Monday, July 26, 2010

ඔබට නිවන් සුව....

Share
 


තම නැණ පමනින්... අප කවුරුත් දන්න ඒ බ්ලොග් අඩවිය අප වෙත ගෙන ආ... ඒ ගුරු පියා... කුමුදු පින්තු මහතා අප අතරින් සමු අරන් බව දුමී ගේ බ්ලොග් අඩවිය තුලින් දැන ගත් වෙලේ හිතට දුකක් වගේම එතුමා ලියපු අවසාන ලිපිය මතක් උනා...


" මිනී මල් හා මරනයට ඇති බිය... "


එතුමා එහිදී කියපු දෙයක් තමා...


" අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?


අපි කාට හරි දීර්ඝායු වේවා කියල පතන එක කොච්චර නිවැරදිද ? යමෙක් වයසට ගිහිල්ලා දුර්වල වෙලා අනෙක් අයට බරක් වෙලා දුක් විඳ විඳ ඉන්නවට වැඩිය හොඳ නැද්ද ඒ දුර්භාග්‍ය සමය එන්න ඉස්සර වෙලා චුත වෙන එක ? "


ජීවිතය කියන්නෙ තාවකාලික නැවතුම්පලක් බව වටහා ගත් ඔබ තුමා අපෙන් සමු ගෙන...


පුද්ගලිකව දැන නොසිටියත් ඔබේ බ්ලොගය තුලින් ඔබ ගැන අදහසක් ඇති කර ගැනීම අසීරු නැහ...
බ්ලොග් අඩවි තුල දුටු ඉතාම වටිනා කරුනු ඇතුලත් ජීවිතය ගැන ඉගෙන ගත හැකි අඩවියක් අපට ගෙන ආ ඔබතුමාට... 

නිවන් සුව පතනවා.... 

ඔබ වැනි දැනුමින් පිරි පුද්ගලයෙකු අහිමි වීම අපේ අවාසනාවක්....

8 comments:

  1. ජීවිතේ යථාර්තය...:(..ඔහුට නිවන් සුව පතමි!!!......

    ReplyDelete
  2. පිස්සා එහෙම කිව්වම මට පොතක තිබ්බ කවියක් මතක් උනා

    තිඹිරිගෙය නොවෙයි ඇරඹුම........
    සුසානය නෙවෙයි නැවතුම........
    දිගු වන්දනා ගමනක.........
    නවාතැන්පලක් වෙයි.......
    ජී....වි....ත....ය.......

    අපි කාටත් මෙහෙමයි

    ReplyDelete
  3. ඔහුට නිවන් සුව!!! :(

    ReplyDelete
  4. මා ද පෙර ඔහු හදුනා ගෙන නැත නමුදු අද සියලු ලිපි කියවුවෙමි ඇත්තෙන්ම ඔහු වැනි අපුරු මිනිසෙකු හදුනා ගන්නට නොලැබිම ගැන මම හදවතින්ම දුක් වෙමි ඔහු ඇසුරු කල සියල්ලෝ පිනැත්තෝ වෙති

    ඔහුට නිවන් සුව පතමි

    ReplyDelete
  5. ‎"තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

    ReplyDelete
  6. එතුමාට නිවන් පුරයේ රුවන් දොර විවර වේවා......

    ReplyDelete
  7. මම කිසි දවසක එයා දැකල නෑ. දුමියගෙ බොලොගෙන් තමයි දැක්කෙ. පුදුම දුකක් එන්නෙ. හ්ම්ම්ම්.....

    ReplyDelete
  8. එතුමාට නිවන් සුව පතමි.

    ReplyDelete

Related Posts with Thumbnails