Sunday, August 15, 2010

එළවලු... කඩ කෑම... රම්‍ය නගරය සහ වන්නි වන පෙතේ... එක්ක ( අපි ) .

Share


අද උදේ පත්තරෙ දැකපු පුවතක් නිසා තමයි ලියන්න හිතුනේ මේවගේ සටහනක්. පුවත කෙටියෙන් කිව්වොත්... මේ සීතල රටේ හුඟක් ප්‍රසිද්ද වෙලඳ සැල් වල විකුනන්න තියෙන එළවලු මාස 6 - 8 ක් අතර පරන ඒවා කියල හොයා ගෙන. අධි ශීතකරන වල කල් තබා ගෙන තමයි ලු විකුනන්නේ.

ඒ දුරට හිතද්දි මට හිතුනේ ලංකාවෙ මිනිස්සු මොන තරම් වාසනාවන්තද කියලා. ඒක අපිට තේරෙන්නෙ නැහ..  මේ රට වල් වල මිනිස්සු " ෆ්‍රෙශ් ( fresh ) එහෙමත් නැත්තම් ඔර්ගනික් ( organic ) " එළවලු වලට මොන තරම් මිලක් ගෙවනවද.. ඒත් කොච්චර ෆ්‍රෙශ් කිව්වත් මාසයක් වත් පරන ඇති මම හිතන්නේ. 



ඒත් ලංකාවෙ ගමක කඩයක... පොළක.. එහෙමත් නැත්තම් ටවුමෙ මාර්කට් එකේ විකුනන එළවලු උපරිම දවසක් 2 ක් පරන ඇති. ඒවා මොන තරම් නැවුම්ද කියල අපිට තේරෙන්නෙ නැහනේ.

ඒ දවස් වල අපේ ගෙදර තාත්ත වවල ඔය බන්ඩක්කා.. වම්බටු.. පතෝල මැස්සකුත්  තිබ්බා. ඒත් මළාට කන්නෙ නැහනේ ඒ කාලේ. අම්මගෙන් බැනුම් ඉතින්... " බෙහෙත් නැති ගෙදර වවපු දෙයක් කන්නෙ නැහ " කියලා. ඒත් ඒවයේ අගයක් දැනුනෙ නැහ.

කෙසෙල් කැන් ඔහේ නරක් වෙවී ගියා කන්නෙත් නෑ ඒ කාලේ. යාලුවො ආව වෙලේක ඇදල දැම්මොත් මිසක් ඉන්නකොට කන්න හිතෙන්නෙ නැහ.
ඒත් දැන් මෙලෝ රහක් නැති බෙහෙත් ගහපු කෙසෙල් සල්ලි දීල අරන් කනවා. 



මේ ලඟදි මම ටිකක් හරි අඩුවෙන් අලුත් එළාවලු ටිකක් ගන්න චීන කඩේකට ගියා. ගස්ලබු ( පැපොල් ) තියෙනවා. ගෙඩියක් $ 9 ක්. ආසාවනේ අරන් ආවා. මෙලෝ රහක් නැහ. මට මතක් උනේ ඉස්සර ගහෙන් කඩලා එවෙලෙම කපල ඇටත් අයින් කරල අතටම ගෙනත් දුන්නමත් කන්නෙ එක පලුවක් උපරිම. බැනුම් අහ අහ ඉන්නවා ඒ කන්නෙ නැහ. දැන් මතක් වෙද්දි දුකේ බැහ.


පොස්ට් එක ට්‍රැක් එක පැනල වගේද මන්ද... කමක් නැහ.

ඉස්සර ගෙදර ඉන්න දවස් වලට අපේ අම්මා උනුවෙන්ම කෑම උයලා ලිපෙන් බාන්නත් කලින් බෙදල දෙනවා.. පව කියන්නේ කන්නෙ නැහනේ.

" අනේ අම්මේ මේ ගිනි රස්නෙ කන්න බැහ " කියල ඉන්නවා.

ඒත් දැන් උනු බත් කටක් උනු අලුතින් උයපු එළවලු ටිකක් එක්ක කන්න වෙන්නෙ සතියකට කී දවසද. දවස් ගානකට උයප ෆ්‍රිජ් එකේ දැම්මම ඕක අරන් රත් කර කර කනව මිසක්. මෙලෝ රහක් නැහ මට එහෙම. ඒත් වෙලාවක් හදා ගන්න අමාරුයි දිනපතා වේල් 2 -3 ක් උයන්න. අනේ ඇත්තමයි අපේ අම්මල රස්සාවල් එක්ක කොහොම කරාද හිතෙනවා.



දැන් කාලයත් එක්ක ලංකාවෙ උනත් දේවල් වෙනස් වෙනවා... අපේ අම්මල පොඩි කාලේ... මීටත් වඩා ජීවිතය විඳින්න ඇති.
මට මතකයි අපේ ආත්තම්මලහ තිබ්බා හුඟක් කෑම ජාති වතෙම වවලා.

කුලුබඩු ජාති... ගොරක.. කරාබු නැටි... කරපිංචා... කුරුඳු... ඉඟුරු... ඔය ජාති ඔක්කොම වවල තිබ්බා.

ඒත් දැන් ඔක්කොම කඩෙන්.... බඩගින්නක් ආවම ඔය අහුවෙන ෆාස්ට් ෆුඩ් ප්ලේස් එකකින් මොනා හරි ඇදල දානවා. තෙල් විමාන. බඩගින්න නම් නැති වෙනවා. නිරෝගී කමට බඩු හම්බෙනවා. 


කාලය එක්ක හුඟක් දේවල් එක්කම අපේ ජීවිතත් මහ මොනවද වෙලා.

ඔක්කොමත් එක්ක මතක් උනා සින්දු දෙකක්...

එකක් කපුගේ මහත්මයගේ " රම්‍ය නගරය.. "

රම්‍ය නගරය යන්න ඕනෑ...
රම්‍ය නගරය ඉන්න ඕනෑ කිය කියා එනවා...
ඉඩම් විකුනා ගෙවල් අරගෙන කොලඹ අපි එනවා....

ගමේ කුම්බුරේ වී හාල් ටික
පලා මැල්ලුම් පොලොස් ගැට ටික
කොලඹදී අපි මුදල් දී ගෙන රටට ණය වෙනවා...

රම්‍ය නගරය...

දරන්නට බැරි බර කරින් ගෙන
කියන්නට බැරි දුක් සිතින් ගෙන
වතුර ටිකටත් මුදල් ගෙව ගෙව
රටට ණය වෙනවා...
කොලඹ අපි එනවා...

රම්‍ය නගරය...


අනික් ගීතය තමා සුනිල් එදිරිසිංහ මහත්මයගේ... " වන්නි වන පෙතේ "

වන්නි වන පෙතේ...
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ
වෙසතුරු සදිසි පියවරු
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්... //

කන්ට බෑ කියා තනියම
එන්ට යැයි කියා ගමටම
බත් මුලක් නිතර දන් දුන්
පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිදියි නගරය අසල දූ පුතුන්...

වන්නි වන...

කල්ප කාලයක් පරපුර දුන්න දරු ඇතත්
හිතතුල මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෙඔ දුකින්...

වන්නි වන...


මේ සින්දු දෙක ඇහුවම අපි ගැනම හිතෙන්නෙ පුදුම දුකක්. අපිට මෙහෙමවත් කියන්න පොඩි කාලේ හරි ජීවිතයක් තිබ්බා. ඒත් අපේ පොඩි උන්ට... ??? උන් හිරකාරයො වගේ නේද ජීවත් වෙන්න වෙන්නෙ.... පර්චස් 10 ක හිර වෙලා... උන් හිතාවි එළවලු.. පලතුරු වැවෙන්නෙ ෆ්‍රිජ් එකේ එහෙමත් නැත්තම් සුපර් මාර්කට් එකේ කියලා...

අපිත් පව්. උනුත් පව්. කියන්න දේවල් ගොඩ... ඒත් මේ ගීත දෙක ඒ හැම දේම ගොනු කරලා කියනවා.


ගීත දෙක අහන්න...  


" රම්‍ය නගරය.. " 

" වන්නි වන පෙතේ "

30 comments:

  1. අද පෝස්ට් එක උපරිමයි.. සේම් හියර්..!!

    ReplyDelete
  2. දැන් මෙහෙ තියෙන ඒවාත් මෙලෝ රහක් නෑ අප්ප ගෙදර වත්තේ හැදිච්චි ඒවා ඇරෙන්නේ..අනික ගෙඩියේ බරට වඩා කෙමිකල් ගහලා...ඔන්න අපේ ඕර්ගැනික්...හැබැයි ඉතින් එහෙම් නොකර කොහොමද ගොයියො මේ රටින් ගෙන්නන ඒවත් එක්ක තරඟ කොරන්නේ....ස්වභාවික පලිබෝධ පාලන ක්‍රම එහෙම ඉති ජෝක් වාගෙ තමා අද තියෙන රටාවෙ හැටියට...
    අනිත් කාරනේ නම් තියෙන Take Away පරමාණයේ හැටියට අද ගෙවල් වල කෑමක් හැදෙනවාද කියලාත් සැකයි...ඒත් ඉතින් තියෙන ශීඝ්‍රගාමී ජීවන රටාවත් එක්ක වෙන මොනවා ක්යලා කොරන්නද අප්ප....

    ReplyDelete
  3. ඔන්න මෙහෙනම් එහෙම නැ. එලවලු හුගාක් නැවුම්. ඒකට මාලු.. :( මලුවගෙ පරම්පරා හතක්වත් මුහුදෙ ඉන්න නැතුව අති එකා ෆ්‍රිජ් එකෙ ඉන්න තරම්. හැබැයි මම ගිය මාසෙ ලන්කාවට ගියහම තමා දැනගත්තෙ මෙහෙ එලවලු ලන්කාවට වඩා ලාබයි. මෙහෙ කිව්වෙ සුද්දගේ රටේ. ලන්ඩන්.

    ReplyDelete
  4. සහතික ඇත්ත.
    නියම පෝස්ට් එක.

    ReplyDelete
  5. වැම්පයර් : රටින් පිට ඉන්න උබට ඕක තේරෙනවා නෙ බන්.




    Shadow/හේමලයා : ඔව් ඉතින් කාලෙත් එක්ක වෙනස් වෙලා බන් ඔක්කොම. ටේක් අවේ හැම තැනම. ඒවලට සෙනගත් පිරෙන්න. අනේ බන් ඔය ටේක් අවේ වල 85 - 90
    % ක්ම තෙල් ගොඩ වල්නේ. ඉතින් ලෙඩ. අරක කියඉ... මේක කියයි. අනේ මන්ද බන් මෙ රේස් දුවල් දුවල අපි කොහේ නවතියිද කියලා.

    රේස් එකෙන් පිට පනින්නත් ලේසි නැහ නේ...




    හිරු ප්‍රභා : ලංකාවෙ එළවලු එච්චරටම මිල ගිහින්ද.. නැත්තම් සුද්දගෙ රටේ කෑම වියදම අඩුයිද තේරෙන්නෙ නැහ. මම දන්න තරමින් මෙහේ නම් මාලු එළවලු ඔක්කොම එක වගේ තමා.
    වැඩි මිල තැන් වල ඇති අලුත් ඒවා... ඒත් බහුතරයක් එහෙම අලුත් ගතියක් නැහ.

    ReplyDelete
  6. Ansh Lucky Sri Jay : අවාසනාවට ඇත්ත කතාවක් නේ...

    ReplyDelete
  7. අපිටනං ඔය ගැන අත්දැකීම් නැහැ අයියේ! ඒත් ඔයා ගොඩක් සංවේදීව ලිපිය ලියල තියනවා.මොනව වුණත් අපි ගොඩක් වාසනාවන්තයි කියල හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  8. කොහොමින් කොහොම හරි අබුඩාබියටත් ලංකාවෙන් අලුත් එලවළු එනවා. මටත් හිතෙන්නෙ ලංකාවට වඩා ලාබදත් මන්දා, අපේ පැති වල හොයාගන්නත් අමාරු තිබ්බටු, තුඹ කරවිල වගේ ජාතිත් අපි මෙහෙදි නිතරම කනවා. නියම පෝස්ට් එක ,,,

    ReplyDelete
  9. පට්ටෙනුත් පට්ට ලිපිය.....

    ReplyDelete
  10. මට නම් කොළඹත් එකයි මෙහෙත් එකයි.. ඔය දෙකේදි ම හිත සතුටින් එළවළු කන්න ලැබිල නෑ.. ඒත් ඉතින් තාම අපෙ ගෙදර තියෙන්නෙ හුඟක් ඈත ගමක නිසා ගෙදර ගියාම නම් හිතේ හැටියට අල ජාතියි කොසුයි පොලුයි කන්න ලැබෙනව...ආව දවසෙ ඉඳන් ආයෙ ගිහින් ඒව කන දවස වෙනකන් ඒ සතුටින් ඉන්න පුලුවන්..

    ReplyDelete
  11. මගේ නන්ගි ඉන්නෙ frankfurt වල.. එයත් කියන්නෙ ඔය ටික ම තමා..

    ReplyDelete
  12. අනේ අප්පේ අපිනම් තවම අම්මා උයපුවා කනවා රස කර කර.දුක් වෙන්න එපා සහෝ.ඔබට ජය!!!!!!!!!!!!!

    ReplyDelete
  13. නියම කතාව. අපි විහින් හිරකාරයො වෙලා :(

    ReplyDelete
  14. සහතික ඇත්ත. මොනවා කරන්නද දුක තමා කැම බිම විතරක් නෙවෙයි ලංකාවෙ අගය දැනේන්නෙත් දුරැ රටකට ආවහම නේ නේද?.

    ReplyDelete
  15. හැම ජීවියෙක්ම කෑම කියන සාධකයට දෙන්නේ පුදුම වටිනාකමක්.ඒක කෑදරකම නෙවෙයි මචං,ඒක සජීවීකම.

    ReplyDelete
  16. අපොයි දෙයියනේ අපේ උන්දලා විඳින දුකක්.
    ඒ කිවුවට ඉතින් අපිත් කන්නේ තෙල් ඛෙහෙත් ගොඩවල් තමයි.
    ඒත් ඉතින් මගේ ගාණට කටට රහට මමම උයාගෙන තමයි ඔං..
    වැඩ කරන දවසට නං රමණි අක්කාගේ ගෙදරින් බත් කනවා.
    එහෙත් කෑම ඉතින් අපේ වගේම තමයි..
    මෙට්ටයක් විතර බත් එක කාලා දාලා කොට්ට නැතිවම නිදා ගන්නවා.

    ReplyDelete
  17. blog gadol : ඒක තේරෙන එක ලොකු දෙයක් මචන්.





    හරී : මෙහේ ඔය ජාති තියෙනවා ටින් වල. හි හි




    ෴ හසියා ෴ : ස්තුතියි කිව්වා. :)

    ReplyDelete
  18. චේජනා : ගම් උනත් දැන් දැන් නාගරීකරනයට අහු වීගෙන යනවනේ. ඈත ම ගම් ඇරෙන්න දැන් අනික් ව පොඩි ටව්න් වෙලා.





    Ano : රම්‍ය නගරය තමයි....




    පුබුදුවා : සතුටුයි. ඒකෙ තියෙන වටිනාකම තේරුම් ගනින් කොල්ලො....

    ReplyDelete
  19. කොඩී : ඔව් බන්. ඒත් ඒකෙන් එලියට පනින එක ලේසි නැහ.




    sumith : ඔව් සහෝ. ඕනිම දෙයක් හැටි නේද ඒ. අම්මගෙ කෑම එකේ රස දැනෙන්නේ හැමදාම කඩෙන් කද්දි.... තමන්ගේ රටේ වටිනකම දැනෙන්නේ පිට රටකදි...




    widanarala : කෑදරකම නෙමෙයි. ඒත් අද යන රටවට මිනිස්සු කෑම කියන එක කන්න ඕනිවට කනව වගේ. ඒක විදින්නෙ නැහ. බඩ පිරෙන්න ගිලිනවා. ජීවිතේ හුඟක් දේවල් අද එහෙමයි නේ...

    ReplyDelete
  20. මාරයාගේ හෝරාව : මොකක්ද බන් අයියේ ඒ මෙට්ට කොට්ට කතාව ?

    ReplyDelete
  21. අගේ දෑනෙන්න නෑති වෙන්නම ඔන..........

    ReplyDelete
  22. ඇත්තටම post ඒකනම් උපරිමයි ඔන්....

    ReplyDelete
  23. නෑ බං මම වැඩ කරන දවස්වලට කෑම කන්නේ වැඩ පොල ළග ගෙදරක අක්කා කෙනෙක් ගේ ගෙදරින්.
    ඒ අක්කා කෑම එක බඳින්නේ මෙට්ටයක් විතර ලොකුවට..
    අපිත් ඉතින් වැඩියි කියලා අහක දාන එකක්යෑ..
    බුරිය උල් වෙනකල් නෙලලා නිදා ගන්නවා.

    [ඒක කෑවට පස්සේ නින්ද යන්නමයි එන්නේ..[

    ReplyDelete
  24. සහතිකම සහතිකේ...! ආයේ කියලාම වැඩක් නැත...!

    ReplyDelete
  25. nish : ඔව් ඒක නම් ඇත්ත....




    අච්‍චා : ස්තුතියි කිව්වා එහෙනම් ඕන්.. හි හි




    මාරයාගේ හෝරාව : අහ් මම ඒත් හිතුව මොකක් හරි තේරවිලි කතාවක්ද කියල.... හි හි



    තිස්ස දොඩන්ගොඩ : තිස්ස අයියට හොඳට තේරෙනවා ඇතිනේ රටින් පිට ඉන්න නිසා.

    ReplyDelete
  26. මක් කියලා කරන්නද අයියා. ලංකාවට ආපු වෙලාවක හොඳට අඹරලා යන්න :)

    ReplyDelete
  27. ඔව් මලේ. ඒක නම් අනිවා කරනවා. " තෝ ඉතියෝපියාවෙ ඉදන්ද බොල ආවෙ " අහන ගානට.

    ReplyDelete
  28. අපිත් කාලයක් කඩෙන් කෑවා...
    දැන් නම් උයනවා... අම්මප ගොඩක් දවස් වලට තුන් වේලම බත්...
    කියලා වැඩක් නැහැ...
    උදේට වැඩට ගියහම හොඳ නිදිමත...
    එහෙම කියලා නොකා ඉන්නයෑ...
    දැන් ටිකක් මහත් වෙලා මේ කන කැවිල්ලට (ඇඟට වැඩිය.. බඩ..)

    ReplyDelete
  29. උබ 3 වේලම බත් කාල ඇඟට වඩා බඩ. මම මේ එහෙම නැතුවත් ඇඟට වඩා බඩ එනවනේ.. ඇඟක් ඇත්තෙත් නැහ ඒ උනාට බඩ එනවා. හි හි

    ReplyDelete

Related Posts with Thumbnails