Tuesday, August 17, 2010

ස්කෝලෙන් පැනල ගිය හැටි... ගැන එක කතාවක්.

Share
මේකත් මේ ස්කෝලේ කාලේ කතාවක්. කාලෙකින් ලිව්වෙත් නැහනේ එකක්. ලියන්න හිතෙන්නෙ නැහ අප්පා ස්කෝලෙ කාලේ ගැන.... දුකයි. කමක් නෑ... මේකත් මේ පැනල යන සීන් එකක්.

වනියව දන්නවනේ... දන්නෙ නැති අය "වනි***** අද එකද ??? බින්දුවද ?? තිතද ?? " බලන්නකෝ.. ඉතින් දවසක් වනියයි... මායි... ගයානුයි පැනල යන්න සෙට් වුනා.


ඒ දවස් වල ස්කෝලෙට පොත් 1 ක් නැත්තම් 2 යි ගේන්නේ... ඒ උනාට ගයානයයි මායි දෙන්නම බෑග් දෙකක් එල්ලගෙන තමා ආවෙ. ඒ කාලේ ආවෙ පොඩි ෆැශන් පාරක් ඔය බෑග් එක්ක. ඒවට ගැලපෙන පොඩි බෑග් අයිටම් දෙකක් තිබ්බ අපි දෙන්නට.



ඉතින් අපි හැමදාම වගේ පැනල යන පොට් එකෙන් තමයි පැනල යන්න තීරනය කලේ... පොට් එක ගැන කියනවනම් ඔන්න අමාරුවෙන් ඇන්දා... බලන්නකො....


පිස්සා කොරේ චිත්‍ර නොවැ ඒ කාලේ. හික් හික් හිතා ගත හැකිනේ නිර්මානශීලිත්වය.

කොහොමින් හරි... ඔය කොළ පාට රවුම ගහක්. ඔය ගහට නැගල ගහෙන් තාප්පෙට නැගලා තාප්පෙන් පැනල තමයි අපි යන්නේ. ඒ කාලේ දැන් වගේ නෙමෙයි නේ. ඕනිම හුට්ටප්පරයකට ෆිට් ඇගවල් නේ තිබ්බේ.... තාප්ප තැමිබිලි ගස් මොනවද හික් හික්.. ඒකට දැන්. හපොයි.... 


ඒ ඇරුනම හැඩ වැඩ වෙන්න පොඩි කන්නාඩියක් එහෙමත් ඔය පරණ විදුහල්පති කාර්යාලය පිටිපස්සෙ අපි හයි කරන් හිටියා. ටැප් එකක් එහෙමත් තිබ්බා මූන හෝදල ලෑස්ති වෙන්න. ස්කෝලෙ ඇරුනම එතන බියුටි කචල් ලෝකයක්. හි හි.


පනින්න එහෙම කිසි අවුලක් නැහ. කවර් වෙලා හැම අතින්ම. ප්‍රයිමරියේ ටීචර්ස් ල දැක්කත් නොදැක්ක වගේ නේ ඉන්නේ ඒ කාලේ. දකින්නෙත් නැහ ඉතින් පිහිටීමෙ හැටියට.

සොරි සොරි කතාව දික් ගැස්සුනා.  ඉතින් ඔන්න එදා අපි පනින්න ලෑස්ති වෙලා බෑග් ප්‍රශ්නෙ නිසා... මායි ගයානුයි වනියට බෑග් දෙක දුන්නා.(  ඌ බෑග් තියා පොතක් වත් ගෙනාවෙ නැහ.. උගේ පොත් ඔක්කොම පන්තියෙ තියල නේ යන්නේ හික් හික් )

මොකද අපේ පන්ති ඉස්සරහින් නොවැ යන්න ඕනි. කවුරු හරි දැක්කොත් ලෙඩක් නේ.. ඒක නිසා බෑග් දෙක ඌ අතේ යවල අපි දෙන්න පස්සෙ ශේප් වෙන්න හිටියේ.


සීන් එක කියන්නේ අපි යන්න සෙට් වෙද්දිම අපේ පන්තියට ආව සර් කෙනෙක් මොකක්ද ඔය නෝටිස් ඉලව්වකුත් සෙට් කරන්... ඊලඟට ගයාන්ලගෙ පන්තිය... ඒ හින්දා කරුමේ = වෙලාව නිසාම ඔන්න අපිට පරක්කු උනා පනින්න...

ඔන්න ඉතින් සර් නෝටිස් එක දීල පන්ති 2න්  ගියා විතරයි අපි එලියට බැස්සා... මෙන්න බොලේ කොල්ලො සෙට් එකක් පෝලිම් කරන් අර ප්‍රයිමරිය පැත්තෙන් අපේ වයිස් ප්‍රින්සිපල් සර් කෙනෙක් එනවා. අර " හු** කව්ද කුනුහර්ප කියන්නේ " ඇහුවේ... ඒ සර්ම තමා. 


ටික වෙලාවකින් වනියත් එනවා අත් දෙක වන වන... අපේ බෑග් 2 කට වෙච්චි දේකුත් නැහ...

" වනියෝ... කො බන් බෑග් 2 ? "

" ඒ බන් මාර සීන් එකනේ.... මම බෑග් දෙකත් අරන් ශේප් වෙද්දි සර් ලගේ ටොයිලට් එක ගාවින් මට පොඩි බට ගඳක් ආව බන්.. "

" ඉතින්... කෝ බොල බෑග් දෙක ? " ගයාන් පිස්සු අහනව ඒ අස්සේ...

" අහපන්කෝ...  කෝකටත් කියල මම බෑග් දෙකත් අරන් ටොයිලට් එකට ගිහින් ඇතුලේ ඉන්නේ කවුද ශුවර් නැති නිසා බෑග් දෙක ටොයිලට් එකේ තියල බොලාට කියන්න එලියට ආවා... "



" මොකද බන් බෑග් දෙක ටොයිලට් එකේ ?? තොට මොන්ගල්ද බන් ?? "

ගයාන්ටයි මටයි මළ හොඳම එකෙන් පැන්න... ඇයි ඉතින් අපේ චූකිරි මලු දෙක නොවැ...

" අහපල්ලා වේ***යනේ.... "

ඌට තද වෙලා...

" මම ටොයිලට් එකේ දොරේ එල්ලල ආවේ... "

" කියපන් ඉතින්... "

" මම එලියට එද්දි මෙන්න බන් ********* සර් එතන... " 



" ඌද බටේ ගහල තියෙන්නේ.... ? "

" ඔව් ඔව් බන්... බටේ නෙමෙයි අහපන්කෝ... ඒ එක්කම අර වාචාලය පැන්නනේ බන් තාප්පෙන් ස්කෝලෙ ඇතුලට... "

" හුටා... ඌ කොහේ ගිහින්ද ? "

" අහපන්කෝ... මෙන්න පෝලිමට සෙට් එක ස්කෝලේ ඇතුලට පනිනවා.... පනින පනින එකා අරූ බෙල්ලෙන් අල්ලන් පැත්තකින් තියනවා සද්දෙ වහන්න කියලා... "



සීන් එක කොල්ලො සෙට් එකක් ඉන්ටර්වල් එකේ ස්කෝලෙන් පැනල ආයේ උන් ස්කෝලෙට පනිද්දි තමා සර් ට අහුවෙලා තියෙන්නේ.... ඉතින් සර් අහල මුන්ගෙන්...

" කොහෙද තමුසෙලා ගියේ ? "

" අනේ සර් කාල එන්න ගියා.... "

" ඇයි මිනිහෝ කැන්ටින් එකේ කෑම තියෙන්නේ... "



" අනේ සර් එකේ කෑම වගේ නෙමෙයි... පල්ලෙහ කඩේ රුපියක් 10 ට ලොකු රෝල් එකක් දෙනව සර්.... බඩ පිරෙන්න.... "

වාචලයා සර් ව ලස්සනට අන්දනවලු...

" අහ් කමක් නෑ... පොලිම හැදිල යමු මගේ ඔෆිස් එක ගාවට... "

හොඳම් සීන් එක... ඊට පස්සෙ පොර මෙච්චර වෙලා සිප් එක උස්ස උස්ස හිටි වනියට කතා කරලා...

" මේ තමුන් දැක්කද බෑග් දෙකකුත් අරන් මෙතනින් එකෙක් යනව ? "



" අනේ නෑ සර්.... "

" තමුන් දැක්කේ නෑ.... දැන් මෙතනින් ගියානේ එකෙක් බෑග් දෙකත් අරන්..... ? තමුන් මොකද කරේ මෙතන.... ? "

" සර් මගේ බඩ පොඩ්ඩක් රිදෙන්න අරන් මේ ටොයිලට් එකට ගියා.... "

" හ්ම්ම්... යනවා යනවා... පන්තියට එහෙනම්... "

සර් හොරාගෙ අම්මගෙන් නේ පේන අහල තියෙන්නේ... උගෙන් ෆුල් සීන් එකම අහගෙන ඊලගට පන්ති චෙක් කරයිදෝ කියන සැකයත් පැත්තක තියල අපි පැනල ගියා ආදරේ නාමෙන් හික් හික්.

කතාව පොඩ්ඩක් ගතියක් නැති උනා වගේ ලියද්දි... සොරි වෙන්න ඕනි ළමයි... පොඩි අංශයක් එක්ක කපුගේ මහත්මය එක්ක තනි උනු වෙලාවක මතක් උනු සිදුවීමක්.

32 comments:

  1. අපෝ....තාප්ප වලින් පනින එක ප්‍රාථමික සිස්ටම් එකක් නේ......ඊට වඩා ලේසියි ගෙට්ටුවෙන් යන එක....මගෙ යාලුවෙක් උන්න ඌ එක දවසකට යන්න මොකක් හරි ගෙදරින් ලියාගෙන ඇවිත් ගානට දින මාරු කර කර යූස් කරනවා...අන්න මොළ....අනිත් උන් තාප්ප දිගේ බඩ ගානවා.....:).

    ReplyDelete
  2. බොලව් ... අණ්ඩපාල වැඩමනේ කරලා තියන්නේ .... හිහ් හිහ් .... :P

    ReplyDelete
  3. ගේට්ටුවෙන් යන එක ලේසි උනත් ඉතිං අපිට නම් තාප්පේම තමයි.ඕක උඩින් පනිද්දි මාර චුන් එකක්නේ තියෙන්නේ....ඔන්න එක පාරක් අපේ එකෙක් ඕකෙන් පනින්න ගිහින් අත උළුක් කරගත්තා.හොදම දේ කියන්නේ ඌ ශිෂ්‍ය නායකයෙක්‍,ඒ වගේම ප්‍රධාන ශිෂ්‍යය නායකයා වෙන්න හිටපු එකෙක්.ඔන්න ඔහොමයි අපේ එවුන්.

    ReplyDelete
  4. අඩේ අප්පා,මටත් මතක් උනා ඒකාලෙ අපි ඉස්කොලෙන් පැනපු හැටි..තාප්පෙන් නෙමේ අපි යන්නෙ ධර්මසෙනලෑ ගෙදර මැදින් ආතල් අප්පා..එක දවසක් එහෙම යද්දි සරත් සර් බටයක් ගහනවා අපිට අතටම මාට්ටු...
    ඉන්ටවල් එකට පංතියෙ හැමෝගෙන්ම සල්ලි එකතු කරන් භවන් එකට ගිහින් පානුයි පරිප්පුයි ගෙනවා පංතියටම. අනේ! ආයිනම් එතරම් ජෝලි කාලයක් එන එකක් නෑ කවදාවත්...

    ReplyDelete
  5. අපේ නම් තාප්පෙන් පනින් එක ටිකක් අමාරු නිසා ගේට්ටුවෙන්ම තමයි යන්නේ... :D

    ReplyDelete
  6. එළකිරි කතාව පිස්සයියේ! අපිත් ඉතිං ඒ දවස්වල තාප්ප හරහාම තමයි ගමනාගමනය.ඒ ගැන වෙනම පෝස්ට් කිපයක් තියනවා.වෙලාවක දාන්න ඕනෙ...

    "කතාව පොඩ්ඩක් ගතියක් නැති උනා වගේ ලියද්දි... සොරි වෙන්න ඕනි ළමයි..."

    කතාවෙ කිසි අවුලක් නෑ.වෙනදා වගේම හොදයි!!!

    ReplyDelete
  7. ළමයා ඇතුලු පිරිසනම් උ.පෙ කරනකොට කිසි ගින්නක් නෑ ගේට්ටුවෙන්ම එළියට... ඉදලා හිටලා ගේට්ටුව ලග ඉන්න අන්කල්ලා දෙන්නාට සිගරට් පාරක් ඒම අරන් දෙන හොඳ ළමයි තමා අපේ සෙට් එකේ හිටියේ.. ඉතින් අපේ සෙට් එකට ඒ අන්කල්ලා හරි ආදරෙයි.. හික්..

    ෂා‍.පෙ කල ඉස්කෝලේ අල්ලපු වැටේ තිබුණේ පොලීසිය.. අපි ඒ දවස් වල වැටෙන් පනිනවා පොලීසියේ ඉඩමට.. ගින්නක් නැතුව ෂේප් එකේ පොලිසියේ ගේට්ටුවෙන් එළයට.. අන්තිම කාලේ නම් ඉතින් වැඩේ පොඩ්ඩක් අවුල් වෙලා අප්පච්චී එහෙම ඉස්කෝලෙට එක්ක ගියා.. ඒක වෙනම කතාවක්..

    පිස්සා සහෝ ලියන කතා කියවනකොට අපේ සීන් ටොන් ගනන් මතක් වෙනවා අප්පා.. දැන් නම් දුකේ බෑ.. ආය ඉතින් කවදා කරන්නද?

    ReplyDelete
  8. @ ෴ හසියා ෴

    අඩෝ කියපන් ලැජ්ජා නැතිව කෙලින්ම උබ කියලා.උබනේ තාප්පෙන් පනිද්දි Principal එනවා කියලා පැන්නේ කඩාගෙන බිදගෙන අපේ ඇගට.

    මම
    මළකඩයා

    ReplyDelete
  9. පටට බන් අයෙම ස්කොලේ ගියාවගේ......

    ReplyDelete
  10. අප්ප ඔක්කොමලම මරු කට්ටියනේ........:O

    අපේ අයියත් කිසි ගින්නක් නැතුව පැන්න වෙන්න ඕන....... මොකද හැමදාම උදේට ශිෂ්‍ය වාර්තා පොතේ මොකක් හරි ලියල එයාම අම්මගේ අත්සන ගහනව. ඒක අම්මටවත් හොයාගන්න බෑ අම්මද අයියද ගැහුවේ කියල :D :D :D :D

    මං දැනන් හිටියට කිව්වේ නෑ. ඉස්කෝලෙන් අස් උනාට පස්සේ අම්මට මං පෙන්නුව පුතණ්ඩියගේ හොර ලෙඩ සමඟ අත්සන් තොගේ........... ;) ;)

    @ හසියා අයියා
    ඔන්න බොරු අහුවෙනවෝ............. :O

    ReplyDelete
  11. වසනංගිරාවයි....මීට වඩා හොදයි වහ කෑවනම්.
    මූත් මේක කියෙව්වනේ....හාටපිය මලකඩයෝ තෝ අහුවෙනකම්.

    ReplyDelete
  12. අපේ නම් තිබ්බා යස පාරක්, ඉස්කොලෙන් එලියට පැනලා යන්න.. ඒකට කියන්නේ ඇලකන්ද පාර කියල.. පස්සේ ඒකේ විස්තරයක් ලියන්නම් කෝ...

    ReplyDelete
  13. හික් හික්..
    මරු වැඩේ

    ReplyDelete
  14. :D

    මං නම් ගියේ ඉස්සරහ ගේට්ටුවෙන්. බෑග්ස් ටික අපේ පන්තියේ සහෝදරියෝ සෙට් එක බලාගත්තා. හවසට ගන්නවා ටවුන් එකේදී, හරි ක්ලාස් එකකදි හරි
    :D

    ReplyDelete
  15. අප්පට සිරි.. මගෙත් තියනව බොල පනින සීරිස් එකක් ... හපොයි හපොයි!!

    ReplyDelete
  16. අපෙත් තිබුනා පනින්ටම හදපු තාප්පයක්.... මාසෙකට වතාවක් විතර සිරිතක් විදිහට විනය භාර සර් ඕක පුරාම කළු තෙල් ගානවා... දවසයි දෙකයි තියෙන්නේ... කළු පාටක් හොයන්ටත් නෑ....

    ReplyDelete
  17. Shadow/හේමලයා : අනේ බන් ඒ උනාට ගේට්ටුවෙන් පැනල යන එකේ නැහනේ කිසි මෙව්ව එකක් හි හි




    Unknown_User/හිඟන්නා : හික් හික්. එහෙම තමයි බොල. නැත්තම් දැන් බ්ලොග් එකක් වත් ලියන්න විදියක් නැහනේ. තාම කට්ටිය එකතු උනහම ඔය සීන් එක්ක තමා ජීවත් වෙන්නේ. හුඟ දවසකින්...





    ෴ හසියා ෴ : කෙලිය නේද මලේ තාප්පෙටම හික් හික්. ශිශ්‍ය නායකයා මට්ටු වෙලා නොවැ... හික් හික්.

    කට්ටියට පොල් ගනන් කරද්දිත් මෙහෙමද දන්නෙ නෑ යාලුවො පිට දැම්මට හික් හික්...

    ReplyDelete
  18. අච්‍චා : ස්කෝලේ කාලේ වගේ ආතල් කාලයක් කොහෙන්ද බන් ආයේ එන්නේ....





    කොඩී : හික් හික්... ඒ උනාට ඒකෙ නැහනේ බන් කිසි මෙව්ව එකක් හික් හික්




    blog gadol : අලුත් සීරිස් එකක් පටන් ගමු නේද එහෙනම් හික් හික්... පූසොන්ගෙ නම් ඇති කතන්දර පොතක් ලියන්න....

    වැඩි අවුලක් නැහනේ.. හි හි මාත් දැන් ආයෙ බැලුවා කියවල.

    ReplyDelete
  19. ළමයා : බොලව් මහ පුදුම එව්වොනේ... පොලිසිය හරාහාද පැනල යන්නේ ? හික් හික්. ලියමුකො බලන්න ඒ කතාව.

    ඔව් බන් ඒ කාලේ මතක් වෙද්දි නම් හපොයි




    මළකඩයා : හික් හික් හසියා මාට්ටු





    ඉලංදාරියා : බොහොම ස්තුතියි මචන්... ඒ කාලේ ඉතින් මොකට කියන්නද නේ

    ReplyDelete
  20. හා පැටික්කි (MS) : දස්ස කොල්ලෙක් නේ අයියා... හික් හික්. කලින් පැනල ගෙදර එනවනම් ඉතින් පැන්නත් මොකෝ... හික් හික්




    sameerausa : ලියමු ලියමු ඉක්මනටම... ස්කෝලෙ කාලේ කතා නම් එළම තමා...




    Ansh Lucky Sri Jay : ආයෙත් අහල හි හි

    ReplyDelete
  21. හෙළයා : අපිට කොහෙද බන් එහෙම සහෝදරියො හිටියේ ස්කොලේ... හික් හික්. සහෝදරයොම විතරනේ.




    වැම්පයර් : පටන් ගමු නේද මචන්.... හික් හික්





    පුතා : හපොයි ඒක මහ අමානුශික ක්‍රිරියාවක් නොවැ.... දවස් දෙකෙන් උබල කොහොමද බන් තෙල් ටික යැව්වෙ ?

    ReplyDelete
  22. oya sir ge nama wa_______chi wage ekakda????????????????????????

    maru maru

    ReplyDelete
  23. @පිස්සා පලාමල්ල - මොකෝ මෙව්ව එකක් නැත්තේ. ගල් පැලෙන බොරු ගහල නේ පනින්නේ. මාට්ටු උනොත් ලොවෙත් නෑ. සතියක් වත් පඩි රහිත නිවාඩු ෂුවර් :D

    ReplyDelete
  24. මොනවා වුනත් තාප්පෙන් යනවට වඩා ගේට්ටුවෙන් යන එක ලේසියි!! :)))

    ReplyDelete
  25. Anon : හි හි නෑ නෑ බන්. ඒ සර් ඒ ලෙවල් කරද්දි අවුලක් නැහනේ. මේ අර පිට්ටනිය පහල..




    කොඩී : ඒකෙත් තියෙනව වගේ ගතියක් හි හි



    ජංජාල චාමර : නීරසයි අතරමග අවහිර නොදුටු විට කියල අහල නැද්ද මලේ හි හි හුඟ දවසකින්.

    ReplyDelete
  26. ela, Keep it up Richmonds....

    ReplyDelete
  27. හී හී අපිත් තාප්පෙන් පැනලා ඇති ඇති වෙනකම්... ඒ කාලේ බෝල් ගහනකෝට මුන් තාප්පෙන් එහා පැත්තටමයි ගහන්නේ... ස්කෝලෙන් පැනලත් තියෙන්වා... එකෙක් එක පාරක් දතක් ගලවගත්තා.. හික්ස්.... මොනා උනත් ඉතිං මරු ඒ කාලේ.. පට්ට ෆන් ගත්ත කාලයක් තමයි පිස්සා අයියේ... ඔය කාලේ මතක් වෙනකොට ඉතිං ඇඩෙනවා නේන්නම්...

    ReplyDelete
  28. අපෙත් තිබුනා ඉස්කෝලෙන් පනින්න මරු තෑන් වගයක් .....මේන් හෝල් එක ගාව තාප්පේ, 10 වසරෙ බිල්ඩිම ලගින්(එහා පෑත්තෙ ඒ කාලෙ තිබුනෙ අපරාධ පර්‍රක්ෂණ දෙපාර්‍රතුමේන්තුව ඒකට පෑනලා ඒකෙ ගේට්ටුවෙන් තමා ඉතින් එලියට එන්නේ), තව
    ඈලකන්ද පාර කියලා මරු ඈල ඉවුරේ සක්මනකුත් තිබුනා.(මම හිතන්නෙ sameerausa කිව්වෙත් ඒක ගෑන තමයි ) ඔය ප්‍රදාන පාරවල් වලට අමතරව තව අතුරු පාරවල් නොතිබුනා නොවේ හෑබෑයි මට නම් හොදම (adventure) පාර හම්බ වුනේ science section එකේදි එකේ අපි දෙවෙනි තට්ටුවෙන් පෑන්නේ ඒ කියන්නේ දෙවෙනි තට්ටුවේ බෑල්කනියේ ඉදන් වෑහි කූඩුවට ගොඩ වෙනවා වෑහි කුඩුවේ අගයි ඉස්කෝලෙ තාප්පෙ මුදුනයි එක උස ඒ වගේම පරතරය අඩියයි (තාප්පෙ උස හිතාගන්න ) එතනින් අල්ලපු වත්තට නොහොත් පංසලට. වෑඩේ ඉවරයි කියනා හිතුවට නෑ දෑනුයි පටන් ගන්නේ ඔය පංසලේ හිටිය නාහෙට අහන්නෙ නෑති බලු තඩියෝ හය හත් දෙනෙක්ම අපි අමාරුවෙන් ලෑන්ඩ් කරනකොටම මුන් සෙට් එක සයිරන් එක ගහගෙන අපි පස්සෙ එලවනවා අපිත් ඉතින් කකුල් දෙකට වෑදලා වලාකුලු බෑම්ම නොහොත් පංසලේ තාප්පය සොය ඉගිලෙනවා වලාකුලු බෑමි කඩුලු පෑනීම සාර්ථක නම් වෑඩේ එතනින් ඉවරයි මොකද බලු රෑල එතනින් නවතිනවා .හෑබෑයි වෑඩි පහසුවට පංසලේ ගේට්ටුවෙන් පිට වුනොත් පාර දිගේ රන් එක දීලා 154 බස් එකක එල්ලෙනකන් සුනඛ සමාගම පිටිපස්සෙන්........

    ReplyDelete
  29. man nan a/l kale interval eken passe iskoole idalama ne...

    ReplyDelete
  30. ඔය මුකුත් නෑ බන් .. අපි නම් හැමදාම පැන්නේ මේන් ගේට් එකෙන් ( මම ගිය කොළඹ ඉහලම පාසලකට ) උබල ඉතින් දන්නවනේ අනිත් පාසල් වගේ නවෙයි මේවයේ පඩ වැඩි නේ නිකමටවත් එලියට යන්න බෑ)
    හැබැයි මෙන් ගේට් එකෙන් ගියාම කවුරුත් මුකුත් අහන්නේ නෑ ...සික්කත් හිතන්නේ අවසර අරන් එලියට යනවා කියල ඇයි, නැත්තම් මෙන් ගේට් එකෙන් යන්නේ නෑ නේ

    ReplyDelete

Related Posts with Thumbnails