Thursday, August 19, 2010

සුලෝචනා = කලු කුහරයක් වූ කල උබයි මායි = බේබද්දොද ???

Share


මේක ඇවිල්ල ඇත්ත කතාවක්/ මනංකල්පිතයක් එහෙමත් නැත්තම් මෙලෝ රහක් නැති අනුරු ටිකක් වෙන්න පුලුවන්... කියවල බලපන් ඒ උනාට...
පිස්ස ට හිතෙන ඒවා.


*******************************************


උබත් ආදරය කරපු
මමත් ආදරය කරපු
ඒ කෙල්ල සුලෝචනා
ඇත්තමයි
ඒකිගෙ හිනාව... කඳුල... කතාව... විතරක් නෙමෙයි
ඒකි මතක් උනත් 42 % විස්කි භාගයක් අමුවෙන් ගැහුව වගේ වදිනව...

ඔව් බන් දුක යන්නවත් කතා කරමු

ස්තානය : චීන අවන්හලක්

වට මේසයක් දෙපැත්තෙ උබයි මමයි

නොකැඩූ 42 % විස්කි බෝතලයක්
සෝඩා
මස් තසිමක්
මදිවට ජෝන් සීයත්

හෝරා 2ක් ගතවිය


මාතෘකාව නුඹම විය සුලෝචනා

වට මේසය දෙපැත්තෙ බේබද්දො දෙන්නෙක්

හිස් ව්ස්කි බෝතලයක්
සෝඩ එහෙමම
කටු ගොඩ ගැහුනු හිස් තසිමක්
ජෝන් සීය ගෙ කොට හතර අතේ

හපොයි උබ අපිට කල හදියක් සුලෝචනෝ

අමාරුවෙන් නැගිටගෙන උබයි මායි



" මචන් සුලෝචනා "

" අඩේ සුලෝචනා ඇවිල්ල පසලොස්වක දවසෙ පිපුනු කඩුපුල් මලක් ඇතුලෙ තියෙන ප්‍රෙහෙලිකාවක් "


" හි හි ඒ ප්‍රෙහෙලිකාව පුරවන්න ගිය උබටයි මටයි උනේ
අමාවක දවසක බාඳුරා ගොට්ටක තිබ්බ කලු කුහරෙක හිර වෙන්න "

" හි හි වැඩක් නෑ බන් ඒකි
කලු කුහරයක ඉන්න ප්‍රෙහෙලිකාවක් "

අපි පාරෙ ආව රෝද 3 කට අත දැම්ම



*******************************************
හෝව් හෝව් ළමයි

මේකේ මායි උබයි කියන චරිත 2 මම.. මගෙ යලුවො... දන්න අය.. නොදන්න අය.. බ්ලොග් බලන උබල වෙන්න පුලුවන්...

එතකොට සුලෝචනා.. හිතට ආව මනංකල්පිත නමක්.. ඒත් ජීවත්වන චරිතයක් අප අතරේ

මෙලෝ රහක් නෑ කියල හිතෙනවනම් කියපල්ල. මොකද මටයි ඌටයි හිතෙන්නෙ එහෙමයි





*******************************************


නොලියූ දෙබස

" මෙලෝ රහක් නෑ බන් "
" ඔව් බන් "

" මේ ඒකි ලස්සනයි නේ මචන් "
" ඔව් බන් නියම කෙල්ල.. "

" දුක තමා බන් "
" හ්ම්ම් උබට මතකද....    "


ආයෙමත් සුලෝචනා..


*******************************************

මේක ඇවිල්ල මේ " පලංචියේ ලී ඉරුවේ " " කෙලෙසද කිව මැන සිපගත් දෑතට " " බිතු සිටුවම් රූ මෙන් දිලෙනා " ටයිප් කතාවක් නෙමෙයි. මේක් ඇවිල්ලා සම්මත ලෝකේ අසම්මත නොවූ කතාවක්.

42 % විස්කියක් නැහනේ ගෙදර පලාතේ චික්. 


කලින් පෝස්ට් එකෙත් කියන්න බැරි උනා.. පූසන්ගෙ අඩවිය හරහා කොමෙන්ට් වල අකුරු ලොකු කරන හැටි කියල දුන් නිදහස් සිතුවිලි ලියන රන්දිල් අක්කාට ස්තුතියි....

36 comments:

  1. කෙල්ලෝ හින්දා දුක තමා මොනා කොරන්ටද ඉතින්

    ReplyDelete
  2. එතකොට කොල්ලො හින්දා දුක් විඳින අය?

    ReplyDelete
  3. ගෑණු ගැන අප්සෙට් වලට විස්කි හරියන්නේ නෑ....බර වැඩියි..රහත් වැඩියි....වොඩ්ක තමා මට නම්....ළඟම නමා ගත්තා කියෙව්වා....විඳෙව්වා.....පහු වෙනිදටත් එක්ක ඇති....හික්....:)))

    ReplyDelete
  4. හෙට හෙට.. හෙට තමා මගේ අංස දවස.. සතිය මැද අමාරුයි. එහෙම කරල බලනව මේක තේරෙනවද කියල ...මට නං තේරුනේ අර 42 කතාව විතරයි බං..

    ReplyDelete
  5. මෙතන කියන එක හොඳද මන්ද.. ඇබ්සින්ත් කියල පොඩි අංසයක් තියෙනව. ට්‍රයි එකක් දාහං. සාමාන්‍යයෙන් 65ක් 75ක් අතරෙ ප්‍රසන්ටේජ් එකක් තියෙන්නෙ. ළඟ පිකප්!!

    ReplyDelete
  6. දේදුනු : මොනා කරන්නද ඉතින්... ලඟ නවල නිදා ගන්නව මිසක්




    sheshanie : එකම කාසියෙ පැති 2ක්





    Shadow/හේමලයා : පහුවෙනිදටත් ඇති... ඒක හරි. වැදෙනව දන්නෙත් නැහ. සැර වැඩියි බොල... මම කියන්නේ ඩ්‍රයි වැඩියි.

    ReplyDelete
  7. වැම්පයර් : උබට නෙමෙයි බන්... හුඟ දෙනෙක්ට තේරෙන එකක් නැහ. අංශෙ එක්ක බලපන්.. ඒත් තේරෙන එකක් නැහ වගේ මට හිතෙන්නේ.

    කොල්ලො 2 ක්... හොඳම යාලුවො.... එක කෙල්ලෙක්... දෙන්නම පාවිච්චි කරපු පිස්සු හැදෙන කෙල්ලෙක්... මේක ඊටත් අමුතුයි.


    හි හි බොල... තෝ ඇබ්සින්ත් පාවිච්චි කරල තියෙද ? ඒක බොන්න ඕනි අමුතු ක්‍රම සීන් එකක් තියෙනවනේ. ග්‍රීන් ෆෙයාරි.

    ReplyDelete
  8. හික් හික්!! මේක කියවලා ඔලුවත් කැරකෙනවා.හොද නිර්මාණයක් සහෝ!!!

    ReplyDelete
  9. මම නම් අහල තියෙන්නේ ගැහැණු උදවියලු වැඩිපුරම පෙම්සබදතා නවත්වන්නේ...ඒක ඇතත් වෙන්න පුළුවන්...
    බ්ලොග් අවකාශය තුල ගත්තත් එහෙමයිද කොහොද.....

    ReplyDelete
  10. blog gadol : කියවල ඔලුව කැරකුනාට ගානක් නැහ බන්... හිතපන් කලු කුහරෙ හිර උනා නම් ?




    ෴ හසියා ෴ : ඒක මලේ මම නම් දන්නෙ නැහ. ඕක ඉතින් කාසියෙ දෙපැත්ත වගේ. 50 - 50 මම හිතන්නේ

    ReplyDelete
  11. මෙතන තිතට මත වගේ.
    ස්වදේශීය පානයක් ත්යනවා, කටු කම්බි, කටුස්සෝ, දොඩම් ලෙලි දාපු, මාත්‍රාව එහෙ මෙහෙ වුනොත් සඳහටම පිකප්.

    ReplyDelete
  12. මේ මේ බීමට කවුද කේස් දාන්නේ...
    අපි අහිංසක විදියට බීලා කාලා ඉන්න මිනිස්සු හරිද....

    කොල්ලො දෙන්නෙක් පැත්තකට වෙලා කුටුකුටු ගානවානම්
    එක්කෝ කෙල්ලෙක්
    නැත්නම් බෝතලයක්

    ReplyDelete
  13. අනේ මන්දා මොනා ලියන්නද කියල... ???

    ReplyDelete
  14. මේ මචන්ලා.. අර බ්ලොග් යුනියන් එක අයෙ නැද්ද අපට කන පැලෙන්න බොන්න.....

    ReplyDelete
  15. ආයෙ.. මම දන්නව කොහොමද ග්‍රීන් ෆෙයාරි හදන්නෙ කියල... පොඩ්ඩක් ගැස්සුනොත් එක්කො ගින්නක්, නැත්නං දචස් දෙකක් තුනක් ඔලුව උස්සන්න බෑ..හික් හික්..

    ReplyDelete
  16. දුක තමා සුලෝචනා

    ReplyDelete
  17. හෙළයා : හික් හික්. වැටවල් වලට ගහන් ජාතිය...

    උබල ඔක්කොම 42 % එක ගැනනේ කතාව. සුලෝචනා නම් වූ කලු කුහරයක් වූ ප්‍රෙහෙලිකාව... ?

    මටයි ඌටයි නොතේරෙන එක උබලට තේරෙයිද නේ හි හි...





    බිඟුවා...! : ඒකනේ බන්... අහිංසකයි අපි... කතාව නම් පට්ට ඇත්ත. එක්කො කෙල්ලෙක්... එක්කො බෝතලයක්.





    කොඩී : හි හි... මොනා ලියන්නද.. බන්. මෙලෝ රහක් නෑ නේ...

    ReplyDelete
  18. මෙතෙන නම් තිතට ම මත අහ්...............

    මාරයා ගෙ කොමෙන්ට් එකක් විතරයි අඩු.

    ReplyDelete
  19. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ : අපිත් ආව කාලෙක කරානම්...




    වැම්පයර් : මම කීප සැරයක්ම ඔය උලව්ව ගන්න ගිහින් හදා ගන්න සීන් එක නිසා නිකන් හිටියා. උබව අනාගතයේ කන්ටැක්ට් කරන්න වෙයි හි හි




    Hasitha : සුලෝචනාට මොන දුකක්ද මලේ....

    ReplyDelete
  20. nish : හි හි ඔක්කොම බලන්නෙ 42 % එක දිහානේ.. කලු කුහරෙ හිර උනු අපි දිහා නිකමට බලන්නෙ නැහනේ.

    ReplyDelete
  21. පොඩි වෙනස්කමක්..
    ස්ථානය: Fill Restaurant
    වට හෝ හතරැස් මේසයක්... වටේට පස් දෙනෙක්...
    (කළු කුහරෙක ගැටළුවක්... ඒත් උඹයි මායි ‍හෝ අපි අතර නෙමේ)
    ගල් බෝතල් දෙකක් (ඉවර වුණොත් ඕනතරමක් Stand by ගත්තහැකි) සමඟ සෝඩා/කොක්
    කැප්ටන්ගේ සැලියුට් එකේ පැකට් 2
    ෆ්‍රයිඩ් රයිස් 2, චොප්සි 2, ඩෙවල් 2
    පැය 3 ක් 4 ක්
    බේබද්දෝ නෙමේ..
    ජීවිතේ තේරුම් කරගන්න.... යාළුවන්ගෙන් උපදෙස්/උදව්
    එකෙක්ටවත් කෙලින් ඉන්න බැහැ... (ෆුට් සයිකල් තල්ලු කරන්.. බොහොම අමාරුවෙන්)
    අතීතය සුන්දරද...? නැද්ද..?
    බොහොම ස්තූතියි පිස්සෝ.. පරණ මතකයක් යාවත්කාලීන කළාට..
    (දැන් නම් මතට තිත)

    ප/ලි. (ඇයි අපිට ප/ලි දාන්ඩ තහනම්ද)
    සමාවෙන්ඩ වැරදි වචන පාවිච්චි කරනවානම්..
    ඔය කළු කුහරෙ හින්දා තමයි සමහර කොල්ලො කොල්ලො මරා ගන්නෙයි.. බොන්නෙයි... පිස්සු කෙලින්නෙයි...
    පිස්සාගේ කතාව බොහොම අ‍ගෙයි

    ReplyDelete
  22. උබ මාව ආයේ ඇදල දැම්මා අතීතෙට. චීන අවන්හලක් කොළබට ආසන්න... හවස 4 ට විතර....

    අතීතය සුන්දරයි... අතීතය සුන්දරයි බන්.... හුඟක්.

    " බේබද්දෝ නෙමේ..
    ජීවිතේ තේරුම් කරගන්න.... යාළුවන්ගෙන් උපදෙස්/උදව්
    එකෙක්ටවත් කෙලින් ඉන්න බැහැ... "

    මෙක පට්ට. පට්ට්මම පට්ට.

    මතට තිත එක ගැන සතුටුයි. හෙට ඒ ගැන ලියන්න හිතන් ඉන්නේ.

    ප : ලි : අපිටත් පුලුවන් හි හි ලියන්න ප. ලි. මේ උබ ලියන්නෙ නැද්ද බ්ලොග් එකක්.

    ReplyDelete
  23. @පිස්‍සා,
    නැහැ මචන්.. උඹලා හැමෝම ලියන ඒවා රස කර කර ඉන්නවා...
    වෘත්තීය පරිඝණක ආශ්‍රිත මෝස්තර නිර්මාණ ශිල්පියෙක් (නමට)....
    ඒත් බ්ලොග් කෙරුවාව අත්හදා බලන්ඩ තවම උනන්දු වුණේ නැහැ..
    දැන් නම් පොඩි අදහසක් තියෙනවා.. බලමු...
    ලංකාවට ආපුවහමත් කරගන්ඩ ඉඩක් ලැබෙයිද කියලා..

    ReplyDelete
  24. එළ එළ බ්ලොග් කීපයකම උබේ අදහස් දැක්ක.. උබට ලියන්න බැරි නැහ. වෙලාවක් නැති එක නම් ප්‍රශ්නයක් කාටහ් තියෙන.. හි හි.

    ReplyDelete
  25. උබ 3 වේලම බත් කාල ඇඟට වඩා බඩ. මම මේ එහෙම නැතුවත් ඇඟට වඩා බඩ එනවනේ.. ඇඟක් ඇත්තෙත් නැහ ඒ උනාට බඩ එනවා. හි හි

    ReplyDelete
  26. මට මේක තේරෙන්නෙ නැහැනෙ ? O.o

    ReplyDelete
  27. නියම ලිපිය.. ඕව ගැන කතාකරන්න පිට් එකේ බොන්නම ඕන. ඕව ගැන දවස් ගනන් කතාකරන්න දේවල් තියෙනව. හිතේ හිර කරන් ඉන්න ඒව එළියට එන්න බෝතලයක් තියෙන්න ඕන එහෙම නැත්තන් හොදටම පිට් පොරක් සෙට් වෙන්න ඕන.. ඔය දෙකම එකතු උනාම ඉතින් පිස්සුම තමා. කවද හරි දවසක කට්ටිය සෙට් වෙමු..

    ReplyDelete
  28. @පිස්සා-මෙලෝ රහක් නෑ කියන්නත් බෑ. රහකුත් තියෙනවා. පොඩ්ඩක් තේරුනේ පස්සේ (ටියුබ් ලයිට් නේ)

    ReplyDelete
  29. Ashen : එහෙනම් තේරුම් ගන්න උත්සහ ගන්න එපා කොලුවො... අපිටවත් හරියට තේරිලා නැහ තාම




    නෙලාන් : සහතික ඇත්ත. එහෙම ෆිට් කොල්ලො 2ක් බෝතලයකට සෙට් උනු වෙලාවක් තමා මේ.

    පොඩි අවුලක්... කොල්ලො දෙන්නම ආදරය කරල තියේන්නේ එකම ප්‍රෙහෙලිකාවක් වගේ කෙල්ලෙක්ට. වලි නෑ... ප්‍රශ්න නෑ...




    කොඩී : හි හි උබ ආයෙ බැලුවද බන්... ලාවට තේරුනා නම් ගොඩ. හි හි.

    ReplyDelete
  30. මට තේරුනා හොදටෝම......

    කෙටිකර ලියමි........

    ලවු අනියතං බුට් නියතං..හේ..

    ReplyDelete
  31. @කතාව වැඩිය නොතේරුන අයට...
    විද්‍යාඥයෝ කියන්නේ කළු කුහර තියෙන්නේ අභ්‍යවකාශේ කියලා...
    හැබැයි අපේ වගේ ලෝක වල කළු කුහරයි වගේම සුදු කුහරත් තියෙනවා..
    හික්.. හික්...

    ReplyDelete
  32. ඔව් ඔව්..
    අපි අහිංසකයි

    ReplyDelete
  33. ඉලංදාරියා : හි හි හුඟක්ම කෙටි කරොත් එහෙම කියන්න පුලුවන් තමා හි හි



    jeew : නැහ නැහ... ඒ සුදු කලු කුහර නෙමෙයි බොල. හැම දේම ඇදිලා යන නිකන් කලු කුහරයක් වගේ... වශී වෙලා විනාශය කරා යන.... අන්න ඒ වගේ. ඔව් ඔව් අහසෙ තින කලු කුහර තමා.



    බිඟුවා...! : ඒක කාටවත් නොතේරෙන එකනේ වැඩේ බන්

    ReplyDelete
  34. ඔව් බන් ඔව්...
    ඔය කළු (සුදු) කුහරෙට තමයි ඔක්කොම ඇදිලා යන්නේ...
    විනාසේ... විනාසේ... තමයි බන්...
    හික් හික්...

    ReplyDelete
  35. මොන විදියකින් හරි මට මිස් වෙලානේ මෙක..

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි..
    කුහරයයි බෝතලයයි යන දෙකෙන් එකක් තිබ්බම ඇති..

    ReplyDelete
  36. Jeew : හි හි ඔව් ඔව් හුඟ වෙලාවට විනාශෙ තමා.





    මාරයාගේ හෝරාව : ඕක ඉතින් කාසියෙ දෙපැත්ත වගේ නොවැ මාර අයියේ....

    ReplyDelete

Related Posts with Thumbnails