Sunday, August 8, 2010

කාලකන්නි දොස්තරල... හෙවත් මානසික රෝගී වලත්තයො....

Share


සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය බ්ලොග් එකේ තිබ්බ ලිපියක් තමයි මෙහෙමත් දොස්තරලා. ඕක කියෙව්වම මට පුදුම තරහක් වගේම කල කිරීමක් ආවේ... අපේ රටට මොනා වෙලාද කියලා...


ලිපිය කියෙවන්න ඇති හුඟක් දෙනා... ඒත් නොකියපු අයට වගේම මේ සිද්දියට ප්‍රචාරයක් දෙන්න ඕනි මේ සම්බන්දව කුමක් හරි කරන්න ඕනි කියල හිතුන නිසා එම ලිපිය මම බ්ලොගයේ පල කරනවා...


"""""


මම ඊයේ බදුල්ලෙ හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න යාලුවෙක් එක්ක.
මගේ යාලුවාගේ නෑ වෙන කෙනෙක් තමා හොස්පිටල් ඇඩ්මිට් කරල තිබ්බේ.මේ දවස්වල වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගය තමයි එයාට හැදිල තිබ්බේ.මේ දවස්වල බදුල්ල මහ රොහලට සාමන්යෙ රෝග තියෙන අය ඇතුල් කරගන්නෙත් නැහැලු.ඒ තරම් ඩෙංගු රෝගින් ඉන්නවා මේකේ.

රෝහලට ලෙඩෙක් බලන්න යනකොට ඒකෙ වැඩකරන ඕන එකාගෙනුයි එපා එකාගෙනුයි බැනුම් අහන්න වෙන එක සාමාන්යක දෙයක් වෙලානෙ දැන්.සමහරවිට ඒ ඒ අයගේ බුද්ධි මට්ටම් නිසාද දන්නෙත් නෑ.මොකද රෝහලේ වැඩ කරන ගොඩ දෙනෙක්ගේ මුඛයෙන් පිටවෙන්නේ "කොහෙද යන්නේ ඕයි,මෙහෙ එනවා ඕයි" වැනි දේවල්.

කොහොමහරි ඔයා බාධක බැද්දෙන් අපි දෙන්න වාට්ටුවට ගියා.
පෝලිමේ ඉඳල අපි වාට්ටුවට එනකොට ලෙඩ්ඩු බලල ඉවරවෙන වෙලාවත් කිට්ටුවෙලා.අපි ආවේ ගර්ල්ස් වෝඩ් එකට.ඒකේ තමයි ලෙඩා හිටියේ.

ඒ වෙලාවේ තව ගෑනු ලමයෙක් ඉස්කෝලෙ ඇඳුමින්ම ගෙනල්ල හොස්පිටල් එකේ ඇඩ්මිට් කලා.දැනගන්න ලැබුනා එයාටත් ඩෙංගු කියලා.

ඊට පස්සෙ සිද්ධවුන දෙය මටනම් බලන් ඉන්න බැරිවුනා.

ඒ වාට්ටුවේ ඉන්නව දෙමළ දොස්තර කෙනෙක්.එයා ගොඩක් සැරයි කියලා අපි බලන්න ආපු ලෙඩාත් කිව්වා.දොස්තර පොරවගේ පුටුවක වාඩිවෙලා ඉන්නවා.මම හිතන්නේ එයා තමයි වාට්ටුව භාරව ඉන්නේ.

"මෙහෙ එනවා ළමය මෙහාට" කියලා අලුතින් ආපු ළමයට අර දොස්තර කතාකලා.
ඒ ළමයා හිටපු ඇඳේ ඉඳන් දොස්තර එන්න කියපු තැනට අඩි 20කට වඩා තියෙනවා.ඊට එහා ඒ ළමයා ගොඩක් අමාරුවෙන් හිටියෙත්.එසේ මෙසේ ලෙඩක්ද හැදිල තියෙන්නේ.
.ඒ ළමය එක්ක එයාගේ අම්ම විතරයි හිටියේ.එයාගෙ අම්ම දොස්තර ළඟට ඇවිල්ල කිව්වා

"දුවට ටිකක් අමාරුයි..ඩොක්ටර්ට බැරිද එතනට යන්න" කියලා.

එච්චරයි ඒ අම්මට කියන්න උනේ.

"මොකද මෙතනට එන්න බැරි?පොඩි බබෙක් ඇයි?පිස්සු නැතුව එන්න කියනවා" කියලා මුලු වෝඩ් එකට ඇහෙන්න කෑගැහුවා.

අනේ ඉතින් අර ළමයා අම්මට බනිනව අහන් ඉන්න බැරිනිසාද දන්නෑ ඇඳෙන් බැහැලා ආවා.ඒ ළමයට අඩි දෙකක්වත් එන්න උනේ නෑ.සිහිනැතිවෙලා වැටුනා.එතන හිටපු ඇන්ටි කෙනෙක් එයාව ඉක්මනට අල්ලගත්තා.ඊට පස්සෙ තමයි නර්ස්ලත් ඇවිල්ලා ආපහු අර ළමයව ඇඳට දැම්මේ.
එතැනින් ඉවරවුනේ නැහැ.අර ඩොක්ටර් කාරයා පොර වගේ ඇඳ ලඟට ගියා.

ඊට පස්සෙ සිද්ධවුනේ අපි කවුරුවත් නොහිතපු දෙයක්...

අර දොස්තරය වෝඩ් එකේ ඔක්කොමල බලන් ඉදිද්දී අර ළමයගේ ගවුම උඩට උස්සලා යට ඇඳුමත් ගලවලා දැම්මා.ඒ ළමයගේ අම්මට ඉබේටම කෑගැහුනා.මොන තරම් පහත් වැඩක්ද ඒ යකා කලේ?? එක්කො මේ දොස්තරයා මානසික පිස්සෙක්.නැත්තම් ඩෙංගු වගේ රෝගයක් හැදිලා හොස්පිටල් ආපු කෙල්ලෙක්ගේ යට ඇඳුමත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය..මම ඒවෙලාවේ ඩොකා ඉන්න පැත්තට ගියා.යාලුවා තමයි මාව අල්ලගත්තේ.ගියානම් මම උගේ බෙල්ල මිරිකරනවා.මට පෙනුන විදියට මේ දොස්තරයා මුලු වෝඩ් එකම බයකෙරගෙනයි ඉන්නේ..

ඒ දොස්තරය ගියාට පස්සේ ඒ වෝඩ් එකේ හිටපු ඔක්කොමල අය වගේ අර ළමයගේ ඇඳ ගාවට ගිහින් ඇඬුවා.ඔක්කොමල වගේ කිව්වේ

"අනේ අපටනම් මේ කරපු දේ බලන් ඉන්න බැරිවුනා.. ඒ තරම් පහත් වැඩක් මේක" කියලා.
ඒ ළමයට ඒ වෙනකොටත් සිහිය ඇවිත් තිබුනේ නෑ.
ඒ වෙලාවෙනම් මටත් ඇඬෙන්න ආවා ඒ ළමයගේ අම්ම අඬනවා දැකලා.

ඊට පස්සේ තවත් එකක්...

අර දොස්තරයම වෝඩ් එකේ හිටපු ආච්චි කෙනෙක්ගේ ප්රෙ ෂර් එකද මන්දා චෙක් කරනවා.ඒ ආච්චිගේ කන් ඇහෙන්නෙ නෑ මම හිතන්නේ..මොකද ඩොකා අහන හැම ප්රදශ්ණෙකටම ඒ ආච්චි කලේ "ඔව්" කියපු එක විතරයි.

ඩොකා : කොච්චර කල්ද ලෙඩේ හැදිලා?
ආච්චි : ඔව්
ඩොකා : නම මොකද්ද?
ආච්චි : ඔව්
ඩොකා : කන් ඇහෙන්නෙ නැද්ද?
ආච්චි : ඔව්
ඩොකා : එහෙනම් ඔව් කිව්වේ?
ආච්චි : ඔව්

අන්තිමට අහපු ප්රඑශ්නේ මුලු වෝඩ් එකටම ඇහෙන්න ඩොකා ඇහුවා.

ඩොකා : වලිගයක් තියෙනවද?
ආච්චි : ඔව්

එහෙම කියලා ඩොකා මහ හයියෙන් හිනාවුනා.නර්ස්ලා කීප දෙනෙකුත් හිනාවුනා.මටනම් පොඩ්ඩක්වත් හිනාගියේ නෑ.තිබබ තරහ තවත් වැඩිවුනා විතරයි.

මට හිතුණදේ හරි වෙන්න ඕන.මේකා දොස්තර කෙනෙක් නෙවෙයි.. මානසික පිස්සෙක්.
මේ දොස්තරයට අම්මෙක් , සහෝදරයෙක් , දුවල පුතාල නැතුව ඇති.ඒකනේ මූ මෙහෙම හැසිරෙන්නේ.මුන්ටද අපි දොස්තරලා කියන්නේ??

මම වෝඩ් එකෙන් පිටවුණු ගමන්ම කලේ රෝහලේ පරිපාලණ අශයට මේක දැනුම් දීපු එක.එතකොට එතනින් කිව්වේ මාරම කතාවක්..

"ඔය ඩොක්ටර්ට ආපු පළවෙනි කම්ප්ලේන් එක ඕක නෙවෙයි.ගොඩක් පැමිණිලි තියෙනවා" කියලා.

ඉතින් එහෙනම් මොන කෙහෙම්මලකටද මූව තවත් තියන් ඉන්නේ?? කණට ගහල එලවන්නෙ නැතුව.එක්කො මේක දේශපාලණ පෙන්දෙක් වෙන්නැති...

මේවගෙ එවුන්ව තමයි ගස් බඳින්න වටින්නේ...

මෙවැනි මිනිසුන් දොස්තර නෙමේ මොකාවුනත් අපි තරයේ හෙළා දකිමු...

ප.ලි. :-

ලඟදී බදුල්ල මහ රෝහලේදී ගෑණු දොස්තර කෙනෙක් ඩෙංගු හැදිලා නැතුවුනා කියන එක අපි කවුරුත් දන්නවා.නමුත් ඒ මරණය සැක සහිතයි එනම් දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා එම මරණය සිදුවූවාදැයි සෙවීමට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් යනවා.මෙම මරණයේ ප්‍රධාන චෝදනාව එල්ලවී තිබෙන්නේ මේ දොස්තරට කියලා වැඩිදුරටත් දැනගන්න ලැබුනා..

  """"""

ඇඟේ ලේ කෝප වෙනවා නේද....

අසනීපෙන් මනුස්සයෙක් ඉස්පිරිතාලෙකට අරන් ගියාම ලෙඩා ඩොස්තර ගාවට යන්න ඕනිද... ඇයි ඌට හෙන ගහවනවද ලෙඩා ගාවට ගියාම ???

මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන පඩියකට වැඩ කරන්නේ මිනිස්සුන්ට සේවායක් කරන්නනේ...  ඒ ඔක්කොමත් හරි... ඌ කරපු ඒ බලු වැඩේ.. ???
කෙල්ලෙක් ගේ යට ඇඳුම ගලවන්න්න ????
මොන අවලං වැඩක් ද ඒ ?? ඒ යකා ඩොස්තරයෙක් නෙමෙයි පිස්සෙක් වෙන්න ඕනි. පිස්සොන්ටත් පව් එහෙම කියන එක... අපේ මිනිස්සු ගැන කලකිරීමක් ඇති වෙන්නෙ... ඒ යකා ගැන පැමිනිලි කරාම " මේක පලමුවෙනි එක නෙමෙයි " කියපු එක..

ඇයි යකෝ කලිනුත් පැමිනිලි ආවනම් ඒ ගැන කටයුතු කරන්න එපැයි...

රටේ නීතියක් නැද්ද ?? 



ඔය රජයේ රෝහල් වලට හුඟක්ම යන්නේ නැති බැරි මිනිස්සු... ඒ මිනිස්සුන්ට නීති කතා කරන්න දන්නෙත් නැහ... දැනගත්තත් හයියකුත් නැහ. ඒ බව දන්න මේ පරයෝ රජ වෙන්න හදනවා..

මේ වගේ සිද්දියක් උනොත් ඇත්තටම ලංකාවෙ අපි කාටද පැමිනිලි කරන්නේ ???

ලංකාවට කොයිතරම් ආස උනත්... ආදරය කලත් මේව ඇහෙද්දි පුදුම කලකිරීමක් ඇති වෙන්නේ... 



ඇත්තට මේ ගැන අපට කල හැකි යමක් නැද්ද ???

සිදුවීම උපුටා ගත්තේ
සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය බ්ලොග් අඩවියෙන් වන අතර එම සිදුවීම ගැන එම අඩවිය කියවීමෙන් ඇති වූ අදහස් මෙහි පල කරන ලදි.


30 comments:

  1. සහෝදරයා. ඕක වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයත් දෙමව්පියන්ගෙත් වැරැද්ද නිසා. උන්ට පොඩි කාලෙ ඉඳලා උගන්නන්නේ රේස් එකේ දුවන්න විතරයි. සමාජේ ගැන මෙලෝ හැඟීමක් නෑ. මෙලෝ දෙයක් දන්නෙත් නෑ.

    ඉගෙනගෙන උගතෙක් වෙන්න ඕනෙ කෙනෙකුට පුළුවන්. ඒත් බුද්ධිමතෙක් වෙන්න හැමෝටම බෑ. බුද්ධිමතෙක් වෙන්න හොඳ පපුවකුත් ඕනෙ. මිනිසුන් වර්ග හතරක් හැදෙන්නේ අන්න ඒ නිසයි.
    උගත් බුද්ධිමත්තු, උගත් මෝඩයෝ, නූගත් බුද්ධිමතුන්, නූගත් මෝඩයෝ. ඒ වගේම කියන්න ඕනෙ, හැම වෛද්‍යවරයමත් ඔහොම නෑ.

    ReplyDelete
  2. හැම දොස්තරම ඔහොම නැහ තමා බන්... ඔය ව්ගඉ උන් සුලු පිරිසක් තමා ඉන්නේ. නර්ස් ලත් එහෙම තමා. යම් කොට්ටාශයක්. මොන සමාජ ස්තරය තුලත්... රැකියා තුලත් ඒ වගේ කොටසක් ඉන්නවා.

    ඒත් මෙතන උන සිද්දිය නම් අමානුශිකයි.. වගේම කෙසේවත් පිලිගත හැකි දෙයක් නෙමෙයි.

    උබ හරි... උගත් මෝඩයො... ඒත් ඔය වගේ උන් ඔහොම හිටියම අසරණ මිනිස්සු නේද මචන් වන්දි ගෙවන්නේ ?

    ReplyDelete
  3. සිරාවටම හෙළයත් එක්ක එකඟයි මම ඕං.....

    ReplyDelete
  4. මචන්.. මුං හිතන් ඉන්නෙ මුං තමයි පොරවල් කියලා... මූන පුරවලා දුන්නොත් එහෙම කවුරු හරි ඌව අත් අඩංගුවට ගන්න කම් ස්ට්‍රයික්... මිනී වලවල් ව්ලටත් හෙන පාත් වෙන්න ඕන පරයින්ගෙ....

    ReplyDelete
  5. පිස්සා මේක දැක්කම මට මාරය නැග්ග. මුන්ට ඇයි ඔහොම උන්ට ඕන විදියට නටන්න දෙන්නෙ පාලක නිකම්මු. මම හෙළයගෙ කතාවත් පිළිගන්නව හැම වෛද්‍යවරයෙක්ම ඔහොම නෑ. මූ තිරිසනෙක්. මම බලන්නන් මට මොනවද මේකට කරන්න පුලුවන් කියල.
    එකපාරක් මම යාලුවෙක් එක්ක බයික් එකෙන් වටිල හොදටම තුවාල වෙලා ළග තිබුණ ඩිස්පෙන්සරියට ගියහම දොස්තර නිවාඩු කියල තව කි.මී.16 ක් දුර ඉස්පිරිතාලෙට යන්න කිව්වා. මම ලේ පෙරාගෙන එතනම ක්වාටස් එකේ සින්දුවක් අහ අහ හිටපු දොස්තරට කිවුව බෙහෙත් ටිකක් දාන්න කියල. මු කිව්ව අද මම නිවාඩු මට බෑ යන්න කියල. මම ඌට හොදට කියල දුන්න. උන් හිතන් ඉන්නෙ දෙවිවරු කියල... ඊටපස්සෙ එතන ඇටෙන්ඩන්ට් කෙනෙකුට කියල බෙහෙත්දාගෙන ගියා. ආර් ඩී ඕ ඔපිස් එකටත් කතාකරල හොදට කියල දුන්න.

    ReplyDelete
  6. නම් ගම් ඇතිව ලියනවා නම් අගෙයි. එතකොට ඒ පුද්ගලයා වගේම එසේ හැසිරෙන්න අවකාශයක් සොයමින් ඉන්න අයත් පාඩමක් ඉගෙන ගන්නවා. මේ මා මේ ගැනම ලියූ සටහනක්. http://taboosubjects.wordpress.com/2009/09/22/02-15

    මේ අතරට වර්ගවාදයක් එක් වුනාම තත්ත්වය බරපතළයි. වෘත්තිකයන් අතර වෛද්‍යවරුන් කියන්නේ දැඩිලෙස වර්ගවාදී කොටසක්. (ඇතිතරම් සාධක බ්ලොග් අවකාශයෙත් නැතිවාම නෙවෙයි.) මේ දෙමළ දොස්තර සිංහල රෝගීන් පීඩාවට පත් කළා වගේම පසුගිය මාසයේ සිංහල වෛද්‍යවරයකු අතින් දෙමළ සෞඛ්‍ය සේවිකාව මරණයට පත්වීය කියන සිද්ධිය පසුපසද ඇත්තේ වර්ගවාදය විය හැකියි. http://www.bbc.co.uk/sinhala/news/story/2010/07/100713_jaffna_midwife.shtml

    ReplyDelete
  7. මං දන්න ඩොකෙක් නම් මේ ලඟදී ලෙඩෙක්ට පාට් එකක් දාන්න ගිහින් ගුටි කෑවා. හැබැයි කවුරැත් ස්ට්‍රයික් වලට බැස්සේ නෑ> මොකද මිනිහට කවුරැත් කැමති නෑ. කැම්පස් එකෙත් අල වෙච්ච එකෙක් වෙන්නැති.
    මිනිස්සු කෙලින් ඉන්නවා නම් කවුරැත් බයයි. කොතනත් එහෙමයි

    ReplyDelete
  8. මෙහෙමත් උන්

    [මේ ලිපිය මට මග ඇරුණු එකක් .....]

    ReplyDelete
  9. Shadow/හේමලයා : ඔව් බන්. හැම ඩොකාම එහෙම නැහ. සුලු පිරිසක් තමා...



    අභීත උදය බණ්ඩාර එදිරිසිංහ : උන්ට මොනා කිවත් ස්ට්‍රයික්. වෙලාවකට බන් අර මර්වින් ගොයියා කරන විදිය හරියි කියලත් හිතෙනවා. මෙහෙම උන් ගොඩ දාන්න බැහ.





    නෙලාන් : ඔව් බන්... මේ වගේ දෙයකදි පිලිගත හැකි තැනක් තියෙනම් අපිට පැමිනිලි කරන්න... කියපන් මේක අපි දන්න කෙනෙක් ට උනා ?? මොන කරන්නද බන් අපි මේ තත්ව උඩදි ?

    උබට උන දේ තවත් උදාහරනයක්...

    ReplyDelete
  10. @Taboo Subjects

    ඔබ මොකද එහෙම වෛද්‍යවරැන්ම දැඩි වර්ගවාදීන් විදිහට නම් කරන්නේ. මොන සාධක උඩද?.
    ඔබේ ප්‍රකාශය සාධාරණිකරණය කරන්නේ කොහොමද ?

    වෛද්‍යවරයෙකුට වරදින්න පුළුවන් එක සැරයයි. සමහර විට ඒ වැරැද්ද ආපහු හදන්න බැරි වෙන්න පුළුවන්. වෛද්‍යවරැ විවිධ ජාතිණ් වල රෝගින් සමග කටයුතු ක්අරනවා. එතකොට වෙනත් ජාතියක රෝගියෙක් මියගිය පලියට ඔබ වෛද්‍යවරැන් නම් කරන්නේ වර්ගවාදීන් විදිහටද ?

    ReplyDelete
  11. Taboo Subjects : ටැබූ මෙතන වර්ගවාදී ප්‍රශ්නයක් වෙන්නේ නැහ. එහෙම එකක් ඇති වෙන්නේ දොස්තර දෙමළ නිසා.. ඒත් දෙමළ සිංහල දෙගොල්ලොගෙම හොඳ සහ නරක කියන දෙපිරිසේම අය ඉන්නවා.

    ඔබගේ ලිපිය සහ එහි වූ අදහස් සියල්ල කියෙව්වා. නොදන්න කරුනු කීපයක්ම දැන ගන්නට ලැබුනා.






    හෙළයා : යමක් කමක් කරන්න පුලුවන්... හයියක් තින කෙනෙක්ට ඔහොම දේවල් වෙන්නෙ නැහ බන්. නැති බැරි අසරණ මිනිස්සුන්ට තමා.. පහත් තැනින්නෙ බන් වතුර බහින්නේ.






    වැප් : කලකිරෙනවා නේ බන්...

    ReplyDelete
  12. යකෝ මූව මරන්න එපැයි. මම එතන උඔත් එක්ක හිටියා නං ඩොකා නෙමෙයි මොකා උනත් එකයි අලුතිං දත් සැට් එකක් අරං දෙනවා.

    ReplyDelete
  13. ලෙඩාව වෙන රෝහලකට ගෙනයන්න සූදානමින් ඩොකාගෙ දත් 2,3ක් අඩු කලා නම් ඉවරයි...

    ReplyDelete
  14. හපොයි මෙහෙමත් දොස්තරල, අපි කොහොමද බයක් හැකක් නැතිව බේත් ගන්න යන්නෙ.

    ReplyDelete
  15. මහම මහ තිරිසන් අවලමෙක්.තව තව ඒවා හිතට ආවත් මෙතන කියන්න බැහැනෙ.ඔය යකාට කවුරු දඩුවම් දුන්නත් නැතැත් සොභාදර්මෙන්ම දඩුවම් ලැබෙයි වැඩිකල් යන්න ඉස්සර

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. සමාවෙයන් මචන්.. කලින් කොමෙන්ට් එක ඩිලීට් කළා... මූ මරන්න ඕන.. නම ගම එක්ක දාපන්.. ඇට් ලීස්ට් වෝඩ් නම්බර් එක දාපන්..

    ReplyDelete
  18. අයියේ ඔයා බදුල්ලෙද?අපි බදුල්ලේ උනාට ඔය වගේ දෙයක් දන්නේ නෑනේ.අපි කොහොමත් හොස්පිටල් නොයා private බෙහෙත් ගන්නේ දොස්තරා කියන්න වටින අය නැති නිසා.කොහොමත් ඔය වගේ අයට රටේ නීනි නෑ නේද? අපිටවත් බැරිද ඔය අයව ගස් බදින්න....

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මූව කන්න එපෑ බන් අයියෙ

    ReplyDelete
  21. Kanishka | කණියා : මම නෙමෙයි බන්... සිකා දැකපු සිද්දියක්. ඌ ට ගැහුව නම් බන් අන්තිමට සිකා ව කූඩු කරයි. රටේ නීතිය වැඩ කරන්නෙත් පහත් තැනින් වතුර බහින ලෙවල් එකටනේ




    Ansh Lucky Sri Jay : සිරි ලංකාවේ මේවත් වෙනවා...





    කොඩී : එහෙම හයියක් තියෙන් අ උන්ට මුන් සද්ද දන්නෙ නැහ මලේ. අසරණ මිනිස්සුන්ට තමා

    ReplyDelete
  22. පීවර් : ලංකාවෙ ලොකුම ගැටලුවක් තමයි ඕක.





    පුබුදුවා : සොබා දහමෙන් දඩුවම් ලැබෙන එක අනිවාර්යයි. ඒත් ඒ වෙනකල් මුන් රජ යනවා... තව කී දෙනෙක් ගොදුරු වෙයිද ?




    වැම්පයර් : සිකා ගේ සීන් එකක් බන්... ඌ දාල තිබ්බ විස්තර. ඒත් මේ පාහරයගෙ නම හොයාගෙන නෑ තාම.

    ReplyDelete
  23. Dil : නැහ නංගි.. මම නම් බදුල්ලෙ නෙමෙයි. සිරකරුවොත් මනුශයෝ බ්ලොග් එක ලියන සිකා ගෙ අත්දැකීමක්.
    ගස් බැඳල පලක් නැහ මුන්ව එල්ලන්න ඕනි.



    Hasitha ජයසූරිය : කියල වැඩක් නැහ මලේ.

    ReplyDelete
  24. මචං මම කිව්වනෙ බං මම මේ Blog එකට අලුත් පරණ එව්වට comments දාන්නෙ නැහැ මට චා වගේ නිසා කියලා.ඒත් මේකට නොදා බැහැ බං.comment නොකලනම් මම තිරිසනෙක්.

    මචං මේක කියවද්දි මට අම්බානෙටම මළ පැන්නා.මම එතන හිටියනම් හිරේ යන්න හරි පරයගෙ මූණ කුඩු කරණවා.මම දන්න තරමින් Dokek වෙන්න පෙර ආත්ම වල ඉඳන් එකතු කරපු සෑහෙන පිනක් තියෙන්න ඕනි බං. නැතුව බෑ.ඒත් මේ වල්
    අවජාතක පරයා....???? මූට හෙන කෝටි 7 ක් ගහන්න ඕනේ.අම්මෙක් අප්පෙක් නැති අවජාතක අමන බල්ලෙක්. යකෝ කෙල්ලෙක්ගෙ ගවුම උස්සලා යට ඇඳුම ගලවන්න තරම්........මේ වගේ වල් පරව් තමයි කෙල්ලො rape කරලා hospital එකේ උඩින් තල්ලු කරලා මුළු Doctors සංහතියම කන්නෙ.මේ වල් අවජාතක බල්ලාට පොඩිකාලේ කිරි පොවද්දි ඒකත් ආතල් එකක් වෙන්න ඇති.මූසලයා.....

    මචං අපිට මේකට මොනාද බන් කරන්න තියෙන්නෙ..?? ඇටි කෙහල් ගිලපු උගුඩුවො වගේ බලං ඉන්නවා ඇරෙන්න.අද රටේ වෙන්නෙම මහ පොළවටත් දරා ගන්න බැරි අපෙ අයියලාගේ අමන වැඩ.
    මේ පරයාට ස්වභාවධර්මයෙන්ම හම්බු
    වේවි.ආයි ආත්මගානක් යනකම් Dokek වෙන්න තියා මනුස්ස ආත්මයක්වත් ලැබෙන්නෙ නැහැ බන්.එහෙම නුනොත් මේ බුද්ධාගම බොරුවක් වෙනවා මචං.
    ඌරෝ මරපු චුන්ද කර්ම මැරුනේ ඌරෙක් වගේ කෑගහලානේ. කෙල්ලෙක්ට මෙහෙම කරපු මේ පරයටත් එච්චරයි බං.

    පාවිච්චි කරපු වාග් මාලාව සැර වැඩිද මන්දා.Upset වගේ නම් දාන්න එපා බොලං.මම කිව්වෙ බොක්කෙන්ම දැනිච්ච දේ......

    ReplyDelete
  25. මේක මචන් සිරකරුවා ගේ බ්ලොග් එකේ තිබ්බ පෝස්ට් එකක්. සිකා පේන්නත් නැහ දැන් නම් වැඩිය.

    ReplyDelete
  26. සිකාව සුදු වෑන් එකකින් ඉස්සුවවත්ද දන්නෙ නැහැ මේ පෝස්ට් එක දැම්මයි කියලා බන්... ලොල්.

    ReplyDelete
  27. හිහි එව්ව විශ්වාස නැහ...

    ReplyDelete
  28. මම ඔතන හිටියනම් අනිවා ඉස්පිරිතාලේ කියල බලන්නේ නැහැ කනට ගහනවා.

    ReplyDelete
  29. බඩුල්ලෙ නෙමෙ මොන මගුලෙ උනත් ඔකාට කනට ගහලා ප!!! කෑපුවනන්

    ReplyDelete

Related Posts with Thumbnails