skip to main |
skip to sidebar
අපේ සංකයා ඉන්නවනේ... ඔව් පොර තාම ඉන්නවා ඉතින් යහතින්. මේක මේ පොරට උන චුට්ටි ඇබද්දියක්.
අපි කට්ටිය... කට්ටිය කිව්වට ගෙවල් වලින් අවසර අරන් යන්න හම්බුනේ 4 දෙනෙක්ට විතරයි. මමයි සන්කයයි... අමිලයි.... වනියයි... තමා ගියේ. ගියේ කිව්වට කොහෙද කිව්වෙ නැහනේ... තිරිකුනාමලේ තමයි ගියෙ. කට්ටියට මතක ඇතිනේ අවුරුදු 6 කට විතර කලින් සාම ගිවිසුමක් තිබ්බේ.... ඔය කාලේත් දැන් වගේම වන්දානාවෙ... ට්‍රිප් එහෙම ගියානෙ ලංකාව පුරා.
ඉතින් කට්ටිය ගිහිල්ලම නැති නිසා යන්න ආසවක් ඇති උනා තිරිකුනාමලේ. අපේ තාත්තගේ මහ ගෙවල් තිබුනේ එහේ... ඒ වෙද්දි ගේ වහල තිබුනේ. එහේ තමයි නැවතුනේ අපි ඉතින්.
ඔය ඉතින් ගිහින් කරපු දේකුත් නැහ. උදේ ඉදන් හැන්දෑ වෙනකල් මුහුදේ නාල රෑට හොද හැටි බොන එක තමා කලේ. දවස් 3ක් විතර හිටියා.
ලංකාවෙ හැම තැනින්ම ආපු මිනිස්සු පිරිලා නේ... නා නා විද කෙල්ලො ත් පිරිලා. ඉතින් මුහුදෙ දවස ගෙවන එක ලොකු අවුලක් උනේ නැහ. අනික ගියපු අය දන්නව ඇති බැස්සොත් ගොඩට එන්න හිතෙන්නෙ නැති තරම් ලස්සන මුහුදු වෙරලක් තමා තියෙන්නෙ...
කට්ටිය ඔලුවෙන් හිට ගෙන එක එක වැඩ එහෙමත් දැම්ම.
ට්‍රිප් එකේ විස්තර කියන්න ගත්තට කතාව කිව්වෙ නැහනේ.
අපේ සංකයට ඕනි උනා ඉර නගින දර්ශනයක් photo ගන්න...
ඉතින් ඔන්න උදේම ගියා මූ කැමරාවත් අරන් අර අපි නාපු තැනට.. ( මම නම් ගියේ නැහ... රෑ බීල මොන කැමරාද උදේ පාන්දර හික් හික් )... කොහොම හරි මූ ඉදල ඉදල ඉර පායල නැහ. හික් හික් ඒ කියන්නේ ඒ පැත්තෙන් නෙමෙයිලු ඉර පායන්නේ.
ඉතින් මූ පස්සෙන්දත් තනියම ගිහින්.... වෙන කොහෙද බීච් එකකට... මුගේ කරුමෙට ඒ බීච් එකටත් මූට ඕනි දර්ශනේ එන විදියට පායන්නේ නැහැලු ඉර.
කට්ටිය දන්නව්නේ... බොක්කක් වගේනේ තියෙන්නේ තිරිකුනාමලේ. කලපු එහෙමත් තියෙනවනේ... මූ මුහුදක් කියල කලපුවකට ද දන්නෙත් නැහ ගියේ.
දැන් අපි එන දවසේ උදේ පාන්දර මූ අමිලයත් ඇදගෙන අද නම් කොහොම හරි ගන්නවා කියල තව බීච් එකකට ගිහින්. මාලු අල්ලන මිනිස්සුන්ගෙ ගෙවල් එහෙම අස්සෙන් තමයි ගිහින් තියෙන්නේ....
මෙලෝ මනුස්සයෙක් කරන වැඩ නෙමෙයි සංකයා කරන්නේ... ඌ ගැන ලියන්න වෙනම බ්ලොග් එකක් ඕනි...
කොල්ල ඉතින් ෆැන්සි ටයිප් යන්නේ සඟ ( sunglass ) එහෙම දාල... බීච් යන්නෙත් සපත්තු දාල හික් හික්...
ඉතින් ගියාට මූට sure නැහලු මේ පැත්තෙන් ඉර නගිනව කියලා... ඉතින් මූ
ඔය මාලු අල්ලන්න ගිහින් උදේ ගොඩ එන මිනිස්සු ඉන්නවනේ.. ඔය මනුස්සයෙක් එනකොට මූ පොර වගේ ඉස්සරහට ගිහින්.. ( සංකයා කොහොමත් පොර වෙන්න මාර ආසයි.. හික් හික් )
" මේ අයියේ.... මේ ඉර නගින්නේ මෙහෙන්ද ??? "
ලොකු සීන් එකෙන් වගේ ඔලුවත් කෙලින් කරන් අහල.. හික් හික් අමිලය තමා රස කර කර කියන්නේ....
අර මනුස්සයත් මේ local tourist විකාර දැකල එපා වෙච්ච මනුස්සයෙක්ද කොහෙද... ඒ මදිවට මාලු අහුවෙලත් නැතුව වෙන්න ඕනි... මුගේ talk එකට තද වෙලා එක පාර...
" නෑ තොගේ අම්මගෙ ******* "
කියල මුගේ කම්මුල පිරෙන්න අත දිග ඇරල..
කොල්ල photo ගැනිල්ල පැත්තක තියල සමාව ඉල්ලල සින් සින් ගාල මාරු වෙලා ඇවිල්ල... හික් හික්
පස්සෙ ඉතින් පොලිසි යන ලොකු talk වගයක් දුන්න අපිට... ඒව අපිටනේ හික් හික්
හික්ස්zzz...ඔයින් ගියා මදැයි
ReplyDeletepissa aiyage post wala ********** wadi da manda.. :D :D :D
ReplyDeleteHasitha ජයසූරිය : හික් හික්...
ReplyDeletenirahankaara ahinsakaawi : අහ් තරු ඒවා හුඟක් ඔලුවට ආව. ලියන්න පුලුවන් ඒව තෝරල තමා ලිව්වෙ ඉතින් හික් හික්
අනේ පව්........
ReplyDeleteහික් හික්... ඕකට පව් කියන්නත් බැහ කරන වැඩ වලට
ReplyDeleteපව් බන් සංකයා...
ReplyDeleteහික්ස්...පව් අප්පා.....
ReplyDeleteඉර කෙසේ වෙතත් කොල්ලට තරු නම් පේන්න ඇති...හික්ස්
ReplyDelete:D :D
ReplyDeleteපව් බන්
hehe...
ReplyDeleteසිරා...ගොං පාර්ට් එකට නියම උත්තරයක්!! :p ඔයින් ගියා මදැයි!පිහිපාරක් නොකා!
ReplyDeleteපිස්සුම තමයි.... මාලු අහු වෙන්නෙ නැති දාට ඒ මිනිස්සු ගොඩට එන්නෙ හම්බෙන පලවෙනි එකාට කණට ගහන්න බලාගෙන.... ඒක තමයි සංඛයා පිටින් ගිහින් තියෙන්නෙ....
ReplyDeleteසෑම් : පව් තමා බන්... මොනා කරන්නද උගෙත් ඔලුවක් නැති වැඩනේ හික් හික්
ReplyDeleteදිල් : හික් හික්
කොඩී : ඉර නැතත් තරු පෙනුන එකත් ලොකු දෙයක් නෙ හික් හික්
හෙළයා : :D
ReplyDeleteපසන් තරිඳු : :D
ජංජාල චාමර : හපොයි ඔව් බන්.. දන්නවනේ ඒ මිනිස්සු... එපා වෙලා එන වෙලාවක මුන්ගෙ ෆැන්සි සීන් දැම්මම තරහ යනවනේ
අභීත උදය බණ්ඩාර එදිරිසිංහ : ඔව් ඒ මිනිස්සුන්ට වැරද්දක් කියන්න බැහ..
කොමෙන්ට්ස් කරපු ඔක්කොටම බොහොම ස්තුතියි
ඔව් ඔව් ඔයින් ගියා මදැයි ~~~
ReplyDeletehodi one naa ban hahaha hathurektawath wenna epa mehema kujeetha wedak !!!
ReplyDeleteහිඟන්නා : :D
ReplyDeleteIsuru G : හික් හික්
හත වැදිලා ගොඩට එන්නේ රැවුල ගිනි අරන් ඒ අස්සේ සුරුට්ටු පත්තු කරන්න එද්දී තරහ යන්නේ නැද්ද :)
ReplyDeleteඒකනේ බන්... ටික දවසකින් දැක්කේ... වැඩද මේ දවස් වල මල්ලි...
ReplyDeleteඔව් අයියා කැම්පස් ආයි පටන් ගත්තානේ. දැන් ඉතින් ආයි වැඩ. සෙනසුරාදා ඉරිදා දවස්වල තමා මේ පැත්තේ කරක් ගහන්න පුලුවන්.................
ReplyDeleteඅහ් ඒක තමයි. හොදට වැඩ ටික කරගනින්.... ජය.
ReplyDeleteතැන්කු වේවා අයියා......
ReplyDelete