skip to main |
skip to sidebar
කට්ටියට මතකනේ කලින් ලිව්ව කක්කි කතාව... අර ජොකා හැලුනු එක... මේකත් ඒ වගේම කක්කි සීන් එකක්... ඇති දේකුත් නැහ ඉතින්... ලියල දාන්න ඕනි කියල හිතුන ඒ වුනාට.
ඔය සාමන්‍යය පෙල එහෙමත් නැත්තම් O/L කාලේ නිවාඩුවකට අපි කට්ටියට ට්‍රිප් එකක් යන්න අදහසක් ආව. යෝජනාව විරෝධතාවකින් තොරව සම්මත උනා.
ගමනාන්තය නුවර එලිය.
8 දෙනෙක් තමයි ගමනට ඉන්නේ... ඒ මදැයි... ඔන්න ඉතින් ප්‍රාදේශීය සභාවෙන් සම්මත උනාට වැඩක් නැහනේ... ප්‍රතිපාදන සහ අවසන් තීරනය දෙන්නේ පාර්ලිමේන්තුවෙන්නේ අපේ විදියට ඒ කාලේ. ඔන්න ඉතින් යෝජනාව දැම්ම...
බුදු හප්පොච්චියේ.... ගයාන්.. පවන්... හසිත ලගෙ ඇප්ලිකේශන් බලන්නෙත් නැතුව අහකට දැම්ම නේ... මොනා කරන්නද...
ලෙමන් පෆ් කාල... උපවාස කරලා... අඬලා... වැලපිලා... දවස් ගානක් නොකා නොබී ( හොරාට කාල ) ඔන්න අන්තිමට අමාරුවෙන් අවසර ගත්තා.
ඒක වෙනම ලියන්න තරම් වටින යුද්දයක්....
චූ කොල්ලො කාලේ නේ... අවසර දුන්න එකත් ලොකු දෙයක් නෙ කියලා... ඔය සංකයලගේ කව්ද මන්ද ඉන්නවා එහේ නවතින්න පුලුවන් කියලා ගෙවල් වලටත් කියලා ඔන්න කොහොම හරි පැන්න.
ගමන කෝච්චියේ... අනික දන්නවනේ සීමිත මුදලක් තමා තිබ්බේ. මට මතක විදියට දවස් 3 ටම එකා ගාව 750 ක් වගේ තිබ්බෙ....
කොහොම හරි දැන් මේ කතාව පිට පැනල කියල තේරෙනවනේ... හික් හික්... ඔන්න ඔහොමයි ගමන් ගියේ.
ගියාට සංකයා වගේම තමා උන්ගේ නෑයත්.. මේ නරි රැලක් ගෙට වද්ද ගන්න පුලුවන්ය... ඒ මනුස්සය ඔය නුවර එලිය නගරයේ තැනක් නවතින්න ලෑස්ති කරලා. අපේ ගානට නම් හරි.. හැබයි චා මැක්ස්. හික් හික්. තැන නම මතක නැහ. පන්සලක් හරි ඔය විශ්‍රාම ශාලාවක් වගේ එකක්.
කාමරයක් තමා හම්බුනේ. පැදුරු දාල... ඒ කාලේ බස් හෝල්ට් එකක් උනත් කමක් නැහ කියල ආවේ... ලොකු සීන් එකෙන්නේ... ඔය කිව්වට එපා උනා අපිට ඉතින්.
ඔය තැන එදා තව බස් එහෙකින් ආපු නඩයකුත් ලොකු ශාලවෙ හිටියා. අපි ඉතින් පොඩි ළමයි නේ ඒ කාලේ... ඉතින් නාකි සිංහයෙක් ගෙන් උගුර කට තෙමාගෙන එදා නිදා ගත්ත.
ඒ කාලේ ඉදන්ම.... චී චී මහ කැත ළමයි... හික් හික්.
හරි හරි... ඔන්න පසුබිම.
දැන් කතාව.
ඔය කියපු තැන වැසිකිලි එහෙම නැත්තම් ටොයිලට් තිබ්බේ පේලියට... සීන් එක කියන්නේ ටැප් නැහ. චා නේ... එලියෙ තිබ්බ පොඩි ටැංකියකින් වතුර අරන් බාල්දියකට තමයි ටොයිලට් යන එකා යන්න ඕනි...
උදේ ඉතින් අර බස් නඩෙත් සෙට් වෙලා තදබදය උපරිමයි. අපිටත් කවද කාපු කටු ද... ගයාන් හසිතය එහෙම ෆුල් අවුට් හික් හික්.. හුරතලේට සැපට හැදුන ළමයි නෙ අපි. හික් හික්...
තදබදය නිසාම ඉතින් වතුර බාල්දි ප්‍රශ්නෙකුත් තිබ්බ. කොහොම හරි අන්තිමට එක බාල්දියක් සෙට් කරන් මායි අමිලයයි එක ලඟ වැසිකිලි දෙකක බොගකට සෙට් උනා. මම වතුර එක අරන් ගිහින් වැඩේ ඉවර වෙලා අලුත් වතුර එකක් ඌට ගෙනත් දෙන්නම් කියල තමා දැන් ටොයිලට් ගියේ.
මම ඉතින් මගේ වැඩේ ඉවර කරන් අලුතින් වතුර එකුත් පුරවලා අරන් ගිහින්
" මෙන්න මචන් උබේ වතුර එක එලියෙන් තියනව ඉක්මනට ගනින් " කියලා උගේ ටොයිලට් එක ඉස්සරහ තියලා ආව...
ඌත්...
" අහ් එල මචන්... " කියල හිටියා..
අපි ඉතින් මූන හෝදලා.. ලෑස්ති වෙලා ඔක්කොමත් ඉවරයි... අමිලය නැහ තාම. මූ පැය භාගෙකටත් වැඩියි දැන් ටොයිලට් එකේ...
" කෝ බන් මේ යකා... වරෙන් බලන්න " කියල මායි අපේ හසිතයයි ගියා වැසිකිලි ය ගාවට ඌ ගියපු...
" අමිල... මොන හු***** කරනවද බන්... වරෙන්කො... "
" ඒ අනේ බන් මට වතුර එකක් ගෙනත් දියන්කො... අර හු*****ක් මගේ වතුර එක ඉස්සුවනේ... "
මූ ඇතුලෙ ඉදන් කෑ ගහනවා....
පස්සෙ බැලින්නම් මම වතුර එක තියල ගිය ගමන් කව්ද එකෙක් මුගේ වතුර එක උස්සල. මූ ලැජ්ජාවට සද්දෙ වහන් ඉදල... හික් හික් පොඩි කාලෙනේ...
මූට හෝදන්නෙ නැතුව එලියට එන්නත් ලැජ්ජාව... ඉතින් මූ අපි එනකල් ඉදල අරකෙ හික් හික් හික්.... අරකෙ කිව්වෙ ටොයිලට් එකේ...
පස්සෙ ඉතින් බාල්දියෙන් ගොඩ දාන්න බැරි උනා. වතුර බාල්දි 4ක් ගෙනත් දීල තමා අන්තිමට ඌව ගොඩ ගත්තෙ...
පැය භාගය හා වතුර බාල්දි අතර සම්බන්දය හිතා ගන්න ළැමයි හොඳද... හික් හික්...
අමිලටම බොග සීන් වෙන්නෙ ඇයි අහන්න එප.. පව්නේ.. හික් හික්... ලබා උපන් හැටි මයෙ හිතේ හික් හික්
උගේ ජොකා හැලුන සීන් එක මෙතනින් බලන්නකො බලපු නැති අය.
අප්පච්චියේ....හරියට අර ගහෙන් වැටිච්චි එකාට ගොනා ඇන්න වාගෙයිනෙ.....බොගට ගිය එකාගෙ බාල්දිය ඉස්සුවා වගෙයි කියමු.....:
ReplyDeleteoya blog ekak liyana bawa AMILA thawama danne naha neda? dannawaa nam pissawa hoynna wenne handen thamayi,,,,:D
ReplyDeleteඅනෙ අම්මෙ.. නියමයි බන්.. උදේම හිනා මයියගෙ කතාවට. රෑට හිනා පිස්සගෙ කතාවට!
ReplyDeleteShadow/හේමලයා : ඒකත් මරු කතාව තමා මචෝ හික් හික්
ReplyDeleteහරී : හප්පොච්චියේ... ඌ දන්නවනම් මුලින්ම තරහ වෙලා... ඊට පස්සෙ උගේ ගෑනු ළමය ගාවට ගිහින් මට බනියි... ඊට පස්සෙ ඉතින් ගෑනු ළමය තමා කියන්නේ...
" මොනාද අනේ අර කරන්නේ... අමිල අන්න තරහ වෙලා " කියල...
හික් හික්... ඊට පස්සෙ ඉතින් හොයන් ගිහින් කතා කරාම ගොඩ සීන් එක. හික් හික්...
එකම අවුල ඌ තරහ වෙනවනේ නොකියම හික් හික්
වැම්පයර් : එළ එළ... මයියගේ කතාව නම් පට්ට නේ බන්.
අහ් ඒ වගේම කියන්න ඕනි කට්ටියටම.... මේ ළමයින්ගේ නම් ගම් සියල්ලම මනංකල්පිත වන අතර සත්‍ය නම් ගම නොවේ.... පුද්ගලිකත්වය රැක ගැනීම සඳහා එසේ කරන බව කරුණාවෙන් සලකන්න...
ReplyDeleteMaru kathawa... (Sinhala netho...)
ReplyDelete-AD
සතුරෙකුටවත් මෙවන් විපතක් සිදු නොවේවා!
ReplyDeleteමරේ මරු..
ReplyDeleteඊ...ක්.... කා..... :p
ReplyDeleteහික් හික්!! මරු කතාව.හොද වෙලාවට මෑන්ස් පැය බාගයක් විතරක් හිටියෙ.පැයක් දෙකක් හිටියනං වතුර බවුසරයක් විතර ඕනෙ වෙයි!!!
ReplyDeleteසිරාවටම ඇයි අමිලයටම මේව සෙට් වෙන්නේ... :P
ReplyDeleteඌට බොග අමිල කියලා එහෙම කාඩ් එකක් වැටෙන්න නැතුව ඇති නේද මචන්....
ReplyDeleteඔය කිට්ටුවෙන්ම යන පැන පොඩියකුත් තියෙනවා.
ReplyDelete" මිනිහෙකුට තමන්ගෙ ජීවිතේට අහන්න ලැබෙන මිහිරිම ශබ්දය මොකක්ද ?"
කවුරුහරි දන්නවද උත්තරේ?
පට්ට පට්ට අමිලයා වතුර එක අරන් ගිය එකාගෙ හත්මුතු පරන්පරාවම මතක් කරන්න ඇති හික්
ReplyDeleteපොල් මුඩ්ඩකුත් දෙන්න තිබ්බේ :D :D :D
ReplyDeleteඅමිලට " බොගා ජූනියර් " වගේ කාඩ් එකක් සෙට් කරා
නම් හරි...
දාල තියෙන පින්තූරෙ ඔහෙ එකද, මෙහෙ එකද?
ReplyDelete-AD : සිංහල නැති උනාට අවුලක් නැහ..
ReplyDeletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html පුලුවන් සිංහල ටයිප් කරන්න.
ළමයා : හික් හික්
Ansh Lucky Sri Jay : :D
ජීවිතේමල් : පව් නේ එහෙම කියන එක ඌට හික් හික්
ReplyDeleteblog gadol : එහෙනම් ටැංකිය මදි වෙනවා තිබ්බ හික් හික්
කොඩී : වෙලාව ට තමා උගේ :D
අභීත උදය බණ්ඩාර එදිරිසිංහ : හි හි නැහ නැහ.. ඕක වෙලා හුඟක් කාලෙකින් නේ අර ජොකා හැලුනේ. ඌට කාර්ඩ් දැම්මනම් ඌ තරහ වෙලා.. යාලු කරගන්න හෙන ගේමක් දෙන්න වෙනවා හික් හික්
ReplyDeleteඇටමැස්සා : හප්පොච්චියේ ඒ මොකක්ද ?? මට නම් උදේට එලාර්ම් එකේ සද්දෙ තරම් මිහිරි එකක් නැහ නොවැ... &^$%^#%@%@
පුබුදුවා : අනිවාර්යෙන්ම... පැය භාගයක් තිස්සෙ කරන්න දෙයක් තියෙන්නත් එපැයි බන් හික් හික්
හෙළයා : හික් හික්... ඌට කාර්ඩ් දාල ඌ තරහ උනාම යාලු කරගන්න තියෙන අමාරුව හික් හික්
ReplyDeleteCharmi : පින්තූරෙ නම් ජංජාලෙන් හොයා ගත්තේ... කතන්දරගේ බ්ලොග් එකෙත් තිබ්බා මේක ගැන කතාවක්.
එළ.
ReplyDeleteමෙහෙමත් හොරු. :P
ReplyDeleteවතුර එක උස්සපු එකාට යථා කාලයේදීම ඒක ඵල දෙන්න ඇති.
Ane manda me amilatath wena dewal..........
ReplyDeletenish
Praසන්ன : :D
ReplyDeleteUthpala : අමිල දෙස් තියපු විදියට අනිවා වෙන්න ඇති හික් හික්
nish : ඒකනේ පව් ඉතින් හික් හික්
" මිනිහෙකුට තමන්ගෙ ජීවිතේට අහන්න ලැබෙන මිහිරිම ශබ්දය මොකක්ද ?"
ReplyDeleteඉවසන්න බැරිතරම් ( විදුලි කොටන ගානට) අමාරුවෙන් වැසිකිලියක් ඉස්සරහ පෝලිමේ ඉන්නකොට, වැසිකිලිය ඈතුලෙ ඉන්න කෙනා හෝදන්න පටන් ගන්න සද්දෙ කියලයි මටනම් කීප දෙනෙක්ම කිව්වෙ.
හැබෑට ඒකත් එක්තරා ආකරයක මිහිරිම සද්දයක් නේන්නම්.
ReplyDelete