skip to main |
skip to sidebar
හුඟ දවසකින් ස්කෝලෙ කතාවක් දැම්මෙ නැහනේ... කතාවකුත් නෙමෙයි නිකන් මතක් වෙච්චි ඒව ටිකක් ලියල දාන්න හිතුනා..
අපේ වනියා.. ඒ කියන්නේ අර ගන නොබලන එකා තමා හික් හික්... ඌයි ඔය අපේ අමිලයයි එක පන්තියේ හිටියෙ... A/L කාලේ. උන බයෝ කලේ.. උන්ගෙ පන්තියේ තමා බයෝ සෙට් එකේ හොඳම උන් හිටියෙ... ඒ ඇරුනම A/L අලුතින් ආපු එවුනුයි.. පන්තියේ හිටිය වාත පොරවල් තමා ඉතින් මුන් දෙන්නා... හික් හික්...
මම වගේම අන්තිම පේලියේ පොරවල් තමා උන් දෙන්නත්... උන්ගෙ පේලියේ හිටිය අනික් උන් දෙන්න කොටයි චූවයි. සිරාම ඩයල් දෙක.
ඔය කොටා එහෙම අදටත් දැක්ක තැන දුවගෙන ඇවිත් බදා ගෙන කතා කරන්නේ... චූව නම් ලංකාවෙ නැහ.
ඉතින් ඉස්සර ඔය වනියලගෙ පන්තියේ off පීරියඩ් එකක් කියන්නේ මටයි ගයාන්ටයි off කියන එක. කෙලින්ම උන්ගෙ පන්තියේ තමා අපි දෙන්න. වැඩකටත් නෙමෙයි.. ඒත් අර පීරියඩ් කට් කරන උනක් තිබ්බනෙ ඒ කාලේ...
හසිතය නැහ ඉතින්... ඌ කලේ කොමර්ස් නෙ..
ඉතින් අන්තිම පේලියෙ සෙට් උනහම වෙන මොකුත් නැහ සින්දු කියන එක තමා. වනියට සිරාවට පුලුවන් සින්දු කියන්න... ඌ කියන සමහර ඒව ජීවිතේට අහල නැහ..ඒ උනාට ගින්දර සින්දු.
ඉතින් මන්දාරම් අඳුර මැදින් මදුවිතක් එපා කියාගෙන වෙරළ කොනක ඉදන් කුඩේ යටින්.... ඔය ඒ කාලේ ආව මල් සින්දු පන්සල් සින්දු ඔක්කොම වගේ කියලා සමහර දාට ජාතික ගීයයි... පාසල් ගීයත් කියල තමා නවත්තන්නේ.
ඒ දවස් වල ඔය අපේ ස්කෝලෙ හිටිය සර් කෙනෙක් නයිකෑම් කියලා.. ඒ දවස් වල ඔය ටිවි එකේ ආවනේ භාශා දෙකකින් අහන්න පුලුවන් මොකක්ද සීන් එකක්... ඒකට කිව්වෙ නයිකෑම්... පොරත් ඒ වගේ....
" මේ කොහෙද යන්නේ... where are you going ?? "
" මොනවද දැන් තියෙන්නේ... what do you have now ?? "
හැබයි ඉතින් සමහර වෙලාවට සීන් එක අවුල් වෙලා සිංහලෙන් කියන එක නෙමෙයි English වලින් කියන්නේ.ගානකුත් නැහ ඒ කාලේ. පොරට තේරෙන්නෙත් නැහ අපි දන්න ඉන්ගිරිසියකුත් නැහනේ හික් හික්..
ඒ කාලේ ඉතින් පැනල යාම නවත්තන්න උදේ වගේම හවසටත් රෙජිස්ටර් මාර්ක් කරන සීන් එකක් ආව. උදේ ඉදල හවස නැත්තම් බඩු ඉතින්.
නයිකෑම් තමා ඕකට මූලික උනේ... වැඩක් තියෙන්නත් එපැයි... ඉතින් හවසට Register ටික උස්සගෙන එනවා.
ඉතින් ඕක ලෙඩක් උනා විශේශයෙන්ම වනිය ට එහෙම... පැනල යන්න ඕනිම දවසකටවත් බැහනේ...
පොර කරා නියම වැඩක්... ඔය සර් පේන්න ඉන්නකොට වනියා කරන්නේ...
හෙන සද්දෙට...
" මේ අද එකෙක්වත් පනින්න එපා... හවස චෙක් කරනවා... පනින්න එපා "
කියල පන්තියටම ඇහෙන්න කෑ ගහනවා... සරුත් ඉතින් ගුලිය කනවා... කොල්ලොත් කනවා.
කොල්ලො එකෙක්වත් පනින්නේ නැහ චෙක් කරයි කියල..
සර් චෙක් කරන්නෙත් නැහ කොල්ලො දන්නවනෙ පනින එකක් නැහ කියලා...
අන්තිමට වනිය පනිනවා හික් හික් .
ඊට පස්සෙ උන්ම පුරුදු කරල උදේට නම් මාර්ක් කරද්දි උන්ගෙ පන්ති භාර මිස් වනියලගෙ පේලියෙ නම් මාර්ක් කරද්දි...
" වනි***** අද එකද ??? බින්දුවද ?? තිතද ?? "
" තිත මිස්... "
" අමිල... ? "
" තිත මිස්.. "
මිස් මාර හොඳයි උන්ගෙ... අනික මිස් දන්නවා මුන් ටික පිස්සු නැටුවට චාටර් නැහ කියලා...
හික් හික් ඉතින් ඔය තිත එක කතාව...
තිත : ඒ කියන්නේ අද පනිනවද නැද්ද කියල තීරනය කරල නැහ.
එක : පනින්නෙ නැහ
බින්දුව : ඉන්ටර්වල් එකටත් කලින් පැනල යනවා
හික් හික්... කොහොමද ටිකිරි මොළ.
අපේ පන්තියෙත් ඔය සිද්දිය වෙන විදියකට උනා... අහන්නෙ නැහ... ඒ ඇවිල්ල නැත්තම් තිත...
පස්සෙන්දට ඕනිනම් එක කර ගන්න තියෙන්නේ... අර 80 % සීන් එක කාටවත් අවුලක් නැහ ඉතින්...
දවසක් ඔය ෆිල්ම් එකක් බලන්න මායි හසිතයයි පවනයයි පැනල යද්දි... පවනය නිහාල් සර්ට මාට්ටු... ඌ ඉතින් පොත් බෑග් එකයි ඔක්කොම උස්සගෙන එන්න එපැයි.. අපි වගේ පොත් දෙකක් නෙමෙයි නෙ.. උගේ මෝස්තරේ නෙ...
මූ කියලනේ ෆිල්ම් එක බලන්න යන්නෙ කියල හරක වගේ... සර් අවුලක් නැහ ඉතින්..
පන්තියට යනවා කියල එලවල
මායි හසිතයයි මූ එනකල් බලන් ඉදල බැරිම තැන ගිහින් බැලුවා...
වැරදියට හිතන්න එපා.. තනපට අහසට නෙමෙයි... හික් හික්.
හෆොයි....පැනිලි ගැනනම් මතක් කොරන්න එපා ඕං.......අපේ එකෙක් ඔහොම තාප්පයකින් පැනලා....ඉස්සෙල්ලාම බෑග් එක දාලා උඩින්...ඒක වැටිලා තියෙන්නේ සර් කෙනෙකුගෙ ඔලුවට....අයෙත් අහන්න දෙයක් නෑනෙ අරූට මොකද උනේ කියලා.....
ReplyDeleteඅනේ ඒකට අපේ පංති භාර මැඩම්. මං ආවත් අනන්තවත් මට බිංදු දාල තියෙනවා :(
ReplyDelete:D එල සීන් තමයි වෙලා තියෙන්නේ
ReplyDeleteඒ කාලෙ අපේ 11 පංතියෙ එක පැත්තක් කොට බිත්තියක්, ගැහැණු ළමයි තමයි ඒ පැත්තෙ හිටියෙ. මට දවසක් එක ළමයෙක් කිව්වා එහා පැත්තෙන් කවුරු හරි එනවද කියලා බලන්න කියලා,, බැලුවම තමයි,, දෙයියනේ,,,,,,,,,,,,,,,, ප්‍රින්සිපල් සර්!!!!!!!!!!!!!!
ReplyDeleteඅපේ ඉස්කොලේ පනින්න් අතියන් ඇකතන ඉතින්..ගෙට්ටුවෙන් තමා හේ අපි ඇතින් එනකොට ගෙට්ටුව ඇරලා තියනවා..සිකුරිටි අන්කල් හේ ......ඔහොම තමයි අපේ වැඩ..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනයිකෑම් නම් මරු වගේ.
ReplyDeleteඅනේ අපිට කවදවත් පනින්න ලැබිලා නැහැ.
:(
හිහ් හී......
ReplyDeleteමරේ මරු... මටත් ඉස්කෝලේ මතක් උනා :'(
අපිනම් පැන්නේ වෙනම විදිහකට :D
ඒ කීවේ අපේ සර්මයි අපිව ගේට් එකෙන් එලියට ඇරලවන්නේ.... [කොහොමද අපි ඒ අතින් දියුනුයි නේහ්]
(මම ආසාවෙන් කියවපු ලිපියක් වෙලාවක් ලැබුනම පලවෙනි එකේ ඉඳන් කියවල කොමෙන්ට් දානම්)
මම නම් ජීවිතේට තාප්පෙන් පැනල ගිහිල්ල නැහැ. කෙලින්ම යන්නෙ මේන් ගේට්ටුවෙන්ම තමා. ප්‍රිෆෙක්ට් කෙනෙක් නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ සිකියුරිටි එකෙන් නිකන්ම යන්න දෙනවා.
ReplyDeleteමගේ යාළුවෙක් දවසක් තාප්පෙන් පැනලා. ඌ පැනල තියෙන්නෙ පලාතෙ අධ්‍යාපන අධ්‍යක්ෂකගේ කාර් එක උඩට. බඩුම තමා. මදි නොකියන්න ඌට සතියක් පංති තහනං. අර ඉබ්බා දියේ දාන්නද කිව්වහම, දැන් නෑවෙ කිව්වලු !
අප්පා... ඉස්කෝලෙ කාලේ මතක් වෙනවා...
ReplyDeleteහප්පෙ ... පනින එක ගැන නං මතක් කොරන්න එපා. මට පනින කතා සීරිස් එකකුත් ලියතෑකි ඕවයින්.
ReplyDeleteහිකිස් ........
ReplyDeleteදවසක් අපේ එකෙක් පනිද්දි ... උගේ අම්මා එහා පැත්තේ ඉඳලා ඌව මාට්ටු වෙලා. මේ අර ඉස්කොල මුර කරන කාලේ එකක්.... උට අමතක වෙලා එදා දවසේ ආරක්ෂාවට එන්නේ උගේ පන්තියේ අම්මලා කියලා :D
මගේ ඉස්කෝලෙන් පැනිල්ල අවසන් උනේ..අස් කරන්න කලින් මං විසින්ම ඉල්ලා අස්වීම නිසානේ..අපොයි ඒ කාලේ..?
ReplyDeleteපට්ට ආතල්නෙ...අපිටනම් ඉතින් ආසාවටවත් පනින්න විදියක් නෑ....නිකන් හරි තාප්පෙන් පැන්නොත් සති ගානක් ඉස්පිරිතාලෙ :D
ReplyDelete:D :D :D.... hih hih.. okkoma skul cut karala thiynawa... ath ithin api tham anathhte.. mulu clss ekatama sathiyak panthi :(
ReplyDeleteහි හි..
ReplyDeleteඒ කාලේ මතක් වෙනකොටත් ඇඬෙනවා.. හික්ස්..
දවසක් අපේ එකෙක් පැනල දුවන්න හදනකොටම ඇවිත් පොලිස් ජීප් එක.. මොන දෙයියන්ට කියන්නද ආයෙත් අනිත් පැත්තට ඉස්කොලෙටම පැනල.. හික්ස්..
ඉස්කොලෙ ගිය කාලේ නම් ආයේ...
වනී***** අද එකද බිංදුවද තිතද............?
ReplyDeleteශොක් මිස් අදරේ හිතෙනව...
Shadow/හේමලයා : හපොයි... ඌ ඉවර ඇති... හික් හික්...
ReplyDeleteකොඩී : උබ නම් ලකුනු කරාට පස්සෙ වෙන්න ඇති එන්නෙ හික් හික්
හෙළයා : ඒ කාලෙ නම් පට්ට ඉතින්...
හරී : පැනල යන්න ඔත්තු බලද්දිද ?? හික් හික්
ඉලංදාරියා : හික් හික් ඒ තරමට පැනල වගේ.... ඒ උනාට පනින එක අමාරුවෙන් පනින්න ඕනි බන් මට නම්... ගතියක් නැහනේ නැත්තම් හික් හික්
ReplyDeleteAnsh Lucky Sri Jay : අපෝ... මරුදත් අහනවා.... හ්ම්ම්... දුක තමා...
සහන් : ඒ තරම්ම ස්කෝලෙ කීකරු විදියට ඉදල වගේ කට්ටිය හික් හික්...
එල එල මචන්.... මේ පැත්තෙ අද නේද ආවෙ මුලින්ම....
දුමී : හපොයි බන්.... ඌ පුදුම දස්සයෙක්නෙ... ප්‍රින්සිපල් ගෙත් පන්ති තහනම් වෙන වැඩ නෙ උබලගෙ කොල්ලො කරන්නේ හික් හික්
sameerausa : ආයේ යන්න ඇත්තම් නේ....
ReplyDeleteවැම්පයර් : හික් හික්... කබර කතා ඇති වෙන්න ලිව්වනෙ... දැන්ලියහන්කො බන් ඉතින් පනින කතා සීරිස් එක...
වැප් : හුටා... ප්‍රින්සිපල්ට අහු උනාට අන්ත ඇති... හික් හික්
මාරයාගේ හෝරාව : මාරයා අයියත් නියම චරිතයක් තමා හික් හික්...
Hasitha ජයසූරිය : ඇයි බන් උබලගෙ ස්කෝලෙ තාප්පෙ හිර ගෙදර එක සයිස් ද ?? හික් හික්... පාරක් හොයා ගන්න නැත්තම් හදා ගන්න හරි එපැයි...
ReplyDeleteනිරහංකාර අහිංසකාවි : හොඳ ළමයි වගේ හික් හික්
සෝරෝ : පව් සීන් එක හික් හික්... පොලිසියෙන් ස්කෝලෙට එක්ක යනවට වඩා ලේසිනෙ ඌම යන එක... හික් හික්
isimbuwa : උන්ගේ මිස් නම් මාර හොඳයි... මායි ගයානුයි දැක්කම
" අහ් කෝ අනික් සගයො ටික ? " කියල තමා පටන් ගන්නේ... හික් හික්
@හසිත: අපිනම් ඒ කාලෙ ඔකෙන් පැනල තියෙනව ඔන තරම්.. එක පාරක් පැනල කකුලත් කඩා ගත්ත...හ්ක්ස්
ReplyDelete@ පිස්සා පලාමල්ල - අපොයි නෑ, 6.30 වෙද්දි මං ඉස්කෝලෙ (ශිෂ්‍ය විධායකයෙක් නිසා උදෙන් යන්න ඕන).සීන් එක තිබ්බේ මෙයා මාත් එක්ක පෞද්ගලික *ආදරකින්* හිටියේ... :P
ReplyDeleteඅපෙත් සර් කෙනෙක් ඔහොම කතාවක් කිව්වා.
ReplyDeleteඋදේ එක හැන්දෑවෙත් එක. ප්‍රශ්නයක් නැහැ.
උදේ බින්දුව හැන්දෑවෙත් බින්දුව. හොඳ මදි හැමදාම ඉස්කෝලේ එන්න උත්සාහ කරන්න ඕනේ.
උදේ බින්දුව හැන්දෑවේ එක. හොඳයි. උදෙන්ම ඉස්කෝලේ එන්න පුරුදු වෙන්න ඕනේ.
උදේ එක. හැන්දෑවේ බින්දුව. හරිම දරුණු වැඩේ තමා ඒක.
කරුමක්කාරයා : හසිත මලයල්;ගෙ ස්කෝලෙ තාප්පෙ සෙල්ලම් නැහ වගේ...
ReplyDeleteකොඩී : අහ් එහෙම සීන් එකක්.... හික් හික්
Hasitha : පස්සෙන්දට තවත් දරුනු වෙනව ඇති අහු උනාම හික් හික්
මම අහම්බෙන් මේ post එක දැක්කෙ මල්ලි,
ReplyDeleteඑකපාරටම ඉස්කෝලෙ බෙල් එක දැක්කම මට ඇතිවුන හැඟීම කියාගන්න බැරි උනා. ඉස්කෝලෙ කාලෙ මතක් වෙනකොට හරිම සතුටුයි.
ස්තුතියි මේ පැත්තෙ ආවට අයියා.. ස්කෝලෙ ගහක් කොලක් දැක්කත් එන ඒ හැඟීම විස්තර කරන්න බැහ...
ReplyDeletemama me kalpana pare umba 2005 set eke ekeda kiyalai. aniwa ee asanna ekek wenna ona. Ahamben mara me blog eka hamba une.. Thama patan gattha witharai.. Ela ela
ReplyDeleteඑව්ව කල්පනා කොරන්ට ඕනි නැහ බොල... හික් හික්
ReplyDeleteහසිතගේ කතාව ඇත්ත, ඔය තාප්පය පනිනවා කියන්නේ හිරෙන් පනිනවා වාගේ වැඩක්! පැති දෙකකින් මහ පාර අනිත් පැත්තක primary එක අනිත් පැත්තේ ගෙවල් තොගයක්! ඊට හොඳයි බොරුවක් ගහලා අවසර අරන් පනින එක!
ReplyDeleteහික් හික් හසියගේ ස්කෝලේම කොලුවෙක් වගේ... ස්තුතියි මේ පැත්තෙ ආවට
ReplyDeleteඅපේ දවස් වල නම් නයිකෑම්ට කිව්වේ OMP කියලා (ඔන්න මෙන්න ප්‍රින්සිපල්) :D
ReplyDeleteape teacher nam harima hodhai. innawa qwama haaa... kiyala anith paththata 0 dhanawa. mata aa wade ananthawa karala thiyenawa. :D
ReplyDelete