Tuesday, August 3, 2010

කෙලිදෙලෙන්...... School memories

Share


බ්ලොග් අවකාශෙ රස්තියාදුවක් ගහන වෙලේක දැක්කේ මේක... අපේ ස්කෝලේ කොල්ලොන්ගෙ වැඩක්... සින්දුවනම් ලස්සනයි... හිතට වදිනවා... වීඩියෝ එක එක්ක බලද්දි මට නම් තව වැඩියෙන් දැනෙනවා... මොකද ඉතින් හිත අතීතයට යන නිසා...


අහල බලන්නකො....





අන්තිම හරියේ අපේ මැරය සර් ක්‍රිකට් ගහන සීන් එක දැක්කම පපුව මොකක්ද මන්ද උනා.. මතකයන් මතක වෙලා වෙන්න ඇති...


ස්කෝලෙ කාලෙ මොන තරම් ලස්සනද...


කිසිම බරක් පතලක්... වගකීමක් නැතිව දුව පැන පැන පිස්සු කරන... ලස්සනම කාලයක්.
ඒ කාලේ හම්බවෙන යාලුවොත්... කුහක කමක්.. ඉරිසියාවක් නැතුව.. බොක්කෙන්ම සෙට් වෙන යාලුවො...


මතකයන්... අනන්ත... 

මේ සින්දුව ඒ මතකයන් අලුත් කරා.... කැමති අයට මෙතනින් බාගන්න පුලුවන්.

22 comments:

  1. පාසල් කාලය ගැනනම් ඉතින් කවර කතාද....මතක්වෙද්දි ලෝබ හිතෙනවා.......:(

    ReplyDelete
  2. සුන්දර පාසැල් සමය . .. අහා . ..

    ReplyDelete
  3. මම ඔයා‍ලගේ ඉස්කෝලේ නොවුනාට මටත් මේ සිංදුව තදේටම දැනුණා. මම අද ඉසකෝලේට ගියා.. ‍තව ටික දවසයි නේ යන්න තියෙන්නේ.. මාර අප්සට්.. :'(

    ReplyDelete
  4. බොහොම ස්තුතියි අයියා.. :)

    ReplyDelete
  5. කරැමේ කියන්නේ ඕක ඉස්කෝලෙ යන කාලේ තේරෙන්නේ නෑනේ. ඕක තේරෙනවානම් ෆන් එකේ හැමදාම මොන අටමඟලක් නටලා හරි ඉස්කෝලෙ යනවා.

    ReplyDelete
  6. පට්ට සිංදුව සහෝ!
    තාම ඉස්කෝලෙ යන සහෝලට කියන්න තියෙන්නේ ඒ වගේ සුන්දර කාලයක් ආයෙ ජීවිතේටම එන්නෙ නෑ කියල. කැම්පස් ගිය අයත් කියන්නේ එහෙමයි.
    ඒ නිසා පාසල් ජීවිතේ සතුට උපරිමටම විඳගන්න.

    ReplyDelete
  7. ආයෙ ඒ කාලේට යන්න ඇත්නම් කියලා හිතෙන වාර අනන්තයි..

    ReplyDelete
  8. මාගේ..... පාසල් කාලය.......... සිහිවෙනවානෙ හැමවිට....
    කෑවේ..... ගුටි අම්බානක..........කෙල්ලො පස්සෙ යන්න ගිහින් නිතරම.......


    එල එල පිස්සා.. කමෝන්.. උඹ ආයෙ පරණ සීන් කෝන් ලියනව බොකු බඩවැල් අඤ්ඤකොරොස් වෙලා යන්න... එල එල...ඔහොම යං......

    ReplyDelete
  9. බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/

    ReplyDelete
  10. සමනල රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ
    ආයෙත් එනවානම් අපෙ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ....

    ReplyDelete
  11. කට්ටියටම බොහොම ස්තුතියි....

    උත්පල... හෙළයා.. කිව්ව වගේ ස්කෝලෙ යන කොල්ලො කෙල්ලොන්ට කියන්නේ ඒ කාලේ ආයෙ එන්නෙ නැහ. උපරිමෙන්ම විඳින්න... යන කාලේ නෙමෙයි ඒක තේරෙන්නේ... ඊට පස්සෙ.



    KaZ ගුණසේකර : එළම වැඩක් කොල්ලො මේක. උපරිමයි. ස්තුතියි උබලට...

    ReplyDelete
  12. මාරුවටම වදින සින්දුවක් අයියෙ...මාර ගැම්මක් ආවෙ මේක අහද්දි

    ReplyDelete
  13. උබල නම් තාම ස්කෝලෙ යනවනේ... හි හි ඉරිසියයි මට. :D

    ReplyDelete
  14. පට්ට ආ.. මගෙ යාලුවො ගොඩක් හිටිය මචන් උඹලගෙ කොලේජ් එකෙ.. Year එක කීයද මචන්

    ReplyDelete
  15. ඒක මචන් ඔය හිහි... ඊ මේල එකක් තිනම් කියපන්කො... එවන්න... ප්‍රසිද්දීයේ කීවම වයස අහු වෙනව නොවැ... හික් හික්

    ReplyDelete
  16. ඇඬෙනවා අයියා. මම හැමදාම කියනවා වගේ ඉස්කෝලේ ගිය අන්තිම අවුරුදු 3 මට ආපහු හම්බෙනවා නම් මම හරිම කැමතියි. ඒත් වෙන්නේ නැති එකනේ අවුල. සිරා කාලයක් තමා ඒ කාලේ. ඒ දවස්වල ඕක හිතුණේ නැහැනේ :(

    ReplyDelete
  17. ඒ දවස් වල ඕක හිතුනනම් ස්කෝලෙන් පැනල යයිද බන්... පැය 6 ට 10 ක් ඉදල නෙ එන්නේ... හි හි ඔහොම තමා බන්...

    ReplyDelete
  18. Richmond එකේ ගත කරපු පාසල් ජීවිතය කවදාවත් අමතක කරන්න බෑ... තාම මතකයි අපේ කොල්ලෝ අජබුට අතල් දි දී හිටපු හැටි

    ReplyDelete
  19. අජබුව ඇවිත් වැඩි කලක් අපි හිටියෙ නැහ. අපොයි ඒ මනුස්සය හින්ද තිබ්බ වදයක් අපිට හි හි... එහෙම කියල අපි පැන්නෙ නැතුව උන්නය... හිහි. ඒ කාලේ කරපු ගොන් කම් දැන් තමා තේරෙන්නෙ...

    ReplyDelete
  20. මතක් වෙද්දි ඇස් දෙකට කඳුලු එනවා බන්

    ReplyDelete
  21. ඒ ගැන නම් කුමන කතාද තාරක... හොඳම කාලේ

    ReplyDelete

Related Posts with Thumbnails