Sunday, July 18, 2010

කඳුලු ගෑස් මොකටද අපි හැමදා අඬනවෝ...

Share


පොලු රයිෆල් අරගෙන වියරු වෙලා වගේ...අද You tube එක පැත්තෙ රවුමක් දාද්දි හම්බුන සින්දුවක්.. ජංජාලේ හොයල බැලුවම සහ කටහඳින් නම් ගුනදාස කපුගේ මහත්මයගේ.... 




පොලු රයිෆල් අරගෙන වියරු වෙලා වගේ...
පෙළපාලියෙ අපට ගහන පොලිසියෙ මලේ...
උබයි මායි මලේ...
දෙන්නම එක පිළේ... //

සොච්චමකින් වැඩි පඩියක් ඉල්ලන්යි මලේ...
කෑම පැයේ බඩට නොකා අපි පිකටින් කලේ..
ඉහල අණට කීකරු වී අපට තලන මලේ..
ඇඟට වඩා හිත රිදෙනවා ගහන ගහන සැරේ...

පොලු රයිෆල් අරගෙන වියරු වෙලා වගේ...

අපි දෙන්න ඉත්තො වගේ කව්දෝ අදිනවෝ..
නිල ඇඳුමට යටින් තියෙන හදවත දන්න
වෝ..
රබර් උන්ඩ පහර වැදී රිදුම් ගෙනෙයිදෝ..
කඳුලු ගෑස් මොකටද අපි හැමදා අඬනවෝ...




 කාලෙට ගැලපෙන ගීතයක් නේද කියල හිතුනා... පහුගිය දවස් වල ඔය විශ්ව විද්යාල ළමයින්ගෙ උද්ගෝශන... එක එක පෙළපාලි... පිකටින් වලදි අපේ පොලිසිය හැසුරුනු ආකරය දකිද්දි...


ඒ විතරක් නෙමෙයි... අර මාරන්තික උපවාස වෙලාවෙ පොලිසියට උසස් දේශපාලකයො කතා කර ආකරය
දැක්කම... ඒ දේශපාලන ඕර්ඩර් වලටම අහිංසකයන්ට ගහන පොලිසිය මතක් වෙද්දි... මේ ගීතය හොඳටම ගැලපෙනව කියල හිතුනා.


ඒත් හුඟක් වෙලාවට අපි බැන්නට.. පොලිස් සොක්කො කරන්නෙ අණ පිලිපැදීම හෙවත් රැකියාව බේරගැනීම තමයි... ලොක්කොත් එහෙම තමයි... පේනවනේ ලොක්කො ලොක්කොන්ට කතා කරන විදිය.. සොක්කො ගැන කුමන කතාද...


එතකොට මේ අපි... ??????


" කඳුලු ගෑස් මොකටද අපි හැමදා අඬනවෝ... "


හුඟක්ම හිතට දැනෙන්නෙ මේ කොටස මටනම්..... කැමති කට්ටීය ඉන්නවනම් බාගෙන අහනකෝ.... 



Download ::
කඳුලු ගෑස් මොකටද අපි හැමදා අඬනවෝ..



කපුගේ මහත්මයා ගැන වටින ලිපියක් වැම්පි ලියල තිබ්බ...  වගේම අපේ ආදරය බ්ලොග් එකෙත් වටිනා ලිපියක් තිබුනා.. බලන්න කැමති නම්.

11 comments:

  1. කඳුලු ගෑස් මොකටද අපි හැමදා අඬනවෝ..බැටන් පොලු පාර මොකටද අපි හැමදාමත් තැලෙනවෝ......:(...

    ReplyDelete
  2. නියම සින්දුවක්... බොහොම ස්තූතියි මේ ගැන ලිව්වට. මේ වගේ ඒව තව ඕන වෙයි ඉස්සරහට...

    ReplyDelete
  3. හැමෝම අසරණයි මචං. මොනවා කරන්නද ?.
    එල පෝස්ට් එක

    ReplyDelete
  4. නියම ලිපියක්..
    අදයි මේ ගීතය නම් ඇහුවේ.

    ReplyDelete
  5. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..

    නියම සින්දුවක් නෙ. බොහොම ස්තුතියි කොල්ලා..

    ReplyDelete
  6. "අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙන්නේ"

    ReplyDelete
  7. අපි අසරණයි..අපි පව් තමයි

    ReplyDelete
  8. කලින් අහල නෑ.
    වටිනාම අදහසක් ගීතයෙන් කියවෙන්නෙ. කාලීන අව්‍ශ්‍යතාවයක්.

    ReplyDelete
  9. අහලා බලන්න ඕනේ ......

    ReplyDelete
  10. මරු සිංදුවක්. කලින් අහල තිබ්බෙ නම් නෑ, සිරා තේරුම්

    ReplyDelete
  11. මාත් කලින් අහල තිබ්බෙ නැහ. කට්ටියටම ස්තුතියි ඇවිල්ල අදහස් පල කරාට :)

    ReplyDelete

Related Posts with Thumbnails