Saturday, July 10, 2010

ජීවිතය විඳීම.. විඳවීම සහ U - TURN

Share

පහු ගිය දවස් වල.. ඒ කියන්නේ දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... ලිව්වට පස්සෙ ලිව්වෙම ආතල් කතානේ... අපේ සෙට් එකේ වැඩ  ස්කෝලෙ කාලේ වැඩ ගැන ගැන එහෙම. අද නම් ලියන්නේ හිතිච්ච සහ දැක්ක දේවල් ගැන..

 මම දන්න කතාවක් කියන්නම්...

මම දන්න අයිය කෙනෙක්  හිටිය අපේ ගෙවල් පැත්තෙ. අර ගන ගැන කතාවෙ පිස්සොන්ට ගන ලැබුනෙ.. පොර ස්කෝලෙ කාලේ ඉදන් ඉගෙනීමට වඩා ඔය Tv.. Radio.. computer නඩත්තු ( repair ) කිරීමට තමා කැමත්තක් තිබ්බේ. එතකොට ඔය Electronic වැඩ වාහන වල. Radio හයි කරන ඒවා.. ඒ වගේ..
ඒ දවස් වල යාලුවොන්ගෙ දන්න අයගෙ එහෙම Tv , radio වල පොඩි ලෙඩ එහෙම හදල දෙනවා. පොර ම ඉගෙන ගෙන. කවුරුත් කියල දීල නෙමෙයි.
පස්සෙ A/L ඉවර උනහම ගෙදර බල කිරීමට පොර ඔය NIBM එකේ course එකක් පටන් ගත්තා. අවුරුද්දු එකහ මාරක් විතර කලා... ඔය යලට මහට... ගෙදර වදේටම. පස්සෙ පොර බැරිම තැන ගෙදර එක්ක හෙන වලියක් දාගෙන ඔය course එකට යන එක නවත්තල දැම්ම. Diploma එක ගන්නත් තිබ්බ මාස කීපයක් හිටියනම්.
පස්සෙ ඉතින් අම්මල උනත් බල කරන එක නවත්තල දැම්ම මොකද මූ කියන දේ අහන්නෙ නැහනේ.

මූ අර course එක දාල ආවට පස්සෙ ගෙදර පොඩියට වැඩේ පටන් ගත්තා තව කොල්ලෙකුත් එකතු කරන් . Tv.. Radio.. Computer හදන්න.පොරට යාලුවන්ගෙ contacts එහෙමත් තියෙන නිසා වැඩත් සෑහෙන ආවා. පස්සෙ ගෙදර ඉඩ මදි නිසා පොඩි shop එකක් rent එකට අරන් වැඩේ කරගෙන ගියා.

දැන් පොර ඒ තැන සල්ලි වලට අරන්. වැඩේ ලස්සනට කරගෙන යනවා.
ඒ විතරක් නෙමෙයි අලුත් වාහන වල electronic repair වගේම Sounds / DJ ( DJ කරන්නෙ ඌ ගාවම වැඩ කරන එකෙක්.) වගේ වැඩ එහෙමත්. කොල්ලො 5 දෙනෙක් වැඩ ඌ ගාව මම ගිය පාර යනකොට.

ඌ ඒ එක දෙයක් වත් course කරල ඉගෙන ගෙන නෙමෙයි. තනියම ඉගෙන ගනිපුවා..


ඌ කියන කතාවක් තමා...

අකමැති දෙයක් කරලා හරිහමන් පඩියකුත් නැතිව කාගෙ හරි යටතේ මැරිලා මොකටද කියන එක...


" මචන් මම ටයි දාන මම අකමැති ජොබ් එකකට ගිහිල්ල හම්බෙන පඩිය වගේ 2 ගුනයක් මැරිලා සමාජයට පේන්න ලොකු කමට මම මෙ company එකේ employee කෙනෙක් කියල කියන්න ඉන්න එකද.. ජීවිතේ කියන්නෙ.... "


අද ඌ ඉන්න තැන ගැන ඌ සතුටු වෙනවා. අක්කගේ wedding එකටත් මුලු ඔක්කොම වියදම් කරේ ඌ. ගෙදරට වාහනයකුත් අරගෙන දැන්. sounds වැඩ වලට පොඩි කැන්ටර් එකකුත්.
නෑදෑයො.. අම්මල විරුද්ද වෙද්දිත් ඌ කලේ ඌට හරි කියල හිතෙන ඌ සතුටු දේ... ඒක කලේ හරි පාරක.
ඇත්තටම ඌ ජීවිතේ විඳිනවා මම හිතන්නේ... ඌ එදා course එක දාල ගහපු u turn එක නිසා ඌ අද සතුටු වෙනවා.






ඉලංදාරියගේ බ්ලොග් එකේ ඉලංදාරිය කියපු කතාවක් යාලුවෙක් කොමෙන්ට් එකක් විදියට දාල තිබ්බා.

""" මම නැවකට නගින්න ඉගෙනගන්න්කොට උබ කිවේ සල්ලි ගෙවලා උබ හිරකාරයෙක් වෙන්න එපා කියලා .අද කොච්චර ලොකු පඩියක් ගත්තත් උබ කිව කතවේ ඇත්ත තේරේනවා."""

ඒ කතාව ඇත්ත නේද....

ඇත්තටම අද අපි ජීවිතේ කියන එක විඳිනවද ??? හුඟක් දෙනෙක් විඳවනවා කියන එක නම් පේනවා.
මම උනත්.. පාලු සීතල රටක.. සල්ලි හම්බ වෙනවා. ඒත් ජීවිතය ??? ඒක මාව දාල හුන්ගක් දුර ගිහින් වගේ...

වැඩ වැඩ වැඩ... හැමෝම... අම්ම තාත්ත එක්ක කතා කරන්න... ළමයි එක්ක දවස නිදහසේ ගෙවන්න... අද කෝ නිදහසක්. මම කියන්නේ බහුතරය ගැන. කන්න වෙලාවක් නැතුව හිටගෙන කෑම එක කාල දුවන මිනිස්සු ඕනි තරම් මම දකිනවා.
කෑම එක රස විඳින්න වෙලාවක් නැති... නිදහසක් නැති ලෝකෙක නේද අද අපි ඉන්නේ...

ඇයි අපිට බැරි අර අයිය වගේ සමාජය කියන දේට විරුද්දව උඩුගං බලා ගිහින් ජීවිතේ විඳින්න. අපි බයයි. අපි අසල්වැසියන්ට... සමාජයට.. රට්ටුන්ට බයයි... මට හිතෙන්නේ. ඒක නිසා... මේ හදපු රාමුවේ... හරක් රැලක් වගේ දුවනවා.

මම... අපි.. හුඟක් දෙනා බයයි වෙනසක් උත්සහ කරන්න.

අර අයියා ඌ ගිය පාර ඌට හරියන්නෙ නැහ කියල හිතෙද්දි... ඌ ගැහුව u turn එකක්. ඌට හිතේ හයිය තිබ්බා. ඒත් මට.. හුඟක් අයට ඒ හයිය නැහ.
එක්කො අනික් අයගෙ සතුට නිසා අපි අපේ සතුට බිලි දීල.

ගෙදර... අම්මල තාත්තල එක්ක සතියකට පාරක් වත් නිදහසේ දවසක් ගත කරන්න... උනුවෙන් අම්ම හදන කෑම කටක් කන්න..
පරන යාලුවො එක්ක රවුමක් ගහන්න... මට ආසයි. ඒත්... මම තොර ගත්ත පාරේ.. ඒ සතුට නැහ. ජීවිතය මම දකින් නැහ. අපේ තාත්ත එපා කියද්දි... මම ගහපු turn එක වැරදියි කියල වෙලාවකට හිතෙනවා.



ලියන්න දේවල් හුඟක්... ඒත් ලියවෙන්නෙ මොනවද විශ්වාස නැති නිසා මේ ඇති...

කට්ටියට ගැන... ජීවිතේ විඳීම සහ විඳවීම ගැන හිතෙන දෙයක් කියල යන්න....

32 comments:

  1. ම්ම් මෙහෙමයි....

    අපි ගන්න තීරණ වැරදි වෙන්න පුලුවන් ... ඒත් ඒ ගත්ත තීරණය හරි කියලා හිතෙන වෙලාවලුත් එනවා .......

    බැරි වෙලාවත් උබ ලංකාවේ හිටියනම් මේ කතාවේ අනික් පැත්ත කියයි ...

    මේක තමයි විදිය .... උබ යු ටන් ගහලා වැරදිලා කියන කොට අරු කියනවා උට හරි ගියා කියලා .... ‍
    [මං ගැන ගත්තොත් මාත් යුටන් එකක් ගැහැව්වා මගේ රස්සාව පැත්තෙන් ... :D වෙලාවකට ඒක හරි කියලා හිතෙනවා වෙලාවකට එක් වැරදියි කියලා හිතෙනවා ... :D ]

    මට හිතෙන්නේ මේක එක එක්නෙනාට එක එක දේ අනුව සාපේක්ෂයි ....

    මොනවා උනත් කාගෙවත් තැනක වැඩ නොකර තමුන්ට තනියෙන් නැගිටින්න පුලුවන් නම් ඒක ලොකු දෙයක් .....

    හැමදේම සතුටින් බාර ගමු

    ReplyDelete
  2. ජීවිතේ මොන පැත්තට ගියත්..... අපි ගත්තු තීරණ හරි වුනත් වැරදි වුනත්....අපිට ලැබිච්ච දෙයින් සතුටුවෙනවා මිස ඒ ගැන පසුතැවීමෙන් පලක් වේවිද?......

    "වැප්"කීවා වගෙ හැමදේම සතුටින් බාර ගමු....:)..

    ReplyDelete
  3. වැප් , හේමලයා දෙන්නම හරි අපි අපිට ලබෙනදේයින් සතු‍ටු වෙන්න පුලුවන් වෙන්න ඔනේ ...

    අපේ අතේ සල්ලි නැතිවෙනකොට අපිහිතනවා සල්ලි තිබුනානම් තමා ජිවිතේ කියලා ඒවාගෙම....සල්ලි තිය්න අය හිතනවා නිදහස තිබුන්නන තමා ජිවිතේ කියලා ....

    කොහොම උනත් අපි ජිවිතේ වොදින්න හදාගන්න පාරාසය පුලුල් කරගත්තාහම හරි....මොහා ලොකු දේවල් නැතිව හරිම සියුම් දෙවල් වලින් අපිට පුලුවන් ජිවිතය විදින්න...

    තම‍ඟෙම කියලා දෙයක් කරගෙන තමන්ගෙම හෛයෙන් නැගිටින්න් අතියනවානම් ගොඩක් හොදයි...අපිට තියන් ප්‍රශ්නය .... එවගේ දෙයක් කරන්න යනකොට එන දෙවල් උපෙක්ශාවෙන් දරාගෙන ඉස්සරහට යන්න හිත හදාගන්න එකයි.....

    ස්තුතියි...මචන්....

    ReplyDelete
  4. "life is all about taking risks" කියලා මං උසස් පෙළට පංති ගිය සර් කෙනෙක් කිව්වා. කතාව නම් 100%ක් ඇත්ත කියල දැන්නම් හිතෙනවා. මොනා උනත් අපි ඉගෙන ගන්න ඕන අපේම වැරදි වලින් තමයි. මොකද '' A person who can't make mistakes, can't make anything " කියලා තියෙනවා නේ...

    ReplyDelete
  5. වැප් : ඔව් එහෙම හිතෙන්නත් තිබ්බ. කී දෙනෙක් අහනවද මචන් ඔහෙට පනින්න විදියක් නැද්ද කියල... ඒත්... ඔව් ජීවිතේ එන විදියට සතුටින් මුහුන දෙන එක තමා කරන්න ඕනි.. අමාරු උනත්. ඒක අමාරුයි.... ඒත් උත්සහ කරන්න ඕනි... මචන්.... හුඟක්.


    Shadow/හේමලයා : ඒක තම හොඳම දේ... ඒත් ඒ දේ හුඟක් අමාරුයි... උත්සහ කරනවා... හුඟක්

    ReplyDelete
  6. ඉලංදාරියා : ඔව්... මචන්... අමාරු උනත් ඒ දේට උත්සහ කරන එක තමා හොඳම දේ...

    උබ හරි... අපි හැමතිස්සෙම අපිට නැති උන දේ... නැති දේ ගැන මිසක් ලැබුන දේ ගැන හිතන් නැහ. ඒත් ඒ ලැබුනු දේයින් සතුටු වෙන්න හිත පුරුදු කර ගන්න එක තමා අමාරු....



    කොඩී : සහතික ඇත්ත....

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. සතුට හා විඳීම කියන දේ තීරය වෙන්නේ තමන් විඳින්න හිතන විදිහ අනුව.

    මමත් කාලෙකට කලින් හැම දේම අතහැරලා පිට රටකට යන්න තීරණය කරලා පස්සේ දුක් වුනා අපරාදේ මම මේ වගේ තීරණයක් ගත්තේ කියලා.

    ඒත් පස්සේ නිවාඩු ගිහින් එන වෙලාවල් වලට පොත්, ඩී වී ඩී, CD එහෙම අරන් ඇවිත් කලින්ටත් වැඩිය පොත් කියවන්න සිංදු අහන්න ෆිල්ම් බලන්න ගත්තා ඒ කිව්වේ හොබී එක වැඩි දියුණු කර ගත්තා.

    එතකොට යාලුවෝ එක්ක රවුම් ගහන සෙට් වෙන අම්මගේ බත් කන එක මිස් වුනු එක ගන අමතක වුනා.

    පස්සේ තව යාලුවෝ රෑනක් හදාගෙන වීක් එන්ඩ්ස් වල බීලා (කන සාක්කුවේ දාගන්න ගානට නෙමෙයි - ලාවට )පාර්ටි දාන්න සෙට් වෙලා රෑ එලි වෙනකම් සිංදු කිව්වා.

    කාලය ගත වුනා දැනුනේ වත් නෑ . .

    විඳින ක්‍රමේ වෙනස් කර ගන්න ට්‍රයි කරපන් එතකොට හරි යයි

    ReplyDelete
  9. දුකා අයියේ... මමත් ඔය හොබීස් ටික තමා දැන් කරන්නේ... බ්ලොග් ලියවිල්ල කියවිල්ල ඇරුනම...

    යාලුවො එක්ක පාර්ටි දාන එක... එලියට යන එක පුරුද්දක් වෙච්ච කාලයක් තිබ්බ බන්... ඒත් කාලයත් එක්ක ඒවා එපා වෙනවා. උබට තේරෙනවද... ?? ඒක ලංකාව මෙහේ කියල නෙමේ... මිනිස්සු ඒකාකාරි වෙලා... සල්ලි පස්සෙ දුවනකොට ඒ දේවල් එහෙම වෙනවා. ඒ මිනිස්සු වෙනස් වෙනවා.

    මට home sick නැහ.. මම මේ රටේ තනි වෙලා හුඟක් කල්. මට තියෙන්නේ මේ කෘතීම රොබෝ ජීවිත එක්ක ඉදල ඇති වීමක්. කළකිරීමක් වගේ... දෙයක්.

    ඔව්.. විදින ක්‍රමය.. හිතන ක්‍රමය වෙනස් කරන්න ඕනි. හිත රවට්ටගන්න හරි.

    ReplyDelete
  10. ඔය කථාව අඩු ගානේ දවසට එක පාරක්වත් මම මගෙන්ම අහගන්න ප්‍රශ්නයක්... වින්ඳද? විඳෙව්වද? දවස් 10ක් ගත්තොත් 9ක් වත් වින්ඳ දවස් තමයි තියෙන්නේ... උඹ හිතයි මම උඹ කියපු කාරනෙ කන පිට පෙරලගෙනවත්ද කියලා... එහෙමම නෙවේ.. මම පොඩි කාලේ ජීවත්වුනේ අම්ම තාත්තට ගුරුවරුන්ට ඕන විදිහට... O\L කාලෙ වෙද්දි කෑල්ලට යාලුවොන්ට ඕන විදිහට... A\L එහෙම කරලා රස්සාවට ගියාට පස්සේ ලොක්කට ඔෆිස් එකේ එවුන්ට ඕන විදිහට... දවසක් මම කල්පනා කරලා බැලුවා මොකක්ද මේ කරන මඟුලේ තෙරුම කියලා... මට තේරුන එකම දේ තමා අපි කොහොම හිතුවත් මොනව කෙරුවත් කරන්නේ අර කනුවේ බැඳපු ගොනා වගෙ වැඩක් නේද කියලා... මම හිතා ගත්තා දවසින් දවස ජීවත් වෙන්න.. ඊයෙත් නෙවෙයි හෙටත් නෙවෙයි... ඕක මට සෑහෙන දුරට වැඩ කරා.. මම කරන්නේ දවස ඇතුලත මම තෘප්තිමත්ද කියලා හිතන එක විතරයි..

    ReplyDelete
  11. අනේ වාසවන් , හැබැයි අයියේ ඔය U ටර්න් ගහන ගොඩක් අය වැටෙන්නෙත් ඔය U ටර්න් එක නිසාම තමා , හැබැයි ඔයාගේ යාලුවා ජයගත්ත එකටනම් සුභපතනවා , ජය !!

    ReplyDelete
  12. ජීවිතේ දිනන්නේ බය නැතුව U-turn ගහන එවුන් තමයි!

    ජීවිතේ විඳවන්නේ අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න ජීවත්වෙන මිනිස්සු!

    අපේ ජීවිතේ සතුටේ සහ දුකේ නිර්මාතෘවරයා අපිම වෙන්නේ මේ නිසයි!ඒක වටහාගෙන ජීවත්වුණොත් අවුලක් වෙන්නේ නෑ!

    ReplyDelete
  13. hmmmmmmm... ඔයාගේ යාලුවා ඔඩක් වාසනාවන්තයි අයියේ... ජීවිතේ එක තැනක් වරද්දගෙන මං අද ගොඩක් විද්වනවා. උ.පෙ. කරන්න එප කියද්දි මම අඩලා පෙරලිලා කරන්න ඕනමයි කියලා පටන් ගත්තා. ඒත් ඒක කරන්න තත්වයක් අපේ ගෙදර නෑ කියලා තේරුන් ගන්න මට ගොඩක් කල් ගියා... අද ජීවිතේ අවුරුදු 3ක් නිකන්ම නාස්ති කරගෙන එකට හූල්ලනවා මං... මගේ අයියා මට දවසක් හොදටම බැනලත් කියුවා වෙන රටකට යවන්නන් ප්‍රශ්න ඉවර උනාම ලංකාවට එන්න. එතකන් ඉගන ගන්න කියලා. එදා ඒකට කැමති උනා නං මං අද හිතින් ගොඩක් ලොකු තැනක ඉන්නවා...තත්වෙ,සල්ලි වලට වඩා හිත වට්ටගන්නේ නැතුව ජීවත් වෙන්න හයියක් එහෙනං මට තියනවා...

    ඒ නිසයි කියුවේ. ඔයාගේ යාලුවා ගොඩක් වාසනාවන්තයි...

    ReplyDelete
  14. ලොකු තීරණයක්, අභියෝගයක් ගන්න කැමති නැති මිනිහෙක් කවදාවත් සාර්ථක වෙන්නේ නෑ කියලා මම දන්නවා. මේ වගේ වැදගත් දෙයක් සටහන් කිරීම පිළිබඳ මාගෙ තුති..

    ReplyDelete
  15. 100%ක් එකගයි සහෝ! පුරුපුරුත් යූ ටර්න් එකක් ගහල ඉන්නෙ.තව අවුරුද්දකින් විතර බලාගන්න පුලුවන් මොකද වෙන්නෙ කියලා!!

    ReplyDelete
  16. අයියෙ මාත් මැත්ස් වලින් ආට් වලට යූ ටර්න් එකක් ගැහුවා........ඒක මන් හිතන විදියට සාර්තකයි. මොකද මගෙ ටාගට් එකට යන්න ඒක මට ශක්තියක් කියලයි මට හිතෙන්නේ...ඒත් ගොඩක් අය හිතන්නෙ මන් මගෙ බලාපොරොත්තු සේරම අතඇරල මේක කලා කියල...ඒත් මායි දන්නෙ මන් මේක තෝරගත්තෙ මගෙ ටාගට් එකට යන්න ලේසි වෙන්න කියල.......මාත් අනිත් මිනිස්සු හිනා වෙයි කියලයි ගොඩක් දේවල් කලේ...ඒත් අද මට ඒ ගොන් කන් හොදටම තේරෙනවා...ඒත් කරුමෙට ඒව තේරුනාට තාමත් ඒ මිනිස්සුට හිනා වෙන්න ඉඩ තියෙන නිස ඒක නොවෙන්න වැඩ කරනව :D

    ReplyDelete
  17. මමත් මේ යූ - ටර්න් එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
    බලමු නේද..
    :)

    ReplyDelete
  18. පුතා : අහන්නත් සතුටුයි මචන්... ගෙවන ජීවිතේ ගැන... කරන දේවල් ගැන දවස අවසානයෙ හිතුවම තෘප්තිමත් වෙන්න පුලුවන් නම් ඒක තමයි විඳීම නේද මචන්...



    හිඟන්නා : ඒක මචන් U Turn එක ගහන්නේ හරි පාරකට ද.. හරි වෙලාවෙද කියන එක අනුව නේද තීරනය වෙන්නේ...



    ජංජාල චාමර : උබ හරි මල්ලි.... ඇත්ත.

    ReplyDelete
  19. නිරහංකාර අහිංසකාවි : නංගි... අපි හුඟක් අය ජීවිතේ වැරදි තීරන අරන් තියෙනවා... ඒත් ඔයා දැන් ඒ ගැන හිතල දුක් වෙන්න එපා... ඔයා ගත්ත තීරනය නිසා නාස්ති උන අවුරුදු 3 නාස්ති උනේ නැහ කියන තැනට හිතන්න වැඩ කරන්න තාම බැරි නැහ...

    මේ මාස කීපය කැප වෙලා... ප්‍රශ්න අමතක කරල උසස් පෙල කරන්න බලන්න... මම හැමදාම කියන්නේ ඒක ඔයාට... අදත් කියනවා....




    හෙළයා : අදහසට බොහොම ස්තුතියි මචන්. ඇත්ත කතාව.




    blog gadol : එහෙමද... සුබ පතනවා මචන්.... ජය.

    ReplyDelete
  20. Hasitha ජයසූරිය : හුඟක් අය මැත්ස් බයෝ වගේ කරන්නෙ රැල්ලට... ආට් කරන්න බයයි. උබ බය නැතුව උබට පුලුවන් දේ තෝරගත්ත එක ලොකු දෙයක්.... දිගටම ඒ ගැන හිතල හොඳට වැඩ කරපන් මලේ.... උබට ජය.




    Ansh Lucky Sri Jay : සුබ පතනවා ගන්න යන තීරනයට.... :)

    ReplyDelete
  21. අම්මප ඕක අමූලික ඇත්ත. මමත් හෙනම යූ ටර්න් එකක් ගහපු එකෙක්.

    ReplyDelete
  22. සතුටුයි හොඳ පැත්තකට ගැහුවා කියල හිතනවා :)

    ReplyDelete
  23. පන්ති යන්නේ නැතුව උසස් පෙල කරන්න නං ඉස්කෝලෙ යන්න ඔන. ඔය 2ම කරන්න උනේ නැති මං කොහොමද අයියා දවස් 26ක් විභාගයක් ලියන්නේ???? මට දැන් පිස්සු හැදුනේ නැති එක විතයි. හ්ම්ම්ම්ම්...

    ReplyDelete
  24. හ්ම්ම්.... හොඳට හිතල තීරනයක් ගන්න එහෙනම්... අනාගතය ගැන... :)

    ReplyDelete
  25. man theeranayak gaththaa aiya.. :D :D :D ada man godak sathutin...

    ReplyDelete
  26. හුඟක් සතුටුයි එහෙනම්.... ගත්ත තීරනය ගැන ඔයාට සතුටු වෙන්න පුලුවන් නම් එච්චරයි...

    මූනු පොත පැත්තෙ අවම මම කියන්නම්. :)

    ReplyDelete
  27. කොල්ලා දැනටමත් හෙන (U turn) ^(U turn) එකක් ගහලා අවුලක් නැතුව එලකිරි වගේ යනවා , තව එකක් ගහන්නද ?? ලොල්!!

    ReplyDelete
  28. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගන්න තමා තියෙන්නේ අයියා.............

    ReplyDelete
  29. එහෙම හිතන එක හොඳයි තමා... ඒත් ඒක ලේසි නැහ මලේ.... කාලෙකින් මේ පැත්තට ඇවිල්ල වගේ... අහ් සති අන්තෙ නෙ...

    ReplyDelete
  30. මම යන පාර U turn එකක්ම නොවුනත් එක වෙනස් කරන්න හැදුවා. ඒත් මම කෙලින් යනවා. තව ගොඩක් දුර යන්න තියෙනවා ගොඩබ්මකට ගොඩබහින්න. ගිහින්ම බලනවා ඉතිං....

    ReplyDelete
  31. සුබ පතනවා තාරක අනාගතයට....

    ReplyDelete

Related Posts with Thumbnails