Saturday, June 26, 2010

ස්කෝල් කාලෙ මතක.. ( පැනල යන්නේ කෙල්ල බලන්නනේ... )

Share


ස්කෝලෙ කාලේ ගැනමයි ලියන්න හිතෙන්නෙ අර ඉබ්බයි... බ්ලොග් ගල් මලයයි....  ලියන ඒව දැක්කම. ඇත්තටම එහෙම කාලයක්. පුදුමාකාර ලස්සන... මම ජීවිතේ ආසම කාලය... ආයෙ යන්න ඇත්තම් හිතෙන වාර අනන්තයි.

ඉතින් අද අපේ රසායන විද්‍ය්යාව  සර් ව මතක් උනා... අපිට රසායන විද්‍ය්යාව කලේ සුමේද සර්... හරිම අහිංසක මනුස්සයා... කට්ටිය කිව්වෙ සාදාරන කොටා කියල සර් ට... සර් මිටියි ටිකක්. මම නම් හැමදාම සුමේද සර් කියල කියන්නේ. සර් ට සාදාරන උනත් අර නම කියන්න හිතෙන්නෙ නැති තරම් අහිංසක මනුස්සයා.

අපේ පන්තියේ වම් පැත්තෙ පේලි 4 යි දකුනු පැත්තේ 4යි... වම් පැත්තේ පේලි 4 යි දකුනු පැත්තෙ මුලම පෙලියයි ඉගෙන ගන්න ළමයි තමා පාවිච්චි කලේ... ඒවා ප්‍රබුධ්ද පෙලි. හික් හික්.



දකුනු පැත්තෙ අන්තිම පේලි 3 ගැන කියනවම්....

අන්තිම පෙලියේ තමා මම හිටියේ... හික් හික්. ලාස්ට් රෝ පිස්සෙක්.

ඒ උනාට හොදම සෙට් එක හිටියෙ දෙවැනි පේලියේ... සමහර සර් ල අහනවා...


" මේ ඔයාල මේ පන්තියෙද ??? දැකල නැහනේ... "

ඒ තරම්ම උන් පන්තියේ හිටියා... හික් හික්...

අපේ පේලියට ඉස්සරහ පේලියත් එල සෙට් එක..

" ම්ම් මචන් අද කලින් යමුද ?? "

කියල වැරදිලවත් ඇහුවොත් සෙට් එකම පොතුත් අරන් එලියටත් බැහල... ඒ තරම් ඉගෙන ගන්න උනන්දු සෙට් එක හික් හික්.

පන්තියම පැනල යන සීන් වලදි එහෙම ඉතින් අපේ පේලි 3 සෙට් කියන්නේ... බැන බැන හරි ප්‍රබුධ්ද සෙට් ටිකත් බහිනව එලියට... බලෙන් එලියට දාල පන්තිය ලොක් කරන තත්තවට දරුනු අයියලත් හිටියනේ හික් හික්...  හුඟක් වෙලාවට ප්‍රබුධ්ද කිව්වට 5 - 6 ක් තමා බාල්දි දැම්මෙ.. අනික් උන් ෆිට් එකේ හිටියා පන්තියේ... වලට නැති උනාට.


මේ මොනාද කියන්නේ... සුමේද සර් ගැන නේ කියන්න ආවෙ...

ඩිමෝ තමා අපේ මොනිටර්... මගේ අසල්වැසියා... පොර තමා ෆෝර්ම් කරන්න ඕනි පැනල යන සීන් වලට... ඔක්කොම එලියට දාල නවතින්නේ... හික් හික්...

ඉතින් ඔය සුමේද සර් උගන්නන්න ආවම විනාඩි 40 න් 30 යද්දි අපිට ඇති... කම්මැලි කමනේ... ඩිමෝ

" සර් අදට ඇතිනේ... "

" තව වෙලා තියෙනවනේ... තව ටිකක් කරමු.. "

බොහොම සන්සුන්ව කියන්නේ සර්..

" අනේ ඇති සර් ඇති.. " කියල ඩිමෝ පොත වහල නැගිටලත් ඉවරයි... 



" අහ් එහෙනම්.... දගලන්න එපා... "

පීරියඩ් 2 ක නම් දෙවැනි පීරියඩ් එකෙන් බාගයක් තමා උපරිම පාඩම කරන්නේ...

ඊට පස්සෙ කට්ටිය එහෙ මෙහෙ.. සමහරු එලියේ...

" මේ ඇවිදින්න එපා... ප්‍රින්සිපල් දැක්කොත්.. "

සර් පව් කියල හිතෙනවා දැන් නම්..

" අහ් හරි සර් ඒව හරි "

කියල කොල්ලො යනවා... සමහරු බත් දිග ඇරගෙන වට වෙලා...  ..

ප්‍රබුධ්දම කට්ටිය නම් සර් ගාවට ගිහින් ප්‍රශ්න අහනවා...



සර් ගේ පීරියඩ් දෙක තමා සිකුරාද අන්තිම පීරියඩ් දෙක... හි හි ඒ කියන්නෙ පැනල ගියත් අවුලක් නැහ.

ඒත් ඉතින් කලින් ම පැනලත් බැහනේ.. අහ් ඒක වෙනම කතාවක්... ස්කූල් බස් එකේ යන්න ඕනි කමක් තිබ්බනේ මට පස්සෙ කාලෙක... දිනිති මගෙන් ඈත් වෙලා අවුරුද්දක් විතර ගියාට පස්සෙ ...

ඒ කාලේ ස්කූල් බස් එකේ පටන් ගන්න තැන ඉදන් වාඩි වෙලා ආවම මගින් නගින ගෑනු ළමයි එක්ක කරදරයක් නැතුව කතා කරන්න පුලුවන්. මතක්නේ අපේ ස්කෝලෙ ගාවට එද්දි බස් එකේ තත්වෙ...



හසිතයටත් ඒ කාලේ මගේ ප්‍රශ්නෙම තිබ්බා... ඉතින් ඌයි මායි තමා පනින්නේ ගාලු යන්න 2 වෙද්දි...
ඒ කියන්නේ විනාඩි 30 ක් විතර කලින් පනින්න ඕනි.. සිකුරාදට සර් උගන්නල ඉවර වෙන්න කිට්ටු වෙද්දි මූ ඇවිත්...  ජනේලෙ ගාව ඉදන් ( අපේ පේලිය ගාව විසාල්ල ජනේලයක තිබ්බ... )

" ඒ යමන්... යමන්... "

කෑ ගහනවා.. සර් ට පේනවා..

හැමදාමත් මෙහෙම තමා... හසිතය හැදෙන්නෙ නැහනෙ.. හික් හික්

බැරිම තැන ඌ එනව පන්තියට..

" සර්.. මට අර ළමයව හම්බෙන්න පුලුවන්ද... " උගේ හැලෙන කලිසම උස්ස උස්ස අහනවා..

" එපා සර් ඔය පැනල යන්න... "

 ඩිමෝ පටන් ගත්තම අනික් උනුත් කෑගහනව...

" මුන්ගේ බොරුනේ සර්... "

කියල මම එලියට බහිනවා... සර් දන්නව ඉතින් යනව කියලා..

ඇයි ඉතින් ජනේලෙන් පොත් ටික දෙන්න අපේ උන් දගල දැගලිල්ල...

" මොකක්ද බන් ?? පොත්.. ඇයි පනින්නද ?? "

 හෙන සද්දෙට අහල...

හැමදාම සිකුරාදම ඕක තමා... සරුත් ෆන් එක ගන්න හිටපු ගමන් අහනවලු..

" ඔය ඉතින් ගෙදරද යන්නේ ?? "

" මොන පිස්සුද සර්.. ඕකුන් දෙන්න ඔය කෙල්ල බලන්නනේ... "

" ගෑනු ළමයෙක් එක්ක මොකුත් තියෙද අයේශ් ගේ.. "

ඩිමෝයි ලසියයි තමා දෙන්නෙ...

" අපෝ ඔව් සර්.. අර **** කෙල්ලෙක් නේ... "

" අහ්.. ඉගෙන ගන්න කාලේ ඕව පටල ගත්තම හොඳ නෑනේ.. "

මුන් සර් ට ෆන් දෙනව... සර් මුන්ගෙන් ෆන් ගන්නව...

හැබයි මගෙන් නම් කවදාවත් ඇහුවෙ නැහ...

ඩිමෝ කෙල්ලෙක්ට ට්‍රයි කලා ඒ කාලේ.. 

එක දවසක් ඩිමෝගෙ බෑග් එකේ ඒ කෙල්ලගෙ නම ලියලා.. ගංජා තමා ලියල තියෙන්නේ...
මූ ඌව අල්ලගෙන

" මකපන්.. මකපන් " කිය කිය අරූට තඩි බානවා... සර් ඇවිත් පන්තියට

" මොකද මේ ... "

ඩිමෝ ට මල පැනිල්ල කොච්චරද කියනවනම් සර් කියල බැලුවෙ නැහ..

" සර් ට වැඩක් නැහනේ.. මූව අද තියන් නේ.. මකපන් මකපන් " කිය කිය අරූට තඩි බානවා..

පස්සෙ කට්ටිය වැඩේ ශේප් කරා ඉතින්... ඒ වගේ අහිංසක මනුස්සයෙක් තමා සුමේද සර්.. පව්...

ඒ කාලෙ මතක් වෙද්දි නම් හපොයි... ආයේ යන්න ඇත්තම්...

27 comments:

  1. අපිට ‍ෆිසික්ස් කරපු "ඔකඳ" සර්ව මතක වුණා.
    මොනව වුණත් සෑහෙන්න පවු පුරොගත්ත ඒකාලෙ.

    ReplyDelete
  2. අපේ ඉස්කෝලෙත් ඔය වගේම තත්වයක් තිබුණා... වෙනසකට තිබුණේ අපේ පංතියේ හිටපු කෙල්ලොත් අපිත් එක්කම වලට සෙට්වෙන එක.. ඉන්ටවල් ඉවර වෙනකොට පංතිය හිස්!

    මගේ ඉසකෝලේ ගමන ගැනත් කොයි තරම් කතා තිබුණත් මට ඒවා මතක් කර කර ලියන්න හිතෙන්නේ නෑ... ඇයි දන්නේ නෑ අප්පා....

    ReplyDelete
  3. කේ වගේ ගුරැවරැත් ඉන්නවා නේද බන්. දැන් මතක් වෙනකොට හරිම ආදරේ හිතෙනවා. අපිට Agri කලා මැඩම් කෙනෙක්. මම හැමදාම මොනවාහරි අමන වැඩක් කරලා බයිට් එකට ගන්නවා මැඩම්ව.

    ඒත් දැන් උනත් ඉස්කෝලෙට ගියොත් ඉස්සෙල්ලාම කතා කරන්නේ ඒ මැඩම්ට. හරිම හිතවත්. ඉස්සර කරපු දේවල්..:D හිනාත් යනවා

    ReplyDelete
  4. සිරා ලිපිය පිස්සයියේ! මමත් අතීතෙට ඇදිල ගියා!!එලකිරි!!!

    ReplyDelete
  5. ඉස්කෝලේ කාලේ ගැන කතා කියවන්න කියවන්න දුකක් ඒ වගේම සතුටක් කියන දෙකම එනවා. ගත්ත ෆන් මතක් වෙලා සතුටුයි. ඒ ෆන් ආයි ගන්න බැරි එක ගැන මතක් වෙලා දුකයි.

    කතාව නම් නියමයි අයියා...............

    ReplyDelete
  6. බලාගෙන යනකොට හැමෝම එක වගේ, ඒකනෙ එක තැනකට සෙට් වෙන්නෙ, දිගටම ලියන්න, අපට අපේ පාසල් කාලය අමතක කරන්නම බෑනෙ, මටත් පාසල් කාලය මතක් උනා මේ සෙට් එකගෙ කතා දැකල, ඉබ්බටත් බොහොම ස්තුතියි කට්ටියම ෆෝම් කරල ගන්නවට ඉස්කෝලෙ කාලෙ කථා ලියන්න, දිගටම ලියමු

    ReplyDelete
  7. මමත් අසම ස්කුල් ට්යිම් තමයි..දෑන්නන් ලයිෆ් එක බෝරින්

    ReplyDelete
  8. "බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේලි වලිනි" කියල මම අහල තියනව. හික්ස් :D

    මේ බ්ලොග් එකත් අයියගෙද?
    http://palaamalla.wordpress.com

    ReplyDelete
  9. බලාගෙන ගියහම අපි හැමෝටම ලස්සන ඉස්කෝල කතා තියනවනේ...

    ReplyDelete
  10. මේව ලියන්න එපා පිස්සෝ, ඒ කාලෙ මතක් වෙද්දි ඇඩෙනව... :(

    එක්කො ඔහෙ කමක් නෑ,ලියල දාන්න. අඬ අඬ බලන්නම් :D

    ReplyDelete
  11. hehe math hitye antimama peliye,antimata pantiye peli maru wenna kiwa sathiyen sathiye,apima maru wei eth :P eth antime antima peli 2ke okkoma kollo okkoma efac gya,sirawata AL kalenm maxxa macho,digtama me wage posts liyanna,
    btw,umba dinithita call karada?

    ReplyDelete
  12. නියමයි අයියෙ ෆුල් ෆන්නෙ ඔයාල අරන් තියෙන්නේ...මැක්සා...කට්ටියගෙ නම් ටිකත් සිරා

    ReplyDelete
  13. සුමේධ සර් හන්දම හොඳයි නේද? ඔය කියන සර් වගේමයි අපේ A/L ක්ලාස් ටීචත් හප්පේ ඇරපු අතක් නෑ අපේ කොල්ලො ටිකත් පළා මල්ලගෙ ක්ලාස් එකේ අය වගේම තමයි ඉතින්.

    ReplyDelete
  14. hikiz.. pissa aiyath lesi nane?? onna api nan school cut karala eka dawasai giye.. ekath pansal.. (api wage anagatha paramparawak inna eka koi tharan hoda da ne aiya??? :P :P :P )

    hih hih.... fb eken ain unata passe mage pradaana rajakaariya blog kiyawana eka.. narakada tikak wadipura liyuwoth aiya????

    ReplyDelete
  15. lassana story eka maxa... hik hik tikak adu karala liyamu neda issarahata. mathak wenawa school time eka maxa..........

    ReplyDelete
  16. උන්නැහේ (පිලේ පැදුර) : ආයෙ යන්න ඇත්තම්.. හදා ගන්න දේ බොහොමයි.


    ළමයා : එහෙම එපා ඉතින්... ලියන්න ඉඩ තියෙනම්.. අපි බලනවා...



    මිස්සක : ඔව් බන්... දැන් නම් දුකත් හිතෙනවා... ටික දවසකින් දැක්කෙ උබව මේ පැත්තෙ...



    blog gadol : උබගෙයි ඉබ්බගෙයි පොස්ට් නිසා තමා මේව ලියන්න හිතෙන්නෙ... හික් හික්

    ReplyDelete
  17. Hasitha : ආයේ ස්කොලේ යන්න ඇත්තම් අනන්ත හිතෙනවා...



    BEAUTIFUL SRI LANKA : හික් හික්.. මේව හුඟක් කොල්ලොන්ට පොදු කතා. බොහොම ස්තුතියි...


    Dangamalla : ඒ ගැන මොකට කියනවද... හොදටම බෝරින් දැන් නම්.


    ආදර කතාව : හික් හික්... අපේ ලාස්ට් රෝ එකේ නම් මම වගේම උන් තමා හිටියේ. බෙහෙතකට එකෙක් ගියෙ නැහනේ කැම්පස් හික් හික්.

    නැහ මචන්. ඒක මගේ නෙමෙයි. :)

    ReplyDelete
  18. thariya : හුඟක් අයට ජීවිතේ ලස්සනම ඒ කාලේ....



    කොඩී : හික් හික්.. ඇඩෙනවා තමා බන්... ආයෙ යන්න ඇත්තම් හ්ම්ම්


    ජංජාල චාමර : :D


    බුද්ධික : අපේ නම් වෙනකම් තිබ්බ ඒ සීන් එක. පේලි මාරු වෙන... පස්සෙ කරන්න ආවම ඒ හුරතල් නැවතුනා හික් හික්.

    නැහ බන්....

    ReplyDelete
  19. Hasitha ජයසූරිය : ඒ කාලේ ෆන් නොගත්තනම් අද මටහ්ක් වෙන්නවත් දෙයක් නැහනේ මචන්... හික් හික්



    isimbuwa : හපොයි ඔව්.. සුමෙධ සර් හින්ද මිසක් නැත්තම් ලෙඩක්. හැබයි අපේ උන්ගෙ කටවල් හොඳ නැහනේ. තව සර් ල 2ක් විතරත් ලාවට දැනන් හිටියා. අවුලක් නම් නැහ උනේ.



    නිරහංකාර අහිංසකාවි : හික් හික් අපෝ... මාර උපාසිකාවියො වගයක් නෙ හික් හික්....

    මම නම් ඊට පස්සෙත් දැක්කා මූනු පොතේ හික් හික්...


    Anonymous : thanx.

    ReplyDelete
  20. මං හිතන විදියට මාත් ගියේ අයියා ගියපු ඉස්කෝලෙටම තමයි... හැබැයි දැන්නම් ඉස්කෝලෙ තත්වය ටිකක් වෙනස්. අපේ batch එකේ එවුන් වෙනස් කරලා අරගෙන...
    අපේ එවුන් දෙන්නෙක් තාප්පෙන් පැනලා අර පිස්සු දොස්තරගේ ගෙවල් ගාව දැල් කඩෙන් බීම දෙකක් ගහ ගහ ඉඳිද්දී ඉස්කොලේ විනය සම්බන්ධ සර් කෙනෙක් මෝටර් සයිකලෙන් එතනට ඇවිත් තියෙනවා... මුන් දෙන්නට දුවාගන්න වෙලාවක් තිබිලත් නෑ. සර්ට අතේ මාට්ටු...
    මුන් දෙන්නා ශේප් එකක් දාගන්න හිතලා පැනලම සර් එක්ක කතා කරලා... "සර් අපි මේ big match එකේ tent committee එකේ වැඩ වලට යන ගමන්. සර් කොහෙද යන්නේ?" කියලා.
    සර් කිසි හිතක් පපුවක් නැතිව ගත් කටටම කියල තියෙන්නේ "ඉස්කෝලෙන් පැන්නා නම් කඩවල් ගානේ රස්තියදු නොවී ගෙවල් වල පලයන්" කියලා... වැඩේ කියන්නේ මේක කියලා තියෙන්නේ විනය භාර සර්ලාගෙන් එක්කෙනෙක්... :P

    ReplyDelete
  21. යකෝ, දැන් බලාගෙන ගියාම ගාල්ලේ, නුවර කොළඹ කියල වෙනසක් නැහැනේ, හැම ඉස්කෝලෙම එකම සීන් තමා තියෙන්නේ. අපේ පන්තියේ එවුන් නම් ගෙදර යනකොට රෙජිස්ටර් එකත් බෑග් එකේ දාගෙන තමයි යන්නේ. බැරිවෙලාවත් නම් ලකුණු කළොත් කියලා.

    මෙහෙම පිස්සු කෙලපු අපි අද මේ වගේ තැනක ඉන්න එකත් ලොකු දෙයක්

    ReplyDelete
  22. YL2 : ඒ දවස් වලත් එහෙම සර් ල හිටිය බන්. බයෝ පන්තියෙ මිස් නම් උදේම අහනවලු අද තිතද.. බින්දුවද එකද කියල හික් හික්.


    KoolTempo : කොහෙත් එහෙම තමා බන්. පිස්සු කෙලිය උන් නැති උන්ට වඩ හොඳ තැන් වල ඉන්න අවස්තා ඕනි තරම්. හැබයි අනික් පැත්තත් තියෙනවා ඉතින්.

    ReplyDelete
  23. හෙහ් හෙහ්.... :P අපේ ඉස්කෝලෙට ත්‍රීවීලර් එකක් සල්ලි දීලා ගත්තා පැනලා යන එවුංව අල්ලලා දාගෙන එන්න. සල්ලි ගෙවලා එලවන මනුස්සයෙක්වත් දාලයි තිබ්බෙ.ඉස්කෝලෙම විනය භාර සර්ට කිවුවෙ ජාතියේ පියා කියලයි. ජාතියේ පියා එනවලු ත්‍රීවීලරේ අහු මුළු වලටත්. කොල්ලන්ට දුවගන්න තැනක් නැති කරලා දොරෙං එළියට ඔළුව දාලා කියනවලු පුතා නගින්න කියලා.කට්ටිය ඉතිං සර් එක්කම ත්‍රීවීලරේ නැගලා ඇවිත් ස්ටාෆ් රූම් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා :P .ඊට පස්සෙ මාසයක් ඉතර යනකං අලි හුටපට.

    පිස්සෝ, උඹ ඔය පසුතැවෙන එක අතඇරපං.ඒ කාලෙ එහෙම වුනා.එච්චරයි.ඇයි ඒ ගැන හිතලා අද අප්සට් කරගන්නෙ.කිසිම දේකට කිසිම කෙනෙක් පරක්කු නෑ.උඹ දන්නවද වැඩක්.මේ ළඟදි ඉබ්බා පත්තරේ දැක්කා ධර්මදාස මුදලාලි(නවලෝක මුදලාලි) ජනාධිපතිතුමාට පොතක් පිළිගන්වලා.ඒක මුදලාලිගෙ 90 වෙනි උපන්දිනෙයි නවලෝක ඉස්පිරිතාලෙ 25 වෙනි උපන්දිනෙයි සමරලා තමා කරලා තියෙන්නෙ.ඒ කියන්නේ මුදලාලි අවුරුදු 65දි තමා ඉස්පිරිතාලෙ දාලා තියෙන්නෙ.යකෝ අපි නං 50 වෙච්ච වෙලේ ඉඳං රිටයර් වෙන්න ලෑස්ති වෙයි.පිස්සො, තොට තාම 30ක් වත් නෑ නේද?අපි ඔය රටේ නැති සුද්දංගෙ පුරාජේරුනෙ කියවන්නෙ.බලපං ලංකාවෙත් ඉන්නවා එළම පොරවල්.ඒක නිසා, කිසිම කෙනෙක්, කිසිම දේකට, කවදාවත් පරක්කු නෑ(වෙලාවක් තියනව නම් හොයලා බලපං ජෙෆ්ෆ්‍රි බාවා ගැනත්).

    කවුද දැනං හිටියේ ඉස්කෝලෙ කාලෙ අවුරුදු 10කට 15කට පස්සෙ මතක්වෙනකොට මෙහෙම චූන් වෙයි කියලා.ඔන්න බලපංකො, තවත් අවුරුදු 10කිං ඉතර අපිම කියයි අඩේ මීට අවුරුදු 10කට ඉතර කළිං අපි මාර අප්සට් ජොකියො සෙට් එකක්නෙ කියලා :D .

    ReplyDelete
  24. ඉබ්බො... උබේ කතාවත් ඇත්ත බන්. අපි අතීතෙ ගැන හිතල අය්යෝ මෙහෙම කරා නම් හොඳයි කියල හිතනවා මිසක් ඒ දේවල් වලින් ඉගෙන ගෙන ඉස්සරහට යන්න හිතන්නෙ හරිම අඩුවෙන්.
    හික් හික්.. ඔව් ඔව් 30 ක් නැහ. තව කල් තිබේ.

    නවලෝක මුදලාලිගෙ කතාව නම් මම ඔය ඇහුවමයි... බොහොම ස්තුතියි.

    ReplyDelete
  25. මටත් ඉස්කෝලෙදි රසායන විද්‍යාව ඉගැන්නුවෙ සුමේධ සර් වගේම, අපිට තාරකා විද්‍යා සංගමයේ වැඩ වලට මට 10 වසරෙ ඉඳන්ම සර් එක්ක වැඩ කරන්න ලැබුනා. සිරාවටම අහිංසක මනුස්සයෙක්. කෑගැහිලි සැර කෙරිලි නෑ, පාඩුවෙ පාඩම උගන්නනවා. හැබැයි ඉතිං ඒ නිසාම මම ඉගෙනගත්ත රසායන විද්‍යාවකුත් නෑ. අවුරුදු දෙකටම මට ලියන්න ගිහින් තිබුනෙ පිටු 120ක පොතක් විතරයි :D

    ReplyDelete
  26. Pravin Indranama : උබත් මම වගේම රසායනේ ඉගෙන ගෙන වගේ හි හි. හැබයි ඉතින් ඕනිකමක් තියෙන එව්වො නම් ලඟට ගිහින් හරි පාඩම අහාගන්නවා. ගුරුවරයෙක් විදියට නම් ඉතාම හොඳ මනුස්සයෙක් වගේම හරිම අහිංසක මනුස්සයෙක්.

    සර් තාම අපේ ස්කෝලද මලේ...

    ReplyDelete

Related Posts with Thumbnails