skip to main |
skip to sidebar
අලුතින් යමක් ලිව්වෙ නැහ නොවැ කාලෙකින්... වැඩ අස්සෙ කම්මැලි කමත් ඇවිත්... ඒ මදිවට රෑ ජාමේ එක එක ජරමර මේ ටිකේම... මිනිස්සු උපදිනවා... ලංකාවට යනවා... ඔක්කෝගෙම සුරාව තමා... හපොයි... චික් චික්...
මේ ඒක නෙමෙයි බොලන්... කෝ මේ වැම්පියයි... ගඩොලයි... උන් දෙන්නත් නැහ නොවැ කාලෙකින්...
අනේ බොලන් ලියන්න දෙයක් එන්නෙත් නැහ... බ්ලොග් අවකාශෙ බ්ලොග් කීපයකට ඔලුව දැම්ම අද... ඒ හින්ද මොනා හරි කුරුටු ගාල යන්න ඕනි කියල හිතුවා.
පිස්සා ගියා නොවැ ෆිසික්ස් ක්ලාස් එකකට ඉස්සර... සර් ප්‍රතාපසිංහ සර්. වැඩිය ක්ලාස් කොරන මනුස්සයෙක් නෙමෙයි. ඒත් ඔය ගිං ගඟ අසබඩ ඉසව්වක ඒ කාලේ කොලා පොඩියට පන්තියක්. වැඩියක්ම ළමයින්ට නිකන් ඉගැන්නුවේ... මම දන්න තරමින් ඒ කාලේ නම් ඉස්කෝලේ උන්ගෙන් සල්ලි ගත්තෙත් නැහ. කැමති අය දුන්න... බැරි අය නොදී උන්නා.
පහු කාලේ ගාල්ලෙත් ක්ලාස් කරා මම හිතන්නේ...
ඒ කාලේ ඔය සර් උගන්නපු ස්කෝලෙ උසස් පෙළ එව්වොන්ට වැඩිය උගන්නන්න ගුරුවරු හිටියෙ නැහ. සර් physics වගේම combined maths එහෙමත් පුලු පුලුවන් හැටියට කරා උන්ට ඒ කාලේ... වනියලගේ අයියලා ඒ ලෙවල් කරද්දි... අපොයි ඒකේ හිටිය කොල්ලො... උන් මහ මරු මුස් ඩයල් ටික. සර් මුන්ට ෆිසික්ස් පෙව්වා... සමහර දාට පීරියඩ් 8 ම ෆිසික්ස්.
කොල්ලො මාර ආදරෙයි මනුස්සයට. පොරගෙ එකම අවුල රෑට කන සාක්කුවෙ හිටින්න ගහනවා.
සර් ඉතින් ඒකාලේ පන්ති කරද්දි ටික්කො බක්කො නැහ. කැමති උන් සර් ට සල්ලි දෙනවා... හැබයි ඉතින් එන හැම එකාම සර් ට කියල එහෙම පන්තියට එන්නේ... අලුතින් එද්දි...
දවසක් ආවා පොරක්... ඔය ගාල්ලෙ ස්කෝලෙක.. අපි ඉතින් දන්න කියන ( ඔව් ඔව් ඉතින් අපේ ස්කෝලෙ තමා ) එකා නිසා ඌට කිව්ව... මචන් සර් ට කියල වරෙන් කියල...
දන්න කියන උන්නේ ඉන්නේ... වනියලගේ අයියල එහෙමත් කිව්වා..
" මල්ලි ගිහින් සර් ට කියල වරෙන් " කියලා...
" හහ්.. අපි අනික් ඒවටත් යන්නේ කියලද බන්... සල්ලි දෙනවනම් කිය කිය ඉන්න ඕනිය.. "
කියල මූත් ලොකු කමට ගිහින් ඔන්න දැන් රිවිශන් පන්තියේ ඉද ගත්තා.
හවස 6 ඉදන් 9 වෙනකල් වගේ මට මතක පන්තිය තිබ්බේ... ළමයි 60 ක් විතර හිටියා... හුඟක් ඉතින් සර්ගෙම ස්කෝලෙ ළමයි. කෙල්ලොත් කීප දෙනෙක් හිටියා.
දැන් ඉතින් අපේ පොරත් පොර සේ ඉන්නවා වාඩි වෙලා...
සර් ගානක් දීල පන්තිය වටේ රවුමක් දාන ගමන් මූව දැකල...
" ඈ බන්..කවුද මේ මල පරාලේ... "
අරූගෙ මූන නිකන් ඉදිච්ච ජම්බක් උනා....
කොල්ලො හූ කිය කිය හිනා වෙනවා... ඇයි ඉතින් මූට කිව්ව නොවැ සීන් එක කලින්ම...
" සර්... සර් මම... අමිල... " ( අපේ එකා නෙමේ )
සර් වගේ වගක් නැතිව හිනාවක් දාල ගියා...
ඌට එදා ඉදන් " මල පරාලේ " උප්පැන්නෙ නමටත් වඩා ප්‍රසිද්ධ උනා..
සර් ගැන කියද්දි... සමහර දාට පොර පන්තියේ ඉන්න ගමන්... ( ගමේ උන්මනේ ඉන්නේ.... )
" උබල දන්නවද... මම මේ ගමට එද්දි මේකෙ එව්වො කොල අතු ඇදන් නොවැ උන්නේ... "
කොල්ලො ඉතින්
" ඔන්න බොරු... ඔන්න බොරු... "
" මොකාද බොල බොරු කියන්නේ... අහපිය ගොහින් තාත්තගෙන්... "
" මම ඇවිල්ල තමයි බොල මේ ගමට බස් නැවතුම් පලක්... කඩ පේලියක් හදල දුන්නේ...
මම මුන්ට අදින්න රෙදි ගෙනත් දුන්නම මුන් අහනවා... ඈ සර්.. මේව සරුංගල් හදන්නද කියල...
මම කිව්වා.. නෑ බොලන් මේව මහල ඇදපල්ල... කියල... "
කොල්ලො ඉතින් සූ සද්ද එහෙන් මෙහෙන් දානවා...
" අර බැංකු ගොඩ නැගිල්ල...මම තට්ටු දෙකට හැදුවම මුන් මගෙන් අහනවා... සර් මේකෙ උඩ තට්ටුවට නගින්න ඉනිමගක් කොයි කියල... අන්න එහෙමයි බොලන් හිටියෙ මම මේ ගමට එන්න ඉස්සෙල්ල... "
මහ කැත හිනාවක් එක්ක තමයි සර් මෙව්වා කියන්නේ...
" බොලගෙ ගමේ එව්වො හිතන් හිටියේ මෙහේ විතරයි පස් තියෙන්න් කියල... මම කිව්ව බොලන් මුහුදෙන් එහාත් පස් තියෙයි කියල... කොහෙද උබල්ගෙ එව්වො අහන එකක් ය... "
කොල්ලො ඔරොප්පු කරන්න තමයි ඉතින් සර් මේ වගේ ටෝල්ක් දෙන්නේ... පන්තියේ අන්තිම විනාඩි 10 - 15 ඇතුලත තමයි ඉතින්...
මොනා උනත් මම වගේම හුඟක් කොල්ලො ගරු කරන මනුස්සයෙක්.. උන් යන්තම් හරි ඒ ලෙවල් ගොඩ දැම්මේ සර් නිසා කියල විශේශයෙන්ම ඔය වනියලගේ අයියාලාගෙ බැච් එකේ මරු මුස් සෙට් එක නිතරම කියනවා.
අපිට සමහර දාට රෑ 12 වෙනකල් පේපර් කරවල තියෙනවා... සල්ලි සත පහක් බලාපොරොත්තු නැතිව...
හැබයි කන සාක්කුවෙ... සර් හම්බුනේ නැහ හුඟ කාලෙකින්.. බැන්ද කියල ආරංචියි..
අදට ඇති නේ...
සර් ල ගැන කියද්දි බද්දෙවිතාන සර් ගැන ලියපු ජංගි ඇදපු කතාවයි රන් තැබිලි කතාවයි නොබලපු අය බලන්නකො..
ළමයිනේ, ඔහොම ගුරුවරුන්ට කොච්චර සැළකුවත් මදි. ඉතින් සර් බැන්දට පස්සෙ සමාජසේවය නතර කරලද?
ReplyDeleteමචං ඔන්න සර්ල..ඒකටත් එක්ක අපේ ස්කෝලෙ ෆිසික්ස් සර්, බුවා ස්කෝලෙ පීරියඩ් එකේ කුණුහරප කතා කිය,කිය ඉදල පීරියඩ් එක මාරුවෙන වෙලාවට "හවස ටියුට් ක්ලාස් එකට එනවලකො,අද තාප ගතිකය අලුත් ටියුට් එක" කියාගෙන තමයි යන්නෙ.
ReplyDeleteබැන්දට පස්සේ නම් ඉස්සර වගේ කරන්න බැරුව ඇති.. එතකොට ගෑණි කියන විදියට ඉන්න එපැයි.. නැද්ද?
ReplyDeleteකොහොම උනත් මසුරං වටින මනුස්සයේක් වෙන්න ඕන එහෙම නිකං උගන්නන්න...
මගේ මතකයේ ඉන්න මගේ ගොඩක් ගුරුවරු මේ වගේ තමයි.ගුරු කම දේව කාරියක් විදිහට තමයි සැලකුවෙ.
ReplyDeleteඅතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් තමයි ගුරුකම හොරකමක් විදිහට කලේ.
අපි ඉස්කෝලේ ඒ ලෙවෙල් ෆිසික්ස් පොතට කිව්වෙ දෝෂ පොත කියල. මොකද අපේ සර් හැමදාම මොකක් හරි පරීක්ෂණයක් ගැන කියල "මේ පරීක්ෂණයේ දෝෂ ලියන්න" කියල කියනවා. එක විතරමයි ලියන්න දෙන්නෙ.
ඇත්තටම දැන්නම් මේවගේ ගුරුවරු හොයන්න නෑ.අපිටත් ඔය වගේ සර් කෙනෙක් හිටියා.පිසික්ස් කොලේ.අනිත් මොන පීරියඩ් එක කට් කොලත් ඒ පීරියඩ් එක වැරදිලාවත් කට් කොරන්නේ නෑ...උගන්වන වෙලාවෙදි අපේඋන් වැඩක් කොලානම් කොලේ ඔය සර්ගේ පංතියේදි විතරයි.හොදට හිනාවෙලා සැහැල්ලුවෙන් ඉගෙන්න ගත්ත හැමොම...ඒ සර්ට තියෙන බයට නෙවේ ආදරේට...මොකද පිසික්ස් කියල දෙද්දි කියලා දෙන්නේ සාමාන්‍ය ජීවිතයට අදාලව.(කුණුහරප නම් නෙවේ.)ඉතිං ඒක ලමයට තේරුම් ගන්න හුගාක් ලේසියි.හරිම හොදයි.ඕනි ප්‍රශ්නයක් ඕනි වෙලාවක අහන්න පුළුහන්.කතාවත් උඹ බං බොලං කියලා තමා...හැබැයි පුතෝ තද වුනොත් ඉතිං ඉන්ක්‍රඩිබල් හල්ක් කොල්ලා කැලේ.....තව හිටියා ඕලෙවල් ගුරුඋතුමන්ලා සෙට් එකක්...ඒ වගේ අයට මල් තියල වැන්දත් මදි...අදත් පාරෙදි දැක්කත් ඒ ගුරුතුමන්ලට වදිනවා.වදිනවා නෙවේ වැදෙනවා.ඒ තරම්ම ශ්රේෂ්ධයි උතුම්...දැක්කාමම ඇති හිත පිරෙන්න...දැන් ඉන්න උන්ට ඒ වගේ ගුරුඋතුමන්ලගෙන් ඉගෙන ගන්න වාසනාව නෑ.....දුක තමයි...අපේ අනාගත පරපුර අනතුරේ....
ReplyDeleteමේ මට කලින් එකෙක් දාලා තියෙන්නේ කොමෙන්ට් එකක්(අපේ දුමී අයියා නෙවේ...කාඩ්බෝඩ් හීරෝද මොකාද එකා....)...අන්න ඌ එහෙමත් ඔය අළුත් පරම්පරාවෙනේ...මේවගේ ගුරුඋතුමෙක්ගෙන් අකුරක් ඉගෙන ගත්තනම් ඔහොම වෙන්නේ නෑ නේ.....අනේ අසරණයෝ කියලා කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද?
ඇත්ත මචෝ... ගුරු දෙවිවරු කියන්නෙ ඔය වගේ අයට තමා...
ReplyDeleteඅහ් ඒක නෙවේ......ඈ බං අයියේ මට ලොකු පුශ්නයක් තියේ.....
ReplyDeleteකාන්තාවකගේ ඍංගාරයයි (ලිව්වා හරිද මන්ද) ඉංගිරීසි උගන්වන එකෙයි තියෙන සම්බන්දේ මක්කැයි?
උඹේ ඔය උඩ පෝස්ටොරේ දැක්කාම මට ඒක මතක් වුනේ....
ඔය නුගේගොඩ පැත්තේ කොරන ලොකු යැයි කියාගන්න ඉංගිරීසි කලාස් එකක නව බදවා ගැනීම් ගැන දැනුම් දෙන්න මොකක්ද මන්ද පොඩි පත්තර ටිකක් බෙදලා තිබුනා.මටත් හම්බවුණා අහම්බෙන් එකක්...මම ඒ බෙදපු එකාගෙන්ම එවලේ ඇහුවා ඕක...ඌ දන්නේත් නෑ...
මට ඕක දැක්ක දවසේ ඉදන් ලොකු අවුලක්....ඈ බං අයියේ උඹ වත් දන්නවද ඒක?
සල්ලි පස්සේ එළවන සමාජයේ ඔහොම ගුරු දෙවිවරු හිඟයි මචෝ...
ReplyDeleteමටත් මතක් වෙනවා මගේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ටියුෂන් සර්....
ඉංග්‍රීසි ඉගැන්නුවා නෙමෙයි.. පෙව්වා... පාඩම් නොකළොත් අම්බානකට චාටර් කරලා එළටම කන්න දෙනවා...
This comment has been removed by a blog administrator.
ReplyDeleteමටත් ඉන්නවා උගන්නපු ඔය වගේ ගුරු දෙවිවරැ ගොඩ දෙනෙක්.........
ReplyDeleteඅපේ පාසලේ පිකිස් සර් හසිය අයිය කිව්ව ගුරුතුමා වගේම අපිට සමාජය ගැන පාඩම එක්කම කියල දුන් කෙනෙක්.......
ඔය වගේ සර්ල මිස්ල ගැන කියනවනම් ගොඩක් ලියන්න පුලුවන්......
අපෙත් හිටිය නියම සර් කෙනෙක්...කොල්ලන්ගෙ හදවතට සමීප ගුරුවරු උන්ගෙ හදවත් වල සදාකල් ජීවත් වෙනවා... ඔන්න මමත් දානවා අපේ හිටපු ගුරු දේවතාවක් ගැන කතාවක් ලබන සතියෙ.....
ReplyDeleteඔන්න සර්ලා,අද කාලෙනම් ඉතින් හැමදේම සල්ලි වලට තමයි.
ReplyDeleteඉන්නව ඉන්නවා බන්.. ඇවිත් බලනවා.. ඒත් මේ දවස් නම් පට්ටම බිසී... එපාම වෙලා ඉන්නේ...
ReplyDeleteකට්ටියම සමා වෙන්න ඕනි මේ ආතක් පාතක් නැති නපුංසක වීරයගේ කොමෙන්ට් ගැන... ඒත් මම බැලුවේ මේ චරිතයක් නැති එකා මේ පැත්තෙ නාවෙ ඇයි කියලා...
ReplyDeleteඋබ ගැන දුකයි බන්. කී බෝර්ඩ් එක උඩ වීරයො වෙන්න හදන්නේ ඇත්ත සමාජයෙන් කොන් උනු ආත්මයක් නැති මානසික ලෙඩ්ඩු. උබට හොඳ නම් කරන් පලකො ඔහොම්ම.. අම්ම කෙනෙක් එහෙම ඇති නේ උබටත්... ඕවා ටයිප් කොරද්දි එයාව මතක් වෙන්නෙ එහෙම නැතෙයි ?
ඔන්න කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා.ගිය සතියෙ කැම්පස් අන්තිම අවුරුද්ද පටන් ගත්ත නිසා වැම්පිට වගේම මටත් මේ දවස්වල ගොඩක් බිසී පිස්සයියේ.ඒත් වැඩේ අතාරින්නෙ නැතුව කොහොම හරි ගෙනියන්න තමයි ට්‍රයි එක.
ReplyDeleteඔය හීරෝ කියන මනුස්සයා එක එක බ්ලොග් වලට ඇවිත් කියන්නෙ එයාගෙ අම්මට ඇත්තටම වෙච්ච දේවල්
හරී : සර් හම්බුනේ නැහ නොවැ හුඟ කාලෙකින්.. හම්බු උනොත් ලුනු ඇඹුල් ඇතිව අහ ගත හැකි මෙච්චර කාලයක් බොලාට මාව මතක් උනේ නැද්ද කියල...
ReplyDeletedinesh : හික් හික් හැමදේම විකිනෙන කාලයක නේ බන් අපි ඉන්නේ.
sameerausa : හොඳ මනුස්සය... බැන්දට පස්සෙ නම් කොහොමද මන්ද...
දුමී : උබල අපි ඉගෙන ගන්න කාලවල එහෙම මිනිස්සු උන්නට දැන් නම් හරිම අඩුයි බන්... ලෝකේ හැම දේම මාර්කට් වෙන කාලයක් නේ. ඉතින් ගුරුකමත් මාර්කට් කරනවා.
ReplyDelete෴ හසියා ෴ : ඔය කියද්දි මතක් උනේ අපේ සුමේද සර්.. තවත් මම හුඟක් ආදරය කරන ගුරුවරයෙක්. අපේ ස්කෝලේ රසායන විද්‍යාව කලේ. දවසක් බිග් මැච් වෙලාවකදි පාරෙදි හම්බෙලා කතා කරල අපි යන්නම් කියල සර් ට පාරෙම දන ගහල වැන්ද... මනුස්සයට හිතා ගන්න බැරි උනා. ඇස් දෙකේ කඳුලුත් පිරුනා වගේ... ගරු කල යුත්තන්ට ගරු කල යුතුයි.
අහ් වීරයා ඇවිල්ල නොවැ මේ පැත්තටත් මචන්. අනේ ඉතින් පව් නොකිය මොනා කියන්නද නේ හික් හික්
ඈ බන් මොකක්ද බන් ඒ සම්බන්දෙ... නැද්ද පොඩි පින්තූර කෑල්ලක් ඒ පත්තරේ... අලුත් කරමේකට ඉන්ගිරිසි කොරනවද දන්නෙ නැහ... හි හි
sansarasidu : අනිවාර්යෙන්ම මචන්.
Jeew : ඔව් බන් එහෙම හොඳ ගුරුවරු ඉන්නවා. මට නම් හුඟක් හමු වෙලා තියෙනවා එහෙම ගුරුවරු.
ReplyDeleteහා පැටික්කි (MS) : අපි වාසනාවන්තයි ඒ අතින්....
අභීත : ඒක හොඳයි... ලියමු ලියමු....
පුබුදුවා : හැමදේම විකිනෙන කාලයක් නොවැ බන්
ReplyDeleteවැම්පයර් : ඒක තමයි මම බැලුවෙ... හොඳයි හොඳයි වැඩ ඉවර කරන් වරෙන්කො ආයෙ බ්ලොග් ලියන්න.
blog gadol : අහ් හොඳට ඒ වැඩ කරගනින් මලේ.. පුලු පුලුවන් වෙලාවට ගඩොල් ටික ඇදල දාපන්.
ReplyDeleteඒ මනුස්සය මොනා කරන්නද බන් මේ මානසික රෝගී ටෝල්ක් වලට. පව් මෙහෙව් වීරයෙක් ට පුතා කියන්න වෙනවනෙ ඒ මනුස්සයට.
අන්න සර්ල. ඔහොම අය දැන් නම් හොයා ගන්න ටිකක් අමාරුයි :(
ReplyDeleteනැත්තෙමත් නැහ බන්. ඒත් ඔව් අමාරුයි. හැමදේම මුදලට යට වෙලානෙ බන්.
ReplyDeletepisso mamath sirge golayek(2007)....ube sahodara pasale...mama danui ube blogaya kiyawanne...mula idala balagena yanawa me...
ReplyDeletesir thamath oya wagema thamai..banda kiyala salli ganne nathuwa ugannana eka nawatthuwe naha...eth sir kasade gana pahadimakin newei inne...sirta lamai naha...ekai case eka...api sirge class ekata giye loweth nathi welawalata...ude 4ta..ra 11ta...pissune??
sirta pinsidda wenna thamai physics goda giye...
sir dan inne kalegane...
ස්තුතියි විස්තර වලට... ලගදි කෝල් එකක් දුන්න මමත්... ලොවෙත් නෑ හොඳට බීලා.. කතා කරල පලක් නැති නිසා පස්සෙ ගන්නම් කියල නිකන් හිටියා.
ReplyDelete