Wednesday, June 23, 2010

සංකයගෙ වැඩ... " ටික කලක සිටන්... " මේකට නටන්න බැහනේ...

Share


සංකය ගැන කතාව ලිව්වම ඔය සංකයගේ තවත් සීන් එකක් මතක් උනා. සංකය ෆැන්සි ලුක් එකෙන් හිටියට අපිට ඕකා අහු වෙද්දි නියම ගම් වැද්දා... හික් හික්.. කොන්ඩෙ අර කානු දෙකක් හිටින්න කපලා කලිසම පස්ස තද වෙන්න ඇදල ( පස්සක් තිබ්බෙත් නැහ ඌට ) බොඩි ෆිට් ටී ගහලා එහෙම හිටියේ... කෙට්ටුයි කියන්නෙ පොර ඒ දවස් වල කෝට්ටක් වගේ බොඩි ෆිට් ගැහුවට... ( ඌට කියපුව තමා මේ... හික් හික් )

උගේ ගමට එහෙම යන්න වෙනම දවසක් යනවා. බස් 2කයි තිබ්බේ... ඒකත් යලට මහට. ඉතින් මූ ස්කෝලෙ යන කාලේ ( ඒ කියන්නේ A/L... කාලේ ) බොඩිමක හිටියේ.  අපිට අහු උනේ A/L කාලේ තමා මූ.



උන්ගේ ගම ගැන වෙනම ලියන්න ඕනි. මූ ගැන පොඩි කතාවක් මේක..

කොල්ල O/L කාලේ ගෑනු ළමයෙක් ගැන අදහසක් ඇවිත්. මූ ඉතින් පස්සෙන් එහෙම ගිහිල්ලා... දන්නේ නැද්ද ඔය බයිසිකල් අරන් කැරකිලා... වැඩ එහෙම දාල. කොල්ලොන්ට කියල මුගේ නම කියල කෑ ගහන්න... ගොන් පාට් ටිකක් දාල. ඕවට දැන් තියා ඒ කාලේ වත් කෙල්ලො කැමති නැහනේ.

අනික ඉතින් මුගේ අර රස්ති ලුක් එකට ( ඒක රස්තිත් නැහ.. අහිංසක මදාවි ලුක් එකක් හික් හික්.. අදින විදිය තමා ඉතින් ඌ ) කෙල්ල කොහොමත් කැමති වෙන්නෙ නැහනේ. ( පස්සෙ මුන්ගෙ ගමේ ගිය වෙලාවක ගමේ කොල්ලො තමා මේව කියන්නේ.. මොකෝ අපි අදුරන්නෙ නැහනේ ඒ කාලේ ) 



පස්සෙ ඉතින් කෙල්ල බැහ කියල කීප සැරයක්ම.. පස්සෙ මූ කල කිරිලා බලා ගත්තු අත බලන් ඉන්නවලු... ගෙදර ඇහෙන්නෙම දුක් ගී ලු. උදේ පාන්දර අඬන කැසට් එකක් දැම්මම අයිය ඇවිල්ල මල පැනල වහනකම්ම ඕකලු... පස්සෙ ඉතින් මූ වහ බොනව කිය කිය වහ බෝතලයකුත් අරන් ගමේ වටේ ගියාලු... මූම පස්සෙ පිලිගත්ත ඉතින් ඒක වහ නෙමේ මේ ඉවර වුන බෙහෙත් කුප්පියක් කියලා ඔය කුරුලෑ වලට ගාන හික් හික්....


ඔය කාලේම මුන්ගෙ අයියල සංගීත ප්‍රසංගයක් කරාලු... ඉතින් ගායකයො එහෙමත් ඇවිත්... මූට මොනා තිබ්බත් දුක් සීන් එකනේ...

කොහොම හරි දැන් සංගීතේ නැගල යනවලු... ගමේ පෙරපු බඩු වලින් කොල්ලො වයින් වෙලා නටනවලු නැති වෙන්න... ඉතින් අපේ සංකයගේ ප්‍රියතම ගායකයෙක් උනු චන්ද්‍රසේන හෙට්ටිආරච්චිත් ඇවිත් සින්දු කියන්න. සින්දු 3 ලු කියන්නේ... ඉතින් පොරත් තියෙන ෆාස්ට් ම ඒව දෙකක් කියලා.. ඇයි ඉතින් මුන්ට නටන්න එපැයි.

3 වෙනි එක කියන්න යන්න කලින් මූ කියල ( කොල්ලත් සංවිධායක මංඩලේ නේ... )

" අයියේ... මේ ටික කලක පටන් සින්දුව කියන්න " කියල...

කට්ටිය අහල තියෙද මන්ද...

ටික කලක පටන් මා අමතක වන බව දැනුනා....

ඕක කියනව නෙමෙයි අඬන සින්දුවක්. නටන්න නෙමෙයි ඒකට තනිකර අඬන්න ඕනි ගීතයක් නේ.. ඉතින් චන්ද්‍රසේන මහත්මයත් මුගේ බලවත් ඉල්ලීමට කියල ඕක.

අර කෙල්ල ඇවිත් ඉන්නව දැකල තමා සංකයා සීන් එක ඇදල තියෙන්නේ.
අර නටපු උන් හොල්මන් වෙලා ඇයි ඉතින් නටන්න තිය හිටන් ඉන්නවත් බැහනේ ඒ සින්දුවට. උන්ටත් තද වෙලා... කෑ ගහල වලිය ඇදල..

පස්සෙ කොහොම හරි සිද්දිය දැනගෙන මාස ගානක් යනකම් සංකයව බයිට් තියෙනවා.

ඔය වගේ වැඩ තමා අපේ සංකය ඒ කාලේ කරේ දැන් අපිටත් ඉන්ගිරිසි ඉගැන්නුවට හික් හික්.

16 comments:

  1. ආ.....තල් ම ඩයල් එකක් :D

    ReplyDelete
  2. පට්ට කොල්ලෙක්නේ! :D :D

    ReplyDelete
  3. හික්ස්.. පිස්සු ආතල් එකනේ ඒක! ඇති චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගුටි නොකා බේරුණා......

    ReplyDelete
  4. දිනිතිට කෝල් කරාද පිස්සෝ... මොකො උනේ...... නම්බර් එක හම්බුනේ නැද්ද තවම?

    ReplyDelete
  5. කියවලා අදහස් දක්වපු ඔක්කොටම බොහොම ස්තුතියි.... හික් හික් සංකයා මරු ඩයල් එක තමා... හිත හොඳ කොල්ල මොනා උනත්.

    ඇනොනිමස් :::: තව නැහ... ඒ ගැන මගේ ලොකු බලාපොරොත්තුවක් නැහ... ඒත් නිකම් කතා කරන්න ආසයි

    ReplyDelete
  6. ටික කලක පටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ නෙතට කඳුළු ගලනවා............

    ReplyDelete
  7. ඒක තමා සින්දුව... ඕකට නටන්න පුලුවන්ද.... හික් හික්

    ReplyDelete
  8. පට්ට....
    අහ් වර්ණපාල තියෝරිය නේද..?? එහෙම කියන්න එපා ඔය වර්ණපාල තියොරි දාපු ගොඩක් අය ගොඩ ගියා.... ;-)

    ReplyDelete
  9. වර්ණපාල තියරිය අදට වලංගුද ???

    ReplyDelete
  10. කට්ටියටම ස්තුතියි.

    වර්ණපාල තියරිය ස්කෝලෙ යන කාලෙ වගේ නම් හරි යන්න බැරිත් නැහ. ඒත් දැන් නම් වලංගු වෙන්න අම්මරුයි මටත් හිතෙන්නෙ.

    ReplyDelete

Related Posts with Thumbnails