Monday, August 23, 2010

අමරසිරි පීරිස් සමඟ සුරම්‍ය රාත්‍රිය හා අලුත් තරු ගැන...

Share


පහු ගිය දවසක යූ ට්යුබ් එකේ රවුමක් ගහද්දි හම්බුනා අමරසිරි පීරිස් මහත්මයා සහභාගී වුනු වැඩසටහනක් ජාතික රූපවාහිනියේ. සුරම්‍ය රාත්‍රිය. ඔක්කොම වැඩ පැත්තකින් තියලා ඒක බලන්න සෙට් උනා.
ඇත්තටම අමරසිරි පීරිස් මහත්මයගේ කටහඬ හිතට වදින ගැබුරු කටහඩක් බව අමුතුවෙන් කියන්න ඕනි නැහනේ...

ඒ එක්කම මතක් උනේ පහුගිය දවසක එතුමා මේ රටට ආවා ප්‍රසංගයකට. බලාපොරොත්තු උනාටත් වඩා සෙනඟක් ඇවිත් හිටියා.. සමහරු හිටගෙනත් බැලුවා සල්ලි දීල ඇවිත්. හ්ම්ම් සද්දයක් නෑ එතුමා ගායනා කරද්දි. මට එවෙලෙ හිතුනා මොන තරම් අලුත් කට්ටිය ආවත් මේ ගීත වලට ආදරය කරන පිරිසක් තාමත් ඉන්නවා නේද කියල මේ රටවල උනත්. 



මුලු වැඩසටහම නැතත් ගීතයේ පසුබිම ගැන පොඩි විස්තරයකුත් සමඟ ලස්සන ගීත කීපයක්ම එම ක්ලිප් කීපයේ තියෙනවා.

කියන්න ලැජ්ජ උනත් මම මීට පෙර අසා නැති 


අමරසිරි පීරිස් මහත්මයා මුලින්ම මයික්‍රොපෝනයක් ඉදිරිපිට මුල්ම සරල ගී වැඩසටහනට ගායනා කල " මුදු සිහිල ගලාලා... " ගීතය...

" සඳ රේඛාවෙන් බසින ලියේ...  නූ පුර නොසලා වඩින ලියේ...  " 



ගමට අලුත් පාලමක් පැමිනීමත් සමඟ අසරණ වූ පාලු කරුගේ දුක ගැන කියවෙන " කවුරුවත් නෑ කවුරුවත් නෑ... එගොඩට යන්නට එගොඩට යන්නට... " 


රජ්ජුමාල චිත්‍රපටියේ... " ප්‍රේමයේ මනරම් හැඟුම්... " 


වගේම අපි හුඟ දෙනෙක් අසා ඇති...

ලඳුනේ...

මගේ පුංචි රෝස මලේ..

මලක් උනේ ඇයි නුබ මට..

මිනිසා මරන තුනක් ඇති..

ඔබ ඇපල් මලක් වාගේ..

වළා අතුල සිරියහනේ...

සඳුද අවඩියෙන්..

ඉරි තැලුනු වළා...

ගීත ඒවායේ කෙටි පසුබිම් කතා සමඟ ( 1 ක හෝ 2 ක ඇරුනම ) ඉදිරිපත් කරනවා.


ඒ එක්කම මතක් උනේ පසුගිය දවසක පත්තරේක කියවපු ලිපියක්.

ප්‍රියා සූරියසේන මහත්මයා සංගීත ප්‍රසංගයකට ගියපු වෙලාවක සංවිධායකයෙක් කියලා මේ ගීත ටික නැතුව වෙන ගීත ටිකක් කියන්න කියලා ලිස්ට් එකක් දීල... ඇයි ඇහුවම.. ලඟදි පායපු තරවක් ඒ ගීත ටික කියන නිසාලු.
කොහොමද වැඩේ... අන්තිමට ප්‍රියා සූරියසේන මහත්මයා එයාටම කියල ඉතිරියත් ගායනා කර ගන්න කියලා ඇවිල්ලා...

ලතා වල්පොල මහත්මිය ගේ ගීත ගයන්න එකම විදිකාවෙ එතුමිය වගේ 2 ගුනයක් අය කරන අලුත් තාරකාවියක් ගැනත්..  එම ලිපියෙම තිබුනා.

පැරණි ගායක ගායකාවියන්ගෙ ගීත ගයන අලුත් තරු ගැන ලක්ශ්මන් කොඩිතුවක්කු ලියපු වටිනා ලිපියක්.



මම කියනව විතරනේ...

මෙන්න ඒ ලිපිය කියවන්න පුලුවන් මෙතනින්.

අමරසිරි පීරිස් මහත්මයගේ ගීත වැඩසටහනේ පලමු කොටස පල්ලෙහ තියෙනවා. ඒකට ගියාම ඉතිරි කොටස් ටික වල related videos වැටෙනවා.


සුරම්‍ය රාත්‍රිය 1

පැරණි ගීත ගැන කියද්දි අමතක කරන්න බැරි බ්ලොග් අඩවි කීපයක්ම තියෙනවා...

වැම්පයර් ගේ බ්ලොග් අඩවිය

තිස්ස අයියා ගේ හද රැදි ගී

දුකා අයියගේ නෑසෙන ගී රස



මතක නම් ඔච්චරයි. තව හොඳ අඩවි තියෙනවම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් විදියට දානවනම් පින්.

25 comments:

  1. වටිනා ලිපියක් සහෝ ...

    ජය ..

    ReplyDelete
  2. අමරසිරි පීරිස් මහත්මයා මගෙත් ප්‍රියතම ගායකයන් කීප දෙනාගෙන් කෙනෙක්........

    මාත් මුලින්ම තියෙන සිංදු දෙක නම් අහල නෑ......

    කාලෙකට පස්සේ අමතක වෙලා තිබුන සිංදු වගයකුත් මතකෙට ආවා........ බොහොම ස්තූතියි අයියා.......

    ReplyDelete
  3. මාත් මාරා කැමති ගායකයෙක්....ස්තූතියි අයියෙ මතකය අලුත් කලාට

    ReplyDelete
  4. අප්පෙ.. අමරසිරි පීරිස් මහත්තය කියන්නෙ ටොප් ක්ලාස් ගායකයෙක් නෙ. ඕං උඹ මට පොඩි සින්දුවක් මතක් කලා.. ඒක පෝස්ට් එකක් විදියටම දාන්නං. මේ ඔතනට මේ ටිකත් එනවා මචන්...

    ත‍ටු ඇවිල්ලා
    විහඟ ගීතය
    ඇය යන්න ගියා මැකිලා
    අපි නටමු
    හන්තානට පායන සඳ
    කලා වැව හි‍ඳෙනවා
    කවුරුවත් නැහැ
    සොඳුරිය
    ම්ම්..තව තියෙනවා .. නෙක උයන් වතු මැදින්...


    එළ පෝස්ට් එක.. නියමයි..යූටියුබ් එකත් තිතට වැඩ.

    ReplyDelete
  5. විෂිෂ්ට ගායකයෙක් ගැන විෂිෂ්ට සටහනක්.

    ReplyDelete
  6. තව දෙයක්. ඔහුගේ ගීත අතරේ කලාතුරකින් ඇහෙන මම කැමති අති රමණීය ගීයක්...........‘සක්මන් සඳ ඉක්මන් කර‘..... ඒ ගීතයත් එදා ඔහු ගැයුවා.

    ReplyDelete
  7. බොහොම වටින ලිපියක් මචෝ! මගෙත් ප්‍රියතම ගායකයෙක් තමයි අමරසිරි පීරිස් මහත්තයා...

    ReplyDelete
  8. මගෙත් ආසම ගීතය ...ළඳුනේ.. ඊයේ පෙරේදාත් මොබයිල් එකට දාගෙන අහන් පාඩම් කර කර හිටියා...
    තව ටිකක් රෑ වුණහම ඔය ගැන තව අදහස් එයි...
    එතකල් කළින් පෝස්ට් එකේ ගිය 'සුලෝචනා = කළු කුහරයක්' වු කළ 'උඹයි මමයි = බේබද්දොද' කියන පෝස්ට් එකට ටිකක් ළඟින් යන සින්දුවක් හම්බවුණා. වචන හොයාගන්නකල් තමයි පරක්කු වුණේ. ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්තයා සමඟ එඩ්වඩ් ජයකොඩි මහත්මයා...
    ඔන්න ඒක පහළින් බලන්නකෝ..

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
    ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට

    විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
    කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
    පෙම් දම් නිසා මිතු දම් සිඳ දමන්නද
    හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

    දොඩමළු කතා නෑ අද වාඩිය හෙවණේ
    නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
    හොර රහසින්ම එක සුවඳක් පැතු කමිනේ
    නුඹවත් නැති වේද හෙට මට සකි සඳුනේ

    මෙන්න MP3 සින්දුවට ලින්ක් එක:
    http://www.fullsongs.net/source/2/Qcpdo61H/000000/035Palanchiye_Lee.html

    ReplyDelete
  9. මේ මුලු වෑඩසටහනම පලමු විකාශයත් නෑවත විකාශත් මම බලා තිබෙනවා. රටට වෑඩෑති මෙවන් සොඳුරු මිනිසුන් දිගුකල් වෑජෙඹේවා! මේ තරින් සඳ රේඛාවෙන බසින ලියේ ගීය මගේ ප්‍රියතම ගීයක්

    ReplyDelete
  10. @ පිස්සා..
    මචන් මට ලඟදි සින්දු වගයක් ඕනා වෙලා සර්ච් කරද්දි පහළ ලින්ක් එක තියෙන "සිංහල mp3" කියන සයිට් එක හම්බවුණා. ඒකෙත් පරණ සින්දු වගයක් තිබුණා වගේ මතකයි.
    http://www.sinhalamp3.com/

    ReplyDelete
  11. හෆ්‍ෆා පංකාදු ගායකයෙක් ගැනනේ මේ කියන්නේ....මගේත් ටොප් ක්ලාස් ගායකයෙක් තමයි.ම්ම්ම්ම්ම්....සිංදු බල්ක් එකේ දුවිළි පිහින්න වුනා මේ පෝස්ට් එකෙන්.

    මගේ පුංචි රෝස මලේ..
    මලක් උනේ ඇයි නුබ මට..
    ළඳුනේ...ළඳුනේ....

    ඔන්න ඔය ගීත 3ටනම් මම පුදුමම ආසයි...මතකය අවුස්සලා සිංදු බල්ක් එකත් අවුස්සන්න සැලැස්සුවට බොහෝමත්ම ස්තූතියි හොදේ....

    ReplyDelete
  12. ඉලංදාරියා , හා පැටික්කි (MS) , Hasitha ජයසූරිය , Shadow/හේමලයා , blog gadol , ජීවිතේමල් , ෴ හසියා ෴ ::::

    කට්ටියටම ස්තුතියි ඇවිල්ලා කියවල අදහස් දක්වනවට හැමදාම වගේ. මේ ගීත වලට ආදරේ කරන පිරිසක් ඉන්න එක ගැන හුඟක් සතුටුයි.

    ඒත් අර වැම්පි කියනව වගේ මේ ගීත වලට ආදරේ කරන අන්තිම පරම්පරාව අපිද මන්ද....

    ReplyDelete
  13. වැම්පයර් : අනිවා දාපන්... අපි අහපු නැති දුර්ලබ ගීත තියෙනවම් ඒවත් එක්කම.

    මම දැම්මෙ මචන් මේ ලින්ක් ටිකි තියෙන ගීත ටික විතරයි...
    හපොයි... " හන්තානට පායන සඳ... " ඒක ඇහෙද්දි හිතෙන ඒව... බඩ බොක්කටම වදිනව බන්.




    widanarala : පුලුවන්නම් ඒ ගීතය ගන්න තැනක් පෝස්ට් කරපන්කො මලේ..

    ReplyDelete
  14. jeew : http://www.sinhalamp3.com ලින්ක් එකට ස්තුතියි මචන්. ලඳුනේ ගෙතය ගැන කියද්දි මතක් උනේ.. අර 47000 ක් ගනිකාවො ගැන ටැබූ හොඳ ලිපියක් දාල තිබ්බා.. බලපන් කැමතිනම්.


    සුලෝචනා ගැන....

    " පලංචියේ ලී ඉරුවේ " ගීතය ඒක ලඟින් ලාවට යන්නේ මචන්.
    ඒකයි මම පෝස්ට් එකේ අන්තිමට දැම්මේ... " පලංචීයි ලී ඉරපු " ටයිප් කතාවක් නෙමෙයි කියල.

    එක වාඩියේ මල් පැන් පොදක් තොල ගගා පෙරත් අදත් අපි කතා කලේ සුලෝචනා ගැන ම තමයි මචන්. අමනාප හිත් නොහොද කම් මොකුත් නැහ.


    පලංචියේ ගීතයත් මම කැමතිම ගීයක්.

    ස්තුතියි මචන්

    ReplyDelete
  15. වටිනා සිහිපත් කිරීමක්. ස්තුතියි.

    ReplyDelete
  16. @පිස්සා..
    පිස්සාගේ බලවත් ඉල්ලීම පිට ජාලය පුරා ගවේශනය කොට "හන්තානට පායන සඳ ගීතය බා ගත හැකි තැනක් සොයා ගතිමි. හොඳටම රෑ වෙලා ආකිමිඩිස් වගේ 'යුරේකා' කියමින් දුවන්නට හිතන් ඉන්නෙමි. (දවල් දිව්වොත් ඉතින් ගල් පාරවල් කන්න එපැයි...)
    මෙන්න යොමුව:
    http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/Amarasiri_Peiris/amarasiri_hantanata_payana_sanda.html

    ReplyDelete
  17. charmi , Ansh Lucky Sri Jay :: බොහොම ස්තුතියි...




    jeew : බොහොම ස්තුතියි මචන්. උබ කලින් දීපු ලින්ක් එකත් පට්ට.

    ReplyDelete
  18. මෙන්න අයියන්ඩි ලින්ක් එක.http://videos.info-lanka.com/sakman-sanda-amarasiri-peiris/
    සුරම්‍ය රාත්‍රිය ගැන කතා කරන්න බැහැ නාලක අංජන ගැන කතා නොකර, සුරම්‍ය රාත්‍රියට රසිකයෝ දපනෙ වැටැන්නේ නාලකගේ සුරම්‍ය සංගිතය හිංදා.
    ලංකාවෙ සංගීත නිර්මාණකරැවන් අස්සේ , අතේ කිසිම instrument නැතුව compose කරන්නෙ නාලක කියලයි මම අහලා තියෙන්නෙ.

    ReplyDelete
  19. මචන් පිස්සෝ...
    ඔන්න මාත් කල්පනා කළා බ්ලොග් එකක් පටන් ගන්න..
    පොඩ්ඩක් බලලා උපදෙස් ටිකක් දීපන්....
    තාම වැඩි වැඩ මුකුත් දැම්මමේ නැහැ...
    අද පාන්දර ජොලියට වගේ පොඩි ට්‍රයි එකක් දැම්මා.
    මෙන්න ලින්ක් එක..
    http://jeew-jeew.blogspot.com/

    ReplyDelete
  20. widanarala : ස්තුතියි මලේ. නාලක ගැන මම නම් වැඩිය අහල නැහ. ඒත් දක්ශයෙකු බව අසා තිබෙනවා.




    Jeew : පට්ට නේ කොල්ලා.... එළ එළ එහෙනම් ලියමු දිගටම

    ReplyDelete
  21. මමත් කැමතිම ගායකයෙක්

    ReplyDelete

Related Posts with Thumbnails