Sunday, August 29, 2010

උබ නිසා පස් පව් කල මම පව් නැද්ද යකෝ...

Share

කරන්න වැඩකුත් නැතිව වැඩට ගිහින් පඩියට කල්පනා කොර කොර ඉද්දි ඔලුවට ආව එකක් කුරුටු ගෑවා.. මෙලෝ රහක් නැත්තම් කියන්න ඉතින් හි හි




"" ඔයාගේ ඇඳුමේ එල්ලිල හිටි මකුලුවෙක්ව දැකල විලාප තියද්දි ඌව බිම දාලා චප්ප කල දවසෙ ඉදන් මම පලමු සිල් පදය කියන එක නැවත්තුවා...

ඔයාගෙන් ඉල්ලලා " අනේ ඒක කැතයි " කියල දෙන්න බැහ කිව්ව පොටෝ එක ඔයාගෙ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන් මම දෙවැනි සිල් පදය  කියන එක නැවත්තුවා...

ඔයත් එක්ක සූරිය අරණ බලන්න ගිහින් කලුවරේ තනි උනු වෙලේ මල් නොතල රොන් ගත්ත දවසෙ ඉදන් මම තුන් වෙනි සිල් පදය කියන එක නැවත්තුවා...

ඔයාව හම්බවෙන්න අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියල ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් මම හතර වැනි සිල් පදේ  කියන එක නැවත්තුවා...

ඔයා මාව දාල ගිය වෙලේ මගේ තනි රකින්න බෝතලේ එකතු උනු දවසෙ ඉදන් මම පස් වෙනි සිල් පදේ කියන එක නැවත්තුවා...

බලන් යද්දි ඔයා මාර දූවරු පරාද කරන චිංචි මානවිකාවියක්නේ... අසරණ මාව පස් පවට ඇදල දාල...

අපි format එකේ හිතමු කියලා
ඔයා මම format එකෙන් යන්න ගියා..

මම full format වෙලා පස් පවේ ගිලිලා...

යකෝ මම පව් නැද්ද..... කෝ යකෝ උබ ????   """




කෙල්ලො ගැන කියද්දි මේ නම් අත්දැකීමක් නෙමෙයි...


1. මම මකුලුවො මරල නැහ..
2. පොටෝ උස්සලත් නැහ... දෙන්න බැහ නෙමෙයි දෙනෝ ඕයි කියල අරන් මිසක්...
3. බලදාරියා කපා දමන ලදි
4. අත්දැකීමක්.
5. හේතුවක් නැතිව බොන්න  පටන් ගත්තු දවසෙ ඉදන් මම ඒක නොකියමි.


කෙල්ලො ගැන කියද්දි කලු කුහරයක වූ ප්‍රෙහෙලිකාව සුලෝචනා ගැන බලන්න කැමති අය ඔන්න බලන්න...


අත්දැකීමක් එළකිරි ටික වගේ පිරිසිදුව එලෙසම අකුරු කල දිනිති ගැන කතාව ඔන්න බලන්න.


එහෙනම් අදට ඇති මේ...


අහ් මල නොතල රොන් ගන්න සීන් එක ( වචන ටික  ) ඉස්සුවේ අපේ හේමලයා ගෙන්... කැමති අය ඒ පැත්තටත් ගොහින් බැලුවනම්....

40 comments:

  1. පන්සිල්ම නැතත් ඉතිං එකක් දෙකක්වත් රකිනවනේ ඔන්න ඔහේ ඇති

    ReplyDelete
  2. අප්පේ මං නං අන්තිම සිල් පදේ රකිනවෝ දැන්... අනිත් ටික නැතත්.. හික්..

    ReplyDelete
  3. 1-මැරුවා තනිකම.......
    2-ඉස්සුවා උඹේ හිත......
    3-චිකේයියා කියල උඹ කීවට....ලතාවට..
    4-කෙලිය කෙප්ප මම මටම........
    5-සූර්වෙලා පාවෙද්දි උඹෙ ඇස් අතර......
    හුටා.....කෙළිය නේද පන්සිල් පද පහටම.......:)))

    ReplyDelete
  4. පට්ට පට්ට....

    1. උඹ ලේ වලින් ලියුමක් ලියලා එවපු දවසෙ ඒකට රිප්ලයි කරන්න ඇගිල්ල කපන්න බැරිව මදුරුවො සිය ගානක් මැරුවා මම.....

    2. උඹේ උපන්දිනයට තෑග්ගක් අරන් දෙන්න සල්ලි නැතුව හිමාලි එකෙන් වළලු සෙට් එකක්ම ඉස්සුවා මම...

    3. අම්මට සිරි.. හිස්තැනක්...

    4. උඹ මට පලු යන්න බනින්න බලාගෙන ඉද්දි ඒකෙන් බේරෙන්න හෙණ පච ගොඩාක් කිව්ව මතකයි මට

    5. උඹව යාළු කරගත්ත දවසෙ යාලුවො ඔක්කොට පාටි එකෙක් දාල මමත් වැටෙන්න බිව්ව...

    ReplyDelete
  5. nimanthi : ම්ම් මේ වසර දිහා බලද්දි... 1 2 3 යන පන්සිල් පද රැක ඇත. හොඳයි නේ..



    ළමයා : බොහොම සතුටුයි ළමයෝ.... ඈ බොල උබ කවද්ද ලොකු වෙන්නේ.. දන්න කාලේ ඉදන් ළමය නොවැ... හි හි

    ReplyDelete
  6. Shadow/හේමලයා : ඔන්න නියම වචන ටික... අපි ඉතින් වටෙන් යද්දි උබ කෙලින්ම වදින්න කියනවා.... පට්ට ම පට්ට.






    අභීත : උබටත් මම මොනා කියන්නද බන්... පට්ට ම පට්ට තමා. ඈ බන් ඔක්කොමත් හරි 1 තමා දිරෙව්වෙ නැත්තේ.... ???
    ඒ කිව්වෙ ඔක්කොමත් නිකන් අත්දැකීම් වගේ.. 1 ත් ???

    ReplyDelete
  7. මම නං ඔතන නැති වැඩ දෙකතුනකුත් කරල‍ා තියෙනවා. ඒවට සිල්පද නැති එකයි ප්‍රශ්ණෙ.

    ReplyDelete
  8. එල මෙක ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හරි ...අපි හැමෝගෙම කිල්ලොට ටවල තිය්න හුනු නොවැ..හේ
    ජය මචෝ...

    ReplyDelete
  9. හික් හික්!! නියමයි පිස්සයියේ!

    "ඔයත් එක්ක සූරිය අරණ බලන්න ගිහින් කලුවරේ තනි උනු වෙලේ මල් නොතල රොන් ගත්ත දවසෙ ඉදන් මම තුන් වෙනි සිල් පදය කියන එක නැවත්තුවා..."

    මේකනං මරේ මරු...

    ReplyDelete
  10. අප්පෙ බලාගන ගියාම ඔක්කොමලා පන්සිල් කඩ කරල නොවැ,ඔහොම කියුවට මාත් 4 විතරම කඩලා බලාගන යද්දි

    ReplyDelete
  11. charmi : සිල් පද නැති ඒවා... මේ වෙලාවේ නම් හිතට මොකුත් එන්නෙ නැහ සහෝ...




    ඉලංදාරියා : හික් හික් ආයෙත් අහලා... අතීතය කියන පලාමල්ල ඇවුස්සුවම හුනු කොච්චරක් ද....




    blog gadol : හි හි හි.... මල් රොන් සීන් එක නම් ඉස්සුවේ හේමලය ගෙන් බන්... බලධාරියා කැපුව කිව්වට... හ්ම්ම්... අතීතය බොල....

    ReplyDelete
  12. පුබුදුවා : හික් හික් ඉතුරු එක මොකක්ද බොල... 5 ද... 5 නොකැඩුවනම් කඩන්න හිතන්නත් එපා...

    ReplyDelete
  13. පල.. පල... උඹ ඒකිව සෙට් කරගන්ඩ බයට අපිව ඇදන් ගිහින් මහ දවල් කට්ට අව්වේ අපිව බාගෙට මරලා (පළවෙනි සිල් පදේ)
    උඹලගේ අක්ක අළුතෙන් ගෙනාපු ලේන්සු ඒකිට දෙන්ඩ කියලා උස්සලා (දෙවෙනි සිල් පදේ)
    ඉස්කෝලෙ යන කාලේ ඉඳලා නීල වර්ණ සිත්තරපටි බලලා (තුන් වෙනි සිල් පදේ)
    ඒකිව සෙට් කරගත්ත ගමන් අනිත් ඔක්කොම කෑලි ටිකට බොරු කියලා හලලා (හතරවෙනි සිල් පදේ)
    ඒකි උඹට කැමතියි කිව්ව දවසේ අපිවත් බලෙන්ම ඇදන් ගිහින් සන්තෝසෙ පාවෙන්ඩ කුණු වෙන්ඩ ගහලා (පස් වෙනි සිල් පදේ)
    දැන් මෙතන කියනවා “අනේ... චිංචි මානවිකාව හන්දා මං පස් පව් කෙරුවෝ....” කියලා.
    ඔය ටික කොළු කාලෙ එව්වා...
    එතකොට උඹ ඉපදිච්ච වෙලාවේ නර්ගේ ඇඟිල්ලේ තිබ්බ මුද්ද හොරකං කරන් ආපු එකේ ඉඳලා කියන්ඩ ගත්තොත්.....

    අනේ අපොයි.... උඹලගෙ හැටිය‍ට ඊලඟ බුදුන් වහන්සේගේ කාලෙ වෙද්දි පන්සිල් පද නෙමෙයි දහස් සිල් පද හොයන්ඩ වෙයි... උඹලා කොරන පව් වල හැටියට ඒකත් මදි....

    මම නං ඉතින් ඔය එක පදයක්වත් කඩන්නේ නැති හොඳ එකා නෙව.....

    ReplyDelete
  14. තවම කඩ කරල තියෙන්නෙ එකයි හතරයි විතරයි.......

    අර මල නොතලා රොන් ගත්තයි කියන වචන සෙට් එකත් මරු....

    ReplyDelete
  15. අපි පොඩි එවුන්,
    එකක් 2ක් විතර රකින

    ReplyDelete
  16. අද CLASS කලින් ඇරියා...,NEWS එක ආපු ගමන් බයිසිකලේ ගත්තු ගැනිල්ලට ජෑම් බෝතලේ හිටපු ගප්පි පැටව් හතර දෙනාම පරලොව ගියේ මගේම වරදින්ද?
    ස්කෝලෙට ආපු මල් පියලි එකෙන් පොත් දෙකක් ඉස්සුවෙ A/L කරණ මට ආයෙ O/L ලියන්න ඕනෙ නිසාද?
    බැල්කනි ටිකට් 300ක් විතර ගෙදරට හොරෙන් ලොක් කරපු ලාච්චුවෙ පිරුනෙ උඹට කලින් ගෙදර යන්න බෑ කියපු නිසා නේද?
    හැක්ස් ටොපි දෙකක් සාක්කුවෙ තිබිල මාට්‍ටු උන වෙලේ අහින්සක බොරුවක් කිව්වට පව් සිද්ධ වෙන්නෙ නෑ නේද?
    පාටියකදි වාගෙ ඉතින් චුට්ටක් බිව්වට කමක් නෑ කියල උඹ නොකිව්වනම් අද මට මෙහෙම වෙයිද?
    වරද කාගේද?lolZZZ;

    ReplyDelete
  17. Jeew : හික් හික් ඒක ඇවිල්ල අමුතුම දර්ශනයක් නොවැ.... පට්ට.
    ඈ බන් මොකක්ද අර මුද්දෙ කතාව ???

    කඩන් නැති කඩපු ඉස්සර නරක දැන් හොඳ එකා නේද උබ හික් හික්





    කැන්ඩි...අනේ බොල ඉතුරුවා නොකඩ ඉදින් පුලුවන්නම්..... වචන් සැට් එක ඉතින් ඉස්සුවේ හේමලය ගෙන්...





    AmilaArt : හිතා ගත් ඇහකි පොඩි එවුන් ගැන... හික් හික්... තාම කිරි බොන වයසෙ වෙන්ටෑ... හික් හික්

    ReplyDelete
  18. dinesh : හික් හික් 300 ක්. අපි උබල නොවෙන්න ෆිල්ම් හෝල් අයිති කාරයො සිය දිවිත් හානි කොරන්... 3 වෙනි පදේ කැඩුවට අපි පින් කරා ඒ අතින් බලද්දි නැද්ද හික් හික්.....


    බලද්දි ඔක්කොම පස් පව් කොරපු එව්වොනේ හික් හික්





    Ansh Lucky Sri Jay : ස්තුතියි කිව්වා :)

    ReplyDelete
  19. හුටා. . . .බලාගෙන යනකොට පස් පව් කරන්න බයවෙනවනං ඉතින් ආදරය කොරන්ඩ බැහැ වගේ . . . ! හැමදාම සිල්ගන්න තමයි වෙන්නෙ . . . !

    ReplyDelete
  20. ඔය තියෙන්නේ ගෑනු නිසා පිරිමි අනාථ වෙන හැටි... කොහොම බැලුවත් ගෑණු නිසා පිරිමි අපි පවටමයි යොමුවෙන්නේ නේද?

    ReplyDelete
  21. ඒ අපි පව් අප්පා...අයියෝ..අපි වගේ අසරණ කොල්ලන්ට කෙලවෙන්නෙම මේ කෙල්ලො හින්ද :D:D

    ReplyDelete
  22. මොනාද බන්.. සූරිය අරණ ද යකෝ බලන්න ගියේ.. සිස්සත්තෙ කෙල්ලෙක් එක්කද ගියේ..හික් හික්.. එල වැඩේ මොනව උනත්..නියමයි..

    ReplyDelete
  23. දුමී : නිගමනය තමයි ආදරය කල සියල්ලෝම පස් පව් කඩ කොට ඇත යන්න. හි හි




    sameerausa : අනේද කියන්නේ... කොහේ හරි කොනක ගෑනු පරානයක් ඉන්නවනේ ගෑවිලා... හික් හික්




    Hasitha ජයසූරිය : මලයත් කෙලවගත්තැයි ?? හික් හික්





    වැම්පයර් : හික් හික් ඒක පට්ට කතාව. සිස්සත්තේ... හි හි.

    මොකේ බොල අලුත් යමක් නැත්තෙ ලඟදි...

    ReplyDelete
  24. මරේ මරු..
    අනේ බං..පන්සිල් රකින්න බැරි එකටත් ගෑණු එපැයි වගකියන්න..
    ඒ උනාට මරු අදහස් ටික. හිහි!

    ReplyDelete
  25. 06. උඹත් එක්ක එලියට ආවම අවේලාවෙ උනත් මොනවා හරි නොකා බෑ නෙ.
    07. උඹට ගන්ධවිලේපන අරං නො‍දෙන සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරං දෙන්න යැ?
    08. උඹට මතකද, උඹයි මමයි මමයි වාඩි වෙලා ගිය බස් එකේ පිටිපස්සේ සිට් එක වඩුරියනට වඩා උසයි නේ.

    ReplyDelete
  26. *Syntax : <condition>?<true value>:<false value>

    ============================================

    if
    undefined<පස්පව්==කොල්ලෝ>?<හේතුව:කෙල්ලෝ>:<හේතුව:කොල්ලෝ>)
    { print undefined"අපිට කෙලකලේ" + <true part>);
    }
    else
    undefined<පස්පව්==කෙල්ලෝ>?<හේතුව:කොල්ලෝ>:<හේතුව:කෙල්ලෝ>)
    { print undefined"අපිට කෙලකලේ"+<true part>);
    }

    ==============================================
    Output= The logic cannot be accepted ...
    //* error*/ :P

    ReplyDelete
  27. මුද්දේ කතාව මං ලඟදි පෝස්ට් එකක් විදිහට දාන්නං...

    ReplyDelete
  28. මොනව ලියන්නද? එක්කො මොකුත් නොලියා ඉන්නවා.. ඒක කොකටත් හොඳයි.

    ReplyDelete
  29. ඒකනම් මරුවට ලියලා තියෙනවා පිස්සා අයියේ... සූරිය අරණ හොදයිද? හික්ස්...

    ReplyDelete
  30. ෆා : හුඟක් හුට පටස් වලට ඉතින් ඒ පාර්ශවය ගෑවෙනව නොවැ.... හි හි....




    widanarala : මේ පන්සිල් රැක ගන්න බැරුව මොන අට සිල්ද මලේ.... හි හි පට්ට...




    Unknown_User/හිඟන්නා : හුට්ටප්පරයයි. දැන් ඉතින් මේක තේරුම් ගන්න පන්තියකට යන්න වෙනවා නේ බන්... හික් හික්....

    ReplyDelete
  31. Jeew : එළ එළ මචන්....




    priyantha.ඒබී : වගකිව යුත්තන් ගෙන් සෝලි වදින්න බැරි නැහ වැරදි යමක් කිව්වොත් මචන් හික් හික්




    ශාන් : අනේ බන් හරියට බලා ගන්න බැරි උනා නොවැ... ඉන්ටර්වල් එකේදි බලන්න බැලුවම තිරේ වහල නොවැ... ඊට පස්සෙ ආයෙම උන් ලයිට් නිව්වනේ... හික් හික්

    ReplyDelete
  32. හැබෑටම මාත් සිල් පද 4ක් කඩල නොවැ....ෂ්ක් මේ ජරා කෙල්ලෝ නිසා අපිත් නරක් වෙලා...........

    ReplyDelete
  33. තව එකක් තියෙනව නොවැ... ඒකවත් නොකඩ ඉන්න බලපන්කො හික් හික්

    ReplyDelete
  34. අන්තිම සිල් පදේ හිතලා කඩන්නේ නෑ...හැබැයි ඉතිං වක්‍රාකාරව නම් කැඩෙනවා...වැඩිය ඕනි නෑ වෙඩින් කේක් කෑල්ලක් කාපුවහම ඇති.....හික්ස්‍....

    ReplyDelete
  35. ෴ හසියා ෴ : එහෙම නම් කැඩුවට කමක් නැහ මේ අපි වගේ ඩිරෙක්ට් නොකඩ හි හි




    තණකොලපෙත්ත : බොහොම ස්තුතියි පෙත්තො මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  36. නියම කතාව...
    අනේ ඉතින් අපි නම් පන්සිල් රකින තනිකඩයෝ :P

    ReplyDelete
  37. මොකක් කිව්වා.... තනිකඩයො... හි හි
    එහෙමනම් ලඟදිම හවුල් කඩයක් දාගන්න ලැබේවායි පතනව මලේ... :P

    ReplyDelete

Related Posts with Thumbnails