Thursday, August 5, 2010

කට්ටියට මතකද / බලල තියෙද BOYS ?

Share




කට්ටිය බලල තියෙද දන්නෙ නැහ BOYS. මේක 2003 විතර ආව දෙමළ ෆිල්ම් එකක්. මම ඔය දෙමළ, හින්දි චිත්‍රපටි වලට නම් කොහෙත්ම කැමති නැහ. ඒත් මේක නම් මම ඒ දවස් වල ආසවෙන් බලපු ෆිල්ම් එකක්.. ඔය අවුරුදු හරි දීපවාලි දවසක හරි සිරසෙ පෙන්නුවා.. අල්ලල ගියා. පස්සෙ ඔය පිට කොටුවෙ රවුමක් ගහල රුපියල් 150 කට CD එක ගත්තා. CD එක කිව්වට 3 ක තමා තිබ්බේ. දිගයි නේ ටිකක්.


කොහොම හරි මේ ඊයෙ පෙරේද දවසක YOU TUBE එකේ නිකන් බල බල ඉද්දි හම්බුනා. මුලු ෆීල්ම් එකම ෆුල් quality up load කරල තියෙනවා. ඔක්කොම වැඩ නවත්තල ඒක බැලුවා ඒ පාර.


ලස්සන කතාව. උසස් අධ්‍යපනය ලබන කොල්ලො 5 දෙනෙක් හා කෙල්ලෙක් වටේ තමයි ගෙතිල තියෙන්නේ. සාම්ප්‍රදායික දෙමව්පියන්.. සංස්කෘතිය හා අලුත් පරම්පරාව අතර ඇති වන ගැටලු ලස්සනට පෙන්නනවා ෆිල්ම් එකේ.


කොල්ලො කාලේ කරන පිස්සු වැඩ... ජල්තර කේස්.... කෙල්ලො පස්සෙ යන ඒවා...ආදරය
ඊට පස්සෙ ආදර සම්බන්දතා ගෙවල් වලට අහු උනහම ඇති වන ගැටලු...
දෙමව්පියන් ගාව ඉද්දි විඳින සැහල්ලු ජීවිතය හා දෙමව්පියන්ගෙන් මිදුනට පසු මුහුන දෙන්න වෙන ප්‍රශ්න වගකීම්... ඒවට මුහුන දෙන ආකරය..
හැම ප්‍රශ්නයකටම මුහුන දීල තමගේ හැකියාවල් හොයා ගෙන ඒ දිගේ ජීවිතය ජය ගන්න හැටි...


හරිම ලස්සනට මේ ෆිල්ම් එකේ තියෙනවා. කතාව කිව්වොත් බලන එක රසවත් නොවෙන නිසා කියන්නෙ නැහ. ඒත් මම හුඟක් ආස ෆිල්ම් එකක්.
හැබැයි ඉතින් හැමෝටම අල්ලන ටයිප් එකේ නෙමෙයි. ෆන් එකේ බලන්න මිසක් අර කලා තියරි.. මේ කලා තියරි දාන්න නම් අනේ මන්දා.


ඉස්සරනම් ආස ෆිල්ම් එකටමත් නෙමෙයි.. හික් හික්.. ඒකෙ ඉන්න කෙල්ලට. හරිනි.. ලස්සන කෙලි පොඩ්ඩ හික් හික්.


සින්දු ටිකත් ලස්සනයි දෙමළ උනාට.


හුඟක් දෙමළ ෆිල්ම් වල වගේ ගොන් පාට් එහෙම නැහ මේකේ.


ෆිල්ම් එකේ එක සීන් එකක් තියෙනවා කොල්ලා දෙනෝ දාහක් ඉන්න නගරයක පාර මාරු වෙනවා නිරු වස්තරයක් ඇදගෙන. හරිනි ආදරේ ඔප්පු කරන්න එහෙම කරන්න කිව්ව කියල හරිනි ගෙ යාලුවෙක් දෙන ලනුවක් කාල තමා බුවා එහෙම කරන්නේ. කෙල්ලො නිසා කන කටු.. අන්තිමට හිරෙත් ගොහින් තමා නවතින්නේ කොල්ල..


නිකන් මතකයි වගේ නේ... හික් හික්... ඊට පස්සෙ අපේ කොල්ලො හැදුවෙ " හිරිපොද වැස්ස ".. හික් හික් ගෙඩි පිටින්ම වගේ කොපි කරලා ඒක. මොනා උනත් ඒකෙ එකා කොල්ලුපිටියෙ ජොකා ඇදන් දුවපු එකත් මාර වීර සීන් එක නේ හික් හික්. දන්න කියන දෙනෝ දාහක් මැද.. හප්පොච්චියේ


කොපි නම් ඔව්ව මොනාද... රන්ජන් අයියා අර "බාබ" ෆිල්ම් එක ගෙඩි පිටින් කැත නැතුව "1ශොට්1" කියල කරේ.. ශා ඒක බලද්දි පිස්සටත් හිතෙනවා ෆිල්ම් එකක් කොරන්න... පිස්සට පොර වෙන්න පුලුවන් නේ. ගහනවා රොත්තම වැටෙන්න එක පාරින් හික් හික්..


ඔව්ව වැඩක් නැහ... මෙන්න එකේ තියෙන ෆිල්ම් එකේ මුල් කොටස.  මෙතන ඉදන් බලන අයට බලන්න පුලුවන් කොටස් 17 ක් විදියට තමයි තියෙන්නේ.
english උපසිරැසි එක්ක තියෙන්නේ




කැමති අය බලන්න එහෙනම්... අකැමති අයත් ඕනිනම් බලන්න හික් හික්.

26 comments:

  1. නියම ෆිල්ම් එකක් තමා..කොහොමටත් ශන්කර් හැදුවොත් බොහෝ වෙලාවට ඒක සුපර් හිට් එකක් තමයි........අපේ එවුන්ට නම් කොපියවත් හරියට කොරගන්න බෑනෙ...හැබැයි මගෙ ප්‍රියතම ද්‍රවිඩ මසාල ච්ත්‍රපටය "ගිල්ලි"..හිනා කාල මැරෙනවා.....

    ReplyDelete
  2. මගෙත් ප්‍රියතම චිත්‍රපටියක් තමයි.
    විශේෂයෙන් DATING සින්දුවට ගොඩක්ම කැමතියි.

    ReplyDelete
  3. මයියා ද පුරුද්දක් ලෑස දෙමල චිත්‍රපටි බැලුවේ නැති උනත් පිස්සා වගේම මේ චිත්‍රපටියට ෆුල් භක්තියය...මේකේ සිOදු ටිකත් කියලා වැඩක් නැත...ඒ.අර්. රහුමාන් යනු කවුදැයි මයියා ට හොදටම ජීරණය උනේ මේ ෆිල්ම් එකෙන්ය...අරේ අරේ....අරේ අරේ..

    ReplyDelete
  4. මට මතකයි ඕක කෑල්ලකුත් එක්ක හෝල් එකේ බැලුවා.‍ෆිල්ම් එකනම් සැරෙන් සැරේ තමා දැක්කෙ.(හික්,හික්)"හිරුනි"ට තමයි මගෙත් හිත ඇදිල ගියෙ.ඔය නිළියගෙ නම "ග්‍රෙනේලියා"ද කොහෙද.ඕකෙ රඟපානකොට එයාට අවුරුදු දාහතයිලු.

    ReplyDelete
  5. Shadow/හේමලයා : දෙමළ චිත්‍රපට මම වැඩිය බලල නැහ මචන්. මතක මේකයි " බාබයි " තමා



    Ansh Lucky Sri Jay : මම නම් සින්දු ඔක්කොටම වගේ කැමතියි. රහුමාන් ගේ සංගීතයනේ...




    මයියා : ඔව් ඔව් සංගීතෙ නම් නියමයි ඒකේ...



    dinesh : Genelia D'Souza
    හික් හික් එච්චරත් නැහ මයේ හිතේ. 87 ලුනේ උපන්නේ. හැබයි උබනම් චිත්තර පටියම බලන්න ඇති හික් හික්

    ReplyDelete
  6. බැලුවා කැම්පස් එකේදි ... දෙමලෙන් හින්දා දෙමළ සහෝදරයන්ට කලින් අපි හිනා වෙනවා :D

    ReplyDelete
  7. මමනං දෙමළ ෆිල්ම් බලන්න කැමතියි.ගොන් පාට් ‍ගොඩක් තිබුනට දෙමළ ෆිල්ම් වල තියෙන සිරා කොමඩි සීන් වලට කිට්ටු වෙන්න අනිත් ෆිල්ම් වලට අමාරුයි!! හික් හික්!! හරිනිට ඉතිං කවුද අකමැති??

    ReplyDelete
  8. පට්ට...මං මේ බලන්න ෆිල්ම් එකක් හොය හොයා හිටියේ.

    ReplyDelete
  9. එල කිර් අද රෑට මේක බලන්න පුලුවන්

    ReplyDelete
  10. මමත් ඕක ඒ කාලෙ බැලුවා ... නමුත් මටනම් එච්චරම ඇල්ලුවෙ නෑ.
    සත්‍යා / නායගන් / ඉන්ඩියන් / ගුණා / බොම්මෙයි කුට්ටි අම්මාවුක්කු / අන්ද ඒලු නාක්කල් /
    ඔන්න බලනවනම් දෙමළ ෆිල්ම්.
    ආ තව එකක් .. මූන් රාම් පිරෙයි ......
    මේවා ඕනම කාලෙක / ඕනම රටකට මැච් වෙනවා.
    මේ ඔක්කොම රූපවාහිනියෙ පෙන්නපුවා.

    ReplyDelete
  11. මේකත් බලන්නකෝ...
    http://mptalks.wordpress.com/2010/08/05/another-movie-story/

    ReplyDelete
  12. මමත් ආස ෆිල්ම් එකක් ඕක. කට්ටිය දන්නවද මන්දා...අද හරිනිගේ උපන්දිනේ(පිස්සත් වෙලාවටම මේ ෆිල්ම් එක දාල).
    සින්දු ඔක්කොම පට්ට. ඒ ආර් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...
    අනික මේකේ පට්ට කොමඩි තියෙන්නේ.
    ඔකේ කොල්ලෝ සෙට් එක බඩුවක් ගහන්න යනවා...ඒ හරියේ බලල නම් හිනා කාල මරුන හැකි.

    @පිස්සා : ඇයි මචන් , දන්නේ නැද්ද..අර "සුවඳ දැනුන ජීවිතේ" ෆිල්ම් එක ගෙඩි පිටින් කොපි කරලා හින්දියෙන් "Jab We Met" කියල ගැහුවේ. අර කරීනත් ගොඩක් සම්මාන දිනුවේ...ෂිහ්..හරිනම් ඕවා ලැබෙන්න ඕන පූජටනේ. :D :D :D

    @kumaraya : ඔයාටත් තියෙන්නේ මගේ වගේම taste එකක්. කමල් හාසන්ට ගොඩක් කැමතියි වගෙයි(මාත් එහෙමයි අය්යා;) ). ඔය කිව්වා එව්වනම් සුපිරි ගනයේ ෆිල්ම්ම තමයි. ඔයාගේ ලිස්ට් එකෙන් මම බලල නැත්තේ " අන්ද ඒලු නාක්කල්" විතරයි.


    කට්ටිය කැමතිනම් මේ ෆිල්ම් එකත් බලන්න(http://bit.ly/dzJcai). ෆිල්ම් එකේ නම "Aayitha Elzuthu "(ඒ කිව්වේ දෙමල හෝඩියේ තියෙන 'ஃ' අකුරට කියන නම.). ..මේක මම කැමතිම මනිරට්නම්ගේ ෆිල්ම් එකක්(එයාගේ ළඟදී ආපුව නම් එච්චර සාර්ථක නැහැ. හැබැයි ඒ, එයාගෙම අනෙක් ෆිල්ම් වලට සාපේක්ෂව විතරයි). english සබ් තියෙනවා. ඔයාල ප්‍රසන්න විතානගේ ඉර මැදියමට කැමතිනම් මේකට දහස් වාරයක් කැමති වෙයි(හැබැයි ඉර මැදියම ආවේ මේකට පස්සේ හරිද!). මේකේ විශේෂම දේ තමයි මේකේ direct සවුන්ඩ්ස් රෙකොර්ඩ් කරලා තියෙන්නේ. ෆිල්ම් එක බලනකොට නම් හිතෙන්නේ අපි real time සීන් එක බලනවා වගෙයි. ඒ වගේමයි dialogs . දෙමල තේරෙනවනම් ආයේ පට්ට තමයි. කෙලින්ම ඇඟට දැනෙනවා. ආ..තව එකක්...මේකේ ඉන්නවා 3 Idiots එකේ රඟපාපු මාදවන්(අර ෆර්හාන් කුරෙශිට රඟපෑවේ). එයාගේ අච්ටින්ග් නම් මේකේ සුපිර්යි. බලන්න මේ ලින්ක් එකට යන්න http://bit.ly/dzJcai


    anyway , comment එක පොස්ට් එකක් වුනාද මන්දා!


    -- ප්‍රශාන් fernando ;)

    ReplyDelete
  13. සිරාවටම මාත් කැමතිම ෆිල්ම් එකක් තමයි මචං ඕක...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...
    ඕකේ ඉන්න තඩිය ගෑණු උදවිය ඉන්න තැන්වලින් අත වද්දගෙන යන සීන් එකක් තියෙනව නේ.. අපෙත් එකෙක් හිටියා ඔය වගේ කුපාඩි වැඩක් කරන.. මූ නුවර පේමන්ට් එකේ එහාට මෙහාට ඇවිදිනව ඔය සීන් එකේ වගේම... අපි ඉතින් ඕකට යන්ට ඇරල පස්සෙන් තමයි යන්නේ.. ඇයි ඉතින් ෂුවර් නෑනේ කොයි වෙලේ ඉසූ වෙයිද කියලා...

    ReplyDelete
  14. පට්ටම නේ.. මේක නං හිනා කාල මැරෙනව ‍ෆිල්ම් එකේ සින් වලට. මමත් හෙන කැමතියි. වීක් එන්ඩ් එකේ බලනවා.. තැන්කූ මචන්!

    ReplyDelete
  15. වැප් : ඒ තරම්ම දෙමළ තේරෙනවා වගේ හික් හික්




    blog gadol : හික් හික් අපේ තාත්තත් මාර ආසයි. දෙමළත් දන්න නිසා ආතල් එකේ බලනවා. හික් හික් හරිනි ඉතින් හුරතල් නේ.



    හෙළයා : එළ එළ බලපන්. මේ ගින්දර.

    ReplyDelete
  16. Hasitha ජයසූරිය : හි හි එළ එළ.. බලල නරක් වෙනව එහෙම නෙමේ ඔන්න :p




    kumaraya : මම නම් බලල නැහ මචන්. නම් වලින් කොහොමත් මතක නැහ බන්. මගේ වැඩි කැමත්තක් නැහ නොවැ ඔය දෙමළැ හින්දි චිත්‍රපටි වලට. මේක නම් අල්ලල ගියා ඒත්.





    mptalks : හික් හික් බැලුවා බැලුවා... ඒක නේ මම කිව්වෙ හැමෝටම අල්ලන ටයිප් නෙමෙයි කියලා. ඒත් සින්දු ටිකයි... හරිනියි එක්ක සීන් එක අල්ලල ගියා මටනම්.

    රෝජා ත් මම බලපු ලස්සන දෙමළ ෆිල්ම් එකක්.

    ඔන්න තද උනේ නැහයිලු හික් හික්

    ReplyDelete
  17. Prashan Fernando : හත්තිලව්වයි. ඇත්ත නේන්නම්. හි හි පිස්සට ඕක නෝට් උනේ නැහනේ ඊයේ උපන් අවුරුද්ද බලපු වෙලේවත්. 5 වෙනිද නේ... ඔන්න පිස්ස ගෙ උපන් දින තෑග්ග. හික් හික්


    අපේ ළමයි හදන ඒව කොයි තරමක් ඔය ඉන්දියාවෙ ඈයො කොපි කරන්න ඇත්ත්ද නේ බන්... හික් හික්... අනේ මන්ද ඉතින් ඔව්වා.

    උබ හින්දි සහ දෙමළ ෆිල්ම් වල හොඳ රසිකයෙක් වගේ. මට මේ ඉන්දියන් මිනිස්ස්සු කරන වැඩ්ඩ දැකලමද මන්ද ඔව්ව එපා උනේ.

    ReplyDelete
  18. පුතා : හික් හික් ඔව් ඔව්. ඌ නම් මහ දස කුපාඩියා. අපේ ඈයො බස් වල කරන්නෙ ඔය වගේ වැඩ හික් හික්.



    වැම්පයර් : එළ එළැ වැම්පො... හික් හික්

    ReplyDelete
  19. @ P.F
    අන්ද ඒලු නාක්කල් කමලගෙ නෙමේ... ඒක පාක්කියරාජ් ගෙ. මිනිහගෙ ඒවත් නියමයි. සැබෑ ජීවිතයේ කතා. සුවර් ඉල්ලාද සිත්තිරන්ගල් බලන්න.[ නම් වල අකුරු නම් සමහර විට වැරදි ඇති. පුංචි කාලෙ බලපුවනේ. මතක විදිහටයි ලීවේ.]
    බොම්මෙයි කුට්ටි ත් කමලගෙ නෙමේ. ඒක රඝුවරන්ගෙ. නියම ඇක්ටිව් පොරක්. මිනිහනම් ලඟදි මළා.
    තව කමලගෙ හොඳ එකක් මතක් වුණා.. පුන්නගෙයි මන්නන් ... ඒකෙත් මාර ලස්සන සිංදු ටිකක් තියෙනවා.

    ReplyDelete
  20. සිරාම ෆිල්ම් එකක් තමයි. යාළුවෙක්ගේ ගෙදර අපේ සෙට් එක බැලුවා දෙපාරක් විතර :D

    ReplyDelete
  21. සිරාවටම පට්ටම පට්ට film එක.ඒක බලාගෙන තමයි ටිකක් වෙනස්කරලා,උදයකාන්ත වර්ණසුරිය හිරිපොද වැස්ස film එක ගැහුවෙ.

    ...::මේක දැක්කහම BOYS එක ආයිත් බලන්න හිතුනා::...

    ReplyDelete
  22. කොඩී : එළ නේද... හික් හික්



    අච්‍චා : ඔව් ඔව් ඒකෙන් කොපි කරලා තමා කෑලි හුඟක්.

    ReplyDelete
  23. Boys film එකේ පෝස්ටර්ස් එහෙම ඒ දවස්වල ගහලා තිබ්බේ කෝටි 50 ක් වියදම් කර හැදූ චිත්‍රපටියක් කියලා.

    ඒ දවස්වල කෝටි 50 ක් කියන්නේ ලොකු ගාණක් නේ. තාමත් ඒක නම් එහෙමම තමා :)

    ReplyDelete
  24. දැනුත් ලොකු ගානක් නේ බන්... මොනා උනත් එළ.

    ReplyDelete
  25. මරදානේ සිනේසිටියේ හෙන පෝලිමක ඉඳලා ඉස්සරහම පේලියේ ඉඳන් ඕක බැලුවේ ඒ දවස් වල සිනේසිටියේ හෝල් දෙකේම පෙන්නුවේ බෝයිස් ඒ තරම් සෙනග. මන් කැසට් එකත් ගත්තා සිංදු තියෙන ඒ කාලේ

    ReplyDelete
  26. ඒ කාලේ සෑහෙන ජනප්‍රිය උනානේ. ස්තුතියි මේ පැත්තෙ ආවට මරණේ.

    ReplyDelete

Related Posts with Thumbnails