Tuesday, July 20, 2010

ඩෙංගු මාරයාට විසදුම් පැපොල් කොලෙන්

Share


මේ දවස් වල ලංකාවෙ ආයෙම ඩෙංගු  මාරය හිස ඔසවනවා කියල දැනගන්න ලැබුනා.. මදුරු කීටයො ගෙනල්ල ඔය දේවල් දැන් ගිය අවුරුද්දෙ ඉදන් කරනවනේ... එත් ඕව තව අවුරුදු කීයකින් කෙරෙයිද දන්නෙ නැහ...

මේ සටහන දැනටමත් බ්ලොග් අවකාශෙ හුඟක් දෙනා කියවල ඇති... ඒත් එක්කෙනෙක් හරි දකිනවනම් ලොකු දෙයක් නිසා දාන්න හිතුනා...

දුමී ගෙ බ්ලොග් එකෙන් සහ දෙරන අඩවියෙන් තමා ගත්තෙ මේ සටහන.

ඩෙංගු එන කාලෙට විතරක් ඒකට ප්‍රතිකර්ම හොයල.. පරිසරය සුද්ද කරල දගලන්නෙ නැතුව හැමදාමත් අපි ඒ ගැන හිතල වැඩ කරනවනම් ප්‍රශ්න අඩු වෙයි කියල හිතනවා...

********************

ඩෙංගු මාරයා පරද්දමුද ?


පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.

ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?

************************

ඩෙංගු සුවයට ගස්ලබු කොළ

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් කොළ යුෂ මිලි ලීටර් 10ක් පානය කිරීමට දී තිබේ.

සාමාන්‍යයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් ඕනෑම රෝගයක් සුවවීමේ ප්‍රතිශතය වන්නේ 50%ක් පමණය. නමුත් පැපොල් යුෂ යොදා ගනිමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය 100%ක් බවට ඔප්පුවී ඇතැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කර ඇත. ඵලදාව ඇති, හොඳින් වැඩුණු රතු වර්ගයේ ගස්ලබු (Red lady) ගසක පත්‍රය පමණක් ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා එම පත්‍රය වංගෙඩියක දමා කොටාගත යුතුය. වතුර හෝ ලුණු වතු නොදමා ගස්ලබු කොළය පමණක් මෙසේ හොඳින් කොටා ගෙන එයින් මිරිකා ගත් සාරය බීමට ගත යුතුය. සීනි හෝ වතුර හෝ කිසිවක් මිශ්‍ර නොකර ගස්ලබු කොළ සාරය පමණක් පානය කළ යුතු බව වෛද්‍ය හෙට්ටිගේ මහතා සඳහන් කරයි.

වැඩිහිටියන් මි.ලී 10ක ප්‍රමාණයක්ද, වයස අවුරුදු 05 - 12ත් අතර ළමුන් මි.ලී 05ක් ප්‍රමාණයක්ද දිනකට දෙවරක් පානය කළ යුතුය. ඩෙංගු වැළඳී අසාධ්‍ය මට්ටමේදී මෙය පානය කිරීමේ ප්‍රතිඵලයක් නොලැබේ. ඩෙංගු යැයි හඳුනාගත් වහාම මෙය පානය කළ යුතු අතර ඩෙංගු රෝගය සඳහා දෙනු ලබන බෙහෙත් සමඟ මෙය බීමට ගත හැකිය.

මෙසේ පැපොල් කොළ යුෂ බීමට ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ සුදු රුධිරාණු මෙන්ම රුධිර පට්ටිකා වර්ධන කෙරේ. එසේම ‍ රුධිරය කැටි ගැසීම වර්ධනය කරන අතර ඩෙංගු වැළඳීමෙන් අක්මාවට වන හානිය යම් තරමක් දුරට සමනය වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා 150,000 - 350,000 අතර පවතී. ඩෙංගු රෝගය වැළඳීමෙන් එය 150,000ක් වැනි අඩු තත්වයක් පැවතියහොත් පැපොල් කොළ පානය කිරීමෙන් එය වර්ධනය කරගත හැකිය. 


 *********************

මේ ප්‍රතිකාර ක්‍රමය මා අත්හදා නොමැති අතර ප්‍රතිපල හා ප්‍රාතිකාර ක්‍රමය  පිලිබදව අන්තර්ජාලය තුලින් දැන ගත් කරුනු පමනක් මෙහි පල කරන ලදි.

7 comments:

  1. අගනා ලිපියක්....පැහැදිලිව විස්තර කරල තියෙනවා...ජය වේවා....:)..

    ReplyDelete
  2. දුමීගෙ අදහසට අනුව මමත් පොඩි පබ්ලිසිටි පාරක් දානවා. සිංහල බ්ලොග් කරුවෝ හැටියට ඒක අපේ වගකීමක්

    ReplyDelete
  3. සුදු ලූණූ ඉස්ම සමග බීට් රූට් ඉස්ම ගැනීමෙන් ඒඩ්ස් හොදවෙන බව දකුණු අප්‍රිකාවේ සෞඛ්ය ඇමතියා කීවේ. ඒ වගේම, බිත්තරයක් හිල් කරලා, ඒ කට්ටට රස දිය පුරවලා, උදේ පින්නට අහුවෙන්න තිබ්බහම ඒක හූ කියනවා කියන්නේ ගමටම ඇහෙන්න - අපේ මාමා කීවේ. සමහරු ඔය වාගේ දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්න බැහැයී කියලා යට ගහන්න හදනවා. ඒ වුනාට මතකනේ වතුරෙන් දුවන කාර් එකක් හැදුවෙ ලංකාවෙ කොල්ලෝ දේශීය ක්‍රමේට. විද්‍යාව බල බලා හිටියනම් තමවම් ලංකාවේ කාර් පැට්‍රල් ගහගෙන තමයී දුවන්නේ.

    ReplyDelete
  4. මේ ගැන රජය මූලික වෙලා සොයල බලල සාර්ථක ක්‍රමයක් නම් ඉතාම පහසුවෙන් යොදා ගන්න හැකියාව තියෙනවා... ඒත් ඉතින් ලංකාවෙ රජය ඕව කරද්දි ඉතින්....

    මේ ගැන දන්න දන්න අයට කියන එක තමා කරන්න පුලුවන් අපිට. සියලුම තොරතුරු දුමී ගෙ අඩ්වියෙන් සහ දෙරන අඩවියෙන්... සම්පූර්න ස්තුතිය ඔවුනට.

    ReplyDelete
  5. අඹ සමඟ සුදු කිරි පානය කිරීමෙනුත් පුළුවන්ලු....
    http://www.lankadeepa.lk/2010/07/19/front_news/02.html

    ReplyDelete
  6. බොහොම ස්තුතියි ඒ ගැන දැනුවත් කරාට.

    ReplyDelete
  7. වටිනා ලිපියක්, මටත් ඔය සම්බන්ධයෙන් ලියන්න ඕනේ උනාට වෙලාවක් ලැබුනේ නැහැ. මම දුමී ගේ ලිපිය උපුටා දැක්වුවා..

    ReplyDelete

Related Posts with Thumbnails