට බයයි... බෑග් එකට වැහෙන්න තමා යන්තම අතින් අල්ලන්නේ... ඒත් මේකි... 

( දිනූකා.... ඒකි මම හිතුවට වඩා හුඟාක්ම හ්ම්ම්.... )


" දිනූකා.... please තේරුම් ගන්න..  "


මම ඒකිගේ මූන දිහා බලන් කිව්ව...


ඒත් ඒකිගෙ ඇස් දෙක තිබුනේ වෙන පැත්තක... මම ඒ දිහා බලද්දි මට තේරුනේ මම මොන තරම් මෝඩ ද... දිනූක මොන තරම පහත් කෙල්ලෙක් ද කියලා...


දිනිති..... අපි දිහා බලාගෙන පුදුම වෙලා වගේ.. සමාධි දිනිතිගේ අනික් යාලුවො ඔක්කොම බලන් ඉන්නව පුදුමෙන් වගේ...


මම එක පාර දිනූකගෙ අත ගසල දාල... ඒකි දිහා රවල බැලුව..
ඒකිගේ මූනේ තිබුනේ ජයග්‍රාහී පෙනුමක්...
මම දිනිතිලා ගාවට ගියා....
දිනිතිගේ ඇස් දෙකේ කඳුලු පිරෙනවා වගේ....


" දිනිති... "


ඒ ඒකි කතා කරේ නැහ... ඒකි හැරිලා දුවල ගිහින් එවෙලේ ම අද්දපු බස් එකට නැග්ගා... සමාදි.. අනික් කෙල්ලො තාම පුදුමෙන් වගේ...


මම දුවල ගිහින් බස් එකේ නගින්න හදද්දි.. සමාධි..


" අයේශ් අයියේ... "


මම නැවතුනා...


" මම හිතුවේ නැහ ඔයා මේ ජාතියේ කෙනෙක් කියලා... අපිට ආරන්චි උනු දේවල් අපි හිතුවේ බොරු කියලා... ඒත් ඒ ඔක්කොම ඇත්ත වගේ.. ඒ කෙල්ලට ඉන්න දෙන්න පාඩුවේ.. "


කියල ඒකි අනික් කෙල්ලොත් එක්ක නවත්තල තිබ්බ බස් එකට නැග්ගා...


මම හිතා ගන්න බැරුව ඉද්දි...


ගයානුයි හසිතයි මගේ ගාවට ආව...


" මොකක්ද බන් උනේ... ?? "


උන් දෙන්නගේ මූනුත් දෙක වෙලා...


මට නිකන් අඩෙන්න වගේ ආව...


ඒ එක්කම එතනට ආවෙ ජයන්.. ( දිනිති ලගේ ඉස්කෝලේ මම දන්න කොල්ලෙක්... සමාධි වගේම මට උදව් කරපු කොල්ලෙක්... දිනිති ගෙ සීන් එකේදි.. )


" මොකක්ද බන් මේ සීන් එක ?? "


මම ඌ දිහා බැලුවා...
උගේ මූනෙ තිබ්බෙත් තද උන ලුක් එකක්...


" මම හිතුවේ නැහ බන් උබ මේ වගේ එකෙක් කියලා... දන්නවනම් උදව් කරන්නෙත් නැහ උබේ සීන් එකට... "


මූ කියවගෙන යන්න ගත්තා... මට හිතා ගන්න බැරුව ඉද්දි..


" මේ මචන්... උබල හිතන සීන් එකක් නැහ බන් මෙතන... අහපන්.. "


කියල ගයාන් මුලු සීන් එකම ඌට කිව්ව...


" මූ අද සීන් එක ඉවරයක් කරල ඔක්කොම දිනිතිට කියන්න බන් හිටියේ... මුගේ වැරද්දක් නැහ බන්... "


ජයන් කතාව විශ්වාස කර බවක් එච්චරම පෙන්නුවෙ නැහ...


" උබල දන්නේ නැහ බන්... උබල නොදන්න සීන් එකක් මෙතන තියෙනවා...


උබයි මේ කෙල්ලයි යාලුයි කියල ආරන්චියක් තිබ්බ... ඒකි ඒව විශ්වාස කරේ නැහ බන්.... දිනිති ඒක උබෙන් ඇහුවනේ... ඒත් ගිය ඉරිදා මේකි දිනිතිට  පනිවිඩයක් යවල හම්බ වෙන්න කියල..


මේකි දිනිතිට බැනල බන් හොදටම... උබව අල්ල ගත්තා කියල.. ඒකි කියල තියෙන්නේ උබල දෙන්න හුඟ දවසක ඉදන් යාලුයි කියලා...


උබට තේරෙනවනේ බන්... කෙල්ලෙක් එහෙම නිකන් කියන්නේ නැහනේ.. මම දන්නේ නැහ උබල කියන සීන් එක ඇත්තද කියලා... ඒත් මචන් උබ ඒකිගේ අතින් අල්ලන් ඉන්නව දැක්කට පස්සෙ මට උනත් උබව විශ්වාස නැහ බන්... "


මට මූ කියන ඒව ඇහුනේ හීනෙන් වගේ... වෙච්චි සීන් එක මට තාම හිතා ගන්න බැහ...


" දිනිති ල ගාලු ආවේ අද... ?? එතකොට... "
ගයාන් මන් වෙනුවෙන් අරූගෙන් ප්‍රශ්න අහනවා...


" අද අපිට ක්ලාස් එකක් වැටුනා බන්... ස්කෝලෙ වැඩක් කෙරෙන්නෙත් නැති නිසා කට්ටියම ක්ලාස් ආව... දිනිති උබට හම්බෙන්න එන්න කියන්න කියල පනිවිඩයක් කිව්ව මට... මම ඊයේ හවසයි අද උදෙයි ගියා උබලහ.. කවුරුත් හිටියේ නැහ... "


" මචන් මේ මට පේන්නෙ මේක තනිකරම අරකිගේ plan එකක්... "
ඒ හසිතයා...


මට දුකයි තරහයි එක්ක....


" කෝ බන් අර ***** "


මම බලද්දි දිනූකා තාම ස්ටෑන්ඩ් එකේ...
මට ඒකිව කන්න තරහක් ආවෙ... මම ඒකි ගාවට යන්න හදද්දි... ගයාන් මාව නැවත්තුවා...


" තෝ දැන් මොනා කරන්නද ඕකිට... මෙන්න මෙහෙ ඉදහන්.. පිස්සු කරන් නැතුව.. "


" මචන් මේ... මුගේ වැරද්දක් නැහ බන්... මූට දිනිති හම්බෙයිනේ සිකුරාදා... එදාට කතා කරයි මූ... උබට පුලුවන් නම් ඊට කලින් සීන් එක ඒකිට කියහන් බන්.. "  ඒ ගයාන්...


" අනේ මන්ද බන්... උබල ඇත්ත වෙන්න ඇති කියන්නේ... බලන්නම් මම... "


" ජයන් මචන්... මම දිනිතිට එහෙම කරයි කියල උබ හිතන්වද බන්... මේ වේ** මාවයි දිනිතිවයි ඈත් කරන්න ගහපු plan එකක් බන් මේ... "


" හරි බන්.. බලමු මම ඒකිට උබල කියපුව කියන්නම්... "


කියල ජයන් ගියා...


" දැන් මොනා කරන්නද බන්... අපිත් යමන්.. ඕක කතා කරල විසද ගන්න බලමු... කව්ද බන් හිතුවේ මෙහෙම සීන් එකක් කියල මේකි.. "


කියල උන් දෙන්න මාවත් ඇදන් බස් එකට නැග්ග... 

ඉතිරිය

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 8

31 comments:

  1. හෆොයි දෙයියනේ....

    ඉතින් ඉතින් ඊටපස්සේ....

    ReplyDelete
  2. හෆොයි මැදැයි කොලා.... මං හිතුවා මේ ගෙම්බී ගේමක් දෙයි කියලා...

    ReplyDelete
  3. අනේ මචෝ මම කලින් කමෙන්ට් එකේ කිව්වා නේද ලොක්කා ගා ගෙන නා ගන්න යන්නේ කියලා.

    ඔය වගේ අවස්ථා වල තනිකරම අ‍වංක වෙන්න ගියොත් වෙන්නේ ඔය සන්තෑසිය තමා. ඈ බොල දෙපැත්තම ගාණට බැලන්ස් කළා නම් නෝ ප්‍රොබ්ලම් නේ. පලවෙනි දේ තමයි තමන් බොක්කෙන් ලව් කරන කෙල්ලව හදා ගනින් මොනවා කරත් උඹව අවිශ්වාස නොකරන ගාණට. මම නම් එහෙමයි. ඊට පස්සේ අපි ඇත්තටම කිව්වත් මම තවත් කෙල්ලෙක් එක්ක හිටියා කියල උන් ව්ශ්වාස කරන්නේ නැහැ.

    දැන් ඉතින් මොනවා කරන්නද, හොදම දේ තමයි දිනුකව තරහ නොකර එයාටත් බටර් පාරක් ගාලා කෙල්ලට උඹ පොඩ්ඩක් නිකං කැමතියි වගේ පෙන්නලා, ඊට පස්සේ දිනිතිට වැදලා හරි ෂේප් කර ගනිං.

    ඊට පස්සේ අවස්ථාව අනුව දෙකම හරි නැත්තං උඹේ බොක්කෙන් ලව් එක විතරක් හරි රන් කරපං!

    ආයෙත් අනාගනීද දන්නේ නැහැ?

    ReplyDelete
  4. කතාවෙ හොඳම හරිය වගේ.. ඉතිරි ටිකත් කියවන්න ඕනේනේනේ........ :-)

    ReplyDelete
  5. ඔන්න මගේ කතාවේ පස්වෙනි එකත් දැම්මා!

    ReplyDelete
  6. අනේ අපොයි මේ මොකද වුනේ ?????????? :(

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. sorry, sorry mata katawak kiyala amathaka una, khomada kalin comment eka delete karanne

    ReplyDelete
  9. kella cha ban...umba eekige kana pelenna dekak dunnannam hari.nethnam un hedenne naa.ohoma balu kello innawa ban.monawa karannada?ane manda.....
    umbage kathaawa mama godaak touch eke,gedara horata kiyawanawa.ela...

    ReplyDelete
  10. අවුලක් නෑ මේක බේරගන්න පුලුවන්, එච්චරම දෙයක් වෙලා නෑ, kool tempo කියන විදියත් හරි, ඒ විදියටත් ගොඩ දාගන්න තිබුන

    බලමුකො මේකා මොනව කරගත්තද කියල

    ReplyDelete
  11. පව් අහිංසක කෙල්ල. අර දිනූකද මොකාද එකීට කණ පැලෙන්න දෙන්නනෙ තිබ්බෙ .

    ReplyDelete
  12. චමිදේවා : ඉක්මනට දාන්නම් මචන් ඉතුරු ටික..

    ළමයා : ගෙම්බි කියන නම් හොඳ වැඩියි බන්...

    kooltempo : හ්ම්ම්.. ඒ කාලේ බොක්කෙන් නෙ බන් ලව් කරන්නේ... ලව් ද මන්දන්නේ නැහ බන්. ඒත් ඒ කාලේ පිවිතුරු සීන් එකෙන් නේ බන් ඉන්නේ..
    ඇත්තටම දිනිතිට එහෙම කරන්න මට හිතුනේ නැහ කවදාවත්ම... හ්ම්ම්...

    අහ් දැම්මද... බලන්න ඕනි... මොකද වෙන්නෙ කියල කොල්ලගෙ සීන් එක.

    ReplyDelete
  13. ගිහාන් : ඉක්මනට දාන්නම් මචන්...

    හිඟන්නා : හ්ම්ම්... ඔව් බන්...

    නමක් නැති යාලුවට : හික් හික්.. මම ඒක අයින් කලා මචන්....

    ReplyDelete
  14. Xpress (Galle Tech™ ) : ගෙදරට හොරාට.. හික් හික්... උබලත් යන එන තැන් වල අහ් එකම රූට් එකේ උන සිද්දියක් තමා මල්ලි...

    BEAUTIFUL SRI LANKA : හ්ම්ම් අවුලක් නැත්තේ නැහ බන්.... දිගටම කියවපන් කො මචන්...

    isimbuwa : හ්ම්ම් එහෙම තමා මට එවෙලෙ හිතුනේ...

    ReplyDelete
  15. shik umba aparade bn arakita karunu pahadili karanna denna gye,umbata karanna tibbe ara patta w*** dunna liyuma kelinma dinithita dila mulu wistarema kyala inna, one nathi kellonta anukampa karanna yanna one na bn apita moko un mona kara gattma,jara gaanu....sirawatama umba gana dukai bn ohoma 1st luv eka kela wenwawa kyanne maara dukak bn

    ReplyDelete
  16. හප්පා... කැරකිල්ල වගේ..

    ReplyDelete
  17. ෆෆුව ඩික් ඩික් ගානවා............

    ReplyDelete
  18. මටත් හිතුණා දිනූකා කියන අම්මණ්ඩි දෙකට ගනින්න බැහැ වගේ හිටියට චිංචිමානවිකා පරපුරේ කියලා.

    ඉදල ඉදලා කෙලලාම ඇරියනේ.

    මටත් හරි අප්සට් අයියේ කතාව අහලා.

    ඒත් මොනවා වුණත් දිනිති ඔයාව ඇත්තටම විශ්වාස කලා කියලා හිතන්නත් අමාරුයි මේ වැඩේ නිසා.

    බලමුකෝ ඉස්සරහට :)

    ReplyDelete
  19. බුද්ධික : ඔව් බන්... දැන් වගේ නම් එහෙම තමා... ඒ කාලේ ඉතින් එච්චර අත්දැකීම නැහනේ බන්...


    Kanishka | කණියා : ewele nam mata Aththatama ehema thamaa

    ReplyDelete
  20. නමක් නැති යාලුවට... : හික් හික්

    හසිත මල්ලි.. : මොන කෙල්ලද බන් විශ්වාස කරන්නේ... දිනිති ගෙ වැරද්දක් නැහ... අනික මචන්.. මේ අවුරුදු 16 - 17 කාලේ නෙ....

    ReplyDelete
  21. දැන් තමයි කතාව කියවන්න උනේ.....

    මලල සේකර කිව්වලු.... ඇයි යකෝ උඹ අර පට්ට #%$#ව මරාගෙන කන්න එපැයි.
    මට ඔහොම කරානං අම්මප වෙඩි තියනව (කොහෙන් හරි තුවක්කුවක් හොයා ගන්න පුලුවන් වෙයි නේ)

    ReplyDelete
  22. sirawata liyala thiyanawa macho! :)

    ReplyDelete
  23. අම්බෝ මට උතුර දකුන මාරු උනා
    @කොඩී:මම දෙනවා උබට අපේ තාත්තගේ නීත්‍යානුකූල ගිනි අවිය පතරොම් එක්කම :D
    ඔහොම කෙල්ලන්ව පණ පිටින් වලලන්න ඕනෙ

    ReplyDelete
  24. හපොයි මයි ගෝඩ් :-D මම උබනම් ඒ කෙල්ල පනපිටින් වලලනාව බ්ස්ටැන්ඩ්ඒකේම..!

    ReplyDelete
  25. මං උබේ ලගක හිටියනම් දැන් කන් පැලෙන්න ගහනවා බං. තොගේ අනුකම්පාව තමයි.. උබ දිනිති එක්කම ගිහින් කතා කරා නම් ඒකක්.. මේ වේ************ එක්ක... යකෝ මේකි මාර බැ*************යක්නේ... හ්ර්ර්ර්ර්ර්... උබ වගේ එකෙක්ට මේකි එහෙම කරානේ.. මං වගේනම් කන් පැලෙන්න ගහනවා.. ඉතින් ඊට පස්සේ උබ දිනිතිට මේ හැමදේම කියන්න ට්‍රයි කරේ නැද්ද? විගහට ඉතුරු ටික කියහන් කොල්ලෝ... ආ බං දැන් ඔය දීනූකා කියන ගෑනි කොහෙද ඉන්නේ... දැන් හොද බඩ්ඩක් වෙන්න ඇති...

    ReplyDelete
  26. කොඩී : මට ඒ තරම් තරහක් ආව බන්.. ඒත් ඒ වෙලාවෙ මට හිතා ගන්න බැරුව හිටියෙ... ඒක ඒකිම කලා කියල් හිතන්න තරම් වත් ඔලුව වැඩ කලේ නැහ...


    blog gadol : බොහොම ස්තුතියි මචන්


    Confiuzd ප්‍රෝග්‍රැමර් : හික් හික්.. බොහොම ස්තුතියි මචන් කියෙව්වට කතාව


    Bunny : හිතා ගන්න බැරුව හිටියෙ බන් මම එවෙලේ... ඉතුරු ටිකත් දාන්නම් බලපන්...


    ශාන් : එහෙම කෙල්ලොත් ඉන්නව කියන එක මතක තිය ගනින් මල්ලි....
    ඔව් මම එහෙම කරා නම් හරි දිනිතිට ඔක්කොම කලින්ම කිව්වනම් හරි එවරයි. ඒත් ඒ කාලේ එච්චර ඔලුවක් නැහ නෙ බන්...

    ඉස්සරහට කියවපන් කො දිනූක ගැන

    ReplyDelete
  27. ඔන්න ඉටහින් කොල්ලා බසෙකෙන් බැහැල ගෙඩර ගිහින් ...මනේ පරක් දාගෙන හිටියලු..........

    එල එල දිගටම කියවනවා....

    ReplyDelete
  28. අනේ අම්මපා උඹ වගේ ගොන් තඩියෙක්! අයියෝ...

    මට මේකෙ කුණුහරුප ටයිප් කලා කියලා හිතා ගනින්!

    ReplyDelete
  29. ඉලංදාරියා : හරියට හරි හික් හික්... බොහොම ස්තුතියි...


    වැම්පයර් : දන්නේ නැද්ද බන් ඒ කාලේ... පිස්සු හටන් නේ....

    ReplyDelete
  30. මම කවදාවත් සුන්දර ආදරයක් විඳින්න තරම් වාසනාව නොලැබූ, අනෙක් පාර්ශ්වයේ නිශ්ශබ්දතාවය නිසා හැමදාම අවිනිශ්චතතාවෙන් කල් ගෙවන, ඔයාට සාපේක්ෂව වයසින් ටිකක් මුහුකුරා ගිය කෙනෙක්. ඒ අත්දැකීම් අනුව දිනිති සැබෑ හේතුව හෙළි කළා නම් මීට වඩා ඔයාගේ දුක අඩු වෙන්න තිබුණා කියලා හිතෙනවා. ඒත් අසුන්දර අවසානයක් සහිත ව වුණත් සුන්දර මතකයක් ඉතිරි කරගන්න තරම් ඔබ වාසනාවන්තයි.

    ReplyDelete

Related Posts with Thumbnails