skip to main |
skip to sidebar
අර බ්ලොග් ගඩොල් ගේ කිරි කොකුන් මැද කණ කොකෙක් පෝස්ට් එක දැක්කම සුදු Uniform ගැන මොනව හරි ලියන්න ඕනි කියල හිතුනා...
ඉස්සර ඉස්කෝලේ කාලේ මතක් වෙද්දි ඇත්තටම ඇඩෙනවා.. මොන තරම් ලස්සන කාලයක්ද... ආයේ කවද යන්නද..
මේ ගෙවන කටුක ජීවිතේ එක්ක බැලුවම... හ්ම්ම්.
කොහොම හරි ලියන්න යන්නේ සුදු කලිසම්/ශර්ට් ගැන.. ඒ කියන්නේ 10 වසරෙන් පස්සෙ ස්කොලේ Uniform එක නිසා අපි වින්ද දුක ගැන හික් හික්.
ඒ දවස් වල අපි ලේන්සු 2 ක් අරන් යනවා. එකක් වාඩි වෙන්න. ලස්සනට එලල එහෙම වාඩි වෙන්නේ.. අර කෙල්ලො ගවුමෙ රැලි පොඩි නොවෙන්න වාඩි වෙනව වගේ.
ඉස්කෝලෙට ගිය ගමන් කරන්නේ කොල කෑල්ලක් අරන් අර පුටු ඩෙස් වල තියෙන දාර එහෙම අතුල්ලල පිරිසිදු කරන එක. දුවිලි නැති වෙන්න.
පන්තිය අතු ගාන්න එකෙක් මලාට හොයන්න නැහ ඒ උනාට.
වැස්ස තමා ලොකුම අවුල. අපි ඉතින් ඉස්කොලේ යන්නේ school bus එකේනේ... හික් හික් ඒක ගැන කතාවක් තමා මේ (ස්කූල් බස් ( school bus ) ඉනිමගේ ස්කොලේ ගිය හැටි.. ) ඉතින් ඕකෙ වැස්ස දාට මඩ නොවදින්න යනවා කියන්නේ.. mission impossible වගේ තමා.
ඒත් ඒකේ හිටි ඩ්‍රයිවර් අයිය මාර ගේමක් දෙනව මඩ වලවල් වලින් අල්ලන්නෙ නැතුව යන්න. ඒත් අර යද්දි spray වෙන මඩ පාර නම්....( අපේ ගෙවල් ගාවින් නැගල ඇතුලට යන්න විනාදි 5 - 10 ක් යනවා.. සෙනග ගානට පැක් කරද්දි... නැත්තම් බලයි නේ මූ මොකට ෆුට් බෝර්ඩ් යන්නේ කියල හික් හික් )
ඉතින් ගිය ගමන්ම ටැප් එක බදු අරන් හෝදනව කලිසම.. හික් හික් වැස්ස දාට පාරේ පයිප්පෙ ගාව ඔය මිනිස්සු රෙදි හෝදන්නේ... අන්න ඒ වගේ ස්කොලේ ටැප් ගාව.
අපේ එකෙක් හිටියා පොර ලස්සනට ඇදල එන්නේ. එක රැල්ලක් නෑ.. ලස්සනට කරලා iron ... සපත්තු දෙක මූන බලන්න polish කරල...
කොල්ල ඇවිදින්නෙ අත් දෙක දෙපැත්තට දාල අඩි භාගයක් විතර ඇගෙන්. කාටවත් ලන් වෙන්න බෑ අත වදිනව හික් හික්.. පොර කියන්නේ නැත්තම් සපත්තු පාගල ඇදුම් පොඩි කරල කරදර වෙනව කියල...
අපේ ඉස්කෝලේ අර බෙල්ට් එක දාන්න ඉන වටේ තියෙන පටි ( නම මතක් වෙම් නෑනෙ.. ) ඒව තහනම් කලිසමට. අහු උනු තැන කැපුවා.. ඩබල් පොකට්.. තහනම්.
අහ් ඒ කාලේ ටයිට් ( tight ) එකට කලිසම අදින්න සීන් එකක් ආවනේ.. යන්තම් තද උනත් ලෙඩේ ඉතින්.. යටින් ටිකක් ලොකු උනත් ලෙඩේ..
කොල්ලො මහත් වෙලා කලිසම තද උනත් හිතන්නේ ඕනි කමින් කියල හික් හික්... අපෙ ස්කොලේ ඔය uniform ට මාර නීති. ඒ උනාට මෝස්තර නාකි වෙල කරන්නද කියල සැරටම නැතත් අපිත් කර එව්වා...
principal එහෙම හිටියොත් හැන්ගි මුත්තම් දාල මාරු වෙනවා... මොකද හුඟාක්ම ලෙඩේ දන්නේ එයානේ. කොහොම හරි දවසක් මගේ කලිසමේ සීන් එකකට අහුවෙලා office එක ඉස්සරහ period 6 k හිටන් ඉන්න උනා. හික් හික්. එකේ සීන් වලට අහු උනේ එදාම විතරයි. experience එකින්බේරිලා හිටියා.
13 වසරට වගේ ඉද්දි අපි සෙට් එකටම වගේ කෙල්ලො හිටියා. ඒක නිසා එච්චරම ඇදුම් ගැන උනන්දු උනේ නැහ. ( දා ගන්න කම් නේ ඔක්කොම හික් හික් ).
අනික experience එකත් එක්ක කුනු ගෑවෙන්නෙ නැති වෙන්න ඉගෙන ගත්ත...
කොහිම හරි ඒ වෙද්දි ටයිට් සීන් එක නැති වෙලා අර හැලෙන්න අදින සීන් එක ආව.
අපේ හසිතය විතරයි හැලෙන්න ඇන්දී.. මොකො මේ මාස ටිකට අලුතින් මහන්නය කලිසම්.
මූ කලිසම ඇදල එක යට කරන්නේ සෙන්ටි මීටරයක් විතර. කලිසමත් හැලෙනව ඒ අස්සේ. සෑහෙන ගේමක් දෙනවා ඕක යට කරන්න. හොදම වැඩේ මූ ඔක්කොම කරන් එලියට බහිද්දි හැමදාම තාත්ත සීන්.
" පොඩි පුතා මොකක්ද මිනිහෝ ඔය.. කලිසම උස්සගෙන එක යට කරන්නව පිලිවෙලකට."
මුගේ මහන්සිය වතුරේ ඉතින්. බස් එකට නැග්ග ගමන් මූ ආයෙම ඉතින් අරක මුල ඉදන් අදින්ව.
වැඩේ කියන්නේ හැමදාමත් එකම සීන් එක. මූ අමාරුවෙන් යට කරන් එනවා.. තාත්ත කෑගහනව... අයේ යට කරන් බස් එකට නැගල ආයෙම අදිනවා.
තාත්තට එපා වෙන්නෙත් නෑ පුතාට එපා වෙන්නෙත් නෑ.
අහ් අන්තිමට AL කරල එවර උන දවනේ කට්ටිය නිල් ගහලා අත්සන් කරලා විකාර නටල තිබ්බ ශර්ට් කලිසම් වල. මට චාන්ස් එක මිස් උනා ඒ... පොඩි ගෑනු හුටස් පරයක් නිසා හික් හික්.
එහෙනම් ඔය ඇති... දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... ඉතුරු කොටස් ඉක්මනටම දාන්නම්කෝ...
ඔය හැලෙන කලිසමට අපි නම් කිව්වෙ " ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කලිසම " කියලා. ධර්මරාජේ කොල්ලෙක්ටනම් හොද වැඩක් උනා ඔයවගෙ කලිසමක් ඇඳන් හිගින්. තාමත් හිනා යනවා මතක් වෙද්දී
ReplyDeleteහික් හික්... ඔව් ඔව් අර කොටුවෙ හාමුදුරුවො කිව්වෙ ලස්සන කතාවක්...
ReplyDeleteකියන්න බැරිද ධර්මරාජේ කට්ටියට උන සිද්දිය :)
haa haa Dil akki moko me ape school ekata mada gahanne :P kyannda ehenm KGHS ayage wada prasiddiye :P
ReplyDeleteඅපේ ඉස්කෝලේ අර බෙල්ට් එක දාන්න ඉන වටේ තියෙන පටි ( නම මතක් වෙම් නෑනෙ.. ) loops
ReplyDeleteඅහ් අන්න හරි... ස්තුතියි මතක් කරල දුන්නට...
ReplyDelete@ දිල්
ReplyDeleteග් ර් ර්.
එන්න එපා අපේ ඉස්කෝලෙ කොල්ලන්ට එක එක කතන්දර කියන්න.
හයන්න අල් යයන්න ස් යන්න කූල්යන්න ගැන අපි නොදන්න ලයිව්
මේ කතාව කියෝපුවාම මුලින්ම සුදු දිග කලිසම ඇන්ද දවස මතක් වුනා. අයියා කියනවා වගේම හෙණම ගේමක් දෙන්න වුණා කලිසම පරිස්සම් කරන්න.
ReplyDeleteඅපේ ඉස්කෝලේ නීතිවල හැටියටත් ලූප්ස් තියෙන්න බැහැ, ඩබල් පොකට්ස් බැහැ. ආදී වශයෙන් නීති තිබ්බා.
ඇදගෙන ආපු දවසේ Scout Room එක පැත්ත ගියාම Seniors ලා විහිළු කලා මල්ලී කෝ L board එක. දිග කලිසම ඇන්දාම සතියක් විතර L Board එක එල්ලන් තමා එන්න ඕනේ කියලා.:)
ඒ වගේම අන්තිමට සුදු ෂර්ට් එක සුදු දිග කලිසම ඇන්ද දවසේ මාර දුකෙන් තමා ඒක ඇන්දේ ආයි කවදා අඳින්නද කියලා :(
අන්තිම දවස ගැන නම් කතා කරල වැඩක් නැහ මල්ලි... ඒ කාලේ මතක් වෙද්දි හ්ම්ම් ඇත්තට ම ඇඩෙනව....
ReplyDeleteමේ පෝස්ට් එක කියවල මට තව තවත් අතීතය මතක් වුණා.ස්තුතියි පිස්සෝ!!
ReplyDelete@ බුද්ධික
ReplyDeleteමම මඩ ගැහුවෙ නෑනෙ මල්ලී. කිව්වෙ ඇත්ත. අනික ඉතින් KGHS අනිත් girls ගෙන් මට වැඩක් නෑ. මේ කෙල්ල හරියට උන්නනෙ ...ඒ ඇති... හැබැයි ඉතින් ඔයාලගෙ ඉස්කෝලෙ කොලන්ගෙන් තමා බේරෙන්න බැරි උනේ ...හික්ස්
@Chanaka Aruna Munasinghe
ReplyDeleteඅර බුද්ධිකට දුන්න උත්තරයම තමා ඉතින් ඔයාටත් දෙන්න තියෙන්නේ. මම කිව්වෙ මඩ කතාවක් නෙමේ. ඇත්ත කතාවක්. අර ඔන්න වැටෙන්න මෙන්න වැටෙන්න කලිසමක් ඇදන් ඇවිත් උන දෙයක්
@ දිල්
ReplyDeleteහ්ම්ම්. අර එළුවගෙ මොකක්දො එක වැටෙනකම් නරියෙක් පස්සෙන් ගියාලු. ඒ වගේ ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කියලා ඔයත් පස්සෙන් යන්න ඇති
hehe ekanm aththa thama Chanaka aiya,api nodannawayai meyalage wada neda,hehe :P
ReplyDeleteමම කිව්වෙ මඩ කතාවක් නෙමේ. ඇත්ත කතාවක්
ReplyDeleteමේක කියවද්දි මටත් එක කතාවක් මතක් උනා. හැබැයි මම ඉගෙන ගන්න කාලෙ නම් නෙමෙයි. උගන්නපු කාලෙ තමයි සිද්දිය උනේ. අපි ටීචර්ල කීප දෙනෙක් විවේක වෙලාවක කතා කර කර ඉන්න අතරෙදි උසස් පෙළ පිරිමි ළමයෙක් අල්ල ගත්තු සර් කෙනෙක් කොල්ලගෙ ඔන්න හැලෙන්න මෙන්න හැලෙන්න වගේ තිබ්බ කලිසමේ සාක්කු දෙකට අත් දෙක දාල කලිසම අදින්න ඕන තැනට කරල උස්සල ඇතුළට එබී එබී හිනා වෙනව, කොල්ල වස කන්න තරම් ලැජ්ජාවෙ තමයි හිටියෙ.
ReplyDeleteisimbuwa : අපොයි ඒ කොල්ලට වහ කන්න හිතෙන්න ඇති හික් හික්...
ReplyDeleteමෙතන ධර්මරාජේ හෙන සෙට් එකක් ඉන්නවා වගේ... දිල් හයි ඉෂ්කූල්ද?
ReplyDeleteධර්මරාජෙට කියන්න ගිහින් හයි ඉෂ්කූල් ගැන අහගන්න තමයි වෙන්නේ බ්ලොග් පිට බ්ලොග් පෝස්ට් වලින්... :D :D :D
කොහොම මේකේ තියෙන ගොඩක් දේවල් අපිත් කරා... තාම මතකයි.....
දිනිති කතාව ගැන පොඩි ඉඟි වගයක් මේකේ තියෙනවා නොවැ කොලුවෝ... :D :D :D
Chanaka Aruna Munasinghe ට/
ReplyDeleteමම ඔයාත් එක්ක කතාවට පැටලෙන්න එනවා නෙමේ. ඔයාගෙ උදාහරනය ඔයාට හරි යන එකක් මල්ලි. අනික ඔය වගෙ වැටෙනකම් බලාගෙන පස්සෙන් යන්න තරම් ලපටි මානසිකත්වයක් ඔයාට වගෙ මට නෑ. අනික මම ඔයාගෙ ඉස්කෝලෙට මුකුත් කිව්වෙත් නෑ. එක කොල්ලෙක් ඇදපු කලිසමක් නිස සිදු උන එක්තරා සිද්ධියක් මතකයට ආව නිස මම ඒ වගේ කිව්වම ඔයා මොකද ඒක ඇදන් බලෙන් අරන් ඇගට දාගෙන තියෙන්නේ ? මම ඔයාගෙ ඉස්කෝලෙට බැන්නද ? මඩ ගැහුවද ?
ප්ලීස් මේක මෙතනින් ඉවරයි, ඒ වගේම ඔයා......
@ දිල්
ReplyDeleteIO , dont take it serious. Just a joke ne.
Iskola gana aththatama randu wenne chooti kaalene. dan mama lokuine.
"ඒ වගේම ඔයා......"
menna meke blank eka fill karala denna.
honda akkine :D
හප්පේ පලෝ...(පලාමල්ල), අර ලේන්සු දාල ඉදගන්න කතාවනම් සහතික ඇත්ත. මොකද අපිත් දිගට අදින්න පටන්ගත්තු කාලේ ඕක කලානේ. හැබැයි ඉතින් වයසින් මුහුකුරා යද්දි ඉබේටම ඒක නැවතුනා. හැබැයි හැලෙන සීන් නම් කලේ නෑ. අර දිල් කලිසම හැලුන කතාවක් කිව්වමයි මතක් වුනේ... අපේ ඉස්කෝලෙත් ඔය වගේ වැඩක් වුනානේ. ඒක වුනේ ඉස්කෝලෙ තිබ්බ ප්‍රධාන රැස්වීම වෙලාවේ. හිතාගන්න පුලුවන්නේ කොහොම තියෙන්න ඇතිද කියල. හොද වෙලාවට ඒක Boys School එකක් :)
ReplyDeleteඅපි තාම මේ වයසෙනේ !!! අපිටනම් තව තියනවා ගොඩක් දේවල් කරන්න :P
ReplyDeleteචානක : දිල් අක්ක ( අක්ක කියල හිතනවා ) විහිලුවට වගේ කියල තියෙන්නේ... ඕක සීරියස් ගන්න එප ඔය ධර්මරාජේ ළමයි... ඒ කාලේ වෙන ෆන් වැඩනේ...
ReplyDeleteදිල් අක්කි : කව්ද දන්නේ මෙච්චර සෙට් එකක් ඉන්නව කියල නේද අක්කි හික් හික්...
අරුණ... : උබත් ධර්මරාජේද ??? හිහි..
ආදර කතාව : හපොයි ඌට ආත්මයක් නැති වෙන්නම නෝන්ඩි දෙන්න ඇති.. හික් හික්
හිඟන්නා.. : මට ඉරිසියයි බන් හික් හික්
අක්ක නෙවෙයි ඇන්ටි. අපෝ මම සීරියස් ගත්තෙ නෑ කොහොමටත්ම.
ReplyDeleteඅහල නැද්ද අර "බලන්නකො මෙයා, ධර්මරාජෙ කොල්ලො ටිකක් ට්‍රිනිටි බෝයිස්ලට ගහලනෙ " කියල හයිස්කූල් ගර්ල් කෙනෙක් මහාමායා කෙල්ලෙකුට කියපු කතාව
බලන්නකො මෙයා, ධර්මරාජෙ කොල්ලො ටිකක් ට්‍රිනිටි බෝයිස්ලට ගහලනෙ කියල මහාමායා ගර්ල් කෙනෙක් කියපු කතාව
ReplyDeleteඒ කතාව නම් අහල නැහ කලින්... හික් හික්
ReplyDeleteබලාගෙන බලාගෙන ගියාම ඔක්කොමලා එකයි :) .ඉස්කෝලේ යන කාලේ ඉබ්බා චූට්ටක් ඉතර වෙනස්. ඒත් අනික් එවුන්ගේ ආතල් වලට ඉබ්බා ලිමිට් දැම්මෙ නෑ. 12, 13 ඉන්නකංම ඉබ්බලගේ පන්තිය අතුගෑවේ ඉබ්බයි, ප්රජායි ඉතරයි.සතියෙම කුණු අපි දෙන්නා සඳුදට ඇද්දා. අපි දෙන්නා ඒක කැමැත්තෙං කරේ.කලිසං වල කුණු ගාගන්න අකමැති උං උදේ හවා අපි දෙන්නට පිං දුන්නා.:) හිහ්.ඉබට මතකයි 12, 13 අවුරුදු දෙකේම ඉබ්බ සපත්තු වල ලේස් ගැටගැහුවේ නෑ.ඉබ්බ කොහෙන්දෝ බලාගෙන ෂයින් වෙන්නෙ නැති මැට් සපත්තු දෙකක් මුලු නුගේගොඩ පුරාම ඇවිදලා හොයා ගත්තා.හිනාත් යනවා.ඉබ්බට ඉතිං හරි ලොකුයි.ඒ දවස් වල ඉතිං ඕවා මාර වැඩනේ.
ReplyDeleteලූප් කිවුවමයි මතක් වුනේ. මෙහෙ ලූප් කපපු කලිසං ඇන්දේ තුම්මුල්ලේ ඉස්කෝලෙ කට්ටිය(බ්ලොග් ගඩොල් මලයාත් ඒකෙ තමා. :P හිහ්). වලි යන කාලෙට කට්ටිය ලේබලේ ගලෝගෙනනෙ ගෙදර යන්නෙ. එහෙම වුනාම බැගී උස්සලා බලනවා ලූප් කපලද කියලා. කපලා නං ඉතිං සොරි තමා :) . ඉබ්බලගේ ඉස්කෝලෙ ලේබල් නෑ.කලිසං කකුල උස්සලා බලලා මේස් කළු නං බඩුම තමා :) .අප්පමාදෝ අමතපදංලගෙත් සාක්කුවේ පොඩි තීරුවක් තියනවා. උන්ට ගැහුවොත් එහෙම විනාසයි.මරදානෙනුත් එනවා, පුංචි බොරැල්ලෙනුත් එනවා. එක පාරක් ඉබ්බලගෙ ඉස්කෝලෙ කට්ටිය සිල් ගත්ත දවසක පුංචි බොරැල්ලෙ කස්ටිය ග්‍රෙගරි පාරට ඇවිල්ලම ගහලා ගියා. අනේ උපාසක මහත්තුරු ටික සිලුත් අරං දැහැමෙං ගුටිත් කාලා ගෙදර ආවා. හරියට ගමරාළ සිල් ගත්තා වගේ. :P හිහ්. කොහොම අමතක කරන්නද ඒ කාලෙ.
හික් හික්.... උබගේ බ්ලොග් එක කියෙව්වම ඒ කාලෙට නිකම්ම යනවා බන්. ඒ කාලෙ වගේ කාලයක් නම් ආයෙත් එන්නෙ නැහ. උබගෙ කතා කියවද්දි මම යන්නෙම අපේ 13 වසරේ පන්තියට.
ReplyDeleteඋබේ බ්ලොග් එක දිගටම ලියපන්. ඒක මරු.