මේක මේ ලඟදි දවසක ඒ කියන්නේ පෙරේද රෑ ඔය කට්ටිය එකතු වෙලා පොඩි මත් වීමකට සෙට් උන වෙලාවෙ උනු කතාවක්.... අපේ මිත්‍රයෙක් තමයි කිව්වේ....
කතාවකුත් නෙමෙයි... නිකන් පොරට හිතිච්ච සීන් එකක් වෙන්න ඕනි... හැබයි ඇත්තකුත් තියෙනවා... ඒත් ඒ දිගේ හිතන්න නම් ගියේ නැහ මම...
අනික කතාව පටන් ගද්දිම කපන මන්ඩලෙන් ලෙඩක් දැම්ම නිසා පටන් ගත්තු ටික විතරක් දාන්නම්. ආයෙ දවසක පොර බෝතලකට සෙට් වෙලා ඔයා සීන් එක ගැන කතා කරොත් ඉතුරු ටික.
පරන කාලෙ රජවරු තමා සීන් එක.
" උබල දැන් ඔය සීගිරියයි ඒක හදපු කාශ්යපයි ලොකු කරගෙන.... යකෝ කාශ්යප කියන්නේ තාත්තව මරපු ආනන්තරීය පාප කර්මය කරපු පොරක්... මිනිහා සීගිරිය හැදුවෙ 8 වෙනි පුදුමය කරන්න නෙමෙයි... මුගලන් කුමාරයා ආයෙ ඇවිල්ල ඔටුන්න අයිති කර ගනියි කියන බයට... හැංගිලා ඉන්න තමයි පොර සීගිරිය හැදුවෙ.
අනික බන් ඕකා හෙන බඩු කාරයනෙ... ලොකුම අංතප්පුරේ තිබ්බෙත් පොරට. උබලට දැන් ඔය ලොක්කෙක් ගෑනියෙක් එක්ක නැටුවොත් තමයි පත්තරේ දාල ටිවි එකේ දාල මැරෙන්න හදන්නේ... ඒ කාලේ ගෑනු 500 ක් තියන් හිටියත් රජ්ජුරුවො නෙ...
අනික බන් ඔය පහුගිය කාලේ ලොක්ක... ඇමතිලා යද්දි පාර පොඩ්ඩක් වැහුවම මුන්ට තද වෙනවා... ඒ කාලේ ලොක්කෙක් යද්දි පාරෙන් අයින් වෙලා කානුවකට බහින්න ඕනි... නැත්තම් කස පාර... මුන්ට ඒව හොඳයි....
ඔය දේවානම් පිය තිස්ස.. "
" මේ යන්නෙ නැද්ද... හෙට ළමයින්ට ස්කෝලෙත් තියෙනවා... කාල එන්න යන්...රෑ වෙලානෙ... ඔය ඇති "
වගකිව යුතු ඉහල තැනින් අපේ කතානායකට අණක්. හික් හික්...
" එහෙනම් අපි හම්බවෙමු... " පොර මාරු...
ගතියක් තියෙන කතාවක් ආයෙ දවසක සෙට් කර ගන්න ඕනි පොරව.... මට අජිත් ගෙ බයෙන් බයෙන් ත්‍රිල් ගත් රට සින්දුව මතක් උනා...
********************
මුරලි ගේ... 800 වෙනි කඩුල්ල දවා ගැනීමට සුබ පතනවා.... ඒ වෙනුවෙන් හුඟක් අය පෝස්ට් දාපු නිසා වෙනම දාන්න හිතුනෙ නැහ...
ජීවිතේ දැකපු උසස්ම... දක්ශතම... ක්‍රීඩකයෙක්... දුකක් දැනෙනව ආයෙ මුරලි ටෙස්ට් සෙල්ලම් කරන්නෙ නැහනෙ කියල... ඒත් ජීවිතේ ඔහොම තමයි.
මට නම් හිතෙන්නෙ නැහ මුරලිගෙ වාර්තාව තව දශකයකටවත් බිඳ හෙලන්න පුලුවන් කියල...
ඔබට ජය.
මායිමේ ඉදන් ( කෙටි කතාව )
-
උතුරු අහසින් හමා එන සුළගේ ඒ තරම්ම සිසිළසක් නොතිබුනාට මේ නිල ඇදුමට අතරින්
වෑහෙන දාඩිය බිදු වලින් මොහොතකට හරි ගතට සුවයක් දෙන්න මේ සුළගට පුළුවන්..
ඈතින් ඇහෙ...
11 minutes ago




කොයි කොයි සිංහයත් බැන්දයින් පස්සේ බලු වෙනවා කියලා කතාවක් තියනවනේ :)
ReplyDeleteමුරලි ගැන කියනවානම්. මුරලි තමයි නම්බර්1, ඒත් සුද්දට ඒක දැකලා පස්ස කහනවා වගේ, මං දැක්කා London evening Satndard එකේ දාලා තියනවා. " කොහොම වුනත් වෝන් නම්බර් 1 " කියලා.
රජවරුන්ට බනින්න ගිහිල්ල අපිව උල් හිඳුවයිද දන්නෙත් නෑ නෙව.හැබැයි ඉතින් කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු නම් තියෙනවානෙ ඕනැතරම්....:)).
ReplyDeleteමුරලි ගැන නම් ඉතින් අමුතුවෙන් කතා කොරලා වැඩක් නෑ....ක්‍රිකට් ලොවේ ශ්‍රී ලාංකීය සලකුණ....හැබැයි ඊයේ ඉන්දියාවටත් පොඩි තෑග්ගක් හම්බුනා මුරලි හින්ඳ...මාලින්ග වැඩිපුර දාපු නැති හන්ඳා ඉනිමකින් නොකා බේරුනා.......:)..
බෝතයක් සැට් කරලා ඉතුරු ටික අහගත්තත් පාඩු නැහැ මචෝ ...
ReplyDeleteමුරලි යනු ජාතික සම්පතක් ....
හේමලයා කියන එකත් ඇත්ත..
ReplyDelete:)
මුරලිගේ සමු ගැන්ම ගැන නම් දුකයි. හැබැයි මේක තමයි නියම වෙලාව කියලා මට හිතෙනවා.
හික් හික්!! පවුල් පන්සල් වුණාම අපිටත් ඔහොම වෙයිද දන්නෑ !!
ReplyDeleteමුරලි සමුගත්තෙ නියම කේසර සිංහයෙක් වගේ.අපේ සනත් ලොක්කටත් හොද පාඩමක්!!
රජ වරු ගැන කියන්න නම් දන්නෙ නැ මම..
ReplyDeleteඅපේ ජාතික සම්පතක් වෙන මුරලි ගැන "බ්ලොග් ගැඩොල්" කියපු කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.. රොෂාන්ලා, කළුවිතාරණලා වගේ කැපෙනකන් හිටියෙත් නැ.. ජයසූරියලා වගේ එපා වෙනකන් හිටියෙත් නැ.. ලංකාවෙ නම ඉහලින්ම තියලා නම්බු ඇතුව සමුගත්තා..
හෙළයා : එහෙම කියනවනේ... වෙලාම බලන්න ඕනි ඉතින් හික් හික්..
ReplyDeleteඅපෝ ඔය සුද්දන්ට දරා ගන්න බැරුව කියන කතානේ බන්... ඔන්න මම දැක්ක වෝට් එකකුත් යනවා.. උන්ට දරා ගන්න බැහ සුදු හම නැති එකෙක් මෙච්චර වැඩක් දුන්නම.
Shadow/හේමලයා : ඔව් ඔව් ඒක ඇත්ත... කාගෙ කාගෙත්... :D
වැප් : ඔව් බන් පාඩු නැහ... ඒත් ඔය පවුල් වුනු මිනිස්සු නෙ බන්...
Ansh Lucky Sri Jay : ඔව් ඔව් ඇත්ත... මුරලි ගෙ සමුගැනීම ගැන නම් දුක තමයි... ඒත් ඔහොම තමයි ඕවා නේ....
ReplyDeleteblog gadol : උබ මට කලින් පවුල් උනොත් කියපන් කො හික් හික්...
අපෝ ඔව් ඔව් සනත් නම් වන කර ගත්තා... මම ගරු කරපු දක්ශ ක්‍රීඩකයෙක්. ඒත් ඔහුගේ වටිනාකම ඔහුම නැති කරගත්තා....
සෝරෝ : ඔව්... සමහරු අයින් වෙනවා දන්නෙත් පස්සෙ... එක්කො කැපිල කැපිල ගිහින් නැති වෙලා... ඒ අතින් මුරලි නියමයි..
අරවින්ද.. මුරලි... මොනව උනත් දුකයි... 1996 ලෝක කුසලානේ ගත්තු ටීම් එකේ හිටිය අයගෙන් අන්තිමයත් නැහනේ දැන්...
හික් හික්.. බෝතලේකට පාඩු නෑ නේන්නම්. අපේ එකෙක් ඔය වගේ වෙලාවක කිවුව "උඹල ඔය ඉන්දියාවට බැන්නට, ධර්මාසෝක රජතුමා පුතා පිටුවහල් කරපු නිසානෙ බොල අපි මෙහෙම ඉන්නෙ " කියල.. හික් හික්... ඒ වෙලාවෙ නම් අපි හිනාවුනේ නෑ. මමද කොහෙද "ඇත්ත නේන්නම්" කියලත් තියෙනවලු.. අනේ මන්ද ඕව නං.!
ReplyDeleteවෙරි මර ගාතේ හරි උබයි ඌයි දෙන්නම කියල තියෙන්නෙ ඇත්ත.... හික් හික්
ReplyDelete@helaya: mamath ooka dakka machan. mama eeka liyala thibba ekaagea amma mathak kara saahena welaawak yanakan lol.
ReplyDelete@ pissa: Guardian eke vote ekak yanawa, anthimata mama baladdi nan Murali leading. Habai ithin umba kiwwa wage munta dara ganna bari eka thamai. Monawa unath eeye dawal (Uk time eken) Guardian, Times, BBC wage okkoma websites wala main news eka ooka. Nikan nevei pol thadi photos uth ekka. eewa dakkama nan maara sathutak danuna. Muralita jaya!
කතාව මැක්සා ! මුරලි සිරා !
ReplyDeleteඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ, I don't know why!!!
ReplyDeleteමුරලිගේ සමුගැන්ම ඇත්තටම දුකක් ....
ReplyDeleteරජ කාලෙත් ඔහොම තමයි....... දැන් තමයි නරක.
ReplyDelete"දුක තමා රංජනී"
Anonymous : කොහොම කිව්වත් බන් ඔය සුද්දන්ට කලු හම තියෙන එකෙක් තැනක දෙයක් කරාම දිරවන්න අමාරුයි... මමත් දැක්ක ඔය පෝල් එක.. අනේ උන්ගේ පෝල්... ලෝකෙම දන්නවනේ මුරලි කව්ද කියල...
ReplyDeleteHasitha ජයසූරිය : :D :D
කොඩී : හික් හික්.. ඇයි උබට කානුවෙ බහින්න ආස හිතුනද හික් හික්
Unknown_User/හිඟන්නා : ඔව් බන් ඇත්තටම....
ReplyDeleteHasitha : හික් හික්... ඒ කාලේ ඉතින් රජගොල්ලනේ... හැබයි දැනුත් එහෙමයි ලුනේ හික් හික්
ඒ දවස්වල දැන් කාලේ රජවරුන්ට වගෙ වෙන විනෝදාංශ මොකුත් තියෙන්ට නැතුව ඇතිනෙ බන්... තියෙන එකම විනෝදාංශය අන්ත:පුරේ පැත්තෙ යන එක විතරයි වෙන්ටැ.. අපි ඔහොම බනින එක පවු මචං...
ReplyDeleteමුරලි නම් සිරාවටම වීරයෙක් මචං... අන්තිම මැච් එකට කලින් මනුස්සයා කියල තිබ්බා යන්ට කියන්ට කලින් තමන්ම යන්ට තීරණය කරපු එක ගැන සතුටු වෙනවා කියලා..
අනිවා... මුරලි කියන්නේ ටොපේ ටොප් එළ බුලට් එකක්.. අපේ අනිත් අංකල්ලට මේව හොඳ පාඩං
ReplyDeleteපුතා : හික් හික්... ඔව් ඉතින් දැන් අයට නා නා ප්‍රකාර සෙල්ලම් නේ...
ReplyDeleteමුරලි ගත්තු තීරනය හොඳයි. ඒත් අර්ජුන කියල තිබ්බෙ තව ඉදල 1000ක් ම ගන්න තිබ්බනේ කියලා... 1000 කෙසේ වෙතත් ඔය වගේ උපරිමේ ඉද්දි අයි උන එක හොඳයි... අපට දුකක් උනත් ඔහුගෙ අඩුව.
වැම්පයර් : අනිවා.
සීගිරි කස්සප ගැන මම හිතන විදිහ නම් මීට සපුරාම වෙනස්. . .තාත්ත්ව මරපු කෙනෙක් නම් මල්ලි ඇවිත් යුද්ධ කරයි කියලා බයේ හිටපු පොරක් නම් කවදාවත් ඒ තරම් ලස්සන නිර්මාන කල යුතුයි කියලා සංකල්පනා පහල වෙන එකක් නෑ . . මම හිතන්නේ ඔහු ගැන ලියපු අය(ඉතිහාසේ ලියපු අය අතරින්) මොකක් හරි හේතුවක් නිසා ඔහු එක්ක තරහින් ඉන්න ඇත්තේ
ReplyDeleteඅනේ දේවානම් පිය තිස්ස ගැනත් අහගත්තානම් මරු නෙව අපරාදේ
ReplyDeleteඅහන වටින කතාවක් හිකිස්
මුරලි නියම ශ්‍රී ලාOකිකයෙක් ඔහු ගැන කියන්නට වචන මදිය
දුකා : ඒක නම් මට තේරෙන්නෙ ත් නැහ දුකා අයියා... කොහොමත් ඔය ඉතිහාස පොත් එක් එක් යුග වල එක් එක් පාලකයන්ට බර වෙලා ( ඔය රාජ්‍ය් මාධ්‍ය් වගේ ) ලියවිලා තියෙනවා කියල මටත් හිතෙනවා.
ReplyDeleteහසී රන් : ආයෙත් අහල... කොහෙද ඉතින්... ඉහලින් ආපු අණ පිලිනොපැද්දොත් ඉවරනේ හික් හික්