skip to main |
skip to sidebar
මේක නම් පොඩි කතාවක්... අපේ ගෙවල් පැත්තෙ කොල්ලෙක් හිටිය කලුවා කියල... අවුරුදු 2 ක් විතර වැඩිමල් මට වඩා. කලුව ගැන කතා නම් අනන්ත.. ඒත් බ්ලොග් එකක දාන්න පුලුවන් කතා නම් නැති තරම්. උගේ කතා ඉක්කොම වගෙ නිල් හික් හික්.
එලමකිරි පොර.. වලි එහෙම හොයන් යන්නෙ. ඒ වගේම තමා නියම කලා පොරක්. දැන් නම් හොඳ රස්සාවක් කරන්නේ ඔය graphic designing field එකේ.
ඌ හිටපු විදියට ලොකු දෙයක්.
පොරගෙ තාත්ත හැමදාම හවසට භාගයක් ගේනව. ඒ කියන්නේ මත් වෙන එව්ව හික් හික්. සල්ලි තියෙනම් අරක්කු නැතිම දාට ගමේ බඩු හරි මනුස්සයට භාගෙ ඕනි.
පොර ඉස්තෝප්පුවෙ තියාගෙන පොඩි shot එකක් දාල පාර පැත්තෙ ගිහින් කාත් එක්ක හරි කතා කරල ආයෙ ඇවිත් shot එකක් දාල ආයෙ පාර පැත්තෙ ගිහින් නිවාඩු පාඩුවෙ ඕක බොන්නෙ. අර හොර පොලේ බොන ජාතියේ ගුඩුස් ගුඩුස් ගාල බොන්නෙ නැහ.
අපේ එකා... ඒ කිව්වෙ කලුවා ඒකෙ අනික් පැත්ත. කලුව හවසට කරන්නෙ අර මනුස්සය පාර පැත්තට ගිය ගමන් ඇවිත් අරක කටෙ තියන් ගුඩු ගුඩු ගාල උගුරු 2 - 3 ක් අදින එක. භාගෙන් භාගෙකට වඩා ඉවරයි.
තාත්ත ඇවිත් බැලුවම අරක්කු වාශ්ප වෙලා.
මූ කියල දන්නවත් ඇති.. ඇති නෙමෙයි දන්නවා. ඒත් මූට කෙලින්ම මොකුත් කියන්නත් පොර කැමති නැහ. කට හොඳ නෑනෙ. ඉතින් උන්ගෙ තාත්ත බනිනව හෝ ගාල ඉතින් බීපු එකාට. ඌට වගේ වගක් නෑ. ඒ වගේ වැඩ තමා කලුව කරන්නේ.
ඒ කාලෙ ආවනෙ ඔය අපිට වඩාත් සුදුසු ෆිල්ම් රැල්ලක්. ඇදන් ගිනි ගන්න.. ඇදුම උඩ යන.. පතිනියො අඬන ඒව ගැන හික් හික්..
ඉතින් කලුව දවසක් ගාලු යන්න හෝල්ට් එකට ඇවිත්.. ගමේ කෙල්ලෙකුත් ඉන්නවලු හෝල්ට් එකේ බස් එකක් එනකල්.
ඔය දවස් වල තිබ්බ ළමයින්ට සුදුසු ෆිල්ම් එකක්... අහ්.. නෑ මේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු... " සලුපට අහසට" කියලා. ඕකෙ පෝස්ටර් අපේ හොල්ට් එක වැහෙන්න අලවල තිබ්බෙ ඒ කාලේ.
මූත් බස් එක එනකල් ඔලුව කස කස ඇගිලි හප හප ඉදල එක පාරම අර කෙල්ල දිහාට අත දික් කරල
" ඒ... ඔන්න ඊයා "
කියන ගමන් අහකට පැන්නලු...
කෙල්ලොත් දන්නවනේ ඊයා කිව්වොත් හිතන්නෙ කැරපොතෙක් මීයෙක් මකුලුවෙක් කියලනෙ..
ඒකිත් අහකට පනින ගමන්
" ඒ මොකෙක්ද... "
මූ ගානක් නැතිව
" අහ් නෑ මේ තනපට අහසට වගෙනේ දැක්කෙ... ඒක තනපට නෙමේ සලුපට "
කෙල්ල මල හොදම එකෙන් පත්තු කරන්
" පල යන්න වලත්තය "
කියල පයින්ම අනික් හෝල්ට් එකට ගිහින්...
ඌට කොහෙද ඒවයෙ වගක් හික් හික්.
ඒක නෙමෙයි.... ඔහෙල වලත්තෙයි ??? හික් හික් දුමී එල කතාවක් ලියල තිබ්බ.. බලන්නකො.
හිකිස්
ReplyDeleteනියම පොරක්නේ.....:D
ReplyDeleteඅයියෝ හී.........හී......... හී......
ReplyDeleteහික්ස් පට්ට සීන් එක...
ReplyDeleteඒ කාලේ කොච්චර ඒවා උඩට ගියාද ? අමුතු රැයවල් එහෙමත් ආවනේ :)
ReplyDeleteමට මතක විදිහට ඔය සලුපට අහසට කියන ෆිල්ම එක තහනම් කලා ඊට පස්සේ ඒකමාකට් කලේ
ReplyDeleteතහනම ඉවතට
සලුපට අහසට කියලා :D
කැතම සීන් එක... හික්ස්... ඇඬෙනවා..
ReplyDeleteමරු තාත්තයි පුතයි..හික්ස්
ReplyDeleteපට්ට post එක.ඔය කලුවගෙ කතා තව දාපන්....මරු....
ReplyDeleteඒ අයියෙ ටිකක් එඩිට් කරල හරි කලුවගෙ කතා තව ලියන්න....පට්ට සිරා කතාව
ReplyDeleteහ හා.. ඕකෙ සීරිස් එකක් තියනවා..
ReplyDelete1.සලුපට අහසට
2. කලිසම පහලට
කොලෝනියල් වර්ශන් එක
1. රෙද්ද උඩට
2. සරම යටට
කට්ටියටම ස්තුතියි ඇවිල්ල කොමෙන්ට් එකක් එහෙම දැම්මට.... :)
ReplyDeleteකලුවගෙ කතා මතක් උන ඒවයෙන් ලේසිම එක තමා මේක. අනික්ව එඩිට් කරහම මොකුත් නැහ බන් හික් හික්. බලමු බලමු..
වැම්පි : ඒක නම් නියම වර්ශන් 2ක්... හික් හික්.
සිරා පොරක් නෙද...?
ReplyDeleteහික් හික්. ඔව් ඔව් පොරනම් සිරාම තමා.
ReplyDeleteඈ බං පිස්සො . . . කළුවා තාම ජීවත් වෙලා ඉන්නවද . . ? ඌ ඔය කරනවැයි කියපු දේවල් හැටියට නම් වැඩිපුර ආයුෂ තියෙන එකක්නම් නැහැ බොලේ . . . !
ReplyDeleteඉන්නව ඉන්නවා.... හික් හික්. හොඳ රස්සාවක් කරගෙන
ReplyDeletemaara athal kathawa pissa! sira sira!
ReplyDelete