Saturday, July 24, 2010

ශර්වුඩයේ රොබින් හුඩ් ගැන මගේ මතකය....

Share


කට්ටියට මතක ඇතිනේ.... ROBIN HOOD.... මම මුලින්ම රොබින් හුඩ් බැලුවෙ 2 නැත්තම් 3 පන්තියේ ඉද්දි... ඊට පස්සෙ ආයෙම ගියා මට මතක විදියට 5 දි ද කොහෙද...


ඒ කාලේ ඉතින් ජීවිතේම රොබින් හුඩ් තමයි. වෙන දැන් වගේ චැනල් ගොඩක කතා ගොඩක් නැහනේ...
ඊට පස්සෙ ආයෙම පෙන්නපු හැම පාරම වගේ ආසවෙන් බැලුව අදටත් ආසම ටීවි සීරිස් එකක් තමයි රොබින් හුඩ්.


රොබින් හුඩ් කියන්නේ කතාවක් ම විතරක් නෙමෙයි මට... හුඟක් ලස්සන මතකයක්.


ඉස්සර අපේ ආත්තමලයි ගෙදර නැවතිලා හිටි කාලයක් තිබ්බ. ඒ කාලෙ ඔය පිස්සුව හොඳටම තිබ්බ.


ලඟ ඉන්න උනුත් එක්ක සෙල්ලම් කරන්නෙ රොබින් හුඩ්. ( දැන් ළමයින්ට වගේ ජංජාල... ප්ලේ ස්ටේශන්... අරව මේව නැහනේ )...
ආත්තමල්ගෙ ගෙදර එක්ක පිටිපස්සට මහ වත්තක් තිබ්බ. උඩට යන්න කැලේ... ගල් තලාවල් එක්ක.


ශර්වුඩ් කැලේ වගේ තමා අපිට ඒක... ඔය වත්තෙ උඩහටම යන්නත් බයයි ලොකු කෙනෙක් නැතුව... ඉතින් හිතා ගත හැකිනේ ශර්වුඩ් එක ගැන.


දිග කෝටු කෑල්ලක් ( ගිරිසීරියා ) වගේ එකක ලනුවක් බැඳලා හදා ගන්නවා දුන්නක්.


ඊට පස්සෙ ඊතල... එච්චරම සාර්ථක නැතත් විදින්න පුලුවන්....
පස්සෙ මම ඔය අපේ පොඩි මාමට කියල දුන්නක් හදව ගත්තා... ගින්දර වගේ. විදිත හැකි රොබින් පරදින්න. අනික් උන්ට මාර ඉරිසියයි හික් හික්


ඊට පස්සෙ කඩු... ඒත් ලී කෑලි තමයි. හරහට චුට්ටි ලී කෑල්ලක් ගැට ගහනව රොබින් ලගේ කඩු වගේ වෙන්න.


හැබයි ඇල්බියන් අසිපත ඒකෙ නමත් කොටල තිබ්බ අපි හික් හික්.


අහ් අපිට සිල්වර් ඇරෝ එකකුත් තිබ්බ. ඒක කන්දේ ගලක් උඩ හංගල තිබ්බේ. ඒ ගල තමයි බැරන්ගෙ මාලිගාව.


ලොකුම ගල් තලාව තමයි ශෙරීෆ් ගෙ බලකොටුව. ඒක තරනය ඉතින් අර රොබින් ල දෙන ගේමටත් අමාරුයි ඒ කාලෙ ඉතින්.


සෙබලු තමයි ඉතින් වත්තෙ තියෙන පොල් ගස්... තැබිලි ගස්. ලොකු ගස් තිබ්බා ඒව තමයි ශෙරිෆ්... ගිස්බන්... හික් හික් මතක් වෙද්දිත් ආසයි ඒ කාලේ...


ඉතින් ගස් අස්සෙ ඉදන් විදිනවා සෙබලුන්ට....


කඩු ෆයිට්... තමයි ලෙඩේ... ඔය ගස් පතුරු ගහන්න ඇති ඒ කාලේ... තව හබරල... ගාල් එහෙම ඉවරයි... චප්ප්යි කඩු ෆයිට් එවර වෙද්දි හික් හික්...


මැරියන්ට නම් කෙල්ලෙක් හිටියේ නැහ... ඔය කොලඹ හිටිය අම්මගෙ අක්ක කෙනෙක් ගෙ දුවෙක් හිටියා.. ඒකි ආවම අල්ල ගන්නවා... ඒකිට දිරවන්නෙ නැහ රොබින් හුඩ්. ඉතින් වලි...


වැද්දො වගේ ඒ කාලේ.. තේ ගස් අස්සේ.. ගල් පල්ලේ... ඇත්තටම පොඩි කාලේ අපි ජීවිතය වින්දා....


දැන් ඉන්න උන්ට වගේ සුකුරුත්තම් නැති උනාට. ඒත් දැන් උන්ට ගස් පල්ලෙ නටන්න ඉඩක් වෙලාවක් තියෙද ???


උන්ට වෙලාවත් නැහ... කෑලෑත් නැහ. පර්චස් 10 ඉඩමක හිර වෙලා... අපිත් පස්සෙ ගෙයක් හදන් ගියහම ඒ තරම් ඉඩක් තිබ්බෙ නැහ.


ඒත් අපි ළමයි හදන කාලේක... උන් හිර කාරයො වගේ වෙයි කියල බයයි... පව්.

දැන් ඉන්න උන් අම්මලත් එක්ක දුවන ව රේස්... මම ඔය 5 වසෙරෙ විබ්භාගෙට ස්කෝලෙ කරපු පන්තිය විතරයි ඒකත් 5 දි... දැන් අර අපේ පුන්චිගෙ පොඩි එකා.. 3 ඉදන් යනව... පන්ති... කන්න බොන්නවත් වෙලා නැහ.

මෙහේ ( ලංකාවෙන් පිට ) කියලත් වෙනසක් නැහ. උනුත් මැරෙනවා... හිර කාරයො වගේ


අනේ මන්ද... කොහොම හරිරොබින් හුඩ් එක පාර මතක් උනේ ආව ඊ මේල් එකකින්.... බලන්නකො.....






අහ් මම ලඟදි ඔක්කොම එපිසෝඩ් ටික බා ගත්ත ජංජාලෙන්. එලකිරි එකේ දාල තිබ්බ හුඟක් ඉස්සර කෙනෙක්.
කැමති කෙනෙක් ඉන්නවනම්... ඔන්න බාගන්න.
සම්පූර්න ස්තුතිය ඒක දාපු කෙනාට තමා. ලින්ක් එක එලකිරි එකට... ඒකෙන් RAPIDSHARE ලින්ක් ඇති.




DOWNLOAD ::  රොබින් හුඩ්


අපේ වයසෙ වගේ උන්ට නම් ඔය සීරිස් එක ජීවිතේට හුඟක් කිට්ටුයි... නොබලපු එකෙක් නැහ ඒ කාලේ.

42 comments:

  1. අතීතෙට ගියා මගේ මතකයත්..

    ReplyDelete
  2. මමත් ඕක අඩුම තරමින් පස් පාරක්වත් බලල ඇති.... ඒ දවස්වල හැම එකාගෙම පිස්සුව ඕකනෙ...

    ReplyDelete
  3. අයිත් අහලා....ඒ කලෙ නෙව කඩු පයිට් තිබ්බේ....හප්පා මතක් වෙද්දි දුකේ බෑ...ඇත්තටම ඒ රොබින් හුඩ් නාටකයේ තිබ්බ සටන් මැජික් වාගෙ ඒවා බොහොම තාත්විකයි...අදටත් ඒ කතාවෙ කිසිම පරණ ගතියක් නැත්තේ ඒකයි.....ජීවිතේ අමතකම වෙන්නෙ නැතිකාලයක එක් සොඳුරු මතක සටහනක් තමා රොබින් හුඩ්.....මගේ සොඳුරු ළමා විය...මතක් වෙනවා නොදැනිම මැවෙන කඳුලු කැට එක්ක....බොහොමත්ම ස්තුතියි මතක් කලාට.......

    ReplyDelete
  4. අලුත් කතා මාලාවට වඩා නම් මේක සිරා (මැරියන් ඇරෙන්න..අලුත් එකේ ඇහැට කනට පේන කෙල්ලෙක් ඉන්නව නේ හික්ස්)

    ReplyDelete
  5. හ්ම්ම්.. අළුත් රොබින් හුඩ් සීරීස් එකට වඩා පරණ එක හරිම ලස්සනයි...අපේ අයියායි මායි හොඳ රසිකයෝ තමා.. පොඩි කාලේ මතකයන්ට අරගෙන ගියාට ස්තුතියි අයියේ....

    ReplyDelete
  6. මටනං හිතෙන්නෙ රොබින් හුඩ් එකේ සිරාම අංගය ඒකෙ මියුසික් කියලයි.ඒ තරම් ලස්සන මියුසික් (විශේෂයෙන් බැක්ග්‍රවුන්ඩ් මියුසික්) ඊට පස්සෙ කිසිම ටීවී සීරීස් එකක හරි ෆිල්ම් එකක හරි තිබුනු බවක් මටනං මතක නෑ.

    හැබැයි මෙල් ගිබ්සන් ඉන්න බ්‍රේව් හාර්ට් ෆිල්ම් එකේ තියෙන ස්කොටිෂ් පන්නයේ මියුසික් එහෙමත් ලස්සනයි.

    ReplyDelete
  7. හ්ම්ම්ම්.. අතීතයට ගියා වගේ.. මමත් ගත්ත ඔය සීරිස් එකම තියනව ඩීවීඩී ගහල බම්බලපිටියෙ ඊගල් එකේ.. මෙහෙට එද්දි අරගෙන ආපු එක දෙයක් තමයි ඒක.. අනිත් ටික මගේ හාඩ් එකේ තිබ්බ පරණ සින්දු ටික. මතකයන් අලුත් කළාට ස්තුතියි ..

    ReplyDelete
  8. මගෙත් කැමතිම ටීවී සීරීස් එකක් තමයි ඕක.කීපාරක් බැලුවද කියලා මතක නෑ.ඒ තරම්ම බලලා ඇති.දැන වුනත් ආයේ බලන්න ආසයි.

    මැරියන් නගාගේ ඇත්ත නම තමයි Judi Trott
    එයා දැන් මෙන්න මේවගේ....තාමත් ලස්සනයි වගේ... ;-)
    http://i98.photobucket.com/albums/l252/gazaly786/ATT00126.jpg

    මේ ගිස්බොන් අයියනම් මලා මයේ හිතේ‍‍‍.........

    ම්ම්ම්....මම නම් අළුත් බී.බී.සී. සීරිස් එකටත් ආසයි.
    මතකය අළුත් කලාට ගොඩාක් ස්තූතියි....

    ReplyDelete
  9. සේරම තියෙද්දි ගිහින් theme එක අහල ආවා. ලේ වල තියෙන මියුසික් එකක් වගේ දැනෙන්නෙ.
    ස්තුතියි පතකය ඇවිස්සුවට.

    ReplyDelete
  10. මායි අයියයි දෙන්නටම රොබින් හුඩ් පිස්සුව ගහලා තිබ්බා. ඒ විතරක් මදෑ ඔය එක එක ජාතියේ කාටූන් එහෙමත් ගියා ඒ කාලේ ඒවාත් ඔළුවට ගහලා තිබුණේ. නියම කාලයක් තමා ඒ කාලේ.............

    කිව්වත් වගේ දැන් කාලේ ඔහොම අනම් මනම් කර කර ඉන්න වෙලාවක් නැහැ පොඩි එවුන්ට ශිෂ්‍යත්ව පංති, අර පංති, මේ පංති වැහි වැහලා.............

    ReplyDelete
  11. මමත් 5 පාරකට වඩා බලලා ඇති. තාම එපා වෙලා නෑ.

    ReplyDelete
  12. ම්මත් අයිය කලා වගේම පට්ට ආතල් ගත්තෙ ඒ කාලෙ....එක පාරක් අඹ ගහක් උඩ නැගල ඔත්තු බලන්න ගිහින් දිමුයො කාල මල ජරමරයක් උනේ :D

    ReplyDelete
  13. ඒ කාලේ මාර ආසාවෙන්ම බලපු එකක් තමයි ඔය රොබින්හුඩි ...

    ReplyDelete
  14. මේ රොබින් හුඩ් එකට තමා මාත් කැමතිම. වැඩක් නැහැ කියලා මතක් වෙද්දිත් මාර ෆන් එකක් ඇගට එන්නේ. මාත් ගොඩක් සැරයක් බලලා තියෙනවා මේක. මම දෙක වසර ඉද්දි දවසක් ටීච නැති වෙලාවක මේක අපි මේක පන්තියේ රගපාලා ඩෙස් පුටු පෙරරලා මාර විජ්ජුම්බරයක් කලා. ටීචර් කෙනෙක් ඇවිත් අපිව නැවැත්තුවහම තමා තේරුනේ කොයි තරම් තාත්විකව අපි රගපාලා තියෙනවද කියලා.

    ReplyDelete
  15. ඒ කාලෙ මතක් වෙනකොට :')
    පුංචිම කාලෙ රොබින් හුඩ් මගෙ ජීවිතේ කොටසක් වෙලා තිබ්බේ...ඒකාලෙ (ගමේ හිටපු කාලෙ) අපේ වත්ත පිටිපස්සෙ කැලේ තමා ෂර්වුඩ්, අවි ආයුද සුපිරි තත්වෙ ඒව, දුනු ඊතල වෙනම ගනං මිනුං අරගෙන හදන්නේ (ගමේ කැලෑවල තිබුන කූරටිය කියල පඳුරු ජාතියක් ශක්තිමත් හීනි කූරු තියන ලී ඒව තමා අමු ද්‍රව්‍ය රත් කරල තවල තමා ගන්නේ).... වෙල් පිටිවල කුකුළ් කූඩු ගානේ ඇවිදිනව පිහාටු හොයන්න ඊතල වලට.... මහ ගස් වල පොතු (කුඹුක්) පතුරු ගහල ගන්නෙ බොඩි ආමර් හදන්න ඊතල පාරවල් කඩු පාරවල් වදිනවට, (මොකද පිහාටුව ගහල යකඩ වගේ දුනු වලින් විදින එකක් මීටර 100ක් විතර හරි ඉලක්කෙට යනවා).... ඔන්න ඔහොමයි ගමේ ජීවිතේ මම පොඩිකාලෙ හදපු දුන්නක් ගමේ වහල දාල තියන ගෙදර තිබිල අරගෙන ආව දැං ඒකට වෙච්ච දෙයක් නෑ... අනික තමා වාර අවසානෙ ඉස්කෝලෙ නිවාඩු දුන්නම ආපහු මාසෙකින් අම්මල වැද්දෙක්ව තමා නාවල කරල අරගෙන ඉස්කෝලෙ යවන්නේ.... මතක්වෙනකොට ඒකාලෙ ඇත්තමයි ආපහු යන්න තියනවනං කියල හිතෙන්නේ.

    ReplyDelete
  16. මමත් හරිම ආසාවෙන් බලපු ටී.වී සීරීස් එකක්. ස්තුතියි මතකය අළුත් කලාට. ලේඩි මැරියන් විදිහට රඟපාපු "ජූඩි ට්‍රොට්" ගේ ෆේස් බූක් පිටුවෙ මේ පින්තූරය තිබුනා.

    http://www.facebook.com/pages/Judi-Trott/75797147873#!/photo.php?pid=88800&o=all&op=1&view=all&subj=75797147873&aid=-1&id=1769194047&oid=75797147873

    ReplyDelete
  17. http://maiyyagelokaya.blogspot.com/July 25, 2010 at 9:22 AM

    @ මයියා ත් පරන රොබින් හුඩ් ට තමයි වඩා කැමති..පොඩි කාලේ සමහර දවසට බොරු ලෙඩ අරගේන කොච්චරවත් හොරට ගෙදර නවතිනවා (ක්ලාස් යන්නේ නැතුව) ඕක බලන්න..ඕක අන්තිමට පෙන්නපු පාරත්, මයියා ඕක නැවත ෆොලො කරා..සමහර වේලාවට මයියා ට දෙබස් කට පාඩO..හිකිස්..ඒ කියන්නේ උපසිරැසි...

    ReplyDelete
  18. අළුත් සීරීස් එකට වඩා පරණ එක ලස්සනයි. ඒ කාලේ ආසාවෙන් බලපු එකක් තමයි.

    ReplyDelete
  19. මට මතකයි රොබින් මැරුණ දවසේ අපේ ලඟ ගෙදරක නංගි කෙනෙක් හොඳටම ඇඬුවා... ඒ කියන්නේ ඒක හදපු කතාවක් කියලා හිතුනෙම නෑ ඒ කාලේ....ඒ තරම් හිතට වැදිලා තිබුනේ....

    ReplyDelete
  20. මාවත් ඔය ෆෑන්ස්ලා ගොඩට එකතු කරගන්න.මමත් කට පාඩං වෙනකං බැළුවා.මේ ළඟදී ආයිත් බලන්න ගත්තම එපිසෝඩ් එක පටං ගන්නකොටම දන්නවා මොකද වෙන්නෙ කියලා.ඒක නිසා අතර මගදි බලන එක නැවැත්තුවා :( .එච්චරට කට පාඩං වෙලා.මම මුලින්ම බැළුවේ මොන්ටිසෝරි යන කාලෙ.ඒකෙ මියුසික් ඇහෙන කොට පොඩි කාළෙ මතක් වෙලා මොකක්දෝ කණගාටුවක් හිතට දැනෙනවා.ඒක විස්තර කරන්න තේරෙන්නෙ නෑ.ජංජාලෙ සර්ච් කළාම ඒක ගැන ගොඩක් විස්තර තියන පිටුවක් එක පාරක් හම්බුනා.ඊළඟ සීරීස් එකක් හදන්න අරන් මග නැවතුන සීන් එකක් එහෙම කියලා තිබ්බා.විකියෙත් ලොකු විස්තරයක් තියනවා.මොනා වුනත් හරිම ලස්සන ටී වී සීරීස් එක.

    http://en.wikipedia.org/wiki/Robin_of_Sherwood

    ReplyDelete
  21. කොහෙද බොල ඉබ්බො හිටියෙ?

    ReplyDelete
  22. -ඇත්තටම අපි හැමෝගෙම ජීවිතවලට සමීපවුණු චරිත ගොඩක්.-

    -දැන් කාලේ ලමයින්ගේ ළමා කාලය වැඩිහිටියන්ගේ ඕනෑ එපාකම් වලට යටවෙලා.ඒක කවදාවත් නතරවෙන එකක් නෑ මේ තරඟකාරී සමාජය ඇතුලේ.ඒකට අපි හැමෝම වැරදි කාරයෝ!-

    ReplyDelete
  23. සෝරෝ : ලස්සන මතකයක් නේ....



    පුතා : ඔව් ඒ කාලේ මහ ගොඩක් කතා ගියෙත් නැහනේ.



    Shadow/හේමලයා : මොන පරන ගතියක්ද බන්.... අදටත් ඒක නිකන් නියමයි... ඔය මන්තර සීන් උනත් බොරු කියල නොහිතෙන තරම් තාත්විකයි නේ...



    කොඩී : අලුත් එක නරක නැහ. ඒත් මැරියන් කන්නද හික් හික්

    ReplyDelete
  24. හසී : අහ් රොබින් හුඩ් ට කැමති නංගි කෙනෙක්... අපේ හිටි නංගිලා කැමති නැහනේ.. මැරියන් කෙනෙක් නැතුව තමා සෙල්ලම් කරේ හික් හික්



    blog gadol : ඔව් බන් ඒ මියුසික් උනත් නිකන් ඇහෙද්දි හිත ඇදිල යනව අතීතෙට....



    වැම්පයර් : මට ලංකාවට යනකල් ඉන්න බැරි උනා... බඩු දැක්ක ගමන් බා ගත්තා... හික් හික්
    අර නුගේගොඩ කොමර්ශල් එක ඉස්සරහ තියෙන පොට් එකෙත් තියෙනවා හුඟක් ඔය ටීවි සීරිස්.



    ෴ හසියා ෴ : මට ආව ඊ මේල් එක මම එහෙමම දැම්ම බන්... මැරියන් නගා නම් වෙනසක් වෙලාම නැහ වගේ....

    ඔව් ගිස්බන් ට හිටිය කෙනා මැරුනා කියල තමා දන්නේ මමත්.

    ReplyDelete
  25. charmi : අනිවාරෙයෙන්ම.... ලේ වල තියෙන සීරිස් එකක්.... ඒ මියුසික් එක ඇහෙද්දි හිත නිකන්ම ඒ කාලෙට යනවා....




    Hasitha : ඇයි දොස්තර හොඳ හිත... පිස්සු පූස්..... නයිට් රයිඩර්... තව තිබ්බ නේ...
    පට්ටම කාලේ.. හික් හික්

    දැන් උන් රේස් යනවනෙ බන්




    නිර්මල : එපා වෙන එකකුත් නැහ මචන්....



    Hasitha ජයසූරිය : හික් හික්... දිමියො කාල ගහෙන් වැටුනෙ නැහනේ රොබින් හුඩ් හික් හික්

    ReplyDelete
  26. Unknown_User/හිඟන්නා : අනිවා....



    ගීත් (සහෘදයා) : ඇඟට වැදිලා නෙ බන් තියෙන්නේ... ඉතින් තාත්වික වෙන එක අහන්න දෙයක්ද... හික් හික්



    සහන් : දැන් පොඩි එව්වො ගැන දුක හිතෙනවා බන් ඕව මතක් වෙද්දි... උන්ට ඔහොම දෙයක් කරන්න වෙලාවක් වත්.... වෙලාවක් තිබ්බත්... කොහෙද තැනක්....



    දුමී : වෙනසක් වෙලාම නැහනේ....

    ReplyDelete
  27. http://maiyyagelokaya.blogspot.com/ : ක්ලාස් වගේද රොබින් හුඩ් හික් හික්



    Ansh Lucky Sri Jay : මටත්... අලුත් එක මාත් බැලුව... සීරිස් 3 නම.. ඒත් පරන එකට කිට්ටුවත් කරන්න බැහ මට නම්



    Saman : ෆුල් බොක්කෙන් නෙ බලන්නේ බන්... පොඩි කාලේ හික් හික්

    ReplyDelete
  28. ඉබ්බා : හප්පොච්චියේ කොහෙද බොල හිටියේ.... සමනලියක් වත් හම්බුනාද තටු තියෙන ?? හික් හික්....

    මට නම් කොච්චර උනත් එපා වෙන්නෙ නැහ බලන්න... ඒත් අර පරන මතකය රිප්ලේස් වෙයි කියල වගේ බයක් තියෙනව හික් හික්




    ජංජාල චාමර : හැමෝගෙම ලස්සන මතකයක් අවදි කරන්න ලැබීම සතුටක්....


    ඔව් මලේ දැන් අම්මල තාත්තල එක්ක පොඩි උනුත් රේස් දුවනවා... අනේ මන්දා කාගෙ වැරද්දද කියලා...

    ReplyDelete
  29. මාත් කැමති මේ පරණ රොබින් හුඩ් ට තමයි. ඇත්ත එකේ මියුසික් හරිම ලස්සනයි. මං පොඩි කාලේ - 2 වසරේදී විතර - නැටුම් පන්තියකට ගියා. එක පොඩ්ඩක් දිග් ගැස්සුනොත් 'මිස් රොබින් බලන්න ඕනේ' කියල කෙල්ලෝ රංචුවම නහයෙන් අඬල පන්තිය ඉවර කරගන්නවා. හි හි.

    ReplyDelete
  30. රොබින් හුඩ් කියන්නේ මගෙත් පොඩි කලේ හීන කුමාරයෙක්. පොඩි කමට මැරියන් එක්ක පොඩි ඉරිසියාවකුත් තිබ්බ. තාමත් බලන්න හරිම අසයි .

    ReplyDelete
  31. කීපාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ නේද? මම උගන්නන කාලෙත් රොබින් හුඩ් බැලුව

    ReplyDelete
  32. niroshinie : ඔව් මට ඒ මියුසික් නිකන් ලේ වල තියෙනවා වගේ.... හරිම ලස්සනයි


    ආදර ගල් ඉබ්බි : හික් හික්.. පව් අහිංසක මැරියන්


    හරී : ඔව්.. ලොකු උනත් ඒක බලද්දි පොඩි කාලේ මතකයන් ආයෙ මතු වෙනවා.

    ReplyDelete
  33. ඉබ්බට මේ දවස් වල ඔෆිස් එකේ වැඩ වැඩියි.පුළුවං වෙච්ච ගමන් ආයිත් සයිබර් යාළුවෝ බලන්න එනවා :) .රස්සාවට බොරු කරන්නත් බෑනෙ.මොනා උනත් හම්බ කරගෙන කන තැන ආරස්සා කොරන්න එපෑ.

    ReplyDelete
  34. ඒක හරි.... රාජකාරිය දේවකාරියටත් ලොකුයි කියනවනේ...

    ReplyDelete
  35. This the latest found so far on Marion. She was beautiful! Still can remember how I felt about her. :)

    http://www.acephotos.org/c10430267/judi-trott-photo.html

    ReplyDelete
  36. ඒ වගේමයි.... හික් හික්

    ReplyDelete
  37. ශර්වුඩයේ රොබින් හුඩ් මාත් කැමතිම කතාවක් තමයි ‍‍

    ReplyDelete
  38. ඒක අපි හුඟක් දෙනෙක් ගෙ ලේවලට ම වැදුනු කතාවක්

    ReplyDelete
  39. Robin of Sherwood.... still its my fav fav TV series , Love the music too . my fav characters are Tuck the priest , Little John , Lady Marian & Robin . I hate Gisbon :)

    And I was abt to ask who was the Lady Marian in ur drama :) :) I consider her always as a hero !!

    ha ha sweet memories of childhood . Watch it 2-3 times .Hardly miss any episode to watch !

    there were few other TV series too like Night Rider ,Taarzen , Swiss Family Robinson, Ha Ha Hari Haawa , Doctor Hondahitha ,Little House on the Preyari, Oshin ,Malgudy Days & Texas Rangers ....which i never missed to watch :)

    ReplyDelete
  40. TG : කොමෙන්ට් එකට බොහොම ස්තුතියි. ඒ කාලෙ බලපු ටී වී සීරිස් හුඟක් ගැන ආයෙ මතකෙ අලුත් කරා. අලුතින් ලිපියකුත් ලියන්න හිතුනා මේක දැකල.

    මැරියන් ගැන නම් කුමන කතාද.. එව්ව මෙතන නොකියම ඉමු. :)

    ReplyDelete
  41. හදවතින්ම ස්තුතියි ඒ ලස්සන ලමා ලෝකෙ මතක් කරලා දුන්නට‍.

    ReplyDelete

Related Posts with Thumbnails