Saturday, June 12, 2010

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 8

Share
කතාවේ මුල් කොටස් බලන්න... :::    දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය.. 

" දැන් මොනා කරන්නද බන්... අපිත් යමන්.. ඕක කතා කරල විසද ගන්න බලමු... කව්ද බන් හිතුවේ මෙහෙම සීන් එකක් කියල මේකි.. "


කියල උන් දෙන්න මාවත් ඇදන් බස් එකට නැග්ග...


දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 7

 
මට වෙච්ච කිසි දෙයක් හිතා ගන්න බැරුව හිටියේ... ගෙදර ආවත් ඔලුව පිස්සන් කොටුව වගේ...
දිනිති තරහ වෙයිද.. ඇත්ත පැහදිලි කරන්නෙ කොහොමද.. දිනූකා ගේ ප්ලෑන් එකක්ද මේ.. ඇයි ඒකි දිනිතිට බොරුවට බැන්නේ.. බොරු කිව්වෙ මම ඒකි එක්ක යාලුයි කියලා... ප්‍රශ්න කෝටියක්..

කොහොමින් හරි සිකුරාදත් උනා..
දිනිති හම්බ වෙන දවස උනාට මගේ හිත නිකම් හෝදා පාලු වෙලා වගේ. මහ හිස් හැගීමක් තිබුනේ..

අම්මල ගෙදරින් ගියාට පස්සෙ ඇදට වෙලා කල්පනා පාරක් දාගෙන ඉද්දි..

"අයේශ්... "

ගයාන් ගෙ කටහඬ..

" කෝ උබ නිදිද.. නැගිටහන්... "



මට මාර ෆිට් එකක් ආව ඌව දැකල.. වෙලාවෙ හැටියට ලොකු දෙයක් නේ කතා කරන්න එකෙක් ඉන්න එකත්...

" අම්මෝ මචන් දෙය්යො වැඩියා වගේ... "

" හිහි අපි එහෙමයි... දෙය්යො වගේ තමා...  මොකො වෙන්නේ.. "

" මොනවත් නෑ බන්.. හවසට දිනිති හම්බ වෙන්න ඕනි.. ඒත් අනේ මන්ද බන්.. "

" එදා සීන් එක  අම්බානෙක චාටර් සීන් එකක් උනානේ.. උබගෙත් වෙලාව හොද නෑ.. "

" ඔව් බන්.. දිනූක මෙච්චර චාටර් *****  කියල කව්ද හිතුවෙ.. "

" හ්ම්ම් මේ උබට අරූ ව හම්බුනේ නැද්ද.. අර දිනිතිලගෙ ස්කොලෙ කොල්ලා.. "

" නෑ බන්.. "


" මේ ඌව හම්බු උනානම් සීන් එකේ තත්වෙ දැනගන්න තිබ්බ.. බැරිද ඌව අල්ල ගන්න.. "

ජයන් ව හම්බ වෙන්න මටත් හිතුනා.. ඒත් යන්න තරම් වත් හිතක් තිබ්බෙ නෑ.. ඒත් මූත් ඉන්න එකේ ගියා නම් හොදයි කියල හිතුනා...

" ස්කෝලෙ ඇත්තෙ.. බැරි නම් නෑ ගියොත්.. ඒ දිනිති දැක්කොත්.. නෝන්ඩියි නේ..."

" ඉතින් මොකො බන්.. අනික තව උබේ මොනා නෝන්ඩි වෙන්නද හික් හික්..සීන් එක දැනන් ඉන්න එක හොදයි නේ බන් හවස දිනිති මීට් වෙන්න කලින්.. "

ගයාන්ගෙ කතාවත් ඇත්ත.. මායි ඌයි ගාලු යන්න සෙට් වෙලා දිනිතිලගේ ස්කොලේ ගාවට ගියා...

ඒ ස්කොල්ලෙම ළමයි දෙන්නෙක් වගේ කඩාගෙන ඇතුලට ගිහින් දන්න කියන කොල්ලෙක් අතේ පනිවිඩයක් යවල ජයන් වත් සෙට් කරගත්ත..

" මචන් දිනිති මොකුත් කිව්වද ? "

" ම්ම් මම කිව්ව ඉතින් උබල කියපුව.. ඒ උනාට ඒකි මාර අවුල් බන්.. සමාධියි අනික් උනුත් එහෙමයි.. සීන් එකට තද වෙලා ඉන්නේ...

ඇත්තනෙ බන්.. අරකි ඇවිත් දිනිතිට හොදටම බැනල උබව අල්ල ගත්ත කියල.. ඒ අනික් පැත්තට දිනිති ඉස්සරහම උබ අරකිගෙ අතින් අල්ලන් හිටිය ස්ටෑන්ඩ් එකේ.. "

මන් හිතුවට වඩා සීන් එක දරුණුයි වගේ..


" මම අල්ලන් හිටිය අතක් නෑ බන්.. ඒ *** මගේ අත අල්ල ගත්තේ.. "

දිනූකා ව කන්න තරම් තරහක් මට තිබුනේ..

" හරි බන්.. ඒත් දකින අය එහෙම හිතන්නේ නෑ නේ.. අනික ඇත්ත බොරු මම දන්නෙ නැහ.. තරහ වෙන්න එපා... මටත් තාම උබව විශ්වාස නැහ බන්... උබයි ඔය දිනූකා කියන කෙල්ලයි යාලුයි කියල ලොකුවට ආරංචියක් යනවා.. "

මම ගයාන් දිහා බැලුවා.. උගේ මූනටත් සීරියස් ලුක් එකක් ඇවිත්...

" මචන් ජයන් උබට බැරිද බන් සීන් එක කියන්න.. මේක බොරුවක් බන්.. අර ** ප්ලෑන් එකක්.. මම එහෙම වැඩක් කරයිද බන් දිනිතිට...  "

" අනේ මන්ද අයේශ් අයියා.. මම කියන්නම්.. ඒත් මන්ද බන්... බලන්නම් පුලුවන් දෙයක්.. "

නම ස්කෝලෙන් ආවෙ මාරම අවුලෙන්... බස් එකක නැගලා අපි ගාල්ලට ආවෙ හරියටම ස්කෝල ඇරෙන වෙලාවට..



ඒ වෙලාව ගැන කියල මොකටද මල් වතු පරාදයි.. රතු පාට.. කොල පාට නිල් පාට ටයි දාපු... ටයි නොදාපු චූටි චූටි කෙල්ලො පිරිලා... කාලෙකින් නෙ ස්කොලෙ ඇරෙන වෙලාවට ගාලු ආවෙ..
වෙනදටම් කටට නිවනක් නෑ කියවල.. ඒත් අද මට ඒ කෙල්ලො දිහා බලන්නවත් හිතක් නැහ..

ගයාන් නම් සක බඹරෙ වගේ කැරකෙනවා..

" ඒ අයේශ් බලපන්කො ගාලු සිරි.. "

මූට සිරි උනාට මට ඔලුවත් එක්ක රිදෙනවා..

" මේ ගයාන් අමනුස්සයෝ.. මේ උබට අමතක උනාද බන් දිනිති ගෙ සීන් එක.. රෙද්දක් කියන්නේ.. "

" හරි බන් දිනිති ගොඩ දාඅමු එවෙලෙට.. දැන් බලමු මේ ගාලු මල් වත්ත හික් හික් "

මූට මොකද... මටනෙ අමාරුව මම කට වහගත්තා.
මූ එක්ක කතා කරන්න ගියොත් තවත් අවුල් වෙනවා..


" මේ උබට තද උනාද... සීරියස් ගන්න එපා බන්.. කතා කරල සීන් එක පැහදිලි කරල දෙමු... චාටර් සීන් එක තමා.. ඒ උනාට උබේ වැරද්දක් නැහනේ බන්... "

ඔහොම ඉද්දි ස්ටෑන්ඩ් ආව බස් එකේ දිනිතිලා ආව.. මම ඉන්නව දිනිති දැක්ක.. ඒකි  මන් දිහ බලල ක්ලාස් එක පැත්තට ගියා.. යාන්තමට වත් හිනා උනේ නැහ...

" අයේශ් යනවද ? " ඒ ගයාන්..

" කොහෙද බන්.. "

" ඒකි ගෙ ක්ලාස් එක ගාවට... "

මූට පිස්සු ද මන්ද.. මොනා උනත් දිනිති මගේ කෙල්ලනෙ.. පස්සෙන් ගියාම මම වැරදි කාරය වගේනෙ..

" ඕනි නෑ බන්.. හවසට කතා කරමු.. වෙනදට යන්නෙත් නැහනේ.. "

" ඒ උනාට උබ වෙනදට මේ වෙලාවට ගාලු එන්නෙ නැහනේ... චුට්ටක් කතා කරහන්..."

" ඉතින් ජයන් හම්බුවෙන්න ගිය සීන් එකත් කියමු... ඕනි නැහ බන්.. දැන් පාරෙ කතා කරන්න බැහනේ..."

මටත් ඔලුව අවුල් වෙලා වැඩි කමට ඔක්කොම පැටලිලා...


ටික වෙලාවක් ඉද්දි... ගයාන් ඇබරෙනවා...

" මේ අයේශ්... තව පැය 2ක් විතර කට්ටක් කන්න එපැයි බන්... "

ක්ලාස් පටන් අරගන්න කලින්ම ගාලු ඇවිත් ක්ලාස් ඇරෙනකම් ඉන්නවා කියන්නෙ... කට්ටක් නේන්නම්.. ( ඒ කාලේ නම් පිස්සු හොදම එක... )

" හ්ම්ම් ඔව් බන්... ඇයි උබට යන්න ඕනිද ? "

" නෑ බන්.. ගිහින් මොනා කරන්නද.. බඩගිනියි බන්.. "

පුදුමයි මෙච්චර වෙලා හිටියා මූ.. පව් මම හින්දනේ කට්ට කන්නේ... ඌවත් ඇදන් ගිහින් රෝල්ස්  4ක් ඇදල කිරි පැකට් ( ජාතික ආහාර තමා හික් හික් ) 2 කුත් ඇදල පොඩි රව්මක් ගහලා ආයෙ ස්ටෑන්ඩ් එකට එද්දි 5 ට විතර ඇති...


ටිකකින් දිනිතිලා ක්ලාස් ඇරිලා ආව.... මාව දැක්කත් වෙනදා වගේ බැලුවෙවත් නැහ.. සමාධි වත් වෙන ඒකිගෙ යාලුවෙක් වත් අපිව ගනන් ගත්තෙ නැහ...ඒ එක්කම ආපු හිස් බස් එකට කට්ටියම නැග්ගා..
දිනිති වාඩි වෙලා... සමාධි එහා පැත්තෙ... දිනිති ජනේලේ ගාව...

" ඒ ගයාන් ඒකි වාඩි වෙලානේ... කොහොමද කතා කරන්නේ... "

වෙනදට දිනිති වාඩි වෙන්නේ නැහ... වාඩි උනොත් මට සීට් එකක් තියා ගන්නවා... හ්ම්ම් ඒත් අද..

" යමන් ඉතින් බලන්න... "

මායි ගයානුයි නැග්ගා බස් එකට... අපි එතනට යද්දි සමාධි මං දිහා බලල නැගිටින්න හැදුවත් දිනිති ඒකිට ඉඩ දුන්නෙ නැහ...

මම ගයාන් දිහා බැලුවා... ඌත් ෆුල් අවුල් ලුක් එකක් දැම්මේ...
මොන මඟුලක් හරි කියලා මම යන්තමට පහත් වෙලා...

" දිනිති... මට ඔයා එක්ක කතා කරන්න ඕනි.... "

ඒත් ඒකි නෙමේ බැලුවෙවත්....
මම සමාධි දිහා බැලුවා... ඒකි දිනිතිට කනට කරල මොනාද කියල එක පාරම නැගිට්ටා... ඒත් මාත් එක්ක කතා කරේ නැහ....
මම වාඩි උනා..

" දිනිති.... "



" දිනිති ඔයා තරහද... ?? දිනිති please කතා කරන්නකො... "

" ඔයා මහ බොරු කාරයෙක් අයේශ් අයියේ... මම හිතුවෙ නැහ ඔය ඔහොම කෙනෙක් කියලා... "

" දිනිති මාව විශ්වාස කරන්න... ඔයා හිතන දෙයක් නැහ මෙතන.. මම ඔක්කොම විස්තරේ කියන්නම් ඔයාට... "

" අයේශ් අයියේ... මට දැන්වත් මගේ පාඩුවෙ ඉන්න දෙන්න... මම ඔයාට මුලින්ම කිව්වා.. මම ඕවට බයයි කියලා... ඒත් මම ඔයාව විශ්වාස කලා.. හැමෝම ඔය ගැන කියද්දිත්... ඒ කෙල්ල මට බැනල ගියාට පස්සෙ... ඔයා එයා එක්ක යාලුයි මම එයාගෙන් ඔයාව උදුර ගත්ත කියල බැන්නට පස්සෙත්... ඒත් මම විශ්වාස කලා අයේශ් අයියේ...
ඒත් මම ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ... තව මොනවද අයේශ් අයියේ... "


" දිනිති මේ අහන්න..... "

මම ලියුම ගැන එදා උන දේවල් ඔක්කොම දිනිතිට කිව්වා... ඒත් එයා ඒව පිලිගත්තු බවක් පෙන්නුවෙ නැහ...

" දිනිති... මාව විශ්වාස කරන්න දිනිති... අපි කොච්චර සතුටින් හිටියද... "

" අයේශ් අයියේ... මම ඔයාව විශ්වාස කරා... ඒත් අද ඒ විශ්වාසෙ නැහ අයේශ් අයියේ... "

" දිනිති.... please දිනිති.... "


ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා...

" අයේශ් අයියේ.... ඔයා ඇත්තම නේද කියන්නේ ඔය... ? "

" දිනිති මම ඇත්තමයි කියන්නේ.... මම ඔයාට බොරු කියන්නේ නැහ දිනිති... ඒ හැම දෙයක්ම මම ඔයාට ඔප්පු කරල පෙන්නන්නම් බොරු කියලා... "

ඒකි ටික වෙලාවක් බිම බලන් ඉදලා මං දිහා බලල ලස්සනට හිනා උනා.. ( දිනිති....  අර සුදු ගවුම music video එකේ ඉන්නේ ප්‍රමුදි... ඒ වගේ... ඇත්තටම ලස්සන චූටි කෙල්ලෙක්... හ්ම්ම් )


එදා මම කතා කර කර දිනිති ලා බහින තැනට වෙනකම් ගියා.... මේ සීන් එක මේ තරහ් ලේසියෙන් ගොඩ දා ගන්න ලැබෙයි කියල මම හිතුවෙ නැහ.... මම එදා ගෙදර ගියේ පුදුම සතුටකින්... හරියට යුද්දෙකින් දිනල වගේ....

ඒත්..... ඒ සතුට තිබ්බෙ කොච්චර ටික වෙලාවක්ද......


ඉතිරිය

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 9

32 comments:

  1. ඒ ගමන මොකද්ද මේ වෙන්න යන හුටප්පරේ?????

    ReplyDelete
  2. අයියේ මම මුකුත්ම නොලිය ගියාට හැමදාමත් ආසාවෙන් කියවනව......
    ඉක්මනටම ලියන්න.........

    ReplyDelete
  3. ආදර කතාව : ඉකමනට දාන්නම්.... හ්ම්ම්... හුට්ටප්පරයක් ම තමා... බොහොමත්ම ස්තුතියි කියවල අදහස් දක්වනවට හැමදාම වගේ


    හා පැටික්කි (MS) : අහ් කමක් නැහ... පුලුවන් වෙලාවට අදහසකුත් දාන්න... බොහොම ස්තුතියි... :)

    ReplyDelete
  4. ඔන්න අද මං එක හුස්මට කොටස් අටම කියෙව්වා ....

    ලස්සනයි මචං .. උබේ අත්දෑකීමක් හින්දා ... තවත් ලස්සනයි :D

    ReplyDelete
  5. ඒ පාර මොකාටද මේ එන්න යන්නේ ?

    අයියා ඔයා කතාව දාන්න පරක්කු කරනවා වැඩියි වගේ. එහෙම කරන්න එපා අයියෝ. මම දවස් කීපයක්ම මේ බ්ලොග් එකට ගොඩ වැදිලත් බැලුවා කෝ කතාව කියලා :)

    ReplyDelete
  6. අද ටිකක් අලුත් විදියට කතාව නවත්වල තියෙන්නෙ.. ඒ හින්දම ඉතිරි ටික කියවනකම් ඉවසිල්ලක් නෑ..... :-)
    මමත් හැමදාම ඇවිත් බලනව ඉතිරි කොටස දාලද කියල.. අද නම් හැරිල යන්න උනේ නෑ.... :-)

    ReplyDelete
  7. අනිත් කොටස දානකම් ඉවසිල්ලක් නෑ...

    ReplyDelete
  8. අනේ මචෝ ඉතුරු ටිකත් දාපන්...කොච්චර උනත් බකට් වැඩිවෙනකොට ආදරේ වැඩි වෙනව කියලත් කියනවනේ....

    ReplyDelete
  9. අම්මේ යන්තන් වැඩේ ඔහොම ශේප් උනේ. හැබැයි කතාව නවත්තපු විදිහටනම් හිතෙන්නෙ ආයෙත් මොකක් හරි හිටප්පරයක් වෙන්න වගේ යන්නේ :(

    ReplyDelete
  10. අම්මෝ පිස්සුනම් කෙලින්න එපා කොල්ලෝ ...හැපි එන්ඩින් එකක් ඕනෙ මටනම්

    ReplyDelete
  11. ඉක්මනට අනිත් කොටස් දාපන් කොල්ලෝ

    ReplyDelete
  12. අඩේ පට්ට කතාව මචන් . මචන් කිව්වට අය්ය තමයි Richmond කොල්ලෙක් නේ . පිස්සු හැදෙනව මචන් අපිත් ගාල්ලේ නිසා කතාව නියමෙට හිතෙ අඳෙනවා . මම අද තමයි මේ blog එකට ආවේ එක පාරට ඔක්කොම කියෙව්වා පට්ට !! කතාව නවත්තපු විදිය මටත් ඇල්ලුවේ නෑ . බලමුකෝ. :)

    ReplyDelete
  13. මචන්.. මේක සිරාම කතාවක්ද?? නැත්තම් සිර කතාවට කෑලි සෙට් කරල ලියපු එකක්ද??? මමත් ඔක්කොම කියෙව්වා.අනිත් එකත් ඉක්ක්මනට දාන්න..ජය වේවා!!!!!!! ;)

    ReplyDelete
  14. අප්පේ වෑඩේ ඔයින් සේප් වුණා මදෑ ,!!!!

    ReplyDelete
  15. එල එල!! තව කොටස් කීයක් තියනවද?

    ReplyDelete
  16. නිවාඩු පාඩුවේ ඔක්කොම කියෙව්වා මචො... බට් අවසානේට හැපී එන්ඩ් එකක් නම් නැවගේ :( මටත් ඔහොම්ම තමා උනේ :(

    ReplyDelete
  17. අම්මේ.... දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ... ඉතින් ඊට පස්සේ????

    ReplyDelete
  18. ඉක්මනට ලියපිය හු** .. මට ඇඩෙනවා//

    ReplyDelete
  19. මමනම් හිතුවේ නැහැ කෙල්ල ඔය තරම් ඉක්මනට උඹට නැමෙයි කියලා. කිසි ගතියක් නැහැනේ. මොනව වුනත් ඊලගට හොද සීන් එකක් වෙලා වගේ, ඒ කියන්නේ කෙල්ලට මොලේ පෑදිලා වගේ කොල්ලව එකපාරටම විශ්වාස කරන්න හොද නෑ කියලා.......

    බලමුකෝ ඉස්සරහට

    ReplyDelete
  20. ඒ පාර මොකද වෙන්න යන්නෙ. ඉතුරු කොටස ඉක්මනටම දාන්නො.......................

    ReplyDelete
  21. කොමෙන්ට් කරපු... කියවපු අය ඔක්කොටම ස්තුතියි....


    වැප් : අහ් එල මචන්... බොහොම ස්තුතියි


    ඩී.කේ. [DK] : බොහොම ස්තුතියි


    Hasitha : අහ් ඉක්මනට දාන්නම් මල්ලි... පහුගිය ටිකේ පොඩ්ඩක් වැඩ තිබ්බා බන්...


    ගිහාන් : බොහොම ස්තුතියි මචන් හැමදාම වගේ බලනවට වගේම අදහසුත් දක්වනවට.... ඉක්මනට දාන්නම් මචන්

    ReplyDelete
  22. හසී : ඉක්මනට දාන්නම්කෝ.... හිහි...


    Xpress (Galle Tech™ ) : හිහි උබත් පොඩි කමට යමක් කමක් දන්නවනේ... හිහි දාන්නම් මල්ලි ඉක්මනටම...


    කොඩී : ඔව් මචන්... ඉතුරු ටික දාන්නම් කො... :)


    Confiuzd ප්‍රෝග්‍රැමර් : හිහි... අපිට ඕනි විදියට ජීවිතේ දේවල් වෙන්නෙ නැහනෙ මචන්..


    වැම්පයර් : දාන්නම් මචන්... :)

    ReplyDelete
  23. Isuru G : අහ් උබත් ද.... බ්ලොග් අවකාශෙත් ඉන්නවා අපේ කොල්ලො කීප දෙනෙක් හිහි... අනිවා හිතේ ඇදෙනව ඇති... වල බහින පිස්සු කෙලින ගාල්ලනෙ හිහි


    Namila : මේක මචන් සිරාම කතාවක්... කිසිම දෙයක් එකතු කරල නැහ... සමහර දේවල් අයින් කරල මිසක්... ඒ කතාව දික් ගැස්සෙන නිසා වගේම යම් යම් හේතු නිසා... ලියල තියෙන හැමදේම ඇත්තටම උන දේවල්...


    හිඟන්නා : හ්ම්ම්.... :)


    blog gadol : වැඩිය නැති වෙයි කොල්ලො... 1 - 2 කින් ඉවර කරන්න පුලුවන් වෙයි...



    Dar[K] : ස්තුතියි මචන්.... ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම්...

    ReplyDelete
  24. ළමයා : හිහි ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම් මචන්...


    Anonymous : දාන්නම් දාන්නම්... :D


    KAS : හිහි ඇයි බන් මම වැරද්දක් කරේ නැහනේ... ගතියක් නම් දන්නේ නැහ බන්... ඇත්තටම උන විදියනේ හිහි... දාන්නම් මචන් ඉතුරු ටික ඉක්මනට


    isimbuwa : දාන්නම් දාන්නම් :)

    ReplyDelete
  25. ඈ අයියේ ඊට පස්සේ මොකද්ද උනේ.. මං හිතුවේ නෑ, මේ විදියට ශේප් වෙයි කියලා. වෙච්ච දේ හැටියට.

    ReplyDelete
  26. අඩෝ කතාව හරියට ඉවර කරපං හරිද :D සිරාවට නවකතාවක් කියවනකොට වත් මේ ව‍ගේ හැඟීමක් ඇවිත් නෑ.. පිස්සු නං කෙලින්න එපා මචෝ...

    ReplyDelete
  27. නියමයි ...මට අදයි මේක හම්බුනේ...වැඩ සේරම නවත්තල කියෙව්වා....පට්ට...මාරම ගතියක තියෙන්න....අයියෙ ඊලග කැල්ල ඉක්මනටම දාන්න...මන් කියෝපු මැක්සම කතාව

    ReplyDelete
  28. කොහොමහරි සීන් එක ගොඩදාගෙන නේද කොල්ලා.........පුලුවන් තරම් ඉක්මනට ඉතුරු ටික ලියපන්....අපි කියවනවා...ජයවෙවා..

    ReplyDelete
  29. We want next parts soooon...
    I have waited too long.....

    ReplyDelete
  30. ශාන් : ඉතුරු ටික දැම්ම මචන්... බලන්නකො...


    Kanishka | කණියා : ඉවර කරනවා මචන්.. ඒත් උබල බලාපොරොත්තු වෙන විදියෙ ගති අවසානයක් නැහ මචන්... ඉක්මනට අවසාන කොටසත් දාන්නම්... අද දැම්ම අලුත් එකක්... බලපන්... ස්තුතියි මචන්...


    Hasitha ජයසූරිය : හිහි... බොහොම ස්තුතියි මචන්....


    ඉලංදාරියා : බොහොම ස්තුතියි... දැම්ම අලුත් කොටසත්.. බලන්නකො...


    Anonymous : already posted. :) thanx....

    ReplyDelete
  31. මම අද තමයි මේ blog එකට ආවේ එක පාරට ඔක්කොම කියෙව්වා පට්ට !! කතාව නවත්තපු විදිය මටත් ඇල්ලුවේ නෑ . බලමුකෝ.

    ReplyDelete

Related Posts with Thumbnails