Wednesday, July 7, 2010

ඌ මළාද බන් ???? තවත් එක් කබර කතාවක්

Share


වැම්පි කොල්ලා කබර කතාවක් ලියල තිබ්බනේ.. මටත් කබර කතා නම් ඕනි තරම්. ඒත් ඒව නිකන් ඊයා ඊයා වගේ නිසා එකක් ලියල පස්සෙ හිතුනොත් තව ලියන්නම්.

මේක අපේ සෙට් එකේ කොල්ලෙක්ගෙ වැඩක් තමා ඉතින්. නම ගම නැතුව දාන්නම්. මායි අපේ අමිලයයි... ( උගේ නම නැතිව ලියන්න අමාරුයි ) තව අපේ උන් දෙන්නෙකුයි දවසක් හැන්දෑවක කලින් කතා කරල තිබ්බ විදියට සෙට් උනා රහමෙර පානයකට.

4 දෙනාගෙන් එකෙක්ගෙ Anex එකක තමා සෙට් උනේ. අපි හුඟක් වෙලාවට උගේ place සෙට් වෙනවා. එකක් කොච්චර සද්ද දැම්මත් අවුලක් නැහ. අනික ඉඩ තිබ්බ හොඳට.



ඔන්න ඉතින් බෝතලේකුයි.. චයිනීස් එකෙන් චිකන් ඩෙවල් එකකුයි අරගෙන රෑට කන්න කොත්තු ත් අරගෙන කට්ටිය ගියා. උගේ ගාවත් තව බෝතලයක් තිබ්බා. ඕනිවටත් වැඩියි නෙ බෝතල් 2ක් ඉතින් කට්ටිය දැන් චියර්ස් කියල බොන්න පටන් ගත්තා.

පොරගෙ anex එකේ ඩබල් ඇදක් තිබ්බා... ඒක නම් ඌ බීල ඇවිත් හතර ගාතෙ දාල නිදා ගන්නමද කොහෙද ගෙනත් තියෙන්නේ. තව මෙට්ටයකුත් තිබ්බා. හුන්ග්ක් වෙලාවට උගේ කැම්පස් එකේ කොල්ලො එහෙම සෙට් වෙනවා එහේ පාඩම් කරන්න තව බොන්න එහෙම. ඒක නිසා stand by ඒව තිබ්බේ. bathroom එකත් කාමරේ ඇතුලෙන්ම යන්න තිබ්බේ. සුපිරි place එකක් අපේ හැටියට.


ඉතින් පොඩි ශොට් එකක් දාල මමයි අමිලයයි පොඩ්ඩක් එලියට බැස්සා... රෑට ලස්සනයිනෙ එලිය... හික් හික්... එලියට ගිහින් එද්දි අර බෝතලේ සෑහෙන ප්‍රමානයක් ඉවර වෙලා....

" ඒ බන් කෝ මේ... උබල දෙන්න කෙලියද ?? "

ඇතුලෙ හිටි අනික් එකා අපේ Anex හිමියා දිහා බැලුවා...

" කෝ තොපි නැහනේ. මට බැහනෙ අරක්කු හුරතල් කරන්න... "

Anex හිමියා ලඟ නවල 3ක් විතර... ඒ ඩිංගට.

ඉතින් අපි ඔහොම හිමින් සැරේ වැඩේ කරන් ගිහින් ආයෙම චුට්ටක් එලියට බැස්සා... චුට්ටක් වෙලා යද්දි අර ඇතුලෙ anex හිමිය එක්ක බිබී හිටි අපේ අනිකා ඇවිත්..

" ඒ පොඩ්ඩක් වරෙන්කො... "

බඩු තමා... අරූ හෙන කබරයෙක් ඇදලා.. bathroom එකේ දොර ගාවම... පොර එතන වාඩි වෙලා ඉන්නවා... ඔහොම සීන් එකක් දැක්කම අමිලයට ආතල්.. උගේ ආතල් එක තමා බනින එක.. හිනා වෙවී තමා ඌ බනින්නේ.



"  ඕකනේ.. ඕකනෙ.. මළ පෙරේත කමට බොනවා... කෝ එවරද දැන්... ? "

අරූ අමාරුවෙන් නැගිටලා..

" හරි හරි...  "

" වරෙන් එහෙනම් "

කියල අමිලය ඌව ඇදන් ගිහින් නාවල අලුත් සරමකුත් අන්දල ඔන්න ඇදට දාල අර කබර පාරත් හෝදලා ආයෙ ඇවිත් සෙට් උනා අපිට.


ඔය කබර සීන් වලදි අමිලයා තමා හුඟ වෙලාවට කට්ට කන්නේ... කොහොම හරි ටිකක් වෙලා ගියා..

අරූ ආයෙ නැගිට්ටා....

" ඇයි මොකෝ.... " අමිලය..

" ඕක්... ඕක්..... "  ආයෙ හෙන කබර රාජයෙක් කලින් විදියට ම bathroom එකේ දොර ගාව.

අමිලයට මළ හොඳටම. ඇයි ඉතින් ඌ හෝදලා නාවල ඇදට දාපු එකානේ.

" මොන ***** යකෝ.... " කියලා මූව ඇදගෙන ගිහින් එලියෙන් වාඩි කරවලා...

" ඔහොම ඉදහන් ටිකක් වෙලා " කියලා මූ අර කබර පාරත් හෝදලා දාල ආව.

දැන් ඉතින් ඌ කට්ට කෑවනේ.. ආතල් එක ගන්න වෙලාව... අරූට බනිනවා හොඳටම... ආතල් එකට...

" මොන ***** බැරි මඟුල නොබී ඉන්න ඕනි... මළ පෙරේත කමට බොනවා.. " ඌට බනිනව තියලා...

ටිකකින් කබර හිමිය නැගිට්ට...

" ඇයි ඒ පාර මොකො.. " අමිල...

" මේ බොගක් දාන්න බන් "

කියල මූ ආයෙම baathroom ගියා .

" ඇයි යකෝ මූ රුපියල් 50 ක බීල 100ක විතර දාල තව ත් දානවනේ... " අමිලය ඌට බනින එකමයි.. ඌ කාටත් එහෙමයි. ඌටත් මාර ආතල් ගන්න හිතෙන්නේ. joke එකට බනින්නෙ ඌ.



ඔන්න ඉතින් ටිකකින් අපේ පොර එලියට ආව... වතුර සද්ද්යක් මොකුත් ඇහුනෙත් නැහ... කොහොමත් මූ නාවල නෙ ගන්න ඕනි...

" කෝ උබ නෑවද... "

" අහ් හරි හරි... " දැන් මූ ඇදට යන්න හදන්නේ... උගේ ඇදනේ...

" මේ ***** කරන්නේ තෝ හෝදලද දැන් ආවෙ.... "

" හරි හරි.. "

අමිලය නැගිට්ට...

" මෙහෙ වරෙන් " කියල ඇදල අරන් අරන් ගිහින් shower යටින් වාඩි කරවල shower එක ඇර්ල..

" නාගෙන හෝදගෙන වරෙන් "  කියල ආව ඔන්න.


ටිකකින් පොර නාල කරල ආවම...

" දැන් නිදා ගනින් කියලා " මූව දැම්ම අර මෙට්ටෙට. ඇඳ අපිට එපැයි.. ආයෙ මූ කබරයෙක් දැම්මොත්.

ඔන්න ඉතින් ඊට පස්සෙ සද්දයක් නැහ. අපිත් වැඩේ ඉවර කරලා ඇඳට සෙට් උනා. 3 දෙනාටම හොඳට වැදිලා දැන්.
ඔන්න එක පාර...

" මේ මට ඇඳ ඕනි... " සද්දෙ එන්නෙ ඇද යටින්...  අපේ anex කබර හිමයා


" මොකක්ද බන් " අමිලයා...

" මේ උබල මෙට්ටෙට වරෙන්.. මට ඇඳ ඕනි... "


කියල ඌ නැගිටින්න හැඬුව...

ඩොග් ගාල සද්දයක් ආව... ඌ ආයෙ සද්දයක් නැහ.


පොර කැරකිලා ඔලුව ඇඳ යට තිබිල තියෙන්නෙ... නැගිටින්න හදපු පාර ඔලුව වැදිලා...

" ඒ බන් සද්දයක් නැහනේ... "

" මේ **** කෝ උබ... "

සද්දයක් නැහ...

කට්ටියටම වෙරි නේ...

" ඒ ඌ මලාද බන් ?? " ඒ අමිලය..

මම අනික් එකාගෙ මූන දිහා බැලුවා...

" අනේ මන්ද බන්... "

ටිකක් වෙලා අපි මූනු දිහා බලන් හිටියා...

" අනේ බන් මැරෙන්න නැතුව ඇති...  "

" එහෙනම් නිදා ගමු නේ බන්.. "

" ඔව් බන් උදේට බලමු "

3 දෙනාම නිදි...

ඔන්න බීමෙ රඟ... ළමයි බොන්න එපා කියන්නේ ඕකනේ.

කොහොම හරි උදේ අපි නැගිට්ටෙ දඩ පා පහරවල් කීපයක් එක්ක සුමධුරු වචන කීපයක් ඇහෙද්දි...

" පරව්... නැගිටපල්ල... රෑ තිස්සෙ බීලා බීල... නැගිටපන් "

අපේ මැරිච්ච කබර හිමියා... ඌ උදේම නැගිටලා නාල කියලා... අපිට ආතල් දෙනවා...

අමිලය නැගිටල...

" ඒ උබ මලේ නැද්ද බන්..... වෙලාවට බන්... මම හීනෙනුත් දැක්කෙ අපි 3 දෙනා මිනී මැරුවට හිරේ යන සීන් එකක් "

හික් හික්....

පිස්සගෙ අවවාදය ::: ළමයි දුම් වැටි... මත් පැන් භාවිතයෙන් වැලකී සිටීම තමාට මෙන්ම වටේ සිටින අයටත් ඉතාතාම ගුණ දායකය.

එපාම උනු මත්පැන් බීමක් ගැනත් බලන්නකො.

25 comments:

  1. සිරා කතාව අවවාදයත් හොදයි...

    ReplyDelete
  2. හෆොයි......:D...අවවාදය නම් හොඳා.....ඕව අහයිද කියන එකයි පුරස්ස්නේ......:)..

    ReplyDelete
  3. :D :D
    ඒ කබරෙටත් මැරෙන්න හිනා...
    එලම තමා

    ReplyDelete
  4. ස්තුතියි කොමෙන්ට් කලාට. අවවාදය නම් ඉතින් අර කකුලුවා කරා වගේ තමා.

    ReplyDelete
  5. බඩ ෆැලෙන්න හිනා.... ෆට්ට කතාව බං...
    හැක් හැක් හැක්...

    ReplyDelete
  6. ඔන්න පුතේ තව කතාවක් ආවෙ නැතෑ ඔලුවට! හපොයි, මතක්වෙන ඒව ලිවුවොත් අනිවා කනවා, බලමු පොඩ්ඩක් සැර අඩු කරල දාන්න. මේක නම් පට්ට කතාව. කට්ටියම එකයි බැලින්නම්!

    ReplyDelete
  7. හෆොයි පට්ට සිනා අයියෝ...
    ඔය බීම සහ කබරයා සීන් තියෙනවා අනන්තවත්.. ඒව ලිවුවොත් මට මැරුම්කන්නයි වෙන්නේ.. හික් හික්.. එලස්!

    ReplyDelete
  8. ඕකනේ අපි පාවිච්චියක් නැත්තේ :D
    හැබැයි ඉතින් බීල පිස්සු කෙලින උන් දිහා බලන් ඉන්න එක නම් මාරම ආතල් වැඩේ...හික්ස්
    අන්තිමට උන්ගෙ වමනෙ අදින්න ගියාම තමයි ආතල් එපා වෙන්නේ :(

    ReplyDelete
  9. හික් හික්..
    කබර කතාත් නරක නැහැ..

    ReplyDelete
  10. පට්ටනෙ...මේ වගේ ආතල් සීන් කියවද්දි බොන්නමයි හිතෙන්නෙ! ලොල්

    ReplyDelete
  11. කට්ටියටම ස්තුතියි කොමෙන්ට් වලට...

    වැම්පි : ලියපන් ලියපන්... හික් හික්

    හසිත මල්ලි : ආතල් සීන්... පිස්සුද බන්.. කබර දාන එකේ මොන ආතල්ද...

    ReplyDelete
  12. බබලා බොන්න එපා. හොඳේ..

    ReplyDelete
  13. පට්ට සීන් එක , ඒ වුනත් අයියා මොනා කියුවත් තාමත් ශොට් එකක් , දෙකක් දානවනේ :P

    ReplyDelete
  14. ඇත්තම කියනවනම් මමත් පුරුද්දක් විදිහට කබර පැටියෙක් වත් දාන තරමට මඳ පමනින් ගත්ත කාලයක් තිබ්බා... දැන්නම් අපි හොඳ ළමයි... නෝටි වැඩ කරන්නෙම නෑ.....

    ReplyDelete
  15. මාරයාගේ හෝරාව : හික් හික් මාර අයිය නම් ඔව්වට නැහනේ නේද හික් හික්...

    හිඟන්නා : ඔව් ඔව් ඉතින්. ඒකනෙ බන් කිව්වෙ කකුලු අවවාද කියලා.. :P

    පුතා : වැඩිය බොන නරක ළමයි නෙමෙයි වගේ හික් හික්

    ReplyDelete
  16. එළම එළ . . . මගෙත් බඩ නෑ වගේ .. . . !

    හප්පා මගෙත් කට කහගෙන කහගෙන යනවා මේව බලනකොට . . . කබර කතා ගොඩක් මතක් වෙනවා !!!

    ReplyDelete
  17. අපි ඉතින් ඇල් වතුරත් නිවලා නෙව බොන්නේ.

    ReplyDelete
  18. දුමී : ලියපන්කො බන්.. උබේ කතා නම් ගින්දර තමා


    මාරයාගේ හෝරාව : හික් හික්.... ඔව් ඔව් අපි නොදන්නවැයි

    ReplyDelete
  19. අනේ මළයෝ ඇත්තම කියන්න හිත දුකින් හිටියත් කඳුලු පනිනකන් හිනා ගියා... තවමත් හිනා....

    ReplyDelete
  20. හික් හික්. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට තිස්ස අයියා..

    ReplyDelete
  21. මත්පැන් බීම අතිශය "හයානකයි" :) :) :)

    ReplyDelete
  22. ඔව් ඉතින්.. අනුමත කරන්න අමාරු වැඩක්... :D

    ReplyDelete
  23. අයියා මේක නම් සිරාම කතාවක්....මට ඉස්කෝලේ යන කාලේ ආතල් මතක් උනා...අපි නම් බීවේ නෑ,ඒත් නයිට ගහන එක නම් බුදු ආතල්,ඒත් දැන් එක එකා එක එක තැන් වලනේ :'(

    ReplyDelete
  24. ඔව් බන්.. දැන් ඉතින් කට්ටිය එකතු කරනව කියන්නේ ඉතින් මිශන් ඉම්පොසිබල් තමා... ඔය බිග් මැච් එකකදි තමා ඒත් ඉතින් රට ඉන්න උන් එහෙම නැහනේ...

    ReplyDelete
  25. පට්ට සීන් එක...!!!!!

    ReplyDelete

Related Posts with Thumbnails