Sunday, July 11, 2010

GATSBY සහ කලු දෙහි... තවත් එක් කබර කතාවක්

Share


ජීවිතය ගැනුනත් ඕනිවට වඩා හිතන්න ගියාම අවුල්... ඊයෙ ලිව්වනේ ජීවිතය ගැන. අද ආයෙම පරන කතාවක් ලියන්න හිතුනා. මේකත් අර කලින් ලිව්ව වගේම කබර කතාවක්. හික් හික්... ඔන්න කට්ටිය බනින්න එපා කබර කතා ම ලියනව කියල... මතක් උන නිසා ලියල දාන්න හිතුනා.

ඔය රනිල් ලොක්කගෙ කාලේ සාම කාලයක් තිබ්බනේ. ඒ කාලේ දැන් තරම්ම නැති උනාට කට්ටිය ඔය යාපනේ අරහෙ මෙහෙ ගියා. ඉතින් අපිටත් හිතුනා ගිහිල්ලම නැති නිසා කොහේ හරි යන්න. අන්තිමට තීරනය උනා ඔය නැගෙනහිර පැත්තට යන්න. අපේ තාත්තගේ මහ ගෙවල් තිබුනේ එහේ... ඒ වෙද්දි ගේ වහල තිබුනේ.. ඉතින් නැවතීම ගැන අවුලක් තිබුනේ නෑ.


ඒත් ඉතින් ගෙවල් වලින් බාල්දි... කොහු උස්සගෙන ආව ගමනාන්තය ඇහුව ගමන්. ස්කෝලෙ යන කාලේ නෙ.. කොහොමින් හරි අන්තිමට අවසර ලැබුනෙ අමිලටයි මටයි අපේ වනියටයි සංකටයි තමා. අහ් මේ විස්තර කිව්වනේ සංකය ඉර නග්ගපු කතාවෙදි...  සංක තමා කතා නායකයා මේකෙත්... 

ගියපුම දවසෙ රෑ ඉතින් ඔන්න කට්ටිය ලෑස්ති උනා පොඩි පානයකට. ඒ කාලේ ඉතින් නාකි සිංහ පානෙ තමා තිබ්බෙ අපිට. ඒ අස්සෙ සංකය පොර වගේ අපිටත් නොකිය සැර ජාතියකින් භාගෙකුත් ගෙනල්ල. සංකයා පොර වෙන්න කැම්තිනේ කොහොමත්... ඉතින් විසි කරන්නය... කට්ටිය කවලම් කරගෙන බිව්වා... වනිය නැහනේ ඔව්වට. වනිය ඉතින් ගන නොබලන.. සුරා නොබොන.. ඒ උනාට ගින්දර චරිතේ. ඌ ගැන පස්සෙ ලියන්නම්කො. 

කට්ටිය බීල වනිය උයපු බතුත් කාල... ( වනිය ඒකනේ ගින්දර චරිතෙ කිව්වෙ අපි උයන්න හිතලවත් නැති කාලේ ඌට උයන්න පුලුවන්.... තව හැකියාවල් නම් අනන්ත... ) නිදා ගන්න සෙට් උනා.

කාමරේ තිබ්බෙ ඩබල් ඇදන් 2ක්... එකක අමිලයි.. වනියයි. අනිකෙ සංකයි මායි... වනිය ඇරුනම අපි 3 දෙනාම පාවෙන සයිස්. කවදා කරපු කවලම්ද... ( කවලම් උනහම රඟේ දන්නො දනිති )

මම ඇදේ බිත්තිය පැත්තෙ අයිනේ.. ( වෙලාවට ) සංකය අනික් පැත්තේ... මට නිකන් හීනෙන් වගේ..

" ඕක්... බ්ල.. ඕක්... "  සද්දයක් ආවා...

අමාරුව්න් නැගිටල බලද්දි... සංකය.. වෙලාවට ඇඳ බේරල බිම පුරා ඇරල ද්ඩ සයිස් කබරෙක්. වනියත් නැගිටල... අමිලය නම් නිදි. ඌටත් නාග සලං.


අමිලය වගේ බනින්නේ නැහ ඉතින් වනිය...

" වරෙන් " 


කියල මූව අරන් ගිහින් එලියෙන් වාඩි කරවලා අර කබර පාරත් හෝදල මූව අරන් ගිහින් නෑව්වා... නෑව්වා කියන්නේ කට්ටිය දැකල තියෙද දන්නෙ නැහ මහ විසාල ගැඹුරු ලිං තියෙන්නේ එහේ. එහෙම ලිඳක් තමා අර ගෙදර තිබ්බෙත්. ඕකෙන් වතුර ඇඳල ( කප්පිය තියෙන නිසා ගානක් නැහ. වතුර අඳින්න ) තමා ඉතින් නෑව්වෙ. මාත් අමාරුවෙන් ඌට සප් එකට වගේ හිටියා හික් හික්... 

ඊට පස්සෙ තමා හොඳම සීන් එක... උගේ අමාරුව යන්න කියල වනිය දෙහි බෑයක් ගෙනත් මුගේ ඔලුවෙ ඇතිල්ලුවා... දෙහි බෑය කලු වෙලා... 
 කොන්ඩෙන් භාගයක් දෙහි බෑයෙ... මුගේ කොන්ඩෙ යනවනේ... ඒකත් ඉතින් ඔය ඉල්ලලා දා ගත්තු ලෙඩක්. පොර ඒ කාලේ කොන්ඩෙට මොකක්ද විගඩමක් කරලා දැන් නම් කොන්ඩෙ නැතිම තරම්... ඒත් පොර ලඟ කොයි වෙලෙත් අර තඩි Gel එක..ම්ම් GATSBY කල්දෙරමක් තිබ්බ.

ඔක්කොම කරල ඔන්න ඉතින් මූව ඇඳට දාල නිදා ගත්තා...

" ඕයි... නැගිටහන්.... " 

වනිය මාව නැගිට්ටවනව...  හීනෙ වගේ බලද්දි... හුටා...

අරූ තව දාර කබරයෙක් ඇදල... කොට්ටෙන් පලුවකුයි.. ඇදේ පැත්තකුයි... බිමයි.... ඌට වගක් නැහ... ඌ දන්නෙත් නැහ...

ඌ නිදි....

වනියාට තද නම් වෙන්නෙ නැහ... බණක් පටන් ගත්ත...

" බලහන් ඉතින්.. උබල ආතල් එකටනේ බොන්නෙ... මොකක්ද බන් මේ ආතල් එක.. "

ඌ මට බණ කියනව... මම නිකන් වමනෙ දාල වගේ..

" මොකෝ කරන්නෙ වනියො... මට නම් බැහ මූ එක්ක නිදා ගන්න... මගේ ඇගෙත් දායිද දන්නෙ නැහනේ... "

" තොපි එකට බිව්වෙ... වමනෙත් දාහන්.. " ඌ හිනා වෙනවා...

ආයෙ ඉතින් මූව නාවන්නය වතුර ඇදල... ඌව බොමට අරගෙන අර කොට්ටෙයි ඇදේ බෙඩ් ශීට් එකයි අයින් කරලා ඌව ආයෙ ඇඳට දාල බිම හෝදල දැම්මා... ඒ වෙද්දි නම් මගෙත් බීපු ව බැහල.. ඇයි ඉතින් මහ රෑ ආතල් එක වතුර උස්සන් එන්නයි.. බිම හෝදන්නයි...  අමිලය මරල දාල වගේ නිදි...

ඔක්කොම කරල...


" මේ ගඳයි බන්... නැද්ද උබ ගාව සෙන්ට් එකක් එහෙම.. " වනියා... 


" උබට පිස්සු... ඒක පොඩ්ඩනෙ බන් තියෙන්නෙ... ඔක්කොම යැපෙන්න එපැයි...  "

එතකොට තමා දැක්කෙ සංකයගේ GATSBY එක... කට කපල තියෙනවා අලුත්ම භාන්ඩෙ... වනිය ගත්තා ඒක...

හැලුවා භාගයක් විතර අරූගෙ ඇඳ වටේටයි බිමටයි.... හික් හික්...
සුවඳයි නේ... හික්

පස්සෙ ඉතින් මාත් අමරුවෙන් අරුන්ගෙ ඇඳට සෙට් වෙලා එදා දවස ගෙවා ගත්තා..

ඒ සෙල්ලම් දාපු එකා තමා ඔක්කොටම කලින් නැගිටල ඉර නග්ගන්න ගියේ...

ඌ GATSBY එක ගැන නම් අපෙන් ඇහුවෙ නැහ... ඌටම තේරෙන්න ඇති සීන් එක... හික් හික්...

වැම්පි කොලුවත් කබර කතා සීරිස් එකක් දාල තිබ්බා... බලන්නකො...

20 comments:

  1. හෆොයි...... කබරයෝමනෙ මේ දවස්වල හැමතැනම.......:D

    ReplyDelete
  2. අපෝ..., කබර කතා එපා අනේ..
    :(

    ReplyDelete
  3. ඔන්න ඕක තමයි යාළුවො බිව්වම තියෙන එකම අවුල :(
    ඇයි ඉතින් කබරයො අදින්න වෙන්නෙ බොන්නෙ නැති අපිටනේ...

    ReplyDelete
  4. හික් හික්!! අපිත් දාන්න ඕනෙ කබර කතා සෙට් එකක්!! මොනව උනත් හෙයාර් ජෙල් දිගටම ගාන එකනං හොද වැඩක් නෙවෙයි

    ReplyDelete
  5. අලි සයිස් කබරයෝ මේ ටිකේ වෙම් එක පුරාම.

    :D

    ෆන් වැඩ තමයි වෙන්නේ සෙට් වුනහම. ඒකත් එක ෆන් එකක් නැද්ද බන් ?

    ReplyDelete
  6. සිරා කතව බන් ..... අපෙ ෆන් මතක් වෙනවා....

    හිනා යනවා......

    ඉර ගන්න ගියපු කතාව මතක් වෙලා

    ReplyDelete
  7. මෙහෙම බලකොට පලාමල්ල කවදාවත් කබරයා දාලා නෑ වගේ නේ .... ,මාර කබර බුවාලා සෙට් එකක්නේ මෙයාලා ........ :P

    ReplyDelete
  8. ඔන්න හෙළයගෙ බස් වලට මම කබරයා දාන එක තාවකාලිකව අත්හිටෙවුවා. ම්ම්.. එක දිගට කබරයා දාන්නත් හොඳ නෑ නේ, මොකක් වුනත් ඒ ජීවිතේ මාරයි, කුරුල්ලා වගේ. කිසිම බැඳීමක් නෑ. කන්න හිතුනොත් කනවා, බොන්න හිතුනොත් බොනවා, ට්‍රිප් යනවා, එකම විනෝදයක්.

    මේ රටක තනියෙම ගෙවන ජීවිතේ මොකක්ද ඒත් එක්ක බැලුවම. අනාගතේට හොඳයි තමයි, සල්ලිත් ලැබෙන වග ඇත්ත. ඒත් මේ මොහොතෙ ජීවිතය විඳින්නයි මට ඕන. මොකද හෙට වෙද්දි මෙහෙම කොමන්ට් දාන්න මම ඉඳීවිද කියල මට ශුවර් නැති නිසා. අම්මප ජීවිතේ කියන්නෙ කෙස් ගහෙන් මිස් වෙන්න පුලුවන් දෙයක්.

    ReplyDelete
  9. මේක "කබර ලෝකයක්"
    සතුටු සිනා පිරුන සාදයක්..

    පට්ට කතාව නං..

    ReplyDelete
  10. Shadow/හේමලයා : ඇති වගේනේ.... :D


    Ansh Lucky Sri Jay : ඔන්න එහෙනම් නැවත්තුවා... :)



    කොඩී : ලෝක සොබාවය කියල හිතා ගනින් මලේ... හික් හික්

    ReplyDelete
  11. blog gadol : තව මාස 2 - 3 කින් දාපන්... කබර කතා මනෙ යන්නෙ මේ දවස් වල..
    අපෝ ජෙල් නම් ඉතින් පසුවට තට්ටෙ නැත්තම් සුදු කෙස් තමා.



    හෙළයා : ගතියක් තියෙනවා නේ ඒ ෆන් එකෙත් හික් හික්



    ඉලංදාරියා : ඉස්සර කොල්ලො එක්ක පිස්සු නටපුව මතක් වෙද්දි ආතල් බන්....

    ReplyDelete
  12. හිඟන්නා : අහ් මචන් ඌ දාපුව ලියන්න හිටියෙ... ඒත් කබර කතා ඇතිලුනෙ ( වෙලාවට )
    ඒක නිසා ලියන්න වෙන්නෙ නැහ හික් හික්



    සෝරෝ : හික් හික්

    ReplyDelete
  13. වැම්පයර් : ඒ ගැන මොනවට කියනවද බන්... ඒ කාලේ නම් උපරිමයි. බරක් පතලක් නැහ. පිස්සු හොඳම එක...

    දැන් එක්ක බලද්දි නම්... මේ පාලු රටක තනිවෙලා ඉන්න ජීවිතේ ගැන කල කිරෙනවා... ආයෙ නිවාඩුවකට ලංකාවට සෙට් වෙන්නෙ කවද්ද කිය කිය තමා මම නම් ඉන්නේ...

    ReplyDelete
  14. පොඩි කමට කොලු කමට කරපු වැඩ. හොඳ වැඩේ ඔන්නැති වැඩ කරනවට.

    ReplyDelete
  15. ඒක තමා.. මේ සංකයට හොඳ වැඩේ... හික් හික්

    ReplyDelete
  16. හි හි...බලන් ගියාම අයියලත් මාර කබරයො තොගයක්නෙ ඇදල තියෙන්නෙ

    ReplyDelete
  17. හික් හික්... දන්නෙ නැද්ද ඒ කාලෙ...

    ReplyDelete
  18. ළිඳ වට කර කබරගොයා :)

    බීපු එවුන් කබරයා දාද්දී නොබීපු එවුන්ට තමා සබ්බුව :)

    ReplyDelete
  19. හික් හික්.... ලෝක සොබාවය මලේ....

    ReplyDelete
  20. හෆෝ..සැප කනේ.....!!!!!

    ReplyDelete

Related Posts with Thumbnails