skip to main |
skip to sidebar
මේක මේ ලව් ලෙටර් ගැන කතාවක් නෙමෙයි... නිකන් පොඩි මතකයක් ඇවිස්සීමක්... කට්ටියගේ මතකයන් ඇවිස්සෙනවද බලන්න වගේ...
දැන් නම් ඔය ලව් ලෙටර් ලියන්නේ නැහනේ... දැන් ඉතින් මූන බලන් කතා කරන්න Skype තියෙනවා... couple packages තියෙනවා... හිතෙන හිතෙන දේ කියන්න තෑගී යවන්න මූනු පොත ( face book ) තියෙනවා... එකී මෙකී නොකී දහසක් පහසුමකම් නේ දැන් ලව් කරන උන්ට තියෙන්නේ.... උන් ඔය ලව් ලෙටර් ගැන අහලවත් නැතුව ඇති.
ඒත් මීට අවුරුදු ගානකට කලින්... ඒ කියන්නේ ජංගම දුරකතන... දුරකතන... ජංජාලේ එහෙම නුපුරුදු කාලේ ලව් ලෙටර් කියන්නේ ජනප්‍රියම දෙයක් නෙ ඔය ලව් කරන උන්ට.
අපේ කට්ටියගෙන් අමිලය තමා හික් හික් ඔව් අර ජොකා හැලුනේ... ඌ තමා ලව් ලෙටර් දෙයියා... ඌ ගාව තිබ්බ ඌට කෙල්ල ගෙන් සහ කෙල්ලට ඌ යවපු ලියුම් 100 කට වඩා. කෙල්ලට ඌ යවපුව ඌට කොහෙන්ද බලයි.. කෙල්ල ඒක බලලා උත්තර එක්ක දෙකම මූට දෙනවා. තියාගෙන මාට්ටු වුනොත් ලෙඩක් නේ.
මූ ඕවා අරන් තිබ්බෙත් එල විදියකට.
පොර ගාව පිටු 400 පොතක් තිබ්බා... පිට කවරයක් දාල... උඩින් ඉටි කවරෙකුත් දාල. පොරගෙ ලියුම් හැන්ගුවේ අර පොතේ කවරෙ අස්සේ. ස්ටේප්ලර් කට්ට ගලවල ලියුම දැම්මා... ආයෙ කට්ට ගැහුවා. මම අන්තිමට ඒ පොත දකිඩ්දි ඒ පොත පිටු 1500 ක සයිස්. ඇයි ඉතින් ලියුම් ගොඩ... හික් හික්
ම්ම්ම් අහ් හසිතයා.. ඌටත් ඔය කවුද කෙල්ලෙක් එක්ක පොඩි හුටස් පරයක් තිබ්බා... උගේ ලියුමුත් වැඩි ආරක්ශාවට අමිලයට තමා දෙන්නේ. කොහොමහරි ඔය අවුලක් වෙලා ඕක නවත්තලා.. මූ දීපු ලියුම් මූ ඉල්ලලා... කෙල්ල දීපු ලියුම් කෙල්ල ඉල්ලලා... මූ ඔය ලියුම් පොදියත් අරන් මාත් එක්ක ගියා photocopy shop එකකට... ගිහින් එතන හිටිය කෙල්ලට දුන්නා ලියුම් පොදිය photo copy ගහන්න... හික් හික් ඌට සාක්ශි වශයෙන්... ඒ කෙල්ලත් නිකන් අමුත් ලුක් එකක් දාල වැඩේ කරල දුන්නා....
ලියුම් ගැන කියද්දි දැකපු දිගම ලියුම ඔය අපේ ගයාන්ට ට්‍රයි කරපු කෙල්ලෙක් දීපු ලියුම... ෆුල්ස්කැප් පිටු 6ක් දෙපැත්තම ලියල... හිතා ගත හැකිනේ... මගේ අතේ තමා ඒකි ඒක යැව්වෙත් ඌට. ඒකේ තිබ්බ අතිශය පුද්ගලික කරුනු නිසා ඌයි මායි තීරනය කරා ඒ ලියුම ගිනි දෙයියන්ට බිලි දෙන්න... අන්තිමට උගේ පිලිතුර මමම ගිහින් කෙල්ලට කිව්වා...
හික් හික් හික්.... එලම සීන් එක තමා සංකයා ලියුමක් ලියන්න ගිය සීන් එක. ඌ ගිහින් ඔය කෙල්ලෙක්ට ලියුමක් දෙන්න හිතලා ලියුවා එකක්...
ශික්... මතක නැහනේ තිබ්බ ඒවා... මතක පේලි කීපයයි..
" ඔයාගේ ඔය සඳ වැනි මුහුන... නිල් ඇස් දෙක දකිද්දි....
සුදු ගවුම ඇදන් සුරංගනාවක් වගේ යද්දි... "
ඔය වගේ ෆුල් හීන සීන් එකක්. මූ ඕක ගෙනල්ල මට පෙන්නුවා.. අවුලක් තිබ්බත් මම මොකුත් නොකිය...
" මචන් අමිලයත් පෙන්නපන්කො.. ඌ දන්නවනේ... "
අමිලය ගත්ත ගමන් ඉරල ඉරල දැම්ම නේ... සංකයගේ හසුන... කීතු කීතු යන්න...
" ගොන් හරකො.. මේ වගේ ගොන් පාට් දානවද කෙල්ලොන්ට " කියල... හික් හික්
ඔය අර වහ බොන්න හදලා චන්ද්‍රසේන හෙට්ටිආරච්චිටත් ගුටි දෙන්න සලස්වපු සීන් එකට පස්සෙ උනු දෙයක් හික් හික්.
මේ ලව් ලෙටර් ගැන මතක් උනේ ඇයි බලයි නේ... අද පරන ෆයිල් ගොඩක් අස්සෙ තිබිලා අර සීයලගේ ( අරේ මරේ ) කතා සෙට් එක හම්බුනා. ඒකෙ තිබ්බ " දැන් කාලේ උන්ගෙ වැඩ " සීන් එකේ සීයල ලියුම් ගැන කියපු කතාවක් අහල තමා මතක් උනේ ඕක.
ඕකේ චාමරයා ලියපු ලියුමක් සීය කියවනවා... හික් හික්
"" තරුද නිදන මහ රෑ....
ඔබෙ සුවඳ පිරුනු පුංචි කාමරේ සිට...
පෙම්බර මදූ මගේ.. අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුලු රැදි පෑනින්.. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි.. ඔබේ පෙම් වදන් නැහ එදා මෙන් ඇසෙන්නේ අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවදක් නැහ. තරහා වනු එපා වැරදී මා තමා. සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවා නම් ලබන සැරේ මම දෙනව බැටේ.
දෙගුරු වෙනුවෙන් සෙනහස බිලිදී ගියත් මැකී ඔබ මගේ ලොවෙන් ඔබ තාම මාගෙමයි වසත් කල යව්වනියේ.
මේ පොලොන්නරුවේ පොඩි විජේ. ""
හික් හික් කැමති කෙනෙක්ට ඔන්න බා ගන්න පුලුවන්....
Download : දැන් කාලේ තරුණ උන්...
වැම්පිත් ඉස්සර දාල තිබ්බ සීයලගේ ට්‍රැක් වගයක්. හික් හික් ලව් ලෙටර් සීයල උනානේ...
මම නම් ජීවිතේට ලව් ලෙටර් එකක් ලියල නැහනේ... හම්බු වෙලා නම් තියෙනවා. මුලින්ම හම්බු උනු එක ගැන දිනිති ගැන කතාවේ ලියුවනේ.
ලව් හෙවත් ආදරය ගැන කියද්දි ලස්සනම මතකයක් තමා ඒ... හුඟක් දෙනෙක් බලල ඇති.. බලපු නැති අය ඉන්නවනම් කියවන්න...
දිනිති.. පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය.
කට්ටියගෙ ලව් ලෙටර් ගැන මතක තියෙනම් කියන්න බලන්න.... බ්ලොග් ලිපියක් විදියට දාල කිව්වත් කමක් නැහ. හි හි
මං නම් ලියලා තියනවා. එලම වැඩේ කියන්නේ, සමහරැන්ගේ ගෑනු ළමයින්ට අරවට මේවට නිසදැස් එහෙමත් මං ලියලා දීලා තියනවා. උන් ඊට පස්සේ උන්ම ලිව්ව ඒවා වගේ දීලා අර කෙල්ලෝ ඇවිත් අපි ඉස්සරහම අරැබ්ගේ කාව්‍යමය හැකියාවන් අගය කරපු සීනුත් තියනවා. මගේ ලේඛන ඉතිහාඅසය එහෙමයි. :D
ReplyDeleteපට්ට ෆන් වැඩේ බන් ලියුම් ලියන එක. එකම ප්‍රශ්ණේ හරියට ඩිලිවර් කරගන්න ඕනෙ.
ඔය ලව් ලෙටර් කීවාම මතක් වුනේ....දවසක් අපේ එකෙක් කෑල්ලකට දෙන්න කියලා ඉස්කෝලෙදි අමාරුවෙන් ලෙටෙර් එකක් ලියාගෙන තවත් එකෙකුට කියලා..දන්නවානෙ ඔය කවියට බර එකෙකුට කියලා....දැන් මේක හවස පන්තියේදි තමා දෙන්නේ යන්න ඕං හා හා පුරා කියලා....ඔය අස්සෙ මෙක මාට්ටුවෙලා අර හවස පන්තියටම යන අපේ ඇම්ඩන් කෙනෙකුට....මූ අර ලියුම හොරෙන් අරං එලියට ගිහින් පොටෝකොපි 20 විතර ගහගෙන...අපේ පෙම්වතාට කලින් පන්තියට ගිහින් distribute කොරල නොමිලේම....මේක දන්නෙ නෑනෙ අපේ වීරය....මූ ගිහින් කෙල්ලව හම්බවෙලා අමාරුවෙන් කට අරින කොටම කෙල්ල මුගෙන් ඇහැව්වාලු මොකද්ද මේ කියලා....බැලින්නම් කෙල්ලටත් ලැබිලා අර පොටොකොපියක්.....මදැයි කොලා...........
ReplyDeleteහෙළයා : හික් හික් අපේ අමිලයත් ඔය ජොබ් එක කරා. ඌටත් ලිවීමේ හැකියාව තිබ්බනේ.
ReplyDeleteඅපොයි ඔව් ඔව්... ගෙදරින් බේරගෙන... ස්කෝලෙන් බේරගෙන ට්‍රයි කරන කාලේ නම් ලැබෙන්න සලස් වන එක තමයි ලොකුම ගේම...
Shadow/හේමලයා : හපොයි බන්... අරූගේ ආතමයම ඉවරනේ... හික් හික්... පව් සීන් එක.
කව්ද ඔය කවියට බර පොර... අපි දන්න හෙවනැල්ලක් වත්ද ? හික් හික්
මම නම් තාම දීලත් නෑ, හම්බ වෙලත් නෑ. හැබැයි මගේ යාළුවෙක් නම් දවසක් ලිව්වා මරු ලියුමක්...
ReplyDelete" දයාබර (කෙල්ලගේ ඉස්කෝලෙ නම)බාලිකාවනි,
පලමුව සිනා සෙයි, දෙවනුව ලියුම් දෙයි, තෙවනුව තෑගි බෝග අරන් යයි,
ඉන්පසු ප්‍රේම ගඟේ පීනාලා සතුටින්. ප්‍රේම කරයි දෙන්නට දෙන්නා..."
කියල තමයි පටන් ගත්තේ. මූ මේක අපිට පෙන්නුව දෙන්න ඉස්සෙල්ලා. අපේ උන් බඩ අල්ලගෙන, බිම පෙරලි පෙරලි හිනා වෙන්න ගත්තා. මේක කෙල්ලට දුන්න නම් ඩෙෆා ඒකිත් ඒකම කරනවා... :D
ප.ලි. - දිනිති ගැන කිව්ව ම මතක් උනේ. කියන්න එපා තාම කෝල් කරේ නෑ කියල නම් :(
ඒක නම් ආතල් එකට ලියපු එකක් වගේ... හික් හික්... ඒකත් ගති හැබයි.
ReplyDeleteනැත කොල්ලො... කෝල් කරේ නැත. මම ඒ ගැන ඒතරම් එලෙව්වෙ නැහ මලේ... අතීතය මතකයක් විදියට තියෙන එක හොඳයි කියල හිතෙනවා.
කියපු එකා තාම නම්බර් එක හොයල දුන්නෙත් නැහ.
හෆෝ අපි නෑනේ ඕවාට....ඉස්කෝලේ යන කාලේ හෙවනැල්ල ඇවිල්ල බෝ ඇටයක්.....දැන් නම් ඕං බෝ පැලයක් විතර ඇති....ඇත්තටම ලියුම් නම් ලියලා නෑ...කොහොම හරි ගාටලා ගාටලා අන්තිමට කවියකින්ම වැඩේ පිනිෂ් කරගත්තා මම නම්....හැබැයි දැන් හිතෙනවා ඒක ලියලා කොරගත්ත ගොං කමක් කියලා....:D...
ReplyDeleteහයියෝ!! අපේ එවුන් දැං ඔව්වා ලියන්නේ කඩ්ඩෙං නෙවෙ. ගූගල් අයියගෙන්ම අරගෙන ජී මේල් වලින්ම යවනවලු! හික් හික්!!
ReplyDeleteමේ හැබෑටම මමත් ලව් ලෙටර් ලියලා තියෙනවනෙ බං. මේ ලඟදිත් එකක් ලිව්වා... ආතල් එකට වෙනසක් වෙන්නත් එක්කම... කෙල්ලටත් මාර හැපි... ඇයි බං SMS කොටනව මිසක් ලව් ලෙටර් ලියනවය දැං කාලෙ. වෙනසකට නම් මරු භාන්ඩෙ... ලව් ලෙටර්!!!
This comment has been removed by the author.
ReplyDeleteමම අන්තිමට හිටිය ඉස්කෝලෙත් 11 පංතියෙ පලහිලව්වක් ගුරු මණ්ඩලේට ආරංචි උනා. සීමා බාධක පැනවෙන්න, පැනවෙන්න යසට වැඩ කර කර හිටිය කොලුවා ගණිතයට දුර්වල වෙන්න ගත්තා. කෙල්ල නම් එහෙම උනේ නැහැ.
ReplyDeleteපස්සෙ පස්සෙ උගන්නන වෙලාවටත් කොලුවා අහගෙන ඉන්නෙ නැතුව කෙල්ල දිහාම තමයි වැඩිපුර බලන් ඉන්නෙ. ( පංතියේ ඉස්සරහ පේළි වල ඉන්නෙ ගැහැණු ළමයි නේ ) මටත් මේක කරදරයක් වෙන්න ගත්තා. අර කොලුවා පිස්සු හැදිලා වගේ බලන් ඉන්නවා දකින කොට මට හිනාත් යනවා.
අන්තිමේ මට සිද්ධ උනා ගණිතය වෙලාවට ගැහැණු ළමයින් ට පිටිපස්සෙ පේළි වලට යන්න කියන්න. මම සැර වැර කරන්න ගියේ නැහැ, මොකද තරුණ ළමයින්ට අවවාද කරන එකත් ලේසි වැඩක් නොවෙන නිසා.
බැරිම තැන මම කොලුවව වෙනම අඩගහා කිව්වා " පුතේ ඕවා ට වඩා පාඩම් වැඩ වලට මුල් තැන දෙන්න, අනිත් කාට හරි අහුවුනොත් දන්නවානේ මට වඩා සැරයි නේ කියලා "
කොලුවත් හා ටීච කියලා ගියා,,
අනේ මෙන්න මෙයා කෙල්ලට ලියපු ලියුමෙ ලියලා හරී ටීච නම් කැමති කියලා
මගෙත් වෙලාවට ඒ ලියුමම පංති භාර සර් ට මාට්ටු,, කවුරුත් ඉතින් මගේ හැටි දන්න නිසා හොඳට ගියා,,,
හහා.. මම ලියල නෑ බොල.. හැබැයි කොන්තරත්තු කරල තියෙනවා.. මගේ අකුරු ටිකක් හොඳයි නෙව ඉස්කෝලෙ කාලෙ... හික් හික්.. සින්දු දෙකයි.. කවි තුනයි.. අනෙ අම්මේ.. හිනාවෙලා පන යනව බොලව්..
ReplyDeleteහෆොයි මමත් ලව් ලෙටර් ලියලා නෑනේ.. දැන් නම් ලියන්නත් නිකං ලැජ්ජයි වගේ.. ලියුම දෙනකොට කෙල්ල අහයි "ඇයි ඔයාට මගේ ෆෝන් නම්බර් එක හොයා ගන්න බැරි වුනාද?" කියලා.. හිහ් හී.
ReplyDeleteමොනවා වුනත් මට ලවු ලෙටස් දුසින් ගානක් ලැබිලා ඇති සා.පෙ කරන කාලේ.. අපෝ නෑ පිස්සා අයියේ මට නෙවේ.. මගේ අතිජාත මිත්‍ර ලවු ලියුන් චක්‍රවර්තී අමිලට.. අමිලලා ඔක්කම එක වගේද මන්දා.. වැඩේ කියන්නේ මූට ලියුන් ලැබුණේ එකම කෙල්ලක්ගෙන් නෙවෙයි..! මම ඉතින් උගේ ලේඛම් වගේ ලියුන් එකතු කරගෙන ගිහින් වැවරවුමේ බංකුවකට වෙලා කියවනවා උටත් ඇහෙන්නම.. අනුන්ගේ ලියුන් කියවන එකත් මාර ෆන් වැඩේ අප්පා...හික්ස්..
හික් හික්!! ලව් ලෙටර් කතානං දෙන්නංකො ඇට්ටි හැලෙන්න සහෝ!හැබැයි දැන්මම නෙවෙයි.තව ටික දවසක් යයි.මගේ අමතක වෙලා තිබ්බ සීන් දෙක තුනකුත් මතක් වුණා.ස්තුතියි....
ReplyDeleteහැමොගෙම කිල්ලෝටර වල හුණු ටික ටික තියන හැඩයි.හි... හි...
ReplyDeleteමට ලියන්න දේවල් නැතුව වේලී වේලී ඉන්න කාලේ මරු අදහස. පරණ ලවු ලෙටර් ඇදල පබ්ලිෂ් කරන්න පුලුවන්. :P
ReplyDeleteඔන්න මම නම් ලියල තියෙනව ලව් ලෙටර්! :)
ReplyDeleteලියුම් 100 මොනවද සහෝ!! ;) ලියුම් හැංගීම වෙනම ප්‍රගුණ කළ යුතු කලාවක්!! scrap books තමයි හොඳම මාර්ගය.අනිත් තැන තමයි යකඩ අල්මාරි වල වීදුරුව පිටිපස්සේ.වැඩි දෙයක් කියන්න හොඳ නෑ , පොඩි උන් නරක් උනොත් එහෙම!! :)
ReplyDeleteඅපිට කොයින්ද ලව් ලෙටර්............................... :"(
ReplyDeleteමං කාළෙකට කලින් ඇහැව්වා කතාවක් පිටු 64ක ලව් ලෙටර් එකක් ලියපු කොල්ලෙක් ගැණ.
ReplyDeleteඊට අවුරුද්දකට පස්සේ මේ කොල්ලාව මං අහම්බෙන් දැක්කා. මගේ කුතුහලය නිසා මං අන්තිමේදී නරක නාමයක් ගා ගත්තා.
ඔය ලියුම් තියං හිටයට කමක් නෑ ළමයිනේ. බඳින්න කලින් පුච්චන්න.
අප්පේ ලවු ලෙටර් කිවුවමයි මතක් වුනේ.මාත් පොතක් ඇතුලෙ ලවු ලෙටර් සංරක්ෂණය කොරන්න ගිහින් අපේ තාත්තට මාට්ටු වුනානෙ 11 වසරෙදි.මාට්ටු උනා කියලා තාත්ත බැන්නා නම් දුකා නැ.මට බැන්නෙ නැහැ,ඒත් ඊට පස්සෙ දවසෙ ඉන්දලා තාත්තා මගෙ ලගින් යද්දි අර ලවු ලෙටර් වල තිබ්බ සින්දු කැලි,කවි පේලි කියාගන යනවා මට නෝන්ඩ්යට.වස ලැජ්ජාව අප්පා...හික් හික් හික්
ReplyDelete@පුබුදුවා
ReplyDeleteවිලි ලැජ්ජාවේ බැරි වැඩක්නේ බන් ඒක. :D :D
@ පුබුදු මල්ලි
ReplyDeleteමරු වැඩේ නේ
ෆෝන් එකක් තිබ්බ නැති කාලේ නම් ලිව්ව ලියුම් දෙක තුනක් නම් තාම ඇති. ඒවා අතිශය රහසිගත සේප්පුවක තැම්පත් කරලා තියෙන්නේ.
ReplyDeleteඅනේ ලව් ලෙටර් නම් එකට දාහක් ලියන්න බැරියැ...ඒත් ඉතින් කාට කියල ලියන්නද :D
ReplyDelete@හෙළයා:කියලා වැඩක් නෑ බන් ඒකනම්.නැට්ටෙ ඉන්දන් ගොම :P
ReplyDelete@හරී:මරු කියන්නෙ මරේ මරු හික්
@Hasitha ජයසූරිය:මංගල කින්කිණි එකේ දාමුද ad එකක් හික් හික්
ReplyDeleteඅපෝ පුබුදුවෝ අපේ අප්පච්චීට මේ ඊයේ පෙරේදා මගේ පෝන් එකෝ තිබුණ ඇස් ඇම් ඇස් ටිකක් මාට්ටු වෙලා මාව දකින් කොට අප්පොච්චාගේ පොන් එක අරගෙන ඒක දිහා බොරුවට බලාගෙන මගේ ඇස් ඇම් ඇස් වල තිබුණ ඒවා කියනවා.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ..
ReplyDeleteඑක අතකින් බැලුවාම බනිනවාට වඩා හොඳ ප්‍රථිපල බයිට් කිරිල්ලෙන් තියෙනවා..
Shadow/හේමලයා : හික් හික් කාක බෝද දන්නෙ නැහ... හික් හික්.
ReplyDeleteහපොයි උබ ඔය කියපු කතාව වග කිව යුතු කෙන දැක්කනම් ඉවරයි හික් හික්
ඉසුරු : කෙල්ලට හැපි වෙන්න ඕනිනේ... දැන් දකින්නවත් නැති ලව් ලෙටර් එකක් කොල්ල දුන්නම හික් හික්
පුතා : මොකේ බන් මැකුවේ ඒ සීන් එක ?
හරී : හික් හික් කොල්ල ඒකත් පොයින්ට් එකක් විදියට අරගෙන කෙල්ලගෙන් ලකුනු දා ගන්න... දක්ශ කොල්ලො... හික් හික්.
ReplyDeleteවැම්පයර් : උබ මුතු කැට පරදින්න ලියන්න දන්න කොල්ලෙක් වගේ හික් හික්..
ඇයි බන් චිත්‍ර ?? හික් හික්...
අතර මැද්දට පොඩි වලියකුත් එකතු කරා නම් එල හික් හික්... පට්ට උන් දෙන්න නම් නේ.
ළමයා : හික් හික් අමිලල ඔක්කොම ඒ වගේද මන්ද... දැන් නම් ඉතින් ලියන්නෙ නැහනේ බන් වැඩිය. අර ඉසුරු කිව්ව වගේ කෙල්ලට හැපි වෙන්නත් බැරි නැහ.
චී චී අනුන්ගෙ ලියුම් බලන එක කැතයි හොඳේ හික් හික්
blog gadol : අහ් එල එල... පූසො සෙට් එකේ ලව් ලෙටර් ආතල් ටික ඇති හොඳට... පුලුවන් උන ගමන් දාමු නේ...
ReplyDeleteඅච්චා : ඒ කියන්නේ අච්ච කොලුවගෙත් තිනව වගේ හික් හික්
තරිඳු : ඔය තියෙන්නේ අදහස්.. ලියමු ලියමු ඉක්මනටම....
Supun Sudaraka : එළ එළ... අර කෙටි කතාවෙ කෙල්ලටද ? :P
ReplyDeleteජංජාල චාමර : අත්දැකීම බහුල කොලුවෙක් වගේ අපේ ජංජල චාමර මලය... හික් හික්... පොඩි උන්ගෙ මොනා නරක් වෙන්නද බන් දැන් ඉන්න... කියල දාපන්.
Unknown_User/හිඟන්නා : එහෙම කියන්න එපා ඉතින්....
ReplyDeleteකතන්දරකාරයා : හප්පේ උගේ උපතේ ඉදන් ජීවිත කතාව ලියලද මන්ද.... ලියමුකො කතන්දර අයියේ ඒ සිද්දිය....
හික් හික්.... ඔන්න උපදේශයක් ළමයිනේ... පරිස්සමින් ඉතින් ඔය ලියුම් අහු උනොත් අර කිව්ව වගේ පවුල් අවුල් නේ.
පුබුදුවා : හප්පොච්චියේ... ඒක නම් එළම සිද්දිය. මොනව උනත් උබලගේ තාත්ත නම් මරු.. අපේ තාත්ත වගේම තමා. ගහන්නෙ බනින්නේ නෑ රිදෙන්න දෙනව ඒ උනාට හික් හික්..
ReplyDeleteඋබට ඒ ටිකේ කින්ඩි එහෙම ඇති වෙන්න හම්බෙන්න ඇතිනේ... හික් හික් හික්.. මරුම සීන් එක.
Hasitha : උබ ඒව ස්විස් බෑන්ක් එහෙකවත් තිබ්බද ?? හික් හික්....
Hasitha ජයසූරිය : එහෙම කියන්න එපා මලේ... තව කල් තිනවනේ උබලට. තාම චුට්ටියි නෙ උබල ඉතින් හික් හික්
@ පිස්සා පලාමල්ල:කියලා වැඩක් නැහැ බන් කෙල කෝටියක් කින්ඩ්.
ReplyDelete@ලමයා:ඔය ලියුම් මාට්ටු උනේ පොඩි කාලෙ තිබ්බ හුටපටේක.අලුත් හුටපටේ මාට්ටු ඇස් ඇම් ඇස් තමයි.අනේ මන්දා බන් මුකුත් කරන්න බැහැනෙ පටස් ගාලා මාට්ටු වෙනවා බන් තාත්තට හික් හික්
පොඩි කැත කතාවක් ලියවුනා මචං.. ඒකයි මැකුවේ...
ReplyDeleteHe he niyamai pisso love letter api nam yawwe SMS letters thama
ReplyDeleteNish
maru kathawa pattai
ReplyDeleteපුතා : අහ් හි හි... ඊ මේල් එක ආවා :D
ReplyDeletenish : කාලෙ වෙනස් තාලේ අලුත්
ano : :)
මම නම් මේකට කමෙන්ට් නොදා මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක්ම දැම්මා ඕං...
ReplyDeleteඑළ එළ... ඒ තරමට ලියුම් ලියල වගේ හි හි
ReplyDelete