Friday, August 27, 2010

කොළඹ සන්නිය.. Coming Sweet

Share


ඊයෙ පෙරේදා දවසක යූ බටේ හෙවත් යූ ටුයුබ් එකේ වටයක් දාද්දි හම්බුනා මරු භාන්ඩයක්... " කොළඹ සන්නිය... ".


අහල තියෙනවා නේ... පරණ ෆිල්ම් එකක්. හිනා කාල නහිනවා ඒක බැලුවම.. මම එකපාරක බලල තිබ්බත් අහු උන එකේ බලලම තමා නිකා හිටියේ.


ඉස්සෙල්ලම කියන්න එපැයි... මේක මේ තනි අකුරේ fm අහන re mix සින්දු විතරක් අහන ජීවිතේම re mix කර ගත්තු ළමයින්ට නම් දිරවන එකක් නෙමෙයි.


මේකේ කතාව ඇවිල්ලා ගමක ඉන්න මනුස්සයෙක්ට ( අන්දරේ ) දොට්ට පිලට යන්න බඩ වැටියක් අස්සට ගිය වෙලේක හම්බෙනවා නිලක්. ඒ කිව්වෙ මැණිකක්. ඉතින් ඔය මැණික රුපියල් කෝටියකට විකුනනවා මැණික් සංස්ථාවට. ( මේ තාමත් තියෙද ඔය මැණික් සංස්ථාව ? නැත්තම් ඒකත් කොම්පැනියක්ද දැන් ? )


ඊට පස්සෙ ඔය අන්දරේ.. ජාකෝලිස්... අන්දරේ ගේ අක්ක සහ දුව කොළබ 7 න් හෙවත් කුරුදු වත්තෙන් ගෙයක් අරන් එනවා පදිංචියට.


ඊට පස්සෙ ඔය කොළබ සිරිත් සහ ගමේ හිටි අන්දරේලා ඒ වෙනසට මුහුන දෙන ආකරය ලස්සනට හාස්‍ය්යෝත්පාදකව ඉදිරිපත් කරනවා. 

""   අපි යනව නේ ගෙන්දගම් පොලව පාගන්න... හි හි... දෙනවක හාමිනේයි ගීතයි පරණ පාර්ලිමේන්තුවටයි... ගලදාරි එකටයි ඔක්කොටම සාදු සාදු කිය කිය වදිනවා... හික් හික්...

කාර් එකේ වතුර නැතිව නැවතුනාම ජාකෝලියා කොහෙන්ද රා මුට්ටියක් උස්සන් ඇවිත් දානවා කාර් එකට... කාර් එක රුයිතෙ යන්නේ හික් හික්...   ""


මේක 1976 තිර ගත වූ චිත්‍රපටියක්. ප්‍රධාන චරිත


ජෝ අබේව්ක්‍රම ( අන්දරේ )


එඩී ජයමාන්න ( ජාකෝලිස් )


අන්දරේ ගේ අක්කා ( දෙනවක හාමිනේ )


අන්දරේ ගෙ දුව ( ගීතා කුමාරසිංහ )


වගේම ෆ්‍රෙඩී සිල්වා , දයා අල්විස් කියන කලා කරුවොත් දායකත්වය සපයනවා.


සංගීතය මර්සිලීන් ජයකොඩි පියතුමන් සහ සුනිල් ශාන්තයන් ගෙන්...


හි හි බලන්න එපැයි ගීතා කුමාරසිංහ කෙල්ල කාලේ... දැන් කෙල්ලො පරාදයි. අර මිස්ටර් නිරුවස්තරයා ඒකිව භාගෙට නිරුවස්තර කරනවා නොවැ... ( මේ මේ වල් ඒවා නැහ හරිද... ).


ඉස්සර කොලඹ ගැන... ඔය යුරෝපීය සංස්කෘතිය එක්ක වන ගැටීම සහ ඒ ක්‍රම සියුම් විදියට සිනහවට ලක් කරනවා මේ චිත්‍රපටියෙන්.


කැමති කෙනෙක්ට ඔන්න බලන්න පුලුවන්...



http://www.youtube.com/watch?v=yoELhl2KopM


ඔය ලින්ක් එකින් ගියහම අර related videos වල ඉතුරු කොටස් ටික වැටෙනවා.


ඒ එක්කම මේ අඩවියත් සිංහල චිත්‍රපට වලට යම් ආකරයක සේවයක් කරනවා කියලා පිස්සට හිතුනා. ගොහින් බැලුවනම්.


www.films.lk

27 comments:

  1. මේක ම බලා තියෙන ආතල්ම ෆිල්ම් වලින් එකක්...විහිලුව අස්සෙන් තොප්පිත් එවනවා හරි අයට දාගන්ට.....

    ReplyDelete
  2. හේ පටට ‍ෆිල්ම එක ඕක හේ අඵු බලන්න් අඔනේ ..

    ස්තුති කිවා..එහෙනම්..

    ReplyDelete
  3. මේකෙ අනිත් එක මචන්.. ඇර සොයිසා... හිනා කාලා මැරෙනවා....

    ඒකෙ අධ්‍යක්ශනය හර්බට් රන්ජිත් පීරිස්

    ඉන්නෙ.. ෆ්‍රෙඩී, කොස්තා, වගේ පට්ටම සෙට් එකක්....

    ReplyDelete
  4. තව ඔයවගේ දෙක තුනක්ම තියෙනවා ඔක්කොගේම නම් මතක නෑ එකක් තමයි කෝලම්කාරයෝ හැබැයි Youtube එකේ නම් නැහැ මම හිතන්නේ...

    ReplyDelete
  5. ඔහෝ... මරු ෆිල්ම් එකක් ගැන නේ දාලා තියෙන්නේ...
    මේක මම බලලා තියෙනවා මොකක් හරි ටී.වී. චැනල් එකකින්. හුඟ කාලෙකට කලින්... ආයෙම බලන්ඩ ආස හිතෙනවා...
    ස්තූතියි මචෝ විස්තරේට...

    ReplyDelete
  6. පට්ට ෆිල්ම් එක මචං...
    ඇඬෙන්න හිනහ යනවා.. හික්ස්...

    ReplyDelete
  7. පිස්සු කොර පිස්සයියේ! කොළඹ සන්නිය සහ ඇර සොයිසා කියන්නෙ මම ආසම සිංහල ෆිල්ම් දෙකක්.බොහොම ස්තුතියි ඒ ගැන ආපහු මතක් කලාට!

    ReplyDelete
  8. meka chande kale giyane tv eke .... ela ela maxxa film ekak ... hina kala marenawa

    ReplyDelete
  9. ම්මම්ම්ම්ම් අනර්ඝම පට්ට චිත්රපටියක්....ඒවගේම මගේ ප්‍රියතම් සිංහල චිත්‍රපටි වලින් එකක්.මම දැනට හතර පාරක් විතර බලලා තියෙනවා.මේ ළගදිත් එක්තරා රෑපවාහිනී චැනල් එකක මේක විකාශය වුනා.ම්ම්ම මතක නෑ මොකක්ද කියල චැනල් එකනම්.එදත් බඩ පැලෙනකන් හිනා වුනා....කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...විහිළු විතරක් නෙවේ....හොද අදහසක් තියෙනවා මේ චිත්‍රපටියේ...

    ඇත්තම කතාව සල්ලි කාරයෙක්ට සල්ලි හම්බවුනා කියලා ගානක් නෑ.ඒත් දුප්පත් කෙනෙක්ට සල්ලි හම්බවෙනවා කියන්නේ වදුරට දැලි පිහිය අහුවුනා වගේ.කරන්න ඕනි දේ හිතාගන්න බෑ.ඊටත් වඩා දුප්පත් මොඩයෙක්ට මුදලක් හමුබවෙනවා කියන්නේ ඊටත් වඩා බයානකයි.මොකද එයාලට තීරණය කරගන්න බෑ මොකක්ද කරන්න ඕනි කියලා.ඒහෙම්මත් කෙනෙක් තමයි හරියට පිළිවෙලට සල්ලි ටික හසුරුවා ගන්නේ...ඒ වගේමයි සල්ලි ලැබුනාම වෙනස් වෙනවා.එහෙම වෙන්නේ නුගත් කම නිසා.ඉතිං හිටියට වඩා හතුරන් හදාගෙන ජීවිතය දුක් විදිනවා.අන්තිමට මුදලත් නාස්ති කරගන්නවා.
    තමන්ට ලැබෙන මුදලක් වැරදි විදිහ‍ට නොයොදා සැලකිල්ලෙන් භාවිතා කරන එක නෙවෙයිද මේ චිත්‍රපටියෙන් කියන්නේ....

    මේ වගේම මෑතකදී බිහිවු "අස් වැස්ම" මීට සමාන අදහසක් නෙවේද ගෙනහැර දක්වන්නේ?

    ReplyDelete
  10. නියමම නියම ෆිල්ම් එකක්.
    (මට මතක විදිහට 'ලොකුම හිනාව' ත් හොඳ කොමඩියක්)

    ReplyDelete
  11. මේක මරු බයිස්කෝප් එකක්නේ.තව උඩින් කියල තියන උදවිය වගේම ඇර සොයිසා කියන්නෙත් මේ වගේම මල් හතේ එකක්.දාන්න බැයිද ඒක බලන්නත් ලින්ක් එකක්.මම හෙව්වා හම්බ උනෙම නෑ.

    ReplyDelete
  12. නියම ෆිල්ම් එකක්.. ස්තූතියි මතක් කරාට. .ආයෙත් බලන්න හිතෙනවා...

    ඒ වගේම මේක කිව්ව කටට මසුරං දාන්න ඕන...

    " ඉස්සෙල්ලම කියන්න එපැයි... මේක මේ තනි අකුරේ fm අහන re mix සින්දු විතරක් අහන ජීවිතේම re mix කර ගත්තු ළමයින්ට නම් දිරවන එකක් නෙමෙයි. "

    පට්ට !

    ReplyDelete
  13. මමත් කැමති සිංහල කොමඩිවලින් එකක් තමයි මචං ඕක... ඇර සොයිසත් පට්ට...

    ReplyDelete
  14. ඔන්න තනි අකුරේ එව්ව ඇහුවට අපිට නම් දිරවනවා........
    මාත් ඕක බලල තියනව දෙපාරක් විතර ටීවි එකේ යද්දි..........

    ඇත්තටම මාර ආතල්........ ඒ අස්සේ අර කිව්වත් වගේ ගත යුතු තැන් අපිට හිමින් උපහාසයක් සමගම පෙන්නල දෙනවා.......

    ReplyDelete
  15. මාත් ටීවී එකේ යද්දි ඕක බලල තියෙනව..පට්ටම කතාව....පිස්සු හැදෙනකන් හිනා වෙන්න පුලුවන් ;)
    ලබන මාසෙ මේකත් අමුනල කරල බලල දාන්න ඕනෙ

    තෑන්ක්ස් ලොක්කා මේක කිව්වට

    ReplyDelete
  16. මේක මේ තනි අකුරේ fm අහන re mix සින්දු විතරක් අහන ජීවිතේම re mix කර ගත්තු ළමයින්ට නම් දිරවන එකක් නෙමෙයි

    සහතික ඇත්ත කතාව !! නියමයි මේක. සින්දු ටිකත් පට්ට.

    ReplyDelete
  17. මගේ ප්‍රියතම ෆිල්ම් එකක්. සිංහල චිත්‍රපටි වලින් මම වැඩි පුරම බලපු චිත්‍රපටිය මේක සහ තුෂාරා.

    ReplyDelete
  18. පට්ට ෆිල්ම් එක. මතක් වෙනකොටත් හිනා යනවා..

    ReplyDelete
  19. මමත් එක පාරක් බලල තියෙනවා.. මරු බයිස්කෝප් එක

    ReplyDelete
  20. මේක මාත් ටීවී එකේ බලල තියෙනවා. නියම ච්ත්‍රපටිය.

    ReplyDelete
  21. සිරාම සිරා වැඩක් මචෝ...මමත් මේ ෆිල්ම් එක කාලයක් තිස්සේ හොය හොය හිටියේ.... එකපරක් ට්වී එකේ ගියා......:D :D :D

    ReplyDelete
  22. කට්ටියටම ස්තුතියි කිව්වා අදහස් දක්වුවාට වගේම හැමදාම වගේ ඇවිත් යන්න ආවට..... මේ වගේ පැරණි චිත්‍රපටි වලට කැමති කට්ටිය ඉන්න එක ගැන හුඟක් සතුටුයි....


    කවුරුවත් " ඇර සොයිසා " හොයා ගන්න තැනක් දන්නෙ නැද්ද ජංජාලෙ ඇතුලෙ ????


    ෴ හසියා ෴ : එහෙම අදහසකුත් එනවා නම් තමා මචන්. ඒත් මට හිතෙන්නෙ ඊට වඩ අර ගමෙ සහ නගරෙ තියෙන ක්‍රම වල වෙනස සියුම්ව උපහාසයට ලක් කිරීමක් වගේ.

    ReplyDelete
  23. ඔව් සත්තකින්ම උඹ හරි බං අයියේ.....

    ReplyDelete
  24. සිරාම ෆිල්ම් එකක්. අර කිව්වත් වගේ අනිත් එක ඇර සොයිසා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. දැන් එන කොමඩි ෆිල්ම් මොනාද කියල හිතෙනව මේව බැලුවම :D

    ReplyDelete
  25. ඇර සොයිසා මට මතක නැහ බන්. ජංජාලෙ ගන්න තැනක් එහෙම දන්නවද ?

    දැන් මොනාද බන්... පෙරලෙයි වැටෙයි කුනුහබ්බයක් කියයි... එච්චරනේ

    ReplyDelete
  26. මගේ සිතේ එක ගෙන සඳහන් කරලා තිබුනට ඉස්තුති. (ව්ව්ව්.ෆිල්ම්ස්.ලක්) මේක හරිම විනෝදජනක ෆිල්ම් එකක්. කුණුහරුප විහිලු නෙමේ. මේ පොස්ට් එක දෙම්මට ඔබට ඉස්තුති සිංහල සිනමා වෙබ් අඩවිය වෙනුවෙන්.

    ReplyDelete
  27. Isura Wickramarachchi : බොහොම ස්තුතියි ඇවිත් ගියාට... එ වගේම ඔබෙඉ අඩවියෙන් කරන සේවයටත්...

    ReplyDelete

Related Posts with Thumbnails