Saturday, August 14, 2010

මහින්ද විජේසේකර සහ පින් පව්.

Share


2009 අකුරැස්සේදි උනු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සුවය ලබන හිටපු ඇමතිතුමා බලන්න ජනාදිපතිතුමා ගිය වෙලාවක ගනිපු සේයාරුවක්.
අසරණ උන මනුස්සයෙක්ට මඩ ගහන්නවත්... දේශපාලන පක්ශ වලට කඩේ යන්නවත් නෙමෙයි... ඒත් මේ චායා රූ පෙල දුටු විට මට හිතුනේ ජීවිතෙ හැටි නේද මේ කියල..

අපි කවුරුත් දන්න දකුණු පළාතේ හිටපු දේශපාලකයකු තමයි මහින්ද විජේසේකර කියන්නේ. දන්නෝ දන්නවා ඇති ඔහුගේ කල් ක්‍රියාව. හොඳ වැඩ කරන්න ඇති... ඒත් මහින්ද විජේසේකර කියන චරිතේ චන්ඩි කම් මැර කම් වලින් පිරිච්ච දේශපාලන චරිතයක්. ඒත් ඒ චන්ඩියා... හයි කාරයා.. ඇමතිතුමා අද... ??

අනේ කොහොම හිටි කෙනෙක්ද කියල හිතෙනව නේද...

මේක හොඳ උදා හරනයක් ඔය නොමැරෙනවා කියාල හිතල ජනතාවගේ... රටේ සල්ලි විනාශ කරල.. හොරකම් කරල සුර සැප විඳින නායකයන්ට.



මිනිස්සුන්ගෙ චන්දෙන්ම පත්වෙලා මිනිස්සුන්ටම පහර දෙන... මිනිස්සුන්ගෙම සල්ලි හොරකම් කරන... බලය අයුතු ලෙස යොදා ගන්නා... කොටින්ම තමන් දෙවියන්ටත් ඉහලින් කියල හිතාගෙන උඩ පනින මැර ඇමතිලා හොර දේශපාලුවන් ඔක්කොටම වගේම අපි හැමෝටමත් හොඳ පාඩමක් ජීවිතේ ගැන. 


රජ කම් කලත් කල කම් පල දෙනවා කියන සත්‍යය ට මේ එක් උදාහරනයක් පමනයි... අතීතය දිහා බලද්දි උදාහරන අනන්ත...
මෑත කාලයේ උනු සක්විති සිද්දිය උනත් හොඳ උදාහරනයක්.

මේ ලෝකෙ හොඳ නරක කියල දෙයක් තියෙන බවට... ඒවා ඒ ඒ විදියට අපිටම ආයෙ ලැබෙන බවටත්... කර්මය කියන දෙයක් තියෙන බවටත් මතක් කරන් ජීවත් වෙන්න හොඳ උදා හරනයක්.

මහින්ද විජේසේකර මහතාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.

24 comments:

  1. මනුස්ස ආත්මයක් ආයෙ සංසාරෙ කවදා ලැබේවිද?
    එදා බෝම්බෙන් නොමැරෙන්න ඔහු පින් කරලත් තියෙන්න ඇති. කොයි හැටි වෙතත් රෝගියෙකුට සුව පතන එක අපේ යුතුකම,,,

    ReplyDelete
  2. රජකම් කලත් කලකම් පල දෙනවාලුනේ....

    ReplyDelete
  3. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන මඩ කන හොර දේශපාලුවො ටිකයි උන්ගෙ පදේට නටන හොර පොලිස් රූකඩ ටිකයි එකතු කරල සත්තු වත්තෙ ඌරු කොටුවක් පටන් ගන්න මම යෝජණා කරනව.... රටකට ගිය කලක්............

    ReplyDelete
  4. රජකම් කලත් කලකම් පල දෙනවාමයි..

    ReplyDelete
  5. මචන් ගොඩක් ස්තූතියි මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාපු එක ගැන.
    උඹ හරියටම හරි.
    මොකද මමත් හොඳට කැම්පස් ඉන්න කාලේ දැන අඳුරගත්ත කෙනෙක් තමයි ඔය පුද්ගලයා..

    ReplyDelete
  6. විජේසේකර මහත්තයා අනතුරෙන් පස්සේ මම නම් පින්තූරෙකින් හරි දැක්කේ මේ දැන්.මේ ලෝකෙ හොඳ නරක කියල දෙයක් තියෙන බවට, ඒවා ඒ ඒ විදියට අපිටම ආයෙ ලැබෙන බවටත්, කර්මය කියන දෙයක් තියෙන බවටත් මතක් කරන් ජීවත් වෙන්න කියන එක නම් පිලිගන්නම වෙනවා

    ReplyDelete
  7. මහින්ද මාමා කරපු දේ නම් අගේ කරන්න ඕන.මොහු බෝම්බෙන් බේරුනේ පෙර පිනකින් වෙන්න ඇති.මොහුට ඉක්මන් සුවය පතන අතරම බෝම්බයෙන් මියදුන අයට නිවන් සුව ද ප්‍රාර්තනය කරනවා

    ReplyDelete
  8. wms fï foflka jeroslrejkag ovqjï foklï n,df.k bkakjd'foaYmd,ksl jYfhka hym;a iudPhla f.dvk.kak wms jf.a rgj,a j,g nersjqfka iajNdjOrAuhhs " lrAuhhs yskaod
    fjk fudkjd lrkako @

    ReplyDelete
  9. තමන් වපුරපු අස්වැන්න තමන් විසින්ම නෙලා ගත යුතුයි...

    ReplyDelete
  10. මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙට මිනිස්සු දාන සෙල්ලම්...ඔය පුද්ගලයා ගැන ඉතින් ආයෙ කියන්න දෙයක් නෑ.තමන් කරපුව ඉතින් කවද හරි තමන්ටම විදවන්න වෙනවා කියන එක ඉතින් අපිට ඇස් පනාපිටම ඔප්පු වෙනවනෙ.

    ReplyDelete
  11. "මේ ලෝකෙ හොඳ නරක කියල දෙයක් තියෙන බවට... ඒවා ඒ ඒ විදියට අපිටම ආයෙ ලැබෙන බවටත්... කර්මය කියන දෙයක් තියෙන බවටත් මතක් කරන් ජීවත් වෙන්න හොඳ උදා හරනයක්."


    මටත් ඔය පින්තුරෙ දැක්ක වෙලේ හිත ට ආව ඔය අදහස..

    ReplyDelete
  12. මම්ත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා......

    ReplyDelete
  13. රාජපක්ෂ උන්නාසෙටත් කවද හරි වෙන්නෙ ඔක තමයි වෙන්නෙ

    ReplyDelete
  14. ඇයි? කොටින්ව විනාස කරපු නිසාද?

    ReplyDelete
  15. ම්ම්.. සහතික ඇත්ත මචන්.. අපේ පැත්තෙ පොරක් විදියට මම මහින්ද ගැන දන්නවා. නරක මිනිහෙක්මත් නෙවෙයි. හැබැයි මිනිහා තමන්ට විරුද්ධව එන අයට සලකපු විදිය බොහොම වැරදියි. එතකොට මෙහෙම වෙනවා තමයි. සංසාරේ හැටි තමයි.. වියෝග ඇතිවන්නේ.. නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ....!

    ReplyDelete
  16. න තං කම්මං කථං සාධු - යං කත්වා අනුතප්පති
    යස්ස අස්සමුඛෝරෝදං - විපාකං පටිසේවතී

    යම් කර්මයක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද, යම් කර්මයක විපාකය කදුළු වැකි මුහුණින් හඬ හඬා විඳින්නට සිදුවේද, ඒ කර්මය නොකිරීම මැනවි.

    හැමෝම ඉතින් ඒක ගැන හිතා ගත්තොත් තමා හොඳ :)

    ReplyDelete
  17. ආව ගිය... අදහස් දක්වපු හැමෝටම ස්තුතියි... ජීවිතේ හැටි තමයි.

    බුදු දහමේ කියපු ආකරයටම හොඳ සහ නරක ඒ ඒ විදියට පල දෙනවා.

    ReplyDelete
  18. -රංග (මෙල්බෝන්)

    ReplyDelete
  19. මාතර බෝ ගහ ලඟදී ඔහුගේ මැරයන්ගෙන් පහර කාපු උපාධිධාරියෙක් වුනත් මමත් එතුමාට දීර්ඝායුෂ පතනවා, ඔය විදිහටම දිගු කලක් ජීවත් වෙන්න කියලා..
    -රංග (මෙල්බෝන්)

    ReplyDelete
  20. මාත් දීර්ඝායුෂ පතනන. දැන්මනම් මැරෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව. ඔය විදියට බොහෝ කලක් ‍ජීවත්වේවා !!!

    ReplyDelete
  21. මහින්ද විජේසේකර බෝම්බයෙන් මැරුනෙ නැත්තෙ ඔහුට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දියයුතු නිසා වෙන්න ඇති. මම නම් ඔහුට දීර්ඝායු පතන්නෙ නෑ. පුලුවන් තරම් ඉක්මනට මැරෙන්න කියල තමෛ පතන්නෙ. මොකද එතකොට එයා මෙ ආත්මෙ දුකෙන් මිදෙන නිසා

    ReplyDelete
  22. uuta ikman suwaya prarthana karanne aayeth uuta u karapu hora marakam karannada?

    ReplyDelete

Related Posts with Thumbnails