Wednesday, July 14, 2010

සිංහලෙන් ඕමි...

Share

ලැප් එකේ පරණ ෆයිල් ටිකක් අවුස්සද්දි මීට අවුරුද්දකට.. එකහ මාරකට විතර කලින් ජාලෙන්ම බා ගත්ත පොඩි භාන්ඩයක් හම්බුනා...    
" සිංහලෙන් ඕමි ඇප්ලිකේශන් " එක...  හුඟ දෙනෙක් ගාව ඇති මම හිතන්නේ...

ඔක්කොම වැඩ නවත්තල ඕමියක් ගහන්න ගත්තා... කපෝතියකුත් එක්ක කැට 10 ම අරන් තමා නැවත්තුවේ... හික් හික්...

හරි හමන් ඕමියක් ගැහුවෙ නැහ කාලෙකින්....

ඉස්සර ස්කෝලෙ යන කාලෙ නම් ඉතින් කාර්ඩ් කූට්ටම යන හැම තැනම අරන් යනවනේ.. මළ ගෙවල්.. දානෙ ගෙවල් එහෙම අත අරින කාලයක් නෙමෙයිනෙ ඔය ස්කෝලෙ යන කාලේ.. ඒ කියන්නෙ ඉතින් ඕමිත් ඒ හැම තැනකම.. හික් හික්


ඒ දවස් වල අපේ ගන නොබලන වනියා තමා ඕමි මරුවා... ඌත් එක්ක එක පැත්තකට සෙට් උනාම ඉතින් කැට 10 ගන්න එක ගේමක් නෙමෙයි... උගේ ටාර්ගට් එක කපෝතියක් තමා හික් හික්... හුඟක් වෙලාවට සාර්තක වෙන්න අනන්න වනිය දක්ශයා හික් හික්.

මළ ගෙවල්.. දානෙ ගෙවල්.. ට්‍රිප් වලදි තනි රැක්කෙ ඕමි තමා හුඟක්ම. ඒත් ස්කෝලෙදි නම් අපි කාර්ඩ් ගැහුවෙ නැහ.. සින්දු කියන එක තමා ඒ කාලේ ස්කෝලෙදි කරේ.. ඒ ගැන වෙනම ලියන්නම්කො...

මම එහෙනම් තව ඕමි අතක් ගහනවා... හික් හික්... කැමති කෙනෙක් ඉන්නවනම් ඔන්න බාගන්න පුලුවන්...

මේ ඇප්ලිකේශන් එක හදපු අයට බොහොම ස්තුතියි.


" සිංහලෙන් ඕමි ඇප්ලිකේශන් "

23 comments:

  1. අපිනම් ඕං 304 තමා......ඉස්කෝලේ යන කාලේ පැක් කීයක් නම් නැතිකොරගෙන ඇත්ද?....බූරුවෙක් හන්ඳා කීපාරක් නම් ගුටි කාල ඇත්ත්ද?........:)..

    ReplyDelete
  2. පට්ට තමයි ඒක නම්. බූරැවා ( 304 ) ගහන ඇප්ලිකේෂන් එකක් නැද්ද මචං ?

    ReplyDelete
  3. Shadow/හේමලයා : චී චී නරක ළමයි හික් හික්....
    අපේ උන්ට ඔය බූරු සීන් එක ඇල්ලුවෙ නැහ බන්. මටත් වැඩිය අල්ලනෙ නැහ ඒක... ඕමිය තමා මට නම්.

    හෙළයා : හික් හික් නැහනේ මචො... හම්බුනොත් ඔන්න ඉතින් අපිවත් අමතක කරන්න එපා... හැබයි හදන්නත් කල්...

    දැන් ස්කෝලෙ යන උන් ගහන්නේ නින්ටෙන්ඩො.. ප්ලේ ස්ටෙශන් නෙ බන්.. උන් බූරුවො/ඕමි දන්නෙත් නැහ මම හිතන්නේ. හුඟක් උන්... ( මට හිතෙන හැටි )

    ReplyDelete
  4. මචෝ, ඕමි කියන්නෙ කාන්තා ක්‍රීඩාවක්නෙ, මචං සිංහලෙන් බූරුව ගහන ඇප්ලිකේෂන් එකක් නැද්ද. හම්බ උනොත් කියපන්.

    ReplyDelete
  5. මේකෙ අපිත් එක්ක අනිත් පැත්තේ ගහන එකා රට හරකෙක් නේ. අපි කපන ඒව මූ තුරුම්පුත් දාල කපන්නේ...:P

    ReplyDelete
  6. මේකෙ අනික් පැත්තෙ ගහන එකා ගැන වැඩි සීරියස් හිතන්න එපා...මිනිහ පොඩ්ඩක් විතර මන්ද ...
    කොහොම උනත් 304 තරං ඕමි ගතියක් නෑ.

    ReplyDelete
  7. හැබැයි කාඩ් ෆන් එක ප්ලේ ස්ටේෂන්වලින් නම් ගන්න බෑ නේද බන්. මේවනේ ගේම් කියන්නේ...

    ReplyDelete
  8. කට්ටියම sinhala Oombi ගැන කථා කරන හින්ද comment එක දමන්න හිතුවේ,මෙය නිපදුවේ මගේ මිත්‍රයෙක් සහ මෘදුකාංග නිපැයීමේදී මගේ සගයෙක් වන සාලිය හම්පරාව මහතා,ඔහු උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින විට තමා මේ පිළිබද පිඹුරුපත නිර්මාණය කලේ එසේම මෙහි Multi player පහසුකම් සහිත එමෙන්ම වඩා හොද තාර්කික පද්ධතියක් සහිත නවතම සංස්කරණයක් නිපදවීමේ හැකියාවක් පිළිබද මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා එමෙන්ම මෙහි කේතය බොහෝ දුරට විවෘත කේතයක් කිරීමට ද ඉඩ ඇත.(වැඩි දුර විස්තර පසුවට ....)

    ReplyDelete
  9. හ හා.. බලද්දි ඔක්කොමල්ල එකයි නේ.. ඒ කාලෙ නොගත්තු ආතල් මක්කටෙයි! :)
    මමත් කැමති 304 ටයි බ්ලැක්ජැක් ගහන්නයි තමයි ඕං. ඕමිත් ආතල්...

    ReplyDelete
  10. දුමී : එහෙම කියන්න එපා බන්... මේ අපිත් සෙල්ලම් කරනවනේ හික් හික්... හම්බුනොත් කියන්නම් අනිවා.




    කොඩී : හික් හික් ඔව් ඔව් පොර පොඩ්ඩක් පිස්සු කරනවා හිටපු ගමන්. වැඩි අවුලක් නැහ ඒත්




    ඉන්දික උපශාන්ත : ඌට පොඩි අවුලක් තියෙනවා තමා හිටපු ගමන්...




    හෙළයා : ඔව් බන්.. අපි ගත්තු ආතල් නම් ඒවයෙන් ගන්න බැහ.. ඒත් දැන් උන්ට ඒවනේ ඕනි...

    ReplyDelete
  11. ගොඩ කාලෙකින් ඔන්න මේ පැත්තෙ ඇවිදින් යන්න ආවේ. බලගන ගියාම මේ හරිම නරක ළමයි ටිකක් නෙ.

    ReplyDelete
  12. Kalinga Gunawardhana : බොහොම ස්තුතියි විස්තර වලට... වැඩි දියුනු කරලා ඉදිරිපත් කරනවා නම් හුඟක් හොඳයි...
    සුබ පතනවා...



    Ansh Lucky Sri Jay : :D



    Hasitha ජයසූරිය : එල දත් අහල..


    වැම්පයර් : මොකෝ නාකි වෙලා ගන්නද නේ බන්....

    ReplyDelete
  13. isimbuwa : හප්පේ ඒ මොකෝ ඒ... මේ අපි... හික් හික්...

    බූරු ගසන නරක ළමයි හෙම නොවේ අපි.. හික් හික්

    ReplyDelete
  14. ඕම් දිරවන්නේ නෑත .... :(

    ReplyDelete
  15. හික් හික් බූරු දිරවනවද ???

    ReplyDelete
  16. කාඩ් කුට්ටම කියන එක පාළු කපන්න අරන් යන්න ඕනේ අතිශය වැදගත් එකක් නේ. අපේ පුරාවිද්‍යා දේශනයකදී ෆීල්ඩ් ට්‍රිප් එකක් යද්දී අරන් යන්න ඕනේ අතිශය වැදගත් එකක් හැටියට කාඩ් පැක් එකත් අපේ එවුන් නම් කරලා තියෙන්නේ :)

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අනිත් පැත්තේ සෙල්ලම් කරන පොරට නිකං දෙක දෙක වගේ නේද?මෑන්ස් පිස්සුනේ කෙලින්නේ...
    හොයා ගන්න නැද්ද 304.සමහර දවස් වල ප‍්‍රැක්ටිකල් ටයිම් එක පට්ට කම්මැලියි.

    ReplyDelete
  19. Hasitha : හික් හික්... හරියට හරි... අනිවාරය දෙයක්



    පොජ්ජේ : පොඩි අවුලක් තියෙනවා තමා.. ගානක් ම නෑ... නැහ බන්.. හම්බුනේ නැහ එහෙම එකක්..

    ReplyDelete
  20. ඕක මම හැදුවෙ ටික කාලෙකට කලින්... ඒ දවස් වල game එක කෙලින පිස්සු මට එච්චර තේරුනේ නෑ.... දැන් තමයි පොඩ්ඩ පොඩ්ඩ අවුල් අහු වෙන්නේ.... ඒවා හදනවාට වඩා ලේසියි ආපහු අලුතින්ම ගේම් එක හදන එක..

    අලුත්ම සංස්කරණයේ ගොඩක් වැඩ ඉවරයි.මේක කලින් තරම් පිස්සු කෙලින්නෑ..අලුත් එකේ network play කරන්නත් පුලුවන්.. හැබැයි වැඩකරන version 1ක් එලියට දාන්න තව ටිකක් කල් යයි.... මේ දවස් වල මට exam....

    අදහස් දීපු හැමෝටම බොහෝම ස්තූතියි.....

    ReplyDelete
  21. අලුත් එකක් එනවද.... හොඳයි නෙට්වර්ක් ප්ලේ කරන්න පුලුවන්නම්... වටිනා වැඩක්... ස්තුතියි මේ වගේ වැඩසටහනක් හැදුවට. :)

    ReplyDelete

Related Posts with Thumbnails