Tuesday, June 15, 2010

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 9

Share
කතාවේ මුල් කොටස් බලන්න... :::    දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය.. 

එදා මම කතා කර කර දිනිති ලා බහින තැනට වෙනකම් ගියා.... මේ සීන් එක මේ තරහ් ලේසියෙන් ගොඩ දා ගන්න ලැබෙයි කියල මම හිතුවෙ නැහ.... මම එදා ගෙදර ගියේ පුදුම සතුටකින්... හරියට යුද්දෙකින් දිනල වගේ....

ඒත්..... ඒ සතුට තිබ්බෙ කොච්චර ටික වෙලාවක්ද......


දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 8


සෙනසුරාද උදේ මම වෙනදා වගේ තේ එකත් අරන් එලියට බැස්සේ දිනිතිල ක්ලාස් යනව බලන්න.... ඒත් දිනිති නැහ... සමාධියි අනික් කෙල්ලො ටිකයි විතරයි... සමාධි ලාවට හිනාවක් දාගෙන ගියා...

මට නිකන් පාලුවක් වගේ දැනුනා..
දවල් ක්ලාස් එකට එයි කියල හිතාගෙන මම ගාලු ගියා... වෙනද වගේ ක්ලාස් ඇරිලා දිනිති එනකන් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියට එදා දිනිති ඒ ක්ලාස් එකට ඇවිල්ලත් නැහ...සමාධි ල ක්ලාස් ඇරිලා ආවා...

ඊයෙ දිනිති කිව්වෙ අද එනවා කියලා... ඒත් එයා ආවෙ නැත්තෙ ඇයි කියල මට හිතා ගන්න බැරි උනා.
සමාධි ගෙන් අහන්න ඕනි කියල මම සමාධිට කතා කලා...

" සමාධි.. කෝ යාලුවා..."



" අහ් අයේශ් අයියා... එයා ආවෙ නැහනෙ... "

සමාධි තාමත් මගෙත් එක්ක අවුලෙන් වගේ කියල මට හිතුනෙ වෙනද වගේ හිතවත් ගතියක් ඒකි පෙන්නුවෙ නැති නිසා...

" ම්ම් ඊයෙ කිව්වෙ නම් එනවා කියලා... ඇයිද දන්නෙ නැහනේ... "

" ම්ම් දන්නෙ නැහ අයේශ් අයියා... "

මේකි මාව වැඩිය ගනන් ගත්තෙ නැහ වගේ නිසා මම තවත් කතා කරන් නැතුව

" එහෙනම් මම යන්නම් සමාධි "

කියල එන්න හදද්දි..

" අයේශ් අයියේ... "

සමාධි කතා කලා.


" ඊයේ මොකද උනේ... "

මේකිට ඕනි නැති මඟුලක් කියල හිතුනට මුල ඉදන්ම උදව් කල කෙල්ලනෙ...

" ඒ කිව්වෙ... ඇයි දිනිති මොකුත් කිව්වෙ නැද්ද... "

" අහ් නැහ.. ඔයා ඉතින් අපි බහිනකම්ම ආවනෙ... කතා කරන්න උනේ නැහ වැඩිය. ඔයාට එයා සමාව දුන්න කිව්ව... " 



සමාව දෙන්න මම වරදක් කරා වගේ.... මට චුට්ටක් විතර තද උනා.. කොහොමත් දිනිති මාව විශ්වාස කරාට පස්සෙත් සමාධි නිකන් dont care විදියට හිටි එකට මට ලාවට තද වෙලා හිටියේ...

" සමාව දෙන්න වැරද්දක් කරන්න ඔනිනේ සමාධි... මම වැරද්දක් කලේ නැහ.. මම දිනිති ට ඇත්ත විස්තරේ කිව්වා.. එයා මාව විශ්වාස කරා... "

ඒකි මගේ මූන දිහා බලන් හිටියා...

" අයේශ් අයියේ.. මම දන්නව.. දිනිති ඔයාව විශ්වාස කරනව කියල.. ඒත් එයා ඔයාට මෙච්චර ඉක්මනට සමාව දේවී කියල  මම හිතුවේ නැහ... ඔයා වැරද්දක් කරන්න නැතුව ඇති. ඒ උනාට අපිට වෙච්චි දේවල් දැකපු දේවල් එක්ක දිනිති ඔයාව විශ්වාස කරා කියන්නේ... "

මේකි කියන දේත් ඇත්ත...

" අයේශ් අයියේ.. මම මුලින්ම කිව්වෙ.. දිනිති හුඟාක් සීරියස්. පව් එයාට දුකක් දෙන්න එපා. "

මේකිගෙ තරමට නෙමේ කතාව... මොනව උනත් ඇත්ත ඉතින්..

" නැහ සමාධි කවදාවත් නැහ.. "

දිනිති ගැන විස්තරයක් බලන්න කියලා ඒකිට යන්නම් කියල මම ගයාන් එක්ක ක්ලාස් ගියා. කාලෙකින් වෙලාවට ක්ලාස් එකට ගිය එදා...

දිනිති ගැන විස්තරයක් දැනගන්න විදියකුත් නැහ... ( ඒ කාලේ මම කිව්ව වගේ mobile.. FB.. skype.. email නැහනේ... ). ආයෙ සිකුරාද වෙනකම් ඉන්නව කියන්නේ...

මම සදුදා computer class යන්නේ නැතුව දිනිතිලගේ ස්කෝලෙ පැත්තට යන්න හිතුවත් අපේ ගෙදරට දැනගන්න ලැබුනොත් ලෝක යුද්දයක් නිසා මම හවස් වෙලා ජයන් හම්බුවෙන්න ගියේ දිනිති ස්කෝලෙ ආවද අහන්න...

" අහ් අයේශ් අයිය... දිනිති shape උනානේ.. අපිට පින් දියන්.."

ජයන් හොද එකා... සමාධි වගේම සැහෙන උදව් කරා මට.


"හරි හරි පින් දෙන්නම් බන්... දැනට තෑන්ක්ස් මචන් හිහි..... "

" තියාගනින් උබේ.... මේ ඒක නෙමේ මම ඒ පැත්තෙ එන්නත් හිටියේ..... දිනිති උබට පනිවිඩයක් කිව්වා.... "

මම ආවෙත් දිනිත් ගැන දැනගන්න නේ... මට මාර සතුටක් දැනුනෙ...

" මේ බදාදත් අපිට ක්ලාස්... උබට කොහොම හරි හම්බ වෙන්න කිව්වා... "

ඒ කියන්නේ දවස් දෙකකින්... සිකුරාද වෙනකන් ඉන්න ඕනි නෑ කියල දැනගත්තම මට මාර ෆිට් එකක් දැනුනෙ... ටිකක් වෙලා ඌත් එක්ක කියව කියව ඉදල මම ගෙදර ආව.


***

හසිතයගෙ වදේ හින්දම මම පස්සෙන්දා computer class යන්න ලෑස්ති උනා.. මට යෑම එපා වෙලා තිබුනේ දිනූක ව දකින්න වෙන නිසා.. ඒ තරම්ම මට ඒකිව එපා වෙලා හිටියේ....

" මේ හසිත.. උබ පලයන් බන්... මට අර **** දැක්කමත් මල බන් දැන්... අනික ඕකි මොන දහන් ගැටයක් දායිද කව්ද දන්නේ බන්... "

" මොන බම්බුවක්ද බන්... ඕකිට බයේ ඉන්නද.. දිනිති සීන් එක දන්නවනේ.. අපි ගනන් නොගෙන ඉම්මු. කතා කරන්න  ආවොත් මම කියන්නම් එයාට... කොහොමත් ඔය මල දානේ ඉවරයක්ම කරන එක හොදයි " 



අපි වෙනද වගේම ක්ලාස් ඇරිල හෝල්ට් එක ආවා... දිනූකා ඉන්නවා... අපිව දැකල ඒකි කිසිම ගානක් නැතුව වෙනද වගේම හිනා වෙලා...

"අහ් අයේශ් අයියේ... "

මට ඒකිව කන්න තරම් තරහක් තිබ්බේ....  ඒත් හසිතය ඉක්මන් උනා..

" මේ ඕයි... කරන්න පුලුවන් ජරාම වැඩේ කරල කිසිම දෙයක් උනේ නැහ වගේකතා කරන  හැටි... ලැජ්ජ නැද්ද ඕයි... "

හසිතය කතා කරේ කෙල්ලෙක් ට කතා කරන්න ඕනි විදියට නොවුනත් මේකිට කිසිම ගානක් උනේ නැහ... හරියට ඒක බලාපොරොත්තු උනා වගේ.. ඒකි හසිතව ගානකට නොගෙන

" අයේශ් අයියේ මට චුට්ටක් කතා කරන්න දෙන්න ඔයත් එක්ක... please "



මට කට වහන් ඉන්න බැරි තරමට තද උනා මේකි එක්ක...

" මේ ඕයි... පව් නොදී ඉන්නවා.... "

කියල මම හසිතයත් ඇදගෙන පයින්ම ඉස්සරහට ගියා.... බස් දෙකක් විතර යන්න ඇරල ආව බස් එහෙක නැගල අපි ගෙදර ගියා...



***

බදාදා........ හ්ම්ම්..

දිනිති මට එන්න කියල තිබ්බ දවසෙ මම ගාලු ගියා.... එදා දිනිති ආව ගමන් තිබ්බ බස් එකට නැග්ගා... පිටි පස්සෙ බස් එකේ වාඩි වෙලා යන්න පුලුවන් කම තියෙද්දිත්... 

මමත් බස් එකට නැගල දිනිතිට කිට්ටු උනා...

" දිනිති... "

ඒකි මං දිහා බැලුවා.. ඒකිගේ මූනෙන් ලොකු ප්‍රශ්නයක දැක්ක මම එවෙලෙ... ඒත් මම ඒක එච්චර හිතන්නෙ නැතුව..

" ඇයි මේ bus එකෙ නැග්ගෙ.. අර බස් එකේ වාඩියක් දාල යමුකො.. "

" බැහ අයේශ් අයියේ.. මෙහෙම යමු.. මට පරක්කු වෙනවා.. "

ඒකිගෙ ලොකු වෙනසක් තියෙනව වගේ මට හිතුනා...
ඒත් මම හිතන්නේ නැතුව..

" ඉතින්... ඇයි එදා ඔයා ක්ලාස් ආවෙ නැත්තෙ... ? "

ඒකි මං දිහා බලල බිම බලා ගත්තා...

" දිනිති... ඇයි... ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ.. " 



ටික වෙලාවක් සද්ද නැතුව ඉදල....

" අයේශ් අයියේ.... අපි මේක නවත්තමු..... "

මට එක පාරටම දිනිති කියපු දේ හිතා ගන්න බැරි උනා... කරන්ට් වැදුනා වගේ...

" දිනිති.... ඇයි මේ..."

" අයේශ් අයියේ.. අපි මේක නවත්තමු... "

මට ලෝකෙම කැරකෙනව වගේ දැනුනා... කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා...

" දිනිති... ඇයි දිනිති මේ... මොකක්ද උනේ එක පාර ඔයාට... ?? ඇයි ඔයාට මාව සැකද තාම... ? "

" නැහ අයේශ් අයියේ.. මට ඔයාව විශ්වාසයි.. ඒ හින්දා නෙමෙයි... "

" එහෙනම්... "

" please අයේශ් අයියේ... මගෙන් හේතු අහන්න එපා... ඔයාගෙයි මගෙයි දෙන්නගෙම හොදට මම හුඟාක් හිතල ගනිපු තීරනයක් මේක.. "

" දිනිති please .... ඔයා ඇයි මෙහෙම කරන්නේ මට... ඇයි මේක නවත්තන්නේ... හේතුවක් ඇතිනේ... අඩුම ගානේ ඒක වත් කියන්න... "

" අනේ අයේශ් අයියේ... මගෙන් අහන්න එපා... මම කිව්වෙ.. ලොකු හේතුවක් තියෙනව... අපි ආයේ මේ ගැන කතා නොකර ඉම්මු... අපි ආයේ හම්බු නොවී ඉමු අයේශ් අයියේ... "


දිනිති අවුලෙන් වගේ හිටියත්.... කතා කරේ හරිම සන්සුන් විදියට.... මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා... දිනිති කතා කරේ හැම දේම තීරනය කරල වගේ... 


" අනේ දිනිති please.... මේ අහන්න... ඔය හේතුව කියන්න.. අපි ඒකට විසදුමක් හොයා ගමු... "

" අයේශ් අයියේ... ඔයාටවත් මටවත් මේවට උත්තර හොයන්න බැහ... මේක ඉවරයි අයේශ් අයියේ... අපි ආයේ හම්බු නොවී ඉමු... ඔයා මාව හම්බ වෙන්න එන්නත් එපා... please මේ ගැන ආයේ කතා කරන්නත් එපා... "



මම මොනවා කිව්වද මට මතක නැහ... ඒත් එතනින් එහාට දිනිති වචනයක් වත් කතා කරේ නැහ....

එදා ගෙදර ඇවිත් මම කාමරේ දොරත් වහගෙන හොදටම ඇඩුවා.... කොල්ලෙක් අඬන එක බොලඳ වැඩක් කියල කට්ටිය කියනවා... ඒත් දිනිති නිසා මම එදා ඇඬුවා... 



ඉතිරිය

දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 10

23 comments:

  1. මොකඩ මචන් මේ පොල්ලෙන් ඔලුවට ගැහුවාවගෙනෙ.....එක පරටම..මොකද මේ උනේ..අනේ අපිව අමාරුවේ දානේ නතුව..ලියපන් ..ඉක්මනට....දිනිතිට මොකද ?..එක පාරටම උනේ...

    ReplyDelete
  2. අයියෝ කෙල්ලට මොකද මේ උනේ....අයියෝ ඉතිරි ටික ත් ඉක්මනට දාන්න..නැත්තන් නින්ද යන එකක් නැ

    ReplyDelete
  3. හෆොයි ආයෙත්! මේකත් අර ** ගේ වැඩක්ද දන්නේ නෑ.. ලියමු අනිත් කොටසත් ඉක්මනට....

    ReplyDelete
  4. ඔව් සහෝ..ඉක්මනට ලියන්න..කොටසක් ලියලා ඊළග කොටස ගොඩක් පරක්කු කරන්න එපා

    ReplyDelete
  5. ඒ පාර මොකද අප්පේ වෙලා තියෙන්නෙ. පළා මල්ල අව්ස්සන්න හිතෙනව මට මේ කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල බලන්න.

    ReplyDelete
  6. හප්පා කතාව කෑවා නේද ..... මේ මොකද එක පාරද උනේ .....

    ReplyDelete
  7. ඉහි ඉහි

    ReplyDelete
  8. කියවල හැමදාම වගේ අදහස් දක්වපු ඔයාල ඔක්කොටම හුඟාක් ස්තුතියි. ම්ම් මම හිතන්නේ තව එක කොටසකින් මේ කතාව ඉවර කරන්න ලැබෙයි. හිතන තරම් ලස්සන ගති අවසානයක් නෙමෙයි පිස්සගේ කුලුදුල් ආදර අත්දැකීම...

    ReplyDelete
  9. මාවත් නිකම් කැරකෙනව වගේ...:D ඉතිරි ටික කියවන්න තව දවස් 2ක් නම් බලන් ඉන්න බෑ..........!!

    ReplyDelete
  10. හුටා මළ කෙලියයි....මට උනා වගෙමයි.. :) බලමුකෝ අවසාන කොටසත්.. :D

    ReplyDelete
  11. මේ මොකද මේ වෙන්න යන්නේ ?

    අනික කොල්ලෙක් අඬන එක එච්චර දෙයක් නෙමෙයි අයියා මම හිතන විදිහට. කොල්ලෝ හැදිලා තියෙන යකඩෙන් නෙමෙයිනේ. අපිටත් හැඟීම් දැනීම් තියෙනවානේ.

    කතාවේ තාම කුතුහලය තියෙනවා. ඉක්මනට ඉතුරු කොටහත් දැම්මා නම් පංකාදුයි :)

    ReplyDelete
  12. බොහොම ස්තුතියි අදහස් වලට... ඉකමනට දාන්නම් අන්තිම ටිකත්...

    ඔව් බන් හසිත මල්ලි... මමත් ඒක පිලිගන්නවා.. කොල්ලො කියන්නේත් ලෙයින් මසින් හැදුනු ජාතියක්නේ.

    ReplyDelete
  13. හසිත කිව්ව කතාවට මමත් එකඟයි. අඬන එක බොලඳ දෙයක් වෙන්නේ කොල්ලෙක් ද, කෙල්ලෙක් ද කියන දේ අනුව නෙමෙයි, අඬන දේ අනුව.

    අපි මෙහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නම් නෑ, කමක් නෑ ඉතුරු ටිකත් දාන්නකෝ...

    ReplyDelete
  14. අයියෝ !!! මොකක්ද සීන් එක ?? මේ දිනිතිව උබට ඔය ලව් එකෙන් පස්සේ හම්බවුනේම නැද්ද ??

    ReplyDelete
  15. ඈහැ ඈහැ මේ මොකද උනේ ???
    , මේ සීන් එක මාර ඉක්මන්නේ !!!

    ආ කියන්න අමතක වුනානේ , මම බ්ලොග් වල තියන ලව් ස්ටොරිස් කොලෙක්ශන් එකක් හැදුවා නොවැ , අයියාගේ කතාවත් දැම්මා , ගිහිල්ලම බලන්නකෝ !!!

    http://ashan-blog.blogspot.com/2010/06/love-story-collection.html

    ReplyDelete
  16. කොඩී : ඔව්.. මමත් පිලිගන්නව ඒක බොලද දෙයක් නෙමෙයි කියල..

    මචන් ජීවිතේ අපි බලාපොරොත්තු වෙන විදියේ අවසානයක් දේවල් වල ලැබෙනවනම් කොච්චර හොඳද.....


    Isuru G : අහ් මල්ලි.. ස්කොලේ කොල්ලෙක් නේ... හිහි.
    හම්බුනා... ඔක්කොම දේවල් අන්තිම කොටසෙන් දාන්නම්...


    හිඟන්නා : එහෙමත් එකක් දැම්මද.. බලන්නම්කො.. හොද වැඩක් වගේ හික් හික්..

    අහ් මම බැලුවා... හුටා හුඟාක් තියෙනවනේ.. මම බලන්නෙ කූල් ටෙම්පො ගේ එකයි වසන්තයෙන් එහ එකයි තමා.. ඉතුරු වත් බලන්න පුලුවන් දැන්. බොහොම ස්තුතියි වැඩේට කොල්ලො.

    ReplyDelete
  17. අනේ අයේෂ් අයියේ මට හොදටෝම අඩන්න හිතෙනවා.... ඉකමනට ඉතුරු කොටසත් දාන්නකෝ.

    ReplyDelete
  18. ///////එදා ගෙදර ඇවිත් මම කාමරේ දොරත් වහගෙන හොදටම ඇඩුවා.... කොල්ලෙක් අඬන එක බොලඳ වැඩක් කියල කට්ටිය කියනවා... ඒත් දිනිති නිසා මම එදා ඇඬුවා...////////

    මොනවද සුදූ මේවා..
    අපිත් හොඳට දුක් විදල තියෙනවා.... දුක බෙදාගමු එහෙනං....

    ReplyDelete
  19. කොල්ලන්ගේ කදුලු හොල්ලන එක ආනන්තරීය පාප කර්මයක් ...ඉතිරි කොටස ඉක්මනට දාන්න :D

    ReplyDelete
  20. එකදිගට ඔක්කම කියොගෙන ගියා,, ලස්සනට ලියලා තියෙනවා.. හරිම ලස්සනයි,, :)
    90% ආදරයේහි ආරම්භය ලස්ස්නයි,, එත්,, අවසානය දුකයි....

    ReplyDelete
  21. ශාන් : හිහි... අද දවල් වෙන්න කලින් දාන්නම් මල්ලි.


    Anonymous : :)


    Confiuzd ප්‍රෝග්‍රැමර් : හිහි... ඒක නම් දන්නේ නැහ මචන්. දාන්නම් :)

    හිතුවක්කාර සිත ...... : බොහොම ස්තුතියි. ඔව් ඇත්ත... ආදරයේ අවසානය හුඟාක් වෙලාවට දුකක්

    ReplyDelete
  22. අඩේ ලොක්කා,, උඹ දැන් අමාරුවේ දාන්නේ අපිව! ඉක්මනට ඉතුරු කෑල්ල දාපන් මචං, මේවා අහනකොට පාං කියාගන්නත් බැරි වෙනවා!

    ReplyDelete
  23. දැම්ම මචන්... බලපන්කො.... :)

    ReplyDelete

Related Posts with Thumbnails